|15|
"දෙවියනේ මට මහන්සියි...."
ජන්කුක් අතු පාර ගාව නැවතිලා හති අරින ගමන් මිමිනුවා... ඒත් ඒ මූනේ තිබ්බ තෙහෙට්ටුව හරි ඉක්මනින් නැති වෙලා ගියා... මොකද ඒ හීනි සියුමැලි කෙට්ටු අත නිරායාසයෙන්ම ඇදුම් වලින් වැහිලා තිබුනු කුස මත නතර උනා....
අතේ තිබ්බ බෑග් එක ආයෙත් කරට දාගන්න ගමන් ජන්කුක් හෙමින් පාර දිගේ ඇවිදන් ගියා...
ඒ තරම් ආලොකමත් නොවුනු කුඩා පාර ඒ තරම් සුන්දරත් නොවුනා.. අඩ අදුර ලයිට් නිවලා ලස්සනද බැලුවට මේ පාර අඩ අදුරු උනේ කැඩිලා ගිය බල්බ් හින්දයි... ජන්කුක් හෙමින් හෙමින් පුන්චි නිවාස කිහිපයකින් පිරිලා තිබුනු පාර දිගේ ඇවිදගෙන ගියා...
මාසයක් හරියටම මාසයක් ජන්කුක් එදා මැන්ශන් එකෙන් එලියට බැහැලා ඇවිත්... තියන අඩියක් අඩියක් ගානේ ජන්කුක් දැනන් හිටියේ නෑ මොකක්ද තමන් කරන්න ඕනේ කියලා.. ජන්කුක් ගාව තිබ්බේ තමන්ගේ ඇදුම් ටිකයි, එයාගේ රිපෝට් ටිකයි කාලයක් තිස්සේ පඩිය විදියට එකතු උන මුදල් ටිකයි විතරයි...
ජන්කුක් මැන්ශන් එකෙන් ඇවිත් රෑ කියලා නොබලා ටවුන් එකේ ඇවිදන් ගියා... ඉදිරියට පේන සුන්දර ටවුන් එක නොවුනු අදුරු මාවත් වල ජන්කුක් හැන්ගි හැන්ගි ගමන් කරා... ඒ මැන්ශන් එකෙන් ඈත් වෙන්න පුලුවන් කියලා හිතෙන දුර ආවහම ජන්කුක් නැවතුනා....
ජන්කුක් මේ ටවුන් එකේ බස් තියෙන්නේ කොහෙද මොනවද තියෙන්නේ කියන එක ගැන ලොකු දැනුමකින් නෙවෙයි හිටියේ.. ඒත් ජන්කුක් ඉදිරියට තියන හැම අඩියක් ගානෙම වට පිටාව දිහා බැලුවා... කවදාවත් නොදැකපු එක එක පැති දකිනකොට ජන්කුක්ගේ කදුලු පිරුනු තෙත් උනු හෙම්බත් උනු ඇස් වලට උදෑසන දල්වන ලයිට් වල එලිය වැටිලා දිලිසුනා..
අන්තිමට ජන්කුක් බස් නවත්තන තැනට ආවා.... කොහෙද කින්ද මන්ද නාහා ටිකට් එකක් අරන් බස් එකට නැග්ග ජන්කුක් අයිනකින් ඉදගෙන ඔලුව තියාගත්තා....
ජන්කුක්ගේ තෙහෙට්ටු ඇස් හුලන් පාරත් එක්ක ලාවට පිය වෙනකොට බස් එක ගමනාන්තයේ නැවතුනා...
කලින් තරම් විශාල නොවුනත් සාමන්‍ය තරමේ ටවුන් එකකින් බස් එකේ ගමන් ඉවර වෙලා තිබුනා....උදේ වෙලාව පහු වෙලා ඉර එලිය වැටිලා තියනකොට ජන්කුක් කවදාවත් නොදැක්ක නොදන්න පලාතකට අඩිය ගැහුවා.....
උදෑසන ඉර එලියෙන් නෑවෙන පරිසරයට බැස්ස ජන්කුක්ගේ ජීවිතේ එතන ඉදන් සුන්දර උනේ නෑ.... ජන්කුක්ට හම්බුනා අඩු මිලට කුලියට දෙන පුන්චි ගෙයක්.. ඒකත් ජන්කුක් වේගන්සියක් තියන රෙස්ටොරන්ට් එකක් මාර්ගයෙන්.. ජන්කුක්ගේ මූනත් එක්ක වයස විශ්වාස නොකලත් අන්තිමට ටිකක් මැදි වයසේ හිටිය පිරිමි කෙනා ජන්කුක්ට ඒකේ රස්සාවක් දෙන්න කැමති උනා...
ඒ මාර්ගයෙන් ජන්කුක්ට කුඩා ප්‍රමානේ නවතින්න තැනක් හොයාගන්න පුලුවන් උනා.. ඒකේ එක කුලියක් ගෙවාගන්න තරම් මුදලක් ජන්කුක් ගාව තිබුනා.. මොකද මැන්ශන් එකේ ඉන්නකන් ජන්කුක්ට පඩියක් ලැබුනා....
වැඩිය වියදම් නොකර ජන්කුක් ඒ මුදල් එකතු කරා, ඒ අනාගතේ යම් දවසක් වෙනුවෙන්.. ඒත් කවදාවත් ජන්කුක් මේ විදියේ දේකට තමන්ගේ ඒ මුදල් වියදම් කරන්න හිතුවේ නෑ....
ඇගට දැනෙන අපහසුව, කන්න බැරිකම... තෙහෙට්ටුව එක්ක ජන්කුක් මේ මාසයක් කාලය ගෙව්වෙ සුන්දර ජීවිතයක් නම් නෙවෙයි... මොකද ජන්කුක්ට තනි වෙලා හුරු උනත් මේ තනිකම ඕනවට වැඩි උනා... හිටපු තැනිනුත් පහලට වැටිලා වගේ හැගීමක් දැනුනත් ජන්කුක් ඒ කිසි දෙයක් ගැන හිතන්න කාලෙ වැය කරේ නෑ... කොටින්ම කිම් මැන්ශන් එකෙන් කිසිම විස්තරයක් නැතුව තමුන් අතුරුදන් උන එකට මොනවා වෙයිද කියලාවත් ජන්කුක් හිතන්න මහන්සි උනේ නෑ.. ජන්කුක්ට ඒ තරම් ඒ දේවල් වලින් මහන්සියක් දැනුනා....
ජන්කුක්ට විශ්වාස නැති පුන්චි ජීවියා එක්ක කතා කරන්නවත් ජන්කුක් උත්සාහා කරේ නෑ..අඩුම ජන්කුක්ට ඉස්සරහට කරන්න ඕන මොනාද කියලවත් හිතාගන්න පුලුවන් උනේ නෑ.. ජන්කුක් එච්චර කල් බය උනත් තමන්ගේ හිතට දැනුනු දේවල් එක්ක ජන්කුක්ට හිතුනේ මේ තැනින් පැනලා යන්න කියන්න වෙනකොට ජන්කුක් එතනින් පැනලා ආවා.... ජන්කුක් බය නොවී පැනලා ආවා.. ඒ වෙලාවේ මොන හයියකට ආවත් ජන්කුක් ඒ ජීවිතෙන් පැනලා ආවා...
අන්තිමට ජන්කුක්ට ඕන උනේ ජීවත් වෙන්න... ජන්කුක් එකින් එක සිද්ධි කීපයක් හරහා මෙතන නතර වෙලා තිබුනා... ඒ රෙස්ටොරන්ට් එකේ ජන්කුක් වැඩ කරා... ඒකේ අයිතිකාරය කරුනාවන්ත උනා වගේම අනිත් සේවකයෝ ගැහැනු කට්ටිය වෙනකොට එයාලා ජන්කුක්ට හොදින් සැලකුවා.. ඒ ගැන ජන්කුක්ට හොද හැගීමක් ඇති උනා.. මොකද එක තැනකින් තැලිලා තැලිලා එලියට වැටෙනකොට තවත් තැනකින් තැලුනොත් ඒක දරාගන්ඩ බැරි වෙන්න තිබ්බා.. ජන්කුක්ගේ අවසනාව කොහෙද නොදන්නවා උනත් ඒ අවාසනාව අතරේ මෙහෙම සහනදායක දේවල් වෙන එක ගැන හිතලා ජන්කුක් සතුටු උනා...
ඉතින් ජන්කුක් තීරනය කරා ඉන්න හරි නොයින්න හරි ජීවත් වෙන්න.. ජන්කුක්ට කන්න පුලුවන් උනේ නෑ.. සමහර දවස් වලට උගුර පහලට යන්න කලින් බඩේ තියන් දේවල් ටිකත් එක්ක වමනේ යනකොට දවසම වතුර ටික්කින් හිටපු දවස් තිබුනා ... සමහර දවස් වලට කන්න පුලුවන්ම කියලා හිතුනත් කන්න බැරි උන දවස් තිබ්බා.. ඒත් ජන්කුක් දොසක් කිව්වේ නෑ.. ජන්කුක්ට හිතුනා තමන් කාලකන්නියෙක් කියලා, එයා ඒ පුන්චි පැටියට මුකුත් නොකීවත් එයත් එක්ක කතා කරන්නවත් උත්සාහ කරෙත් නෑ....
ජන්කුක්ට කතා කරන්න හිත හදාගන්න බැරි උනා.. එයාගේ තාත්තා කවුද කියලා එයා දන්නවාකොට, ඒ මනුස්සයා ජන්කුක්ව විනාශ කරා වෙනකොට ජන්කුක්ට කතා කරන්න හිත හදාගන්න බැරි උනා...
එකිනෙකට වෙනස් කල්පනා වල නිමග්න වෙලා හෙමින් හෙමින් ඉස්සරහට ඇවිදන් ගිය ජන්කුක් මහන්සිය නිසාම මග නතර උනා... බෑග් එකෙන් වතුර එක අරන් වතුර උගුරක් විතරක් බීපු ජන්කුක් ආයෙත් ඔලුව ඉස්සුවත් තමන්ගේ ඉස්සරහා හිටපු මනුස්සයෝ දෙන්න දැක්කම ගැස්සිලා ගියා...
"ඔහ්..හෝ.. කොහෙද මේ පුන්චි ලමයා යන්නේ තනියම රෑ වෙලා...."
කට කොනක් ඇගිල්ලකින් අත ගාන ගමන් එක මනුස්සයෙක් ඉස්සරහට එනකොට ජන්කුක් බෑග් එකත් තුරුල් කරගන්න ගමන් පිටිපස්සෙන් පිටිපස්සට ගියා....
ජින් හැමදාමත් කියනවා මෙච්චර රෑ වෙනකන් ඉන්න එපා තනියම යන හින්දා කියලා ජන්කුක්ට.. ඒත් ජන්කුක්ට සල්ලි ඕන, එතකොට ජන්කුක් වැඩිපුර වැඩ කරන්න ඕන .. ඒ හින්දා ජන්කුක් වැඩ කරා....
"ය..යනවා යන්න.. ලගට එන්න එපා.. මන් කෑ ගහනවා..."
ජන්කුක් මහ හයියෙන් වෙව්ලන ගමන් කෑ ගහනකොට මිනිස්සු දෙන්නා හයියෙන් හිනා වෙන්න ගත්තා..
"අහ්.. අනේ මාව අතාරින්න.. අනේ... මට කරදර කරන්න එපා..."
එක්කෙනෙක් පිටිපස්සෙන් ඇවිත් ජන්කුක්ව අල්ලගන්නකොට ජන්කුක්ට දුවාගන්නවත් මතක නැති උනා... ජන්කුක් කකුලක් උස්සලා ගහන්න හැදුවත් ඉස්සරහින් හිටපු එක්කෙන ජන්කුක්ගේ කකුලක් අල්ලගත්තේ කලවා හරියෙන්මයි..
"ඔයා කොච්චර කෑ ගැහුවත් මේ පාලු පාරට කවුරුත් එයි කියලා හිතනවද තමුන් අහ්... ඒ හින්දා බොරුවට කෑ ගහලා මහන්සී වෙන්න එපා බේබි.. අපි වෙන දේකට මහන්සි වෙමු..."
ජන්කුක්ගේ ඇග අල්ලන ගමන් කන ගාවට කරලා දෙන්නම මුමුනනකොට ජන්කුක්ගේ ඇග පුරාම හිරියක් ගියා... ඒක හරිම පිලිකුල් හැගීමක්... ජන්කුක්ට පලවෙනි වතාවට තමන්ගේ බඩ ඇතුලේ ඉන්න පුන්චි දරුවා ගැන බයක් ඇති උනා...
"අ..අනේ ම..මට....
ජන්කුක්ට කතාව ඉවරකරගන්න හම්බුන් නෑ පිටිපස්සෙන් ආපු කහ පාට එලිය එක්ක අරුන් දෙන්නා ජන්කුක්ව අරන් පාර අයිනකට ලන් උනත් එක දිගට වාහනේ එතන පහු වෙලා නොයා තියනකොට ජන්කුක් ඒ අත් වලින් ගැලවෙන්න උපරිම උත්සාහ කරා..
"ආයිශ්... කවුද මේ වෙලාවේ..."
තවත් වාහනයක් රේස් කරනවා ඇහෙනකොට ජන්කුක්ව එතනම බිමට තල්ලු කරපු මිනිස්සු දෙන්නා එතනින්ම හැරිලා දුවන්න ගත්තේ ජන්කුක් මුනින් අතටම බිමට වැටෙනකොට.. ජන්කුක් පුලුවන් තරම් තමන්ගේ අත් දෙක බඩ වටේට ඔතාගත්තා... ජන්කුක් කවදාවත් කතා නොකරත් ජන්කුක් ගාව මෙච්චර දවස් හිටපු පුන්චි පැටියා ගැන ජන්කුක් පලවෙනි වතාවට බය උනා.. එයා ජන්කුක්ව දාලා යයි කියලා ජන්කුක්ට බය හිතුනා.. එයාට කරදරයක් වෙයි කියලා ජන්කුක්ට බය හිතුනා.... මොන අම්මද තමන්ගේ දරුවන්ට වෛර කරන්නේ.. ජන්කුක් පුන්චි උනත් ජන්කුක් අම්මා කෙනෙක් වෙලා හිටියා..ඉතින් ජන්කුක් තමන් තුල ඉන්න ඒ පුන්චි පැටියාට හිත ඇතුලෙන්ම ප්‍රාර්තනා කෙරුවා....
"අ..අනේ... පු..පුන්චි පැටියට රිදුනාද...."
ජන්කුක් වැටුනු සැනින් බිමම ඉදගෙන අත් දෙකෙන්ම සිහියක් නැතුව බඩ අල්ලගත්තා.. හෙමින් ඇදුමට උඩින්ම පේන්නෙවත් නැති බඩ අත ගාලා පැටියට රිදුනාද අහනකොට පලවෙනි වතාවට කතා කරපු තමන් ගැනම ඇහිලා ජන්කුක්ගේ ඇස් වලින් කදුලු කඩන් වැටුනා...
ජන්කුක් සිහියක් නැතුව පාර අයිනෙන් බිම ඉදන් ඉන්නකොට උන දේවල් එක්ක ජන්කුක් ඉක්මනින් බඩට අත තියාගෙනම නැගිට්ටා...
"අපි..ඉක්මනට ගෙදර යන්.. මමා ආයෙත් රිද්දන් නෑ මගේ පැටියාට..."
ජන්කුක් හෙමින් මුමුනන ගමන් ඉක්මනින් පාර දිගේ ඇවිදගෙන ගියා.. මේ තරම් වෙලා ලයිට් එලිය පත්තු උන වාහනේ හරවගෙන යනකොට ජන්කුක් ඉක්මන් ගමනින් තමන්ගේ පුන්චි ගේ ඇතුලට ගිහින් දොර වහගත්තා...
"ම..මමාට සමාවෙන්න කතා නොකෙරුවාට... මමා තරහා නෑ පැටියා එක්ක... "
ජන්කුක් පුන්චි සෝෆා එක උඩ ඉදගෙන දිගටම කතා කරා... ඒක හරිම ආදරනීය දසුනක්...
කැඩෙන්න තවත් ඉඩක් නැති මිනිස්සුන්ගේ හිත් වලට බලාපොරොත්තුවක් දැනුනාම ඒක හරිම ශක්තිමත්...
ජන්කුක්ටත් ජීවත් වෙන්න පුන්චි හේතුවක් හැදුනා.. තනි නොවෙන්න තමන්ගේ පුන්චි පැටියා එක්ක කතා කරපු ජන්කුක් ඒ හිතටත් පුන්චි බලාපොරොත්තුවක් හොයාගත්තා....
.
.
.
.
.
.
**********************
___________________________Dark_Sunshiner 🤍🥀
කම්මැලිද... කතාව...?
මොනා හරි අවුලක් තිබ්බොත් කියන්න..
Thanks for reading ♥️
To be Continued...
2023/08/14
Bạn đang đọc truyện trên: AzTruyen.Top