|24|
"ගන්නවා ටේහ්‍යොන්ග්ට කෝල් එකක්..."
හ්‍යුන්බින් තමන්ගේ පුටුවේ වාඩි වෙලා නලල ඇගිලි වලින් මිරිකගන්න ගමන් ලීට කෑ ගැහුවම ලී ආයෙත් පෝන් එක අතට අරන් හ්‍යුන්බින් දිහා බැලුවා..
"ස්..සර්..පොඩි සර් මේ ටිකේම ආවා.. අද තමයි ආවෙ නැත්තේ.. ඒ හින්දා ඒ අවශ්‍යම වැඩකට වෙන්න ඇති.......
"මගේ යකා අවුස්සන් නැතුව ගන්නවා අයිසේ කෝල් එකක්... "
ලී කියපු දේවල් කනකට ගන්නේ නැතුව හ්‍යුන්බින් ආයෙත් කෑ ගැහුවාම ලී පෝන් එක අරන් ටේහ්‍යොන්ග්ට ඩයල් කරා...
"සර්.පෝන් එක ඕෆ්.."
"අයිශ්.. ශිට්.. තමුසෙලා ඉන්නෙ මේවටද අයිසේ.. මන් මාස කීයද නැති උනේ.. මේවා මෙහෙම වෙනවානම් මොකක්ද මේවෑ හදලා තියන සිස්ටම් වලට වෙන්නේ... මෙච්චර ෆයිල් ගොඩාක් මෙතන ගොඩගැහෙන්න... යනවා.. ඉන්න මොන ලෝකෙන් හරි ටේහ්‍යොන්ග්ව අරන් එනවා මෙතෙන්ට..."
හ්‍යුන්බින් යකෙක් වගේ කෑ ගහනකොට ලී එලියට ආවා... හ්‍යුන්බින් පාන්දරම ඇවිත් කෙලින්ම කම්පැනි එකට එනකොටත් ටේහ්‍යොන්ග් නෑ... ස්ට්‍රෙස් එකටත් එක්ක හ්‍යුන්බින්ට යකා ආවේස වෙනකොට ලී ඒවට බැනුම් ඇහුවා...
.
.
.
.
කලින් දවසේ සතුටටම ගොඩාක් රෑ වෙලා ගෙදරට ආපු දෙන්නට නින්ද ගිහින් තිබ්බා..පහුවදා උදේ දහය වෙනකනුත් දෙන්නටම හොදටම නින්ද යනකොට ටේහ්‍යොන්ගේ පෝන් එකත් බැට්රි බැහැලම ඕෆ් වෙලා තිබ්බා...
"ම්ම්හ්..."
ජන්කුක් අමාරුවෙන් ඇස් ඇරලා පියවි සිහියට එන්න උත්සාහ කරේ ජනෙල් තිර වලින් ඇදට වැටෙන ආලෝකයට ඇස් වහමින්... ඒත් තමන්ව නිකන් දඩු අඩුවකට හිර වෙලා වගේ දැනෙනකොට ජන්කුක් ගැස්සිලාම එහා පැත්තෙට බෙල්ල හැරෙව්වා.. තමන් වටේ තද වෙලා තියන අත් වල අයිතිකාරය දැක්ම ඊයේ උන දේවල් ඔක්කොම ජන්කුක්ගේ ඔලුවට පේලියට ගලාගෙන ආවා...
ජන්කුක්ගේ කම්මුල් දෙක රත් වෙලා ගියා.. ටේහ්‍යොන්ග් හොදට ජන්කුක්ව බදාගෙන තද නින්දක.. ජන්කුක්ගේ මූනෙ විතරක් නෙවෙයි ටේහ්‍යොන්ගේ මූනෙත් තෙහෙට්ටු පාට පිරිලා තිබ්බා... ටේහ්‍යොන්ගේ ඇස් යට අදුරු පාට වෙලා තිබ්බා.. ටේහ්‍යොන්ග් මහන්සි වෙනවා.. ජන්කුක් බලන්න එන හැම දවසකම ටේහ්‍යොන්ග් ආවේ ඔෆිස් කිට් එකත් ඇදගෙන .. ඉතින් ටේහ්‍යොන්ග් වැඩ කරනවා මහන්සි වෙනවා...
ජන්කුක් හෙමින් සැරේ ටේහ්‍යොන්ගේ අත් අස්සෙන් ගැලවෙන්න උත්සාහ කරනකොට ටේහ්‍යොන්ගෙ තවත් ජන්කුක්ව තුරුල් කරගත්තා...
"දගලන් නැතුව ඉන්නවකෝ.. නිදිමතයි..."
ජන්කුක් ඇස් කරකවලා බැලුවේ වෙලාව කීයද කියලා.. ටේහ්‍යොන්ග් අද කම්පැනි එකට යන්නෙ නැද්ද...
ජන්කුක් ටේහ්‍යොන්ගේ අතකින් අල්ලලා හෙලෙව්වා... ජන්කුක්ට මොකක් කියන්නද කියලා හිතාගන්න බැරි උනා...
"ම්..මහත්තයා... නැගිටින්න.. දහයත් පහු වෙලා..."
ජන්කුක් ටේහ්‍යොන්ග්ව හොලවනකොට ටේහ්‍යොන්ග් ඇහැරුනා... අත් දෙකෙන්ම කොන්ඩේ ඇදගත්තු ටේහ්‍යොන්ග් ජන්කුක් දිහා ඇස් ලොකු කරලා බැලුවේ ජන්කුක් බය වෙලා බලන් ඉන්නකොට..
"ආයිශ්.. පරක්කු වෙලානේ..."
ඒ උනාට ඒක ඉවර වෙනකොටම ගෙදර ඉස්සරහා දොරට තට්ටු කරන සද්දයක් ඇහෙනකොට ජන්කුක් තවත් බය උනා...
මොකද මේ ගෙදර දොරට තට්ටු කරනවානම් ඒ ටේහ්‍යොන්ග් තමයි.. ඒත් එයත් මේ ඇද උඩ ඉන්නකොට වෙන කවුද දොරට තට්ටු කරන්නේ...
"කවුද ඒ.. මෙහෙ වෙන කවුද එන්නේ..."
ටේහ්‍යොන්ග් ඇහි බැමක් උස්සන ගමන් ජන්කුක්ගෙන් ඇහුවම ජන්කුක් උරහිස් ඇකිලුවා..
"කවුරුත් එන් නෑ... "
"එහෙනම්..ඔයා ඔහොමම ඉන්න.. මන් ගිහින් බලන්නම්..."
ටේහ්‍යොන්ග් ජන්කුක්ට ඇදේ ඉන්න කියලා කල්පනා කරන ගමන් ඇදෙන් බැහැලා ඉස්සරහට ඇවිදන් ගියේ අතින් ඇවිස්සුන කොන්ඩේ හදන ගමනුයි...
"කවුද..."
ටේහ්‍යොන්ග් දොර අරින් නැතුවම ඇතුලේ ඉදන් ඇහුවේ හඩ ටිකක් ගැඹුරු කරලා...
"පොඩි සර්.. මේ මම.."
"ලී අංකල්..."
ටේහ්‍යොන්ග්ට කොහෙවත් නැති දාඩියක් දාන්න ගත්තේ දොරෙන් එලියේ ඉදන් ලීගේ කටහඩ ඇහෙනකොට.... ටේහ්‍යොන්ග් මොන දේට උනත් දොර හෙමින් ඇරලා පොඩි හිඩසින් ඔලුව එලියට දැම්මා...
"වෙන කවුද ඉන්නේ..."
ටේහ්‍යොන්ග් රහසින් වගේ ඇහුවම ලී වට පිට බැලුවා..
"මම විතරයි සර්..."
ඒ වෙලේ ටේහ්‍යොන්ග් හොද හුස්මක් අරන් දොර ඇරියා... තාමත් ඊයේ ඇදුම් පිටින්ම ඉන්න ටේහ්‍යොන්ගේ උඩ ඉදන් පහලටම බලලා ආයෙත් ටේහ්‍යොන්ග් පිටිපස්සෙන් ගේ ඇතුලටත් බැල්මක් දැම්ම ලී ආයෙත් ටේහ්‍යොන්ගේ මූන දිහා බැලුවා..
"මන් මෙහෙ කියලා දන්නේ කොහොමද.. අනික ඇයි මෙහෙට ආවේ..."
ටේහ්‍යොන්ග් ගානක් නෑ වගේ ඇහුවත් ටේහ්‍යොන්ග් ටිකක් කලබලෙන් හිටියා...
"පොඩි සර්... ලොකු සර් ආවා... කම්පැනි එකට ආවම පොඩි සර් නැති හින්දා හොදටම කේන්ති ගිහින් ඉන්නේ.. මට කිව්වා ඉන්න තැනකින් පොඩි සර්ව එක්කන් එන්න කියලා..."
ටේහ්‍යොන්ග් තමන්ගේ මූන පිහදාලා අත් දෙකෙන්ම කොන්ඩේ පිටිපස්සට කරගත්තා..
"ඉතින්..ඉතින් මනුස්සයෝ කෝල් එකක් දෙන්න තිබ්බනේ මට.."
"මන් කෝල් කරා.. පොඩි සර්ගේ පෝන් එක ඕෆ්..."
"මොකක්.. එහෙනම් මන් මෙහෙ කියලා තමුන් කොහොමද දන්නේ.. අ..අනික ඩෑඩ් දන්නවද මන් මෙහෙ කියලා..."
"මට සමාවෙන්න පොඩි සර්..."
ලී බිමට මූන හරවන් කිව්වම ටේහ්‍යොන්ග් අත් දෙකෙන්ම ලීගේ කොලර් එක අල්ලගත්තා..
"සමාවෙන්න.. සමාවෙන්න කියන්නේ.. ඩෑඩ් දන්නවද මම මෙහෙ කියලා.. මට කියනවා..."
"නෑ.. ලොකු සර් දන්නෙ නෑ.. ඒකයි මම කවුරුත් නැතුව තනියම ආවේ පොඩි සර්ව හම්බෙන්න..."
ටේහ්‍යොන්ග් කොලර් එක අතෑරියා...
"මාව ෆලෝ කරාද..?"
"මට සමාවෙන්න පොඩි සර්..."
"මන් ඇහුවේ තමුන් මාව ෆලෝ කරාද කියලා මිස්ටර් ලී...?"
ටේහ්‍යොන්ග් මහ සද්දෙන් කෑ ගැහුවම ලී ඔලුව ඉස්සුවා...
"පොඩි සර් ගොඩාක් දවස් පේන්න හිටියේ නැති හින්දා මම එක්කෙනෙක් දාලා බැලෙව්වා.."
"එතකොට තමුන් දැන් මෙතන මොකක්ද වෙන්නෙ කියලා දන්නවද.."
ටේහ්‍යොන්ග් දත්මිටි කාගෙන අහනකොට ලී ඔලුව වැනුවේ තමන් දන්න බව අගවන්න...
"ශිට් අයිසේ.. ඩෑඩ් දන්නවද.. තමුන් ඩෑඩ්ට කිව්වද..."
"නෑ...මම කිව්වේ නෑ.. ඒත් පොඩි සර් මේ දැන්ම එන්න ඕන.. මොකද ලොකු සර් ගොඩාක් කේන්තියෙන් ඉන්නේ..."
ලී ටේහ්‍යොන්ගේ මූන දිහා බලන් කියනකොට ටේහ්‍යොන්ග් නලල මිරිකගන්න ගමන් ගේ ඇතුල බලලා ආයෙත් ලී දිහා බැලුවා...
"මට මිස්ටර් ලීව විශ්වාස කරන්න පුලුවන්ද..."
ටේහ්‍යොන්ග් ලී අංකල් කීවත් එයාට අපහසුවක් දැනුනා.. මොකද ලී කියන්නෙ සම්පූර්ණයෙන්ම හ්‍යුන්බින් කියන්නෙ මොනවද කිසි දෙයක් නාහ ඒ දේ කරන කෙනෙක් හින්දා...
ලී තමන්ගේ ඔලුව නමලා ඒක ඇගෙව්වා..
"මට පොඩි වෙලාවක් දෙන්න.. මම එන්නම්.. "
ටේහ්‍යොන්ග් දොර වහන ගමන් ඉක්මනට කාමරේට ගියා...
එලියෙන් හයියෙන් හයියෙන් ටේහ්‍යොන්ග් කෑ ගහනවා ඇහුනත් හුරුපුරුදු කටහඩක් උන ලීගේ කටහඩ ඇහෙනකොට ජන්කුක් ඉස්සරහට නොයා ඉන්න තීරනේ කරා...
ඉතින් ටේහ්‍යොන්ග් ආපහු එනකොටත් ජන්කුක් ඇද උඩ තිබ්බ බ්ලැන්කට් එක ඇතුලට වෙලා ඇදේ එරමිනියා ගොතාගන ඉදගෙන හිටියා...
"ජන්කුක්..."
ටේහ්‍යොන්ග් ජන්කුක්ව දැක්කම හිනා වෙන ගමන් ඇදෙන් වාඩි උනා.. ඇදේ ඉදන්ම ජනේලෙන් එපිට බලන් හිටිය ජන්කුක් ටේහ්‍යොන්ගේ සද්දෙට හැරිලා බැලුවා...
"ජන්කුක්.. මට දැන් යන්න වෙනවා. ඩෑඩ් ආයෙත් ඇවිත්ලු.. මන් ඉක්මනටම එන්නම්.. එතන කූට පුලුවන් නේද පරිස්සමට ඉන්න..ම්ම්ම්"
ජන්කුක්ගේ කෙස් රොදක් කන පිටිපස්සෙන් රදවන ගමන් ටේහ්‍යොන්ග් එහෙම ඇහුවම ජන්කුක් ඔලුව වැනුවා... ජන්කුක්ට තනියම ඉන්න එක නුපුරුදු දෙයක් නෙවේනේ...
"මට ඕන උනේ නෑ.. එක පාරටම මෙහෙම දාලා යන්න... ඒත් යන්නම වෙනවා මට.. මට සමාවෙන්න කූ..."
ජන්කුක්ගේ කම්මුලක් මහපට ඇගිල්ලෙන් පිරිමදින ගමන් ටේහ්‍යොන්ග් මිමිනුවාම ජන්කුක්ගේ කම්මුල් රත් උනා... මෙහෙම ආදරණීය කතාබස් ජන්කුක්ට හුරු නෑනේ.. අනික ටේහ්‍යොන්ග් එක පාරටම කූ කියලා කතා කරනකොට ජන්කුක්ට ලැජ්ජ හිතුනා...
"ම..මහත්තයත් පරිස්සමට යන්න..."
"යන්න නෙවෙයි..ගිහින් එන්න කියන්න කූ මට..."
"මහත්තයත් පරිස්සමට ගිහින් එන්න..."
ජන්කුක් කීව විදියටම කියනකොට ටේහ්‍යොන්ගේ කටින් හිනාවක් පැන්නා..
"ඔයා දිගටම මට මහත්තයා කියන්නද හදන්නෙ ම්ම්..."
ටේහ්‍යොන්ගේ නහය ජන්කුක්ගේ කම්මුලේ ගාවලා ඇහුවාම ජන්කුක් මූන අකුලගත්තා...
"ම්ම්..මට ටේහ්‍යොන්ග් කියන්න.. ඒම නැත්නම් හ්‍යුන්ග් කියන්න... මම් ඔයාට වඩා වැඩිමල්නේ...කැමති විදියටක කතා කරන්න...."
ජන්කුක්ගේ වටේ අත් දෙක යවන ගමන් ටේහ්‍යොන්ග් ජන්කුක්ව තුරුල් කරගත්තාම ජන්කුක් මූන ටේහ්‍යොන්ගේ උරහිසේ තියාගත්තා...
"හ..හ්‍යුන්ග්..."
"ඒක නියමයි..."
ජන්කුක් හෙමින් මිමිනුවාම ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ මූන අත් දෙකට ගන්න ගමන් හිනා උනා....
ඊට පස්සේ ටේහ්‍යොන්ග් වොශ් රූම් එකට ගිහින් මූන හෝදගන්නකොට ජන්කුක් ඉක්මනට ටේහ්‍යොන්ග්ට කිරි එකක් හදලා දුන්නා...
ජන්කුක්ගේ කිරි එක බීලා ඉවරවෙලා කෝප්පේ මේසෙ උඩින් තිබ්බ ටේහ්‍යොන්ග් පුටුවේ ඉදන් ඉන්න ජන්කුක් ගාවට ඇවිත් බිමින් දනගහගත්තාම ජන්කුක් ඔලුව නවලා බැලුවා.. ජන්කුක්ගේ ලොකු හූඩිය උඩට ඉස්සුව ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ටිකක් පිම්බිලා තිබ්බ නිරුවත් කුසට තොල් දෙක තිබ්බේ ජන්කුක් හිරි වැටිලා යනකොට...
"පුන්චී චන්ඩියා.. ඩඩා එනකන් මමාව බලාගන්න ඕන හොදද.. ඩඩා ඉක්මනට එන්නම්.. මන් ගොඩාක් ආදරෙයි..."
තොල් දෙක කුස මත තියාගනම ටේහ්‍යොන්ග් මුමුනනකොට ජන්කුක්ගේ ඇස් වලට කදුලු පිරුනා... ඒ තමයි ටේහ්‍යොන්ග් ජන්කුක්ටත් ඇහෙන්න කතා කරපු පාර...
"මමාටත් ආදරෙයි.. පරිස්සමට ඉන්න මගේ කූ.. මන් ඉක්මනට එන්නම්..."
ජන්කුක්ගේ නලලෙනුත් තොල් තද කරන ගමන් ටේහ්‍යොන්ග් එහෙම කියලා ජන්කුක්ගේ මූනට එබුනා.. ඒ තොල් වලට පහත් වෙන්න හදලත් ආයෙත් ඈත් උන ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ඔලුව අතගාල කී එකයි කෝට් එකයි අතට අරගෙන ගෙදරින් එලියට ඇවිත් වාහනේට නැග්ගා...
ටික වෙලාවකට පස්සෙ ටේහ්‍යොන්ග් කම්පැනි එකට ඇවිත් හ්‍යුන්බින්ගේ කැබින් එක ගාව නතර උනා... තමන්ට පිටිපස්සෙ ඉන්න ලී දිහත් බලල හොද හුස්මක් ගත්තු ටේහ්‍යොන්ග් කැබින් එකේ දොර ඇරගෙන ඇතුලට ගියා...
"ආහ්.. ආවද ඉලන්දාරියා.. වාඩි වෙන්න...වාඩි වෙන්න.."
ටේහ්‍යොන්ග් දිහා බලන්නවත් මහන්සි නොවී හ්‍යුන්බින් ටේහ්‍යොන්ග්ට කතා කරනකොට ඒත් එක්කම ඇතුලට ආපු ලී දොර ගාවින් හිටගත්තා....
"මොනවා හරි බොනවද..."
හ්‍යුන්බින්ට එහා පැත්තෙන් වාඩි උන ටේහ්‍යොන්ග් දිහා බලල හ්‍යුන්බින් එහෙම ඇහුවම ටේහ්‍යොන්ග් තමන්ගේ කෝට් එක ගලවලා එහෙමම සෝෆා එකට දැම්මා..
"මුකුත් එපා ඩෑඩ්..."
"එහෙනම්.. මට කියන්නකෝ කොහෙද තමුන් මෙච්චර වෙලා හිටියේ කියලා..."
"මන් යාලුවො......
ටේහ්‍යොන්ග් කියාගෙන යන්න ලෑස්ති වෙනකොට හ්‍යුන්බින් අත උස්සලා ටේහ්‍යොන්ගේ කතාව නැවැත්තුවා...
"මන් තමුන්ගේ යාලුවෝ දෙන්නට කතා කරා, ඒ වගේ ම ග්රෑන්ඩ්මාටත් කතා කරා, මැන්ශන් එකෙත් බැලුවා... ඒ ඇර කියන්න තියන තැනක් කියනවා..."
හ්‍යුන්බින් කියාගෙන යනකොට ටේහ්‍යොන්ග් තමන්ගේ ඇස් දෙකම තද කරගත්තා...
"දන්නවනේ ඩෑඩ්.. මන් ක්ලබ් එකට ගියා.. ටිකක් ලේට් උන හින්දා මන් හොටෙල් එක්ක හිටියේ..."
"මොකක්ද හොටෙල් එක..."
"මට නම මතක නෑ..."
"එහෙනම් තමුන් පේ කරපු බිල්ස් ඇතිනේ.. ලී චෙක් කරන්වා මොනවද ඊයේ පේ උනු ප්ලේසස් කියලා..."
"ඩෑඩ් ඇති....!"
ටේහ්‍යොන්ග් අන්තිමට කෑ ගැහුවේ හ්‍යුන්බින් කට කොනින් හිනා වෙනකොට...
"මොකද තමුන්ගේ සද්දෙ ආ ටේහ්‍යොන්ග්.. අද කම්පැනි එකට එන්න ඕන කියලා දන් නැද්ද තමුන්... අද මීටින් කීයක් තියන්වද කියලා දන්නවද.. ඒව ඔක්කොම අලුතෙන්ම අපි ඉන්වෙස්ට් කරන ප්‍රොජෙක්ට්ස්, එතකොට තමුන් මෙහෙම වගකීමක් නැතුව වැඩ කරනකොට මොකක් කරන්න කියලද ටේහ්‍යොන්ග් මට කියන්නේ අහ්..?"
"පොඩි මිස්ටේක් එකක් උනා තමයි.. ඒත් ඩෑඩ්ට බෑ මේ විදියට මගේ ජීවිතේට අත දාන්න..."
ටේහ්‍යොන්ග් තරහෙන් කෑ ගහන්කොට හ්‍යුන්බින් ඇස් දෙක හීනි කරා...
"මිස්ටේක්.. මොනවගේ මිස්ටේක් එකක්ද මේක.. මේක තනිකරම තරගයක් ටේහ්‍යොන්ග්.. තමුන් රට ඉදලා ඉගනගත්තේ මොනවද අහ්.. අනික මන් තමුන්ගේ ඩෑඩ්, මට මොකද අයිතියක් නැත්තේ තමුන් ගැන හොයන්න..."
"ඩෑඩ්.. ඩෑඩ් නම් මම අච්චරකල් තනියම රටකට වෙලා ඉන්නකොට ඔයා මොනවද ඩෑඩ් කෙරුවේ.. අනික මම ඔයා ගාවට එන හැම වතාවක්ටම මාව මගෑරියේ ඔයා නෙවෙයිද..."
"ටේහ්‍යොන්ග් තමුන්ගේ සීමාව දැනගන්නවා..."
"සීමාව .. මම දන්නවා මගේ සීමාව... මට ඇති වෙලා.. මට කිසිම උවමනාවක් නෑ මේ කම්පැනි එකට කරට ගන්න.. තනිකට කලුවට ඇදගෙන යන මේක කරට ගන්න මට කිසිම උවමනාවක් නෑ මිස්ටර් කිම්..."
"ටේහ්‍යොන්ග්...!"
හ්‍යුන්බින් තමන්ගේ අතේ තිබ්බ ග්ලාස් එක පොලවේ ගැහුවේ මුලු කැබින් එකම නිහඩ වෙලා යනකොට...
"හොදයි.. තමුන් යනවා දැන්... හිතන්න එපා මම සද්ද නැතුව ඉදියි කියලා... මම කතා කරන්න ගත්තම තමුන් මට උත්තර දෙන්න ලෑස්ති වෙලා හිටියොත් හොදයි... ලී, මින්ටයි ජන්ග්ටයි මැසේජ් එක යවනවා...අද පෝට් එකට එන්න කියනවා රෑ දහය වෙනකොට...."
.
.
.
.
.
.
***********************
___________________________Dark_Sunshiner 🤍🥀
හ්‍යුන්බින් ආවා...😪
Releasing stress..🍂
Thanks for reading and comment ♥️
To be Continued....
2023/09/08
Bạn đang đọc truyện trên: AzTruyen.Top