|11|

"හෙලෝ.. එන ගමන්..."

කනේ තිබ්බ පෝන් එක ආයෙත් ඉස්සරහින් තියන ගමන් ටේහ්‍යොන්ග් වාහනේ ඩ්‍රයිව් කරා... හෙමීට ඇස් හරවලා ඇගටම නින්ද ගිය බලු පැටියවත් තුරුල් කරන් නින්ද ගිහින් ඉන්න ජන්කුක් දිහා බැලුවා... ටේහ්‍යොන්ග්ට මේ වගේ වැඩක් උන පලවෙනි වතාව... සමහර විට ජන්කුක් හිටියේ නැත්නම් බලු පැටියට වතුර ටිකක් පොවලා පාර අයිනෙන් තියලා එන්න තිබ්බා.. ඒත් ජන්කුක් හින්දා ඒ ඔක්කොම වෙනස් උනා...

ටේහ්‍යොන්ග්ට එක එක වෙලාවට එන කේන්තිය පාලනය කරගන්න බැරි උනා... ටේහ්‍යොන්ග්ට කේන්තිය කියන දේ පාලනය කරනවා කියන්නෙ මොකකද කියලාවත් දැනගන්න බැරි උනා.. තනියම ජීවත් උන ටේහ්‍යොන්ග් දැනන් හිටිය එකම දේ කේන්තිය තවත් දෙයක් පිටින් යවන එක විතරයි..පුන්චි කාලෙ ඉදන් හම්බුන් නැති අම්මගේ තාත්තගේ ආදරේ වෙනත් කිසිම තැනකින් හොයාගන්න බැරි වෙනකොට අනිත් ලමයින්ගේ ජීවිත දිහා බලලා ඊරිසියා කරන්න පටන් ගත්තා... පුන්චි කාලේ ඊරිසියා කරත් ටිකෙක් ටික ලොකු වෙනකොට ඒක දුකක් බවට පත් උනා... ඒ දුක තමන් ගෑනම දුකක් බවට පත් වෙලා අන්තිමට ඒක කේන්තියක් වෙනකන්ම වර්ධනය වෙලා තිබ්බා..ඉතින් ටේහ්‍යොන්ග් වෙන කොහොම උනත් තමන්ගේ හිතේ තරහව සම්බන්ධ හැගීම් එක්ක ගනුදෙන කරන එක පැත්තෙන් ගොඩාක් දුර්වල උනා....

ඉතින් ටේහ්‍යොන්ග් දන්නේ නෑ ඒ කේන්තිය තමන් ජන්කුක්ගෙන් පිට කරන්නේ ඇයි කියලා... පලවෙනි දවසෙම තමන්ව බිම දාපු එකට කේන්තියක් ඉතුරු වෙලා තිබ්බත් ඒක ගනන් ගත යුතු දෙයක් උනේ නෑ.. ඊටත් වඩා ටේහ්‍යොන්ග්ට කේන්ති යන දේවල් ඩෑඩ් හින්දා උනා... ටේහ්‍යොන්ග්ට හිතාගන්න බැරි උනා තවත් ගෑනියෙකව තමන්ගේ ඉස්සරහට අරන් එන ඩෑඩ් ගැන.. ඒත්... තමන්ට කතා කරන විදිය , තමන් ගැන එක පැත්තකින් විතරක් බලන ඩෑඩ් ගැන ටේහ්‍යොන්ග්ට ලොකු දුකක් වගේම කලකිරීමක් තිබුනා....

ඩෑඩ්ගේ වචන, කියන්න බැරි හිතුවක්කාර තීරන ඩෑඩ්ගෙන් ගොඩාක් දුර හිටියත් ටේහ්‍යොන්ග්ට බලපෑවා... ටේහ්‍යොන්ග් දැනන් හිටියා හ්‍යුන්බින් බලවත් කෙනෙක් කියලා වගේම, තමන්ට ඉන්න එකම කෙනා කියලා.. ටේහ්‍යොන්ග් ආස උනා අනිත් හැම ලමයම වගේ ඩෑඩ්ට ආදරේ කරන්න.. ඒත් ටේහ්‍යොන්ග් හිත හදාගන්න හැමවතාවකම ටේහ්‍යොන්ග් නැවතුනේ ඩෑඩ්ගේ තවත් හිත රිදෙන කතා ගොඩාක් එක්ක තනි වෙලා කේන්ති ගත්තු එකෙන් විතරයි...

ආයෙත් ආවමවත් ටේහ්‍යොන්ග් බලාපොරොත්තු උනා එයා බලාපොරොත්තු වෙන විදියෙ ඩෑඩ් කෙනෙක්.. ඒත් පරන ඩෑඩ්ම එයාට ලැබෙනකොට ලගම හිටිය තරහ ගන්න හේතු උන සාධකේ උන ජන්කුක්ව ටේහ්‍යොන්ගේ කේන්තිය පිට කරන්න අහු උනා... කිසිම වරදක් නොකරපු ජන්කුක් ටේහ්‍යොන්ගේ කේන්තියට මැදිවෙලා මාස ගානක් දුක් විදිනකොට ඒක ගැන බලන්න ජන්කුක්ට කිසිම කෙනෙක් හිටියේ නෑ....

හොදටම බැලුවොත් ටේහ්‍යොගෙන් ජන්කුක්ට කරදර සිද්ධ උනේ එක එක අවස්තා වල... නිතරම ටේහ්‍යොන්ග්ට වගේම හැම දේකටම බයෙන් ජීවත් උන ජන්කුක්ට ඒ කිසි දෙයක් තෝර බේරගන්න සිහියක් නොතිබුනත් ටේයොන්ගේ කේන්තිය ඇවිස්සුන අවස්තාවක ටේහ්‍යොන්ග් අතින් ජන්කුක් විනාශ උනා.... ඒ හැම වෙලාවකමත් ටේහ්‍යොන්ග් සිහියෙන් නොසිටියා... කවුරුත් නොදන්නවා උනත් ටේහ්‍යොන්ග් සමහර වෙලාවට දුක් උනා.. ඒත් ඒ දේවල් දකින්න ටේහ්‍යොන්ග්ව තේරුම්ගන්න කිසි කෙනෙක් ටේහ්‍යොන්ග් ගාව නැති වෙනකොට, එහෙට මෙහෙට විසිරුනු උඩ පහල යන හෑගීම් එක්ක තනි උන ටේහ්‍යොන්ග්ව හැමදාමත් කේන්ති යන, ගුප්ත කෙනෙක් විදියට හැමෝටම පෙනුනා....

තමන්ට තමන්වත් තේරුම්ගන්න බැරි තරම් හිර උන, තමන්ගේ අභ්‍යන්තරය එක්කම වාද කරන ජීවිතයක් කොහොමද තවත් වේදනාවෙන් පිරුනු ජීවිතයක දුක තේරුම්ගන්නේ....?

.




.



.



.

"ජන්කුක්...."

"ජන්කුක්..."

"ජන්කුක්ක්ක්ක්......!"

කතා කරලා කතා කරලා තුන් වෙනි පාර වාහනේ පිරෙන්නම හයියෙන් කෑ ගහනකොට ජන්කුක් විතරක් නෙවෙයි මෙච්චර වෙලා හොද නින්දක හිටිය බලු පැටියත් ඇහැරුනා...

"කූං..කූං..."

අතෙන් ආපු වේදනාවට බලු පැටියා කෙදිරි ගානකොට බොක්ස් එක්කට අත තියන් හිටිය ටේහ්‍යොන්ග් හොද පාරක් බල්ලට රැව්වා...

"අහ්.. මේක දාන් එන්න.. කිසි කෙනෙක් ඇහුවට උත්තර දෙන්න ඕන නෑ තමුන්...."

කලු පාට මාස්ක් එකක් ජන්කුක්ට දෙන ගමන් ටේහ්‍යොන්ග් කියනකොට මාස්ක් එක දිහත් ටේහ්‍යොන්ග් දිහත් බලපු ජන්කුක් ඔලුව වනන ගමන් ඒක දා ගත්තා... සන්ග්ලාස් එක දාගන්න ගමන් ටේහ්‍යොන්ග් වාහනෙන් බැහැලා අනිත් පැත්තෙන් දොර ඇරියම ජන්කුක් හෙමීට බැස්සේ බබෙක් වඩා ගන්න තරම් පරිස්සමට බලු පැටියාව වඩාගන්න ගමනුයි...

ගස් කොලන් විශාල ප්‍රමානයකින් වට වෙලා තිබ්බ ලක්සිරි මැන්ශන් එක දිහා බලන ගමන් ජන්කුක් අඩියක් ඉස්සරහට තියනකොට දොර වහන්න ගිහිනුත් ආයෙත් ශීට් එක උඩ තිබ්බ බෑග් එක අවුස්සලා කර පටියක් එක්ක පුන්චි දම්වැලක් ටේහ්‍යොන්ග් අතට ගත්තේ හිතිනුත් ඩොක්ටර්ට බනින් ගමනුයි....

"ඔහොම ඉන්නවා...."

ජන්කුක්ව නවත්තන් ඉස්සරහට දෙන්නත් එක්ක ඇවිදින ගමන්ම ටේහ්‍යොන්ග් ජන්කුක් අතේ හිටපු බලු පැටියට කර පටිය දාන්න ගත්තා... බෙල්ල යටින් අත දාල හිරද බල බල පටිය ඇජස් කරන ටේහ්‍යොන්ග් දිහා ජන්කුක් පුදුමයෙන් බලන් හිටියා... මෙච්චර සොෆ්ට් හදවතක් ටේහ්‍යොන්ග්ට තියනවා කියලානම් ජන්කුක් හිතුවේ නෑ..." සමහර විට සත්තුන්ට විතරක් වෙන්න ඇති" ජන්කුක්ට හිතුනා...

"යෝ..යෝ....උබ වඩිනකන් අපි මෙතන කට්ට කන්න ඕන..උබලත් පුදුම යාලුවෝ තමයි.. යකෝ මගෙ බර්ත් ඩේ එකට උබලා මෙහෙමද මට සලකන්නේ..."

ඉස්සරහින් ඇහුන මාර්ක්ගේ හඩට ඇස් හීනි කරලා බලන ගමන් ටේහ්‍යොන්ග් කර පටියේ තිබුනු රින්ග් දෙක එකට අල්ලලා වැඩිය බර නැති පුන්චි දම්වැල දැම්මා...

"බිමින් තියලා කොහෙන් හරි ගැටගහන්න.. නැත්නම් මම යන්න ඕන ඕකව හොයන්නත්..."

ජන්කුක්ට යන්තම් තදින් මුමුනපු ටේහ්‍යොන්ග් ඉස්සරහට යනකොට ජන්කුක් පහලට එල්ලුන දම්වැල අතේ ගුලි කරගන්න ගමන් බලු පැන්චාගේ ඔලුව උඩින් හාද්දක් තිබ්බා... කොච්චර බැන්නත් අන්තිමට මෙහෙමත් කෙයර් කරපු එක ගැන හිතලා ජන්කුක් සතුටු උනා...

"කවුද මේ... උබ මට ගිෆ්ට් එකට පපී කෙනෙක්ද ගෙනාවේ...."

මාක් ජන්කුක් ගාවට ඇවිදන් එන ගමන් බලු පැටියට අත තියන්න හදනකොට ඉස්සරහ හිටිය ටේහ්‍යොන්ග් ඉක්මනට ඇවිත් මාක්ව ඇදලා ගත්තා...

"උබට නෙවෙයි ඒ... කටවහන් පලයන් ඇතුලට ආවා, බල්ලෝ ඉල්ලන්න..."

ටේහ්‍යොන්ග් හේතුවක් නැතුව අතවත් තියන්න නොදී කෑ අගනකොට , ටේහ්‍යොන්ගේ හැටි දන්න මාක් හිනාවෙලා ආයෙත් දොර පැත්තට ඇවිදන් ගියා...

ටික්කින් පාර්ටි එක පටන් අරන් හැමෝම කේක් කපලා එන්ජෝයි කරා... ජන්කුක් මාස්ක් එකත් දාන් අයිනකට වෙලා හිටියා... එහෙට මෙහෙට කලබලෙන් ඇවිදින කට්ටිය අතරේ බලූව බිමින් තියන්න ජන්කුක්ට ඕන උනේ නෑ... එහෙට මෙහෙට ගිය කීප දෙනෙක් ජන්කුක් දිහා හැරිලා බලනකොට ජන්කුක් අපහසුවෙන් වගේම ලැජ්ජාවෙන් බිම බලන් හිටියා....

"අර කවුද බන් උබ එක්කන් ආවේ... කොල්ලනම් ලස්ස්න පාටයි ..."

යුන්ගි ටේහ්‍යොන්ගේ කනට ලං වෙලා අහනකොට තමයි ටේහ්‍යොන්ග්ට ජන්කුක්ව මතක් උනේ... යුන්ගිගේ ඇස් තියන පැත්ත බැලුවාම තමයි අයිනකින් හිටන් හිටපු ජන්කුක්ව දැක්කේ.. එක පාරටම ඒ ඇස් වල අසරණකම දැක්කම ටේහ්‍යොන්ට අමුතු උනා.... පලවෙනි වතාවට ජන්කුක්ව මේ වගේ තැනකට එක්කන් ආව එක ගැන අවුලක් ටේහ්‍යොන්ග්ට දැනෙන්න ගත්තා.... කොච්චරවත් යන්න බෑ කියලා අඩපු හැටි මතක් උනාම අතේ තිබ්බ ග්ලාස් එක පැත්තකින් තියන ගමන් ටේහ්‍යොන්ග් නැගිට්ටා...

නැගිටලා කට්ටිය මැදින් ටේහ්‍යොන්ග් ජන්කුක් ගාවින් හිට ගත්තාම මෙච්චර වෙලා බිමට හැරවිලා තිබ්බ ඇස් දෙක උඩට ඉස්සුනා... කොයි තරම් වද දුන්නත් තමන් දන්න එකම කෙනා ටේහ්‍යොන්ග් වෙනකොට ඒ ඇස් දිලිසුනා..

"කෝ..ඕකව දෙන්න..."

ජන්කුක්ගේ අතින් බලු පැටියාව ගත්තු ටේහ්‍යොන්ග් එතනින් හැරිලා ඇතුලට යනකොට අතේ තිබ්බ ෆේස් ටවල් එකත් අරන් ජන්කුක් ටේහ්‍යොන්ගේ පස්සෙන් ආවා.. ටේහ්‍යොන්ග් ඇවිත් කොටු හැඩේට තිබුනු බාස්කට් එකක් ඇතුලෙන් බලු පැටියාව තියලා ඒකෙන්ම දම්වැලත් ගෑට ගැහුවම බලු පැටියා ඉක්මන්ට නැගිටලා අතත් උස්සක් කූං කූං ගාලා බයෙන් කෑ ගහන්න ගත්තා..

ජන්කුක් බිමට නැවිලා බලු පැටියව ඉබින ගමන් ටවල් එකෙන් ඔතලා ආයෙත් බාස්කට් එක ඇතුලෙන් තියනකොට ටේහ්‍යොන්ග් නැගිටලා අත් දෙක බැදගත්තා... ජන්කුක් නැගිට්ට ගමන් අතෙන් ඇදන් දොරක් ගාවින් නතර උන ටේහ්‍යොන්ග් දොර ඇරලා ජන්කුක්ව ඇතුලට තල්ලු කරා...

"මූන හෝදන් එනවා..පාරවල් වල ඉන්න බල්ලො ඉබිනවා මෙතන..."

හෙන ගහන්න වගේ ටේහ්‍යොන්ග් කෑ අගහනකොට ජන්කුක් බාගෙට ගැලවුන මාස්ක් එක පිටින කට ඇරන් බලන් හිටියා...

"හෝදගන්නවා ඉතින්...."

ආයෙත් කෑ ගැහුවම ජන්කුක් ඉක්මනට සින්ක් එක ගාවට ගිහින් මාස්ක් එක ගලවලා මූන හෝදගත්තා...

"යන්..."

ජන්කුක්ට ආයෙත් මාස්ක් එක දාගන්න කියන ගමන් ටේහ්‍යොන්ග් ඇතුලට යනකොට ජන්කුකුත් පස්සෙන් ගියා...

"මේ කවුද අපේ ටේහ්‍යොන්ග් එක්ක ආඅවේ..."

මාක් ඇවිත් ජන්කුක්ගේ කරට අතක් දාගන්නකොට ජන්කුක් එක පාරටම ගස්සිලා ගියා.. බාහිර ස්පර්ශයට කොහොමත් බය උන ජන්කුක් ටිකක් එතනින් එහාට වෙන්න වගේ හැදුවම ටේහ්‍යොන්ග් මාක්ගේ අත් අරන් එහාට තල්ලු කරන ගමන් ජන්කුක්ව ඇදලා එහා පැත්තෙන් තියාගත්තා...

"දැන් තොපි මට පාර්ට්නර් කෙනෙක් ගේන්න කිව්වා නේද.. එහාට වෙලා ඉදපල්ලා..."

එතන ටේබල් එක උඩ තිබ්බ ෆෘට් ජූස් ග්ලාස් එකක් ජන්කුක්ගේ අතෙන් තියන ගමන් ටේහ්‍යොන්ග් කියනකොට යුන්ගි මාක් එක්ක මූනට මූන බලාගත්තා...

"මේ ජන්කුක්... මගේ පාර්ට්නර්..."

"යෝහ්... ඇත්තට ඉතින් අපිට ඉන්ට්‍රොඩියුස් කරන්න.. කවුද මේ.. ෆැමිලි එක මොකක්ද..."

"මන් දැන් සැරයක් කිව්වා උබට..."

"ඕකේ..ඔකේ... රෙස්ට් කරනවා නම් කරලා වරෙන් අපි බාබිකිව් පාටියක් දානවා තව ටික්කින්... දැන් රෑ වෙනවානේ... හේයි ගර්ල්ස්...."

අත් දෙක උස්සලා කියන ගමන් යුන්ගිගේ කර වටෙන් අත දාගන්න ගමන් මාක් එතනම එහා පැත්තේ හිටපු ගර්ල්ස්ලා ටික ගාවට ගියේ කට කොනින් හිනා වෙන ගමනුයි..

"ඉදගන්න..."

තාමත් අතට හිර කරන් වීදුරුව තියන් ඉන්න ජන්කුක්ව එතනින්ම ඉන්දවගත්තු ටේහ්‍යොන්ග් එහා පැත්තෙන් වාඩි උනා...

"ම..මහත්තයා...."

"ටේහ්‍යොන්ග්...."

"අහ්..."

ජන්කුක් හෙමින් මහත්තයා කියලා කතා කරනකොට ටේහ්‍යොන්ග්, ටේහ්‍යොන්ග් කියලා කිව්වා... කිව්වෙ මොකක්ද කියලා තේරුන් නැති ජන්කුක් අහ් ගානකොට ටේහ්‍යොන්ග් අතේ තිබ්බ ශැම්පේන් ග්ලාස් එක තොල ගෑවා...

"ටේහ්‍යොන්ග් කියලා කතා කරනවා....."

"අ..අනේ ඒත් කොහොමද ම..මම..."

"මේ.. මන් තමුසෙව කන්න හැදුවේ නෑනේ ඔය හැටි ගොත ගහන්නේ.. නෝමල් විදියට ඉන්නවකෝ.. අර බල්ල දාලා එන්න හැදුවා එතන ටැප් එක අරින්න ගත්තා... තව පාරක් බය වෙලා ගොත ගහනවාකෝ මුන් ඉස්සරහා, අර බල්ලට මන් කරන දේ බලන්න..."

එතකොට නම් ජන්කුක් තමන්ගේ අතකින්ම කට වහගත්තා.. දෙයියනේ ටේහ්‍යොන්ග් බල්ලෙක් ගැන කියලා තර්ජනේ කරන්න තරම් කෝමද නපුරු උනේ... කොහෙන් ගියත් වෙන්නෙ ටේහ්‍යොන්ගෙන් බැනුම් අහන්න හින්දා ජන්කුක් කට වහගෙන මාස්ක් එක ගලවලා තියන ගමන් වීදුරුව තොල් වලට ලන් කරගත්තා...

තමන්ගේ ඉස්සරහා ටේබල් එක උඩ තියන පාට පාට වීදුරු ගොඩ දිහා බැලුව ජන්කුක් තමන්ගේ අතේ තියන තැඹිලි පාට වීදුරුවෙන් සෑහීමකට පත් උනා... එයා නොදන්නවා උනාට ටේහ්‍යොන්ග්ට ඕන උනේ නෑ ජන්කුක්ව මත් කරවන්න... ටේහ්‍යොන්ග්ට පුලුවන් උනා නම් මේ දැන් ජන්කුක්ව ආයෙත් මැන්ශන් එකට දාලා එනවා... ඒ වගේ පසුතැවීමක් ටේහ්‍යොන්ග්ට ජන්කුක්ගේ පුන්චි ලමයෙක්ගේ හැසිරීම හින්දා ඇති වෙලා තිබ්බා.....

ටේහ්‍යොන්ග් හිටියේ බැල්කනි එකේ තිබ්බ සුදු පාට පුටුවෙන් වාඩි වෙලා...මාක්ගෙයි යුන්ගිගෙයි පාටි ගැන ඇති තරම් අත්දැකීම් තිබ්බ ටේහ්‍යොන්ග් ජන්කුක්ව එතනට එක්කන් ගියේ නෑ වගේම ගොඩාක් රෑ වෙනකොට එතනින් ආවා...

හරිනම් ටේහ්‍යොන්ග් ජන්කුක්ව එක්කන් ආවේ මොකකටද කියලා ටේහ්‍යොන්ග්ටම මතක් වෙන්න ඕන උනා.. ඒත් මොකක්දෝ දේකට ටේහ්‍යොන්ගේ හිත ඒකට ඉඩ දුන් නෑ... එලියේ ගාඩ්න් එකේ තැන තැන වෙලිලා ඉන්න උන් ටික දැක්කම ටේහ්‍යොන්ග් ප්ලේට් එක්කට කෑම බෙදාගෙන මැන්ශන් එක ඇතුලට ආවා... කාමරේට ආවත් ජන්කුක් පේන්න හිටියේ නැති හින්දා ප්ලේට් එක මේසෙ උඩින් තියලා ඇදා ගාව ඉන්න බලු පැටියටත් තට්ටුවක් දාන ගමන් බැල්කනියට ඇවිදන් ආවා...

කෑන් එකෙන් ආයෙත් උගුරක් බීලා පාතට දාපු ටේහ්‍යොන්ග්ට ඇහුනා බාත් රූම් එකේ දොර ඇරිලා වැහෙන සද්දේ... ටික්කින් කිසි සද්දයක් නැති උනත් ආයෙත් හැරිලා බලපු ටේහ්‍යොන්ගේ හිත හෝස් ගාලා ගියා... සුදු පාට ලොකු ටී ශර්ට් එක්කට පුන්චි ශෝට් එකක් ඇදන් හිටපු ජන්කුක් ඇද ගාවින්ම බිම වාඩි වෙලා බලු පැටියව උකුල උඩ තියන් හිටියා...

අඩුම ජන්කුක් බලු පැටියට ආදරේ කරන තරම්වත් කවුරුත් එයාට ආදරේ කරලා නෑ කියලා ටේහ්‍යොන්ග්ට දැනුනා..ඊරිසියාවක්...දුකක්... තරහක්... කලකිරීමක්... ඒ ඔක්කොම මිශ්‍ර උන තමන් ගැනම ඇති උන දුකක් ටේහ්‍යොන්ග්ට දැනුනා...

අතේ තිබ්බ කෑන් එක අතේම පොඩි වෙනකොට ටේහ්‍යොන්ග් එතනින් නැගිටලා ඇතුලට ආවා... ජන්කුක්ව එක අතකින් ඇදලා නැගිට්ටෙව්ව ටේහ්‍යොන්ග් ඒ මූන දිහාම බලන් හිටියා... බලු පැටියාවල් අල්ලන් ඉන්න අත් දිහාම බලන් හිටියා.. එක පාරටම උන දේ තේරුම්ගන්න බැරුව ජන්කුක් ටේහ්‍යොන්ග් දිහා බලන් හිටියත් අත එන්න එන්න ටේහ්‍යොන්ගේ අතට තද වෙනකොට දැනුනු වේදනාවට ජන්කුක්ගේ මූන වේදනාවෙන් බර උනා...

"ඇ..ඇයි මමම...."

මුමුනලා ජන්කුක්ව තල්ලු කරන ගමන් ටේහ්‍යොන්ග් ඒ අතෙන්ම තමන්ගේ කොන්ඩේ ඇදගත්තා...

.




.





.




.





.




.

**********************

___________________________Dark_Sunshiner 🤍🥀



ටේහ්‍යොන්ග්ව තේරෙනවද....
ජන්කුක් වැඩිය කතා කරන් නෑ හිතෙනවාද..
ඉස්සරහට කතා කරයි...<3(¯'◕‿◕'¯) ♡♥✾

කතාව ගැන මොනා හරි කියන් යන්න..
ඔයාලට හිතෙන දේ ගැන අදහසක් ඕන, තේරෙනවාද වගේ දැන ගන්න...💫🥀

Thanks for reading ♥️

To be Continued...

2023/08/08

Bạn đang đọc truyện trên: AzTruyen.Top