|16|
"මන් නැති කාලෙත් මම නෙවෙයිනේ ඕවා බලාගත්තේ.. ප්ලීස් මට කරදර කරන්න එපා ආයෙ මන් කියන් නෑ..."
ටේහ්‍යොන්ග් තමන්ගේ අතේ තිබ්බ පෝන් එක බිමට විසික් කරලා ආයෙත් කොට්ටෙට ඔලුව තියාගත්තා... ටේහ්‍යොන්ගේ ඔලුව හෝන්දු මාන්දු වෙලා තිබ්බ වගේම ටේහ්‍යොන්ග් නොසෑහෙන්න මත් වෙලා හිටියා....
හ්‍යුන්බින් මාස කීපයකට රටින් පිට ගිහින්.. ඉතින් හැමදාමත් වගේ ටේහ්‍යොන්ගේ පෝන් එකට එන කෝල් එක ඩෑඩ්ගේ සෙකට්‍රි මිස්ටර් ලීගෙන් ආවා... ඒ ටේහ්‍යොන්ග්ට කම්පැනි එකට එන්න කියන්න...
ටේහ්‍යොන්ග්ට මහ එපා කරපු හැගීමක් ඇවිත් තිබ්බා... වෙනදාට වගේ කෑ ගහන්නවත් ජන්කුක් හිටියේ නෑ... ටේහ්‍යොන්ග්ට මතකයි සති කිපයකින් ගෙදර එනකොට වෙනදා වගේ ජන්කුක් ගෙදර හිටියේ නෑ.. ටේහ්‍යොන්ග් කාමරේට ගිහිනුත් ජන්කුක් කෝපි එක අරන් එනකන් බලන් හිටියා.. ඒත් ජන්කුක් ආවේ නෑ.. ජන්කුක් කෝ කියලා හොයන්න බැරි කමට වෙලාව බලලා එදා රෑ ගත කරත් පහුවදා උදෙත් ජන්කුක්ගේ තේ එක නැති වෙනකොට ටේහ්‍යොන්ග් ආවේස උනා...
"කොහෙද.. මේ ගෙදර වැඩ කරන උන්.. කෝ..මොකෙක්වත් නැද්ද..."
ටේහ්‍යොන්ග් කෑ ගහගෙන දොර ඇරන් එලිඅයට ආවත් ටේහ්‍යොන්ග්ට හම්බුනේ වෙව්ල වෙව්ල ටේහ්‍යොන්ගේ කප් එකත් අතින් තියන් ඉන්න මේඩ් කෙනෙක් විතරයි.. කෝප්පෙ අතට අරන් නහය ලගට අරගෙන ඒක එතනම පොලවේ ගහපු ටේහ්‍යොන්ග් පඩිපෙල බැහැගෙන පහලට ආවා..
"ජන්කුක්..ජන්කුක්...කෝ..."
ටේහ්‍යොන්ග් කේන්තියෙන් කෑ ගහන ගමන් සෝෆා එකෙන් වාඩි උනා... ඒ සද්දෙට මිසිස් හන් ටේහ්‍යොන්ග් ගාවට දුවලා ආවා...
"පොඩි බේබි... ඇයි මේ කෑ ගහන්නේ..."
"කෑ ගහන්නේ..කොහෙද වෙනදට ගේන තේ එක..."
"ඒ..ඒක මන් උඩට එව්වනේ මම බේබි..."
"මොකක්..."
"ඔව්...එලී...එලී..."
මිසිස් හන් කෑ ගහනකොට කලින් ටේහ්‍යොන්ගේ දොර ගාව හිටිය මේඩ් දුවගෙන ආවා...
"තමුන්, බේබිගේ තේ එක අරන් ගියේ නැද්ද..."
එලී කෙල ගිලින ගමන් ටේහ්‍යොන්ග් දිහා බලලා ආයෙත් බිම බලාගත්තේ ටේහ්‍යොන්ග් ඇස් හීනි කරන් බලන් ඉන්නකොට...
"අ..අරන් ගියා මැ..මැඩම්..."
එතකොට මිසිස් හන් ටේහ්‍යොන්ග් දිහා බැලුවාම ටේහ්‍යොන්ග් රවාගෙනම බලන් හිටියා...
"මන් ඇහුවේ තමුන්ගෙන් මගේ වෙනදා තේ එක ගැන මිසක් වෙන එකක් නෙවෙයි...කොහෙද ජන්කුක්..එන්න කියනවා..."
ටේහ්‍යොන්ග් උගුර යටින් කෑ ගැහුවාම මිසිස් හන් හිටපු තැනින් ටිකක් පිටිපස්සට ගියා... ලිවින් රූම් එකේ වෙන කලබලේට ජීයූනුත් ඇවිත් බිත්තිය අතරින් බලන් හිටියා.. අනේ ජීයුන් තාමත් උන දෙයක් හිතාගන්න බැරුව හිටියා.. මොකද එදායින් පස්සේ එයා ජන්කුක්ව දැක්කේ නෑ....
ජන්කුක් ගෙදර නෑ කියලා දැනගත්තාම ටේහ්යොග්න්ග් ඉදන් හිටිය තැනිනුත් නැගිටලා කේන්තිය පිට කරන්න ගත්තේ ඇස් වලින් වටේ හිටිය අයව පුච්චන ගමන්...
"දැන්.. මේ මැන්ශන් එකේ කවුරු හරි මෙහෙම නැති වෙනකොට ඒක කියන්න ඕන නැද්ද කාටවත්.. අහ්... කොහොමද තමුන්ලා මෙහෙම වගකීමක් නැති විදියට වැඩ කරන්නේ...."
එදා මේඩ් කෙනෙක්ව සත පහකට ගනන් නොගත්තු ටේහ්‍යොන්ග් අද මේඩ් කෙනෙක් නැති එක ගැන කියලා ඉන්න ඔක්කොමව මරන් කන්න හදනකොට කවුරුත් මීක් නැතුව ඔලුව නමන් හිටියා..
"පොඩි බේබි.. ම..මන් බේබිට වෙන මේඩ් කෙනෙක් දෙන්නම්.......
"මගෙන් මැරුම් නොකා කට වහගන්නවා...."
මග තිබ්බ පුටු වලටත් පයින් ගහන ගමන් ටේහ්‍යොන්ග් කාමරේට ඇවිත් දොර වහගත්තාම කට්ටියම හිටපු තැන් වලම ඉදන් බලන් හිටියා....
අන්තිමට හිටපු අතටත් වඩා ටේහ්‍යොන්ග් නරක් උන එක තමයි උනේ... සති දෙක තුනකින් ආයෙත් එනකොට අරන් ආපු පොඩි පොඩි දේවල් දාපු ලස්සන බෑග් ටික කුනු කූඩෙට වැටෙනකොට තාමත් පරන වෙලා පෙති හැලිලා යන මල් පොකුරකුත් මැලවෙලා යන ගමන් හිටියා....
ටේහ්‍යොන්ග් බලන්න පුලුවන් හැමතැනම ජන්කුක්ව හොයලා බැලුවා... ටේහ්‍යොන්ග්ට කවුරුත් හිටියේ නෑනේ,හැමදාම ටේහ්‍යොන්ග් ගෙදර එනකන් කැමැත්තෙන් හෝ අක්මැත්තෙන් බලන් හිටපු එකම කෙනා ජන්කුක් උනා... ටේහ්‍යොන්ගේ කරදර මැද කැමැත්තෙන් හෝ අක්මැත්තෙන් ටේහ්‍යොන්ගේ හැම වැඩක්ම කරපු එකම කෙනා ජන්කුක් උනා.... හවසට නොවරදින උනු කෝපි කෝප්පයක්, එනකොට හදලා තිබුනු ඇදුම් කිහිපයක්.. උදේට වෙනස්ම රසක් තියන කිරි එකක් ඒ ඔක්කොම කරපු එකම කෙනා ජන්කුක් උනා... ටේහ්‍යොන්ග් කියන්නේ එක එක දේවල් ගොඩාක් මැද අතරමන් උන, දැනෙන දේවල් තේරුම්ගන්න බැරි මනුස්සයෙක් උනත් මෙච්චරකල් ලග හිටපු දෙයක් නැති වෙලා තියනකොට ටේහ්‍යොන්ග්ට වෙන කවදාටත් වඩා ඒ දේ මතක් වෙන්න ගත්තා... තදින්ම ඕන කරන ඒ රූපේ දකින්න ඕන කරා.. ඒත් කෝ ජන්කුක්...කොහෙද ජන්කුක් හැංගිලා තියෙන්නේ...
.
.
.
"දැන් ඇති යමන් ගෙදර දැන්..."
ක්ලබ් එකේ මුල්ලකට වෙලා බෝතලේ පිටින් බදන් ඉන්න ටේහ්‍යොන්ග්ව අතින් අදින ගමන් මාක් යුන්ගි දිහා බැලුවා....
"උබලා පලයන් ම..මන් ගෙදර යන් නෑ.. ඒ..ඒක ගෙදරක් නෙවෙයි..."
"මොකද බන් මූට වෙලා තියෙන්නේ... වෙනදා මෙහෙම නෑනේ මේ ටිකේම පිස්සු කෙලිනවා...."
මාක් යුන්ගි ගාවින් ආයෙත් ඉදගන්න ගමන් ඇහුවාම යුන්ගි මාක්ගේ කොන්ඩේ අවුල් කරලා ග්ලාස් එක අතට ගත්තා...
"අපි අරක කියනවද..."
මාක් යුන්ගිගේ කනට කරලා රහසින් ඇහුවාම යුන්ගි උත්තරයක් නොදී මේසෙට ඔලුව තියන් ඉන්න ටේහ්‍යොන්ග් දිහා බැලුවා... ඒ මූනේ කිසිම එලියක් නෑ ඇස් වටේ කලු වෙලා ඇදිලා ගිහින් තිබ්බා...
"දැන් මූට ඕක කිව්වට වැඩක් නෑනේ... අනික කවුද ඒ බෝයි... හොයලා බැලුවද..."
"ම්හ්ම්..කිසිම විස්තරයක් නෑ...කාගෙ කවුද කොහෙන්දා ඒ මුකුත් දන් නෑ.. ආපේ එකාට ඌත් එක්ක තියන සම්බන්දෙත් මොකක්ද කියලාත් මූම තමයි දන්නේ..."
බාගෙට නින්දෙන් කෙදිරි ගාන ටේහ්‍යොන්ග් දිහා බලන් මාක් යුන්ගිට කිව්වම යුන්ගි ඔලුව වැනුවා...
"එන්නකෝ ඩාන්ස් කරන්න.... අපිට දැන්ම යන්න වෙන්නෙත් නෑනේ...."
මාක් එතනින් නැගිටලා ඩාන්ස් ෆ්ලෝර් එක දිහාවට යුන්ගිව අදින්න ගත්තාම යුන්ගි අත ඇද්දා...
"නිකන් ඉදපන්.. මේකෙ උන් මාව දැකලා පොටෝ එකවත් ගහලා දැම්මොත් හෙට ඉදන් ජීවත් වෙලත් ඉවරයි...."
"ඉතින් මනුස්සයෝ එහෙම වෙන්නේ කොහොමද...."
"ඇයි, මන් කවුද කියලාත් අමතක වෙලාද දැන්..."
"ම්හ්ක්...."
කටත් උල් කරන් මාක් ආයෙත් යුන්ගි ගාවින් වාඩි උනාම යුන්ගි යන්තන් හිනා වෙන ගමන් ඒ කර වටෙන් අත දාගත්තා...
"අද මේකවත් එක්කන් යන්... මෙහෙම තනියම යවන්න බෑ, අන්කලුත් නෑනේ..."
යුන්ගි එහෙම කිව්වම මාක් ටේහ්‍යොන්ග් දිහා බලල ඔලුව වැනුවා...
.
.
.
"ඒ..නැගිටපන්..."
"වද නොදී නිදාගන්න දෙනවකෝ.. තේ එක තියලා යනවා..."
වෙනදා පුරුද්දකට වගේ ටේහ්‍යොන්ග් එහෙම නින්දෙන්ම මුමුනලා අනිත් පැත්තෙට හැරුනත් සෝෆා එක කොනේ එල්ලි එල්ලි හිටිය පාර එහෙමම බිමට පත බෑවිලා මූන බිම ඇනගත්තේ ඇහැරවන්න ආව මාක් හයියෙන් හිනා වෙනකොට...
"මොකද මේ ගේ උඩ යන්න හිනා වෙන්නේ...."
යුන්ගි පිටිපස්සෙන් ඇවිත් මාක්ගේ උරහිසට උඩින් එබුනාම ටේහ්‍යොන්ග් බිම ඉදන්ම ඔලුවත් කහ කහ අමාරුවෙන් ඇස් ඇරියා...
"මන් මොකද මේ බිම කරන්නේ.. උබලා මොනාද මට කෙරුවේ..."
"අපෝ..මොනා හරි කරන්නම හරි කෙනානේ....මෙන්න මේකව නැගිට්ටවන් එන්න.. මන් යනවා මොනා හරි හදන්න..."
යුන්ගිට කට ඇද කරලා කියන ගමන් මාක් ගස්සන් ගියාව ටේහ්‍යොන්ග් බිම ඉදන්ම යුන්ගි දිහයි මාක් දිහයි මාරුවෙන් මාරුවට බැලුවා...
"මොකද උබ..."
යුන්ගි කන්න වගේ බලන් ඉන්න ටේහ්‍යොන්ග් ඇහුවම ටේහ්‍යොන්ග් සෝෆ එක අල්ලන් හිටගත්තා...
"මොකද ඒකා මෙහෙ කරන්නෙ..."
"එතකොට උබ මොකද මෙහෙ කරන්නේ...."
"මන් දන්නෙ කොහොමද.. උබලානේ මාව අරන් ඇවිත් තියෙන්නේ..."
ටේහ්‍යොන්ග් කිව්වම යුන්ගි ටේහ්‍යොන්ගේ උඩ ඉදන් පහලට රැව්වා...
"පලයන් පලයන් රූම් එක්කින් වොශ් එකක් දාන් වරෙන්..ගමනක් යන්න තියනවා... අද ජූන් හ්‍යුන්ග් එනවා..."
යුන්ගි කිචන් එක පැත්තට යන්න හැරෙන ගමන් කිව්වම ටේහ්‍යොන්ග් හෙමින් රූම් එකක් දිහාවට ඇවිදන් ගියා....
"මෙච්චර ලොකු මැන්ශන් එක්ක බිත්තරයි නූඩ්ලසුයි විතරක්ම තියෙන්නෙ මොකද යුන්ගි..."
මාක් කිචන් එකේ ඉදන් කෑ ගැහුවාම යුන්ගි ඇවිත් ලෙජ් එකට හේත්තු උනා...
"ඉතින් මන් මේකෙ උයන් කනවද නෑනේ..."
"ඒ උනාට හදිසියකට...."
"එහෙම හදිසියට ඔයා එනවානම් මන් මොනා හරි ගෙනල්ලා දාලා තියන්නම්...."
යුන්ගි කිව්වම මාක් අහක බලාගන්න ගමන් යුන්ගිගේ අතට මග් එකක් දුන්නා..
"කොහෙද දැන් යන්නේ... ජූන් හ්‍යුන්ග් ඇයි හදිසියේ එන්නේ..."
අතේ තිබ්බ ගෑරුප්පුවෙන් බිත්තරේට ඇනලා ටේහ්‍යොන්ග් ඇහුවේ ඔලුව පිරිමැද ගන්න ගමනුයි...
"උබ මේ ලෝකේ නෙවෙයිද ඉන්නෙ ටේ... යකෝ ඒ මනුස්සයා එනවා කියලා අපි දන්නේ කොච්චර කාලෙකට කලින්ද.. අනික හදිසියේ කොහෙද කොච්චර කාලෙකින්ද එන්නේ..."
මාක් එක දිගට බයින්න ගත්තම ටේහ්‍යොන්ග් කනක් වහගත්තා...
"වහගනින් කට.. බැලුවොත් කියවනවා... "
"මන් කියෙව්වොත් නරකට හිටී... "
"මොකක් හරි.. කොහෙද යන්නේ..."
"වෙන කොහෙද ඉතින් එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ව ස්ප්‍රයිස් කරන්න..."
"ඒව්.. මේ වයසක මිනිස්සුන්ට මොන ස්ප්රයිස්ද බන්..."
මාක් අතේ තිබ්බ ස්ර්වියට් එකෙන්ම ටේහ්‍යොන්ග් ඇදලා ඇරියා....
"උන් එහෙම හරි ස්ප්‍රයිස් වෙනවා... අපි බලපන් මේ වේලෙන තරම්..."
යුන්ගි එහෙමම කැහැලා කැහැලා වතුර උගුරක් බිව්වා...ටේහ්‍යොන්ග් ඇස් කටේ තිබ්බේ.. මුන්ට නිකන් මොකක් වෙලාද වගේ...
"හරි..මගේ ඔලුව රිදෙනවා... මට එන්න වෙන් නෑ උබලා පලයල්ලා..."
"කොහෙද කොහෙද ටේ මාරු වෙන්න හදන්නේ..."
දොර පැත්තෙන් ඇහුන සද්දෙට තුන් දෙනාම ඒ දිහා හැරිලා බැලුවා..
"ජූන් හ්‍යුන්ග්..."
මාක් මුලින්ම ගිහින් නම්ජූන්ගේ ඇගට හේත්තු උනාම නම්ජූන් මාක්ගේ ඔලුව අතගෑවා...
"ටේ..යුන්ගි කෝමද කට්ටියට... "
"හොදින් ඉන්නවා හ්‍යුන්ග්...."
"ටේ..මොකෝ මූනත් එක්ක ඇදිලා ගිහින්..."
"මූ මේ ටිකේම ඔහොම තමයි හ්‍යුන්ග්.. දැනුත් මේ මගෑරලා පයින්න හැදුවේ...."
මාක් ඔක්කොටම පැනලා උත්තර දෙනකොට ටේහ්‍යොන්ග් එහෙමම ඉස්සරහා බලන් හිටියා....
"යන්..ජින්ව හම්බෙලා කොහෙ හරි යන්...එතකොට ඔය ගතිය මගෑරෙයි... ඔක්කොම මන් ගානේ..."
"අනේ..මගේ හොද හ්‍යුන්ග්..."
"මාක් අයින් වෙයන් හ්යුන්ගේ ඇගෙන්..ආවා විතරයි...."
යුන්ගි මාක්ව නම්ජූන්ගේ ඇගෙන් ඇදලා ගත්තාම නම්ජූන් හිනා වෙලා ඉදගත්තා...
.
.
.
.
"ස්ප්‍රයිස් කරන එකාටත් වඩා අපෙයි බොක්ක කූල් වෙලා තියෙන්නේ..."
මාක් කටු කුටු ග ගා මුමුනනකොට ටේහ්‍යොන්ග් යුන්ගි දෙන්නම ඔලුව දෙපැත්තට හෙලෙව්වා...
"උබ නම් ජන්ග් අන්කල්ගේ පුතෙක් වෙන්න බෑ.. මේ ලගදි ඉදන් බබෙක් වෙන්න අරන් මොකද උබ...."
ටේහ්‍යොන්ග් සැරෙන් කිව්වම මාක් ටේහ්‍යොන්ග් රවලා අහක බලාගත්තා...
"අපි දෙන්නා දැන් දවස් තුනකට කලිනුත් මෙහෙ ආවා...."
එතකොට නම් නම්ජූනුත් ඉස්සරහා ඉදන් හැරිලා බැලුවා...
"ඒ මොකටද..."
"මේ යුන්ගිගේ වැඩකට.. මෙහෙ එන ගමන් ජින් හ්යුන්ගේ රෙස්ටොරන් එකටත් ඔලුව දැම්මා... දැන් අපේ ඔලුව කයි හ්‍යුන්ග් එනවා කියලා කීවේ නෑ කියලා...."
මාක් කතාව ඉවර කරනකොට නම්ජූන් මල් බොකේ එකයි ලොකු චොක්ලට් බොක්ස් එකයි අරන් වාහනෙන් බැස්සා...
"දෙයියනේ ජූන්....."
නම්ජූන් සන්ග්ලාස් දෙක ගලවන ගමන් දොර ඇරන් රෙස්ටොරන්ට් එක ඇතුලට අඩිය තියන්කොටම ඇතුලෙන් හයියෙන් කෑ ගහන සද්දයක් ඇහුනා... දුවගෙන ඇවිත් නම්ජූන්ගේ බෙල්ලේ එල්ලෙන ජින් දිහයි හැමෝම දිහා බලන් ඇතුලේ හිටපු කට්ටිය හිනා වෙනකොට ඊට පිටිපස්සෙන් ඇතුලට ආපු අමුත්තො ටිකත් එක්කම වැඩට හිටිය කවුරු හරි ට්‍රේ එකත් බිම දාගෙන ඇතුලට දිව්වා....
.
.
.
.
.
.
**********************
___________________________Dark_Sunshiner 🤍🥀
ජින්...💫
නම්ජූන්...⚓️
එහෙම බුග් ගාලා සෙට් කරන්න බෑ...😪
Thanks for reading ♥️
To be Continued...
2023/08/16
Bạn đang đọc truyện trên: AzTruyen.Top