|25|

"ඩොක්ටර් ජෝන් මම හිතන් නෑ ඔයාට තවත් මේ විදියට වැඩ කරන්න පුලුවන් වෙයි කියලා..."

කදවුරු කූඩාරමක් තුලින් ඇතුලට එක්කන් එන ගමන් තවත් වෛද්‍යවරයෙක් කීවේ ඇතුලේ තිබුනු බංකු ඇදකින් ජන්කුක්ව ඉන්දවන ගමනුයි... ඇස් ඇතුලට ගිලා බැහැලා හරිම අසරන පෙනුමක් තිබුනු ජන්කුක්ගේ තත්වය හරිම දුක්ඛිත උනා....

"ම..මම හොදින් ඩොක්ටර් පාර්ක්... ස්තූතියි මන් ගැන කරදර උනාට..."

කදවුරේ තවත් වෛද්‍යවරයෙක් උන පාර්ක් ජිමින් ජන්කුක් ගාවින්ම එහා පැත්තෙන් වාඩි වෙන ගමන් වතුර වීදුරුවක් තොල් වලට ලං කරා...

"ඔයා ලොකු පීඩනයකින් ඉන්නවා වගෙයි... මෙහෙට ආවට ගෙදර අය කැමති නැද්ද..."

ජන්කුක්ගේ තොල් අතර හිනාවක් මතු උනා.. ඒක හරිම දුක්බරයි සහ හුස්මක් පිට කිරීමක්...

"එහෙම අකමැති වෙන්නවත් කෙනෙක් හිටියානම් මම සතුටු වෙනවා..."

යම් දෙයක් තේරුනත් තවත් ජන්කුක්ව මහන්සි කරන්න උවමනා නැති හින්දා ජිමින් නිශ්ශබ්දව හිටියා...

"තාමත් වැඩ ටික මට බලන්න පුලුවන්..ඩොක්ටර් ජෝන් පුලුවන් නම් විවේක ගන්න.. මට පුලුවන් කැප්ටන්ට දැනුම් දෙන්න... "

ජන්කුක්ව ඇදෙන් හාන්සි කරවන ගමන් එහෙම කිව්ව ජිමින් එලියට ඇවිදන් ගියා...

ඉහල කුඩා සිදුරින් පෙනුනු අහස දිහා බලාගත්තු ජන්කුක් තමන්ගේ දැවිල්ල අල්ලන ඇස් වහගන්න උත්සාහ කරා..කොයි තරම් වෙහෙසක් දැනුනත් ඇස් වහගන්න අපහසු උනු ජන්කුක් හරිම අපහසුවකින් හිටියා.. ඔලුව පැලෙන්න තරම් කැක්කුමත් එක්ක විටින් විට හදවත ඇදුම් කනකොට ජන්කුක්ගේ ශාරීරික මෙන්ම මානසික සුවයත් ගොඩාක් දුරට ඈත් වෙලා තිබ්බා...

ජන්කුක් මාස කිහිපයක් උනා කදවුරට ඇවිත් ... රෝහලෙන් ලියුම් ආව කදවුරට ඇතුලත් උනත් ජන්කුක් එතනින් වෙනත් තැනකට මාරු උනේ එතන වෙනත් බදවාගැනීම් කිහිපයක් සිද්ධ වෙලා තිබුනු නිසා...

ජීවිතේ හරි අමාරුයි.. වෙහෙසයි.. අපි මොන තරම් හිත හදාගත්තත් මොහොතක් තියනවා ආයෙත් ඒ හැමදේම උඩට ඇවිත් පාරන.. ඒ වගේ ජන්කුක්ගේ හදවතත් රිද්දන සිදුවීමක් උනේ මිස්ටර් කිම්ගේ විවාහා ආරාධනා පත්‍රයයි... ඒක ජන්කුක්ට ආපු එකක් නොවුනු වෙනත් කිසියම් කෙනෙක්ට ආපු එකක් උනත් ජන්කුක් කදවුරේ ප්‍රධාන කාර්‍යාලයේදී ඒක දැක්කා... ජන්කුක්ට ඒක තවත් විශ්වාස කරන්න අපහසු වෙනකොට අවිශ්වාස කරන්න තරම් හේතුත් ජන්කුක් ගාව තිබුනේ නෑ...

එදා සිදුවීමෙන් පස්සේ ජන්කුක් තමන්ගේ බෑග් ලෑස්ති කරන් ලියුමකින් දැනුම් දීමක් තියලා ගෙදරින් පිටත් උනා... ක්වාටස් වල නතර වෙලා පහුවදාම කදවුර බලා ජන්කුක් පිටත් උනේ කල් අරිමින් ඉන්න තවත් හේතුවක් ජන්කුක්ට නොතිබිච්ච හින්දා.. ඒත් ජන්කුක් ඒ දුර වෙහෙසකර ගමන් පුරාම ටේහ්‍යොන්ග්ව ඕනවටත් වඩා මතක් උනා... ජන්කුක්ට තාමත් තමන්ගේ ඇස් වලින් දැකපු දේ විශ්වාස කරන්න අපහසු උනා.. මොකද ටේහ්‍යොන්ග්ව සම්පූර්ණයෙන්ම ජන්කුක් විශ්වාස කරා...

ඒ විදියට ලියුමේ සදහන් කදවුරට ආවත් එතනින් ජන්කුක් වෙනත් කදවුරකට ආවා... එතනදියි ඩොක්ටර් පාර්ක්ව මුන ගැහුනේ.. එදා ඉදන් ඉතාමත් අමාරු පරිසරයක් තුල තමන්ගේ කාලේ ගෙවන ගමන් ගෙවපු ජන්කුක්ගේ ජීවිතේ පුදුම තරම් අත්දැකීම් ලබාගත්තා... එක් එක් ආකාර වලින් තුවාල උනු සෙබලුන් අතර මිනී ගොඩක්ම වැඩි උනා... මේ තරම්ම කුරිරු යුද්ධය තුල ජීවත් වීම කියන බලාපොරොත්තුව හා වාසනාව මොහොතින් මොහොත වෙනස් උනා... ඒ ජීවිතය තුල අනාගතය කියන වචනය නැති වෙනකොට හැමෝම වර්තමානය තුල ජීවත් උනා....

"එන්න අපි මේක බීලා ඉමු..."

කල්පනා ලෝකේ හිටපු ජන්කුක් ආයෙත් සිහියට ආවෙ පාර්ක්ගේ කටහඩින්...

"කරදර වෙන්න එපා ඩොක්ටර් පාර්ක්... මේ හොදටම වැඩී මට..."

"ජීවිතයත් යුද්ධයක් තමයි ඩොක්ටර් ජෝන්... අපි පහු කරන කාල පිටට කොහොම පෙනුනත් ඇතුලතින් අපිම විතරයි දන්නේ ඒකේ බරපතලකම.. යුද්ධයේදී වගේම අවිනිශ්චිත බවක් අපේ ජීවිත වලත් තියනවා.. ඒත් අපි ඒ හැමදේටම මූන දෙන්න ඕන.. අපිට වෙන ක්‍රමයක් නැහැ ඒ දේවල් මග අරින්න...."

ජන්කුක් ඔලුව වනමින් ඇදෙන් ඉදගත්තා..පාර්ක් හරි ජන්කුක්ම විතරයි දන්නේ තමන්ගේ හිත ඇතුලේ තියන යුද්ධය....

"ඩොක්ටර් ජෝන් මොනවද ඉගනගත්තේ... හැමදේටම දක්ශයි.. නවකයෙක් කියලා කියන්න බැරි තරම්... අර තරම් බරපතල තුවාල වලට ඕනම කෙනෙක් තිගැස්සෙනවා..."

ජිමින්ගේ වචන ජන්කුක්ට නැවත නැවතත් එකම කෙනෙක් මතක් කරා... ජන්කුක් තමන්ගේ සේවා කාලයට වඩා ඕන තරම් අත්දැකීම් ලබාගෙන තිබ්බා...

"මම.. අධිකරණ වෛද්‍ය විද්‍යාව ඉගන ගත්තේ..."

ජන්කුක් කීවම තමන්ගේ හැන්ද පාත දාන ගමන් ඇස් පුදුමයෙන් ලොකු කරන් ජිමින් ජන්කුක් දිහා බැලුවා...

"එ..එහෙනම් ඩොක්ටර් ජෝන් මේ වගේ තැනක මොනවද කරන්නේ..."

"ම්.. ඒක... මන් හිටපු නගරයේ පුරප්පාඩු අඩුයි, අනික ඒ ක්ශේත්‍රයේ නීතියෙන් පිට මම දිගටම වැඩ කරා.. ඉතින් මම ශල්‍ය වෛද්‍ය විද්‍යාවට යොමු උනා... අවසන් විභාගයත් කරා..."

ජන්කුක් කියනකොට ජිමින් අගය කරන බැල්මකින් බැලුවා...

"පොඩි වයසට හොද ගමනක්.... මට හිතාගන්න බෑ ඩොක්ටර් ජෝන් මේ තරම් පීඩනයෙන් ඉන්නේ ඇයි කියලා... අපිට පුලුවන් මොනවා හරි දෙයක් තියනවානම් බෙදාගන්න... දිගටම අපිට අවසානයක් දන් නැති ගමනක් තියෙන්නේ...."

ජන්කුක් හිනා උනා.. ඇත්තටම ජන්කුක්ට මේ දේවල් වල අවසානයක් පෙනුන් නෑ...

"ම..මන් උත්සාහා කරනවා හොදින් ඉන්න... "

ජන්කුක් කීවත් ජන්කුක්ට කතා කරන්න ඕන උනත් තමන්ගේ මේ දේවල් තවත් කෙනෙක්ට කියන්න සුදුසු දේවල් නෙවෙයි කියලා ජන්කුක් දැනන් හිටියා... ඒ දේවල් තමන්ගෙන් පිට සමාජය කොයිතරම් නම් දෘශ්ටි කෝනෙකින් බලයිද කියලත් හිතන්න බය උනා... ඉතින් ජන්කුක්ගේ විසදුම තනියම විදගැනීම විතරක් උනා....

"මම ඉන්නවා ඕනම දේකට... දැන් ටිකක් විවේක ගමු.. අද රෑ වැඩ මුරය මම කරනවා.. ඒ හින්දා ඩොක්ටර් ජෝන්ට පුලුවන් හෙට උදේ වෙනකන් විවේක ගන්න... මොනවම හරි දෙයක්නම් මට කියන්න.. තනියම විදවන එකත් ලේසි නැහැ මොන තරම් වෙනස් දෙයක් උනත්...."

ජන්කුක්ගේ අතේ තිබුනු සුප් බෝල් එකත් අරන් එලියට යන ජිමින් දිහා ජන්කුක් බලන් හිටියා.. ඒ වචන ජන්කුක්ට උණුසුම් හැගීමක් ඇති කරනකොට ජන්කුක් නැගිටලා ඇදුම් අරගෙන ගොඩනැගිල්ල පැත්තට ගියා... කදවුරු බැදපු භූමියේ විශාල කූඩාරම් වෛද්‍ය කටයුතු හා වෙනත් සෙබලුන්ගේ දේවල් වලට වෙන් වෙනකොට ගොඩනැගිල්ල ඉහල නිලධාරීගේ කාමර, කාර්යාල, ආයුධ ගබඩා හා නාන කාමර වලින් යුක්ත උනා....

ගොඩනැගිල්ලේ නාන කාමරයක ඇතුල් වෙලා පිරිසිදු වෙලා ඇදුම් මාරු කරගත්තු ජන්කුක් ආයෙත් තමන්ගේ නවාතැන් කූඩාරමට ඇවිත් ඇදේ හාන්සි උනා....

.





.




.




.




.




.

"මම හිතන්නේ ඔයා මේ වෙලාවේ ගෙදර ගියා නම් හොදයි..."

හිස ඔසවන්නවත් කරදර නොවී ටේහ්‍යොන්ග් ගැඹුරු විදියට එහෙම කියනකොට එහා පුටුවෙන් ඉදන් හිටපු ලින්ඩා පුටුව සද්දෙන් පිටිපස්සට කරන ගමන් නැගිට්ටා... ටේහ්‍යොන්ගේ කාර්‍යාලය ඇතුලේ පුටු ගොඩාක් නැහැ , ලින්ඩා ඉදන් හිටියේ ජන්කුක්ගේ පුටුවේ.. ඒ ශබ්ද නගමින් පිටිපස්සට වෙනකොට ටේහ්‍යොන්ග් තමන්ගේ ඇගිලි තුඩු වලින් නලල මිරිකගත්තා...

ටේහ්‍යොන්ග් අකමැතිම දෙයක් අධික විදියට ශබ්ද නැගීම වගේම තමන්ට කරදරයක් වෙන විදියට ශබ්ද නැගීම... ඒත් ජන්කුක්ගෙන් තිබුනු හැමදේම වෙනත් කෙනෙක්ගෙන් ටේහ්‍යොන්ග් කොහොම බලාපොරොත්තු වෙන්නද....

"ටේහ්‍යොන්ග්..ඔය තරම් තදින් මට කතා කරන්න එපා.. අනික මම නතර වෙලා ඉන්න තැනට මේ වගේ වෙලාවක තනියම යන්න බෑ.. ඔයා ඒක හොදටම දන්නවනේ..."

ලින්ඩාගේ හඩ පවා ටේහ්‍යොන්ග්ට කරදරයක් උනා...

"ඉතින්... ලින්ඩට පුලුවන්නේ තමන්ගේ ගෙදරට යන්න,"

"ඔයා දන්නේ නැද්ද මම කොච්චර දුරද ඉන්නෙ කියලා ටේහ්‍යොන්ග්... ඇයි එහෙම කියන්නේ..."

"ඔයාගේ හඩ ගොඩාක් වැඩියි ලින්ඩා..කරුණාකරලා හෙමින් කතා කරන්න.. මට කන් ඇහෙනවා.. ඒක මට කරදරයි..."

"ටේහ්‍යොන්ග් ඔයා දැන් කියන්නේ.. මම ඔයාට කරදරයක් කියලද...."

ටේහ්‍යොන්ග් වේගෙන් පුටුව පිටිපස්සට කරන ගමන් නැගිට්ටා... නැගිටලා තමන්ගේ කබාය අතට ගන්න ගමන් දොර විවෘත කරා...

"එන්න.. දැන් මන් ගෙනින් දාන්නම්.. මොනවද තවත් බලන් ඉන්නේ..."

දොරෙන් එලිය ගිහිනුත් ආයෙත් හැරිලා තාමත් හිටන් ඉන්න ලින්ඩා දිහා බලන ගමන් ටේහ්‍යොන්ග් කරදරකාරී හඩකින් කිව්වම ලින්ඩා ඉක්මනින් ටේහ්‍යොන්ග් ලගට ආවා....

ටේහ්‍යොන්ග් තමන්ට කරදර හින්දා නිතර වාහනෙන් එලියට ගියේ නෑ.. ඉතින් ටේහ්‍යොන්ග් පයින් ඇවිදන් ගියා... උරහිස් නිරාවරනය උනු ගවුම් කරක් සහිත ඇදුමක් ඇදන් හිටපු ලින්ඩා අවට තිබුනු සීතලෙන් අත් අකුලගන්න ගමන් වේගෙන් ඇවිදින ටේහ්‍යොන්ග් ගාවට ආවා...

"ටේහ්‍යොන්ග්..ඔයාට බැහැ මට මෙහෙම සලකන්න.. ඇයි අපි ඇවිදන් යන්නේ..."

"මොකද මම කැමතියි ඇවිදින්න..."

ටේහ්‍යොන්ග් හැරෙන්නවත් කරදර නොවී කිව්වා...

"ඒත් මම කැමති නෑ.. අනික ගොඩාක් සීතලයි.. මට බෑ මෙහෙම එලියේ ඉන්න.. මගේ ඇදුම විවෘත වැඩියි...."

"එහෙනම් ඔයාට තිබුනා පිට කබායක් අරගෙන එන්න ලින්ඩා.. අනවශ්‍ය දේවල් ඇදලා අරන් කතා කරන්න එපා... "

එතන වෙන කෙනෙක් හිටියානම් ටේහ්‍යොන්ග් තමන්ගේ කබාය ගලවලා ආවරනය කරන්න ඉඩ තිබුනා.. ඒත් ලින්ඩා වෙනුවෙන් ටේහ්‍යොන්ගෙන් පිට උනේ නොරිස්සුම් සහගත වචන ටිකක් විතරයි...

"මට හිතාගන්න බෑ තමන් විවාහ වෙන්න ඉන්න කාන්තාවට ඔහොම කතා කරනවා කියලා.. "

ලින්ඩාගෙන් යම් කෝපයක් තැවරුනු වචන පිටවෙනකොට ටේහ්‍යොන්ග් කුලී රතයකට අත දාන ගමන් ලින්ඩව නග්ගවලා එයත් නැග්ගා .. අදාල තැනින් ලින්ඩාව බස්සවලා ආයෙත් සමු දෙන්නවත් කරදර නොවුනු ටේහ්‍යොන්ග් ආයෙත් කාර්‍යාලට යන්න මනස නැති වෙනකොට ගෙදරට ආවා...

හරිම පාලු බවක් ගෙනාපු ගෙදරත් තමන්ගේ කාමරයත් තව තවත් කෝපය අවුලුවනකොට තමන්ගේ ඇදුම් කේන්තියෙන් ගලවන ගමන් නාන කාමරයට වැදුනා...

පිරිසිදු වෙන්න යම් වෙලාවක් වැය කරපු ටේහ්‍යොන්ග් නැවත කාමරයට එනකොට තැනින් තැන වැටුනු ඇදුම් සපත්තු ඒ විදියටම තිබුනා... මොකද වෙනදා වගේ ටේහ්‍යොන්ගේ ඇදුම් අස් කරන්න කෙනෙක් හිටියේ නෑ.. ටේහ්‍යොන්ගේ කන්නාඩි මේසයත් හිස්ව තිබුනා, වෙනදා වගේ ටේහ්‍යොන්ග් නාන කාමරයෙන් එනකොට උණු කෝපි කෝප්පයක් එතන තිබුනේ නැහැ... නිවස හරිම නිශ්ශබ්දයි වගේම අවශ්‍යම තැන් වල දැල්වුනු විදුලි පහන් ඇරෙන්න අනිත් සියල්ල අන්ධකාරයේ ගිලිලා තිබුනා...

හැමතැනකම හිස් බවක්.. හුගක් දේවල් වල.. නැහැ එක දෙයක් විතරයි හිස් උනේ.. ජන්කුක් විතරයී.. ඇත්තෙන්ම ටේහ්‍යොන්ගේ කේන්තියේ සීමාවක් තිබුනේ නැහැ....

දිගින් දිගටම උරමින් තිබුනු පයිප් එකෙන් ආව දුම් වලින් ටේහ්‍යොන්ගේ කාමරේ පිරිලා තිබුනා.. ටේහ්‍යොන්ග්ට උවමනාවක් නැති හින්දා ඒ දුම් යවන්න කවුලුව විවෘත කරන්න කවුරුත් නැති හින්දත් ඒ දුම් ඒ විදියටම පිරිලා තිබුනා...

"හැමදේම එක පාර වෙනස් වෙනකොට ඒක ගොඩාක් අමාරුයි...."

කලබලකාරී සිතුම් තුල ඒ වචන විතරක් ටේහ්‍යොන්ගේ තොල් අතරින් පිට උනා....

.




.




.




.




.




.

**********************

____________________________Dark_Sunshiner 🤍🥀


Thanks for reading♥️

To be Continued...

2023/05/29

Bạn đang đọc truyện trên: AzTruyen.Top