|18|

ඇවිදගෙන ඇවිදගෙන ඉස්සරහට ගිය ජන්කුක් යාන්තම් ඇස් කොනින් පිටිපස්ස බලා ආපහු ඇඉදන් ගියා...වෙනදා වගේ නම් නෙවෙයි මහා රෑ වෙලා තිබුනත්, පාලු පාර උනත් ජන්කුක් බයෙන් නෙවෙයි ඇඉදන් ගියේ... වෙනදා වගේම කැප් කාරයෙක් එයාගේ පස්සෙන් ඇවිදන් එනවා කියලා ජන්කුක් දන්නවා....

එදා ඉදන් දවස් සති ගෙවිලා යනකොට කවදාවත් ආයෙත් ජන්කුක් එක්ක ටේහ්‍යොන්ග් කතා කරන්න නොආවත් දිගටම රෑට ජන්කුක්ගේ පස්සෙන් ඇවිදන් ආවා... ජන්කුක්ට මුල් දවස් ටිකේ නම් ඒක හිස රදයක් වෙන තරමට කරදරයක් උනත් පස්සේ පස්සේ ඒක පුරුදු උනා... ජන්කුක් කිසි දවසක ඇස් කොනින් බැලුවත් කතා කරන්න නම් නිකමටවත් උත්සාහා කරේ නෑ.. ඒ උනාට ටේහ්‍යොන්ග්ට එදා කෑ ගැහුවත් ජන්කුක් එදා වගේම අදත් එයාව ආරක්ශා කරනවා කියන්න ජන්කුක්ට තේරුනා.. එහෙම බැලුවට ජන්කුක්ට කරදරයක් කරන්න පුලුවන් ටේහ්‍යොන්ග්ට විතරයි.... ඒත් ජන්කුක්ට ටේහ්‍යොන්ගෙන් එහෙම දෙයක්වත්, මුකුත්වත් ඕන උනේ නෑ... හරියටම බැලුවොත් ජන්කුක් කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු උනේ නෑ..ඉතින් ටේහ්‍යොන්ග් කියන්නෙත් ජන්කුක්ට ඈතින් තියන දෙයක් විතරයි....

දැන් දැන් ජන්කුක් එයාගේ පුන්චි පැටියාට කතා කරනවා... දවසම මහන්සි වෙලා ඇවිත් කෑම ගන්නකොට ඒ පොඩ්ඩත් ප්‍රතික්ශේප කරත් ජන්කුක්ට තරහක් ඇති උනේ නෑ... මොකද රෙස්ටොරන්ට් එකේ නූනලාගෙන් ජන්කුක් පෙග්නන්සි එක ගැන ඕන තරම් විස්තර අහලා තිබ්බා... ඒ කිසි කෙනෙක් ජන්කුක්ගේ තත්වේ දැනන් හිටියේ නෑ... තාමත් වැඩිය නෙරලා නැති පුන්චි බංඩිය හින්දයි ජන්කුක් අදින ඇගට වඩා විසාල ඇදුම් හින්දයි ජන්කුක්ට ඒක හන්ගන්න ලේසි උනා...

ඒත් තවත් ටික දවසකින් ඒ කිසි  දෙයක් හන්ගන්න බෑ කියලා දන්නවාකොට ජන්කුක් පුලුවන් තරම් සල්ලි හොයාගන්නයි හැදුවේ...හරියට ජන්කුක් ජීවිතේ තනියම උත්සාහා කරන ගමන් හිටියා...

ජන්කුක් දැන් දෙතුන් වතාවක්ම ඇස් කොනින් බැලුවත් වෙනදාට දකින කලු ඇදගත්තු රූපේ පේන්න නැති උනාම ජන්කුක් නොදැනුවත්වම උනත් ඒ රූපේ ජන්කුක් හෙව්වා... මෙච්චර වෙලා ජන්කුක් හිතන් හිටියේ ටේහ්‍යොන්ග් පස්සෙන් එනවා කියලා උනත් ටේහ්‍යොන්ග් තියා එක සතෙක්වත් පාරේ නැති වෙනකොට ජන්කුක් එතනම නතර වෙලා හතර වාටේට ඔලුව හරව හරව බැලුවා....

"අහ්..අද නෑ වගේ..."

තමන්ටම මුමුනගත්තු ජන්කුක් අතේ තිබ්බ කොෆී කප් එකේ බටේ කටට ගහගත්තා... කිසිම දෙයක් කන්න බැරි උනාට මොකද ජන්කුක්ට කෝපි නම් බොන්න පුලුවන් උනා... ඒ හින්දා පුරුද්දකට වගේ එච්චර හොද නැති උනත් රෑට රෙස්ටොරන්ට් එකෙන් කොෆී කප් එකක් අරන් බි බී එන්න ජන්කුක් පුරුදු වෙලා තිබුනා...

හැබැයි වැඩි දුර එන්න හම්බුන් නෑ ජන්කුක් හිටපු තැනම ගැස්සිලා නතර උනේ කලු ඇදගත්තු කවුරු හරි ඉස්සරහා ඉන්නවා දැක්ක හින්දා.... බාගෙන කැඩිලා තිබ්බ බල්බ් වලට පින් සිද්ධ වෙන්න ඒ පාරේ කිසි දෙයක් හරියට පෙනුනේ නෑ..

"ක..කවුද...."

කවුද කියලා ඇහුවත් තමන් ගාවට ලන් වෙනකොට ජන්කුක් කවුද කියලා අදුරගත්තා... ඒ ආපු සුවද හින්දාම ජන්කුක් ඒ ටේහ්‍යොන්ග් කියලා අදුරගත්තා.. මාස ගානක් ටේහ්‍යොන්ගේ ඇදුම් හදපු ,ඒ ටේහ්‍යොන්ගේ වැඩ කරපු, ඒ ඇගට යට උනු ජන්කුක් කොහොමද ඒ සුවද අදුරනොගන්නේ...

"මාවද හෙව්වේ...."

ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කනට කරලා ඇහුවාම ජන්කුක් අත් දෙකෙන්ම කප් එක තද කරගත්තා...

"ක..කවුද.. ම..මන්...."

ජන්කුක් ඇහුවා නෙවෙයි ඇහුනා... ජන්කුක් සක බබරේ වගේ පාර මැද කැරකෙනවා ටේහ්‍යොන්ග් ඉස්සරහාට වෙලා බලන් හිටියේ...

"නැත්නම්.. හැමදාම පිටිපස්සෙන් නෙවෙයි,, ඉස්සරහිනුත් මට ඉන්න පුලුවන්නේ....."

ටේහ්‍යොන්ග් එහෙම හෙමින් කිව්වත් ජන්කුක් නම් වැරදිලාවත් ඒවට ප්‍රතිචාරයක් දුන්නෙ නෑ... ජන්කුක්ට ටේහ්‍යොන්ග්ව එපා උනත් ජන්කුක් ටේහ්‍යොන්ග් එයා වටේ ඉන්නවට නිරායාසයෙන්ම ප්‍රතිචාර දක්වලා තිබ්බා.. ඒකනේ අද නැති වෙනකොට හෙව්වේ.. ඒකමයි ටේහ්‍යොන්ග්ටත් දැනගන්න ඕන උනේ... ජන්කුක්ට තමන්ව නිකමට හරි මතක් වෙනවද, ඒ අවධානේ නිකමට හරි තමන් පැත්තට තියනවද දැනගන්න ..ඉතින් ටේහ්‍යොන්ග් ඒක අද දැනගත්තා....

"දැන් කොච්චර දවසක්ද ජන්කුක්.. මට ඕන ඔයා එක්ක........

ඒක කියලා ඉවරකරන්න හම්බුන් නෑ ජන්කුක් ටේහ්‍යොන්ග්වත් තල්ලු කරන් ඉස්සරහට ඇවිදගෙන ගියා..ඒත් දිව්වේ නෑ.. මොකද මාස දෙකක් විතර වෙනකොට ජන්කුක් බය උනා තමන් හයියෙන් හුස්මක් ගත්තත් ඒ පුන්චි පැටියාට රිදෙයි කියලා....

"ජන්කුක් ප්ලීස් මන් කියන දේ අහන්න...."

ඒ සැනින් හැරිලා ජන්කුක් ගාවට දුවන් ඇවිත් ඒ වේගෙන්ම ඇවිදින ගමන් ටේහ්‍යොන්ග් කතා කරා...

"අනේ කරුනාකරලා මට මගේ පාඩුවේ ඉන්න දෙන්න මහත්තයා...."

ජන්කුක් දවස් ගානට පස්සේ කෙලින්ම නැවතිලා ටේහ්‍යොන්ග් දිහාට හැරිලා කතා කරා....

"මේ අහන්න ජන්කුක්... මට ඕන....ඉන්න මොකද ඔච්චර හති ඔයාට , අසනීපයක්ද...."

කියන්න ගිය එක නවත්තලා ලා පාට ලයිට් එලියෙන් පේන ජන්කුක්ගේ රතු උන මූන දිහා බලන ගමන් ටේහ්‍යොන්ග් ඇහුවේ ජන්කුක් හයියෙන් හයියෙන් හුස්ම ගන්නකොට....

ටේහ්‍යොන්ග් දිහා රවලා බලපු ජන්කුක් ආයෙත් විනාඩියක් නොයිද ඉස්සරහට ඇවිදගෙන ආවා... ජන්කුක්ට බය හිතුන් නෑ..එදා වගේ ජන්කුක්ට බය හිතුන් නෑ ටේහ්‍යොන්ග්ට... මොකද ජන්කුක් ටේහ්‍යොන්ග් ගැන දැනන් හිටපු විදියට ටේහ්‍යොන්ග් ජන්කුක්ට කරදරයක් කරනවා නම් මෙලහකට ඒක කරලා.. ඒත් එහෙම දෙයක් උන් නෑ..ඉතින් ජන්කුක් බය උනේ නෑ ටේහ්‍යොන්ග්... ජන්කුක් වේගෙන් ඇවිත් බාගෙට කැඩුනු ගේට්ටු පියන් දෙක අතරින් ඇවිදන් ගිහින් ගෙදර දොර ඇරලා ඇතුලට ගිහින් තදින් වහලා දැම්මා...

එක පාරක් වෙලාව දුන්නම වෙන වෙන මගුල් අහන ටේහ්‍යොන්ග් ගැන ජන්කුක්ට හරි කේන්ති ගිහින් හිටියේ.... ඉතින් ජන්කුක් ගස්සන් ආවේ තාමත් ටේහ්‍යොන්ග් පාර මැද නැවතිලා ජන්කුක්ගේ ගෙදර දිහා බලන් ඉන්නකොට ...

ජන්කුක් බාගෙට වැහුනු ජනෙත් තිරේ අස්සෙන් එලියට පේන් නැති වෙන්න එබිලා බැලුවා.... ජන්කුක් ගෙදරට ඇවිත් පැය බාගයක් ගෙවිලා තිබුනත් කකුලක් නවාගෙන ඉස්සරහා තාප්පෙට හේත්තු වෙලා ටේහ්‍යොන්ග් හිටන් හිටියා.... ඒ තොල් අතරින් පිට උන දුම් වලාව අඩ අදුරේ උනත් ජන්කුක්ට පෙනුනා... ජන්කුක් ගස්සගෙන ගිහින් ඇදෙන් ඉදගත්තා....

ටේහ්‍යොන්ග් තාමත් එතනමයි... ඔහ්.. ජන්කුක්ට කවදා ඉදන්ද මේ තරම් තරහ යන්න පටන් ගත්තේ......

.

.

.

.

.

ජන්කුක් උදේ නැගිට්ටේ වෙනදාට වඩා ටිකක් පරක්කු වෙලා... ඇදේ දිගා වෙලාම එහාට මෙහාට ඇස් හැරෙව්ව ජන්කුක් ජනෙල් තිර අතරින් පෙරිලා එන ඉර එලියට මූන ඇල්ලුවා...

"ගුඩ් මෝනින් චූටි මැනික.... ඔයාට බඩගිනිද...."

ඇදේ ඉදන්ම ටී ශර්ට් එක අස්සට අත දාලා බඩ අතගාන ගමන් ජන්කුක් හෙමින් මිමිනුවා...

"ඔයාට අද මොනාද කන්න පුලුවන්... අදත් ඔක්කොම එලියට දාන්න නම් එපා හොදද.. අද අපි ඩොක්ටර් අන්කල් හම්බෙන්න යන්න එපැයි...."

හරි ආදරෙන් හෙමින් හෙමින් මුමුනපු ජන්කුක්ගේ මූනට පුන්චි හිනාවක් ආවා.... ජන්කුක් හෙමින් නැගිටලා ගිහින් කන්නාඩිය ඉස්සරහින් හිටගෙන තමන් දිහාම බලන් හිටියා... ඒ ඇස් වටේ කලු වෙලා තිබ්බත් මූනට වැටුනු කොන්ඩ කෑලි හින්දා ඒ ඇස් වැහිලා ගිහින් තිබ්බා... මේ කාලේ ඇතුලත මොන තරම්නම් දේවල් උනාද... ටී ශර්ට් එක උස්සලා පැත්තට හැරිලා බඩ දිහා බලපු ජන්කුක් චූටිම චූටි බේබි බම්ප් එක උඩින් අත තියලා අතගෑවා...

"මට ජීවත් වෙන්න ඉන්න එකම බලාපොරොත්තුව ඔයයි පැටියෝ...යන්නෙ කෝමද කියලාවත් නොදැන ඔයත් මාව නම් දාලා යන්න එපා...."

ජන්කුක් හෙමින් හෙමින් මූන හෝදන් පුන්චි කිචන් එකට ඇවිත් කිරි බෝතලේ ගත්තා.... කිරි එක රත් කරලා බොන්න අප්පිරියා හින්දාම ඒකටම කෝපි කුඩු ටික්කුත් දාලා රත් කරපු ජන්කුක් ලාවට නිමාගෙනම කිරි එක බිව්වා... ජන්කුක් දෙවියන්ට පින් දුන්නා ආයෙත් ඒ ටික ආපිට වමනේ ගියේ නැති එක ගැන... නැත්නම් ජන්කුක්ට අද දවසත් බඩගින්නෙ ඉන්න වෙන්න තිබ්බා....

ලොකු සුදු පාට ටී ශර්ට් එක්කුත් එක්ක ඇදුම් මාරු කරගත්තු ජන්කුක් රිපෝට් ටික දාපු ෆයිල් එකත් බෑග් එකට දාගෙන දොර වහන් එලියට බැස්සා.. ජන්කුක් කවදාවත් උදේට ටේහ්‍යොන්ග් එයා පස්සෙන් එනවා දැකලා නැති හන්දා ජන්කුක් බය නැතුව පාරට බැහැලා ආවා....

ටික වෙලාවකින් හොස්පිටල් එකට ආපු ජන්කුක් හොස්පිටල් එක ඇතුලට ගිහින් බෑග් එකෙන් රිපෝට් ටිකයි පොතයි අරන් මාක්ස් එක්කුත් අරන් දාගත්තා.... ඒ අදාල ක්ලිනික් එක තිබ්බ ෆ්ලෝර් එකට ආපු ජන්කුක් හෙමින් ඉස්සරහට ඇවිදන් ගිහින් කොනකම තිබ්බ පුටුවක වැඩිය කාගෙවත් අවදානයට අහු නොවී ඉදගත්තා... ඒ මුලු ෆ්ලෝ එකම පිරිලා හිටියේ කපල් වලින්.... අලුතින් ප්‍රෙග්නන්ට් උන ගොඩාක් අය එතන හිටියා වගේම ඒ ඔක්කොම තමන්ගේ හස්බන්ඩ් එක්ක ඇවිත් තිබ්බ... හස්බන් , වයිෆ් තියා ඔම්මා අප්පාවත් නැති ජන්කුක් ඒ ගැන හිතන්න උත්සාහ නොකර තමන්ගේ හිතින්ම චූටි පැටියා එක්ක කතා කරා.. සමහර වෙලාවට පාලුව තනිකම නැතුව නෙවෙයි ජන්කුක්ට බලාපොරොත්තුවක් තිබ්බෙ නෑ...

ජන්කුක් හිතන් හිටියේ මැන්ශන් එකෙන් ගැලවිලා තවත් ඉස්සරහට ඉගනගන්න ඒ වගේම තමන්ට මතක නැති උනත් තමන්ගේ පුන්චි ඩයරියේ චූටි අකුරු වලින් ලියලා තිබ්බ හීනේ හැබෑ කරගන්න.. ඒත් නොහිතුව විදියට අද ජන්කුක් චූටි පැටියෙකුත් එක්ක තනි වෙලා තිබ්බා...

"අපිට තනි නෑනේ මැනික...මමා චූටි බබා ගාව ඉන්නවනේ..."

ජන්කුක් හෙමින් හෙමින් මිමිනුවා.... වතුර ටික්කුත් බීලා ජන්කුක් තමන්ගේ වාරේ ආවම අනිත් වටේ හිටිය කට්ටියගේ අපහසුකාරී බැල්ම මගෑරලා ඇතුලට ගියා.... හරි නම් කෙනෙක්ගේ රැකවරනය ඕනම වෙලාව මේක වෙන්න ඇති....

.

.

.

.

කිසි කරදරය නැතුව බබා හොදින් හැදෙනවා ඒත් කෑම වගේම ඇගට ශක්තිම මදි කියලා ඩොක්ටර් කිව්වා.... ඒ මොනා උනත් චූටි මැනික හොදින් කිව්ව සතුටින්ම ජන්කුක් හොස්පිටල් එකෙන් එලියට ආවා...උන කරදරත් එක්ක එයා ජන්කුක්ව දාලා නොගිය එකම ජන්කුක්ට ඇති උනා... කී පාරක් වැටුනාද... මාස්ක් එකත් ගලවලා හොද හුස්මක් උඩට ඇදලා ගත්තු ජන්කුක් ඉර එලිය දිහා බලලා මූන අල්ලලා අතේ තිබ්බ බෙහෙත් විටමින් වර්ග ලියපු තුන්ඩුව අරන් පාර දිගේ ඇවිදන් ෆාමසි එකක් ඇතුලට ගියා....

හැබැයි මේ මුලු වෙලාවම බයික් එකක් උඩට වෙලා එයා දිහා බලන් හිටපු කෙනාව නම් ජන්කුක් දැක්කේ නෑ.. ජන්කුක් උදේට නොදැක්කට ටේහ්‍යොන්ග් ජන්කුක් රෙස්ටොරන්ට් එකට එනවද කියලා හොයලා බැලුවා...ඉතින් අදත් බලන් ඉදලා ජන්කුක් ආවේ නැති තැන ටේහ්‍යොන්ග් බයික් එකේම ජන්කුක්ව හොයන් ආවා...බෑග් එක්කුත් එල්ලන් සුදු පාට ලොකුම ලොකු ටී ශර්ට් එකක් ඇතුලට බැහැලා යන ජන්කුක්ව ටේහ්‍යොන්ග්ට හම්බුනත් බයික් එකේ හිටපු හින්දා ජන්කුක් ටේහ්‍යොන්ග්ව අදුරගත්තේ නෑ....

සෑහෙන වෙලාවකට පස්සෙ ජන්කුක් හොස්පිටල් එකෙන් එලියට ඇවිත් මාස්ක් එකත් ගලවන් ෆාමසි එකට යන දිහා ටේහ්‍යොන්ග් බලන් හිටියේ ඇත්තටම් කුතුහලයෙන්.....මොකද එදා හරි හයියෙන් හුස්ම ගත්තු විදියට මොකක්ද අසනීප්‍යක්ද කියලා ටේහ්‍යොන්ග් දැනගන්න උවමනා උනා.. අද ඒක තහවුරු උනා... එහෙමම ජන්කුක් ගිය දිහා බලන් ටේහ්‍යොන්ග් පෝන් එක අතට ගන්න ගමන්ම ෆාමසි එක පැත්තට ඇවිදන් ගියේ අතින් හෙල්මට් එක ගන්න ගමන්මයි...

ජන්කුක් යනක්න් ඉදලා ඇතුලට ගිහින් ෆාමසි එකෙන් එලියට ආපු ටේහ්‍යොන්ග් අතේ තිබ්බ තුන්ඩුව අරන් ෆොටෝ එකක් ගහලා සෙන්ඩ් කරලා ජන්කුක් ඇවිදන් ගිය පැත්ත බලන් හිටියා...

"හෙලෝ.. මචන් මට පොඩි හෙල්ප් එකක් ඕන... මේ බෙහෙත් පාවිච්චි කරන්නෙ මොනවටද බලල කියපන් මට හදිසියි...."

.


.


.


.


.

.

**********************

___________________________Dark_Sunshiner 🤍🥀

🙃

Thanks for reading ♥️

To be Continued...

2023/08/18

Bạn đang đọc truyện trên: AzTruyen.Top