|25|
"ඔහොම ඉදපිය අපි එනකන්..."
යුන්ගි පෝන් එක අතාරින ගමන් වාහනේ වේගේ වැඩි කරේ මාක් අල්ලගන්න පුලුවන් හැම තැනකින්ම වාහනේ අල්ල ගන්නකොට..
"පලයන්.. තව වේගෙන් පලයන්.. ගිහින් ඇනපන්කෝ කොහේ හරි.. දෙන්නත් එක්කම එකටම ටිකට් බුක් කරගන්න..."
මාක් පැසෙන්ජර් ශීට් එකේ ඉදන් යුන්ගිගේ කන් අඩි පැලෙන්න කෑ ගහනකොට යුන්ගි වේගේ අඩු කරා...
"ටිකට් බුක් කරන් වෙන කොහේ හරි යන් බබා.. ඒත් දැන් නෙවෙයි.."
"අනේ මේ මගෙන් අහගන්න එපා.. කියන් නෑ මන්.. අනික බබා බබා ගාන්න එපා ඒක අමුතුයි හලෝ..."
"දැන් මන් උබට බබා ගාන නැතුව කාටද බබා ගාන්නෙ කියපන්කෝ..."
"එහෙම නෙවෙයි ඕයි..."
"චික් බලපන් ඉතින්..ඕයි ඕයි ගාන්නේ... කතා කරපන්කෝ ලස්සනට..."
යුන්ගි මාක් දෙන්නා එහා පැත්තට මෙහා පැත්තට බෝලේ පාස් කරන ගමන් රන්ඩු වෙනකොට කොහොම හරි දෙන්නම අදාල තැනට ඇවිත් වාහනේ නතර කරා...
"ප්ලීස් බබා.. අපි දෙන්නා මේක පස්සෙ කන්ටිනියු කරමු.. දැන් අර අලියව අල්ලගෙන ඉමු..."
යුන්ගි එහෙම කියන ගමන් වාහනේන් බැස්සේ මාක්ගේ නිකට මිරිකන ගමන්මයි... ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට් පටන් ගත්තු සම්බන්ධේ අන්තිමට ලවර්ලා විදියට දෙන්න කෙලවර කරගෙන තිබ්බා... ඒ කොහොම ගියත් දෙන්නගේ කතා කරන විදියනම් තාමත් වෙනස් වෙලා තිබ්බේ නෑ...
"ඒ.. ටේහ්‍යොනා.. බලපන් යකෝ උබව හම්බෙන්න පෙරුම් පුරන්න ඕනනෙ යකෝ.... උබලා නිකන් දරු පවුල් කාරයෝ වගේනේ..."
ජින්ගේ රෙස්ටොරන්ට් එක ඇතුලට ඇවිදගෙන එන ගමන් මාක් කෑ ගහනකොට යුන්ගිත් ඒ පස්සෙන්ම ඇවිදගෙන ආවා....
"යෝ... උබලා දෙන්නව දැක්ක කල්..."
"අනේ නිකන් පලයන් බන් යන්න... අපි කෝල් දෙනවා ආන්ස්වර් කරනවද... අන්තිමට මැන්ශන් එකට ගියා, උබේ ගෙස්ට් හවුස් එකට ගියා... මොන ලෝකෙද තෝ මකබෑවුනේ..."
මාක් එක දිගට තාවත් හිටගනම කියවනකොට යුන්ගි පුටුවක් පිටිපස්සට ඇදලා වාඩි උනේ ටේහ්‍යොන්ග් දිහා ඇහි බැමක් උස්සලා බලන් ගමන්...
"මාක්.. වාඩිවෙන්න..ටේ උබත් වාඩි වෙයන්.... "
යුන්ගි ටිකක් තදින් කිව්වම දෙන්නම සද්ද නැතුව වාඩි උනේ යුන්ගිගේ සීරියස් ලුක් එකට...
"මොනවා හරි බොනවද.. අද ජින් හ්‍යුන්ග් නැද්ද..."
යුන්ගි එහෙම අහන ගමන් අතින් සන් කරාම වේටර් කෙනෙක් ලගට ආව... කොෆී තුනක් ඕඩර් කරපු යුන්ගි ටේහ්‍යොන්ග් දිහා රවලා බැලුවේ අත් දෙකත් බැදගෙන..
"ටේහ්‍යොන්ග්.."
"ම්ම්"
ටේහ්‍යොන්ග් ම්ම් ගාලා මිමිනුවාම යුන්ගි ටේබල් එකට අත් දෙක තියලා බර උනා..
"මචං ටේ... උබ අපේ යාලුවා... මට ඉස්සල්ලාම කියපන් උබට අපිට කියන්න බැරි දෙයක් තියනවද කියලා... අනික අපිටත් කතා නොකර උබ මොකද කරේ.. උබ මොනවා වෙනුවෙන්ම අපිවත් මගෑරලා කවදාවත් නැතුව මෙච්චර කාලේ වෙන් කරේ...."
යුන්ගි හරි පැහැදිලිව කතා කරලා පුටුවට හේත්තු උනාම මාක් ඉස්සරහට වෙලා ටේහ්‍යොන්ගේ උරහිස මිරිකුවා..
"ටේ.. මොනවා හරි කියපන් ... අපි උබව මගෑරලා නෑ බන්...අපි උබට හම්බෙන්න කොච්චර ට්‍රයි කරාද කියපන්කෝ... ඊයේ අන්කල් කතා කරද්දි දෙන්න ඕන මොන උත්තරද අපිට හිතාගන්න බැරි උනා බන්..."
මාක් සීරියස්ම කියනකොට ටේහ්‍යොන්ග් දෙන්න දිහාම බැලුවා...
"බන්, මන් කෙනෙක්ට ආදරේ කරනවා.."
"වට්....."
".........."
මාක් ඒක ඇහුන ගමන් පුදුම වෙලා කෑ ගැහුවත් යුන්ගි සද්ද නැතුව අහන් හිටියා...
"හරි..හරි.. කවුද.. කොහෙ කෙනෙක්ද..ඉතින් මොකක්ද අවුල බන්... "
ටිකවෙලාවක්ට පස්සෙ මාක් නෝමල් අහනකොට ටේහ්‍යොන්ග් බැලුවා...
"එයාගාව තමයි මන් හිටියේ.. අනික මන් කම්පැනි එකේ වැඩ එක්ක බිසී උනා... ඇතුලේ එලියේ දෙකේම මන් හිටියා.. අනික උබලා දන්නවනේ මන් මගේ එකක් පටන් ගත්තා කියලා.. ඒකේ වැඩයි ඒ ඔක්කොමත් එක්ක මන් බිසී උනා.. ඒකයි උනේ අනික පොඩි ප්‍රශ්න වගයක් උනා..."
"ඒ මුකුත් ඕන් නෑ ,, මොනාද උබට උන ප්‍රශ්න කියපන්..."
මාක් අහනකොට ඕඩර් කරපු කොෆී ටික ටේබල් එකට ආවා... යුන්ගි කප් එක අරන් උගුරක් බීල ටේහ්‍යොන්ග් දිහා කෙලින් බැලුවා...
"මට කියපන් උබ ආදරේ කරනවා කිව්වෙ එදා අර අරන් ආපු බෝයිටද..."
යුන්ගි කෙලින්ම ඇහුවම ටේහ්‍යොන්ග් පුදුමෙන් යුන්ගි දිහා බැලුවේ යුන්ගි කොහොමද ඒක දන්නෙ අහන්න වගේ..
"උබ පුදුම වෙන්න දෙයක් නෑ.. උබ ඔච්චර මනුස්සයෙක් ගැන කෙයර් කරනවා දැක්කමයි ඒ... කෙලින් කියපන්.. අපිට උබට කියන්න බැරි නෑනේ...."
"ම්ම්.. ඒ බෝයි තමයි.. එයා අපේ මැන්ශන් එකේ හිටිය සර්වන්ට් බෝයි කෙනෙක්... අනික.......
ටේහ්‍යොන්ග් දිගටම උන දේවල් කියන් ගියා ජන්කුක් ප්‍රෙග්නන්ට් කියන එක හැර....
"මට කියපන් ඒ කොල්ලා මැන්ශන් එකෙන් ඇවිත් තියෙන්නෙ ඇයි.. අපිට එදා කියන්න බැරි උනාට ඒ බෝයිව අපිට හම්බුනා, කවුරු හරි එයාට කරදර කරන්න හදනකොට... අපි උන් යනකන්ම වාහනේ නවත්තන් ඉදලා ආවා... ඒත් මන්දා බන් මට මේ එකවත් ක්ලියර් නෑ.. දැන් මොකක්ද ප්‍රශ්නේ..."
ටේහ්‍යොන්ග් ලොකූ හුස්මක් පාත දානකොට මාක් කට කොනින් හිනා උනා...
"උබ නිකන් හැසිරෙන්නේ උබ අතින් කෙල්ල ප්‍රෙග්නන්ට් උනා වගේනේ... "
"එහෙම තමයි බන්..."
"මොකක්......!"
"මාක්.. බෙරිහන් දෙන්න එපා...."
යුන්ගි සැරෙන් කිව්වම මාක් කටවහගත්තත් ටේහ්‍යොන්ග් දිහා බලන් හිටියේ පුදුමෙන්...
"ටේ..කියන මගුලක් වටේ යන් නැතුව කියපන්.. උබ මොනවද මේ කියන්නේ.. කවුද උබ අතින් ප්‍රෙග්නන්ට් උනේ.. මොකක්ද මේ...."
යුන්ගි සන්සුන්ව උනත් තදින් අහන්කොට ටේහ්‍යොන්ග් නොකියපු දේවල් ඔක්කොමත් කියන්න ගත්තේ මාක් යුන්ගිගේ අත තදින් මිරිකලා අල්ලගන්නකොට...
"මොනවද යුන්ගි මූ මේ කියන්නේ..."
"මන් ඇත්ත කියන්නෙ මාක්... ඒක එහෙම තමයි.. ජන්කුක්ව මගේ අතින් ප්‍රෙග්නන්ට් වෙලා.. අනික එයා ස්පෙශල් කෙනෙක්..."
"උබට හොදටම ශුවර්ද ඒ උබේ...........
එච්චරමයි මාක්ට කියාගන්න පුලුවන් උනේ ටේහ්‍යොන්ගේ ටේබල් එකට අත මිටි මොලවලා ගහන් ගමන් කේන්තියෙන් නැගිට්ටේ අනිත් දෙන්නත් නැගිටිනකොට...
"තොපි කට වරද්දගන්න එපා... ඒ මගේ ලමයා තමයි යකෝ.. මගේ තමයි... ඌ නිදියෑවේ මාත් එක්ක විතරයි..."
ටේහ්‍යොන්ග් කේන්තියෙන් කෑ ගහනකොට රෙස්ටොරට් එක ඇතුලේ ඉදපු අයත් හැරිලා බලන්න ගත්තේ අනිත් දෙන්නම ටේහ්‍යොන්ග්ව ආයෙත් ඉදවනකොට...
"යකෝ කේන්ති ගන්න එපා... අපි ඇහුවා විතරනේ.. ඒක එහෙම නම් එහෙම තමයි.. ඉට්ස් ඔකේ රයිට්... දැන් කියපන් උබ මොකක්ද කරන්නේ කියලා ඉස්සරහට.. උබට මෙච්චර දේවල් වෙනකොට අපි දෙන්නගෙන් එකෙක්ට කතා කරන්න හිතුන් නැද්ද ආහ්...."
ටේහ්‍යොන්ග් ටික වෙලාවක් යනකොට සන්සුන් උනේ තුන් දෙනාම සද්ද නැතුව ඉදන් ඉන්නකොට...
"මම පසුතැවෙන් නෑ බන්....ඒ මගේ දරුවා.. මට උන් දෙන්නවම ඕන.. ඒ උනාට ඩෑඩ් බන්.. ඩෑඩ් මන් මොකක්ද බන් කරන්නේ..."
ටේහ්‍යොන්ග් මේ තරම් අසරන වෙලා ඉන්නවා දැක්කමයි කියලා මාක් යුන්ගි දෙන්නට හිතුනා... මොකද ටේහ්‍යොන්ගේ මූන හරි තෙහෙට්ටු පාට වෙලා තිබ්බා....
"මන් ගියේ නෑ ඊයේ ඉදන් ජන්කුක්ව බලන්න.. මන් දන් නෑ ඩෑඩ් මොක්කුන්ව මගේ පස්සෙන් දාලද කියලා..."
ටේහ්‍යොන්ග් ඇත්තම තත්වේ කියනකොට මාක් යුන්ගි මූනෙන් මූන බලාගත්තා...
"දැන් උබට හරියටම මොකක්ද කරන්න ඕන.. අපි ඉන්නවා ඕන දේකට..."
"මේ වෙලාවෙ මට ජන්කුක් ගාවට යන්න ඕන... ඒත් ....."
"හරි පලයන් මන් බලාගන්නන් ඉතුරු ටික...."
යුන්ගි කිව්වෙ ටේහ්‍යොන්ග් පුදුමෙන් ඇස් උස්සනකොට....
"යු..යුන්ගි...."
"මොකද උබ තටමන්නේ.. උබ මතක කරන්න එපා මන් කවුද කියලා... තව විනාඩි දහයකින් උබ ඕන දිහාක පලයන් , ගිහින් ඉක්මනට තීරනයක් අරන් කියපන්.. හරි..."
යුන්ගි පෝන් එක අතට ගන්න ගමන් එතනින් නැගිටිනකොට මාක් ටේහ්‍යොන්ගේ අත මිරිකන ගමන් ඔලුව වැනුවා....
"බලපන් උබේ හැටි.. පොඩ්ඩක් ෆ්‍රෙශ් වෙලා යමන්... උබ නිකන් කුනු ලොරියකින් වැටිලා වගේ... යෝහ්.. දැන් උබ ඩෑඩ් කෙනෙක් නේහ්.. අපි ඉක්මනට එන්නම් උබේ පැන්චවයි කොල්ලවයි බලන්න.... දැන් යමන්...."
ටේහ්‍යොන්ග් මාක්ටයි යුන්ගිටයි කතා කරලා එලියට ආවෙ අලුත් පනකින්.. ඉස්සල්ලම ටේහ්‍යොන්ග් හොටෙල් එකට ගිහින් වොශ් එකක් දාගෙන චේන්ජ් කරගත්තා... කලින් දවසේ උදේ ජන්කුක්ව දාලා ආවට පස්සෙ ටේහ්‍යොන්ග් ගියේ නෑ.. මොකද ඒ තරමට ටේහ්‍යොන්ග් තමන්ගේ ඩෑඩ් ගැන දැනන් හිටියා... අන්තිමට යුන්ගි මාක් දෙන්න කතා කරනකන් ටේහ්‍යොන්ග් එහෙට මෙහෙට වැනුනේ ඒකයි...
අන්තිමට ටේහ්‍යොන්ග් නිදහසේ සුපර් මාකට් එකටත් ගිහින් අරවා මේව පලතුරු ගොඩකුත් අරන් තව ජන්කුක් කැමති වෙයි කියලා හිතුව දේවල් ගොඩකුත් එක්ක එලියට බැස්සා...
ෆ්ලවර් ශොප් එක්කින් ලස්සන ලා රෝස පාට මල් පොකුරකුත් ගත්ත ටේහ්‍යොන්ග් ඔක්කොම වාහනේට දාන ගමන් ජන්කුක්ගේ පොඩි ගේ ගාවින් නැවැත්තුවා...
ටේහ්‍යොන්ග් නවත්තලා වාහනෙන් බහින් නැතුව බලන් හිටියා.. මොකද එයා බලාපොරොත්තු උනු දේ දකින්න... බලන් හිටියා වගේම ටේහ්‍යොන්ග් දැක්කා ජනෙල් වීදුරුව අතරින් තිර රෙද්ද ලාවට එහාට වෙලා බෝල ඇස් දෙකක් එබිලා බලනවා... ඉතින් ටේහ්‍යොන්ගේ වාහනේ අදුරගත්තම ඒ ඇස් එතනින් අතුරුදන් වෙලා ඉස්සරහා දොර ලාවට ඇරුනා...
ඒ ඔක්කොම දිහා හරි ලස්සන හිනාවකින් බලන් හිටිය ටේහ්‍යොන්ග් වාහනෙන් බැහැලා බෑග් ටිකත් එක අතකට අරගෙන මල් පොකුරත් අරගෙන ලාවට ඇරුන දොර ගාවට ගියා...
දොර ගාවම හිටිය ජන්කුක්ගේ අත් දෙකෙන් මල් පොකුර තිබ්බ ටේහ්‍යොන්ග් බෑග් ටික එතනම බිමින් තියන ගමන් දොර වහලා දැම්මා.... අත් දෙකෙන්ම මල් පොකුර බදන් ඉන්න ජන්කුක්ව තමන් ගාවට ඇදලා ගත්තු ටේහ්‍යොන්ග් ජන්කුක්ව තමන්ගේ පපුවට තුරුල් කරගත්තේ තමන්ට ජන්කුක්ව කොච්චර නම් මගෑරිලාද කියලා කියන්න වගේ....
"හ..හයුන්ග්..."
කලින් කීවා වගේම ටේහ්‍යොන්ගේ පපුවෙන් ඒ හීනි කටහඩ ඇහෙනකොට ටේහ්‍යොන්ග් ජන්කුක්ව පපුවෙන් ඈත් කරන ගමන් උරහිස් දෙකෙන් අල්ලගත්තා... ලොකු සිපුමක් ජන්කුක්ගේ නලලින් තිබ්බ ටේහ්‍යොන්ග් ආයෙත් ජන්කුක්ව තුරුල් කරන් ඒ ඔලුවෙන් තොල් තියාගත්තේ ලාවට හිනා වෙලා...
මේ තරම් වෙලා හිතේ ගිනි ගත්තු ගින්න නිවෙනවා වගේ දැනෙනකොට ටේහ්‍යොන්ග් නිදහසේ හුස්ම ගත්තා...
"ඇයි මේ තරම් පරක්කු උනේ..."
ආයෙත් ජන්කුක්ගේ කටහඩ ඇහෙනකොට ටේහ්‍යොන්ග් දෙන්නත් එක්කම පොඩි සෝෆාවෙන් වාඩි උනා...මේ වචම අහන්න ටේහ්‍යොන්ග් ම්ක්න තරම්නම් කල් ඉවසුවද.. ජන්කුක් බලන් ඉදලා එයා එනකන්.. ඉතින් ටේහ්‍යොන්ග්ට එච්චරයි ඕන...
"මන් දැන් ආවනෙ... ඔයා කොහෙවත් ගියේ නෑ නේද... බඩගිනිද.. කෑවද ඔයා... මගේ පුන්චි චන්ඩියා මමාට කරදර කරාද..."
ප්‍රශ්න කෝටියක් එක්ක අන්තිමට ටේහ්‍යොන්ගේ ලොකු අත ඒ කුස මත නතරවෙනකොට ජන්කුක්ගේ කම්මුල් රතු උනා...
"ම්ම් මන් කෑවා.. "
ජන්කුක් හෙමින් උත්තර දුන්නම ටේහ්‍යොන්ග් පහලට නැමිලා ජන්කුක්ගේ බඩ ඉබලා ජන්කුක්ගේ කම්මුලකුත් මිරිකුවා...
"මන් තේ එකක් හදන්නම්.. ඇදුම් මාරු කරගන්න..."
ජන්කුක් එහෙම කියන ගමන් කිචන් එක පැත්තට ඇවිදගෙන යනකොට ටේහ්‍යොන්ග් කෝට් එක ගලවලා තියන ගමන් අර බිම තිබ්බ බෑග් ටිකත් අරන් ජන්කුක් පස්සෙන් ගියා... ටේහ්‍යොන්ගේ මූනෙන් ලොකු තෙහෙට්ටුවක් පෙනුනත් ජන්කුක් මුකුත් ඇහුවේ නෑ.. මොන තරම් නම් පීඩනේකින් ටේහ්‍යොන්ග් ජීවිතේ ගෙවනවද කියලා කාටත් වඩා හොදට ජන්කුක් දන්නවා... ජන්කුක් හෙමින් හෙමින් හැරි හැරි ටේහ්‍යොන්ග්ට තේ හදන දිහා ටේහ්‍යොන්ග් හරි ආදරෙන් බලන් හිටියා...
ටේහ්‍යොන්ග් හෙමින් ගිහින් ජන්කුක්ව පිටිපස්සෙන් බදාගත්තා...
"අපි දෙන්නා මැරි කරමු...."
.
.
.
.
.
**************************
___________________________Dark_Sunshiner 🤍🥀
Thanks for reading ♥️
To be Continued...
2023/09/16
Bạn đang đọc truyện trên: AzTruyen.Top