|23|
"ටොක් ටොක්..."
දොරට තට්ටු කරන සද්දෙට ජන්කුක් නින්දෙන්ම ඇස් දෙක පිහ දැම්මා..
"ටොක්..ටොක්..."
අන්තිමට ඒ තට්ටු කෙරිල්ල තඩිබෑමක් වෙනකොට ජන්කුක් සම්පූර්නයෙන්ම නින්දෙන් ඇහැරුනා... ඇදට එහා පැත්තේ හිබ්බ පොඩි ඔරලෝසුව දිහා එක ඇහැක් ඇරලා බලපු ජන්කුක් ලොකු ඈනුමක් අරින ගමන් කකුල් දෙක හෙමින් මෙට්ටෙන් පහලට දැම්මා...
දැන් මාස තුනකුත් පහු වෙලා හතරකුත් වෙන්න එනවා.. ජන්කුක්ගේ කුස ටිකක් ඉස්සරහට ඇවිල්ලා... ඒක හරී අමුතුවට ජන්කුක්ට දැනුනේ.. මුලින් මුලින් හිතේ විතරක් ඉන්නවා කියලා දැනුනට ටිකෙන් ටික බඩ ඉස්සරහට එනකොට ජන්කුක්ට ඒ අමුතු හැගීම දැනෙන්න ගත්තා... ඉතින් ජන්කුක් හෙමින් බඩ අතගාන ගමන් ඇදෙන් නැගිට්ටා...
අද රෙස්ටොරන්ට් එකේ නිවාඩු , ඒ නැතත් ජන්කුක්ට එච්චර වැඩට යන්න උනේ නෑ.. මොකද ටේහ්‍යොන්ග් හැම වෙලේම මදුරුවෙක් වගේම එකම මුමුන මුමුන ජන්කුක්ගේ කන වටේ කැරකෙන්න ගන්න හින්දා.. මොන හේතුවක් උන හරි ජින් ජන්කුක්ට ගෙදර ඉන්න, පුලුවන් වෙලාවට එන්න කියනකොට , එදා රෙස්ටොරන්ට් එකට ආපු විදියෙන් ජින් කියන්නේ ටේහ්‍යොන්ග් දන්න කෙනෙක් කියලා දන්න හින්දාම ජන්කුක් කිසිම හරස් ප්‍රශ්නයක් ඇහුවේ නෑ..
ජන්කුක් මොනවා කිව්වත් තද කරලම තමන්ට වැඩට යන්න ඕන කියනකොට ටේහ්‍යොන්ග් අන්තිම තුරුම්පුව විදියට ඉස්සරහට දැම්මේ චූටි පැටියව තමයි.. ඒ හින්දා ඉදලා හිටලා හරි ජන්කුක්ට ටේහ්‍යොන්ග් කියන දේ අහන්නම උනා...
දැන් මේ නිවාඩු දවසේ එලි වෙනකොටම දොර ගාවට වෙලා වද දෙන්නේ කවුද කියලා දන්න හින්දම ජන්කුක් කරගන්න ඕන වැඩ ටික හරිම හෙමින් කරගත්තා... හෙමින් මූන සෝදන් ඇදුම් ඇදගෙන එහෙම තමයි ජන්කුක් ගිහින් දොර ඇරියේ..උදේ උනත් වැටුනු අව්වට ඇස් දෙකත් හීනි කරත් මූනත් රතු කරන් ඉන්න ටේහ්‍යොන්ග් දිහා බලල ජන්කුක් දොර ගාවින් අයින් උනාම ටේහ්‍යොන්ග් ඉක්මනට ගේ ඇතුලට රිංගගත්තා..
"ඇත්තටම ඔයා තව කොච්චරකල් මගෙන් පලිගන්නවද ජන්කුක්.. බලන්න මන් කීයෙ ඉදන්ද මෙහෙම දොර ගාව ඉන්නෙ කියලා..."
ටේහ්‍යොන්ග් අතේ තිබ්බ බෑග් ටික පොඩි මේසෙ උඩින් තියන ගමන් කීවත් ජන්කුක් නෙවෙයි මුකුත් කිව්වේ... ජන්කුක් කතා කරන්නේ ටේහ්‍යොන්ග් එක්ක අඩව්වක් අල්ලන්න බලාගෙන වෙනකොට ඒ කතා නොකරන එක ටේහ්‍යොන්ග් එච්චර තැකීමක් කරේ නෑ....
"හරි හරි.. රවන්න ඕන නෑ.. මන් නිකන් කිව්වේ.. දැන්ද නැගිට්ටේ ඔයා ම්ම්ම්..."
මූනත් නාලු කරන් ඉන්න ජන්කුක් ගාවට ඇවිත් ජන්කුක්ගේ උරහිස් දෙකෙන් අල්ලන් ටේහ්‍යොන්ග් හිනා වෙලා ඇහුවාම ජන්කුක් ඔලුව වැනුවා...
"අහන්න මන් කෑම ගෙනාව කාල ඉමු... මට කියන්න ඔයාට කන්න පුලුවන් මොනවද කියලා.. මන් එක එක වර්ග වලින් ගෙනාවා.."
වෙනදා වගේම ජන්කුක්ගේ නිශ්ශබ්දතාවය හමුවේ ටේහ්‍යොන්ග් දන් නැති කමට කෑම වර්ග කීපයක් ගෙනල්ල තියනකොට ජන්කුක්ට පොඩි කනගාටුවක් දැනුනා.. එහෙම දැනෙන්නෙ ඕන නැති උනත්... සමහර විට ජන්කුක් හිතනවා ඇති බබා හින්දා ටේහ්‍යොන්ග් ජන්කුක්ට සලකනවා කියලා..
එදා ටේහ්‍යොන්ග්ට බබාත් එක්ක කතා කරන්න දුන්නම ටේහ්‍යොන්ගේ ඇස් වල කදුලු ඉතිරුවා... ටේහ්‍යොන්ග්ට පලවෙනි වතාවට තමන් ඇත්තටම අප්පා කෙනෙක් කියලා දැනෙන්න ගත්තා ජන්කුක්ගේ නිරුවත් කුසට අත තිබ්බම.. එදා ටේහ්‍යොන්ග්ට ගොඩාක් දේවල් මුවින් පිට කරගන්න බැරි උනත් ටේහ්‍යොන්ග් හිතෙන් ගොඩාක් දේවල් කිව්වා....
සාමන්‍ය විදියට දවස් ගෙවිලා යනකොට ටේහ්‍යොන්ග් සුස්පුරුදු කාර්යබහුල ජීවිතේට වැටුනා.. ඒත් ජන්කුක්ව බලන්න එන්න අමතක කරේ නෑ.. ජන්කුක්ගේ අඩුපාඩු හොයලා බලන්න මතක කරේ නෑ... ජන්කුක් එක්ක ඩොක්ටර් ගාවට යන්න අමතක කරේ නෑ...
තව ජන්කුක්ගේ පෝන් එකට ආන්ස්වර් කරනකන්ම කෝල් ගන්න... මැසේජ් එකක් දාන්නත් ටේහ්‍යොන්ග් අමතක කරේ නෑ... හරි බොලද විදියේ සම්බන්ධයක් වගේ පෙනුනත් ඒක අමුතු සම්බන්ධතාවයක් උනා...
"වාඩිවෙන්නකෝ.. මන් තේ හදන්නම්..."
ටේහ්‍යොන්ග්ට එහෙම කියන ගමන් ජන්කුක් ෆ්‍රිජ් එකෙන් කිරි බෝතලේ අරගෙන ඒක රත්වෙන්න තිබ්බා... ටේහ්‍යොන්ග්ටත් එක්ක කිරි දෙකක් හදලා කෝප්ප දෙකට දාපු ජන්කුක් ඇවිත් මේසෙන් වාඩි වෙලා ඉන්න ටේහ්‍යොන්ගේ අතට දුන්නා.. කෝප්පයක් ඔව් ටේහ්‍යොන්ග්ටත් මග් එකක් තිබ්බා.. එච්චර කෝප්ප තිබ්බෙ නැතත් ජන්කුක්ගේ වගේම කෝප්පයක් ටේහ්‍යොන්ග් වෙනුවෙනුත් ඒ පුන්චි ගෙදර වෙන් වෙලා තිබ්බා...
ටේහ්‍යොන්ග් තේ එක අතට අරන් හොද හුස්මක් ගත්තේ තේ එකේ සුවද විදින ගමන්මයි..මොකද ටේහ්‍යොන්ග් ආසම විදියට කිරි හදන්නෙ ජන්කුක් තමයි..
"මේකේ චොක්ලට්, මේකේ ක්‍රීම් චීස්, මේක ස්ටෝබෙරි.. මේකේ කොෆී ෆ්ලේවර්... කැමති එකක් කන්න.. ඔයා උදේට පොඩි දෙයක්නේ කන්නේ..."
එක එක වර්ගයේ පේස්ට්‍රි ගොඩාක් එක එක බෑග් එක ඉර ඉර මේසෙ උඩින් තියන ගමන් ටේහ්‍යොන්ග් කියනකොට ජන්කුක්ගේ ඇස් දිලිසුනා.. ටේහ්‍යොන්ග් ඒක දැක්කා... මොකද කොච්චර නෑ වගේ පෙන්නුවත් ටේහ්‍යොන්ග් කරන දේවල් වලට ජන්කුක්ගේ ඇස් දිලිසුනා... ටේහ්‍යොන්ග් ජන්කුක්ට අනුකම්පා කරේ නෑ, ඒත් ටේහ්‍යොන්ග් මේ දේවල් කරන්න ඕන උනා.. ඒකෙන් ටේහ්‍යොන්ග් ලොකු තෘප්තියක් ගත්තා..
"මෙහෙම කරන්න ඕන නෑ.."
"මම එහෙම නොකර කවුද කරන්නේ... ඉක්මනට කන්නකෝ කැමති එකක්..ඔයා ඕම බඩගින්නෙ ඉන්නකොට චූටි පැටියටත් බඩගිනි ඇති..."
ටේහ්‍යොන්ග් කියනකොට ජන්කුක් හෙමින් හිනා උනා.. මොනවා උනත් ජන්කුක් පහසුවෙන් හිටියා ටේහ්‍යොන්ග් ඉස්සරහා.. මොකද දැන් ටේහ්‍යොන්ග් කරදර නොකරන බව ජන්කුක් දන්නවා...
"අහන්න.. අපි අද එලියට යන්ද.."
"එ..එලියට කිව්වේ.."
ටේහ්‍යොන්ග් උදේ කෑම ඉවර උනාම ඇහුවේ ජන්කුක්ව එයා ගාවින් ඉන්දවගෙන...
"කොහෙ හරි ඇවිදලා කාලා එමු..ගොඩාක් දවසකින් මෙහෙම දවසක් හම්බෙන්නේ.. අනික මට වෙලාවක් නැහැනේ ඔයා ගාව ඉන්න.. මට මෙහෙ එන්න දෙන්නෙත් නෑනේ..."
ටේහ්‍යොන්ග් ටිකක් හඩ අඩු කරලා කියනකොට ජන්කුක් අහක බලාගත්තා...
"ම්..මට බෑ..."
ජන්කුක් එක පාරට බෑ කිව්වම ටේහ්‍යොන්ග් ගැස්සුනා.. ටේහ්‍යොන්ග් හිතාගනමයි ආවෙ...
"මො..මොකක්.. ඇයි ඒ..ඔයාට තවමත් මාව විශ්වාස නැද්ද.. මට ඕන ඔයාව ලගින් තියාගන්න... චූටි පැටියා එක්ක ඉන්න... ඇ..ඇයි ජන්කුක්... මම සමාවගත්තා තවත් මොනවද මම කරන්න ඕන..."
ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ එක අතක් පටලව ගන්න ගමන් කතා කරනකොට ජන්කුක් ඒ අසරන බව පේන ඇස් දිහා බැලුවා... ඔව් ජන්කුක් පොරොන්දු උනා තමයි අවස්තාවක් දෙන්න .. ඒත්...
"හ්ම්ම්..."
ජන්කුක් අන්තිමට හ්ම් කිව්වම ටේහ්‍යොන්ග් ඒ අත මිරිකලා අල්ලගත්තා...
"යන්... තනියම ලෑස්ති වෙනවද මන් උදව් කරන්නද...."
ටේහ්‍යොන්ග් සතුටින් ඇහුවම ජන්කුක් ඉක්මනට නැගිට්ටා...
"හරි.. ඒනම් පරිස්සමට ලෑස්ති වෙන්න.. මන් මෙතන ඉන්නම්...."
හැබැයි ජන්කුක් කාමරේට ගිහින් වැඩි වෙලාවක් යන්න හම්බුන් නෑ කෑ ගහන සද්දෙට ටේහ්‍යොන්ග් දුවගෙන කාමරේට යනකොට දැක්ක දර්ශනේ හින්දා ඇගේ මාලු නටන්න ගත්තා..
"ජන්කුක්... බලනවා කිසි පරිස්සමක් නෑනේ.. මන් කිව්ව මන් උදව් කරන්නම් කියලා.. බලනවා බඩ වැදුනානම් මොකද කරන්නෙ කියලා තමුන් ආ... පන්ඩිතකම් නම් තියනවා.....
ටේහ්‍යොන්ග් ජන්කුක්ව අත් දෙකෙන්ම අල්ලගෙන බැනගෙන බැනගෙන ගියා...
ජන්කුක් අල්මාරිය ගාවම ලිස්සලා වැටෙන්න ගිහින් ඒත් අල්මාරියේ දොර අල්ලන නූලෙන් බේරිලා තිබ්බා... තව ටිකක් පරක්කු උනානම් වෙන විනාසෙ මතක් උනාම ටේහ්‍යොන්ග් කේන්තියෙන් කෑ ගහන්න ගත්තේ ජන්කුක්ට පරන ටේහ්‍යොන්ග්ව මතක් කරලා...
"ඇදුම් ටිකත් අරන් ලෑස්ති වෙනවා... යන්න.. මෙච්චරකල් මන් ඉවසන් හිටියා.. ආයෙත් මෙහෙම නොසැලකිල්ලෙන් වැඩ කරොත් මාත් නැති වෙලාවක අහ්.. තමුන්ට තේරෙනවද මන් කියන එක....
ටේහ්‍යොන්ග් කෑ ගහනවා යකෙක් වගේ.. ජන්කුක් තමන්ගේ අත් දෙක නිදහස් කරගන්න උපරිම උත්සාහා කරා...
"අ..අතාරින්න මාව.. අතාරින්න.. මට රිදෙනවා..."
ජන්කුක්ගේ හීනි කටහඩ ඇහෙනකොට තමයි ටේහ්‍යොන්ග් හරි සිහියට ආවෙ.. ජන්කුක්ගේ කදුලු පිරුනු ඇස් දැක්කම ටේහ්‍යොන්ග් ඒ අත් ලිහිල් කරා...
"ශ්..ජන්කුක්.. මට සමාවෙන්න.. මට කේන්ති ගියා....
"එහාට යන්න.. එහාට යන්න.. එන්න එපා.. යන්න..."
ජන්කුක් අත් දෙකෙන්ම කන් දෙක වහගෙන අල්මාරිය ගාවින් ඈත් උනා...
"අනේ..ජන්කුක් ප්ලීස් මන් කියන දේ අහන්න මට කේන්ති ගියා.. ඔහොම වැටුනානම්...මොකද කරන්නෙ අපි..."
ටේහ්‍යොන්ග් ජන්කුක්ට ලන් වෙනකොට ජන්කුක් කාමරේ අයිනටම ටේහ්‍යොන්ගෙන් ඈත් උනා... ආයෙත් පරන ටේහ්‍යොන්ග්ම, ජන්කුක් ජනේලෙ පැත්තට හැරිලා මූන අත් දෙකෙන්ම වහගත්තා....
ඒත් ටේහ්‍යොන්ගේ ලොකු අත් දෙක ජන්කුක්ව පිරිපස්සෙන් තුරුල් කරගත්තේ ඒ පපුවට ජන්කුක්ව හේත්තු කරගන්න ගමනුයි..
"ශ්.. ජන්කුක් සන්සුන් වෙන්න.. මට සමාවෙන්න.. මට කේන්ති ගියා.."
ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කන ගාවට මිමිනුවත් ජන්කුක් මුකුත් කිව්වෙ නෑ...
"ජන්කුක්..ප්ලීස් මේ පැත්ත හැරෙන්න..."
ජන්කුව හරවන්න හදනකොට ජන්කුක් ඒ අත් දෙක ගසලා දැම්මා..
"හැ..හැමදාම එහෙමයි..කෑ ගහලා සමාවෙන්න කිව්වම හරියනවද හැමදේම.. මට මුකුත් එපා..මුකුත් එපා..යන්න ඔයා.. මට කෑ ගහන්න එපා.. මම යනවා යන්න..."
ජන්කුක් කෑ ගහනකොට ටේහ්‍යොන්ග් එහෙමම ඉදලා යන්නෙ නැතුවම ජන්කුක්ව තද කරලා බදාගත්තා.. යන්න කියනකොට නොයා ටේහ්‍යොන්ග් ජන්කුක්ව බදාගත්තා , තමන්ගේ ඇගට හේත්තු කරගෙන ඉකිගහන ජන්කුක්ගේ ඔලුව අතගාන ගමන් ටේහ්‍යොන්ග් ඉන්නකොට ජන්කුක් හෙමින් ඇඩුවා... වෙනදානම් දිව්වත් ජන්කුක් අද ටේහ්‍යොන්ග් ගාව ඇඩුවා.. සමහර විට හැමදේම තනියමම දරාගෙන ජන්කුක්ටත් මහන්සි ඇති...
අන්තිමට ටික්කින් ජන්කුක් ලස්සනටම ලෑස්ති වෙලා ටේහ්‍යොන්ගේ වාහනේ පැසෙන්ජර් ශීට් එකෙ වාඩි වෙලා හිටියා... ටේහ්‍යොන්ග්නුත් වාහනේ ඩ්‍රයිවින් සීට් එකේ ඉදන් ඩ්‍රයිව් කරන ගමන් හිටියා...
ටිකකින් දෙන්නම ආවෙ ශොපින් මෝල් එක්කට, ජන්කුක් නම් කුතුහලයෙන් බැලුවේ..
"යන්... ලොකු ඇදුම් ටිකක් ගමු..මොකද මේ බඩ්ඩ තව ලොකු වෙනකොට එයාගේ මමාට යන්න පුලුවන් වෙන්න එපැයි..."
ටේහ්‍යොන්ග් දොර ඇරලා ජන්කුක්ගේ අතින් අල්ලලා බස්සවගන්නකොට ජන්කුක් ලැජ්ජාවෙන් අහක බලාගත්තා.. ටේහ්‍යොන්ග් හිතලා හෝ නොහිතා කියන දේවල් වලින් ජන්කුගේ කම්මුල් රතු වෙලා තිබ්බා..
අන්තිමට දෙන්නත් එක්ක කෑ ගහගෙන රන්ඩු වෙලා ජන්කුක්ට ඇදුනුත් ඇන්දුව ටේහ්‍යොන්ග් ජන්කුක් එක්කම ආවෙ ජන්කුක් රෝස පාට බෝලයක් වගේ පේනකොට... රෝස පාට ලොකූ හූඩියක් ඇදලා ඒකෙ හෙඩ් කවර් එකත් ඔලුවට දැම්ම ටේහ්‍යොන්ග් වාහනෙන් බස්සගෙන පුන්චි බබෙක්ව අරන් යනවා වගේ ජන්කුක්ව අරන් ගියා...
කෝම හරි ටේහ්‍යොන්ගේ උවමනාවටම ලොකූ සයිස් ඇදුම් ටිකක් අරගෙන ටේහ්‍යොන්ග් මෝල් එකෙන් එලියට ආවෙ දවල් වෙන්නත් කිට්ටු වෙලා...
"ජන්කුක්... කොහෙද යන්න ආස..."
ටේහ්‍යොන්ග් පුරුද්දක් විදියට කරන්න කලින් ඇහුවත් ජන්කුක් නිහඩයි... ඉතින් මෝල් එකේම තිබ ශොප් එක්කින් ගත්තු ජූස් කප් එකක් ජන්කුක්ගේ අතට දීල ටේහ්‍යොන්ග් ඩ්‍රයිව් කරන්න ගත්තා.... ටිකක් වෙලා යනකොට ඇරපු ශටර් එකෙන් ආපු හුලගට ජන්කුක්ගේ ඇස් පිය උනා.. ඒ දිහා ආදරෙන් හිනා වෙලා බැලුව ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ අතේ භාගයක් ඉවරඋන ජූස් කප් එක අරන් එයා බොන්න ගත්තා....
ටිකක් වෙලා යනකොට ටේහ්‍යොන්ග් වාහනේ බීච් එකෙන් නැවැත්තුවේ ටිකක් ඇතුලට යනකන්ම වාහනේ දාලා....
වෙන කොහෙවත් ජන්කුක්ව එක්කන් යන්න බෑ කියලා දන්න හින්දම පල්වෙනි වතාවට ටේහ්‍යොන්ග් ජන්කුක්ව එක්කන් මෙතනට ආව..
"ජන්කුක්... ජන්කුක්...ඇහැරෙන්න..."
සීට් බෙල්ට් එක ගලවලා ජන්කුක් ගාවට නැමිලා ටේහ්‍යොන්ග් කතා කරනකොට ජන්කුක් ගැස්සිලා ඇහැරුනා..
"ස..සමාවෙන්න මට නින්ද ගියා.."
"ශ්.. ඒකට කමක් නෑ.. බලන්න ඔයා මෙහෙට කැමතිද කියලා..."
ජන්කුක්ගේ රතු උන මූන අල්ලනෙ පිහදාලා ටේහ්‍යොන්ග් කියනකොට ජන්කුක් ඇස් හරව හරව බැලුවා...
ආයෙත් ජන්කුක්ගේ බෝල ඇස් දිලිසුනා... ජන්කුක්ගේ ඇස් තෙත් වෙලා වගේ දිලිසෙනකොට ටේහ්‍යොන්ග් වාහනෙන් බැහැලා එහා පැත්තෙන් ජන්කුක්ගේ අතින් අල්ලන් බැස්සුවා...
"ඕහ්..."
සපත්තු දෙක උඩ වැලි තියනකොට ජන්කුක් හයියෙන් ටේහ්‍යොන්ගේ අත අල්ලගත්තා...
"යන්..කෝ ඉන්න සපත්තු ගලවන්න... "
ආයෙත් ජන්කුක්ව සීට් එකෙන් ඉන්දලා බිම දන ගහන් ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ සපත්තු ගලවන්න හදනකොට ජන්කුක් කකුල් දෙක එහාට ගත්තේ අපහසුවෙන්.. මොන තරම් කෑ ගැහුවත් ටේහ්‍යොන්ග් මෙහෙම කරනකොට ජන්කුක්ගේ හදවතට ඒව බර වැඩියි...
"මෙහෙ දෙන්න.. "
කකුල් දෙක ඇදලා අරන් සපත්තු දෙක ගලවපු ටේහ්‍යොන්ග් එයාගෙත් සපත්තු ගලවලා වාහනේට ජන්කුක් එක්ක වැල්ලට ආව.... ඉර එලියේ රස්නේ යන්නම හයියෙන් හමන් ආපු හුලග සුදු පාට වැල්ල, තද නිල් පාට මුහුදු රල, වටේ පිටේ වෙරලේ දුවන පොඩි ලමයින්ගේ හඩ , සී ෆුඩ් තිබුනු පොඩි රෙස්ටොරන්ට් වලින් එන සුවද ඒ ඔක්කොමත් එක්ක හරි අමුතු ෆීලින් එකක් දැනෙනකොට ජන්කුක් ඇස් දෙක පියාගෙනම ටේහ්‍යොන්ගේ අත අල්ලගෙන හිටියා...
ටික්කින් ටේහ්‍යොන්ගේ දිග අත ජන්කුක්ගේ හීනි ඉන වටේ එතුනේ ඉස්සරහට ඇවිදගෙන යන ගමන්මයි...
රැල්ල පාගනකොට වතුර කකුල් වැහෙන්න එනකොට ජන්කුක්ගෙන් එලියට ආපු හිනාව ටේහ්‍යොන්ග්ට කවදාවත් අමතක කරන්නවත් නැති කරන්නත් ඕන උනේ නෑ...
ජන්කුක් රැලි අතරේ එහා මෙහා යනකොට ටේහ්යොනුත් ජන්කුක්ගේ පිටිපස්සෙ ඉදන්ම පරිස්සමට හිටියා... ඉතින් හවස් වෙනකන් කැමති කැමති විදියට සතුටු උනු දෙන්නට වෙන කිසිම දෙයක් මතක් උනේ නෑ... නිතරම වගේ තමන්ව රදවගෙන හිටිය අත් දෙක තමන් වටේ තියන හින්දා ජන්කුක් නිදහසේ හිටියා.. ජන්කුක් නිදහසේ සතුටු උනා.. මොකද අනිත් වගකීම් ඔක්කොම ටේහ්‍යොන්ග් අරන් තියනකොට ජන්කුක් ඇත්තටම සතුටු උනා....
ගොඩාක් හවස් වෙලා ඉර රත්තරන් පාටට බැහැගෙන යනකොට ලොකු පොඩි විදියට තිබුනු ගල් පරයක් උඩින් දෙන්නම වාඩි උනා.. ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කර වටේට අත දා ගත්තාම ජන්කුක් ඒ උරහිසෙන් ඔලුව තියාගත්තා..උදේ උන කෑ ගැහීම් කාටවත් මතක තිබ්බේ නෑ...
"ජන්කුක්.... අතන්ට ගිහින් එමු පොඩ්ඩක්..."
සැරින් සැරේ ජන්කුක්ගේ ඇස් කැරකුනු රෝසම රෝස පාට කොට්න් කැන්ඩි තිබුනු පොඩි වාහනයක් පැත්තට අත දික් කරන ගමන් ටේහ්‍යොන්ග් ජන්කුක්ව එක්කන් ආව..
"මේවට කැමතිද..."
ටේහ්‍යොන්ග් ඇහුවම ජන්කුක් හොරාවට ඇස් උස්සලා බැලුවා...
"මේකෙන් එකක් දෙන්න..."
වොලට් එක එලියට ගන්න ගමන් කොට්න් කැන්ඩි එකක් ගත්තු ටේහ්‍යොන්ග් ඒක ජන්කුක්ට දුන්නම ඒ දිග කූර ජන්කුක් අත් දෙකෙන්ම අල්ලගත්තේ ඉස්සරහ දත් දෙකත් දාලා හිනා වෙලා... අනේ ජන්කුක් තාම පොඩි දරුවෙක්නේ මේ තරම් ලොකු වගකීමට කර ගැහුවට.. ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ඔලුව අතගාලා එහා පැත්තේ වාහනෙන් කෑම වර්ග කීපෙකුත් එක්ක බොන්න දේවල් අරන් ආයෙත් අර ගල් පරේ උඩට ආවා..
"බලාගෙන ලිස්සයි.."
ටේහ්‍යොන්ග් එහෙම කියන ගමන් ජන්කුක්ව අත් දෙක යටින් අල්ලලා උස්සලා ඉන්දෙව්වා...
"තාමත් පොඩි එකෙක් වගේ.."
ජන්කුක්ගේ කට කොනක ගෑවුනු දිය උනු කොට්න් කැන්ඩි ටිකක් ඇගිලි තුඩු වලින් අයින් කරලා ටේහ්‍යොන්ග් කිව්වම ජන්කුක් ඇස් රවුම් කරලා කොට්න් කැන්ඩි එකෙන් කෑල්ලක් කඩලා දික් කරා... කරපු ගමන් ජන්කුක්ගේ ඇගිල්ලත් එක්ක කටට දාල ටේහ්‍යොන්ග් සූප්පු කරලා ගත්තම ජන්කුක්ගේ කම්මුල් රතු උනා...
"ජන්කුක්...."
කලුවර මුහුදෙන් හුලන් හමාගෙන එනකොට , ගත්තු කෑම ඉවර කරලා ඉදගෙන ඉන්නකොට වෙරලේ හිටපු ගොඩාක් අය ඒ වෙනකොට ගිහින් තිබුනා.. ඉතුරු කීප දෙනෙකුත් කහ පාට පුන්චි බල්බ් කීපයකුත් විතරක් උනා...
ටේහ්‍යොන්ගේ වෙනස් හීනි ගැඹුරු කටහඩට ජන්කුක් හැරිලා බැලුවා.. ඒත් ජන්කුක් දැක්කේ ගල් පරේ වදිනේ වතුරෙම දනගහන් ඉන්න ටේහ්‍යොන්ග්ව.... ඒ වගේම එයාගේ අතේ තිබ්බ රතු පාට පෙට්ටිය ඇතුලේ දිලිසෙන පොඩි මුද්ද...
ජන්කුක් ඉක්මනට වතුරටම බැහැලා හිටගත්තා... මොකද ජන්කුක් පුදුම උනා...
"දුවන්න නම් එපා ප්ලීස්..."
වතුරේ ඉදන්ම ටේහ්‍යොන්ග් ජන්කුක්ට කිව්වම ජන්කුක් හිටපු විදියටම බලන් හිටියා...
"මන් දන්නවා මේ දේවල් කල් වැඩී කියලා.. අඩුම අපි හැමදේම පටන් ගත්තු විදියවත් හොද නෑ කියලා මම දන්නවා ජන්කුක්.. මට හැමදේම තේරෙනකොට වෙන්න පුලුවන් ලොකුම දේකුත් වෙලා කියන්නත් මම දන්නවා... ඒත් විශ්වාස කරන්න මාව මම ඔයාට ආදරේ කරන්න ගත්තේ අපේ පැටියා හින්දානම් නෙවෙයි.. හැමදාම වගේ ඒක ඔයාගේ හිතට වද දෙනවානම් මම ඔයාටයි ආදරේ කරන්න පටන් ගත්තේ.. අපි දෙන්නම දැන් ඉන්නේ හැරෙන්න පුලුවන් තැනකට නෙවෙයි.. මට ඉඩ දෙනවද ඔයාව හැමදාටම බලාගන්න... ඔයාගේ විශ්වාසය දිනාගන්න වෙන මොනවා කරන්නද කියලා මන් දන් නෑ ජන්කුක්.. ආදරේ ගැන මගේ ජීවිතේ අත්දැකීම් නෑ.. ඒ නිසා අනේ ප්ලීස් මට ඉඩ දෙන්න ඔයාට ලන් වෙන්න, ඔයාව අපේ පැටියව බලාගන්න.. පුන්චි පැටියට මමා වගේම ඩඩා විදියට මට ලං වෙන්න මට ඉඩ දෙන්න ජන්කුක්.. මම ඔයාට මගේ පණටත් වඩා ආදරෙයි..."
ටේහ්‍යොන්ගේ හිත රිදවන, ආදරණීය පාපොච්චාරයත් එක්ක ජන්කුක්ගේ ඇස් වලින් කදුලු කඩන් වැටුනා... ජන්කුක් දන්නවා කෑ ගැහුවාට ටේහ්‍යොන්ග් කියන්නෙ කොයි වගේ කෙනෙක්ද කියලා..ඒ නැතත් ජන්කුක් මේ ගෙවපු කාලෙට ඕනවටත් වැඩිය ඒ ආදරයට අලුත් ආදරණීය මනුස්සයව අදුරගත්තා.. මේ විදියට ඉදලා ජන්කුක්ටත් මහන්සී.. ටේහ්‍යොන්ග් ප්‍රතික්ශේප නොකරපු දරුවට ටේහ්‍යොන්ග් ආදරේ නම් ජන්කුක් කැමති ඒ අයිතිය ටේහ්‍යොන්ග්ට දෙන්න ඉතින් තවත් මොනාද ජන්කුක් හිතන්නේ... ජන්කුක් පලවෙනි වතාවට මේ මනුස්සයව විශ්වාස කරන ගමන් ටේහ්‍යොන්ග් ගාවින්ම දන ගැහුවා....
දනගහලා ටේහ්‍යොන්ගේ බෙල්ල වටේට අත් දෙක දාලා ඒ උරහිසෙන් ඔලුව තියාගත්තේ අදහාගන්න බැරි උන ටේහ්‍යොන්ග් ජන්කුක්ව අත් දෙකෙන්ම තුරුල් කරගනිද්දියි...
ටේහ්‍යොන්ගේ ටී ශර්ට් කර ජන්කුක්ගේ උනු කදුලු වලට තෙමුනත් ටේහ්‍යොන්ග් ජන්කුක්ව අත දෙකෙන්ම තද කරගෙන දෙපැත්තට හෙලවුනා...
"අහ්.. අයියෝඕඕ..."
ටේහ්‍යොන්ග් හයියෙන්ම කෑ ගැහුවම ජන්කුක් බය වෙලා පිටිපස්සට උනේ ටේහ්‍යොන්ගේ අත් දෙකම වතුරට ඔබා ගන්නකොට...
"ජන්කුක් ඔයා දන්නවද ඒ ඩයමන්ඩ් රින්ග් එක හදන්න මන් දවස් කීයක් රස්තියාදු උනාද කියලා..."
සතුටෙන් අන්ධ වෙලා ටේහ්‍යොන්ග් මුද්දත් එක්කම පෙට්ටිය මුහුදු වතුරට වට්ටන් තිබුනේ ජන්කුක් ඇස් ලොකු කරන් පුදුම වෙනකොට... දෙවියනේ ප්‍රපෝස් කරන්න මුද්දක් ගෙනාපු මනුස්සයෙක්ට මෙච්චර නොසැලකිලිමත් වෙන්න පුලුවන්ද...
අන්තිමට වතුරටම වෙලා ඇස් ලොකු කරන් හිටපු දෙන්නා මූනෙන් මූන බලන් හයියෙන් හිනා වෙන්න පටන් ගත්තේ ඇස් වලින් කදුලු එලියට පනිනකොට...
හිනා වෙලා හිනා වෙලා ජන්කුක් එක්කම වතුරෙන් නැගිට්ට ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ඉන වටේට අත් යවන ගමන් තමන් ලගට ඇදලා ගත්තා...
"ඒ දියමන්තියට වැඩිය ඔයාගේ හිනාව වටිනවා මට... මම ඔයාට ආදරෙයි මැණික...."
ජන්කුක්ගේ නලලෙන් ඒ හීනි තොල් තද කරන ගමන් ටේහ්‍යොන්ග් මිමිනුවාම ජන්කුක්ගේ හුලග නිසා ඇවිස්සුන කොන්ඩේ ටේහ්‍යොන්ගේ මූනේ වැදුනා.. ජන්කුක් ඒ සීතල හුලග ඇතුලේ උනුසුමට ඇස් පියාගත්තා...
ටික්කින් දෙන්නම වෙලර දිගේ ඇවිදගෙන ගියේ එකිනෙකාට ගොඩාක් ලන් වෙලා.. ජන්කුක්ගේ වෙහෙස පාට මූනේ අමුතු සැනසීමක් ඇදිලා තියනකොට ටේහ්‍යොන්ගේ මූනේ තෘප්තිමත් පෙනුමක් තිබුනා... පායගෙන ආපු හද එලියෙන් දෙන්නම නෑවිලා යනකොට ටේහ්‍යොන්ගේ ජන්කුක්ගේ මූන අත් දෙකෙන්ම අල්ලන ඒ තොල් වලින් පොඩි ආදරණීය හාදුවක් තිබ්බා...
"මොනවා උනත් ප්‍රපෝස් කරන්න ඇවිත් දාන්නත් කලින් මුද්ද නැති කරගත්ත එකම මනුස්සයා මන් වෙන්න ඇති..."
ටේහ්‍යොන්ග් උගුර යටින් මුමුනනකොට ටේහ්‍යොන්ගේ උරහිසකට බර වෙලා හිටිය ජන්කුක් අතින් කටවහන් හිනා උනා...
.
.
.
.
.
.
************************
___________________________Dark_Sunshiner 🤍🥀
කොහොමද ඔයාලට.....💝🌙
ආයෙ එන්න ටිකක් පරක්කු වෙයි....💫<3
Thanks for reading and comment...♥️
To be Continued...
2023/09/06
Bạn đang đọc truyện trên: AzTruyen.Top