|END|

ජන්කුක්ගේ හදවතේ ගොඩාක් දේවල් හිර වෙලා තිබුනා.. හරියට ගෙවුනු කාල සීමාව හරිම හිස් බවක් එක්ක නිකන්ම සිදුරක් වගේ.. කලින් ජීවත් උනේ මොන තරම් දේවල් ගොඩාක් අතර උනත් ජන්කුක් ඒ දවස් සතුටින් ගෙව්වා.. ටේහ්‍යොන්ග් එක්ක කොයි තරම් කාර්‍යබහුල උනත් ඒ කාර්‍යබහුල බවට ජන්කුක් ආස කරා... නමුත් ඒ කාර්‍යබහුල බව අතරේ තිබුනු හේතුව දැනගන්නකොට ටේහ්‍යොන්ග් නොදන්න තරම් ඈත් වෙලා ඉවරයි....

ටේහ්‍යොන්ග්ව අන්තිම වතාවට මුන ගැහුනු අවස්තාවේ ටේහ්‍යොන්ග් කියපු එකම දේ "මාව විශ්වාස කරන්න..." ඒ වචන දෙක තුන විතරයි... ඉතින් ජන්කුක් මේ වෙනකොටත් ටේහ්‍යොන්ග්ව විශ්වාස කරා..

මීට කලින් ජන්කුක් වෙනුවෙන් ටේහ්‍යොන්ග් ඉන්නකොට ජන්කුක්ට කිසිම දෙයක් තිබුනේ නැහැ, හරියට කෑම ටිකක්වත්, නමුත් ටේහ්‍යොන්ග් ඒ මුලු කාලෙම ජන්කුක් ගාව රැදුනා...

නමුත් එක් මොහොතකින් අමාරුවෙන් ලබා ගත් සියල්ල විනාශ උනත් , අලුත් ලෙස ආරම්භ කිරීමට මගක් විවර වෙලා තිබුනා, !

ඉතින් ජන්කුක් මේ අවුරුදු සියල්ල තුල ටේහ්‍යොන්ග්ව විශ්වාස කරමින් රැදී සිටියා...

නමුත් මිසිස් ජෝන්ගේ පැමිනීම සහ ප්‍රකාශ ජන්කුක්ගේ හදවත ඕනවටත් වඩා වෙහෙසට පත් කරා... මේ සියලු දෙයින්ම තනිවම වෙහෙසට පත් වෙමින් තිබූ ජන්කුක්ගේ මනසට විවේකයක්, සුවයක් ජන්කුක්ට අවශ්‍ය උනා....

දුම්රිය මැදිරිය තුල අසුන් ගෙන සිටි ජන්කුක් තමා පිටුපසට තල්ලු වෙන පරිසරය දිහා හරිම අමුතු බැල්මකින් බලන් හිටියා.. මේ දුම්රිය ගමන් නැවත නැවතත් එකම දේ මතක් කරනකොට ජන්කුක් තමන්ගේ හිතේ බර නිදහස් කිරීමට ස්තානයක් සොයමින් තමන්ගේ දුම්රියට ගොඩ වී තිබුනා...

යම් යම් ප්‍රදේශ පසු වන විට ඇති වෙන කාලගුන වෙනස්වීම් සමග යම් යම් මතක තමන්ගේ මනස තුල දගලන විට ජන්කුක් පුරුද්දට මෙන් තමන්ගේ කකුල් දෙක එකට එකතු කර අසුන මත තබා ගනිමින් දනහිස් අතර තමන්ගේ හිස සගවාගත්තා...

උදෑසන පසු වෙමින් ගස් අතරින් පිනි බින්දු වැටෙන විට සුන්දර දුම්රිය ස්තානයකින් බැසගත් ජන්කුක් තමන්ගේ හැදුනුම් පතපිට වීමේ දොරටුව අසල සිටි පුද්ගලයාට ඉදිරිපත් කලා...

"කිම් ජන්කුක්..."

නැවත වතාවක් නම කියවමින් ජන්කුක් අතට හැදුනුම් පත ලබා දුන් පුද්ගලයා ජන්කුක්ට හිස නවා ආචාර කිරීමත් සමග ජන්කුක් දොරටුවෙන් පිටත් වෙමින් අඩි පාර දිගේ ඉදිරියට ඇවිද ගියා...

උදෑසන විවෘත අලෙවිසැල් කිහිපයකට ඇතුල් වීමෙන් පසු නැවුම් ආහාර ද්‍රව්‍ය කිහිපයක් මිල දී ගත් ජන්කුක් කුලී රතයකට අත දමමින් තමන්ගේ ගමනාන්තය පවසා එයට ගොඩ උනා....

ටිකෙන් ටික ඇතුල් වන කොල පැහැයෙන් පිරි පරිසරය සහ පිනි බින්දු වැටෙමින් කෝටු වෙනුවට අලුත් කොල දලු දාමින් තිබුනු ගස් දෙස බලමින් ජන්කුක් වෙනත් දවසක් මෙන් නොව අලුත් දවසක පුරුදු පරිසරයට පා තබමින් සුපුරුදු වූ අඩි පාරක් අසලින් බිමට බැස්සා....

රියදුරා පිටතට රැගෙන දුන් සූට් කේස් එක අත් අතරට ගත් ජන්කුක් මුදල ගෙවා අවසන් කරගනිමින් තමන්ගේ අතේ තිබුනු කූඩයත් අතින් රැගෙන අඩි පාර දිගේ ඉදිරියට ඇවිදගෙන ගියා....

උසට වැවුනු තෘන ශාකයන් වෙනදාටත් වඩා ප්‍රශ්ටිමත්ව සෑදී තිබුනු අතර ජන්කුක් ඒ ශාක අතරින් තිබූ අඩි පාර දිගේ ඇවිද ගොස් තමන් පලවෙනි වතාවට නතර වූ ස්තානයෙන්ම නතර වෙමින් නිල් කොල පැහැයෙන් දිදුලන වතුර පිරුනු විල් තලය දෙස බලා සිටින්නට උනා....

එදා අයිස් මිදෙමින් තිබුනත් අද සිසිල් වුවත් ලා රස්නයෙන් යුතු සුලන් හමා යමින් විල් තලයේ ජලය යන්තම් රැලි නගමින් තිබුනා.....

ඉහලින් පායා තිබූ හිරු එලිය වතුරට වැටෙමින් පරාවර්තනය වූ ආලෝක ධාර ඇස් මතට වැටෙන විට ජන්කුක් නැවතත් ගමන් ආරම්භ කර ඒ කුඩා ලී නිවස අසලින් නතර උනා,...

අවට හොදින් පිරිසිදුව තිබූ පරිසරය දෙස බලමින් ඉහලින් පිහිටි තැනිතලා තෘණ භූමිය දෙස සිනා මුසු බැල්මක් හෙලූ ජන්කුක් මීට අවුරුදු කිහිපයකට පෙර තමා අතට පත් වූ ලියුම් කවරය කබා සාක්කුවෙන් පිටතට ගත්තා... එහි වූ අවසන් දෙය වූ යතුරු කැරැල්ල පිටතට ගනිමින් හිස් ලියුම් කවරය නැවතත් සුරක්ෂිතව කබා සාක්කුව තුල තැන්පත් කරගත් ජන්කුක් එම යතුර දමමින් නිවසේ දොර විවෘත කරේ ඇතුලතින් ආවා පැරනි නමුත් සුව පහසු සුවදින් තම හුස්ම පුරවා ගනිමිනි...

.




.



.




.



.



.

ආදරය කිරීමට පටන් ගත්තත් ආදරය යනු කුමක්ද, ඒ හැගීම ආදරයද යන වග තේරුම් ගැනීමට කල් ගියා... එය විය යුතුයි වීමට තිබුනේ, හරියටම දෛවය වගේ....

ආසම තැන් වල ඉතුරු උනු මතක විදින එක ඒ මතක ආසම සුවදකින් විදින එක ඇත්තෙන්ම හරිම සුන්දර ඇති, හරියට ජන්කුක් රවුම් ජනේලෙන් පිටතට දෑස් යොමු කරමින් උණුසුම් ඇතිරිලි අතරට නහය හොවාගෙන ඉන්නවා වගේ....

තමන්ගේ නිදිබර දෙනෙත් යන්තම් විවර කරන ගමන් ජන්කුක් සයනයෙන් බහින ගමන් තමන්ගේ ටිකක් විශාල ඇදුම් උනා දාලා නාන කාමරය ඇතුලට වැදුනා.... උණුසුම් ජලය ගලාගෙන එන පයිප්පය වසා දමමින් නාන බේසම තුල සෑහෙන කාලයක් ගත කරපු ජන්කුක් තද දුඹුරු පැහැති ලොකු කලිසමට සුදු පැහැති අත් දිග සැහැල්ලු කමිසය සහ බ්‍රේස් පටි ජෝඩුව පැලදගත්තා... සුවපහසු හම් වලින් කරන ලද සපත්තු දෙක පැලද ගනිමින් කාමරෙන් එලියට ආව ජන්කුක් උදෑසන මිල දී ගත් මල්ල තුල තිබූ ඇපල් ගෙඩියක් දත් අතරට හිර කරගන්නකොට වසා තිබූ දොර මත සිදුවන තට්ටු කිරීම් කිහිපයකට තමන්ගේ දෙනෙත් විශාල කරගත්තා...

"ක..කවුද..."

දොර විවෘත නොකරම ජන්කුක් අහනකොට තවත් තට්ටු කිහිපයකට අමතරව වෙන කිසි දෙයක් නොඇහෙනකොට ජන්කුක් තමන්ගේ අත් අතර ඇපල් ගෙඩිය හිර කරගන්න ගමන් දොර හෙමින් විවෘත කරා...

යම් වෙලාවක් නිහඩ බවක් තිබුනා... හුලන් හමන පරිසරය පුරා ජන්කුක්ගේ අතින් අත හැරුනු ඇපල් ගෙඩිය බිම වැටුනු ශබ්දය හොදින් ඇසුනා.... ජන්කුක් කොහොම නම් අදුර නොගන්නද තමන්ට පිටු පාලා දොර ඉදිරියේ හිටගෙන ඉන්න පුද්ගලයාගේ රුව.....

ඒ හැම අංගයක්ම ජන්කුක් තරම් නම් වෙන කවුරු අදුන ගන්නද.... මධ්‍යහන පහු වෙන අවස්තාවේ තද කහ පාටින් රස්නය අඩු කිරන එකින් එක වැටෙනකොට තද දුබුරු පැහැති කබායක් ඇදගෙන අතේ ලා දුබුරු පැහැති තැනිතලාවෙන් කඩාගත්තු පුන්චි මල් පොකුරක් අතේ තියාගෙන හිටපු ටේහ්‍යොන්ගේ සුවද තැනිතලාවේ ඉදන් ආපු වියලි සුලගත් එක්ක මුසු වෙලා ජන්කුක්ගේ නාස් පුඩු වලට දැනුනා...

"ටේ..ටේහ්‍යොන්ග්...."

ජන්කුක් හෙමින් කතා කරනකොට මේ තරම් වෙලා එපිටට හැරිලා හිටිය ටේහ්‍යොන්ග් හෙමින් ජන්කුක්ගේ පැත්තට හැරුනා... ඒ ගැඹුරු මුහුන, මී පැනි පාට හම, තද කලු ඇහි බැම සහ කොන්ඩය හීනී ලා දුඹුරු පැහැ ගැන්වුනු තොල් ජන්කුක් තමන්ගේ අත් දෙක එකට ගුලි කරගන්න ගමන් කදුලු පුරවන් බලන් හිටියා...

මේ තරම් කල් ජන්කුක්ට දැනෙන්න ඕන උන හැගීම මේක නෙවෙයිද.. හරියට අන්තිමේ හොයාගත්තම දැනෙන සතුට වගේ දෙයක් ජන්කුක්ට දැනෙන්න උවමනා උනේ නැද්ද...

"මයි ලව්...."

අවසානයේ ටේහ්‍යොන්ගේ ගැඹුරු කටහඩින් එහෙම ඇහෙනකොට ජන්කුක් ටේහ්‍යොන්ගේ පපුවේ ඔලුව තියාගන්න ගමන් හයියෙන් කෑ ගහලා ඇඩුවා... ටේහ්‍යොන්ගේ හීනී ශක්තිමත් අත් ඒ බද වටේ එතෙමින් ජන්කුක්ව තුරුල් කරගන්නකොට ජන්කුක් ඒ කබාය තමන්ගේ ඇගිලි මත මිරිකගන්න ගමන් ඇඩුවා..

"මේක හීනයක් නෙවෙයි එහෙම නේද... මම මේ දවල් හීනයක් දකිනවා නෙවෙයි නේද.. මට කියන්න...."

ටේහ්‍යොන්ගේ මුහුන පුරා බෙල්ල මත තමන්ගේ ඇගිලි තුඩු යවන ගමන් ජන්කුක් පිස්සුවෙන් වගේ මුමුනනකොට ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ අතක් තමන්ගේ එක අතකින් අල්ලගන්න ගමන් ඒ වියලි මල් පොකුර ජන්කුක්ගේ අතින් තිබ්බා... ඒ නලල මත තොල් තද කරලා කදුලු පිහපු ටේහ්‍යොන්ග් හිනා වෙලා ජන්කුක්ගේ ඇස් දිහා බැලුවා...

"ඔයා දන් නෑ මයි ලව්, මට ඔයාව කොයි තරම් නම් මග හැරුනාද කියලා...."

"ම..මටත් දෙවියනේ මේක ඇත්ත එහෙම නේද.. මට පිස්සුද, මම හැමදාම වගේ හීනෙකින් ඇහැරිලා නෙවෙයි එහෙම නේද... "

"ශ්..ශ්... ඔයා තාමත් ඉස්සර තරම්ම කලබලයි මයි ලිට්ල් ජෝන්...."

ටේහ්‍යොන්ග් කියනකොට ජන්කුක් ඒ පලල පපුව මතින් සිගරට් සුවද රැදුනු හොද හුස්මක් ඉහලට ඇදලා ගත්තා....

"ඔයා ගාව මම හැමදාමත් කලබලයි ටේහ්‍යොන්ගී....."

ජන්කුක් මුමුනනකොට ටේහ්‍යොන්ග් ජන්කුක්ව ඈත් කරන ගමන් ඒ උරහිස් මතින් අත් දෙක තිබ්බා...

යම් මොහොතක් මූන දිහා බලන් හිටපු ටේහ්‍යොන්ගේ තොල් අතර හිනාවක් ඇදුනා.. ඒක හරිම නිවුන හිනාවක්, ඒ හිනාව ඇතුලේ හැමදේම තිබුනා... ජන්කුක් ඔලුව නවලා තමන්ගේ උරහිස මත තිබුනු ටේහ්‍යොන්ගේ අත මත මූන ඇතිල්ලුවේ ඒ කඩන් වැටුනු කදුලු ඒ අත මත ගෑවෙනකොටයි...

.





.





.





.



.



.



.

"ඔයාට හොදටම විශ්වාසයි නේද මේක ශක්තිමත් කියලා...."

ලී ඔරුවේ බද අත් දෙකෙන්ම තදින් අල්ලගන්න ගමන් ජන්කුක් ඇහුවේ තමන්ගේ පිරිපස්සෙන් හබල් දෙකම අරන් වාඩි වෙලා ඉන්න ටේහ්‍යොන්ගෙන්...

"ඔයාට මාව විශ්වාස නැද්ද ..."

"මටත් වඩා.....!"

ටිකකින් ටේහ්‍යොන්ග් ජන්කුක් දෙන්නම ඒ ලා නිල් දුඹුරු පැහැ වතුර පිරුනු විලේ ඈතට ඇවිත් තිබුනා... කුඩා ලී ගෙදර ටිකක් කුඩාවට පේනකොට ඈතට යනකොට ලං වෙලා පේන ගස් කොලන් පිරුනු වතුර මැද තියන ලස්සන කොටස් දිහා ජන්කුක් බලන් හිටියා...

"මගේ නම කිම් ජන්කුක්..ටේහ්‍යොන්ග්..."

"මමයි නම දැම්මේ කිම් ජන්කුක්......"

ටේහ්‍යොන්ගේ හඩ ඇහෙනකොට ජන්කුක් පිටිපස්ස හැරිලා බැලුවා...

"මට කියන්න මාව එක වතාවක්වත් මුන නොගැහුනේ ඇයි කියලා,"

"ඒකට උත්තර එලියේ ජීවත් උනු ඔයා මට වඩා හොදට දන්නවා ලව්..."

ටේහ්‍යොන්ග් කියන්නේ ඇත්ත... උත්තර ඔක්කොම ජන්කුක් දන්න්වා, ඒත් ජන්කුක්ට දෙයක් ඕන උනා ටේහ්‍යොන්ගෙන් අහන්න.. තමන්ට දැනෙන අපහසුතාව මග හැරව ගන්න...

ටිකෙක් ටික හවස් වෙනකොට ටේහ්‍යොන්ග් හබල් දෙක ඔරුව ඇතුලෙන් තියන ගමන් ඔරුව පිටිපස්සට හේත්තු උනා... බැහැගෙන යන ඉර එලියේ තමන් ඉදන් හිටපු ලී තට්ටුව මතින් නැගිටපු ජන්කුක් නැමීගෙනම පිටිපස්සට වෙන ගමන් ටේහ්‍යොන්ගේ ඈත් උනු කකුල් අතරින් ඉදගත්තා...

ටේහ්‍යොන්ග් තමන්ගේ කකුල් දෙක අතරේ ඉදන් ඉන්න ජන්කුක්ගේ ඉන වටේ අත දාගන්න ගමන් ජන්කුක්ගේ පිට තමන්ගේ පපුවට හේත්තු කරගත්තා...

"තාමත් ඔයාගේ නිරීක්ශන හැකියාවනම් අන්තිමයි....එහෙම නෙවෙයිද..."

ටේහ්‍යොන්ග් එහෙම කීවම ජන්කුක් ඉස්සරහ බලාගෙන උනත් මූන උල් කරගත්තා...

"මේක මගෑරපු එකනම් හරිම නරක වැඩක්...."

ජන්කුක්ගේ උඩට එසවුනු කකුල් දෙක මතින් දුඹුරු පැහැ ලියුම් කවරය තියන ගමන් ටේහ්‍යොන්ග් කීවම ජන්කුක්ගේ ඇස් දෙක පුදුමයෙන් විශාල උනා...

"ම්..මේ..මේක..."

"ඔව්.. ඒක ඔයාගේ මේසය මත තිබ්බ එකම තමයි...."

"දෙවියනේ ඔයානම් හරිම නරකයි... මේක ඔයාද එව්වේ....ඒත්..ඒත් කොහොමද.. කාගෙද රෝග වාර්තා...."

ජන්කුක් ඇස් ලොකු කරගනිමින් හැරෙනකොට ටේහ්‍යොන්ග් ඒ ඇස් මතින් හාදුවක් තිබ්බා...

"හොදට කල්පනා කරලා බලන්න , ඔයා දන්න මගේ රෝග වාර්තා.. ඒවා........~

ඉතුරු ටික ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කන මතට කරලා රහසින් කියනකොට ජන්කුක් මූන රතු කරගන්න ගමන් අත මිටි මොලවලා ඒ පපුව මතට ගැහුවා....

"නරකයි..නරකයි ... හිතන්න මම වෛද්‍යවරයෙක්... මම කොහොමද රෝගියෙක්ගේ රෝග වාර්තාවක් ගැන එහෙම හිතන්නේ....."

තාමත් රතු උනු කම්මුල් වලින් ඉන්න ජන්කුක්ගේ කම්මුලකට තට්ටුවක් දැම්ම ටේහ්‍යොන්ග් ජන්කුක්ව ලගට ගන්න ගමන් තුරුල් කරගත්තා...

"හැමදාමත් වගේ ඔයාගේ නිරීක්ශන හැකියාව වගේම නිගමන හැකියාවත් හරිම දුර්වලයි.. අර කම්මැලි පොලිස් නිලධාරීන්ගේ වගේ...."

"ටේහ්‍යොන්ග්ග්....!"

ජන්කුක්ගේ කෑ ගැසීමත් එක්ක ඒ හඩ නතර උනත් ජන්කුක් හෙමින් ඒ ලියුම දිග ඇරලා කියවන්න පටන් ගත්තා.... ටේහ්‍යොන්ගේ ශක්තිමත් පලල් පපුවටම හේත්තු වෙලා ටේහ්‍යොන්ග් එයාට ලියපු ලියුම කියවන්න පටන් ගත්තා....

~~~~~~~~~~~~~

මයි ලිට්ල් ජෝන්.......

ඔයා හොදින් ඉන්නවා එහෙම නේද.. මේක කියවන මොහොතෙත් මම ඔයා දිහා බලන් ඉන්නවා සමහර වෙලාවට.... හැමදේම හොදින්ද....? මම රිද්දපු හැමදේටම සමාව ගන්න තවමත් ඉඩක් තියනවද.... ඔයා හැමදාමත් කියනවා වගේ දැන් මම වයස වැඩියිද දන්නේ නැහැ ඔයා ගැන හැගීම් කතා කරන්න.... මට ඔයාව හැමදාමත් මතක් උනා මයි ලව්... හැමදාමත් වගේ මම මොනතරම් දේවල් කරත් අවසානයේ මට ගොඩාක් දේවල් මග හැරිලා තිබුනා... හරියට මට වටිනවම දේවල්... නමුත් මම තාමත් පරක්කු නෑ එහෙම නේද.. මම එහෙම හිතනවා...

ඔයාට පේනවා ඇති මගේ හැම වචනෙකම තියන අවිනිශ්චිත බව.. ඒක එහෙමමයි.. මගේ මේ අත් දෙකෙන්ම ඔයාව අල්ලගන්නම් මගේ හැම වචනයක්ම හරිම අවිනිශ්චිතයි.. හැමදේකින්ම ඔයාව හංගන්න ගත්තු උත්සහය කොයි තර්ම් දුරකට සාර්ථකද කියලා මම නොදන්නවා උනත් , මම යම් දුරකට සාර්තකයි..

ආයෙත් මට තරු පිරුනු අහසක් යටින් සීතල රෑක ඔයාගේ උණුසුම් අතේ අත පටලගෙන ඇවිදින්න ඕන මයි ලව්... හයියෙන් වහින රාත්‍රියක වැස්සේ තෙමි තෙමි ඔයා නලල මතින් තොල් තද කරලා මන් කොයි තරම් නම් උණුසුම් මනුස්සයෙක්ද කියලා ඔයාට පෙන්නන්න ඕන ලිට්ල් ජෝන් ... මම අකමැතිම පැණි රස කෑම එකක රස බලලා මම කැමතිම ඔයාගේ උනු කෝපි එකකුත් එක්ක ඔයාගේ තොල් අතර ඇදෙන අහිංසක හිනාව මට විදින්න ඕන මයි ලව්...

අදුර වැටෙනකොට මගේ කාමරය ලා කහ පාටින් පුරවන්න, මගේ ඇදපු ඇදුම් මට බනින ගමන් අස් කරන්න, මගේ අපිලිවෙල ජීවිතේ පිලිවල කරගන්න මට වෙන කවදාටත් වඩා ඔයාව ඕන මගේ ජෝන්... ඔයා මගේ එහෙම නේද.. මම ගොඩාක්ම වෛර කරන නමට කැමති උන එකම හේතුව ඒ ඔයා විතරයි මගේ ජෝන්....

ඉතින් එනවද එදා පොරොන්දු උනා වගේම පායන දවසක විලේ ඔරු පදින්න...මම බලන් ඉන්නවා දුම්රියපොල එහා පැත්තේ තියන සාප්පුවට වෙලා, තණ වලින් වැහුනු අඩි පාර දිගේ එදා වගේම යන්න... හැංගෙන්න බැරි මේ ලෝකෙන් මොහොතකට හැංගෙන්න... තවදුරටත් සාමාන්‍ය වෙන්න... ඔයා හැමදාමත් ඇහුවා වගේ අවසානය මොකක් උනත් ඒ අවසානයට යනකන් ඇවිදින්න යන්න...

මම බලාගෙන ඉන්නවා, හැමදාමත් වගේ අන්තිම වෙනකන් ප්‍රමාද උනත්, මම ඔයාට ගොඩාක් ආදරෙයි මගේ ජෝන්... මේ ලෝකේ හැමදේකටමත් පස්සේ ඒ හැමදේම පටන් ගත්තු ඔයාට මම ගොඩාක් ආදරෙයි ජෝන්.....!

ටේහ්‍යොන්ග්...

~~~~~~~~~~~~~~








"මම ගොඩාක් ආදරෙයි ජෝන්......"

අවසානයේ ඒ වචන පිට වෙනකොට ජන්කුක් තමන්ගේ අත් දෙකෙන් ලියුම් කඩදාසිය ගුලි කරගන්න ගමන් ටේහ්‍යොන්ගේ බෙල්ල පාමුල හිස තියාගත්තා.....

කිසිම දෙයක් නොදැනත් මෙතනටම එකතු උනු ඔවුන් එක් දෛවයක්මයි.....!

"මමත් ඔයාට ගොඩාක් ආදරෙයි මිස්ටර් කිම්......"

.






.





.





.




.




.

"අපි අද ඉන්නවා වගේම, මීට කලින් හිටියා වගේම, ඉස්සරහටත් ඉමු, කවමදාමහරි දවසක අපි සතුටින් ඉදීවි... ඒ දවස මීට කලින් ලබපු දවසක්, නැතිනම් අද දවස, නැතිනම් මීට වඩා සුන්දර වූ ඉදිරි දවසක්......"

ලා කහ පැහැ අවරට යන සූර්‍යාලෝකයෙන් දිලිසෙන විල් තලය මත තද දුඹුරු පැහැ ඔරුවක් තුල ශක්තිමත් ඔරු බදට හේත්තු වූ මිනිසෙකුගේ දෑත් අතර ඒ ශක්තිමත් පපුවට හෙත්තු ගෙන සියුමැලි තරුනයෙක් එකිනෙකා සිප ගනිමින් සිටියහ.... ඒ සියුමැලි දෑත් අතර ලා දුඹුරු පැහැ තැනිතලා මල් මිටක් පොරොන්දුවකට මෙන් ගුලි වී තිබුනි...

~•

මේ සියල්ල නැතිව ගිය දවසක...

මේ සියල්ල ලැබුනු දවසක...

කවදාමහරි දවසක.....

~•

| 𝐒𝐎𝐌𝐄𝐃𝐀𝐘...|

| 𝐓𝐡𝐞 𝐄𝐍𝐃 |

*************************


යුද්ධය, අසම්මතය අතර නොවිසඳුණු ආදර කතා අතර, කවදාමහරි දවසක් බලාපොරොත්තු වූ තවත් කෙතෙක්නම් කතා ඇතිද...__________!

____________________________Dark_Sunshiner 🤍🥀

SOMEDAY ඉවරයි....
මේ තරම් කල් කතාවත් එක්ක ඉදපු හැමෝටම ගොඩාක් ස්තූතියි ....🥀

Comment කරාට Vote කරාට මට කතා කරාට ඒ හැමදේටම ඔයාලට ගොඩාක් ස්තූතියි ...

ඉතින් හැමදාමත් වගේ ඔයාලට දැනුනු දේ මට කියලා යන්න... මම ඒකට ගොඩාක් කැමතියි....

Thank you so much for reading......<3🤎🌼

ᎶᎾᎾᎠ ᏰᎽᎬ.....!♥️🥀<3

2023/06/22

Bạn đang đọc truyện trên: AzTruyen.Top