|17|
"මොකද උබ නිකන් බය වෙලා වගේ..."
ටේබල් එකේ ඉදගෙන කිසිම කතාවක් නැතුව බය වෙලා වගේ ඉන්න ටේහ්‍යොන්ග් දිහා බලන් යුන්ගි මාක් දෙන්නම අහනකොට නම්ජූන් ජින් දෙන්නත් හැරුනා...
"නැහ්..නෑ..මුකුත් නෑ..."
"ඇත්තටම ටේ මොකෝ අවුල.. මන් බලන් ආව වෙලේ ඉදන්.."
"මූ හිතේ තියන දෙයක් කවදාවත් පිටට කියන එකෙක්වෑ හ්‍යුන්ග්... "
ජින් ටේහ්‍යොන්ග් දිහා බලන් ඉදලා නැගිටලා ඇතුලට ගියා....
"ජූන් හ්‍යුන්ග් දැන් මොකෝ කරන්නේ, අපිව ඇදන් ආවට හ්‍යුන්ග් දැන්ම යන එකක් නෑ වගේ..."
නම්ජූන් හිනා වෙලා ආයෙත් ප්ලේට් වගයක් උස්සන් එන ජින් දිහා බැලුවා...
"ඔයාලා අදම යනවද... යන් අපේ ගෙදර කට්ටියම..."
"අහ් යන් හ්යු.......
"නෑ ..නෑ.. අපි හදිසියේනේ ආවෙ අපි යන්නම්.. ජන් හ්‍යුන්ග් ඔයා ඉන්න.... උබට විකාරෙද, ඒ මිනිස්සු දෙන්න කාලෙකින් එකට ඉන්න හදනවා, ඒක අස්සට පයින්න හදන්නේ...."
යුන්ගි ඉක්මනට මාක්ගේ කතාව නවත්තලා කියලා අන්තිම ටික හෙමින් මාක්ට මුමුනලා ටොක්කකුත් ඇන්නා...
"උබලා තුන් දෙනාගේ හැසිරීම අන්තිමයි ආහ්... ටේ...ටේ...ටේහ්‍යොන්ග්...."
කිසිස්ම සද්දයක් නැතුව ඉන්න ටේහ්‍යොන්ග්ට කට්ටියම කතා කරත් ටේහ්‍යොන්ග් වීදුරුවෙන් එලිය බලන් හිටියේ කල්පනා කරන ගමන්....
ටික්කින් හවස් වෙනකොට ජූන් ඇරුනාම අනිත් තුන් දෙනා එන්න එලියට ආවා... ජින්ගේ රෙස්ටොරන්ට් එක ටිකක් ලොකුවට තිබ්බා වගේම අවුට් ඩෝ ටේබල්ස් දාලා ඒ ටික කවර් කරලා හදලා තිබුනා... ඒ හින්දා එලියේ කට්ටිය ඇවිදලා බලනකොට ටේහ්‍යොන්ග් එලියට යන්න ගිහින් නැවතිලා ජින් ගාවින් හිට ගත්තා...
"ජින් හ්‍යුන්ග්..."
"ඔව්..කියන්න ටේ..ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද..ඔයාගේ මූන හොද නෑ..."
"එහෙම මුකුත් නෑ මට දැනගන්න දෙයක් තියනවා..."
"ම්ම්..මොකක්ද..දන්න දෙයක්නම්...."
"ම්..මේ..මේකයි..මෙහෙ වැඩ කරන බෝයි කෙනෙක් ඉන්නවද ..මන් ලාවට වගේ දැක්කා..."
"අහ්..අපේ ජන්කුක්..ඔව් එයා වැඩ කරනවා මෙහෙ..."
ජින්ගේ කටින් පිට උන නම හින්දා ටේහ්‍යොන්ග් මොහොතකට ගල් උනා... එයා මාසයක් විතර තිස්සෙ ජන්කුක්ව හෙව්වා.. ඒත් හොයාගන්න බැරි වෙනකොට ටේහ්‍යොන්ග්ට එපා වෙලා තිබ්බේ... ඒත් මේ විදියට ජන්කුක්ව හම්බෙයි කියලා කවුද දන්නේ..ටේහ්‍යොන්ග්ට වැරදුනේ නෑ ටේහ්යොන්ග්ලා ඇතුලට එනකොටම ට්‍රේ එකත් බිම දාගෙන ඇතුලට දිව්වේ ජන්කුක් තමයි.. ටේහ්‍යොන්ග් අත් දෙකෙන්ම මූන පිහගත්තා...
"ටේ...ඔයා අසනීපෙන්ද..ඇයි මේ දාඩිය දාලා..ඔයාගේ ඇස් දෙකත් හරි අමුතුයි..."
"න්..නැහ්.. නිකන්.. මන් ඒනම් ගිහින් එන්නම්කෝ හ්‍යුන්ග්..."
ජින්ගේ උරහිස මිරිකලා තාමත් අනිත් අය ඇතුලේ ඉන්දැද්දිම එලියට ආපු ටේහ්‍යොන්ග් පෝන් එක කනේ තියාගන්න ගමන් ඇවිදන් ගියා...
"ආන් අරූ යනවා..කොහෙද යන්නේ මූ මේ වාහනෙත් නැතුව..."
එලියට යන ටේහ්‍යොන්ග්ට අත දික් කරලා යුන්ගි කිව්වත් එතකොටත් ටේහ්‍යොන්ග් ටැක්සි එක්කට අත දාලා එතනින් නැගලා ගියා...
"කෝල් එකක් ගනින්.. මුට මොන යකෙක් වැහිලාද..."
-"හෙ..හෙලෝ ටේ..කොහෙද යකෝ යන්නේ..."
=".............................
-"එහෙම කෝමද උබව දාලා යන්නේ...ඔක්කොටම කලින් කියපන් උබ හොදින්ද කියලා..මොකද උබට වෙලා තියෙන්නේ..."
="..................................
-"හරි... කොහෙ හරි ගිහින් පරිස්සමට වරෙන් හරි... කෝල් එකක් දීලා වාහනේ ගෙන්නගනින්..."
මාක් පෝන් එක කට් කරලා සාක්කුවේ දාගත්තා..
"අපි යන්..ඌ මොකක් හරි ප්‍රශ්නෙක වගේ..ඕනවට වඩා අහලා කේන්ති ගස්සන්න බෑ ඌව..."
යුන්ගි දිහා බලලා මාක් කිව්වා..
"එතකොට අර බෝයි...එයා මේකෙනේ වැඩ කරන්නේ... ඒක කියන් නැද්ද...එදත් අපි ගියේ නැත්නම් කොල්ලට කරදරයක් වෙනවා.... මන් පාර්ටි එක දවසේ හිතුවේ හොද ෆැමිලි එක්ක බෝයි කෙනෙක් කියලා..ඒ උනාට ඒ ලේන් එකේ තිබ්බ ගෙවල් ......"
යුන්ගි කියවන් ගියාම මාක් හුස්මක් පාතට දැම්මා... එදා ඒ දෙන්නා ජින්ගේ රෙස්ටොරන්ට් එකට ආපු දවසේ අහම්බෙන් ජන්කුක්ව දැක්කේ.... එදා දැක්කත් ආපු කුතුහලේ හින්දාමයි ජන්කුක්ගේ පස්සෙන් ආවේ.. ඒත් ඒ දෙන්නා දැක්කේ එච්චර හොද දෙයක් නෙවෙයි.. මිනිස්සු දෙන්නෙක් ජන්කුක්ට කරදර කරන්න හදනවා, එවෙලේ ලයිට් ගහලා ගහලා උන් දෙන්නව එලෙව්වත් අඩ අඩ ජන්කුක් දිව්ව විදියට දෙන්නටම හිතට හරි නැති උනා.... ඒකයි දෙන්නම ටේහ්‍යොන්ග්ට මේක කියන්නම් කියලා හිටියේ.. ඒත් ඒක කියන්න කලින් අද ටේහ්‍යොන්ග් අතුරුදන් උනාම දෙන්නටම කරගන්න දෙයක් නැති උනා....
"කමක් නෑ..පස්සේ වෙලාවක කියමු..අපි හරියටම සීන් එක දන් නෑනේ..."
මාක් එහෙම කියන ගමන් ජින්ටයි නම්ජූන්ටයි කතා කරලා එලියට ආවා....
.
.
.
.
.
ටේහ්‍යොන්ග් කලින් ගිය පිම්මට නතර උනේ පාර්ක් එකක.... ටිකක් හවස් උනත් කට්ටිය එහෙ මෙහෙ ගිය පාර්ක් එකේ ටේහ්‍යොන්ග් ඇතියි කියලා හිතෙනකන් වාඩි වෙලා හිටියා...ටේහ්‍යොන්ග් දැන් දන්නවා එයාගේ හිත ජන්කුක්ව බලාපොරොත්තු වෙනවා කියලා... මොන විදියෙන් පටන් ගත්තත් ටේහ්‍යොන්ගේ හිතේ ජන්කුක් ගැන හැගීමක් තිබ්බා... එහෙම නැත්නම් ටේහ්‍යොන්ග් මොකටද ජන්කුක් එනකන් බලන් ඉන්නේ... ජන්කුක් නැති වෙනකොට මේ තරම් අවුල් යන්නේ.. අද අහම්බෙන් ජන්කුක්ව දැක්කම මේ තරම් සතුටු හිතුනේ....
ජන්කුක්ව හරියටම දැක්කේ නෑ තමයි, ඒත් ඒ ජන්කුක් තමයි.. ටේහ්‍යොන්ග් එතනින් ආවේ එයාට තනියම කල්පනා කරන්න ඕන උන හින්දා... තාමත් වැඩ කරන අයට වැඩ ඉවර නෑ කියලා දන්න හින්දා ටේහ්‍යොන්ග් කලුවර වැටෙන පාර්ක් එකට වෙලා ඉදගෙන හිටියා...
ටිකෙන් ටිකෙ කලුවර වැටෙනකොට පාර්ක් එකේ ලයිට් එක දෙක පත්තු උනා වගේම සෙල්ලම් කර කර හිටපු පොඩි ලමයි, අම්මලා, තාත්තලා ගියා... ඉතුරු උනේ ආදරේ කරන කපල් විතරයි... ලොකු පාර්ක් එකේ එහෙ මෙහෙ විහිදුනු ලොකු උස පදුරු වලටම හදලා තිබුනු බෙන්ච් වල ආදරේ කරන අය හිටියා.... ඒ අතරේ ටේහ්යොනුත් එක බංකුවකට වෙලා හිටියා...
මීට කලින් ටේහ්‍යොන්ග්ට මේ වගේ හැගීමක් ගෑනු ලමයෙක් ගැනවත් පිරිමි ලමයෙක් ගැනවත් දැනිලා තිබුනේ නෑ.. තරහෙන් තනි වෙලා හිටපු ටේහ්‍යොන්ග් වටේ තියන හෑම දේටම වෛර කර කර හිටියා ඇරෙන්න වෙන දේවල් ගැන හිතුවේවත් නැති තරම්..
ඒත් ජීවිතේ පලවෙනි වතාවට ටේහ්‍යොන්ග් දැනුනා කෙනෙක්ව එයාට ඕනමයි කියලා... ඒක ආකර්ශනයක් නෙවෙයි... ඒක පටන් ගත්තේ ආකර්ශනයකින් තමයි... නිකන්ම ක්ලබ් එකක කෙල්ලෙක් එක්ක නිදියනවට වැඩිය දෙයක් එතන තිබුනා.. ජන්කුක්ට කොහොම උනත් උන එකතු වීම් ටේහ්‍යොන්ග්ට දැනුනා... ටේහ්‍යොන්ග් දන්නේ නෑ තවත් හිතක් තේරුම්ගන්න, අඩුම තමන්ගේ හිතවත්.. ඉතින් ටේහ්‍යොන්ග් රිද්දන්න ඇති කිසිම දෙයක් නොදන්න අහිංසක ජීවිතයක්.. ඒත් ටේහ්‍යොන්ග් දන්නේ නෑ.. හැගීම් කියන දේ කවදාවත් තෝරන්න පුරුදු උනේ නැති ටේහ්‍යොන්ග්, ඕන දෙයක් එක පාරම ලගට ගන්න පුරුදු වෙලා හිටිය ටේහ්‍යොන්ග් , ඕනම දේකට දෙපාරක් නොහිතා ඇගිල්ල දික් කරන්න පුරුදු වෙලා හිටිය ටේහ්‍යොන්ග් , මේ දේත් ඒ විදියටම දැක්කා...
ඒත් හිතුවේ නැති වෙලාවක් ජන්කුක් ඈත් උනාමයි ටේහ්‍යොන්ග් ඒක අත් විදින්න ගත්තේ... අන්තිමට ජන්කුක්ව ඕනමයි කියන තැනට එනකන් ටේහ්‍යොන්ග් ජන්කුක් ගැන හිතුනා... ටේහ්‍යොන්ග් දන්නවා ජන්කුක් කියන්නේ කිසිම දෙයක් නෙවෙයි.. එයා නිකන්ම නිකන් වැඩ කරන කොල්ලෙක්.. අඩුම පවුලක්වත් නැති, ඒත් ටේහ්‍යොන්ග්ට ඕන උනා... ඒ ජන්කුක්ව විශේශයක් කරලා ඕන ඕන උනා... ඉතින් පලවෙනි වතාවට ටේහ්‍යොන්ග් තමන්ගේ හිතන ඕනමයි කියලා දැනෙන දෙයක් ගැන හිතත් එක්කම ඔට්ටු උනා...
ටේහ්‍යොන්ග් මෝඩ නෑ...ජන්කුක් එක පාරට ආවෙ ඇයි නොදන්නවා උනත් ටේහ්‍යොන්ග් ඕනනම් තිබ්බ දම්මලා ජන්කුක්ව හොයන්න...හොයලා ඇදන් එන්න.. මොකද හ්‍යුන්බින් මේ දවස් වල නෑ... නොදන්න මොකක් හරි හේතුවකට හ්‍යුන්බින් ජන්කුක්ව මැන්ශන් එකේ තියන් ඉන්නවා කියලා ටේහ්‍යොන්ග් දන්නවා..ඒත් ටේහ්‍යොන්ග් ඕන උනා ජන්කුක්ට කරදරයක් නොකර එයාව හොයාගන්න, අඩුම හ්‍යුන්බින් දැනගන්න කලින්.. ටේහ්‍යොන්ග්ට තිබ්බ රෙස්ටොරන්ට් එක මැදම ජන්කුක්ව හොයන් එතන ප්‍රශ්නයක් ඇති කරන්න, ඒත් ට්‍රේ එකත් බිම දාන් දුවපු විදියට වගේම, ටේහ්‍යොන්ග්ම දන්න ටේහ්‍යොන්ගේ හැසිරීම හින්දා ටේහ්‍යොන්ග් එහෙම ජන්කුක්ව අපහසුතාවයට පත් කරේ නෑ....ඉතින් ටේහ්‍යොන්ග් ඒ තරම්ම නපුරු කෙනෙක්ද...?
.
.
.
.
.
රෙස්ටොරන්ට් එක වහන වෙලාව වෙනකොට ටේහ්‍යොන්ග් ආයෙත් රෙස්ටොරට් එක ඉස්සරහ හිටියා... පේන්න නෙවෙයි කැප් එකත් මූනටම ඇදගෙන... ඉස්සරහා ග්ලාස් ඩෝ එකත් වහලා ජින් ඇතුලට ඇවිදගෙන යනකොට ටේහ්‍යොන්ග් හෙමින් රෙස්ටොරන්ට් එකේ පිටිපස්ස පැත්තට ආවා... හැමෝම යනකොට ටේහ්‍යොන්ගේ ඇස් එහා මෙහා යන ගමන් කෙනෙක්ව හෙව්වා...
ඉන්නවා..ජන්කුක් ඉන්නවා... හෙමීට ලොකූ හූඩියක් ඇතුලට බැහැලා හිටපු ජන්කුක් ගොඩාක් චූටියට ටේහ්‍යොන්ග්ට පෙනුනා... ජින්ගේ වාහනෙත් එතනින් යනකොට ටේහ්‍යොන්ග් හෙමින් හෙමින් නොදැනෙන්න ජන්කුක්ගේ පස්සෙන් ඇවිදන් ගියා.... රෑ දහයත් පහු වෙලා යනකොට ජන්කුක් ටවුන් එකේන් ටිකක් එහාට වෙන්න තිබ්බ පාලු පාරක යනකොට ටේහ්‍යොන්ග් පුදුමෙන් බැලුවා....
හැමදාම ජන්කුක් මේ වෙලාවට මෙහෙම පාලු පාරක යනවද බලන්න වගේ... පාලු පාරේ හෙමීට ඇවිදගෙන ගිය ජන්කුක්ගේ මූන නම් ටේහ්‍යොන්ග්ට පෙනුනේ නෑ.. මොකද හූඩි කවර් එකෙන් ඔලුවත් එක්ක වහන් ජන්කුක් හෙමින් ගියා... ඒත් එක පාරටම ජන්කුක් නතර උනාම ටේහ්‍යොන්ග් ඉක්මනට පාර අයිනේ නවත්තලා තිබ්බ වාහනේකට මුවා උනා....
ජන්කුක් තවත් පාරකට හැරෙන තැනින් නැවතිලා කරේ තිබුනු බෑග් එක ඇරලා වතුර බෝතලයක් අරන් හෙමින් බිව්වා... ජන්කුක්ට මොකද මෙච්චර හති... ටේහ්‍යොන්ග්ට හිතාගන්න බැරි උනා....
හැබැයි ටේහ්‍යොන්ග් එච්චර සාමකාමී විදියට තව දුර යන්න බැරි උනා.. අඩ අදුරකින් පිරිලා තිබුනු පාරට ජන්කුක් හැරිලා යනකොට එදා වගේම මිනිස්සු දෙන්නෙක් ජන්කුක්ව වට කරගත්තා... ටේහ්‍යොන්ගේ ඇස් දෙක රතු උනා...ජන්කුක් ටිකෙන් ටික බයෙන් පිටිපස්සට යනවා බලන් හිටිය ටේහ්‍යොන්ග් කේන්තියෙන් ඒ පැත්තට ඇවිදගෙන යන්න පටන් ගත්තා....
වෙනදා වගේම හෙමින් හෙමින් ඇවිදන් ආපු ජන්කුක් ආයෙත් එකම කරදරේ මෙහෙම නම් කීයටවත් බලාපොරොත්තු උනේ නෑ... එදා බැරි උන පලිය ගන්න ඒ මිනිස්සු දෙන්න ජන්කුක් එනකන් රැකන් ඉදලා.. ජන්කුක් එදා වගේම බය උනා.... නිරායාසයෙන්ම තමන්ගේ බඩ අල්ලගෙන පිටිපස්සෙන් පිටිපස්සට උන ජන්කුක් තවත් කලු ඇදගත්තු මිනිහෙක් ඒ පැත්තට එනවා දැක්කම බයටම කෑ ගැහුවා...
"යනවා යන්න... මන් කෑ ගහනවා.. තමු........
ජන්කුක්ට කෑ ගහන්න හදපු ටිකවත් කෑ ගහන්න බැරි උනේ අර දුවන් ආපු මනුස්සයා අර මිනිස්සු දෙන්නට එක පිට එක ගහන්න ගත්තු හින්දා... ජන්කුක් තමන්ගේ අත් දෙකෙන්ම කට වහගෙන පිටිපස්සෙන් පිටිපස්සට වෙලා තාප්පෙටම ඇලිලා හිටියා.... තමන්ගේ ඉස්සරහා මරාගන්න මිනිස්සු තුන් දෙන්න දිහා බලන් හිටිය ජන්කුක්ට එතනින් දුවාගන්නවත් මතක් උනේ නෑ...
අන්තිමට ටේහ්‍යොන්ග් එකෙක්ව තල්ලු කරලා අනිකාගෙත් මූනටම මිටිමොලවලා ගහලා අනිත් එකාගෙ ඇගටම තල්ලු කරාම උන් දෙන්නා පස්ස නොබලා දුවන්න ගත්තේ වැටි වැටිමයි...
ඊට පස්සෙ තමයි ටේහ්‍යොන්ග් තාප්පේ ඇලිලා වගේ ඉන්න ජන්කුක් දිහාවට හැරුනේ.... කලු පාට කැප් එකත් මූන වැහෙන්න තරම් ඇදගෙන හිටිය ටේහ්යොන්ග්වනම් ජන්කුක්ට අදුරගන්න බැරි උනා.... රන්ඩුව නැවතුනාම ජන්කුක් අංශක අනූවටම නැවිලා ටේහ්‍යොන්ග්ට ආචාර කරා...ඒ කරලා වචනයක්වත් කතා නොකර පාර දිගේ ඉක්මනට ඉක්මනට යන්න හැදුවත් ඇහුන කටහඩට ජන්කුක් නතර උනා... ඉබේම නතර උනා.....
"ජන්කුක්..ඔහොම ඉන්න.."
තමන් ආයේ අහන්නවත් බලාපොරොත්තු නොවුනු කටහඩ.. ඇහෙනකොට ජන්කුක් නැවතුනා... ඒ කටහඩ ආවෙ තමන් හිතන කෙනාගෙන්මද කියලා දැනගන්න ජන්කුක් හෙමින් හැරිලා බැලුවා..ජන්කුක් හරි ඒ මනුස්සයාගෙන් තමයි..කලින් හිටපු මනුස්සයෝ දෙන්නට ගහලා තමන්ව බේරගත්තු මනුස්සයාගෙන් තමයි ඒ හඩ ආවෙ....
ජන්කුක් බයෙන් ගැහි ගැහිම ආපස්සට ඇවිද්දා.... පුන්චි පැටියා ගැනවත් නොහිතා ජන්කුක් දුවන්න ගත්තාම ඒ පස්සෙන් ටේහ්යොනුත් දුවන් ආවා... ටේහ්‍යොන්ග් ජන්කුක්ට වැඩිය වේගෙන් දුවන් ඇවිත් ජන්කුක්ගේ ඉස්සරහින් නතර උනාම ජන්කුක් පිටිපස්සට උනා..
"එ..එපා.. මට යන්න දෙන්න මහත්තයා... මට යන්න දෙන්න..."
ජන්කුක් ටිකක් හයියෙන් කියන ගමන් ටේහ්‍යොන්ගෙන් ඈත් උනා..
"මේ අහන්න ජන්කුක්.. මන් කරදරයක් කරන්න නෙවෙයි ආවෙ..."
"යන්න..යන්න... මට ඉන්න දීලා යන්න...."
ජන්කුක් ටේහ්‍යොන්ගෙන් ඈත් වෙනගමන් කෑ ගැහුවා....
"ඔන්න බලාගෙන ජන්කුක්..."
ටේහ්‍යොන්ග් ඉස්සරහට පැනලා පිටිපස්සෙන් පිටිපස්සට උන ජන්කුක් කානුවක දාරෙකට අඩිය තියන්න යන්කොටම අල්ලගෙන ලගට ඇදලා ගත්තා...
ජන්කුක් දගලලා දගලල ටේහ්‍යොන්ග්ව තමන්ගේ අත් දෙකෙන්ම තල්ලු කරාම ටේහ්‍යොන්ග් අඩි කීපයක් පිටිපස්සට විසික් උනා...
"ඇයි..ඇයි.. මට ඉන්න නොදෙන්නේ.. ම...මන් මහත්තයාට කරපු වැරැද්ද මොකක්ද.. ආ..ආයෙත් මට කරදර කරන්නද හදන්නේ.. මට යන්න දෙන්න..අනේ පින් සිද්ද වෙයි මට යන්න දෙන්න මහත්තයා..."
ජන්කුක් අත් දෙකෙන්ම ඔලුව අල්ලගන්න ගමන් කෑ ගැහුවාම ටේහ්‍යොන්ග් ආයෙත් ඉස්සරහට ආවා..
"ජන්කුක්..මේ අහන්න.. මම ආවේ කතාකරන්න ප්ලීස්...මට.......
"මට මට තව මොනාද කරන්න කියන්නේ.. මන් මොනාද කරන්න ඕන..මට ජීවත් වෙන්නවත් අයිතියක් නැද්ද..හැමෝටම ඕන විදියටද මම ඉන්නේ.. ත..තව මුකුත් නෑ මට නැතිවෙන්න... ම..මට එහෙමවත් අයිතියක් නැත්නම් මාව මරලා දාන්න.. මාව මරලා දාන්න ......"
ජන්කුක් යටි ගිරියෙන් කෑ ගැහුවාම ටේහ්‍යොන්ග් ඉස්සරහට තියන්න ගිය අඩිය එහෙමම පස්සට ගත්තා...ජන්කුක් මෙච්චර හයියෙන් කෑ ගැහුවාමයි... ඇ..ඇයි ජන්කුක් එහෙම කිව්වේ.. ඒ තරම්ම තමන්ව පිලිකුල්ද... ජන්කුක් දුවන් යන පාර දිහා බලන් ටේහ්‍යොන්ග් එහෙමම නැවතිලා හිටියා... ටේහ්‍යොන්ගේ වැහුනු කැප් එක අස්සෙන් ගලන් ආපු කදුලු බින්දු පාලු පාර තෙත් කරා....
.
.
.
.
.
.
**********************
___________________________Dark_Sunshiner 🤍🥀
දිගයි...😪
ම්හුක්... ඩබල්...😪🙃😘♥️
Thanks for reading ♥️
To be Continued...
2023/08/16
Bạn đang đọc truyện trên: AzTruyen.Top