|28|

"මට සතුටුයි ඩොක්ටර් ජෝන් දැන් හොදින් ඉන්න එක ගැන..."

ජිමින් එහෙම කීවේ කඩිමුඩියේ එහෙට මෙහෙට දුවමින් කලමනා සූදානම් කරන ජන්කුක්ට.. ඒකට යන්තම් හිනාවක් පා කරලා යවපු ජන්කුක් තමන්ගේ වැඩ එක්ක කාර්‍යබහුල උනා... එදායින් පස්සේ සතියක පමන කාලයක් ගෙවිලා ගිහින් තිබුනා...

ජන්කුක් ටේහ්‍යොන්ගෙන් සමුගත්තේ ගොඩාක් අමාරුවෙන් උනත් ඒ සමුගැනීමේ , සමුගැනීමක්වත් වෙන්වීමක්වත් ගෑවිලා තිබුනේ නෑ... ටේහ්‍යොන්ග් මගින් මගට නිතරම කියපු දේ,

"මාව විශ්වාස කරන්න ජෝන්..."

කියලා විතරයි... ජන්කුක්ට එතනින් එහාට ටේහ්‍යොන්ගෙන් ප්‍රශ්න කරන්න නොහැකි උනා වගේම ඒකට හැකියාවක් තිබුනෙත් නෑ... ජන්කුක් කර්‍යබහුල වෙන එක තෝරගත්තා.. හැමදේම මොහොතකට අමතක කරන්න කාර්‍යබහුල වීම තෝරගත්තා.. ජන්කුක්ට බෑ පැත්තකට වැටිලා ඉන්න... ජන්කුක් ජීවිතේ ඉස්සරහට යන්න ඕන.. යම් මොහොතක් එනවානම් ඒ මොහොතට මූන දෙන්න තරම් ජන්කුක් ශක්තිමත් විය යුතුව තිබ්බා....

"මොනවද අලුත් තොරතුරු..."

ජන්කුක් වෙනදා වගේම ජිමින්ගෙන් ඇහුවා... ජිමින්ට හැමදාමත් රට පුරා අලුත් තොරතුරු ලැබුනා... ජිමින් නිතරම කතාවට වැටෙන ලුතිනන් කෙනෙක්ගෙන් ජිමින්ට හැමදාමත් තොරතුරු ලැබුනා....

"යුද්ධය.. හැමතැනම.. මම දන් නෑ අපිට මෙතන කවදා වෙනකන් රැදෙන්න පුලුවන් වේවිද කියලා... "

ජන්කුක් තමන්ගේ අත් පිරිසිදු කරගන්න ගමන් වියලි ඇතිරිලි කිහිපයක් මේසයක් මතින් තිබ්බා...

"අපිට ආපහු යන්න පුලුවන් උනොත් ඩොක්ටර් ජෝන් මොනවද කරන්න හිතන් ඉන්නේ..."

ජිමින්ගේ ප්‍රශ්නේ ජන්කුක්ව කල්පනාවකට ඇදලා දැම්මා.. ඇත්තටම ජන්කුක් නැවතත් ගියොත් ජන්කුක් යන්නේ කොතනටද , මේ වෙනකන් ජන්කුක් ඒ ගැන හිතුවේ නෑ... නැවතත් ජන්කුක්ට ටේහ්‍යොන්ගේ ගෙදරට යන්න පුලුවන් වේවිද කොහෙත්ම නෑ.. ඒ ගෙදර ජන්කුක් වෙනුවට වෙනත් කෙනෙක් ඉදීවි.... තවදුරටත් සහයකයෙක් නොවේවි...

"ඉක්මනින් සූදානම් වෙන්න ... බ්ලාස්ට් එකක්...."

කූඩාරමට පිටතින් කලබල හඩවල් සහ නලා හඩ ඇහෙනකොට ජිමින් හා ජන්කුක් විශාල ශබ්දයක් සමග බිමට ඇදගෙන වැටුනා......

.






.








.







.







.







.

"ජෝන් ජන්කුක්... ටේහ්‍යොන්ග්.. මේ කියන කෙනත් එක්ක තමුන්ගේ සම්බන්දේ මොකක්ද..."

ටේහ්‍යොන්ග් තමන්ගේ ඩෑඩ් ඉස්සරහා හිටගෙන හිටියා... ඩෑඩ්ගේ ගෙදර ඩෑඩ්ගේ කාර්‍යාල කාමරයේ ටේහ්‍යොන්ග් හිටගෙන හිටියා... මුලු මන්දිරයම කලබලකාරී උනා.. තෝමස් සහ පවුලේ සියලුම දෙනා රාත්‍රී ආහාරයට ජෝන් මන්දිරයට ඇවිත් හිටියා....

ඩෑඩ්ගේ ගැඹුරු කටහඩ හැමදාමත් වගේ ටේහ්‍යොන්ගේ හිතේ තිගැස්මක් ඇති කරා... කෝට් එකේ වගේම සෘජු විදියට ඩෑඩ් කතා කරනකොට ටේහ්‍යොන්ග් ඩෑඩ්ගේ ඇස් දිහා කෙලින් බැලුවා...

"එයා මගේ සහායකයා..."

"මාව විහිලුවකට ගන්න එපා ටේහ්‍යොන්ග්.... තමුන්ගේ හිතුවක්කාරකන් මට දැන් ඇති වෙලා...."

"මම තවදුරටත් ඔයාගේ යටතේ නෑ මිස්ටර් ජෝන්..."

"තමන්ගේ සීමාවේ ඉන්නවා ටේහ්‍යොන්ග්...."

කේන්තියෙන් ශබ්දයෙන් දෙන්නා කතා කරනකොට මිසිස් ජෝන් කාර්යාල කාමරයේ දොර ඇරන් ඇතුලට එනගමන් දොර ලොක් කරා...

"ඇයි මෙහෙම කෑ ගහන්නේ... එලියේ ඉන්න අය ගැන ඔයාලා නිකමටවත් හිතන් නැද්ද..."

මිසිස් ජෝන් කෑ ගහමින් මිස්ටර් ජෝන් ලගට ආවා...

"ඒක ඔයාගේ හස්බන්ට කියන්න..."

ටේහ්‍යොන්ගේ කට කොනේ රැදුනු හිනාව දිහා මිස්ටර් ජෝන් කේන්තියෙන් බලන් හිටියා...

"බලනවා... තමුන් මේ තරම් උවමනාවෙන් ගේ අස්සෙ දාන් ඉන්න තරම් මොකක්ද ඒ හිගන්නගේ තියෙන්නේ....තමුන් වාසියක් නැතුව කිසි දෙයක් කරන් නෑ..."

"ඒ වගේම මිස්ටර් ජෝනුත් වාසියක් නැතුව මුකුත් කරන් නෑ .. එහෙම නේද.. තමන්ගේ නම්බු නාමය තමන්ගේ පුතාටත් වඩා වටිනවා එහෙම නේද...."

ටේහ්‍යොන්ගේ කෝපයෙන් පිරුනු කටහඩ මිස්ටර් ජෝන්ගේ අත් මිටිමෙලෙව්වා..

"තමන්ගේ සීමාවේ ඉන්නවා ටේහ්‍යොන්ග්.. අපි නතර කරපු කතා ආයෙත් පටන් ගන්න මම කැමති නැහැ..."

"නතර කරපු කතා.. හහ්.. ඒ දේවල් නතර කරේ ඔයයි මිස්ටර් ජෝන්.. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව මගේ මල්ලිගේ මරනේ යට ගැහුවේ ඔයයි .... ඔයාලා දෙන්නටම ඒක ගානක් නොතිබ්බට මට ගානක් තියනවා... මම නවත්තන් නැති වෙනකන් මම කැමති නෑ කිසි දෙයක් නවත්තන්න...."

ඩෑඩ්ගේ අත ඉහලට එසවුනත් ටේහ්‍යොන්ග් ඒ අතින් තදින් අල්ලන ගමන් ඇදලා දැම්මා...

"ටේහ්‍යොන්ග්.. ඒ අපෙත් පුතා.. අමතක කරන්න එපා...."

ටේහ්‍යොන්ගේ මාම් එහෙම කියනකොට මිස්ටර් ජෝන් තමන්ගේ මේසෙට අත තියන ගමන් ටේහ්‍යොන්ග් දිහා තියුනු විදියට බැලුවා..

"හැම නඩුවකටම සාධාරණය කතා කරන ඔයාගේ හස්බන්ට බැරි උනා තමන්ගේ පුතාගේ මිනී මැරුමට සාධාරණයක් කරන්න... මොකද එයාට ලැජ්ජා හිතුනා තමන්ගේ පුතාගේ මරණය මිනීමැරුමක් කියලා පිලිගන්න... "

"ටේහ්‍යොන්ග්ග්... කට වහගන්නවා..."

"ඇයි මම කට වහන්න ඕනේ.. ජන්කුක්.. කවුද කියලද දැනගන්න ඕන... ජෝන් ජන්කුක් එයා.. මතකද මේ ගෙදරට ගෙනාව අත දරුවා.. මට මල්ලි කෙනෙක් ගෙනාවේ.. ඔයාලට දරුවෙක් නැති වෙනකොට ගෙනාව ඒ පුන්චි දරුවව මතකද.. තමන්ගේ නම දීලා.. අන්න ඒ කෙනයි ජන්කුක්.. ඔයාලගේ නමත් එක්ක ජීවත් උනු දරුවා.. ජෝන් ජන්කුක්...."

"ජෝන් ටේහ්‍යොන්ග්.. තමුන් මොනවද මේ කියවන්නේ..."

"කිම්..කිම් ටේහ්‍යොන්ග් මගේ නම.. ඒක මතක තියාගන්න මිස්ටර් ජෝන්..."

තමගේ අතේ තිබුනු කාඩ් රදවනය පොලවේ ගහන ගමන් ටේහ්‍යොන්ග් කාමරේ දොර විවෘත කරන ගමන් එලියට ආවා...

ටේහ්‍යොන්ගේ ඇස් වල හීනි රතු පාට නහර පෑදිලා කේන්තියෙන් රතු වෙලා තිබුනා... සේවකයෝ කිහිප දෙනෙක් ඉදිරියට ආවත් ටේහ්‍යොන්ග් තමන්ගේ වාහනේට නගින ගමන් ජෝන් මන්දිරයෙන් පිට උනා....

දැනටමත් ටේහ්‍යොන්ග් තමන් ගන්න ඕන ප්‍රමාද උනු තීරන ගන්න සූදානම් වෙමින් හිටියා....

.





.





.





.






.

__________________

ජෝන් පවුල මුලු පැත්තෙම කීර්තියට පත් වුනු පවුලක් උනා... ආණ්ඩුකාරවරයෙක් සහ ඉහල පවුලකින් පැවත එන්නෙක්ගේ දුවක් උනු මිස්ටර් ජෝන් හා මිසි ජෝන්ගේ එකම දරුවා ජෝන් ටේහ්‍යොන්ග් උනා... ටේහ්‍යොන්ගෙන් පස්සේ වැඩ වලින් කාර්‍යබහුල උනු ඔවුන්ට දරුවෙක් අවශ්‍ය උනත් දරුවෙක් ලැබුනේ නැති නිසා තීරන වලින් පස්සේ දරුවෙක් හදාගන්න තීරනය කරා...

සති කිහිපයක් වයස අත හැර දාපු පුන්චි දරුවෙන් ජෝන් පවුලට ආවේ ඒ විදියටයි... ජෝන් ජන්කුක් යන තමන්ගේ පවුල් නාමය ලබා දෙමින් සහතික කරන ලද නම් ලියවිලි සමග පුන්චි දරුවා නැවතත් ජෝන් පවුලේ සතුට පිරෙව්වා... අවුරුදු එකොලහක් පමන තනිව හැදී වැටුනු පුන්චි ටේහ්‍යොන්ග්ට මේක අලුත් අත්දැකීමක් උනා... කොහෙන් ලැබුනත් ප්‍රශ්න නොනගා තමන්ගේ පුන්චි සහෝදරයා පිලිගන්න තරම් ඒ හිත අහිංසක උනා.....

පුන්චි බෝල ඇස් රවුම් කරමින් දගලන පුංචි දරුවව ටේහ්‍යොන්ග් තමන්ගේ අත් වලින් තුරුල් කරන් ආදරේ කරේ තමන්ගේ තනිය මකා දැමූ සුරදූතයෙක් ලැබුනු විලසටයි...

ඒත් ඒ පුන්චි ජන්කුක්ට ඒ තරම් කල් ජෝන් නිවසේ සිටින්නට නොහැකි උනේ මිසිස් ජෝන් ඇත්තෙන්ම ගැබ්බර වූ නිසයි... ඒ මොහොතේ කිසිම හිතක් පපුවක් නැති ලෙස ජන්කුක්ව නැවතත් අනාත නිවාසයට බාර දීමට තරම් මිස්ටර් ජෝන් තීරනය කලේ තමන්ගේ ලෙයින් නැති දරුවෙකුට උරුමය පවරා දීමට අකමැත්තෙන්....

මේ සිදු වූ දෙය පුන්චි ටේහ්‍යොන්ගේ හිතේ අමුතු විදියට රැදුනත් තමන්ගේ අත් අතර සුරතල් උනු පුන්චි සිගිත්තා නැවතත් නොඑන බව ටේහ්‍යොන්ග්ට තේරුනා.. ඒ ගැන කනස්සල්ලෙන් සිටියත් පුන්චි හිත් වලට දුක් මතක ටික කාලයක් උනා සේම අලුත් තමන්ගේ සහෝදරයාගේ එකතු වීමත් සමග පාලුව සහ කනස්සල්ල නැතිව ගියා...

එදා පටන් අලුත් සාමාජිකයා ජෝන් හන්සුල් ටේහ්‍යොන්ගේ සහෝදරයාව හැදී වැඩුනා... නිතර කාර්‍යබහුල දෙමාපියන් අතර උණුසුම තම සහෝදරයාගෙන් සොයාගත් හන්සුල් එහෙමන් නැතිනම් පුන්චි ජෝන් හැමදේටමත් වැඩියෙන් තමන් සහෝදරයාට ඇලුම් කරා....

ටිකෙන් ටික වැඩෙන විට තමන්ට වඩා ගොඩාක් වැඩිමල් සහෝදරයා සමග ඔහු කරන ලොකු සෙල්ලම් කරන්නත්, ඔහුත් සමගම පොත් මේසයේ වාඩි වී නොතේරෙන පොත් බලන්නත්, සහෝදරයාගේ ආහාරම ආහාරයට ගන්නත් පුරුදු උනා...

තම පියාට වඩා සහෝදරයාට ලං වීම, ටේහ්‍යොන්ගේ හිත තුලත් තම දරුවා වැනිම සෙනෙහසක් හන්සුල් ගැන තිබුනා... වයසට ගැලපෙන නොව ඊට වඩා අවුරුදු කිහිපයකින් වැඩිමල් පන්ඩිත වැඩ හරි හරියට කරන්න හන්සුල් හුරු උනා...

අහිංසක චරිතයක් තිබුනු හන්සුල් සුදු පැහැති , සන්සුන් දනවන සියල්ලට ඉතාමත් කැමැත්තක් දැක්වූවා... ඒ අතරින් සුදු පැහැ රෝස වලට මල් අතරින් වැඩි ඇලුමක් දැක්වූවා... සියලු සේවකයන් අතර හුරතලයක් වී සිටි හන්සුල් හැම දෙනාගෙන්ම පුන්චි ජෝන් නමින් ආමන්ත්‍රණය උනා...

තම හ්‍යුන්ගේ අශ්වයා ඔහුගේ ප්‍රියතම දේ උනා.... කවදාවත් අශ්වයා තනියම පැදීමට තරම් වැඩීමට ඉඩක් ඔහුට නොලැබුනත් හ්‍යුන්ග් සමග අශ්වයා පැදීමට හන්සුල් නිතරම පුරුදු වී තිබුනා....

______________________

.





.




.





.





.






.

"හ්‍යුන්ග් හැමදේම ආයෙත් හරිගස්සන්නම් මගේ පුන්චී හන්සුල්....."

ටේහ්‍යොන්ග් තමන්ගේ අතේ තිබුනු සුදු පැහැති රෝස පොකුර සොහොන් කොත මතින් තියන ගමන් නැගිට්ටේ අන්ධකාරය තුලින් හමා ගිය හුලන් වලින් කදුලු කැට සොහොන පුරා ඉහිරවනකොටයි....

|ජෝන් හන්සුල්|

සොහොන් කොතේ ඒ ලෙස සදහන් වී තිබුනා....

.





.





.






.

අපරාධ පරීක්ෂක කිම් ටේහ්‍යොන්ග් මහතා මිනීමැරුම් චෝදනාවක් සම්භන්ධව හිර භාරයට ගෙන ඇත......

අලු පැහැයෙන් සුන් බුන් තිබූ පිපිරීමකින් විනාශ වූ නගර කොනක අලුතින් නිකුත් වූ පුවත් පතක ඒ ලෙස සදහන් වී තිබුණා....

.





.






.






.






.

***********************

__________________________Dark_Sunshiner 🤍🥀



Thanks for reading...♥️

To be Continued...

2023/06/06

Bạn đang đọc truyện trên: AzTruyen.Top