|23|

"මේක මට භාරගන්න බෑ..."

හැගර් එක්ක එල්ලුව අලුත්ම ඇදුම් කට්ටලය දිහා බලාගෙන ජන්කුක් කීවේ අත් බැදන් ඉන්න ටේහ්‍යොන්ග්ට...

"මම දැනන් හිටියේ නෑ මගේ තේරීම් එච්චර නරකයි කියලා..."

"නෑ නෑ.. වැරදියට තේරුම් ගන්න එපා.. මේක මට හොද වැඩියි... අ..අනික මෙච්චර මිල අධික දෙයක්...."

"කොහොමත් මේකේ ප්‍රමිතිය හොද වෙන්න ඕනේ... මගේ ඇදුම් නිර්මාණය කරන කෙනාම තමයි මේක හැදුවේ...මේක හොද නැත්නම් අයින් කරලා දාන්න..."

ටේහ්‍යොන්ග් කීවාම ජන්කුක් ඉක්මනට ඇදුම් කට්ටල තමන්ගේ අතට අරගත්තා...

"මොනවද කියන්නේ... මට කියන්න ඇයි මේ ඇදුම් මට..."

ටේහ්‍යොන්ග් ගාවට ඇවිදන් එන ගමන් ජන්කුක් ඇහුවා...

"මගේ සහයකයා විදියට ජෝන්ගේ නිරීක්ෂන හැකියාව නම් බොහොම දුර්වලයි...."

ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් තොල් උල් කරගත්තා..

"වෙන්න පුලුවන්.. මොකද මම අධ්‍යනය කරේ වෛද්‍ය විද්‍යාව...."

"අපිට සාදයක් තියනවා ....."

ටේහ්‍යොන්ග් කීවම ජන්කුක්ගේ ඇස් පුදුමෙන් මහත් උනා...

"සාදයක්... මොකක්ද... අනික කොහොමද මම යන්නේ... "

"මේසේ උඩ තිබුනු ආරාධනා පත්‍රය දැක්කේ නැද්ද...."

ජන්කුක් ඉක්මනට ටේහ්‍යොන්ගේ කාමරේ ඉදන් තමන්ගේ කාමරේට දුවලා ගියා...

"ගේ ඇතුලේ දුවන්න එපා... මන් කී පාරක් ජෝන්ට ඕක කියන්නද..."

ටේහ්‍යොන්ග් හයියෙන් කෑ ගැහුවාම ටේහ්‍යොන්ග්ට ඇහුනා දඩි බිඩි ගාපු ශබ්දය මොහොතකට නතර වෙලා ආයෙත් ඇහෙනවා... හිනා වෙලා ඔලුව දෙපැත්තට වනපු ටේහ්‍යොන්ග් තමන්ගේ කමිසය ඉවත් කරන ගමන් ටවල් එක අතට ගත්තා....

"ටේහ්‍යොන්ග්... මේ වගේ දේකට කොහොමද මට ආරාධනයක් ලැබෙන්නේ..."

කාමරේට එබෙන ගමන් ජන්කුක් කෑ ගැහුවම ටේහ්‍යොන්ග් තමන්ගේ කන පිරිමැද්දා...

"ටිකක් හෙමින් කතා කරන්න ජෝන්.... අනික.. ඒක වෙන්න බැරි දෙයක් නෙවෙයි... ඔයා මගේ සහයකයා...."

ජන්කුක් දුවන් ඇවිත් ටේහ්‍යොන්ග්ව බදාගත්තාම ටේහ්‍යොන්ග් යන්තම් හිනා වෙලා ජන්කුක්ගේ පිටට තට්ටුවක් දැම්මා..

"ස්තූතියි.."

හෙමින් මුමුනලා තවත් තදින් ටේහ්‍යොන්ග්ව බදාගත්තම ටේහ්‍යොන්ග් ආපිට ජන්කුක්ව වැලදගන්න ගමන් හිස් මුදුනෙන් තොල් තිබ්බා...

"මොකද මේ.. මොනවා හරි ප්‍රශ්නයක්ද...."

ජන්කුක් ඉවත් නොවෙනකොට ටේහ්‍යොන්ග් මිමිනුවා...

"එහෙම නෑ..ටිකක් මෙහෙම ඉන්න දෙන්න.. සනීපයි...."

<>

---------- ජන්කුක් අද රෝහලේ ඉදන් ඇවිදන් එනකොට ටිකක් රෑ වෙලා තිබ්බා ... වෙනදටත් එහෙම එන නිසා ජන්කුක් දිගටම ඇවිදන් ආවේ පුරුද්දට... මොකද දවසම මහන්සි වෙලා සීතල හුලන් වැදෙන ගමන් ඇවිදන් එන එකට ජන්කුක් ආස කරා...

ඒත් ටිකක් දුර යනකොට කවුරු හරි තමන්ගේ පස්සෙන් එනවා වගේ ජන්කුක්ට දැනුනා... පාරේ කිහිප දෙනෙක් හිටිය හින්දා ඒක එච්චරම තැකීමක් නොකර ආවාත් ජන්කුක්ට දැනුනා කවුරු හරි තමන්ගේ පස්සෙන් එනවා කියලා...

ජන්කුක් ලොකු ගොඩනැගිලි දෙකක් අතරින් එක පාරටම හැරිලා ලොකු ගල් අගුරු කරත්තයක් පිටිපස්සෙ හැංගුනා... අඩි සද්දයක් ලග ඇහෙනකොට ජන්කුක් තවත් මුවා වෙන ගමන් එබිලා බැලුවා....

"එලියට වරෙන්.... "

කවුරු නමුත් ආපු කෙනා ගැඹුරු විදියට කතා කරාම ජන්කුක් ටිකක් තිගැස්සුනා....

"තමුන් කවුද.. මොකටද මගේ පස්සෙන් එන්නේ....තමුන් දන්නවද මන් කවුද කියලා..."

ජන්කුක් ටිකක් සද්දෙන් කතා කරා...

"ඒක තමයි අපිටත් දැනගන්න ඕන උබ කවුද කියලා..උබ කිම් ටේහ්‍යොන්ගේ කවුද..."

ඒ නම ඇහුනාම ජන්කුක්ගේ කන් පිටිපස්සෙන් දාඩිය දැම්මා... ජන්කුක්ට මතක් උනා කලින් දවසක ටේහ්‍යොන්ග් කියපු දේවල්....

"මොනවද තමුන්ලට ඕන... මම පොලිසියට දැනුවත් කරනවා මේක..."

"තමුන් දැන් ඉන්න තැන ඇත්ත නම් , පොලිසියට දැනුවත් කරන්න උවමනා වෙන එකක් නෑ...."

සමච්චල් සහගත කටහඩක් වගේම , ඈති එන අඩි ශබ්දයක් එක්ක ලග හිටපු කෙනා ඈතට යනවා ජන්කුක්ට ඇහුනා.... ටික වෙලාවකින් කිසිම ප්‍රතිචාරයක් නැති වෙනකොට හිටපු තැනෙන් එලියට ඇවිත් ජන්කුක් ඉක්මනින් ගෙදරට ආවා...----------

<>

ජන්කුක්ට මේ හැමදේම ටේහ්‍යොන්ග්ට කියන්න ඕන උනත් ජන්කුක්ට බය හිතුනා නැති ප්‍රශ්නයක් ඇති වෙයි කියලා... ටේහ්‍යොන්ග් ගැන ලොකු බයක් දැනෙනකොට ජන්කුක් තමන්ගේ තොල් ඒ නිරුවත් පපුව මතින් තියන ගමන් තද කරා....

"ජෝන්.. මොකක්ද ප්‍රශ්නේ මට කියන්න..."

ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් හොද හුස්මක් ගන්න ගමන් ටේහ්‍යොන්ගේ මූන දෙපැත්තෙන් අත් දෙක තිබ්බා...

"කරුනාකරලා.. පරිස්සම් වෙන්න...ටේහ්‍යොන්ගි.. මට බයයි...."

ජන්කුක්ගේ අලුත් ආමන්ත්‍රණයට ටේහ්‍යොන්ග් යන්තම් හිනා වෙන ගමන් ජන්කුක්ගේ නලලින් තොල් තද කරා....

.




.



.




.




.





.

"විශ්වාසයි.. එහෙම නේද... බයවෙන්න දෙයක් නෑ.. මන් ඉන්නවා ඔයා ගාව ලිට්ල් ජෝන්..."

අලුත් ඇදුම් කට්ටලය ජන්කුක්ගේ ශරීරයට ගොඩාක් ලස්සනට ගැලපුනා වගේම අමුතුම හැඩයක් එක් කරලා තිබ්බා.. නිතරම අදින ශරීරයට වඩා ලොකු ඇදුම් වලින් එහාට ගිහින් අද තද නිල් පැහැයෙන් තිබුනු කලිසම සහ මගක් දුර ආපු උස සපත්තු දෙක පිටුපසින් පැලුමක් සහිත දිග කෝට් එක වගේම සුදු පැහැති ශර්ට් එකත් එක්ක තිබුනු බෝ එක ජන්කුක්ට හුරුබුහුටි පෙනුමකුත් එක් කරලා තිබුනා....

හැමදාමත් වගේ තද කලු පාට කොන්ඩේ පිටුපසට කරලා හදලා තිබුනු ටේහ්‍යොන්ග් ගාම්භීර පෙනුමකින් යුක්ත උනා... කලු පැහැයත් නිල් පැහැයත් අතර තද පැහැයකින් නිම උනු ඇදුම් කට්ටලයත් එක්ක ටේහ්‍යොන්ග් වෙනදටත් වඩා පරිනත විදියට පෙනුනා... මනුස්සයෙක් ඒ තරම්ම හැම දේකින්ම පරිනත වෙන විදියට උදාහරනයක් අවශ්‍යනම් ජෝන්ගේ ඇස් හැරවිලා තියන පැත්තෙන් හොයාගන්න පුලුවන් උනා....

විශාල ගල් බිත්ති වලින් කරපු දිග උත්සව ශාලාව මිල අධික ඇදුම් වලින් සැරසුනු අමුත්තන්ගෙන් පිරිලා තිබුනා... සුදු පැහැති තිර වැල් අතරින් පතර යවන ගමන් ලා කහ පැහැති ආලෝකයෙන් දිලිසුනු මුලු ශාලාවම සංගීත නාදයෙන් වගේම කතා බස් වලින් පිරිලා පැවතුනා....

ටේහ්‍යොන්ග් ගිහින් ඉස්සරහින් පැත්තකට වෙන්න තිබුනු රවුම් මේසයක පුටුවක් පිටිපස්සට අදින ගමන් ඉදගන්නකොට ජන්කුක් ටේහ්‍යොන්ග් ගාවින්ම එහා පැත්තෙන් ඉදගත්තා...

"මම හිතන් නෑ මේක කොහෙත්ම මට ගැලපෙන මෝස්තරයක් කියලා..."

තමන්ගේ නිරාවරනය උනු නලල අතින් අල්ලගන්න ගමන් ජන්කුක් කීවම ටේහ්‍යොන්ගෙ ග්ලාස් එක හොලවන ගමන් ඇස් හීනි කරලා බැලුවා..

"මාව විශ්වාස කරන්න ජෝන්.. මගේ තේරීම් ඒකාකාර උනත් නොගැලපෙන ඒවා නෙවෙයි..."

ජන්කුක් ඇස් දෙක රෝල් කරා...

"අද මගේ ඩොක්ටර් ජෝන් ප්‍රින්ස් කෙනෙක් වගේ...."

කලු පැහැ නිතර ඉස්සරහට වැටුනු කොන්ඩය අද ජන්කුක්ගේ පිටිපස්සට කරලා හදල තිබුනා.. ඒක ටිකක් නුහුරු උනත් කඩවසම් බවක් එක්ක අමුතු ලස්සනක් තිබුනා...

"ඔහ්... සුභ සන්ධ්‍යාවක් මිස්ටර් කිම් නැත්නම් මම මිස්ටර් ජෝන් කියන්නද..."

එහා පැත්තෙන් කටහඩක් ඇහෙනකොට ටේහ්‍යොන්ගේ මූනේ තිබුනු හිනාව මොහොතකින් නැති වෙලා ගියා වගේම බැරෑරුම් බවක් ආරූඪ උනා...

"මම හිතන්නේ මගේ නම මොකක්ද කියලා දන්නවා මිස්ටර් තෝමස්.. සුභ සන්ධ්‍යාවක්..."

ටේහ්‍යොන්ගේ ගැඹුරු හඩට මොහොතක් බලන් ඉන්න ගමන් හිස හොලවපු තෝමස් තවත් තරුණියක් එක්ක මේසෙන් වාඩි උනා....

"මේ...."

"ජන්කුක්...ඩොන්ටර් ජෝන් ජන්කුක්.. මගේ සහයකයා..."

"හමුවීම සතුටක් ඩොක්ටර් ජන්කුක්... මම හිතන්නේ අපි අන්තිම වතාවට මුනගැහෙනකොට මිස්ටර් කිම්ට සහායකයෙක් හිටියේ නෑ..."

ජන්කුක්ට අත දෙන ගමන් තෝමස් කිව්ව..

"හැමදේම එක වගේ තියෙන්න ඕන නෑ... එහෙම නේද මිස්ටර් තෝමස්...."

ටේහ්‍යොන්ග් කියනකොට තෝමත් තමන්ගේ නිකට අතගාන ගමන් හිනා උනා...

"ලින්ඩා.. මේ ඉන්නේ මගේ දුව... කලින්ම අදුරගන්න..."

"හමුවීම සතුටක් මෙනෙවිය..."

තරුනියගේ අතේ පිට පැත්තෙන් අල්ලගෙන මුව ලන් කරන ගමන් ටේහ්‍යොන්ග් කීවත් ටේහ්‍යොන්ග් අත සිප ගත්තේ නෑ... තරුණියෙගේ ලා පැහැයෙ රත් පැහැ ගැන්වුන කම්මුල් දිහා බලල මද සිනා පෑව ටේහ්‍යොන්ග් පුටුවට හේත්තු වෙන ගමන් වීදුරුව තොල ගෑවා....

"මේ දවස් වල වැඩ කොහොමද මිස්ටර් කිම්..."

"සාමාන්‍ය විදියට කෙරීගන යනවා මිස්ටර් තෝමස්..."

"ඇත්තටම අර ගින්නේ සිද්ධිය ගැන මම සමාව ඉල්ලනවා මිස්ටර් කිම්ගෙන්.. "

තෝමස් කියනකොට ටේහ්‍යොන්ග් කට කොනින් හිනා උනා...

"ඒ අය මගේ වැඩ මෙහෙම අවුල් කරපු පලවෙනි වතාව මේක නෙවෙයි මම හිතන්නේ...."

"ඇත්තටම මේ හැමෝවම මාරු කරන්න ඕන යුද්ධය තියන පැති වලට... හැම නිලධාරියෙක්ම හිතන්නේ තමන් වගකීමක් ගත්තට වැඩක් නැහැ කියලා... යුද්ධය නිසා මිනිස්සු බලාපොරොත්තු අතාරිනවා අපරාධත් එක්කම...."

"අකාර්‍යක්ෂමතාවයට පහලම කෙනාටත් වඩා දොස් කියන්න ඕනේ ඉහල පුටු වලට... සාර්තක වෙන බව පේන දේට විතරක් අවධානය දෙන ඉහල නිලධාරීන් එක්ක පහල නිලධාරීගෙන් සහයෝගය බලාපොරොත්තු වෙන එක හරිම නිශ්පල වැඩක්...."

ටේහ්‍යොන්ගේ කතාවත් එක්ක තෝමස් තමන්ගේ අත මිටි මොලවගත්තා..කොහොමද ටේහ්‍යොන්ග් බය නැතුව තමන්ව දෝශාරෝපනය කරන්නෙ කෙලින්ම...

"එතකොට එයාලට කැමති තීරනයක් ගන්න ඉඩ දෙන්න ඕන ඒකද මිස්ටර් කිම් කියන්නේ..."

"පාලනය කරනවට වඩා අනුගමනය කරන්න පුලුවන් නායකත්වයක් දෙන්න ඕන... මන් අදහස් කරන්නේ ඒක..."

තෝමස් තමන්ගේ අතේ තිබුනු ග්ලාස් එක සම්පූර්නයෙන් කටට හලාගත්තේ ටේහ්‍යොන්ගේ කට කොනින් හිනාව දිහ බලල...

"ආණ්ඩුකාරතුමා මට කතා කරා....මිස්ටර් කිම්.. මම හිතන්නේ දන්නවා ඇති..."

"ඒක මට අදාල කාණයක් නෙවෙයි.. මම කැමති නෑ අනවශ්‍ය දේවල් අනවශ්‍ය වෙලාවල් වලදි කතා කරන්න...."

ටේහ්‍යොන්ග් ටිකක් ශබ්දයෙන් කීවම තෝමස් තරුණියගේ අතින් අල්ලගත්තා...

"මිස්ටර් කිම්ට පුලුවන් ලින්ඩා එක්ක කතා කරන්න... මම හිතන්නේ ඒකට මේක අවස්තාවක් කරගන්නවා නම් පහසු වෙයි අදුරගන්න..."

ජන්කුක් මේ සංවාදය දිහා තරමක් වික්ශිප්තව බලන් හිටියා... සමහර දේවල් තේරෙනකොට ජන්කුක්ගේ හදවත ඇතුලෙන් සියුම් රිදුමක් ගලන් ආවා... තමන් ඉන්න තැනින් නැගිටලා පැති දොරක් විවෘත කරන ගමන් ජන්කුක් ඉක්මනින් එලියට ඇවිදන් ආවේ ටේහ්‍යොන්ග්ට දැනුම් දෙන්නේ නැතුවයි..

ඉක්මනින් නැගිටලා එලියට යන ජන්කුක් දිහා බලන් ටේහ්‍යොන්ග් නැගිටින්න ගියත් ලින්ඩා ටේහ්‍යොන්ගේ කෝට් අතින් අල්ලගත්තා...

"මම එලියට ගිහින් එන්නම්..."

ඒ අත අයින් කරන ගමන් ටේහ්‍යොන්ග් ඒ දොරෙන්ම එලියට ඇවිත් පැති ශාලාව දිගේ ඇවිදන් ගියා... හිස් කොරිඩෝ කිහිපයක් බෙදුනු ප්‍රධාන කොරිඩෝව දිගේ ඇවිදන් ගිහින් පසු පඩිපෙල බැස්ස ටේහ්‍යොන්ග් අවසන් පඩි කිහිපය බහින ජන්කුක්ව හොයාගත්තා... පසු මිදුලේ කොනකට වේගෙන් ඇවිදන් ගිය ජන්කුක් එලිමහන් පොකුනට තිබුනු වැටෙන් අත් තියලා තද කරගත්තා...

කොහොමද මේ තරම් රැවටීමක් , එකිනෙකට වෙනස් දේවල් සිද්ද වෙන්නේ.. ජන්කුක් තමන්ගේ අතකින් පපුව තදින් ගුලි කරගත්තා...

"ජෝන්..."

"ජෝන් මෙහෙ බලන්න... ඇයි එලියට ආවේ..."

"ම..මට ටිකක් දාඩියයි ටේහ්‍යොන්.. මන් ටි..ටික්කින් ඇතුලට එන්නම්..ඔයා යන්න කට්ටිය බලන් ඇති..."

ටේහ්‍යොන්ග් දිහා බලන්න මහන්සි නොවෙන ගමන් ජන්කුක් කියනකොට ටේහ්‍යොන්ග් පිටුපසින් ජන්කුක්ගේ උරහිස් වල අත් තියන ගමන් තමන්ගේ පැත්තට හරවගත්තා...

"මන් දිහා බලන්න... "

බිමට පාත් උන ජන්කුක්ගේ මූන දිහා බලන් ටේහ්‍යොන්ග් කියනකොට ජන්කුක් හිස එසෙව්වා..

"මොකද මේ .. ජෝන් අඩන්න තරම් මුකුත් එතන උනේ නෑ..."

"නෑ.. අඩන්න තරම් මුකුත් නැහැ.. ම..මම බොලදයි... ම..මට තේරෙනවා.. මේ කිසිම දේක කිසිම තේරුමක් නෑ...."

ජන්කුක් එක දිගට කියනකොට ටේහ්‍යොන්ග් තමන්ගේ මහපට ඇගිල්ලකින් ජන්කුක්ගේ කදුලු පිහදැම්මා...

"ශ්..ජෝන්.. මොකද මොනවද මේ කියන්නේ.."

"මුකුත් නෑ මිස්ටර් කිම්.. මට තේරෙනවා.. ඒක නිකන් මම නිකන්ම නිකන් කෙනෙක්.. නිකමෙක්.. ඒහෙම නේද මම තවත් එක්කෙනෙක් විතරයි.... ම..මට දැනන් ඉන්න තිබුනා...

"මේ අහන්න ජෝන්... ඔයා හොදටම දන්නවා මම ඔයා ගැන හිතන විදිය ...ඉතින් ....

"නවත්තන්න... කරුණාකරලා නවත්තන්න.. තවත් වචන වලින් මගේ හිත වෙනස් කරන්න එපා...."

ටේහ්‍යොන්ගේ අත් දෙක ගසලා පපුව මිරිකගන්න ගමන් ජන්කුක් කෑ ගැහුවා....

"ජෝන්.. මේ කිසි දෙයක් ඇත්ත නෙවෙයි.. මම පිලිගන්නවා මිස්ටර් තෝමස් කියපු දේ.. ඒක මම ප්‍රතික්ශේප කරපු අකමැති දෙයක්... මට අරමුණක් තියනවා... ඒක ජෝන්ට කියන්න තරම් දෙයක් වගේ මට පෙනුන් නෑ.. මොකද මට ජෝන් කලබල වෙනවා දකින්න ඕන උනේ නෑ...

"ඔයා පිලිගන්නවා..."

ජන්කුක් ඇහුවම ටේහ්‍යොන්ග් බලන් හිටියා...

"එහෙම නේද.. ඔයා දැන් ටිකකට කලින් කීවා මට කලබල වෙන්න එපා කියලා.. ඒත්.. ඒත් ඔයා දැනන් හිටියා ඒක කලබල වෙන්න තරම් දෙයක් කියලා.. ඒ කියන්නේ එතන කලබල වෙන්න තරම් දෙයක් තියනවා එහෙම නේද...."

ජන්කුක්ගේ වචන ටේහ්‍යොන්ග්ව කලබල කරන ගමන් තිබ්බා... මෙහෙම ජන්කුක්ගේ ඇස් වල කදුලු ටේහ්‍යොන්ගේ සන්සුන් මට්ටම ආක්‍රමණය කරමින් තිබුනා...

"ජෝන්.. මේ අහන්න... මේක ඔයා හිතනවා වගේ දෙයක් නෙවෙයි... "

"කො..කොහොම දෙයක්ද ටේහ්‍යොන්ගී..කොහොම දෙයක්ද.. ඔ..ඔයා..ඔයාගේ තොල් අ..අර කාන්තාවගේ අත් මතින් තිබ්බා.. ඔව්.. ඔයා එයාව සිප ගත්තනේ.. ම..මම වැරදි.. මට තිබුනා මුකුත් බලාපොරොත්තු නොවෙන්න.. එහෙම නේද.. මම..මම හුගක් මෝඩයි.. මන් බොලදයි.. ඔයා ඒක දන්නවා එහෙම නේද....

"මයි ලව්..."

ටේහ්‍යොන්ග් ඉකි ගහන ජන්කුක්ව තදින් තමන්ගේ පපුවට තුරුල් කරගත්තා... ජන්කුක් තමන්ගේ අත මිටි මොලවලා පුලුවන් තරම් හයියෙන් ටේහ්‍යොගේ පපුවට ගැහුවා..

වචනයෙන් සීමා නොවුනු නම් නොදරන බැදීම් , ආගන්තුක හැගීම් ඉස්සරහා අපිව ඕනවටත් වඩා අසරණ කරනවා...!

.





.





.






.





.





.





.

************************

___________________________Dark_Sunshiner 🤍🥀


Thanks for reading...♥️

To be Continued...

2023/05/27

Bạn đang đọc truyện trên: AzTruyen.Top