|29|

"දෙවියනේ බලන්න බැදිලා තියන දූවිලි ගොඩ.. ඔයාට ඕන අසනීපයක් හදාගන්නද ටේහ්‍යොන්ග්...."

ජන්කුක් තමන්ගේ අතේ තිබුනු බෑග් එක හා හිස්වැස්ම එල්ලන ගමන් කීවේ කිසිම ගානක් නැතුව කන්නාඩිය පාත් කරන ටේහ්‍යොන්ග් දිහා බලාගෙන....

"පොත් ගත්තම ඒ රාක්කෙන්ම තියන්න ඕන... මේ බෝතල් කබඩ් එකට දාන්න ඕන.. බලන්න මේකේ පිරිලා තියන අළු ගොඩ...."

හාන්සි පුටුව ගාව බිම ගොඩ ගහලා තියන පොත් ගොඩ උස්සලා අතට ගන්න ගමන් මැවිසිලි නගන ජන්කුක් දිහා ටේහ්‍යොන්ග් බලන් හිටියේ හිනාව තද කරන්... ජන්කුක් කාර්‍යාලය ඇතුලට ආපු වෙලේ ඉදන් ටේහ්‍යොන්ග්ට බනින ගමන් අස් කරන්න පටන් ගත්තා.. ඒක ජන්කුක් අස් කරන් නැත්නම් වෙන කවුද වද වෙන්නේ ඒක ගැන....

"ඔහ් මොකද කරන්නේ ...."

පිටිපස්සෙන් ඇවිත් ඇගට හේත්තු උන ටේහ්‍යොන්ග්ව පිටිපස්සට තල්ලු කරන ගමන් ජන්කුක් පොත් ටික රාක්කයෙන් අහුරන්න ගත්තා...

"ඉතින් ඒකටනේ මගේ ජෝන් ඉන්නේ.... "

ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ බද වටේට අත යවන ගමන් කනට කරලා මුමුනනකොට ජන්කුක්ගේ කම්මුල් රතු උනා...

"කොහොමද කියන්න මම එන්න කලින් හිටියේ... "

"ඊට කලින් කොහොම හිටියත්, මීට පස්සේ නම් ඔයා නැතුව මට ඉන්න බැරි වෙයි...."

ටේහ්‍යොන්ග් ගැඹුරු කටහඩින් මුමුනනකොට ජන්කුක් අන්තිම පොතත් තියන ගමන් ටේහ්‍යොන්ගේ අත් අතරම ටේහ්‍යොන්ගේ පැත්තට හැරුනා...

"ඔහොම කියන්න එපා... මොනවා වෙයිද මම නොහිටියොත්..."

ජන්කුක් කියනකොට ටේහ්‍යොන්ග් ඇහි බැමක් උස්සන ගමන් රවලා බැලුවා.... පහලට නැවෙන ගමන් ජන්කුක්ගේ නහය දත් දෙකෙන් අල්ලලා හපපු ටේහ්‍යොන්ග් ජන්කුක් ගහනකොට හිනා වෙලා එහාට උනා...

"ඇත්තමයි ඔයා මෙහෙම හැසිරෙනවා කවුරු හරි දැක්කොත් පුදුම වේවි..."

"ඔයාට විතරයි..."

රහසින් වගේ ටේහ්‍යොන්ග් මුමුනනකොට ජන්කුක් නහය අකුලන ගමන් හිනා උනා....

"ඔහ්.. මොකක්ද ඒ සද්දේ..."

පිටතින් ඇහෙන ඝෝශාව හා කුර ගැටෙන හඩට ජන්කුක් ටේහ්‍යොන්ග්ව ඈත් කරන ගමන් දොර ගාවට දුවන් ගියා.. දොර ඇරලා එලියට ඔලුව විතරක් දාලා විපරම් කරපු ජන්කුක් පුදුමයෙන් මුව විවර කරගන්න ගමන් එලියට ගියා.. ටේහ්‍යොන්ග්නුත් සාක්කුවට අත් දෙක දා ගන්න ගමන් එලියට ඇවිත් පාර අයිනේ එකතු වෙලා හිටපු සෙනග ගොඩේ පිටිපස්සෙන් හිටන් ඉන්න ජන්කුක්ගේ පිටිපස්සෙන් හිටගත්තා...

පෝලිම් හා පේලි වශයෙන් ඇවිදගෙන යන ශක්තිමත් අශ්ව කණ්ඩායම බලන්න ලස්සන උනා... සුදු පැහැයෙන් හා ලා දුඹුරු පැහැයෙන් සිටි ශක්තිමත් අශ්වයන් දුටු වෙනත් ඕනෑම අශ්වයෙකුට වඩා ලස්සන හා ගාම්භීර උනා...

"රාජකීය අශ්වයෝ..."

ටේහ්‍යොන්ග් පිටිපස්සෙන් ජන්කුක්ගේ කනට කරලා කීවම ඇගිලි තුඩු වලින් ඉස්සෙන ගමන් ජන්කුක් ආසාවෙන් ඒ දිහා බලන් හිටියා...

"එයාලා මොකටද මෙහෙම යන්නේ... බලන්නකෝ එයාලගේ ලස්සන..."

අශ්වයන් මත හරි කෙලින් වාඩි වෙලා යන අශ්වා රෝහකයෝ දිහා බලන ගමන් ජන්කුක් කීවේ අතෙන් කට වහගෙන... ඒක ට්කක් ඕනවට වැඩියි.. ටේහ්‍යොන්ග් ඇස් රෝල් කරා....

"ජෝන් ඔයා පත්තරයක් කියවන්න මීට වඩා උනන්දු වෙන්න ඕන... ඒක ඔයා හිතන විදියට කාලය නාස්ති වෙන වැඩක් නෙවෙයි...."

"ඔයා මුලු පත්තරේම උඩ ඉදන් පහලට කියෙව්වට ඒකේ තියන දේවල් වලින් බාගයක්වත් මට තේරෙන දේවල් නෙවෙයි... දේශපාලනයට මම කැමතිම නෑ...."

ජන්කුක් කට ඇදකරාම ටේහ්‍යොන්ග් කලකිරීමෙන් හිස දෙපසට වැනුවා...

"ඔයා පසුතැවෙයි මුකුත් නොදන්න එක ගැන කවදාහරි.... "

ජන්කුක් ටේහ්‍යොන්ගේ කම්මැලි දේශනයට සවන් නොදී අශ්වයෝ දිහා බලන්න කාලය වැය කරා.. එයාලා ආලෝකයෙන් දිලිසෙන විදිය හරිම ලස්සනයි... ඇවිදගෙන යනකොට කැපී පේන ශක්තිමත් පාද හා ඒ මත සෘජුව ඉන්න අය හරිම ගාම්භීරයි...

"ජෝන්ට ආයෙත් අශ්වයෝ පදින්න ඕනේ එහෙම නේද..."

කන ගාවින් ටේහ්‍යොන්ගේ හඩ ඇහෙනකොට ජන්කුක් ඇස් සතුටින් පුරවගන්න ගමන් ටේහ්‍යොන්ගේ පැත්ත හැරුනා...

"මේ වෙලාවේ ඒ වගේ වෙන දෙයක් උතසාහ කරන්න පුලුවන් ඕන නම්..."

ටේහ්‍යොන්ග් කට කොනින් හිනා වෙලා කීවාම ජන්කුක් ඇස් හීනි කරා..

"මගේ කාර්‍යාලයේ, අපි හාන්සි පුටුව පාවිච්චි කරමු , ජෝන්ට පුලුවන්.......

ටේහ්‍යොන්ග්ට කතාව ඉවර කරන්න බැරි උනේ තරහෙන් ලැජ්ජාවෙන් මූන රතු කරන් ජන්කුක් ගස්සගෙන පඩිපෙල නගින ගමන් කාර්‍යාලය ඇතුලට ගිය හින්දා... ටේහ්‍යොන්ගේ අපිරිසිදු විහිලු නම් ජන්කුක්ව නිතරම අපහසුතාවයට පත් කරා.....

_________

හයියෙන් හිනා හඩක් එක්ක, තද දෙයක් ගැටෙන ශබ්දයකට ටේහ්‍යොන්ග් තමන්ගේ ඇස් ඇරියේ ගැස්සිලා...

හැමදේම හීනයක්... පරන මතකයක් හිත පුරා දුවනවා..

සුපුරුදු විදියටම ටේහ්‍යොන්ගෙ තද අදුරු කුටියක් තුල ඇස් ඇරියා... තුනී පිදුරු මෙට්ටය කොන්දට යම් අපහසුවක් ගෙන දෙද්දි ටේහ්‍යොන්ග් ඒ මතින් නැගිටින ගමන් බිමින් ඉද ගත්තා... යකඩෙන් කල දොරේ කූරු අතරින් එලියේ කහ පාට පහන් එලියක් පෙනුනත් වටපිටාව හරිම නිශ්ශබ්ද උනා.. ඊට පිටතින් ඇහුනේ කලබලකාරී මෝඩ නිලධාරීන්ගේ හඩ විතරයි..

ටේහ්‍යොන්ග් පසු තැවුනේ නෑ මේ මොහොතේ ටේහ්‍යොන්ග් ගොඩාක් සතුටු උනා.. මොකද තමන් හිරේ හිටියත් මේ තරම් කල් බලන් හිටපු දේ සාර්තකයි... කෝට් එකට ඉදිරිපත් කරායින් පස්සෙ නඩුව කල් තැබීමක් එක්ක ටේහ්‍යොන්ග්ව බන්ධනාගාරගත කරා...

ටේහ්‍යොන්ග් තාමන්ගේ අත් දෙකෙන්ම කොන්ඩේ පිටිපස්සට කරන ගමන් බිත්තියට ඔලුව හේත්තු කරගත්තා.. මීට ටික වෙලාවකට කලින් තමන් දැකපු හීනේ මැවිලා පේනකොට ජන්කුක්ගේ ලැජ්ජාවෙන් රතු උනු පුංචි මූන ටේහ්‍යොන්ගේ මූන ඉස්සරහින් පෙනුනා..

"ආර්හ්ග්....."

ටේහ්‍යොන්ගේ ඔලුව අල්ලගන්න ගමන් කෑ ගැහුවම අඩි ශබ්දයක් එක්ක නිලධාරියෙක් හිර කුටිය ගාවට ආවා...

"මොකද මිස්ටර් කිම් කෑ ගහන්නේ... මෙතන ඉන්න අමාරු උනත් අපි මිස්ටර් කිම්ගේ හොදටම තමයි මෙතන තියලා තියෙන්නේ.. මෙතනින් ඇතුලේ මිස්ටර් කිම්ගෙන් පලිගන්න ඕනතරම් අය බලන් ඉන්නවා කියලා අපි අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නෑනේ නේද...."

නිලධාරියා කට කොනින් හිනා වෙලා කියනකොට ටේහ්‍යොන්ග් අවධානය යොමු නොකර හිටියා... ටේහ්‍යොන්ග්ම ඇතුලට දාපු කී දෙනෙක් එතන ඉන්නවද කියලා ඇත්තටම ටේහ්‍යොන්ග්ට අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන උනේ නෑ...

.






.







.







.







.

කෝට් එකට ඇතුල් වෙනකොට හුරුපුරුදු මූනක් තියන ලෝයර් කෙනෙක් දකිනකොට ටේහ්‍යොන්ගේ කට කොනේ හිනාවක් ඇදී නොඇදි ගියා....

එදා තමන් තමන්ගේ සහෝදරයාගේ මිනීමැරුම් නඩුව නැරඹුවා වගේම අදත් ඉහලම අසුනේ ටේහ්‍යොන්ගේ ඩෑඩ් ඉද ගෙන හිටියා... වෙනසකට තිබුනේ ටේහ්‍යොන්ග් අද එක් පාර්ශ්වයක සිටීමයි....

නඩුව අවසන් වෙනකොට මරණයට වරදකරු විදියට ටේහ්‍යොන්ග්ට සිර දඩුවම් නියම වෙනකොට මුලු අපරාධ කල්ලියක්ම නීතියට අහු වෙලා තිබුනා... පරන යට ගිය නඩු එකින් එක ඉහලට එනකොට ඒ සියලු වැරදි වලට සාක්ශි පිලිවෙලින් පැහැදිලිව ඉදිරිපත් උනා... මරනයට පත් උනු අපරාධ කල්ලි නායකයා දඩුවම් නියම කල නොහැකි වැරදි වලින් අපරාධයට ලක් වෙනකොට ටේයොන්ග් තමන්ගේ අතේ තිබුනු මාංචු කුට්ටම දිහා බලන් සිය දේ අහගෙන හිටියා... ඒ ටේහ්‍යොන්ගේ අවුරුදු ගානක මහන්සිය...

ටේහ්‍යොන්ගේ ඩෑඩ් ආන්ඩුකාරයෙක් විදියට ලබා දීපු සමහර තීරන නිසා මිස්ටර් ජෝන්ට ගනන් කරන්න ඇරි තරම් භයානක හතුරෝ හිටියා... ඒ අතරින් භයානක අපරාධ කල්ලියක් උනු මෙම කල්ලිය ඉතාමත් භයානක උනා... දේශපාලනික හයිය සහ වෙනත් බලයන් සමග ඔවුන් බලවත් උනා... ඒ හැමදේමත් එක්ක ටේහ්‍යොන්ගේ ඩෑඩ්ගෙන් පලිගන්න කිසිම දෙයක් නොදන්න ටේහ්‍යොන්ගේ සහෝදරයා ජෝන් හන්සුල්ව මහ මග ඝාතනය කරා... ඒත් ඒ සිද්ධ උනු ඇත්ත දැන දැනත් තව දුරටත් ඒ කේස් එක විභාග නොකර යට ගහපු මිස්ටර් ජෝන් ගැන ටේහ්‍යොන්ගේ වෛරය සතය දැනගත් දින පටන් දිනෙන් දින වැඩි උනා....

තමන්ගේ දරුවෙක් වගේ හිටපු තමන්ගේ සහෝදරයාගේ මරනය වෙන කාටත් වඩා තදින් ටේහ්‍යොන්ග්ට බලපෑවා... ඒ හරි සත්‍ය දැනගත් මොහොතේ පටන් ටේහ්‍යොන්ග් මහන්සි උනේ ඒ වෙනුවෙන් සාධාරනයක් කරන්න..

ඒකට ඩෑඩ්ගෙන් උදව් ඉල්ලපු වෙලාවේ ඩෑඩ් කරේ කිසිම හිතක් පපුවක් නැති විදියට ඉවරයක් උනු දේවල් වහලා දාපු එක විතරයි... ඩෑඩ්ට ඉහලින් යන්න කොහෙත්ම හැකියාවක් නොතිබුනු ටේහ්‍යොන්ග්ට ඉතිරි උනු එකම විසදුම උනේ ඩෑඩ් තරම්ම හෝ ඩෑඩ්ට බලපෑම් කල හැකි අන්දමින් බලවත් වීම පමනයි....

ඉතින් ඒ වෙනුවෙන් ටේහ්‍යොන්ග් තමන්ගේ ජීවිතේ කැප කරමින් වැඩ කරා.. අපරාධ පරීක්ෂකවරයෙක් විදියට තමන්ගේ වෘර්තීය සාර්තකව කරන ගමන් ටේහ්‍යොන්ග් තමන්ට පුලුවන් උපරිමෙන් තමන්ගේ අරමුනට වැඩ කරා....

ටේහ්‍යොන්ගේ අරමුන තමන්ගේ සහෝදරයාගේ මරනයට සාධාරනයක් කිරීම සහ මෙම පිලිලයන් නැති කිරීම උනා... ඒ ලෙස ටේහ්‍යොන්ග් සාක්ශි එකතු කරමින්, අනිත් පරීක්ශන සමග තමන්ගේ සාර්තකත්වයෙන් ප්‍රසිද්ධ වෙමින් පොලිසියට පවා බලපෑම් කල හැකි තත්වයට පත් උනා...

ඒ ගමන් මාර්ගය අතර හමුවුනු සුන්දර මුනගැසීමක් ජන්කුක් උනා... මුලින් අනුකම්පාවෙනුත් , ඉන්පසු දක්ශතාවයෙනුත්, ඊටත් පසුව ජන්කුක්ගේ යට ගිය ඇත්ත ජීවිතය හොයා ගැනීමෙනුත්, පසුව ආදරය නිසාත් ටේහ්‍යොන්ග් තමන් ලගින් ජන්කුක්ව තියාගන්න තීරනය කරා....

මුලින්ම ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ හඩින් හ්‍යුන්ග් කියන වචනය අහමින් තමන්ගේ ජීවිතයේ අඩුව පුරවාගැනීමට උත්සාහ කරත් නොසිතූ අන්දමට එය වෙනත් හැගීම් බවට පරිවර්තනය වෙමින් ටේහ්‍යොන්ගේ ජීවිතයට ලං උනා... ජෝන් ජන්කුක් කියන තරුනයා එලෙසයි ටේහ්‍යොන්ගේ ජීවිතයේ තනිකම මකමින් සතුටක් සැනසීමක් වෙමින් රැදුනේ....

ඒත් ටේහ්‍යොන්ගේ ඩෑඩ් ටේහ්‍යොන්ග්ට බලපෑම් කිරීමට වෙනත් මාර්ගයක් සොයාගත්තේ මිස්ටර් තෝමස්ගෙන් විවාහා යෝජනාවක් ලැබීමත් සමගයි... ජෝන් පවුල සමග සම්බන්ධ වීමට හා ටේහ්‍යොන්ග් වැනි පුද්ගලයෙක් තම බෑනා කරගැනීමට තෝමස් ඉතාමත් කැමැත්තෙන් සිටි නිසා මිස්ටර් ජෝන්ගේ කීම පරිදි ටේහ්‍යොන්ග්ට වැදගත්ම සාක්ශි සගවමින් ටේහ්‍යොන්ග්ව මෙම විවාහයට කැමති කරවා ගැනීමට කටයුතු කරා...

ටේහ්‍යොන්ග් මෙමෙ ක්‍රියාමාර්ග දැන සිටියත් තෝමස්ගේ ප්‍රධාන නගර සීමාව තුල වැඩ කිරීමට අවශ්‍ය මොහොත සලකා බැලිමත් සමග ටේහ්‍යොන්ගේ තීරන දුර්වල උනා...

ටේහ්‍යොන්ග්ට ලින්ඩා සමග විවාහ වීමට කෙහෙත්ම උවමනාවක් නොතිබුනත් ටේහ්‍යොන්ග්ට මේ සදහා රගපෑමට සිදු උනා...

නමුත් අවසානය මේ ලෙස සිද්ධ උනා... ටේහ්‍යොන්ග් බලාපොරොත්තු උනේ නැරඹීම් පක්ශයේ සිට මේ නඩුව දිහා බලා සිටීමට උවත් ටේහ්‍යොන්ග්ට මේ සියලු දේ ඉක්මනින් අවසන් කිරීමට දරුනු ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදු උනා...

නම්ජූන් සමග කතා කර සියලු දේ සූදානම් කිරීම මගින් දවස් ගානක මහන්සියේ ප්‍රතිපලයක් ලෙස කල්ලියේ නායකයා ඝාතනය කරමින් ටේහ්‍යොන්ග් කල්ලියත් අල්ලාගැනීම මගින් පොලිසියට භාර උනා....

අවසානයේ කල්ලියට ජීවිතාන්තය දක්වා සිර දඩුවම දෙමින් නියෝගය ඉදිරිපත් කරන තම පියා දෙස කලකිරීම මුසු වූ තෘප්තිමත් දෑසකින් බැලීමත් සමග ටේහ්‍යොන්ගෙ නිලධාරීන් සමග කෝට් එකෙන් පිට වුනා...

නමුත් මේ සියල්ලක් සිදු වන විටත් ටේහ්‍යොන්ග්ට අවශ්‍යම පුද්ගලයාගේ නම සදහන් යුද්ධයෙන් මිය ගිය පුද්ගලයන්ගේ ලැයිස්තුව නිවසට ලැබී තිබුනා.....

.




.





.





.





.





.

**********************

_________________________Dark_Sunshiner 🤍🥀





Thanks for reading ♥️

To be Continued...

2023/06/07

Bạn đang đọc truyện trên: AzTruyen.Top