|31|

ජන්කුක් මෝටර් රථයේ අසුන මතට වෙලා තමන් දෙපසින් පසු වෙන පරිසරය දිහා බලන් හිටියා... පසුපස අසුන මත හිටපු ජන්කුක් ඉදිරිපස රියදුරු අසුන මත හිටපු ඩොක්ටර් පාර්ක්ගේ මුහුනේ සිදුවන වෙනස් වීම් නිරීක්ෂනය කරා....

"ඩොක්ටර් පාර්ක්.... කරුනාකරලා කලබල වෙන එක නවත්තන්න..."

ජිමින් යන්තම් හිනා වෙලා ජන්කුක් දිහා හැරිලා බැලුවා...

"ඇත්තටම මට ඒක අපහසුවක්.. දැන් දැනගන්නකම් මම මෙහෙම දෙයක් දන්නේ නැහැ... ඩොක්ටර් ජෝන්ගේ පවුලේ අය කලබල වෙන්න ඇති.. නමුත් මමත් සිහිය නැතුව හිටිය හින්දා මම ඒක ගැන දැනුවත් උනේ නෑ... අ..අනික ඩොක්ටර් ජෝන්ට හදවතේ ප්‍රශ්නයක් තියනවද.. මීට කලින් බෙහෙත් ගත්තද...."

ජිමින් එක දිගට කියනකොට ජන්කුක් හිනා වෙලා ජිමින්ගේ උරහිසට තට්ටුවක් දැම්මා...

"ඒකට කමක් නැහැ... මම නැහැ කියලා කලබල වෙන්න එහෙ කවුරුත් නැහැ.. මම තනියම ඉන්න කෙනෙක් ...ම්ම්..ගොඩක් වෙලාවට...."

ජන්කුක්ගේ කතාවට ජිමින්ගේ මුහුනුන් පුදුම උන බවක් පෙනුනත් ජිමින් ප්‍රශ්න නොකරේ ජන්කුක්ට හිත රිදෙයි කියලයි...

එදා සිද්දියෙන් පස්සේ අවුරුද්දකුත් තවත් කාලයක් ගෙවිලා තිබුනා... ජන්කුක් ඇස් ඇරියේ පිටිසර සුව මධ්‍යස්තානයකින්... එක පාරටම උනු පිපිරීමත් එක්ක ඇති උනු තද කම්පනයත් කදවුර ඇතුලේ තිබුනු නිසා යකඩෙන් කරපු කනුවක් ජන්කුක්ගේ ඇග උඩට වැටීමත් එක්ක ජන්කුක් කම්පනයක් එක්ක සිහිය නැති උනා.. තුවාල සනීප උනත් හදවතේ තිබුනු දුර්වල ස්වභාවයත් පැනික් ඇටෑක් එකත් එක්ක ආපු කම්පනය නිසා ජන්කුක්ගේ අවදි වීම පරක්කු උනා...

හමුදා කදවුරෙන් විශාල වැරැද්දක් සිද්ධ කරලා තිබුනා... මුලු කදවුරම නටබුන් වන විදියට සිදු උනු විශාල පිපිරීමත් සමග බොහෝ සෙබලුන් මිය ගිහින් තිබුනා... සොයා ගත නොහැකි ලෙස ශරීර විනාශ වෙනකොට විනාශ උනු ස්තානයේ තිබුලා හොයාගත්තු ජන්කුක්ගේ අනන්‍යතා කාඩ්පතත් සමග ජන්කුක් මිය ගිය අයගේ ලැයිස්තුවට ඇතුලත් උනත් ජන්කුක් හදිසියේ සිදු උනු ප්‍රතිකාර මධ්‍යස්තානයේ ප්‍රතිකාර ලබමින් හිටියා... එක දිගට සිදු උනු අවසනාවන්ත සිදුවීම් සමග මෙම යුදමය පිපිරීම ස්වභාවික උනත් හැමදේමත් සමග විශාල මරන ප්‍රමානයක් වැසී තිබුනා....

ජන්කුක් අවදි වන විටත් ජිමින් ජන්කුක්ව බලන්න තවත් එක් දවසක් එක්ක මධ්‍යස්තානයට ඇවිත් තිබුනා... ඒත් අවදි වීමෙන් දවස් කීපයකින් සම්පූර්න සුවය ලැබීමත් සමග කදවුරට දැනුම් දුන්නත් එතන කදවුරක් තවදුරටත් තිබුනේ නෑ වගේම හමුදා ආයතනයෙන් දැනුම් දුන්න විදියට මේ සිද්ධිය දැනගත්තා...

ජන්කුක්ට තමන් ගැනම මහ පරාජිත හැගීමක් දැනුනා.... තමන් ඇස් අරිනකොට කලුවර උනු කාමරයක ඇස් අරිනකොට ජන්කුක් ලොකු පාලුවක් දැනුනා... ඒ තරම් වැරදීමක් උනත් ජන්කුක්ව කවුරුත්ම හෙව්වේ නැත්ද, ඇත්තටම ජන්කුක්ට එහෙම හිතුනා.. ටේහ්‍යොන්ග්වත්, ටේහ්‍යොන්ග්ට මේ දේවල් හොයන එක බොහොම පොඩි දෙයක් උනා ඒත් ටේහ්‍යොන්ග් තමන් ගැන හොයන්න බැරි තරම කාර්‍යබහුල වෙලාද.. ටේහ්‍යොන්ග් විවාහා වෙලාද, ඔහු ඒත් සමග කාර්‍යබහුලද...නැවත නැවතත් ජන්කුක්ගේ හදවත වේදනා දුන්නා...

ජන්කුක්ගේ බඩු හැමදේම විනාශ වෙලා තියනකොට ජන්කුක් ජිමින් සමග ජිමින්ගේ නවාතැනට ගියා.. ජන්කුක් ජිමින්ට ස්තූතිවන්ත උනා අවුරුද්දකට වැඩි කාලයක් ගත උනත් තමන්ව අමතක නොකිරීම සම්බන්දව....

"බහින්න්, ඩොක්ටර් ජෝන්.. අපි ආවා.. මේ මගේ පුන්චි නවාතැන..."

තරමක් නාගරික නමුත් ගස් වලින් වට උනු නිවසක් ඉදිරිපිට මෝටර් රතය නවත්තක ගමන් පිටිපස්සට හැරිලා ජිමින් කීවා...ජන්කුක් හෙමින් මෝටර් රතයෙන් බැහැලා හොද හුස්මක් ගත්තා... බෙහෙත් සුවදින් මිදුනු හොද හුස්මකින් පපුව පුරවගත්තු ජන්කුක් වට පිටාවට ඇහැ යවන ගමන් ජිමින් එක්ක ඇතුලට ගියා...

.


.


.



.



.
"ඉතින් දැන් ඉස්සරහට මොකක්ද කරන්න හිතන් ඉන්නේ..."

විවේක ගැනීමකින් පස්සෙ හවස පිරිසිදු වෙලා ඉස්සරහා එලියේ තිබුනු බන්කුවක් උඩින් වාඩි වෙලා කෝපි කෝප්පයක් තොල ගාන ගමන් දෙන්නම හිටියා...

"ම්ම්... දිගටම මෙහෙම ඉන්න බෑ, මම ආපහු මම හිටිය තැනට ගිහින් මගේ බඩුත් අරන් ආයෙත් රෝහලට කතා කරන්න ඕන.. මගේ ලියකියවිලි ආයෙත් හදාගන්න ඕන... "

ජන්කුක් හුස්මක් පහලට දාන ගමන් කතා කරා..

"හිතන්න එපා, මේ වෙනකොටත් ඔයාගේ ලියවිලි යවලා ඇති අපි උදේ ගිහින් කතා කරලානේ ආවේ.. ඩොක්ටර් ජෝන් අකමැත්තක් නැත්නම් මට කියන්න ඔයා ගැන විස්තර ටිකක්..."

තමන් වෙනුවෙන් මෙච්චර කැපකිරීම් කරපු ජිමින්ව තව දුරටත් විස්වාස නොකරන්න ජන්කුක්ට හේතුවක් තිබුනේ නෑ...

"ම්ම්.. මම තනියම ඉන්නේ.. තනියම කීවට මම පුන්චි කාලේ ඉදන් තනියම තමයි හැදුනේ අනාත නිවාසේ... මට උනු පොඩි කරදරයකින් පස්සේ කෙනෙක්ව හම්බුනා මට.. එයා මාව එදා ඉදන් බලාගත්තා... එයා නොහිටින්න අද මම ජීවතුන් අතරත් නොයින්න තිබුනා..."

ඉතාමත් කෙටි ජීවිත කතාවක් ඉදිරිපත් කරපු ජන්කුක් ඇස් උස්සලා පුදුමෙන් ඉන්න ජිමින් දිහා බැලුවා...

මනුස්සයෙක්ට තමන්ගේ ජීවිතේ ගැන කියන්න මේ තරම්ම කෙටි කතාවක් තියෙන්න පුලුවන්ද... ජන්කුක්ගේ ජීවිතේ මහ ලොකු සිදුවීම් ඇත්තෙන්ම තිබුනේ නෑ.. ආයෙත් තමන් ගැන දැනුනු පහත් හැගීම දැනෙන්න පටන් ගන්නකොට ජන්කුක්ට දැනුනා තමන්ව උනුසුම් අත් දෙකක් අතර තුරුල් වෙනවා..

"මම.. මේ කිසිම දෙයක් දැනන් හිටියේ නෑ.. මට සමාවෙන්න ඩොක්ටර් ජෝන්...."

"ඒකට කමක් නෑ ඩොක්ටර් පාර්ක්... ඔයා දැනගන්න මම කිසිම දෙයක් කීවේ නැහැනේ.. මම ජෝන් ජන්කුක්.. ජන්කුක් කියලා මට කතා කරන්න..."

හරිම ලස්සන හිනාවකින් මූන සරසන් ජන්කුක් කියනකොට අවුරුද්දක කාලයක් තුල තරමක් දිගට වැඩෙමින් ඉස්සරහට පැනපු ජන්කුක්ගේ කෙස් රොදන් පිටිපස්සට කරන ගමන් ජිමින් ජන්කුක්ගේ කම්මුල පිරිමැද්දා...

"මට ජිමින් කියන්න.... ඇත්තටම ඔයා මේ පැත්තට එනවා නම් මෙහෙ ඉන්න පුලුවන්, මම තනියම ඉන්නෙ... මාම් ඩෑඩ් ගොඩාක් දුර ඒ නිසා..."

ජන්කුක් කාරුණිකව ඔලුව වැනුවා... ජන්කුක්ට තවත් කෙනෙක්ට කරදරයක් වෙන්න ඕන උනේ නෑ... ඉතින් ජන්කුක් තමන්ගේ අලුත් ජීවිතේ පටන් ගන්න වෙනවා.. ජන්කුක්ට දැනුනෙ තමන් ලොකු නින්දකින් ඇහැරුනා වගේ හැගීමක්, ඒක එච්චරම පහසු හැගීමක් නොවුනත් හීනෙක ජීවත් වෙනවා වගේ දැනෙනකොට ඇත්තටම අපහසු උනා..

තමන්ට දුන්න කාමරේ ඇදේ දිගෑරෙන ගමන් ජන්කුක් එක එක රටා ගියපු ලී සිවිලිම දිහා බැලුවා... ජන්කුක්ට ටේහ්‍යොන්ග්ව මතක් උනා.. මතක් උනා කීවත් ජන්කුක්ට මතක් වෙන්න ටේහ්‍යොන්ග්ව අමතක උනේ නෑ.. ජන්කුක් ඇස් ඇරපු පලවෙනි මොහොතෙත් චායාවක් වගේ මතකෙට ආවේ ටේහ්‍යොන්ග්ව....ජිමින් ඕනවට වඩා තමන්ට බලපෑම් නොකිරීම ජන්කුක්ට සහනයක් වෙනකොට ජන්කුක්ට ඇස් පියාගෙන නිදා ගන්න ඕන උනා... හෙට ඉදන් හැමදේම පටන් ගන්න බලාපොරොත්තුවෙන්....

.




.




.




.




.




.

"ඔයාට හොදටම විශ්වාසයි නේද ජන්කුක් මම මෙතනින් ගියාට කමක් නෑ කියලා..."

ජිමින් ඇහුවේ ප්‍රධාන නගර සීමාවෙන් මෝටර් රතයෙන් එලියට බැස්ස ජන්කුක් ගාවට එන ගමන්...

"මෙතනටම එක්කන් ආපු එකත් ලොකු උදව්වක් ජිමින්.. ඇත්තටම මට තේරෙන් නෑ මට මේ කරපු දේවල් වලට මම කොහොම ස්තූති කරන්නද කියලා..."

තමන්ගේ හිස් වැස්ම ගලවලා ඔලුව නමලා අචාර කරන ගමන් ජන්කුක් කියනකොට ජිමින් ජන්කුක්ගේ උරහිස් වලින් අලලා වැලදගත්තා...

"එහෙම ඕන නෑ... මගෙත් එක්ක හිටපු යාළුවා ගැන මම බලන් නැත්නම් වෙන කවුද බලන්නේ.. ඒ ගැන එච්චරම හිතන්න එපා ජන්කුක්.. මම මෙහෙමම යන්නම් තවත් වැඩ කිහිපයක් තියනවා ආව වෙලේ කරගන්න.... මොනවම හරි ප්‍රශ්නයක් උනොත් මම දුන්න ලිපිනයට විදුලි පනිවිඩයක් එවන්න... මම කොහේ හිටියත් මට පනිවිඩේ ලැබේවි... පරිස්සමට.. ජන්කුක්ට මෙහෙ පුරුදුයිනේ, ඒත් ඔච්චර අහිංසක වෙන්න එපා හැමෝම ඔයා තරම්ම හොද නෑ...."

ජන්කුක්ගේ ඔලුවත් අතගාන ගමන් මෝටර් රතයට නැගලා පිට වෙන ජිමින් දිහා ජන්කුක් බලන් හිටියා...යාළුවෙක්... ජිවිතේ පලවෙනි වතාවට ඒ වගේ හැගීමක් දැනෙනකොට එක වරකට සතුටෙනුත් අනික් අතට වේදනාවෙනුත් ජන්කුක්ගේ හදවත ගැහුලා...

අතට ගත්තු හිස් වැස්ම නැවත පැලදගන්න ගමන් ජන්කුක් තමන්ගේ කබා සාක්කුවට අත දාගෙන හෙමීට ගල් අතුරපු පදික වේදිකාව දිගේ ඉස්සරහට ඇවිදගෙන ගියා... ගග අයිනට හැරෙන පාරත් පහු කරන් ඉස්සරහට ඇවිදන් ගිය ජන්කුක් ඉර එලියෙන් දිලිසෙන උස ඔරලෝසු කනුවටත් බැල්මක් හෙලන ගමන් ඇවිදන් ගියා..

ටිකෙන් ටික ටේහ්‍යොන්ගේ කාර්‍යාලය පිහිටලා තිබුනු ගොඩනැගිල්ලට ලං වෙනකොට ජන්කුක්ගේ හදවත වේගෙන් ගැහුනා... ඒත් කොහෙවත් වෙනසක් නෑ... ජන්කුක් සාමාන්‍ය පරිදි වහලා තිබුනු ඒ කලු පාට ලොකු දොර දිහා බලන් හිටියා... අංකය සදහන් තහඩුව දොර උඩ දිලිසෙනකොට ජන්කුක් ඒ අසලට යන්න තිබුනු උවමනාව මැඩ පවත්ව ගන්න ගමන් ඉස්සරහට ගියා... පොලිස් ස්තානය පහු කරන් රෝහල් පාරත් අතර තිබුනු පටු මගට හැරුනු ජන්කුක් හෙමින් අඩිය තියමින් ටේහ්‍යොන්ගේ නිවස තිබුනු පැත්තට ඇවිදගෙන ගියා...

පටු පදික වේදිකාවෙන් පාරට වෙන් උනු යකඩ වැටත් සමග තාප්පය තුලින් පෙනෙන නිවස දිහා හිටගෙන බලන් හිටිය ජන්කුක් තමන් අත් දෙක එකට ගුලි කරගත්තා...ජන්කුක්ට පුදුම තරම් නොසන්සුන් හැගීමක් ඇති උනා... ගිහින් කතා කරන්නෙ කොහොමද මුහුන දෙන්නේ කොහොමද කියලා පොඩිමවත් අදහසක් ජන්කුක්ට තිබුනේ නෑ... බැ..බැරි වෙලාවත් ලින්ඩාව හම්බුනොත්... ජන්කුක් හොද හුස්මක් අරගෙන පොඩි ගේට්ටුව අරින ගමන් වත්තට අඩිය තිබ්බා...

කිසිම වෙනසක් නොවුනු ගාඩ්න් එක දිහා හරිම හිස් හැගීමකින් බලන් ජන්කුක් උද්‍යාන අඩි පාර දිගේ ඉස්සරහට ඇවිදගෙන ගිහින් දොර අසල තිබුනු සීනුව නාද කරා...

මද වේලාවක් ගත වෙමින් සුපුරුදු හෙමින් එන අඩි ශබ්දය ඇහෙනකොට ජන්කුක් තමන්ගේ හිස් වැස්ම ගලවන ගමන් අත් වලින් තද කරා...

"ඔහ්...."

දොර විවෘත කරපු විලියම් හිටපු විදියටම ජන්කුක් දිහා බලන් හිටියේ බය වෙලා ... විලියම්ට හොදටම විශ්වාසයි ජන්කුක්ගේ මිය ගිය පණිවිඩය ලැබුනු විත්තිය.. එහෙනම් මේ කවුද...

"දෙවියනේ මගේ පුන්චි ජෝන්...."

ජන්කුක්ව අත් දෙකෙන්ම තමන්ගේ පපුවට තුරුල් කරගනින් විලියම් කදුලු සලන්න ගත්තහම ජන්කුක් තමන්ගේ හිර වෙලා තිබුනු කදුලු වලට නිදහස් වෙන්න ඉඩ දෙමින් විලියම්ට තුරුල් උනා...

"කො..කොහොමද මෙහෙම උනේ... ජෝන් මිය ගිහින්.. නෑ.. නෑ.. මගේ පුන්චි ජෝන් ඉන්නවා මහත්තයා හරි..."

ටිකකට ඈත් වෙමින් ඒ පුන්චි මූන අතගාපු විලියම් නැවතත් ජන්කුක්ව තුරුල් කරගන්න ගමන් එහෙම කීවම ජන්කුක් තමන්ගේ අතින් විලියම්ගේ පිට පිරි මැද්දා... තමන්ව මේ විදියට ආදරෙන් පිලිගත්තම මොහොතකට කලින් නොසන්සුන් උනු ජන්කුක්ගේ හිත යතා තත්වයට පත් උනා.....

මොහොතකින් ජන්කුක් හිටියේ සෝෆා එකේ වාඩි වෙලා විලියම් බලෙන්ම හදලා දුන්නු කිරි වීදුරුවේ බාගයක් ඉවර කරන ගමනුයි... ජන්කුක් හොදටම ඇදිලා ගිය බව කියමින් තවත් සකසපු සැන්විච් කිහිපයක් ජන්කුක්ට කවපු විලියම් ජන්කුක්ට පුරුදු කිරි එක හදලා දුන්නා....

ඒත් ජන්කුක් කලබලෙන් හිටියා... නිවසේ කිසිම දෙයක් වෙනස් නොවෙනකොට ජන්කුක් හරිම උවමනාවකින් හැමදේම තේරුම්ගන්න උත්සාහ කරා....

"ම්ම්..අන්කල්.. ටේහ්‍ය්..අම්.. මම කීවෙ මිස්ටර් කිම්..."

ජන්කුක් කියනකොට බලාගෙන ඉද්දි විලියම්ගේ මූන අදුරු උනා.. ඒත් ඒකට උත්තරයක් දෙන්න මහන්සි නොවුනු විලියම් කිචන් එක පැත්තට ඇවිදගෙන ගියාම ජන්කුක් වීදුරුව ස්ටූල් එක මතින් තියන ගමන් හැරිලා බැලුවා...

ගබඩා කාමරෙන් මීට අවුරුද්දකටත් කලින් උනු කාලයකට උඩදි ඉදන් ඒ සම්බන්ද පත්තර අත් දෙකේ පුරවන් ඇවිත් විලියම් ඒවා ජන්කුක්ගේ එහා පැත්තෙන් ගොඩ ගැහුවාම ජන්කුක් තමන්ගේ ඇස් ලොකු කරගන්න ගමන් ඒ දිහා බැලුවා...

"මම හිතන්නේ පුතාම කියවලා බැලුවොත් හොදයි...."

පත්තර කිහිපයක් අතට ගත්තු ජන්කුක්ට විලියම් කිව්වහම ජන්කුක් එකින් එක බලන්න පටන් ගත්තා...

.




.




.




.




.




.



.

මෙච්චර කල් වහලා තිබුනු ටේහ්‍යොන්ගේ කාමරේට ඇතුල් වෙන ගමන් ඒ ඇදෙන් වාඩි උනු ජන්කුක් ටේහ්‍යොන්ගේ පුලුන් කොට්ටයක් තමන්ගේ අත් වලින් ස්පර්ශ කරා... ජන්කුක්ට හිතාගන්න පුලුවන් උනා ටේහ්‍යොන්ග් මේ තරම් වේදනාවෙන් හිටපු හේතුව...

හැමදේම එකකට එකක් පැහැදිලි වෙනකොට ජන්කුක්ගේ හිතට අමුතු හැගීමක් දැනුනා.. විලියම්ගේ වචන වලින් තමන්ගේ ජීවිත කතාව අහනකොට ටේහ්‍යොන්ග් අන්තිම වතාවට කියපු සමහර දේවල් වල තේරුම ජන්කුක්ට වැටහුනා... ජන්කුක්ට හිතාගන්න බැරි උනා මනුස්සයෙක් ඒ තරම්ම සංකීර්න වෙන්නේ කොහොමද කියලා....

ටේහ්‍යොන්ගේ කොට්ටෙන් එන ඒ සුවදින් තමන්ගේ හුස්ම පුරවගත්තු ජන්කුක් තමන්ගේ ඇස් පියාගත්තා... රාත්‍රියේ නැවතත් විලියම් ජන්කුක්ව නැගිට්ටවනකම්ම ජන්කුක් ඒ ලොකු ඇද මත ගුලි වෙලා හිටියා..

මොන තරම් කාලයක් ගියත්, නිකන් ලොකු හිදැසක් ඉතුරු වෙලා වගේ දැනුනත් ජන්කුක්ගේ හදවත කලින් වගේම ගැහුනා... ඒ හැම සිතලුවකට ප්‍රතිචාර දැක්වුවා.. ඉතින් ටේහ්‍යොන්ග්ට මේ හැමදේම නැති වෙලා කියලා දැනගත්තත් ජන්කුක් කොහොමද තමන්ගේ ජීවිතේ එකම කෙනාව අමතක කරන්නේ... ජන්කුක්ට කිසිම දෙයක් නොතිබුනු කාලේ තමන් ලගින් හිටිය ටේහ්‍යොන්ග්ව අද කිසිම දෙයක් නැති උනත් තමන්ගේ පපුවට තුරුල් කරගන්න උවමනා උනා.... ඒ හිතුවක්කාර පිරිමි සුවදින් තමන්ගේ හදවත පුරව ගන්න වෙන කවදාටත් වඩා අද ජන්කුක්ට උවමනා උනා..

.




.




.




.




.




.




.

"කිම් ටේහ්‍යොන්.. තමුන්ව හම්බෙන්න කෙනෙක් ඇවිත්...ඉක්මන් කරන්න...."

"මම ප්‍රතික්ශේප කරනවා....."

.





.





.





.

*********************

__________________________Dark_Sunshiner 🤍🥀


Sorry for the late update....!🥀(¯'◕‿◕'¯)♡♥✿


Thanks for reading...♥️

To be Continued...

2023/06/14

Bạn đang đọc truyện trên: AzTruyen.Top