|32|

ජන්කුක් නැවුම් වාතයෙන් හොද හුස්මක් ඉහලට ඇද ගන්න ගමන් ඉදිරිපස දොරෙන් එලියට තිබුනු පඩිපෙල බහින ගමන් ගෙදරින් එලියට ආවා... වර්නවත් මල් හිටවපු වත්තේ මායිම ගාවට ඇවිදගෙන ගිහින් අලුතෙන් පිපුනු මල් වලට අතින් තට්ටුවක් දාන ගමන් ජන්කුක් යකඩ වැටෙන් එලියට ඇවිත් පාර දිගේ ඉස්සරහට ඇවිදගෙන ගියා..

"සුභ උදෑසනක් දොස්තර මහත්තයා..."

"සුභ උදෑසනක් ඩොක්ටර් කිම්.... "

"අද උදේම ඇවිදින්න යනවද මහත්තයා... සුභ උදෑසනක්...'"

පාර දිගට මුණ ගැහෙන මිනිස්සු හැමෝගෙන්ම සුභ පැතුම් ගලාගෙන එනකොට ජන්කු හැමෝටම සුහද හිනාවක් පා කරන ගමන් තමන්ගේ අත් පිටුපසට එකිනෙකට බැදගෙන ඉදිරියට ඇවිදගෙන ගියා..

ඒක සුන්දර පැත්තක්... නගරයෙන් ටිකක් ඈත් උනත් එය නගරය සමග සම්බන්ධ උනා...

තැපැල් කන්තෝරුව ලගින් නතර වෙලා විදුලි පනිවිඩ තියනවද කියලා පරීක්ශා කරපු ජන්කුක් එහා පැත්තෙන් තිබුනු අලෙවිසැලෙන් පුවත් පතල් මිලදී ගන්න ගමන් තවත් කොෆී ශොප් එක්කට ඇතුල් උනා..

ඉදිරිපස මේසය මතින් වාඩි වෙලා ජන්කුක් පුවත් පත දිග හැර ගන්නකොට ජන්කුක්ව දුටුව සේවකයා හැමදාමත් ජන්කුක්ගේ ඇණවුන ගෙනත් මේසය මතින් තැබුවා...

"අද උදේමද දොස්තර මහත්තයා..."

මේසය පිරිසිදු කරලා අත් එකට තියාගෙන සේවකය සිනා වෙලා ඇහුවම ජන්කුක් හිනා වෙලා ඔලුව වැනුවා...

වයස අවුරුදු තිස් එකක් උනු ජන්කුක්ගේ මූනෙන් පරිණත බවක් පේන්න තිබුනත් රැවුල වත් වවා නොතිබුනු ඒ මුහුන වෙනදා තරම්ම සුකුමල උනා... නම කිම් ජන්කුක් උනු මෙම වෛද්‍යවරයා ඒ මුලු ප්‍රදේශයම හැදින සිටින තමන්ගෙම ශල්‍යාගාරයක් පවත්වාගෙන යන පෞද්ගලික වෛද්‍යවරයෙක් උනා...

සෑම දිනයක්ම කාර්‍යබහුල වෙමින් දවස ගෙවන ජන්කුක්ගේ උදෑසන දින චර්‍යාව මෙසේ උනා... තමන්ගේ කොපි කෝප්පය තොල ගාන ගමන් මුලු පුවත්පතම විශ්ලේශනය කරපු ජන්කුක් වැදගත් පුවත් තියනවද කියලා පරීක්ශා කරලා නැවතත් පුවත්පත අකුලගන්න ගමන් තමන්ගේ නිවසට පිටත් උනා...

නිවසේම ඉදිරි කොටස දියුනු කරමින් ශල්‍යාගාරය තනා තිබුනා...

"සුභ උදෑසනක් ඩොක්‍ටර් කිම්..ඔබතුමා අද උදේම පිටත් වෙලා..."

ශල්‍යාගාර හෙදිය ජන්කුක්ට ආචාර කරනකොට පුවත් පත හෙදිය අතින් තියන ගමන් තමන්ගේ කාබාය එල්ලන ගමන් ජන්කුක් ඇතුලට ඇඉදන් ගියා...

"සුභ උදෑසනක් හනා... ඕනවට වඩා තොල් සායම් පාවිච්චි කරන්න එපා.. මෙතනට ඒක ගැලපෙන් නෑ..."

රෝගීන් ඉදගන්න කොටසෙන් පුවත්පත තිබ්බ හනා ඉක්මනින් තමන්ගේ ලේන්සුවෙන් තොල් පිසදමාගත්තා.. හැමදාමත් වගේ මූනට නොගැලපෙන නපුරු බව නම් ජන්කුක්ගේ පිරිලා තිබුනා...

"මන් ඇතුලට එන්නද ඩොක්ටර්..."

දොරට තට්ටු කරන ගමන් හනා ඇහුවාම ජන්කුක් ඇතුලේ ඉදන් උගුර පෑදුවා...

"ම්ම්..අදත් උදේම රෝග වාර්තාවක් සමග මේ කොලේ ලැබිලා තිබුනා... "

ලියුම් පෙට්ටියෙන් ගත්තු රෝග වාර්තා කොලය ජන්කුක්ගේ මේසෙ උඩින් තිබ්බ හනා ජන්කුක්ට කිව්වා...

"මොකක්ද මේ වැඩේ.. කරුනාකරලා මේ රෝගියාව එක්කන් එන්න බැරිනම් මට ලිපිනය එවන්න කියන්න, නැත්නම් භාරකාරයෙක් එක්කන් එන්න කියන්න... හැමදාම මෙහෙම කරන්න බෑ..."

යම් කුඩා කාලයක ඉදන් සතියකට වතාවක් ලැබෙන වෙනස් නොවුනු රෝග වාර්තාව සමග ලියමන ජන්කුක්ට හිස් රදයක් වෙලා තිබුනා... මුලින්ම බෙහෙත් නියම කරමින් පිලිතුරු යැව්වත් දිගටම වෙනකොට ජන්කුක් එය මගෑරියා..

"න..නමුත් ලිපිනයක් දන්නේ නැහැනේ අපි..."

හනා බියෙන් වගේ ජන්කුක්ගේ කේන්තියෙන් පිරුනු මූන දිහා බැලුවා...

"හොදයි.. අදට මේක නොසලකා හරින්න.. රෝගීන්ව එවන්න..."

ජන්කුක් කීවම මොහොතකින් රෝගීන් ජන්කුක්ව මුන ගැහෙන්න ආවා...

<>

__________________

"ජෝන් ජන්කුක්.. මම හරි නේද...."

පිටිපස්සෙන් ඇහුනු හඩට ජන්කුක් තමන්ගේ ඇස් පිහදාගන්න ගමන් පිටිපස්සට හැරුනා.. නුපුරුදු පුද්ගලයෙක් ටේහ්‍යොන්ගේ කාර්‍යාලය ඇතුලේ ඉන්නකොට ජන්කුක් කලබල උනා...

"ඔහ්..කලබල වෙන්න එපා.. මම ටේහ්‍යොන්ගේ ලෝයර්.. නම්ජූන්..."

තමන්ගේ අත ඉදිරිපසට දික් කරන ගමන් නම්ජූන් තමන්ගේ අදුන්වලා දෙනකොට ජන්කුක් ඒ අත මතින් තමන්ගේ අත තිබ්බා....

"මම ආවේ ජෝන් ජන්කුක්ට දෙයක් බාරදෙන්න... මේ ඔයාගේ මිය ගිය වාර්තාව... හමුදාවට වාර්තා කරත් තවමත් නිශ්චිත උත්තරයක් නැහැ... එතකොට මේක ජෝන් ජන්කුක්ගේ නව හැදුනුම්පත සහ හදුනාගැනීමේ වාර්තා... වෛද්‍ය හැදුනුම්පත...."

ලොකු ලියුම් කවරයක් ජන්කුක්ගේ අතින් තියන ගමන් නම්ජූන් කියනකොට ජන්කුක් තමන්ගේ ඇස් ලොකු කරන ගමන් එය අරගෙන මේසය මතින් තිබ්බා...

"ඔයා මෙහෙන් පිට වෙන්න.. තව දුරටත් මෙහෙ ජීවත් වෙන්න අවශ්‍ය නැහැ.... මෙහෙන් පිට අලුත් ජීවිතයක් පටන් ගන්න... "

වචනයක්වත් පිට නොකරපු ජන්කුක් තමන්ගේ හැදුනුම්පත දිහා බොද උනු ඇස් වලින් බලන් හිටියා..

"ම්ම්..මේ..."

ජන්කුක් මුමුනනන්කොට නම්ජූන් හිනා වෙලා ජන්කුක්ගේ උරහිස මතින් අත තිබ්බා...

"මේ හැමදේම කාගෙන්ද කියලා මම පැහැදිලි කරන්න ඕන නැහැනේ... ඔයා හිතන කෙනෙගෙන්ම තමයි..."

"එ..එහෙනම් ඇයි මාව මුන නොගැහුනේ..ප්‍රතික්ෂේප කරේ... මම ගියාම ඇයි මාව බලන්න ආවෙ නැත්තේ.. ම.. මට ඔහුව දකින්න උවමනායි...."

තවත් ජන්කුක්ගේ කදුලු කඩා හැලෙන ඇස් දිහා වතාවක් බලා ඒකට පිලිතුරු නොදී නම්ජූන් කාර්‍යාලයෙන් එලියට ගියා... ජන්කුක් හිටපු විදියටම බිමින් ඉදගන්න ගමන් හයියෙන් කෑ ගහලා ඇඩුවා.. හැම දෙයක්ම ඇයි මේ තරම් පැටලිලි සහගත...ජන්කුක්ගේ ඔලුව පුපුරන්න තරම් රිදුනා.. නැවතත් හදවතේ පැත්තක් රිදීගෙන එනකොට ජන්කුක් තමන්ගේ අතින් පපුව මිරිකගත්තා....

ටේහ්‍යොන්ග්ට අවශ්‍ය මෙය නම් ජන්කුක් එයට අනිවාරයෙන්ම කීකරු විය යුතුයි... ටේහ්‍යොන්ග් මේ හැමදේම සූදානම් කරේ කොයි වෙලේද කියලා ජන්කුක් නොදන්නවා උනත් හැදුනුම් පත නිකුත් කල දිනය මීට අවුරුද්දකට පමන ඉහත දිනයක් උනා.....

____________________

<>

"මම..හිතන්නේ ඔබ තුමා මුනගැහෙන්න අමුත්තෙක් ඉන්නවා..."

හනා කියනකොට ජන්කුක් තමන්ගේ අත් වැසුම් ගලවන ගමන් රෝගියා ගාවින් ඉවත් උනා..

"බෙහෙත් ටික දිගටම ගන්න... නැවත දවස් තුනකින් එන්න... සීතලට නිරාවරනය වෙන්න දෙන්න එපා තුවාලය...."

ජන්කුක් උපදෙස් දෙනකොට රෝගියා ජන්කුක්ට ස්තූති කරන ගමන් ශල්‍ය කාමරයෙන් එලියට ගියා....

"දැන් මගේ දවල් විවේකය.. මේ වෙලාවේ කවුරුත් මුන ගැහෙන් නෑ මම , ඒක මම අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනද..."

යම් කේන්තිය මුසු උනු කටහඩකින් ජන්කුක් කියනකොට හනා තමන්ගේ ඔලුව නවාගත්තා...

"ම්.. ඩොක්ටර් කිම්... එතුමිය උදේ ඉදන් ඩොක්ටර්ව මුන ගැහෙන්න ඉන්නේ... ඉතින් මම දැනුවත් කරාම එතුමිය ඩොක්ටර්ට පුලුවන් වෙනකන් ඉන්නම් කිව්වා..."

හනා කියනකොට ජන්කුකෙගේ ඇහිබැම එකට ලන් උනා.. එතරම් උවමනාවෙන් තමන්ව මුන ගැහෙන්න කවුද ඉන්නේ....

"හොදයි.. මන් නිවසට යනවා... තව පොඩි වෙලාවකින් ඇතුලට එවන්න...."

ජන්කුක් ඇතුල් දොර විවෘත කරන ගමන් නිවස ඇතුලට ගියාම හනා තමන්ගේ හිර කරන් හිටිය හුස්ම පාතට දාන ගමන් ඉස්සරහට දුවන් ගියා....

ජන්කුක් කිචන් එකේ තිබ්බා රත් උනු කේතලේ අතට ගන්න ගමන් කෝපි කෝප්ප දෙකකුත් සැන්විච් කිහිපයකුත් ඉක්මනින් පිලියෙල කරා... සීනුව නාදවෙනකොට ඉදිරිපස දොර ගාවට ගිහින් විවෘත කරත් ජන්කුක් එතනම මොහොතකට ගල් ගැහුනා...

විනාඩියක් පමන් කිසිවක් නොපවසා නිහඩව පුදුමයෙන් ඉන්න ජන්කුක් දිහා සිනා මුසු මුහුනෙන් බලපු ඇය ලස්සන සිනහවකින් මුව සරසගෙන ජන්කුක්ගේ උරහිස මතින් අත තිබ්බා...

"මම ඇතුලට එන්නද...."

ඇය විමසනකොට ජන්කුක් කලබලයෙන් එහාට වෙන ගමන් දොර සම්පූර්නයෙන් විවෘත කරා....

විසිත්ත කාමරයේ තිබුනු අපහසුකාරී නිශ්ශබ්දතාවය නැති කරන ගමන් ජන්කුක් තමන්ගේ අතේ තිබුන් පීරිසි කෝප්පය සෝෆා එකේ වාඩි වෙලා හිටිය මිසිස් ජෝන් ඉස්සරහින් තිබ්බා...

"මිසි ජෝන් මෙහෙ ආවෙ..."

ජන්කුක් බොහොම හෙමින් කතා කරා සියලු විස්තර හා මිසිස් ජෝන් කියන්නේ කොහොම කෙනෙක්ද කියලා තමන්ගේ ඇස් වලින්ම දැකලා තිබුනු ජන්කුක් ඇත්තටම ටේහ්‍යොන්ගේ මාම්ට මුහුන දෙන්න බය උනා...

"මම ආවේ පුතාගෙන සමාව ගන්න.. මම කරදර කරානම් සමාවෙන්න...."

මිසිස් ජෝන් එහෙම කීවාම ජන්කුක්ගේ තොල් අතර අපහසුකාරී සිනහවක් ඇති උනා.. ඇත්තටම ඒ වගේ දේකට ප්‍රතිචාර දක්වන්න ඕන කොහොමද කියලා ජන්කුක්ට තේරුනේ නැහැ...

"මො..මොකටද සමාව ගන්නේ..මිසිස් ජෝන්.. එහෙම උවමනා නැහැ..."

"නැහැ, පුතා නොදන්න ගොඩාක් දේවල් තියන්වා..ඉතින් මට........

"මම හැමදේම දන්නවා මිසි ජෝන්... ජීවිතේ වෙන්න තියන දේවල් වලට කවුරුත්ම වග කියන්න ඕනේ නෑනේ... මට කිසි දෙයක් මතකත් නැහැ.. ඉතින් මතකවත් නැති දෙයක් ගැන මම දුක් වෙන්නේ නැහැ.. ඒ නිසා මගෙන් සමාව ගන්න එක අනවශ්‍යයි මිසිස් ජෝන්..."

ජන්කුක්ගේ කතාවට මිසි ජෝන්ගේ ඇස් වල කදුලු පිරුනා... මිසි ජෝන් ගොඩාක් අසරන වෙලා හිටියේ , අන්තිමට මිසි ජෝන්ට හැමදේම නැති උනා... මිස්ටර් ජෝන්ගේ අඩු වෙන් නැති ඒකමතික තීරන මිසි ජෝන්ගේ පීඩනය වැඩි කරා... ටේහ්‍යොන්ග්ව මුන ගැහෙන්න බැරි වෙනකොට තවදුරටත් ටේහ්‍යොන්ග් ප්‍රිසන් එකේ ඉන්නවද නැද්ද කියලාවත් මිසිස් ජෝන් දැනගෙන හිටියේ නෑ.. කලින් කොහොම උනත් ඇත්ත දැනගත්තට පස්සේ මිසි ජෝන්ට වරදකාරී හැගීම වැඩි වැඩියෙන් දැනුනා.. ඒකත් විලියම්ගෙන් දැනගත්තු විදියට ජන්කුක්ව හොයාගෙන එන්න මිසිස් ජෝන් තීරනය කරේ... ඒකට අවුරුදු කීපයක් ගත උන එකට මිසි ජෝන් මේ මොහොත වෙනකොටත් දුක් උනා...

"මට සමාවෙන්න දරුවෝ..."

මිසිස් ජෝන්ගෙ ඇස් වලින් කදුලු වැල් කඩන් වැටෙනකොට ජන්කු මේ තරම් වෙලා හිස් බැල්මකින් බලන් හිටියත් තවත් බලන් ඉන්න බැරි උන තැන ජන්කුක් මිසි ජෝන් ගාවින් නැගිටලා ඇවිත් වාඩි වෙන ගමන් ඒ ඇස් වලින් වැටෙන කදුලු බින්දු තමන්ගේ අත් වලින් පිහලා දැම්මා....

මිනිස්සු හරි දේ දැනගන්න කලින් කොහොම හිටියත් දැනගත්තු මොහොතේ පටන් ඇතුලෙ පිච්චෙන එක වලක්වන්න ලේසි නෑ...

මිසිස් ජෝන් ජන්කුක්ගේ උරහිසෙන් ඔලුව තියන් ඉකි ගහනකොට ඒ මහලු නමුත් සුන්දර කෙස් අතරින් තමන්ගේ ඇගිලි තුඩු යවන ගමන් ජන්කුක් මිසි ජෝන්ගේ ඔලුව අත ගෑවා...

"මගේ දරුවෝ දෙන්නා පරිස්සමට ඉන්න ඕන... එක්කෙනෙක් වගේ නිකරුනේ ජීවිතෙන් සමුගන්නේ නැතුව, මගේ අනිත් දරුවෝ මේ තරම් ශක්තිමත් උන එක ගැන මම සතුටු වෙනවා...

නිවසින් පිට වෙන මොහොතේ මිසිස් ජෝන්ගේ තොල් අතරින් පිට උනු ඒ වචන ජන්කුක්ගේ හදවතටම දැනුනා....

"ඕනම වෙලාවක එන්න මෙහෙ.. මම ඉන්නවා මිසිස් ජෝන්.. තනි වෙලා නැති උනත් හදවතින් තනි වෙලා කියලා දැනෙනකොට ඒක ගොඩාක් අමාරුයි.... "

මිසිස් ජෝන් ජන්කුක්ගේ ඔලුව අතගාන ගමන් නිවසින් පිට උනා... තමන් ජීවතුන් අතර කියලා දන්න තවත් පුද්ගලයෙක්.. ජන්කුක්ගේ හිතට නිරායාසයෙන්ම ආවා....

.



.



.



.



.

"ඩොක්ටර්.. අර රෝගියාගෙන් ලියුමක් ඇවිත් තියනවා... ඒක අලවලා..."

"මම හිතන්නේ මම පොඩි විවේකයක් ගත්තනම් හොදයි... "

ලියුම විවෘත කරන්න මහන්සි නොවී ඒක මේසය මතින් තියන ගමන් ජන්කුක් තමන්ගේ නිවස ඇතුලට ගොඩ උනා....

.


.



.




.


.

********************

____________________________Dark_Sunshiner 🤍🥀


To be Continued....


2023/06/18


Bạn đang đọc truyện trên: AzTruyen.Top