|08|

"Prime minister මිස්ටර් මින්... වාඩිවෙන්න..."

හ්‍යුන්බින් තමන්ගේ අත දික් කරලා ඉස්සරහා සෝෆා සෙට් එක පෙන්නන ගමන් තමන්ගේ පුටුවෙන් නැගිට්ටා...

"යෝහ්.. හන් තමුසේ මට විහිලු කරනවා..."

"මම විහිලු කරන් නෑ තව ටිකෙන් විහිලුවක් වෙන්නේ ඔබතුමා... ජන්ග් කොහොමද..."

" අපි පෙරේදත් කතා කරා හන්..."

"මන් කොහොමද අහන්නේ සැප දුක දැනගන්නම නෙවෙයි ජන්ග්..."

මින් , හ්‍යුන්බින්, ජන්ග් හයියෙන් හිනාවෙන්න ගත්තේ හ්‍යුන්බින්ගේ සෙකට්‍රි කැබින් එකේ දොර වහන් එලියට යනකොට...

හ්‍යුන්බින් ග්ලාස් තුනකට අයිස් කැට දානකොට ජන්ග් රැක් එකේ තිබුනු ලිකර් බොට්ල් එක ඕපන් කරා...

"ඇත්තටම මට දුකයි අපේ උන්ගේ වැඩ ගැන හන්..."

ප්‍රයිම් මිනිස්ටර් එහෙම නැත්නම් මිස්ටර් මින් එහෙම කියනකොට හ්‍යුන්බින් අතේ තිබ්බ ග්ලාස් එක පැත්තකින් තියලා ඉස්සරහා ග්ලාස් වෝල් එක වහලා තිබ්බ තිරේ රිමෝට් එකෙන් ඕපන් කරා...

"මුකුත් වැඩක් නෑ මම ඒ සිද්ධියට කැමති නෑ..."

හ්‍යුන්බින් කියනකොට ජන්ග් පුදුමෙන් බැලුවා..

"උබ මර්ඩර් එකක් වහපු පලවෙනි පාර මේක නෙවෙයි ..."

"මන් ඒක දන්නවා බන්, මට එකම දේ මතක් වෙනවා, උන හැමදේම ඒ විදියටම උනා වගේ..."

හ්‍යුන්බින්ට කතාව ඉවර කරගන්න බැරි උනේ මින් තමන්ගේ අතේ තිබ්බ ග්ලාස් එක වේගෙන් ස්ටූල් එක උඩින් තිබ්බ හින්දා... ඉදන් හිටපු පුටුවෙන් නැගිට්ට මින් හ්‍යුන්බින්ගේ ශර්ට් කොලර් එකෙන් අල්ලගත්තේ කේන්තියෙන් දත්මිටි කන ගමනුයි..

"මොකක්ද උබ කියන්නේ.. උබට මොකක්ද ඕනේ කියපන්.. අහ්..."

"මින්,, අතෑරපන්... පිස්සුද උබට , "

ජන්ග් මින්ගේ අත් දෙකෙන් හ්‍යුන්බින්ව ඈත් කරන්න හදනකොට මුකුත්ම නොකියා හ්‍යුන්බින් කට කොනින් හිනා උනා....

"උබ..උබ... මතක තියාගනින්..."

මින් කේන්තියෙන් වෙව්ව්ලනකොට ජන්ග් මින්ව පුටුව උඩට තල්ලු කරේ හ්‍යුන්බින් පුටුවෙන් නැගිටලා තමන්ගේ ඇවිස්සුන ශර්ට් එක හදාගන්නකොටයි...

"ඇයි, උබට බය හිතුනද.. අහ් මින්... මෙච්චර මේ කේස් හැඩ්ල් කරන මාව උබ අවිශ්වාස කරාද...'

ග්ලාස් වෝල් එක ගාවින් හිටගෙන සාක්කුවට අත දාගන්න ගමන් හැරිලාවත් නොබලා හ්‍යුන්බින් අහනකොට මින් ග්ලාස් එකම කටට හලාගත්තා...

"හන්.. උබ දන්නවනේ ඉලෙක්ශන් එකට කොච්චර දවසක්ද තියෙන්නේ කියලා , මම බය වෙන එක සාධාරනයි.. අනික උබට මෙහෙම ඉන්න පුලුවන් මන් එතන ඉන්න හින්දා, උබ ඒක අමතක කරන්න එපා..."

මින්ගේ කතාව ඉවරවෙනකොට හ්‍යුන්බින් මහ හයියෙන් හිනාවෙන්න පටන් ගත්තා... හිනා වෙලා හිනා වෙලා අන්තිමට තමන්ගේ ඇගිලි තුඩකින් ඇස් කොනක් පිහගන්න ගමන් සෝෆා එක පැත්තට හැරුනා...

"tsk..tsk...උබට වැරදුනා , මිස්ටර් මින්, උබ හින්දා නෙවෙයි මම හින්දයි උබ ඒ පුටුවේ ඉන්නේ.. උබව ඒ පුටුවෙන් පාරටම ඇදලා දාන්න මට පැය විසි හතරක්වත් යන් නෑ කියන්නත් උබ දන්නවා... "

"යහ්.. හන් , මින් මොකද තොපි දෙන්නට වෙලා තියෙන්නේ.. අපි ආවේ රන්ඩු වෙන්නද... ආයෙ උඩට එන් නැති රෙද්දවක් ඇදලා අරන් උබලා මොකටද රන්ඩු වෙන්නේ... "

ජන්ග් සෝෆා එකෙන් නැගිටින ගමන් කෑ ගැහුවම හ්‍යුන්බින් කට කොනින් හිනා වෙන ගමන් ආයෙත් ග්ලාස් වෝල් එක දිහාට හැරුනා....

"නවත්තපල්ල, හන් ඇවිත් වාඩිවෙයන්... මින් උබත් නවත්තගනින්.. උබලා රටේ උඩම තැන ඉන්නෙ, ඒ උනාට මෙතන කා කොටාගන්නවා... අපි ආපු වැඩේ කතා කරමු..."

ටිකක් වෙලා යනකොට හ්‍යුන්බින් ආයෙත් සෝෆා එකෙන් වාඩි උනා..

"මගේ කන්ටේනර් පහක් තියන්වා රිලීස් කරගන්න..."

ජන්ග් පෝන් එක දිහා බලන් කිව්වම හ්‍යුන්බින් ඇහි බැමක් උස්සලා බැලුවා..

"උබේ විතරක්, පහක්?"

"මගේ තමයි, ඩොකියුමන්‍ට් මගේ උනාට මුගෙත් දෙකක් තියනවා..."

මින්ව පෙන්නන ගමන් ජන්ග් කිව්වා....

"මගේ කන්ටේනර ටිකක් හෙට අනිද්දා වෙද්දි එනවා, එතකන් උබේ ටික ඇතුලෙම තියපන්... ඇතුලෙන්ම මික්ස් කරලා මගේ ටිකත් එක්ක එලියට ගනින්... "

හන් එහෙම කියනකොට ජන්ග් කෝල් එකක් ගන්න ගමන් නැගිට්ටා...

"ලී... අපිට ඩිනර් ගන්න තැනක් බුක් කරනවා... ටේහ්‍යොන්ග්ටත් එන්න කියනවා..."

බෙල් එක ගැහුවම ඇතුලට ආපු ලීට හ්‍යුන්බින් කිව්වම ලී ගොතගහන්න ගත්තා...

"ස..සර්.. බේබි ගිහින්..."

"වට්... දැන් වෙලාව කීයද... "

"බේබි අටට වගේ ගියේ..."

"ගෙදර ගිහින්ද..."

"තාම නෑ සර්...."

"හොයලා බලපන් කොහෙද ගියේ කියලා, අරුන් දෙන්නත් ඉන්නවද කියලා බලපන්... ශිට් මට නම් තේරෙන් නෑ මුන්ව කොහොම හදන්නද කියලා...."

එලියට යන ලී දිහා බලන් දත්මිටි කාගෙන හ්‍යුන්බින් කිව්වම මින් නැගිටින ගමන් හ්‍යුන්බින්ගේ උරහිසර තට්ටුවක් දැම්මා...

"මොකක්ද අවුල, යුන්ගි මුකුත් නොකියා ගෙදරින් යනවා එනවා විතරයි... මට කොහොමත් ටයිම් නෑ ඌව අල්ලගන්න..."

"හේජි..."

"මොකක්ද හරියටම උනේ..."

"ඩ්‍රග්ස් අරන් තුන් දෙනාම...."

"වට්... මන් මරනවා මූව අද, මගේ නම්බුව කන වැඩ කරන්නේ, මුන්ට ගානක් තියනවද ඉලෙක්ශන් එක ගැන.. මෙහෙම උනොත් මන් මූව ආයෙත් යවනවා...."

මින් හයියෙන් කෑ ගනකොට කෝල් එකෙන්ම මාක්ට බනින ගමන් ජන්ග් ඇවිත් වාඩි උනා...

"තුන් දෙනාම ක්ලබ් එකේ..."

ජන්ග් කිව්වම මින් තමන්ගේ ඇගිලි තුඩු වලින් නලල මිරිකගත්තා...

"වහලා දාපන් මේ කේස් එක, ඕන දෙයක් කරලා... තව මාසයක් ඇතුලත කොනක් හරි ගැස්සුනොත් අවුරුදු ගානක වැඩ ලොස්..."

මින් හ්‍යුන්බින්ගේ උරහිස මිරිකන ගමන් කිව්වම හ්‍යුන්බින් උරහිස ගස්සලා ගත්තා...

"වරෙන් යන්න, ඩිනර් එකට..."

.




.



.



.



.

"මන් අයින් වෙනවා කම්පැනි එකෙන් ..."

"පිස්සු කෙලින්න එපා යකෝ, උබට පිස්සුද..."

ටේහ්‍යොන්ග් කියනකොට යුන්ගි මාක් දෙන්නම එකම හඩින් කෑ ගැහුවා...

"මට ඩෑඩ්ගේ වැඩ එකක්වත් අල්ලන් නෑ, "

ටේහ්‍යොන්ග් ආයෙත් කිව්වම යුන්ගි මාක් දිහා බැලුවා...

"එහෙම බැලුවොත් මේ කිසි දෙයක් හරියන වැඩ නෙවෙයි බන්, අපි ඉන්නෙ මේ මොනවගෙන්වත් ගැලවෙන්න බැරි තැනක..."

ලොකු හුස්මක් පාත දාන ගමන් යුන්ගි කියනකොට මාක් ඔලුව වැනුවා..

"දැන් මොකක්ක්ද උබේ ප්‍රශ්නේ කියපන්කෝ..."

"මට ඒකේ මිනිස්සුන්ට මූන දෙන්න බෑ..."

"ඒ කීවේ..."

"ඒ කියන්නෙ , ඩෑඩ්ගේ වැඩ හින්දා මට කම්පැනි එක ඇතුලේ ඉන්න එකෙක්ටවත් මූන දෙන්න බෑ..."

ටේහ්‍යොන්ග් එක හුස්මට අතේ තිබ්බ ග්ලාස් එකම බිලා කිව්වා...

"කවුරු හරි මොනවා හරි කිව්වද..."

මාක් ඇහුවම ටේහ්‍යොන්ග් ඔලුව වැනුවා..

"එහෙනම් නටන් නැතුව ඉදපන්, උබගේ ඩෑඩ් ගැන නොදන්න කෙනෙක් නෑනේ.. අනික අන්කල්ගේ පෞද්ගලික ජීවිතේ කාටවත් වැඩක් නෑ, ඒක උබටත් තේරෙනවා අපිටත් තේරෙනවා.. අනික අන්කල් කොල්ලෙක් නෙවෙයි කරන්න ඕන මොනවද නැත්තෙ මොනවද නොතේරෙන්න.. උබ දන්නවනේ, අපිට අහක දාන්න බෑ මුකුත්, අන්කල් නැත්නම් අද අපි ලෝක අමාරුවක..."

"වහගනියව් තොපි දෙන්න කට, "

ක්ලබ් එක වටේට ඇස් යවන ගමන් ටේහ්‍යොන්ග් සැර කරාම යුන්ගි මාක් දෙන්න කට ඇද කරා...

"අනික උබ මොකද අද ඔහොම ඉන්නේ..."

ටේහ්‍යොන්ගේ උඩ ඉදන් යටට බලන ගමන් මාක් අහනකොට ටේහ්‍යොන්ග් ඇහි බැමක් උස්සලා බැලුවා...

"කොහොමද..."

"අපි දෙන්න රූම් එකෙන් එනකොටත් උබ ඉදගත්තු විදියටම ඉන්නවා, දැන් ආපු එක කෙල්ලෙක්වත් උබ ඇල්ලුවෙවත් නෑනේ..."

ඒ වෙලාවේ නම් ටේහ්‍යොන්ගේ කට කොනින් පේන නොපෙනෙන හිනාවක් ඇදිලා ගියා..

"යෝ..යෝ.. මොකක්ද ඒ සීන් එක.. මට උබේ හිනාව ඇල්ලුවේ නෑ.. කවුරු හරි.......

"වහගනින් කට... කියවනවා මෙතන..."

ටේහ්‍යොන්ග් අතේ තිබ්බ සිගරට් එකෙන් ගහන ගමන් කෑ ගැහුවම යුන්ගියි මාකුයි හයියෙන් හිනා උනා...

"ඒ, ඇත්තටම ටේහ්‍යොනා මොකක්ද ඒ සීන් එක.. අනික උබ වෙනස් නේන්නම්, මූ කියනකම් මට මීටර් උන් නෑ, අද උබ ඩාන්ස් කරන්නෙවත් නැද්ද....?"

"මයින්ඩ් එකක් නෑ..."

"මයින්ඩ් එකක් නැද්ද, නැත්නම් සෙට් වෙන එකක් මෙතන නැද්ද..."

"මන් දැන් උබලට ආයෙත් කියන් නෑ, මන් යනවා ගෙදර...."

ආයෙත් කෑ ගහන ගමන් කෝට් එක අතට ගත්තු ටේහ්‍යොන්ග් නැගිට්ටම යුන්ගිගෙයි මාක්ගෙයි ඇස් නලලට ගියා...

"යාහ්, මුට මෙච්චර තද වෙන්න මොකද තියෙන්නේ..."

"උට තද උනාට කමක් නෑ, ඊලග වතාවේ අපිව ඇදන් යන්න ඩෑඩ් එන්න කලින් යමන් අපි දෙන්නත්..."

යුන්ගිගේ අතින් ඇදන් මාකුත් එලියට ඇවිත් පාකින් ලොට් එකට යන ටේහ්‍යොන්ග් ගාවින් නතර උනා...

"එහෙනම් අනිද්දා මතකනේ... පාට්නර් කෙනෙක් අරන් වරෙන්... ෆුල් එන්ජෝයි ඕකේ...."

මාක්ගේ කටහඩට හැරුන ටේහ්‍යොන්ග් රවලා බැලුවා...

"එක පාරකුත් ෆුල් එන්ජෝයි කරන්න ගිහින් අන්තිමට ම්ම්හ්බ්ප්....."

ටේහ්‍යොන්ගෙ කට අත් දෙකෙන්ම මාක් වැහුවම ටේහ්‍යොන්ගෙ අත් දෙක ඇදලා දාලා දෙන්නවම තල්ලු කරා...

"ඕන්නම් මන් තනියම එන්නම්... මට ඇති පාර්ට්නර් කෙනෙක් නෑ... අනික උබේ බර්ත් ඩේ පාර්ටි එක මිසක් වෙන මුකුත් නෙවෙයිනේ..."

"ඔන්න , ඔන්න ඉතින් උබ මගුලක් කතා කරනවානේ.... මේ ෆුල් පර්මිශන් පිට කරන වැඩ... ඩෑඩ්මයි ප්ලේස් එක බුක් කරේ, උබට තනියම ඇවිත් වේලෙන්න තමයි...."

එක දිගට වැනි වැනි කියවන යුන්ගිවයි මාක්වයි දාලා ටේහ්‍යොන්ග් වාහනේට නැග්ගා... මාක්ගේ බර්ත් ඩේ පාර්ටි එකට ප්‍රයිවර් සෙලිබ්‍රේශන් එකක් ප්ලෑන් කරලා තිබ්බා...

"මමත් කවදා හරි පිස්සෙක් වෙනවා මුන් හින්දා..."

අත් දෙකෙන්ම කොන්ඩේ පිටිපස්සට කරලා වාහනේ ඩ්‍රයිව් කරන්න ගත්තු ටේහ්‍යොන්ග් ටික වෙලාවකින් මැන්ශන් එකේ ගේට් එකෙන් ඇතුලට වාහනේ දැම්මා....මිදුලෙම වාහනේ නවත්තලා කෝට් එක එක අතකටයි කී එකයි අරන් ඇතුලට ගියාම වෙනදා වගේම කිචන් එක වෙන්වුනු බිත්තිය ගාවින් ඒ පොඩි ඇස් දෙක එබිලා බලන් ඉන්නවා ටේහ්‍යොන්ග් දැක්කා... ඒක පුරුද්දක් වෙලා තිබ්බ හින්දා, අසිහියෙන් ආවත් ඒ දසුන ටේහ්‍යොන්ග්ට පුරුදු දසුනක් වෙලා තිබ්බා... දැන් තමන් කාමරේට ගිහින් ටික්කින් ජන්කුක් කාමරේට එනවා කියලා ටේහ්‍යොන්ග් දන්න නිසාම නිකමට හැරෙන් නැතුවම පඩිපෙල නැගලා ටේහ්‍යොන්ග් උඩට ගියා....

හිතුවා වගේම සපත්තු දෙකත් මග ගලව ගලව ගිහින් කෝට් එක එල්ලලා ටයි එක ගලවනකොට දොරට තට්ටු කරනවා ටේහ්‍යොන්ට ඇහුනා...

"එන්න..."

හැරිලාවත් නොබලා ටේහ්‍යොන්ග් කිව්වම ජන්කුක් හෙමීට දොර ඇරන් ඇතුලට ඇවිත් එහෙ මෙහෙ ගලවපු සපත්තු දෙක රැක් එකෙන් තියලා මේස් දෙකත් අතේ ගුලි කරන් පොඩි ටේබල් එක උඩ තිබ්බ ජග් එකෙන් වීදුරුවට වතුර එක්කුත් පුරවලා තිබ්බා... ශර්ට් එකත් ගලවලා පුටු ඇන්ද උඩින් දාලා ටේහ්‍යොන්ග් බාතෲම් එක ඇතුලට ගියාම ජන්කුක් ඒ ටිකත් එකතු කරන් සෝදන ඇදුම් දාන බින් එකට දාලා ක්ලෝසෙට් එක ගාවට ගිහින් දොර ඇරලා ඇතුලට ගිහින් ටේහ්‍යොන්ග්ට ශෝර්ට් එකක් එක්ක ආම් කට් එකක් අරන් ඇද උඩින් තියලා ආයෙත් පහල ආපු ජන්කුක් කෝපි එකක් හදන් උඩට ආවා...

ඒ වෙනකොට ටේහ්‍යොන්ග් එලිය ඇවිත් ටවල් එක පිටින්ම තව පොඩි ටවල් එක්කින් ඔලුව පිහිනවා.... ගොඩාක් වෙලාවට හැමදාම වගේ මේ පිලිවලට වැඩ වෙනකොට ඒක ටේහ්‍යොන්ග් ජන්කුක් දෙන්නම පුරුදු වෙලා තිබ්බා.. ඒ උනත් ඕනවටත් වඩා රිදුම් දෙන වේදනාත්මක මතක හින්දම ජන්කුක් කල යුතු නිසා මිසක් නැත්නම් මේ වැඩ නොකරන්න තිබුනා....

හෙමින් ටේහ්‍යොන්ගේ ටේබල් එක ගාවට ගිහින් කප් එක මේසේ උඩින් තියනකොට ජන්කුක්ට පිටිපස්සෙන් සීතල හුලගක් දැනුනා...

ජන්කුක්ගේ වටෙන්ම අත දාලා කප් එක අතට ගත්තු ටේහ්‍යොන්ග් අතේ තිබ්බ පොඩි තුවාය ජන්කුක්ගේ කර උඩට දැම්මා...

ටේහ්‍යොන්ග් හොදටම දැක්ක ලගට ගිහින් කප් එක අතට ගන්න වෙලාවේ ජන්කුක් ගැහුන විදිය... ආයෙත් හෙමින් අත් දෙකෙන්ම ටවල් එක අල්ලන් ගිහින් රැක් එකෙන් දාන විදිය....

"ජන්කුක්...."

"ම..මහත්තයා..."

"අනිද්දට ගමනක් යන්න තියනවා ලෑස්ති වෙන්න..."

.





.




.




.




.



.

*******************

___________________________Dark_Sunshiner 🤍🥀





Jung Mark...
Mr.Jung's son

Min Yoongi
Mr.Min's son
(Mr.Min : Prime Minister)


Thanks for reading♥️

To be Continued...

2023/08/03

Bạn đang đọc truyện trên: AzTruyen.Top