|22|
"වාහනේ යන් ප්ලීස්..."
ගෙදරින් එලියට බැහැපු ජන්කුක්ගේ වැලමිට ගාවින් අල්ලගන්න ගමන් ටේහ්යොන්ග් කිව්වම ජන්කුක් ගෙදර ඉස්සරහා නවත්තලා තිබ්බ වාහනේ දිහා බලලා ආයේ ටේහ්යොන්ග් දිහා බැලුවා...
"ඔයාට නෙවෙයි, මගේ බබාට පයින් ගියාම අමාරුයි.. ඒ හින්දා වාහනේට නගින්න..."
අවසන් තුරුම්පුවත් ටේහ්යොන්ග් දැම්මම ජන්කුක් ගස්සන් වගේ ගිහින් වාහනේ ගාවින් හිටගත්තා...
ඔව් ජන්කුක් අවස්තාවක් දීලා තිබ්බා.. ඒ ටේහ්යොන්ග්ට එයාගේ බබාට ලන් වෙන්න , නැතුව ජන්කුක්ට ලන් වෙන්න නෙවෙයි.. එහෙම තමයි ජන්කුක් කිව්වේ...
ඉතින් අද ඩොක්ටර් හම්බෙන්න යන්න ටේහ්යොන්ග් උදෙන්ම ලෑස්ති වෙලා ජන්කුක්ගේ ගෙදරට ආවා... ටේහ්යොන්ග් එයා එපාර්ට්මන්ට් එකක් ගන්නම් කියලා කොයි තරම් ඇවිටිලි කරත් ජන්කුක් එක පාරටම යන්න කැමති උනේ නෑ..ඉතින් ටේහ්යොන්ග්ට යන්න උනා...
ටේහ්යොන්ග් ඒ එනකොටත් ජන්කුක් බාගෙට ලෑස්ති වෙන ගමන් , ටේහ්යොන්ග් දොර ගාවට එනකොට ජන්කුක් ලෑස්ති වෙලා එලියට ආවා...
ජන්කුක් පැසෙන්ජර් ශීට් එකේ වාඩි වෙලා ග්ලාස් එකෙන් එලිය බලන් ඉන්නකොට ටේහ්යොන්ග් සතුටින් ඩ්රයිව් කරා.. ටේහ්යොන්ග්ට දැනුනේ ලොකු යුද්ධයක් දින්න වගේ හැගීමක්.. ජන්කුක් තරහ කරගන්න බැරි හින්දා ටේහ්යොන්ග් එකග උනත් ටේහ්යොන්ග්ට ඕන උනේ බබාව විතරක් නෙවෙයි බබයි ජන්කුකුයි දෙන්නම.. මොකද ටේහ්යොන්ගේ හිතට ආදරේ කියන දේ දැනෙන්න පටන් ගත්තේ බබා ගැන දැනගන්න කලිනුයි..ඉතින් ටේහ්යොන්ග් ඒ විදියට ජන්කුක්ට ලං වෙන්න තීරනේ කරා...
වෙන මුකුත් ඕන නෑ අද ඩොක්ටර් හම්බෙන්න යනවා කියන එකම ජන්කුක් ටේහ්යොන්ග්ට කිව්ව එක ලොකු දෙයක් ....
ටේහ්යොන්ග් හොස්පිටල් එකේ පාකින් එකේ වාහනේ පාක් කරලා වාහනෙන් බැහැලා අනිත් පැත්තෙන් ඇවිත් දොර ඇරියා... ජන්කුක්ගේ අතිනුත් අල්ලලා බිමට බස්සගත්තු ටේහ්යොන්ග් ජන්කුක්ගේ ඔඩොක්කෙ උඩ තිබ්බ ෆයිල් එකත් අරගෙන ජන්කුක් ගාවින් හිටගත්තා...
වෙනදට හරි අපහසුවෙන් හොස්පිටල් එකට ආවත් , ලොකු ජැකට් එක්කින් ඇග කවර් කරන් ආවත් අද ජන්කුක් එහෙම ආවෙ නෑ.. ජන්කුක් ජැකට් එක ඇන්දා ඒ උනාට ගෙදරින් එනකොටම ටේහ්යොන්ග් ජන්කුක් අපහසුවෙන් ඇදන් හිටිය ලොකු ජැකට් එක ගලවලා දැම්මා... සුදු පාට ටිකක් ලොකු ටී ශර්ට් එකට පිටින් බඩ ටිකක් පේනකොට ඒක දිහා බලල හිනා උන ටේහ්යොන්ග් කරේ එයා ඇදන් හිටපු ඉස්සරහා විවර උනු බොත්තම් නැති කබාය ජන්කුක්ට අන්දපු එක... ඒක ජැකට් එක වගේ ඇගට අමාරු නොවෙනකොට ජන්කුක්ට පහසුවක් දැනුනා....
ඉතින් දැන් ජන්කුක් හොස්පිටල් එකට ඇවිදන් ගියේ එයත් එක්කම ටේහ්යොන්ග් එයා ගාවින් එනකොට... පටන් ගත්තු තැන ඉදන් නර්ස්ලත් ඒ දෙන්න දිහා බලලා ජන්කුක් දිහයි ජන්කුක්ගේ ටිකක් පෙනුනු කුස දිහයි අමුතුවට වගේ බලනකොට වෙනදා දැනෙන අපහසුතාවයම ජන්කුක්ට දැනුනා... අද මාස්ක් එකක්වත් කැප් එකක්වත් ජන්කුක් දාලා හිටපු නැති හින්දා ජන්කුක්ට ඒක ලොකුවටම දැනුනා...
ඒත් ඊලගට උන දේ හින්දා ජන්කුක්ගේ පපුව වේගෙන් ගැහුනා.. ඒ ටේහ්යොන්ග් ජන්කුක්ගේ උරහිස වටෙන් අත යවලා ජන්කුක්ව තමන්ගේ ඇගට හේත්තු කරගත්තු හින්දා...ජන්කුක් ඔලුව උස්සලා ටේහ්යොන්ග් දිහා බැලුවාම ජන්කුක්ගේ කොන්ඩේ ටිකක් අවුස්සලා හිනා උන ටේහ්යොන්ග් ජන්කුක්ව තුරුල් කරන්ම ඉස්සරහට ඇවිදගෙන ගියා...
ඒ ෆ්ලෝර් එකට ආවත් වෙනදා වගේ වේදනාත්මක හැගීමක් ජන්කුක්ට ආවෙ නෑ.. මොකද එතන හිටපු අනිත් කපල් වගේම එයාගෙ උරහිස වටෙනුත් අත දාල තුරුල් කරගත්තු කෙනෙක් ජන්කුක්ගේ එහා පැත්තෙත් හිටපු හින්දා... ජන්කුක්ට හරි අමුතුවට ඔක්කොම දැනුනා..නිකන් පිරිලා වගේ හැගීමක්...
තමන්ගේ වාරේ එනකන් වාඩි වෙලා ඉන්න එක , අතේ රිපෝට් ටික තුරුල් කරන් ඉන්න එක ඒව හරි අමුතු හැගීම්... අලුතින් ඉපදෙන්න ඉන්න පුන්චි පැටවුන්ව බලන්න අම්මයි තාත්තයි දෙන්නම ක්ලිනික් එන්නේ ඒකයි.. එයාලා කැමති ඒ දැනෙන අමුතු හැගීමට... ඒක තනියම පුටුවකට වෙලා විදපු ජන්කුක් අද තමන්ගේ එහා පැත්තේ ඉන්න ටේහ්යොන්ග් දිහා හොරෙන් බලලා ඉස්සරහා බලාගත්තා.. ජන්කුක් ආසයි, එයා පොඩි කොල්ලෙක් උනත් දැන් දැනෙන හැගීමට ජන්කුක් ආස උනා...
"අනික් දවසේ මන් ප්රයිවට් චැනල් කරන්නම්.. මෙහෙ එන්න ඕන නෑ..."
වටේ කට්ටිය ගොඩාක් ඉන්න හින්දා ටේහ්යොන්ග් එහෙම කියනකොට ජන්කුක් ඇස් දෙක රෝල් කරා.. ඇත්ත ටේහ්යොන්ග් කවද්ද මෙහෙම පෝලිමක හිටියේ, ඕන උනොත් ගෙදරටම ගෙනත් බේත් ගත්තොත් මිසක්.... ජන්කුක් වගේම ටේහ්යොනුත් එකිනෙකට වෙනස් අලුත් අත්දැකීම් ලබන ගමන් හිටියා... පුරුදු නැති කලින් විදලා නැති....
"එහෙම බෑ... මෙහෙම තමයි හොද..."
ජන්කුක් නපුරුවට කිව්වට ටේහ්යොන්ග් මෙච්චර වෙලා පාතට දාන හිටපු අත ජන්කුක්ගේ උරහිස වටේ දාලා ලගට ගත්තා...
"ඒත් මෙයා තව චුට්ටක් ලොකු වෙනකොට මෙහෙ එන්න අමාරු වෙනවනේ.. මට ඕන නෑ කවුරුත් ඔයා දිහා අමුතුවට බලනවට.. මට උන්ගේ බෙලි ගලවන්න හිතෙනවා..."
ආදරෙන් ජන්කුක්ගේ බන්ඩියටත් තට්ටුවක් දාලා අන්තිමට මුමුනපු දේටනම් ජන්කුක් ඇස් දෙකත් ලොකු කරලා අතෙන් කට වහ ගත්තා...
"මොනවද ඔය කියන්නේ... "
ජන්කුක් රවලා ඇහුවම ටේහ්යොන්ග් එක පාරට මතක් වෙලා වගේ කට වහ ගත්තා...
"සොරි..සොරි...ඒත් මන් ඇත්ත තමයි කිව්වේ... මට සෙල්ලම් කර කර ඉන්න ඕන නෑ..."
ටේහ්යොන්ග්ට කොච්චර කිව්වත් වැඩක් නැති හින්දා ජන්කුක් ඔලුව දෙපැත්තට හොලවලා අහක බලාගත්තා... ටික්කින් ජන්කුක්ගේ වාරේ ආවම ටේහ්යොන්ග් ජන්කුක්ගේ අතකින් අල්ලගෙන නැගිටලා දොර ගාවට ගියා... ජන්කුක් එයා වෙතට එල්ල වුනු ඇස් ගනන් නොගෙන ටේහ්යොන්ග් එක්ක ඇතුලට ගියා...
ජන්කුක් ටේහ්යොන්ග් දෙන්නවම සුහද විදියට ටිකක් වයසක ඩොක්ටර් කෙනෙක් පිලිගත්තම ටේහ්යොන්ග් රිපෝට් ටික ඔක්කොම පෙන්නුවා....ඩොක්ටර් පුදුම බවක් පෙන්නුවේ නැති එක ටේහ්යොන්ගේ හිතට සහනයක් වෙනකොට ඩොක්ටර් කතා කරා...
"එතකොට මේ තමයි ඔයාගේ හස්බන්ඩ්... මම හිතුවේ එයා නැහැයි කියලා එදා කියපු විදියට..."
ඩොක්ටර් හිනා වෙලා ජන්කුක්ගෙන් ඇහුවම ජන්කුක් ඩොක්ටර් එක්ක හිනා උනා.. ටේහ්යොන්ගේ හදවත ඇතුලෙන්ම ගිනි ගත්තා... ජන්කුක් මෙතන මොන තරම් අසරන වෙන්න ඇතිද කියලා මතක් වෙනකොට ටේහ්යොන්ග් ජන්කුක්ගේ අත මිරිකගත්තා..
"මිස්ටර්, ඔයා ගොඩාක් වාසනාවන්තයි... සීයට එකකටවත් ලැබෙන් නැති දුර්ලබ අවස්තාවක් මේක... ඒ අතින් බැලුවාම ටිකක් අසාමන්ය උනත් තමන්ගෙම දරුවෙක් ලැබෙන්න ඔය දෙන්නම ගොඩාක් වාසනාවන්තයි..."
ඩොක්ටර් එහෙම කියනකොට ටේහ්යොන්ග් තමන්ගේ අත අතරේ තද උන ජන්කුක්ගේ අත තව තදින් මිරිකගන්න ගමන් හිටියා.. ටේහ්යොන්ග්ට දැනුනා සතුට.. ටේහ්යොන්ග් බලාපොරොත්තු උන ජීවිතේ මේක නෙවෙයි, එයාත් ජීවිතේ පටන් ගන්න හිටියේ මෙහෙම නෙවෙයි.. ඒත් ටේහ්යොන්ග්ට සතුටු හිතුනා.. පලවෙනි වතාවට තමන් තාත්තා කෙනෙක් වෙන එක ගැන ආඩම්බර වෙනකොට ටේහ්යොන්ගේ මූන එක එක හැගීම් වලින් පිරිලා ගියා....
ඩොක්ටර් කතා කරනකොට ජන්කුක්ටත් වැඩිය අවධානෙන් ඒ දේවල අහ්න් හිටියේ ටේහ්යොන්ග්... ජන්කුක්ට හරි සැනසීමක් වගේ දෙයක් දැනුනා, වගකීමක් තනියම කරට ගන්නවට වැඩිය තවත් කෙනෙක් ළඟ ඉන්න එක මොන තරම් නම් සහනයක්ද කියලා ජන්කුක්ට දැනුනා...
ජන්කුක්ව ඇදේ දිගා කරවලා ජෙල් එක ගානකොට ටේහ්යොන්ග් ඇද ගාවටම වෙලා හිටගෙන බයෙන් වගේ ජන්කුක්ගේ අත අල්ලගෙනම හිටියා... පලවෙනි පාරට එතකොට තමයි ටේහ්යොන්ග් පිම්බිලා තියන ජන්කුක්ගේ බඩ දැක්කේ... ජන්කුක් පෙන්නුවේ නෑ ටේහ්යොන්ග් ඇහුවෙත් නෑ.. ඉතින් දැන් තමයි ටේහ්යොන්ග් ඒක දැක්කේ ..මොන තරම් නුහුරු දේවල්ද හැමදේම , ජන්කුක්ටත් වැඩිය ටේහ්යොන්ග් බය වෙලා ඉන්නවා කියලා දාඩිය දාලා තියන ටේහ්යොන්ගේ අතින්ම ජන්කුක්ට දැනෙනකොට ජන්කුක්ට ටේහ්යොන්ග් ගැන දුක හිතුනා... සැපවත් ජීවිතයක් ගත කරපු ටේහ්යොන්ග්ට මේ ඔක්කොම අලුත් කියලා ජන්කුක් දන්නවා.. ජන්කුක් තමන්ගේ අතින්ම ටේහ්යොන්ගේ අත ඇද්දම ටේහ්යොන්ග් ඉක්මනට ජන්කුක් දිහා උවමනාවක්ද වගේ බැලුවා... ජන්කුක් ඇස් වලින් කලබල වෙන්න එපා කියනකොට ටේහ්යොන්ග් ඔලුව හොලවන ගමන් ආයෙත් ඉස්සරහා බැලුවේ ජන්කුක්ගේ ඔලුවත් අතගාලයි...
ස්ක්රීන් එකෙන් පේන නොපෙනෙන පොඩි රූපේ පේනකොට ටේහ්යොන්ගේ ඇස් වලින් කදුලු බේරිලා කම්මුල් දිගේ ගලන් ගියා... මේක තමයි හැගීම, ඉස්ඉස්සෙල්ලම දැනෙන හැගීම මේක තමයි.. ජන්කුක් ලා හිනාවක් මූනේ තියන් බලන් ඉන්නකොට වචනයක් නොකියා ටේහ්යොන්ග් කදුලු පෙරන ගමන් ස්ක්රීන් එක දිහා බලන් හිටියා...
අවසානේ බඩේ ගාපු ජෙල් එක ටේහ්යොන්ග්ම පිහිදනකොට ජන්කුක් මුකුත් කිව්වේ නෑ.. ජන්කුක් දැක්කා ටේහ්යොන්ගේ දරදඩු ඇස් වලින් මෙලෙක් වෙලා ගලපු කදුලු..ඕනම රළු මනුස්සයෙක් මේ හැගීම ඉස්සරහා දිය වෙනවා... බඩේ ජෙල් එක පිහලා ජන්කුක්ගේ අවසරෙන් තොරව ඒ බඩ අල්ලන්න බැරි වෙනකොට ටේහ්යොන්ග් එහාට වෙනකොට ජන්කුක් ප්රාර්තනා කරා කවදා හරි පුන්චි පැටියා එලියට එන දවසට ටේහ්යොන්ගේ ආදරේ ඒ පුන්චි පැටියට ලැබෙන්න කියලා.. එදාටත් ටේහ්යොන්ග්ට මේ වගේම ඉන්න ලැබෙන්න කියලා ජන්කුක් ප්රාර්තනා කරා....!
.
.
.
.
.
එලියට ආපු වෙලේ ඉදන්නම් ජන්කුක්ට ඇත්තමයි එපා වෙලා හිටියේ... මොකද ටේහ්යොන්ග් වීදුරු බඩුවක් අරගෙන යන ගානට ජන්කුක්ව අරන් යනකොට ජන්කුක්ගෙන් හොද රැවුම් දෙක තුනකුත් කන්න උනා.. ඒත් ටේහ්යොන්ග් නෙවෙයි අතෑරියේ... මොකද යන්තමට ගැහෙන රූපේ දැක්ක වෙලේ ඉදන් ටේහ්යොන්ග් ඕවර් ප්රොටෙක්ටිව් වෙලා තිබ්බේ ජන්කුක්ගේ කොන්දන් රිදෙන්න ගන්නකොට...
"ආආආර්හ්...."
"ඇයි..ඇයි කොහෙ හරි රිදෙනවද..අමාරුද.. ආයෙත් යමුද..."
අන්තිමට පාකින් එකට ආවට පස්සේ ජන්කුක් ටේහ්යොන්ගේ අත ගසලා මහ හයියෙන් කෑ ගැහුවාම ටේහ්යොන්ග් ටක් ගාල ආයෙත් අත අල්ලන් ප්රශ්න කෝටියක් අහන් ගියේ ජන්කුක්ට වාහනේම ඔලුව ගහගන්න හිතෙනකොට...
"මේ... ඔහොම හැසිරෙන්න එපා.. ඒක මහ අමුතුයි..."
"මොහ්..මොකක්ද අමුතු..ඔයා හෙලවෙන්න එපා..."
ජන්කුක් කීව එක ගානකට ගන්නේ නැතුව ඉස්සරහට ටිකක් නැවුන ජන්කුක්ව කෙලින් කරලා ටේහ්යොන්ග් කිව්වම ජන්කුක් ඇස් දෙක හීනි කරලා රැව්වා... ටේහ්යොන්ග් හිතන් ඉන්නේ ජන්කුක් හෙලවුනාම පැටියත් හෙල්ලෙනවා කියලා... ජන්කුක්ට ඕක ටේහ්යොන්ග්ට තේරුම් කරන්න හම්බෙන් නෑ..
"මොකද මනුස්සයෝ වෙලා තියෙන්නේ.. එහෙම කෙලින් ඉන්න බෑ.. මගේ කොන්දත් රිදෙනවා..."
"අහ්..ඒනම් අපි ඒකටත් බෙහෙත් ටිකක් අරන් යමු..."
ජන්කුක් අත් දෙකෙන්ම නලල මිරිකගත්තේ දත්මිටි ටික කාගෙන..
අර නපුරු ටේහ්යොන්ග් මේ හැටි බොලද වෙලා තියෙන්නේ මොකද කියලයි ජන්කුක් කල්පනා කරේ..
"මන් එක්කො තනියම යනවා , නැත්නම් එක්ක යන්න.."
ජන්කුක් ගැස්සුවාම ටේහ්යොන්ග් ඉක්මනට දොර ඇරලා ජන්කුක්ව නැග්ගුවා...
ටික්කින් දෙන්නම ආවෙ ටවුන් එකට... ඇවිත් ටිකක් ලොකු සෙන්ටර් එකක් ගාවින් වාහනේ නතර කරපු ටේහ්යොන්ග් එහා පැත්තෙන් ඇවිත් ජන්කුක්ව බස්සගත්තා...
"කොහෙද මේ යන්නේ..."
ජන්කුක් හෙමින් ඇහුවේ ආයෙත් තමන්ට අන්දපු ටේහ්යොන්ගේ කබායෙන් ඉස්සරහා වහගන්න ගමනුයි...වැහි කාලගුනෙත් එක්ක හුලන් සැරට හමනකොට ජන්කුක්ට ආයෙත් හචිමක් ගියා...
ටේහ්යොන්ග් පිටිපස්සේ දොර අරින ගමන් නිල පාට ස්කාෆ් එකක් අරන් ජන්කුක්ගේ බෙල්ල වටේ එතුවේ ජන්කුක් ආයෙත් කට ඇරලා හචිම යවන්න හදන ගමන් නහය රතු කරගන්නකොට..
"එලිය සීතලයි.. ඇතුලට යන්..."
ජන්කුක්ගේ අතක් අල්ලගන්න ගමන් වාහනේ ලොක් කරලා ටේහ්යොන්ග් ඇතුලට ඇවිදගෙන ගියා... ජන්කුක් සාමන්යෙන් මේ වගේ ලක්සිරි තැන් වලට එන් නැති හින්දා ටේහ්යොන්ග් ගාවටම ලන් උනාම ජන්කුක්ව තේරුම් ගත්තු ටේහ්යොන්ග් ආයෙත් උරහිස වටේ අත දාලා ජන්කුක්ව ලන් කරගත්තා... ජන්කුක්ගේ එහෙට මෙහෙට විසිරුනු කොන්ඩේ ටේහ්යොන්ග් ඇවිස්සුවාම කොන්ඩෙ කෑලි නලල මැදිනුත් ඉස්සරහට වැටුනා...
පෝන් තිබුනු ස්ටෝර් එක්කට ආපු ටේහ්යොන්ග් ලේටස්ම පෝන් එකක් අරන් සිම් අරවා මේවා දාලා හදාගන්නකොට ටේහ්යොන්ග් පැත්තකින්ම හිටගෙන ජන්කුක් වටේටම ඇස් යැව්වා... පෝන් එකක්නම් ජන්කුක්ට හීනයක්.. එයාගේ පඩියත් එක්ක පෝන් එකක් ගන්න තියා හිතන්නත් ජන්කුක්ට බැරි උනා...
අන්තිමට ඒ වැඩ ටික ඉවර කරපු ටේහ්යොන්ග් එතනින් එලියට ඇවිත් ජන්කුක්ව ලගට තද කරගන්න ගමන්ම අලුත් ෆෝන් එකෙන් සෙල්ෆියක් ගැහුවේ එක පාරට වෙච්ච දේ හින්දා ජන්කුක් නම් ඇස් ලොකු කරන් ස්ක්රීන් එක දිහා බලනකොට... එයාලගේ පලවෙනි ෆොටෝ එක වගේම ජන්කුක්ගේ අලුත් පෝන් එක.. ඒක පට පට ගාල වෝල්පේපර් එකට දාන ගමන් පෝන් එක ජන්කුක්ගේ අතින් තිබ්බම ජන්කුක් ඇස් ලොකු කරන් පුදුමෙන් ටේහ්යොන්ග් දිහා බැලුවා...
"ඔයාට..."
ජන්කුක් ආයෙත් පුදුම උනා.. පෝන් එකක් ඒකත් එච්චර වටින එකක්.. හරියට ටේහ්යොන්ග් ගාව තිබ්බ පෝන් එකේම වෙනස් පාටක්...
"ම..මට එපා.. මෙ.මෙච්චර වටින දෙයක්....."
"ශ්..ශ්... ඔයා තරම් නෑ...'
ජන්කුක්ගේ නහයට තට්ටුවක් දාල ටේහ්යොන්ග් කිව්වම ජන්කුක් පෝන් එක හරවලා බැලුවා...
" ඕක නැති කරගන්න එපා.. මගේ නම්බර එක සේව් කරලා තියනවා කෝල් එකක් දෙන්න..ක්හ්ම්.. මන් කිව්වේ හදිසියක් උනොත්වත් කෝල් එකක්ගන්න එපැයි..."
අන්තිම ටික උගුර පොඩ්ඩක් පාදලා ටේහ්යොන්ග් කිව්වේ ජන්කුක් අමුතු විදියට කෝල් දෙන්න කියනකොට බලපු හින්දා...
"තැ..තැන්ක්යු..."
ජන්කුක්ට බාර නොගෙන බැරි වෙන විදියට ටේහ්යොන්ග් ඒක අරන් ජන්කුක්ගේ සාක්කුවට දැම්මම ජන්කුක් හෙමින් කිව්වා...
"මම දෙන දේවල් වලට තැන්ක්යූ කියන්න එපා.. ඒවා එහෙම කරන දේවල් නෙවෙයි..අපි කන්න යමු... බඩගිනි උදේ ඉදන් මුකුත් කෑවෙ නෑ.."
"එ..එපා.. ම..මට මුකුත්..."
"ඔයාට එපා උනාට මෙයාට ඕනනේ... එන්න යන්න..."
බන්ඩියට ඇගිල්ල දික් කරල ටේහ්යොන්ග් ජන්කුක්වත් ඇදන්ම ලිෆ්ට් එකට නැග්ගා...
අන්තිමට ටේහ්යොන්ගේ බල කිරීමට කන්න ගිහින් ටේහ්යොන්ග් කෑවත් ජන්කුක්ට කන්න බැරි උනා... අන්තිමට වොශ් රූම් එකට ගිහින් කාපු ඔක්කොම ජන්කුක් වමනේ දැම්මම ටේහ්යොන්ග් ඒ කට වතුරෙන් පිහලා ජන්කුක්වත් එක්කන් එන්න ආවා...
ජන්කුක්ගේ තෙහෙට්ටු මූනත් එක්ක වාහනේ එන ගමන්ම ජන්කුක්ට නින්ද යනකොට ඒ දිහා ආදරෙන් බැලුව ටේහ්යොන්ග් ගෙදරින් වාහනේ නතර කරලා වාහනෙන් බැහැලා ගිහින් දොර ඇරලා ආයෙත් ඇවිත් ජන්කුක්ව අත් දෙකට අරන් පරිස්සමට ඇතුලට ගියා...
හෙමින් ගිහින් ජන්කුක්ව ඇදෙන් තියලා දාන් හිටපු සපත්තු දෙක ගලවලා ඉවර උන ටේහ්යොන්ග් ජන්කුක්ගේ පිට යටින් පරිස්සමට උස්සලා ලොකු කබාය ගලවලා දාලා ආයෙත් ජන්කුක්ව හාන්සි කරා... යාන්තම් උඩට ඉස්සිලා තිබ්බ ටී ශර්ට් එක අතරින් පේන පිම්බුනු කිරි සුදු පාට බඩ දැක්කම ටේහ්යොන්ග් ඇද පාමුල දන ගැහුවා...
ඒත් අත තියන්න හදලත් ආයෙත් අත ගන්නකොට ටේහ්යොන්ගේ මැනික් කටුව ගාවින් අල්ලගත්තු පොඩි අතකින් අත නැවතිලා තිබ්බා... ටේහ්යොන්ග් කලබලෙන් ඔලුව උස්සලා බැලුවේ ඇස් ඇරන් හිටපු ජන්කුක් දිහා...
ජන්කුක්ට ඇහැරුනේ ටේහ්යොන්ග් කබාය ගලවන්න එයාව උස්සනකොටමයි..
ටේහ්යොන්ගේ අත අරන් ටී ශර්ට් එක පොඩ්ඩක් උස්සලා තමන්ගේ කුස මතින් ඒ අත තියාගන්නකොට නම් ටේහ්යොන්ගේ හදවත එලියට ඇහෙන තරම් සද්දෙන් ගැහුනා...
"එයාට කතා කරන්න...."
.
.
.
.
.
.
.
*********************
___________________________Dark_Sunshiner 🤍🥀
ජන්කුක්...💙💫
ම්හුක්... හ්යුන්බින් කෝ...😪
Thanks for reading and comment...♥️
To be Continued...
2023/08/28
Bạn đang đọc truyện trên: AzTruyen.Top