|26|
"ආර්හ්...."
ටේහ්‍යොන්ග් තමන්ගේ අතේ තිබුනු වීදුරුව කාර්‍යාලයේ කොනකට විසික් කරා.. ඒක ලී රක්කයේ කොනක වැදිලා කුඩු වෙලා ගියා...
"ඔහ්.. මන් වැරදි වෙලාවකද ඇවිත් තියෙන්නේ..."
ටේහ්‍යොන්ග්ට ඇත්තටම කේන්ති ගියා... තෝමස්ගේ පැමිනීම ඇත්තටම ටේහ්‍යොන්ග්ට මේ වෙලාවේ කරදරයක් උනා...
"ඉදගන්න...."
බලන්නවත් කරදර නොවී ටේහ්‍යොන්ග් සිගරට් එකක් දල්වගත්තා..
"මිස්ටර් කිම්... මම ආවේ විවාහය ගැන වගේම තවත් දේවල් කීපයක් කතා කරන්න..."
"අපිට පුලුවන් විවාහය ගැන නැතුව අනිත් දේවල් ගැන කතා කරන්න..."
ටේහ්‍යොන්ග් කීවේ පුටුව පිටිපස්සට හේත්තු වෙන ගමනුයි....
"මම හිතන්නේ විවාහය අවසන් උනාම ඒ දේවල් ගැන කතා කරොත් හොදයි... ආණ්ඩුකාරතුමා ගොඩාක් සතුටු උනා මිස්‍ටර් කිම් මගේ දුවව ආශ්‍රය කරන එකට..."
ටේහ්‍යොන්ග් කට කොනින් හිනා උනා.. මේ තරම් බලපෑම ඇත්තටම ටේහ්‍යොන්ග්ට ඇති වෙලා තිබ්බේ.. ටේහ්‍යොන්ග්ට කොහොමද මෙහෙම බලපෑම කරන්නේ....
"මම හිතන්නේ එකම ක්ශේත්‍රයේ ගැවසෙනකොට මිනිස්සු මිනිස්සුන්ගේ හැකියා හරිම පහත් විදියට පාවිච්චි කරනවා..."
ටේහ්‍යොන්ග් කියනකොට තෝමත් තමන්ගේ පයිප් එක පහත් කරා..
"මට පැහැදිලි නෑ..."
"පැහැදිලි කරගන්න උනන්දු වෙන්න එපා..."
ටේහ්‍යොන්ග් ඕනවට එපාවට කීවා...
"මිස්ටර් කිම් මේ තරම් වෙනස් මොකද.. මොනවම හරි ගැටලුවක් නම් මට කියන්න.. අපි ඉස්සරහට එක පවුලක්.. ඉතින්...මට මිස්ටර් කිම්ගෙන් හොදක් පේන්නෙ නැහැ..."
ඇත්තටම ටේහ්‍යොන්ගෙන් කිසිම හොදක් පෙනුනේ නෑ...ඒත් ටේහ්‍යොන්ග්ට තවත් කේන්ති ගියා...
"මිස්ටර් තෝමස් දන්නවා මම ගරු කරන්නේ හැකියාවට මිසක් වයසට නෙවෙයි කියලා.. ඉතින් දැන් මිස්ටර් තෝමස් මෙතනින් ගියොත් හොදයි..."
"මිස්ටර් කිම් අමතක කරන්න එපා තමන් ඉන්න තැන වගේම තමන්ට ලබාගන්න අවශ්‍ය දේවල්.. මගේ බල ප්‍රදේශය තුල කරන්න පුලුවන් දේවල් ගොඩාක් වැඩියි... මම හිතන්නේ මිස්ටර් කිම් පැහැදිලිවම ඒකත් දන්නවා..."
තමන්ගේ බස්තම අතට ගන්න ගමන් තෝමස් එලියට යනකොට ටේහ්‍යොන්ග් තමන්ගේ අත මිටි මොලවන ගමන් කේන්තියෙන් මේසෙට ගැහුවා... ටේහ්‍යොන්ගේ කාර්‍යාලේ බලන්න බැරි තරම් අවුල් වෙලා තිබුනා... පොත් රාක්ක අතරින් නිතර පාවිච්චි කරන තැන් ඉතුරු වෙන්න අනිත් තැන් වල පොඩි දූවිල්ලක් තැවරිලා තිබුනා... ගිනි උදුන තවමත් අගුරු වලින් පිරිලා තිබුනා... ලියවිලි හැමතැනම වැටිලා තිබුනා... ටේහ්‍යොන්ට ඇත්තෙන්ම හොදින් හිටියේ නෑ... සමහර තීරන ගැන කවදාවත් නැතුව ටේහ්‍යොන්ග් පසු තැවෙමින් හිටියා...
ටේහ්‍යොන්ග්ට ජන්කුක්ව කොහෙත්ම තමන්ගෙන් ඈත් කරන්න උවමනා උනේ නෑ.. ඒත් ටේහ්‍යොන්ග් කොහොමද අවුරුදු ගානක මහන්සිය තමන්ගේ ඉලක්කය අමතක කරන්නේ... ටේහ්‍යොන්ග් කොහොමද තමන්ගේ ඩෑඩ්ව අමතක කරන්නේ..
මුලු නගරයම, මුලු ප්‍රදේශයේම ඉහල නමක් දරන කීර්තිමත් කෙනෙක් උනා ටේහ්‍යොන්ගේ ඩෑඩ්... ආණ්ඩුකාරවරයෙක් උනු ටේහ්‍යොන්ගේ ඩෑඩ් මිස්ටර් ජෝන් හිතාගන්න බැරි තරම් බලවත් පුද්ගලයෙක් උනා.. ටේහ්‍යොන්ග්ට මොන තැනකින් උනත් බලපෑම් කරන්න පුලුවන් එකම් කෙනා උනේ ඩෑඩ් විතරයි... ඇත්තෙන්ම ටේහ්‍යොන්ග් තමන්ගේ ඩෑඩ්ව ප්‍රතික්ශේප කරා වගේම වෛර කරා.... මොන තරම් බලවත් කෙනෙක් උනත් ටේහ්‍යොන්ග් ඒ බලවත් කම පිටුපස අදුරට, ඒ තනතුර පිටුපස අදුරට වෛර කරා... ඒ පවුලට , පවුලේ නමට ටේහ්‍යොන්ග් වෛර කරා... තමන්ගේ නම වෙනස් කරමින් වෙනත් නමකින් තමන්ගේ ජීවිතයක් ගොඩනගාගන්න තරමට ටේහ්‍යොන්ග් තමන්ගේ පවුලට වෛර කරා...
ටේහ්‍යොන්ග් ගෙදරට ඇවිත් ගේට් එකෙන් ඇතුලට එන ගමන් ගාඩ්න් එක පුරා ඇස් යැව්වා.. මුලු ගාඩ්න් එක පුරාම සුදු පාටින් පෙනුනු රෝස පදුරු පිරිලා තිබුනා...
ටේහ්‍යොන්ග් තමන්ට මතක් වෙන, තමන් කැමති එකම දේ ඒ සුදු රෝස උනා... ටේහ්‍යොන්ග් මල් වගේ බොලද දේවල් වලට නොබැදුනත් ටේහ්‍යොන්ග් තමන්ගේ ගාඩ්න් එකේ සුදු රෝස වලට ඉඩ දුන්නා.. මොකද තමන්ගේ ජීවිතේ වැදගත්ම පුද්ගලයා කැමති, ඒ පුද්ගලයා මතකයට එන එකම දේ මේ සුදු පාට රෝස උන හින්දා....
ටේහ්‍යොන්ග් දන්නේ නෑ මේ දේවල් මේ විදියට අවුල් වෙන්න පටන් ගත්තෙ මොන මොහොතෙද කියලා, ඒත් ටේහ්‍යොන්ග් දැනන් හිටියා තමගේ වටින වගේම තමන්ගේ සැහැල්ලුව මුලුමනින්ම නැතුව යනවා කියලා...
ටේහ්‍යොන්ගේ අතේ තිබුනු සුදු පැහැති රෝස මලේ පෙති එකින් එක බිම වැටුනා... ගල් වලින් කරපු ගල් බංකුව උඩ ඉදන් හිටපු ටේහ්‍යොන්ගේ ඇස් බිමට බර වෙලා තිබුනා වගේම කලුවරින් ගාඩ්න් එක පිරිලා තිබුනා...
"මහත්තයා..."
විලියම්ගේ හඩ පිටිපස්සෙන් ඇහෙනකොට රෝස මල බංකුව උඩින් තියන ගමන් ටේහ්‍යොන්ග් නිහඩවම ඇතුලට ඇවිදන් ගියා... ඒ දිහා විලියම් කණගාටුවෙන් බලන් හිටියා....
ටේහ්‍යොන්ගේ කකුල් ටේහ්‍යොන්ග්ව වෙනදා වගේම තමන්ගේ කාමරය පහුකරගෙන ඉස්සරහට අරන් ගියා... වැහුනු දොර ඉස්සරහින් නැවතුන ටේහ්‍යොන්ග් කාමරේ දොර විවෘත කරන ගමන් ඇතුලට ගියා... විදුලි පහන්වත් දල්වන්න කරදර නොවෙමින් සයනය වෙත ගිය ටේහ්‍යොන්ග් තමන්ගේ සපත්තු ඇද පාමුලම ගලවන ගමන් සයනයේ හාන්සි උනා.. ඒ ඇතිරිලි, පුලුන් කොට්ට අතරින් වහනය උනු සුවද හැමදාමත් වගේ ටේහ්‍යොන්ගෙ ගිනි ගත්තු ඔලුව නිවලා දැම්මා.... කිසිම විලවුන් සුවදක් නොවුනු ඒ සුවද එක් විශේෂ කෙනෙක් ගාවින් විතරක්ම ආපු ආවේණික සුවදක් උනා... හැමදාමත් වගේ ඇස් පියවෙනකන් ඒ දගකාර මතක ටේහ්‍යොන්ගේ මනස පුරා සැරිසැරුවා...
ටේහ්‍යොන්ග් ඕනවටත් වඩා ඒ සුවදේ අයිතිකාරයට බැදිලා හිටියා.. ඒක තේරුම් ගන්න එක යම් තාක් දුරකට ප්‍රමාද උනත් ටේහ්‍යොන්ග් ඇත්තෙන්ම ඒ සහනය දනවන අයිතිකාරයට බැදිලා හිටියා...
ලින්ඩා ඇත්තෙන්ම ටේහ්‍යොන්ග් ලං කරගත්තේ තමන්ට ලං වෙන්න බැරි තැනකට ලං වෙන්න උවමනාවට වෙනකොට, ටේහ්‍යොන්ග් ඇත්තෙන්ම අහිංසක හිතක් රිද්දවමින් හිටියා කියන එක තේරුම් ගන්න පරක්කු වෙමින් හිටියා.. ඒත් ටේහ්‍යොන්ග් නොදැන හිටියද' ටේහ්‍යොන්ග් දැනන් හිටියා එයා ජන්කුක්ව රිද්දනවා කියලා,, ඒත් ටේහ්‍යොන්ග් තමන්ගේ අරමුණ අමතක කරන්නෙ කොහොමද... ඒක ඩෑඩ්ගෙන් විතරක් එන යෝජනාවක් වෙනකොට ටේහ්‍යොන්ග් ඒක ප්‍රතික්ශේප කරන්න දෙවරක් හිතුවේ නෑ.. ඒත් ටේහ්‍යොන්ග් ඩෑඩ් ගැන අවතක්සේරු කරා.. ටේහ්‍යොගේ දුර්වල ස්තානය පාවිච්චි කරමින් ටේහ්‍යොන්ග්ව මේ දේට කැමති කරගන්න හේතු නිර්මානය කරන්න ටේහ්‍යොන්ගේ ඩෑඩ් ගොඩාක් දක්ශ උනා.. ටේහ්‍යොන්ග් හැමදාමත් වෛර කරපු ඒ ගතිගුන ටේහ්‍යොන්ග්ටම රිද්දමින් තිබුනා...
මාස ගානක් මේ රගපෑම ගෙනිහින් ටේහ්‍යොන්ග් ගොඩාක් වෙහෙස වෙලා තිබුනා.. ටේහ්‍යොන්ග්ට ඇත්තටම මේ සුවදේ අයිතිකාරයගේ පපුවෙන් ලොකු හුස්මක් ඉහලට ගනිමින් ඇස් පියාගන්න ඕන උනා.. ඒත් ජන්කුක් කොහෙද...
ටේහ්‍යොන්ග් ජන්කුක් මෙහෙන් යනකන්ම නොදැන ඉන්නකොට ටේහ්‍යොන්ග්ට තමන්ගේ කාර්‍යාලය ගාව බිම වැටිලා තිබුනු පාර්සලය හම්බුනා.. ටේහ්‍යොන්ග් වැරදි නැත්නම් ඒ ජන්කුක් හැමදාමත් හවසට ගොඩ වෙමින් පැනි රස , කෑම අරගන්න අලෙවිසැල් කවරයක්... ටේහ්‍යොන්ග් ලින්ඩාගේ වැඩ ඉවර කරමින් ගෙදර එනකොටත් ජන්කුක් හිටියේ නෑ වගේම අද වෙනකොටත් ජන්කුක්ව ටේහ්‍යොන්ග් දැක්කේ නෑ...
රෝහල මගින් දැනගත් විස්තරයට අනුව ටේහ්‍යොන්ග් කදවුර සම්බන්ද කරගනිමින් තොරතුරු ගන්න හැදුවත් ටේහ්‍යොන්ග් පිලිතුරු ලැබුනේ නෑ.... ටේහ්‍යොන්ග් ඒ කදවුරට ගියත් ජෝන් ජන්කුක් කියන වෛද්‍යවරයෙක් නොහිටිනකොට ටේහ්‍යොන්ග්ට විස්තර හොයාගන්න බැරි උන ප්‍රධාන හේතුව ඒ කදවුරේ වෛද්‍යවරු වාර්තා කිරීම ගැන සදහනක් නොතිබුන එක උනා...
ටේහ්‍යොන්ග් ඇත්තෙන්ම පසුතැවුනා වගේම කේන්තියෙන් පිස්සු වැටුනා.. තමන් ආරක්ශා කරන්න හදන පුද්ගලයන් තමන් ගාවින් අතුරුදන් වෙන එකට ටේහ්‍යොන්ග් ඇත්තෙන්ම වෛර කරා... ඒත් ටේහ්‍යොන්ග් ඉවසීම ගනනකට නොගෙන යුද්ධය පැවතෙන කදවුරු ප්‍රමානය වැඩියි සහ ඒවා ආරක්ෂිතව නිර්නාමික උනා....
ටේහ්‍යොන්ග් අද වෙන තුරු ජන්කුක්ගේ තොරතුරක් නැතුව ඉන්නකොට ටේහ්‍යොන්ගේ ජීවිතෙත් විවාහය දක්වා ගිහින් තිබුනා.. ඒක ලොකු හිස රදයක් වෙමින් ලින්ඩා ටේහ්‍යොන්ග් හිතපු සුකුමල චරිතය නොවෙනකොට ටේහ්‍යොන්ගේ මානසික නිදහසට, වගේම වැඩ කරන නිදහසටත් බලපෑමක් වෙමින් තිබ්බා...
සුව නින්ද ටේහ්‍යොන්ගෙන් ගොඩාක් ඈත වෙනකොට කල්පනාවත් සමග පාන්දර ටේහ්‍යොන්ග්ට නින්ද ගියා...
.
.
.
.
.
.
"මහත්තයා... මහත්තයා..."
විලියම් ඇද ගාවට වෙලා ටේහ්‍යොන්ග්ට කතා කරමින් හිටියා... උදෑසන පහු වෙමින් තියනකොට ටේහ්‍යොන්ග් තාමත් ජන්කුක්ගේ ඇදේ නිදාගෙන හිටියා...
"මහත්තයා... මිසිස් ජෝන් ඇවිත් ඉන්නවා..."
යන්තමින් උරහිසෙන් හොල්ලන ගමන් විලියම් කියනකොට ටේහ්‍යොන්ග් හෙමින් ඇස් ඇරියා....
"ටේහ්‍යොන්ග්.. මෙච්චර උදේ වෙනකන් තාමත් නිදිද... ඔයා මෙහෙමද වැඩ කරන්නේ..."
නිවස ඉදිරිපසින් මාම්ගෙ කටහඩ ඇහෙනකොට ටේහ්‍යොන්ග් නැගිටලා කාමරෙන් එලියට ඇවිත් දොර ලොක් කරා...
"බලන්න ටේහ්‍යොන්ග්.. අපි මේක ඉක්මනින් කරන්න ඕන.. ලින්ඩා ආවම මේ නොසැලකිලිමත් කම නැති වෙයි...."
මිසිස් ජෝන්ව ගනන් නොගෙන ටේහ්‍යොන්ග් කිචන් එක පැත්තට ගියා....
"ඔයා මාව ඇහෙන් නෑ වගේ රගපෑවට කමක් නැහැ ටේහ්‍යොන්ග්.. ඉක්මනින් ලෑස්ති වෙන්න.. අපිට ඇදුම් හදන්න යන්න තියනවා..."
ටේහ්‍යොන්ග් හැරිලා මාම් දිහා බැලුවා...
"මිසිස් ජෝන් මොකද මේ තරම් මම ගැන වද වෙනවා වගේ රගපාන්නේ... කරුනාකරලා මෙහෙන් යන්න... "
"ඔයාට බෑ මට මේ තරම් මුරණ්ඩු විදියට කතා කරන්න ටේහ්‍යොන්ග්... ඔයාගේ විවාහයට අපි ඇදුම් බලන්න ඕන.. තවත් වැඩ තියනවා...."
ටේහ්‍යොන්ග් තමන්ගේ අතේ තිබුනු වතුර වීදුරුව ශබ්දයෙන් මේසෙ උඩින් තිබ්බා...
"කරුණාකරලා නවත්තගන්න.. මාව කේන්ති ගස්සන් නැතුව... ඇදුම් ගැන බලාගන්න මගේ නිර්මාණ ශිල්පියා ඉන්නවා... ඒ හින්දා මිසිස් ජෝන් ගිහින් තමන්ගේ ඇදුම් ගැන බලාගන්න.. මම ආයෙත් එනකොට මෙතන ඉන්න එපා..."
ටේහ්‍යොන්ග් තමන්ගේ කාමරේ දොර වේගෙන් වහන ගමන් කීවම මිසිස් ජෝන් තමන්ගේ බෑග් එක අතට ගත්තා...
"විලියම්.. කොහෙද මේ ගෙදර හිටපු අනිත් කෙනා... "
"ඩොක්ටර් මාරු වීමක් අරගෙන මැඩම්..."
ආචාර කරන ගමන් විලියම් කීවම මිසි ජෝන් ගස්සගෙන එලියට යන්න හැරුනා.. මනුස්සයෙක් කොහොමද එච්චර නොසැලකිලිමත් වගේම නපුරු වෙන්නේ.. සමහර විට ඒ පෙන්වන විදිය වෙන්න පුලුවන්.....
.
.
.
.
.
.
.
ටේහ්‍යොන්ග් යම් දුම්රිය ස්තානයකින් බැස්සා.... හවස් වෙමින් තිබුනා වගේම ටේහ්‍යොන්ග් තමන්ගේ මුලු දවසම මේ ගමන් වෙනුවෙන් වැය කරා... තමන්ගේ තනි කලු පැහැති දිගු කබාය ඇදගන්න ගමන් හිස්වැස්ම පැලදගත්තු ටේහ්‍යොන්ග් දුම්රිය වේදිකාවෙන් එලියට ආවා....
කුඩා නගරයක් උනත් විවෘතව තිබුනු අවන්හලක් වෙත ගිහින් කෙටි ආහාරයක් එක්ක කෝපි එකක් පානය කරපු ටේහ්‍යොන්ග් නාන කාමරයෙන් මූන තෙත් කරගන්න ගමන් ගෙවීම් කරලා එලියට ආවා.. තමන්ගේ සාක්කුවෙන් කුඩා සටහන් පොත එලියට ගත්තු ටේහ්‍යොන්ග් කැපීම් කරන ලද ස්තාන සහිත පිටු පහු කරමින් තවත් පිටුවක නතර උනා... විශාල පුවරුවක ගසා තිබුනු නම හා සටහන් පොතේ තිබුනු නම දෙස බලමින් සටහන් පොත සාක්කුවට දාගත්තු ටේහ්‍යොන්ග් කුලී රතයක් නවත්තමින් එය තුලට ගොඩ උනා.....
සිගරට් එක දල්වගන්න ගමන් පාරක් ආරම්භ වන ස්තානයකින් බැස්ස ටේහ්‍යොන්ග් ගෙවීම කරන ගමන් පාර දිගේ ඉස්සරහට ඇවිදගෙන ගියා... මග දෙපස වනාන්තරය හා කහ,කලු වර්ණ වලින් යුක්ත පටි වලින් ආවරණය කරන ලද ප්‍රදේශ එක්ක ඒක යුධමය වාතාවරනයක් සහිත ප්‍රදේශයක් කියලා පේන්න තිබුනා.. යම් වේලාවකින් විශාල තැනිතලා භූමියක් හා ගල් වලින් කරන ලද ගොඩනැගිලි කිහිපයක් ලා දුබුරු පාට පස් කපා සාදා තිබුනු මාර්ග, බංකර් වැනි ස්තාන හා කදවුරු බැද තිබූ විශාල කූඩාරම් සහිත ප්‍රදේශයකට ටේහ්‍යොන්ග් ලගා උනා... විශාල ආරක්ශාවක් සහිත වන ලෙස උස ගේට්ටු සහිත භූමිය තුලට ඇතුල් වෙන්න ඉදිරිපසින් එම ගේට්ටුව පමනක් පේන්න තිබුනා....
ටික වේලාවකින් සිගරට් එක අවසන් කරමින් බිමට දාලා පාගපු ටේහ්‍යොන්ග් තුවක්කු අතේ තියන් හිටපු සෙබලෙක්ට තමන්ගේ හැදුනුම්පත පෙන්නුවාම හිස නමලා ආචාර කරන ගමන් ගේට්ටු විවෘත කරලා දුන්නේ ටේහ්‍යොන් තමන්ගේ අත් පිටුපසට බැදගන්න ගමන් ඉස්සරහට ඇවිදගෙන යනකොට...
කොයි මොහොතේ අවිනිශ්චිත වේවිද නොදන්න වාතාවරනයක් තුල මුලු හමුදා භූමියම සන්සුන්ව තිබුනා... රාත්‍රී පුහුනුව පටන් ගනිමින් ඇසෙන සෙබලුන්ගේ හඩට අමතරව සුදු පැහැති ඇදුම් ඇදගත් කිහිප දෙනෙක් විශාල භාජන රැගෙන තවත් කූඩාරමක් තුලට ඇතුල් වෙනවා පෙනුනා... තවත් තැනක සෙබලුන් යම් ආයුධ පිරිසිදු කිරීමක යෙදෙනකොට ඒ සියලු දේ අතරින් ටේහ්‍යොන්ග් ඉදිරියට ඇවිදන් ගියා....
ගොඩනැගිල්ලට ඇතුලු වෙමින් ඉස්සරහට මුනගැහුනු සෙබලෙන් එක්ක කැප්ටන්ගේ කාමරය වෙත ටේහ්‍යොන්ග් ඇවිදගෙන යන ගමන් හිටියා... ටේහ්‍යොන්ග් තමන්ගේ උත්සාහ කිහිපයකට පස්සෙ තවත් උත්සාහයක් දරමින් හිටියා කෙනෙක්ව හොයාගන්න....
.
.
.
.
.
"ඩොක්ටර් ජෝන්.. ඇයි මේ තරම් කලබල වෙලා..."
ඩොක්ටර් ජිමින් කූඩාරම් රෙදි අතරින් එබිලා බලන් ඉන්න ජන්කුක්ගේ උරහිසෙන් අත තිබ්බම ජන්කුක් ගෑස්සිලා තමන්ගේ පපුවට අත තියාගන්න ගමන් හයියෙන් හුස්ම ගත්තා...
"ඔ..ඔහු කොහොමද මෙහෙට ඇවිත් තියෙන්නේ.. දෙවියනේ...."
.
.
.
.
.
.
**********************
____________________________Dark_Sunshiner 🤍🥀
Thanks for reading♥️
To be Continued...
2023/05/30
Bạn đang đọc truyện trên: AzTruyen.Top