|02|

ජන්කුක් කාමරේ ඇතුලට ඇතුල් වෙලා ටිකක් වෙලා බිම බලන් හිටියේ ජනේලේ ගාව පිට පැත්ත හැරිලා ඉන්න කෙනා තමන්ව දකිනකනුයි..

"මොකටද ආවේ... ආව කාරනාව කියන්න කට නැද්ද..."

හයියෙන් හැරෙන්නවත් උවමනාවක් නැතුව ටේහ්‍යොන්ග් අහන්කොට ජන්කුක් තදින් ඇස් වහාගත්තා..

"තමුන් මොකද මෙතන කරන්නේ...මම.....

ටේහ්‍යොන්ග්ට කතාව සම්පූර්න කරගන්න බැරි උනේ ජන්කුක් දනිස් දෙක බිමින් තියනගමන් දනගැහුව හින්දයි..

"අ..අනේ මහත්තයා.. මම ඕනම දෙයක් කරන්නම්, මට මෙතනින් ඇර යන්න තැනක් නැහැ... මට මෙහෙ ඉන්න දෙන්න.. ම..මම ඕනම දෙයක් කරන්නම්......'"

ජන්කුක් ඇඩුම් කටහඩකින් ආයාචනා කරත් ටේහ්‍යොන්ගෙන් කිසිම ප්‍රතිචාරයක් තිබුනේ නෑ.. ජන්කුක් බිම ඉදන්ම තමන්ගේ ඔලුව උස්සලා බැලුවා... ඒ ගමන්ම ජන්කුක් ගැස්සිලා පිටිපස්සට වැටුනේ තමන්ගේ මූනටම එබිලා ඉස්සරහා පුටුවකින් ඉදන් ඉන්න ටේහ්‍යොන්ග්ව දැක්කහම .. ජන්කුක් එවෙලෙයි ඒ නපුරු ඇස් දෙක හරියටම දැක්කේ.... ඒ බැල්මට ජන්කුක්ට ඇත්තටම බය හිතුනා..

"ඉතින්..."

"අහ්..."

ටේහ්‍යොන්ග් ඉතින් කියලා ඇහුවාම ජන්කුක්ට හිතාගන්න බැරි උනා...

"තමුන්ට යන්න තැනක් නෑ කියන එක මගේ ප්‍රශ්නයක්ද..."

ජන්කුක් ගොලු උනා ඒ ප්‍රශ්නෙට...ජන්කුක් මොනවද දෙන උත්තර...

"හොදයි..."

ආයෙත් ටේහ්‍යොන්ග් කිව්වහම ජන්කුක් තමන්ගේ ඇස් උස්සලා බැලුවේ ටේහ්‍යොන්ග් කියන්න යන්නේ මොකක්ද කියලා...

"සර්...සර්..."

දොරට තට්ටු කරන සද්දයක් ඇහෙනකොට ටේහ්‍යොන්ග් තමන්ගේ ඇහි බැම එකට එකතු කරගත්තා...

"ඇයි..."

"ලොකු මහත්තයා ඇවිත් පහල ඉන්නවා...."

"ශිට්..."

ටේහ්‍යොන්ග් ශාප කරන ගමන් ඉදන් හිටපු තැනින් නැගිට්ටා.... ජන්කුක්ව ගනන් නොගෙන තමන්ගේ අතේ තිබුනු සිගරට් කොටේ ට්‍රේ එක මතින් තියලා ටේහ්‍යොන්ග් දොර වහන ගමන් කාමරෙන් එලිඅයට ආවා.....

"ඩෑඩ්...."

ටේහ්‍යොන්ග් ලිවින් රූම් එකේ හිටගෙන සාක්කු දෙකට අත් දාගෙන ඉන්න පුද්ගලයා ගාවට ලන් වෙලා හිටගෙන කතා කරා...

"පුතා..."

කිම් හ්‍යුන්බින් , ටේහ්‍යොන්ගේ ඩෑඩ් පිටිපස්සට හැරිලා හිනාවෙන ගමන් ටේහ්‍යොන්ග්ව බදාගත්තා...

"ඉතින්... මොකද වෙන්නේ.. මට පුතාව ගන්නවත් එන්න බැරි උනා..."

ටේහ්‍යොන්ග් කට කොනින් හිනා උනා... කොහොමත් හ්‍යුන්බින් ටේහ්‍යොන්ග්ව ගන්න එනවට වැඩිය වැඩ තියනවා...

"ඒක නෙවෙයි, මිසිස් හන් කිව්වා ඔයා කාව හරි අස් කරන්න කිව්ව කියලා..."

හ්‍යුන්බින් අහනකොට ටේහ්‍යොන්ග් ගිනි පිටවෙන ඇස් දෙකෙන් ඒ දෙන්නට එහායින් හිටන් හිටපු ප්‍රධාන සේවිකාව දිහා බැලුවා...

"ඒ අයට රවන්න එපා ටේහ්‍යොන්ග්, මේ මැන්ශන් එකේ මොනවා හරි වෙනවානම් ඒක මට දැනුම් දෙන එක මෙයාලගේ වගකීම....මොකක්ද ප්‍රශ්නේ..."

හ්‍යුන්බින් ටේහ්‍යොන්ග් දිහා සැහැල්ලුවෙන් බලන් ඇහුවම ආයෙත් ටේහ්‍යොන්ග් හ්‍යුන්බින් දිහා බැලුවා...

'ඩෑඩ්, වැඩ කරන එකෙක් මගේ කාමරේ වතුර හලලා එනකොටම මම වැටුනා...."

හ්‍යුන්බින් හයියෙන් හිනාවෙන්න පටන් ගත්තා...

"ඉතින්, ඒක ගෙදරට හොද පිලිගැනීමක් එහෙම නැද්ද.. හරි හරි කලබල වෙන්න එපා... ඒකට ඒ කොල්ලව අස් කරන්න අවශ්‍ය නෑනේ, වෙන තැනක වැඩ කරයි... පුතා මේ ගෙදර ඉන්න අය මට විශ්වාසවන්ත අය, නිකන්ම එහෙම අයින් කරන්න බෑ අපිට එයාලව...."

"එතකොට ඩෑඩ්ට ගෙදර වැඩ කරන අය ගැන මේ තරම් සැලකිලිමත් වෙන්න වෙලාව තියනවා ඒ කියන්නේ...."

ටේහ්‍යොන්ග් අහන්කොට හ්‍යුන්බින් ටිකක් වෙලා ටේහ්‍යොන්ග් දිහා බලන් ඉදලා හිනා උනා...

"අපි කන්න යමු.. මන් අද කලින් ආවෙත් පුතා එන හින්දා...මිසිස් හන් අපිට කෑම ලෑස්ති කරන්න, මන් වොශ් එකක් දාගෙන එන්නම්..."

ටේහ්‍යොන්ග් තමන් ඇදන් හිටපු ශෝට් එකේ සාක්කු දෙකට අත් දෙක දාගන්න ගමන් පඩිපෙල නගින්න පටන් ගත්තේ කල්පනාවකින් .. පඩිපෙලේ මගක් දුර නැග්ගත් ටේහ්‍යොන්ග් ආයෙත් නතර වෙලා හැරුනා..

"ඩෑඩ්...."

පහල තට්ටුවේ කොරිඩෝ එකට ඇවිදගෙන යන ගමන් හිටපු හ්‍යුන්බින් ටේහ්‍යොන්ගේ හඩට හැරිලා පඩිපෙලේ බාගයක් නැගලා ඉන්න ටේහ්‍යොන්ග් දිහා බැලුවා...

"අර කොල්ලා..මට ඕන..."

හ්‍යුන්බින් තමන්ගේ ඇහි බැමක් උස්සන ගමන් ටේහ්‍යොන්ග් දිහා බැලුවේ කීව දේ නොතේරුන හින්දයි...

"මන් කීවේ අර මගේ කාමරේ වතුර හලපු කොල්ලා, ඌව අස් කරන්න බැරිනම් මගේ ප්‍රයිවට් සර්වන්ට් විදියට ඕන ඌව...."

ටේහ්‍යොන්ගේ කතාවට හ්‍යුන්බින් තමන්ගේ නිකටේ වැවුනු සුදු පැහැයට හුරු රැවුල අතගාන ගමන් කල්පනා කරා..

"හරි.. හැබැයි සර්වන්ට් විතරයි.. හරි..."

ටේහ්‍යොන්ග් කට කොනින් හිනාවෙන ගමන් පඩිපෙලේ ඉතුරු ටිකත් නගිනකොට මිසිස් හන් හ්‍යුන්බින්ගේ කෝට් එක අතට ගන්න ගමන් හ්‍යුන්බින් දිහා බැලුවා...

"මිස්ටර් කිම්, එ..එහෙම කරන එක හරිද.. ම..මන් කියන්නේ ජන්කුක් මෙහෙ ඉන්නේ මිස්ටර් කිම්......

මිසිස් හන්ගේ කතාව නවත්තන්න හ්‍යුන්බින් තමන්ගේ එක අතක් උස්සලා සන් කරන ගමන් කොරිඩෝවට ඇවිදගෙන ගියා....

"අපි බලමු... කොහොමත් මන් කරන්නේ ඌව මේ ගෙදරින් පිට නොකරන එක විතරයි..."

හ්‍යුන්බින් එහෙම කියන ගමන් තමන්ගේ ටයි පටිය එක අතකින් ඇදලා ගලවලා දැම්මා...

.




.




.




.



.





.

ටේහ්‍යොන්ග් ඇවිත් සති කිහිපයක් ගෙවෙනකොට සාමාන්‍ය පරිදි වැඩ සිද්ද උනා... ආපු ගමන් කම්පැනියට වෙලා නාස්ති කරන්න කාලය කොහෙත්ම ගත් න්කරපු ටේහ්‍යොන්ග් ක්ලබ් යන්නයි යාලුවෝ එක්ක එන්ජෝයි කරන්නයි තමන්ගේ කාලේ ගත කරා...

ඒත් ජන්කුක් තමන්ගේ ජීවිතේ අමිහිරිම කාලේ ගත කරා.. එක අතකින් ටේහ්‍යොන්ග් වැඩිය මැන්ශන් එකේ රැදුන් නැති හින්දා ජන්කුක්ට ටේහ්‍යොන්ග්ව මුන නොගැහුනත් අනිත් හැම වෙලාවකම ජන්කුක්ගෙන් බල්ලෙක්ගෙන් වගේ වැඩ ගන්න ටේහ්‍යොන්ග් අමතක කරේ නෑ...

කිචන් එකේ මුල්ලකට වෙලා තමන්ගේ කෑම එක ක කා හිටපු ජන්කුක්ට එක පාරටම කෑම පිට උගුරේ ගියේ මැන්ශන් එකෙන් එලියේ වේගෙන් වාහනයක් නවත්තන සද්දය ඇහුන හින්දා....

"අහ්.. ජන්කුක්.. බලාගෙන කන්න ලමයෝ කන එකවත්..."

කිචන් එකේ වැඩ කරමින් හිටපු මේඩ් කෙනෙක් ඇවිත් ජන්කුක්ගේ පිට අතගානකොට ජන්කුක් සිනාමුසු මුහුනින් ඇයට ස්තූති කරලා තමන්ගේ කෑම එක අයින් කරලා අත සෝදගත්තා....

ඉක්මනින් වතුර ටිකක් බොන ගමන් කිචන් එකෙන් එලියට ඇවිත් බලන් හිටියේ අද ටේහ්‍යොන්ග් මොන විදියටද ගෙදරට එන්නේ කියලයි....

ටේහ්‍යොන්ග් දොරට අත තියලා ඇතුලට එනකොට මත් ගතියකින් එන ටේහ්‍යොන්ග් දිහා ජන්කුක් ටිකක් බිත්තියට මුවා වෙලා බලන් හිටියා.. ටේහ්‍යොන්ග් ගොඩාක් දවසට මෙහෙම ගෙදරට එන බව ජන්කුක් දැනන් හිටියා...

"ඔහ්..ඔ.. වැටෙයි..."

ජන්කුක් දුවගෙන ගිහින් බිමට වැටෙන්න ගිය ටේහ්‍යොන්ග්ව අල්ලගත්තම ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කරට අත දාගන්න ගමන් වාරු උනත් ආයිත් ඒ අතින්ම ටේහ්‍යොන්ග් ජන්කුක්ව තල්ලු කරේ ජන්කුක් එක පාරට විසි වෙලා බිත්තියේ වැදෙනකොට...

"සීමාවේ ඉදපන් හරී..."

හරියට කෙලින් ඉන්නවත් පන නැතුව ටේහ්‍යොන්ග් වැනි වැනී ඇගිල්ල දික් කරලා කියනකොට ජන්කුක් ඔලුව නවාගෙනම බිත්තිය මුල්ලට වෙලා හිටියා...

ටේහ්‍යොන්ග් කාමරේ ඇතුලට යනකන්ම ටේහ්‍යොන්ගේ පස්සෙන් ආපු ජන්කුක් ටේහ්‍යොන්ග් කාමරේ ඇතුලට ගියාම බාගෙට විවර උනු දොරෙන් ඇතුල බැලුවා.... ආපු විදියටම ඇදට පතබෑවිලා ඉන්න ටේහ්‍යොන්ග් දිහා බලන් ඉදලා යන්තම් ටේහ්‍යොන්ගේ හුස්ම සද්දෙත් එක්ක ගෙරවීමක් ඇහෙනකොට ජන්කුක් හෙමීට කාමරේට රිංගගත්තා...

මෙට්ටෙන් පිටට පැනලා තිබුනු ටේහ්‍යොන්ගේ කකුල් දෙකේ තිබුනු සපත්තු දෙක ටේහ්‍යොන්ග්ටවත් දැනෙන් නැති තරම් හෙමින් ගලවපු ජන්කුක් මේස් දෙකත් ගලවලා බිමින් තිබ්බා.. හෙමීට කකුල් දෙකත් උස්සලා ඇද මැදට තල්ලු කරපු ජන්කුක් ඩවුට් එකට අතත් තියලා බොරුවට ටේහ්‍යොන්ග්ව ඇහැරවගෙන මැරුම්කන්න ඕන නැති හින්දා ඒක එහෙමම තියලා ඇදෙන් පහලට එල්ලුනු අතේ රැදුනු කා කී එකත් ඩ්‍රෝවර් එක උඩින් තියලා ඇදෙන් ඈත් උනා...

බිම තිබ්බ සපත්තු දෙක රැක් එකෙන් තියලා සෝදන ඇදුම් දාන් බින් එකට මේස් දෙකත් දිගෑරල දාපු ජන්කුක් කාමරේ ඒ සී එකත් ගානට හදලා කාමරේ දොර වහන් එලියට ඇවිත් හොද හුස්මක් පාතට දැම්මා... මේ ටිකේම මේ විදියට ටේහ්‍යොන්ග්ට සත්කාර කරලා ජන්කුක්ට පුරුදු වෙලා තිබ්බා..පලවෙනි දවසේ ගෙදර ආවත් ලොකු මහත්තයා වෙනදා තරම් ටේහ්‍යොන්ග් ඉන්නකොට ගෙදර එන්නේ නෑ කියලා හැමෝම දැනගෙන හිටියා...

.




.



.




.




.

උදේ ඉර එලිය වැටෙනකොට ටේහ්‍යොන්ගේ කාමරේ නම් තාමත් අදුරේ ගිලිලා තිබුනා... ඒත් මුලු මැන්ශන් එකම අවදි වෙලා.... ජන්කුක් ඉක්මනින් හදපු ටී එක කලු පාට ලොකු මග් එකට දාලා පීරිසියකින් වහලා කිචන් ලෙජ් එක උඩින් තියලා අත් දෙක පිහ ගත්තා.... හෙමීට පඩිපෙල නැගලා ටේහ්‍යොන්ගේ දොර ගාව නතර උනු ජන්කුක් තමන්ගේ ඇදුම හරිද කියලා ආයෙත් බැලුවා.. කලින් දවසේ නිල ඇදුම නැතුව වෙන ඇදුමක් ඇදන් හිටියා කියලා කෑ ගහපු විදිය මතක් උන ජන්කුක් තමන්ගේ ඇදුම දිහා බලන ගමන් දොරට හෙමින් තට්ටු කරා...

ඇතුලෙන් කිසි සද්දයක් නොඇහෙනකොට ජන්කුක් හෙමින් හැඩල් එක කරකවන ගමන් කාමරේ ඇතුලට ඔලුව දැම්මා... එලියේ එලිය වැටුනත් ටේහ්‍යොන්ගේ කාමරේ නම් රෑ තරමටම අදුරු .. හෙමින් හෙමින් තාමත් නිදන් ඉන්න ටේහ්‍යොන්ග් දිහා බලාගෙනම ඇදගාව තිබුනු මේසේ ගාවට ඇවිදන් ගිය ජන්කුක් ලෑම්ප් එක පත්තු කරන ගමන් මග් එක මේසය මතින් තියලා පීරිසියෙන් වැහුවා... ජග් එකෙන් වතුර වීදුරුවක් පුරවලා එතනින්ම තියපු ජන්කුක් ලෑප්ම් එක ඕෆ් කරන ගමන් ජනෙල් තිර ගාවට ඇවිදන් ගියා.. බිම දක්වා දිගට තිබුනු කලු පාට තිර රෙදි අත් දෙකෙන්ම දෙපැත්තට ඇද්දම ඇස් දෙක කඩාගෙන යන එලියට ජන්කුක්ගේ ඇස් දෙකත් නිලංකාර උනා....

"මොන මගුලක්ද ඕයි කරන්නේ මරන්නද හදන්නේ..."

එක පාරටම එලිය මූනට වැටුනාම ඇහැරුනු ටේහ්‍යොන්ග් අතින් තමන්ගේ ඇස් දෙක වහගන්න ගමන් කෑ ගැහුවේ ජන්කුක් ගැස්සෙනකොට.... ඒත් එතනින් නොනැවතුනු ජන්කුක් ලොකු ජනෙල් පියනුත් පේලියට ඇරියේ ටේහ්‍යොන්ග් ඩවුට් එක ඔලුවේ ඉදන් වහගන්නකොට...

"මේ මහ පාන්දර ජනෙල් අරින්න තමුසෙට පිස්සුද.. තමුසෙව අස් කරනවා දැනගන්නවා..."

ටේහ්‍යොන්ග් කෑ ගහනකොට ජන්කුක් තමන්ගේ අත් දෙක එකට ගුලි කරගන්න ගමන් ඇහිපිල්ලම් ගැහුවා...

"ස..සමාවෙන්න සර්.. දැන් උදේ වෙලා...."

"ආයිශ්... මොන වදයක්ද...වහනවා ඔය රෙද්ද...."

තාමත් ඩවුට් එක යටට වෙලා ටේහ්‍යොන්ග් කෑ ගහනකොට ජන්කුක් මොනවා හරි කියන්න උත්සාහ කරා... උදේ අටත් පහු වෙලා පාන්දර කියලා කෑ ගහන ටේහ්‍යොන්ගේ ඔලුවේ උදන් ජග් එක හලන්න ජන්කුක්ට නොහිතුනාම නෙවෙයි...

"ටේහ්‍යොන්ග්.. වේක් අප්.... වෙක් අප්....."

එක පාරටම කන කීන් ගාලා ඇහුන සද්දෙට ටේහ්‍යොන්ග් දුන්න වගේ ඇදෙන් ඉදගත්තේ ජන්කුක් ඇස් ලොකු කරන් දොරෙන් ඇතුල් උන කෙනා දිහා බලන් ඉන්නකොට... ජන්කුක් මෙච්චර වෙලා මේක තමයි කියන්න උත්සාහ කරේ....

"ග්‍රැනී.... ආ..ආයි..ආයි.. කන අතාරින්න ග්‍රැනී...."

.


.


.



.



.



.

********************

___________________________Dark_Sunshiner 🤍🥀

Cutie....💖💫


Thanks for reading...♥️

To be Continued...

2023/07/03

Bạn đang đọc truyện trên: AzTruyen.Top