|21|

"අපි මොනවද මේ කරන්නේ...."

දිග හුස්මක් පාතට දාන ගමන් ජන්කුක්ගේ තොල් අතරින් එහෙම පිට උනාම ටේහ්‍යොන්ග් තමන්ගේ එහා පැත්තෙන් ඉන්න ජන්කුක් දිහා හැරිලා බැලුවා... නගරයේ ටිකක් එහාට වෙන්න තිබුනු නිර්මාණය කරපු අදුරු පෙදෙසක දෙන්නම හිටියා... ගස් වවලා ආවරනය කරපු ඇවිදින්න පුලුවන් තීරයක් සහ ගං මට්ටමෙන් උඩට ගහපු වැටත් එක්ක නිදහස් තැනක් උන එතන රාත්‍රිය දැඩි වෙනකොට කිසි කෙනෙක් හිටියේ නෑ...

"අපි මේ කරන දේවල් හරිද...ඒ.. ඒවා වැරදි එහෙම නේද..."

ආයෙත් ජන්කුක් කීවම තමන්ගේ තොල් අතරින් දුම් ටිකක් පිට කරන ගමන් ටේහ්‍යොන්ග් ඈත ලාම්පු එලියෙන් දිලිසෙන වතුර දිහා බලන් හිටියා....

"ආයෙත් එකම තැන.. හැමදේකටමත් පස්සේ එකම තැන... අපි කැමති දේවල් වලට ඉඩ දෙන එක වැරදි වැඩක් නෙවෙයි.."

ටිකක් ගැඹුරු විදියට ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් හැමදාමත් වගේ නිශ්ශබ්ද උනා...

"ඒත්.. ටේහ්‍යොන්ග්... අපි.. මන් කියන්නේ අපිට ඉස්සරහට මොනවා වෙයිද... "

"එයිද දන්නෙවත් නැති අනාගතයක් ගැන හිතලා ජෝන් තමන්ගේ ජීවිතේ කැමතිම දේවල් නැති කරගන්න හදන්නේ...."

ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් කල්පනා කරා.. ඒක හරි ජන්කුක්ගේ ජීවිතේ වටිනම, දැනෙනම දේවල්.. ඉතින් ජන්කුක් එයිද දන්නෙවත් නැති දේවල් ගැන ඕනවටත් වඩා වද උනා.....

"මේ කතාවත් මග නවත්තලා පැනලා යන්න ජෝන්ට ඕනද...."

"නෑ.. ම..මන් බයයි... මට හිතාගන්න බෑ...."

ජන්කුක් යකඩින් කල වැටට හේත්තු වෙන ගමන් කීවම ටේහ්‍යොන්ග් හිනා උනා....

"කොහොමද මේ තරම් නිස්කලන්ක පරිසරයක් තියන රටක යුද්ධයක් තියනවා කියලා හිතන්නේ..."

සීතල සුලන් රැලි වලින් රැලි නගන වතුර දිහා බලන් ජන්කුක් කීවා...

"හිතන තරම් මේ පරිසරේ නිස්කලංක නෑ... ඒ විදියට පේන්න සලස්වලා තියනවා...හරියට අපේ හිත් වගේ..."

"අහ්..."

ජන්කුක් ඒ නොතේරුනු තේරුම තේරුම්ගන්න උත්සාහ කරා..

"නැද්ද... අපේ හිත් එහෙම නෙවෙයිද.. එකකට එකක් අරගල කරන කාරණා දහසක් තියාගෙන අපි කැමති තැන හිතාගන්න බැරි විදියට සන්සුන් වෙනවා... හිතාගන්න බැරි විදියට අපිට නිදහස් බවක් මවලා දෙනවා... "

ටේහ්‍යොන්ග් නැවතත් කියනකොට ජන්කුක් තමන්ගේ හිත ගැන ප්‍රශ්න කරා... මිනිස්සුන්ට කල්පනා කරන්න එක විදියෙම දේවල් ඕන නෑ... එකිනෙක දකින විදිය අනුව හැම දේම වෙනස් වෙනවා.. මේකත් ඒ වගේ, ඒ කතාව සම්පූර්නයෙනම ගැලපුනා... හේතු නැතුවම...

"මට තේරුම්ගන්න බෑ ඔයාව..ඔයා කියන දේවල්...."

"ඒකට ගොඩාක් උත්සාහා කරන්න එපා.. පැටලුම් ලෙහන්න හරිම අමාරුයි...."

ජන්කුක්ට කියන්න ඕන උනා තමන්ට ආපු ලිපිය ගැන.. ඒත් මේ වගේ වෙලාවක ඒක ටේහ්‍යොන්ග්ට කියන්න ජන්කුක්ට ඕන උනේ නෑ...

"මාව මගඇරියේ ඇයි... එක වචනයක්වත් නොකියා.. ඒක මට වරදකාරී හැගීමක් ගෙනාවා ජෝන්...."

ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ඇස් දිහා බලන් කීවා...

"ඒක.. ඇත්තටම මට ආයෙත් ඔයාට මූන දෙන්න අමාරු උනා... මට මන් ගැනම පහත් හැගීමක් ආවා..."

"මොනවා ගැනද...."

ජන්කුක්ගේ මූනට හැරෙන ගමන් ටේහ්‍යොන්ග් ඇහුවාම ජන්කුක් බිම බලාගත්තා... කිසිම දෙයක් වචනෙන් කියන්න තරම් ශක්තියක ජන්කුක්ට තිබුනේ නෑ....

"ඔහ්...මොකද මේ රතු වෙලා..."

ටේහ්‍යොන්ග් ඒ හීනි ඉන වටේ අත යවලා ජන්කුක්ව ලගට ගත්තා...ජන්කුක්ගේ අත දෙක ටේහ්‍යොන්ගේ පපුව මත නතර උනා...

"හැමදේටමත් පස්සෙ තාමත් මේ තරම්ම ලැජ්ජා වෙනවද ජෝන් ඔයා..."

ටේහ්‍යොන්ගේ උණුසුම් හුස්ම ජන්කුක්ගේ කම්මුල් රතු කරා...

"මාව අතාරින්න ටේහ්‍යොන්ග්.. ඔයා මාව ලැජ්ජා කරනවා.. ඒක ගැන කතා කරන්න මට ඕන නෑ..."

තමන්ගේ රත් පැහැ උනු කම්මුල් වහ ගන්න උත්සාහ කරන ගමන් ජන්කුක් ටේහ්‍යොන්ගෙන් ඈත් වෙන්න හැදුවා.. ඒත් ටේහ්‍යොන්ගේ ග්‍රහනය කලින්ටත් වඩා ශක්තිමත් වෙනකොට ජන්කුක් තවත් ටේහ්‍යොන්ගේ ඇගට හේත්තු උනා...

"ඔයාට පුලුවන් මන් ඉස්සරහා නිදහසේ හැසිරෙන්න ජෝන්... උන කිසිම දෙයක් ඔයාගේ අකමැත්තෙන් උනා නෙවෙයි.. ඔයාටත් ඒ දේ ඕන උනා එහෙම නේද..."

ටේහ්‍යොන්ග් කියනකොට ජන්කුක්ට තමන්ගේ ඇග ඇතුලෙන් ගිනි ගන්නවා වගේ දැනුනා... ටේහ්‍යොන්ග් හරි එක වචනයෙන්වත් නැතුව සම්පූර්ණ කැමත්ත ජන්කුක්ගෙන් ලැබුනා.. එහෙනම් ජන්කුක් තවත් ඇයි මෙහෙම අපහසුවට පත් වෙන්නේ...

"ම..මන් ඒක ගැන කතා කරන්න කැමති නෑ..."

"ඒත් මම කැමති ඒක ගැන කතා කරන්න....මගේ ප්‍රිටී ඩෝල් මගේ දිහා බලන්න..."

ලැජ්ජාවෙන් ඉන්න ජන්කුක්ගේ නිකටෙන් අල්ලලා උස්සන ගමන් ටේහ්‍යොන්ග් කීවම තොල් එකිනෙක තෙරපගන්න ගමන් ජන්කුක් ඇස් උස්සලා බැලුවා...

"ආයෙත් මෙහෙම වෙන්න උත්සාහ කරන්න එපා... මාත් එක්ක ඉන්න උත්සාහ කරන්න... හැමදේම මාත් එක්ක... මම ඉන්නවා ඔයත් එක්ක..."

ජන්කුක්ගේ මූනට ලං වෙලා ගැඹුරු නමුත් හීන් කටහඩින් ටේහ්‍යොන්ග් කියනකොට මොහොතකටවත් නොසෙල්වුන ඒ හීනි ඇස් දිහා ජන්කුක් බලන් හිටියා... ටේහ්‍යොන්ග් ගාවින් එන සුවද හොදින් ආග්‍රහනය කරන ගමන් ජන්කුක් ටේහ්‍යොන්ගේ පපුවෙන් හොද හුස්මක් ගත්තා...

ජන්කුක් ටේහ්‍යොන්ග්ට කැමති, ටේහ්‍යොන්ගේ හැම දෙයක්ම ජන්කුක්ට ඇබ්බැහිවෙන සුලු දේවල් උනා...

ටේහ්‍යොන්ග්ට.... ?

.




.



.




.




.




.

"දෙවියනේ මම බය උනා..."

එක පාරටම පිටිපස්සෙන් තමන් ලගටම වෙලා ඉන්න ටේහ්‍යොන්ග් දිහා බලන ගමන් තමන්ගේ පපුවට අත තියාගෙන ජන්කුක් කීවෙ පුදුමෙන්.... කවදාවත් නැතුව ටේහ්‍යොන්ග් කිචන් එකටම ඇවිත් කෑම හදන ගමන් හිටිය ජන්කුක්ගේ පිටිපස්සෙන් ලං උනා...

"කොහෙද විලියම්..."

තාමත් පිටිපස්සට බැදගෙන හිටිය අත දෙක ඒ විදියටම තියාගෙන ටේහ්‍යොන්ග් වටපිට බලන ගමන් ඇහුවම අතේ තිබුනු පිහිය පැත්තකින් තියන ගමන් ජන්කුක් ටේහ්‍යොන්ගේ පැත්තට හැරුනා...

"අන්කල් ගියා එයාගේ වැඩ වගේකට කියලා... ටවුන් එකටත් ගිහින් තවත් කොහෙ හරි යනවා කීවා..."

කියලා ජන්කුක් ආයෙත් පිහිය අතට ගන්න ගමන් හැරුනත් එක පාරටම අත් දෙකක් ඇවිත් ජන්කුක්ගේ බඩ වටේට එතුනා.... ටේහ්‍යොන්ග් මෙහෙම වෙන අවස්තා හරිම අඩුයි , අඩුයි නෙවෙයි ඇත්තෙම නැති තරම්.... ජන්කුක්ගේ උරහිසට නිකට තියාගන ජන්කුක්ගේ ඇගට බර වෙලා ඉන්න ටේහ්‍යොන්ගේ උණුසුම ජන්කුක්ට හොදටම දැනුනා...

"මොකද මේ....එහාට වෙන්න..."

ඒ තියුනු ඇස් තමන්ගේ මූන පුරා ගමන් කරනවා කියලා දැනෙනකොට කම්මුල් රතු වෙන එක වලක්වගන්න ගන්න උත්සාහා කරන ගමන් ජන්කුක් හෙමින් මිමිනුවා...

"අද මොකද කරේ...."

ඒ විදියටම තවත් ටිකක් ජන්කුක්ව තමන්ට ලං කරගන්න ගමන් ටේහ්‍යොන්ග් ඇහුවම ජන්කුක් හිනා උනා...

"වැඩ තමයි.. අහ්, අද නිලධාරීන් දෙන්නෙක් ආවා, තුවාල වෙලා... වෙඩි වැදිලා නම් නෙවෙයි...."

"ම්ම්.... නාහෙට අහන් නැති නිලධාරීන්ට මොකක් උනත් එකයි..."

කරදරකාරී කටහඩකින් ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් තමන්ගේ වැලමිටෙන් ටේහ්‍යොන්ග්ට ඇන්නා.. ටේහ්‍යොන්ග් කවදත් අකමැති පොලිසිය ගෑවුනු තැනකටත්...

"මන් ඉක්මන්ට කෑම ලෑස්ති කරන්නම්.. ටේහ්‍යොන්ග් ඇදුම් මාරු කරන් එන්න..."

තාමත් ආපු විදියටම ජන්කුක්ව බදන් ඉන්න ටේහ්‍යොන්ග්ට ජන්කුක් කීවා..

"මට බඩගිනි නෑ... "

"ඒනම්..."

තමන්ගේ බෙල්ල අස්සේ මූන තියන් ටේහ්‍යොන්ග් හිමින් මුමුනනකොට ජන්කුකුත් මුමුනන ගමන් උත්තර දුන්නා... ඒක හරිම නුහුරු දෙයක් උනත් ටේහ්‍යොන්ගේ එහෙම හැසිරීමක් ගොඩාක් ආදරණීය විදියට ජන්කුක් දැක්ක.. දැනුනා... ඒක ගොඩාක් බොළඳ දෙයක් උනත්..

"ඇත්තටම ඔයා අද කොහෙද ගියේ.. ඇදුම් වල දූවිලි..."

ටේහ්‍යොන්ගේ අත් අතරම මූන පැත්තට හැරෙන ගමන් ජන්කුක් ඇහුවම ටිකක් නැමිලා හිටපු ටේහ්‍යොන්ග් කෙලින් උනා....

"පොඩි වැඩ වගේකට....ඒක නෙවෙයි මොකක්ද මේ ඇදුම...."

නිරාවරණය උනු කකුල උඩින් අතක් තියන ගමන් ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ඇස් වලට එබුනාම ජන්කුක් ආයෙත් රතු උනා...

"ඇයි ඒක හොද නැද්ද...."

තරමක් කොට කලිසම අතකට ගුලිකරන් ජන්කුක් ඇහුවාම ටේහ්‍යොන්ග් තොලක් හපන ගමන් ඇහි බැමක් ඉස්සුවා...

"ඇදගෙන ගේ වටේ ඇවිදින්න තරම් නම් හොද නැහැ... ඕනනම් කාමරේට යන්න පුලුවන්..."

අත කකුල දිගේ ඉහලට අරන් ඇවිත් පිටුපසින් තද කරන ගමන් ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් ලැජ්ජාවෙන් දිය උනා.... ඒත් මුකුත් කියන්න දෙන් නැතුවම ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ තොල් අල්ලගත්තම ජන්කුක් තමන්ගේ අත් වලින් ටේහ්‍යොන්ගේ ඇදුම් කර ගුලි කරගන්න ගමන් ඇගිලි තුඩු වලින් උඩට ඉස්සුනා... එක අතක් ජන්කුක්ගේ හීනී ඉන වටෙන් තද වෙනකොට තමන්ගේ තොල් ටේහ්‍යොන්ගේ තොල් අතර චලනය කරන ගමන් වේගෙන් සිප ගත්තා....

ටිකෙක් ටික උණුසුම් වෙමින් තාලෙකට සිප ගන්න ගමන් හිටපු ටේහ්‍යොන්ග් ජන්කුක්ව කකුල් අතරින් අත් යවලා කිචන් කවුන්ටර් එක උඩින් උස්සලා තිබ්බා... තොල් අතරින් මොහොතකට ඈත් නොවී ජන්කුක්ගේ කකුල් අතරින් ඉස්සරහට ඇවිත් ඒ ඉන තෙරපන ගමන් ටේහ්‍යොන්ග් තදින් සිපගන්නකොට ඒ සමානවම තමන්ගේ කකුල් ඒ ඉන මත් පටලවමින් ජන්කුක් පිලිතුරු දුන්නා....

හාදුවෙන් ඈත් වෙලා රත් පැහැ උනු ඇස් වලින් ජන්කුක් දිහා බලපු ටේහ්‍යොන්ග් තමන්ගේ කම්මුල් මත රැදිලා තිබුනු ජන්කුක්ගේ අත් දෙක තමන්ගේ අත් දෙකෙන් අල්ලගත්තා....

"මගේ කම්මුල් මත අත් තියලා සිප ගත්තු එකම කෙනා ජෝන් වෙන්න ඇති....."

ජන්කුක්ගේ පිය උනු ඇස් වලට පහලින් සිපුමක් තියන ගමන් ටේහ්‍යොන්ග් කියනකොට ජන්කුක්ගේ පපුව වේගෙන් ගැහුනා... ඒ හැමදේකම අයිතිකාරයා වගේ හැගීමක්, ආඩම්බරයක් ජන්කුක්ට දැනුනා.... ටේහ්‍යොන්ග් කියන්නේ මොන වගේ තද කෙනෙක්ද කියලා දන්න ජන්කුක්ට තමන්ගේ ඉස්සරහා ටේහ්‍යොන්ගේ හැසිරීම ලොකූ දෙයක් උනා... ඒ හිනාව , සිප ගැනීම, ඒ අත් අතර උණුසුම හැමදෙයක්ම තමන්ටම වෙන් උනු දෙයක් විදියට ජන්කුක්ට දැනුනා....

.





.




.




.




.





.

*********************

___________________________Dark_Sunshiner 🤍🥀

මොනවා හරි කියන්න...◕‿◕❥

Thanks for reading....♥️

To be Continued...

2023/05/24

Bạn đang đọc truyện trên: AzTruyen.Top