|30|
"මට තාමත් මේ මුකුත් විශ්වාස කරන්න බෑ මහත්තයා..."
විලියම් නම්ජූන් දිහා බැලුවම නම්ජූන්ගේ මූනේ බැරෑරුම් පෙනුමක් ආව... ටේහ්‍යොන්ගේ පරීක්ෂන හැමකෙනෙක් ගැනම දැනන් හිටපු කෙනෙක් තමයි ලෝයර් නම්ජූන්...
"මටත් හිතාගන්න බැරි ටේහ්‍යොන්ග් හැමදෙයක්ම පිලිවලට කරන් ඇවිත් මේ තැනදි මෙහෙම මේක ඉවර කරේ ඇයි කියලා.. පහුගිය ටිකේ ටේහ්‍යොන්ග්ට පුදුම කලබලයක් තිබ්බේ..."
නම්ජූන් කියනකොට විලියම් තමන්ගේ අතේ තිබුනු ටී කප් එක නම්ජූන්ට දුන්නා...
"මේ හැමදේම අපේ ලොකු නෝනා ගෙනාපු යෝජනව හින්දා... කීප වතාවක් ඒ තරුණ නෝනා මෙහෙත් ආවා මිසිස් ජෝන් එක්ක... ඒත් මම නම් අපේ මහත්තයාගේ කැමැත්තක් දැක්කේ නෑ..."
නම්ජූන් හුස්මක් පාතට දාන ගමන් ඔලුව හෙලෙව්වා...
"ටේහ්‍යොන්ග් ලොකු ස්ට්‍රෙස් එක්ක හිටියා වගෙයි පෙනුනේ... කොහොමත් එයාට පවුල සම්බන්ද හැමදෙයක්ම ලොකු පීඩනයක්..."
"අපේ පුන්චී ජෝන්ව මරපු උන් ටික අල්ලගත්තද මහත්තයා..."
විලියම් තමන්ගේ ඇස් දෙක පිහින ගමන් ඇහුවම නම්ජූන් ඔලුව වනලා හිනා උනා...
"ඔව්... උන් එකෙක්ට තමයි ටේහ්‍යොන්ග් වෙඩි තිබ්බේ.... හරියටම පුන්චි ජෝන්ව මරපු එකාට.. උට එක පාරකුත් ටේහ්‍යොන්ග් වෙඩි තිබ්බා, ඒත් ඌ පැනගත්තා.. අන්තිමට තෝමස්ගේ පැත්තේ තමයි ඌ හැන්ගුනේ .. ඒකයි උගේ විස්තර මුකුත්ම අපිට හොයාගන්න බැරි උනේ... මට පුලුවන් නම් ඔය තෝමස් කාරයව තමයි මුලින්ම ඇතුලට දාන්නේ...."
නම්ජූන් කේන්තියෙන් කියලා නැගිටිනකොට විලියම් දුකින් නමුත් සතුටින් හිනා උනා... ටේහ්‍යොන්ග් දිවා රෑ නොබලා වැඩ කරපු විදියට අද මේ දේ තියෙන්න ඕන උනත් ටේහ්‍යොන්ග් අද හිටපු තත්වේ ඒ තරම් හොද උනේ නෑ..
"දැන් කොහෙටද මහත්තයා යන්නේ..."
විලියම් නම්ජූන් පස්සෙන් දොර ගාවට එන ගමන් ඇහුවා...
"මන් ටේහ්‍යොන්ගේ කාර්‍යාලයට යනව... ඒක නෙවෙයි විලියම් මෙහෙ ඉන්න ඩොක්ටර්.. "
විලියම් නිශ්ශබ්දවම ඉස්සරහා කෝපි මේසය මත තියලා තිබුනු ලියවිල්ලත් සමග පාර්සලය නම්ජූන් අතින් තිබ්බා..
"ඔහ්..."
නම්ජූන් ඒක කියවන ගමන් විලියම් දිහාවට කම්පනයට පත් බැලමක් දැම්මා...
"ටේහ්‍යොන්ග් දන්නවද..."
නම්ජුන් ඇහුවම විලියම් ඔලුව වැනුවා....
"එදා ඉදන් ගියත් හරියට කතාවක් නෑ.. ඒත් මහත්තයා මේක විශ්වාස කරේ නෑ..ජෝන් ඉන්නවා කියලා කීවේ..."
"මට හිතාගන්න පුලුවන් මූ ඔක්කොම අතෑරපු හේතුව... මන් ටේහ්‍යොන්ග් හම්බෙන්න යන්නම්..."
නම්ජූන් කීවම විලියම් නම්ජූන්ට ඔලුව නමලා අචාර කරා....
නම්ජූන් ගියාම මහා පාලුවක් තියන නිශ්ශබ්ද ගෙදර දිහා විලියම් බලන් හිටියේ ගොඩාක් දුකින්... හාන්සි පුටුව මත ගොඩ ගහලා තිබ්බ පත්තර ඔක්කොම ගෙනිහින් ගබඩා කාමරයට දාපු විලියම් ගෙදර අස් කරන්න ගත්තා... ඒ හැම පත්තරයකම හෙඩ් ලයින් එක මේ පුවත වෙලා තිබුනත් ටේහ්‍යොන්ග්ට විශාල ප්‍රහාර එල්ල වෙලා තිබුනා... හැමදාම සාධාරනය ඉශ්ට කරත් එක වතාවක් වැරදුන තැන මිනිස්සු ටේහ්‍යොන්ග්ට මඩ ගහන්න පටන් අරන් තිබුනා... විලියම්ට විශ්වාසයක් තිබුනේ නෑ ආයෙත් ටේහ්‍යොන්ග් ආවත් මේ දේවල් එක්ක මෙහෙ කොහොම ඉන්න පුලුවන් වෙයිද කියලා... මහසියෙන් අවුරුදු ගානක් කැප කරලා හදාගත්තු කීර්ති නාමය එක මොහොතකින් විනාශ වෙනකොට ඒක කොයි තරම් දුරකට හොද හෝ නරක දෙයක්ද කියලා විලියම් දැනගෙන හිටියේ නෑ...
.
.
.
.
.
.
"මෙහෙම මනුස්සයෙක්ට මගේ දුවව විවාහා කරලා දෙන්න කියලද මිස්ටර් ජෝන් මට කියන්නේ..."
තෝමස් කේන්තියෙන් නැගිටින ගමන් කෑ ගැහුවම මිස්ටර් ජෝන් කේන්තියෙන් දත්මිටි කෑවා....
"මිස්ටර් තෝමස් සද්දේ අඩු කරන්න... මේ යෝජනාව ගෙනාවේ කවුද කියලා හොදටම දන්නවනේ.. ඉතින් ටේහ්‍යොන්ග් ආයෙත් ආවම අපිට මේක කරන්න පුලුවන්.. එතකොට මිසිස්සුන්ට ඕක අමතක වෙලා තියෙයි... "
තෝමස් කට කොනින් හිනා උනා....
"මගේ දුව මුලු ජීවිත කාලෙම අපහාස විදින්න... හහ්... කීයටවත් ඒක වෙන්නේ නෑ...."
දොර වේගෙන් ඇරන් එලියට යන ගමන් තෝමස් වේගෙන් දොර වැහුවා....
ඒ විදියට ටේහ්‍යොන්ග් බලාපොරොත්තු උනු තව දෙයක් සිද්ධ වෙමින් තිබුනා... ජෝන් තමන්ගේ කේන්තිය පිට කරගන්න විදියක් නැතුව බලන් හිටියා....
"හේයින්...."
ජෝන් කේන්තියෙන් කෑ ගැහුවම මිසිස් ජෝන්ගෙන් ප්‍රතිචාරයක් ලැබුනේ නෑ... ජෝන්ට තවමත් මතක තිබුනා කට කොනින් හිනා වෙන ගමන් ටේහ්‍යොන්ග් තමන් දිහා බලලා කෝට් එකෙන් එලියට ගිය එක... ටේහ්‍යොන්ග් දින්නා... අන්තිමට මේ නඩු නොසලකා හැරීම පිලිබදව මිස්ටර් ජෝන් අප්‍රසාදයට පත් වෙනකොට එතෙක් මෙතෙක් ජෝන් තමන්ට මූන දෙන්න වුනු ලැජ්ජම ප්‍රතිචාර වලට මුහුන දුන්නා....
"තමුන් තමයි ටේහ්‍යොන්ගේ ඔලුව විනාශ කරේ...."
ජන්කුක්ව මතක් කරමින් කේන්තියෙන් මුමුනන ගමන් ජෝන් මේසය මත තිබුනු සීනුව නාද කරා... එලියේ ඉදන් ඇතුලට දුවගෙන ආපු සෙකට්‍රි ජෝන් ගාවින් හිට ගත්තා..
"අර ජෝන් ජන්කුක්ව එක්කන් වරෙන් මන් ගාවට.... හොදින් හරි නරකින් හරි..."
ජෝන්ගේ කටින් පිට වෙනකොට සෙකට්‍රි දොරෙන් එලියට ගියා.. ඒත් සමගම මිසිස් ජෝන් කාර්‍යාලය ඇතුලට ආවේ ඇස් දෙකත් රතු කරගෙනයි...
"හේයින්.. මොකද මේ..."
මිසි ජෝන්ගේ ඉදිමිලා තියන ඇස් දිහා බලන් ජෝන් අහනකොට හේයින් හිටන් හිටපු විදියටම ජෝන් දිහා බලන් හිටියා..
"මන් ඔයාව සම්පූර්ණයෙන්ම විශ්වාස කරා... අර තරම් කේන්තියෙන් කෑ ගහලා ටේහ්‍යොන්ග් කියන එක වචනයක්වත් නොපිලිගන්න තරම් මන් ඔයාව විශ්වාස කරා ජෝන්..."
"ශ්.. හේයින් මොනවද මේ කියන්නේ..."
හේයින් ගාවට ඇවිදන් එන ගමන් ජෝන් ඇහුවා...
"ඇයි මගේ දරුවව මැරුවා කියලා මන් දන්නේ නැත්තේ.. කවදත් ඔයාගේ රස්සාවට මම කැමති උනේ නෑ... මම දැනන් හිටියේ නෑ මගේ පොඩි දරුවව මරලා දාලා කියලා..ඔයා කීවේ ඒක නිකන්ම රිය අනතුරක් කියලා.. කොහොමද එහෙනම් මෙහෙම උනේ ජෝන්.. ඇයි මට බොරු කරේ.. ඔයාගේ තරහා කාරයෝ නම් මගේ දරුවව මැරුවේ ඔයා කොහොමද තාමත් මේ විදියට ඉන්නේ ජෝන්..."
"නවත්තගන්නවා .. නවත්තගන්නවා...හේයින්....තමුන් මොනවද කියන්න හදන්නේ ආහ්..."
ජෝන් කේන්තියෙන් කෑ ගහනකොට හේයින් තමන්ගේ කදුලු පිහගන්න ගමන් ජෝන්ගේ ඇදුම් කොලර් එක අතෑරියා...
"ඔයා දැන් මොනවද කරන්න හදන්නේ..දෙවියනේ මට ලැජ්ජයි මම ටේහ්‍යොන්ග්ට සලකපු විදිය මතක් වෙනකොට.. ඒ ලමයා අපිව දාලා ගියත් මම ඔයාවම විශ්වාස කරා... ඒත් ඔයා මේ හැමදේම අහුවුනාමත් තවමත් හිතන්නේ ඔයාගේ තත්වය ගැන... ඔයා අපිට කවදාවත් ආදරේ කරේ නැද්ද ජෝන්.. ඒකද මෙහෙම කරන්නේ..."
හයියෙන් අඩන ගමන් ආවේගෙන් වගේ හේයින්ගේ කටින් වචන පිට වෙනකොට ජෝන් හේයින්ව තමන් ගාවින් අයින් කරන ගමන් අනිත් පැත්ත හැරුනා..
"මම.. කොච්චර කැත කතා කීවද ටේහ්‍යොන්ග්ට.. එයා මාත් එක්ක කේන්ති ගන්න එක සාධාරනයි... දැන් මට මන් ගැනම ලැජ්ජා හිතෙනවා ජෝන්... අඩුම ඔයාට බැරිද අපේ ටේහ්‍යොන්ග්ව එලියට ගන්නවත්.. ඔයාට දුක නැද්ද ජෝන්.. ටේහ්‍යොන්ග් මෙහෙම හිරේ ඉද්දි.....
"ඒක මගේ වැරැද්දක්ද.. එයා තනියම දා ගත්තු ප්‍රශ්න ඒවා... ඔයාගේ පුතා මටත් වඩා නීතිය ගැන හොදටම දැනුවත්.... ඉතින් එහෙනම් මේක කරද්දි තමන්ට නවතින්න වෙන තැන දන්නේ නැහැ කියන්න බෑනේ....."
කේන්තියෙන් කතා කරන ජෝන් දිහා හේයින් පුදුමෙන් බලන් හිටියා...
"මට කියන්න ඔයා ඔය විදියට කතා කරන්නේ කොහොමද කියලා... අපිව ඔයාට වටින් නැද්ද...."
හේයින් ඇහුවත් ජෝන් තමන්ගේ එහා පැත්තේ තිබුනු ග්ලාස් එක ඉක්මනින් බීලා දැම්මා.. ටේහ්‍යොන්ග් මුලු කෝට් එකක් ඉස්සරහා තමන්ව සමච්චලයට ලක් කරපු විදිය මතක් වෙනකොට ජෝන්ගේ ඇග කේන්තියෙන් ගැහුනා... ටේහ්‍යොන්ග් තමන්ගේ ලමයා උනත් කොහොමද තමන්ගේ කීර්තිය ඒ විදියට නැති කරන්නේ.. තමන්ව ඒ විදියට අපහසුතාවයට පත් කරන්නේ.... නම වෙනස් කරගෙන ටේහ්‍යොන්ග් තමන්ගේ පවුලෙන් ඈත් උනත් දැනගත යුතු හැමෝම ටේහ්‍යොන්ග් කියන්නේ මෙහි ඉහලම පුටුවේ දරුවා කියලා දැනගෙන හිටියා..
"මගේ කේන්තිය අවුස්සන් නැතුව මෙතනින් යන්න..."
ජෝන් සන්සුන් විදියට කීවම හේයින් පිටිපස්ස හැරුනා..
"මම මුල ඉදන්ම ඔයා කියන දේවලුයි ඇහුවෙ.. අන්තිමට මට ඔයා හින්දාහැම දරුවෙක්ම නැති උනා... මතක තියාගන්න ජෝන් ඒ හැම දරුවෙක්ම අපේ දරුවෝ.. මට හිතාගන්න බෑ මේ හැමදේකටත් පස්සෙම ඔයා මේ විදියට ඉන්නෙ කොහොමද කියලා...මට ඕන ටේහ්‍යොන්ගෙන් සමාව ගන්න.. ඒ දරුවා මොන තරම් දුකකින්ද මේ මුලු අවුරුදු ගානම ඉන්න ඇත්තේ... මේ තරම් හැමදේම තනියම කරගෙනත් අවසානෙටවත් අපිට එයාට සැනසීමක් දෙන්න බැයිනම් අපි එයාගේ දෙමාපියෝද ජෝන්....!"
ප්‍රශ්න කිරීමක් ඉතිරි කරන ගමන් හේයින් කාර්‍යාලයෙන් එලියට ගියේ සෙකට්‍රි ආයෙත් ජෝන්ගේ කාර්‍යාලට තුලට එනකොටයි...
"ම..මට සමාවෙන්න සර්.. ජෝන් ජන්කුක් දැනටමත් මිය ගිහින්...."
.
.
.
.
.
.
********************
___________________________Dark_Sunshiner 🤍🥀
Heyin...✾༻
lawyer namjoon...༻
Thanks for reading ♥️
To be Continued....
2023/06/09
Bạn đang đọc truyện trên: AzTruyen.Top