|20|

තාමත් පරිසරය අදුරු වෙලා තිබුනත් ජන්කුක් බ්ලැන්කට් එක තමන්ගේ පපුව උඩටම ඇද ගන්න ගමන් ඇදේ කොනට වෙලා කල්පනා කරමින් හිටියා... ටේහ්‍යොන්ග් ඇදේ හෝ කාමරයේ කොහෙවත් හිටියේ නෑ වගේම නාන කාමරය ඇතුලෙන් වතුර වැටෙන ශබ්දය ඇහුනා....

හොදයි හැමදේම ඉවරයි.. ඒ වගේ හැගීමක් ජන්කුක්ට දැනුනා... තමන් ගැන ලොකු වරදකාරී හැගීමක් දැනෙනකොට තවත් මෙතන ඉදිමින් එලියට එන ටේහ්‍යොන්ග්ට වගේම, ඉදිරියට මූන දෙන්න ජන්කුක්ට අපහසුවක් වගේම බයක් දැනුනා... ටිකෙන් ටික ඒ හැගීම තමන්ව වෙලා ගන්නකොට ඇදෙන් වේගෙන් බහින ගමන් තමන්ගේ පොඩි උනු ඇදුම් ඇගේ පටලගෙන අමාරුවෙන් කාමරෙන් එලියට ඇවිත් තමන්ගේ කාමරේට දුවන් ගියා....

ඉක්මන් පිරිසිදු වීමකින් කලබලෙන් ඇදුම් පටලගත්තු ජන්කුක් කබාය ඇදගන්න ගමන් සපත්තු දෙකවත් දාන්න උනන්දු නොවී ගෙදරින් එලියට ආවා... එලිය වැටෙන්න තවත් වෙලා තිබුනු හින්දා දැඩි සීතලක් වගේම අදුරක් පරිසරයේ තිබුනා.. ඒත් ජන්කුක් ගල් අතුරපු පාර දිගේ ඇවිදන් ගිහින් ලොකු ඉඩක් සතිත ප්‍රදේශයකට හැරුනු ගේට්ටු පියන් තුලින් ඇතුලට ඇවිදගෙන ගියා...

තාමත් ගොඩාක් උදේ උනත් උදෑසන දේව මෙහෙය ආරම්භ වෙන්න අවශ්‍ය දේවල් සූදානම් වෙමින් කහ පාට ආලෝක තීරුවක් ලොකු පියන් අතරින් එලියට වැටිලා තිබුනා.... දේවස්තාන බිමේ දේවස්තානයට යනකම් මග දෙපසින් ඉදි උනු ලොකු ගස් අතර ඉදන් ශබ්ද කරපු කුඩා සතුන්ගේ ශබ්ද වලට අමතරව වෙනත් බාහිර ශබ්දයක් නැති වෙනකොට ජන්කුක්ගේ අභ්‍යන්තර ගැටුම ඊටත් වඩා වැඩි උනා....

දේවස්තානයේ දොරට ටිකක් එහායින් නතර උනු ජන්කුක් විශාල දොර පියන් අතරින් දීප්තිමත් කහ ආලෝකයෙන් දිලිසෙන දෙව් රුව දිහා බැලුවා.. අවිශ්වාස සහගත හැගීම් හිත තුල නලියනකොට ජන්කුක් ඉදිරියට තිබ්බ කකුල ආපස්සට ගන්න ගමන් පිටුපසට ඇවිදන් ආවා.... ගස් අතරින් ඉදි වෙලා තිබුනු ලී බංකුවක් උඩින් වාඩි උනු ජන්කුක් තමන්ගේ අල්ලෙන් මූන වහගන්න ගමන් හිස බිමට හරව ගත්තා....

තමන් හැම වෙලේම වගේ හැමදේකටම ඉක්මන් වැඩියි... එහෙම නෙවෙයිද... තිබුනා තව ටිකක් ඉවසන්න... ජන්කුක් තමන්ගේ හිතත් එක්ක තර්ක කරා... ඇයි ජන්කුක් හැමදේකටම පස්සේ මෙහෙම හැසිරෙන්නේ...

.


.


.


.


.

ටේහ්‍යොන්ග් ජන්කුක් කාමරේ නෑ කියලා දැකපු මොහොතේ සූදානම් වෙලා ජන්කුක්ගේ කාමරේට තට්ටු කරත් ප්‍රතිචාරයක් ලැබුනේ නැති හින්දා දොර හෙමින් විවෘත කරන ගමන් ඇතුලට ගියා....තාමත් දැල්වෙන විදුලි පහනත් නිවෙමින් පවතින කිරි වීදුරුවත් දිහා බලපු ටේහ්‍යොන්ග් නාන කාමරයට කන් දුන්නා... ඇතුලෙන් ශබ්දයක් නෑසෙනකොට අල්මාරියේ දොර බාගෙට විවෘත වෙලා සහ පුටුවක් උඩ වැටෙමින් තියන තුවාය ටේහ්‍යොන්ගේ ඇහැ ගැටුනා... කවදත් පිලිවලට වැඩ කරන ජන්කුක්ගේ අවුල් උනු කාමරේ දිහා බැල්මක් දාන ගමන් ටේහ්‍යොන්ග් දොර වහන් කෑම කාමරය පැත්තට ඇවිදගෙන ගියා...

"විලියම්..කොහෙද ජෝන්..."

තමන්ගේ පුටුවෙන් ඉදගන්න ගමන් ටේහ්‍යොන්ග් ටිකක් ශබ්දයෙන් ඇහුවාම විලියම් ඉක්මනට දුවන් ආවා...

"මම කිරි එක කාමරෙන් ගිහින් තිබ්බා... තාම ඇතුලේ ඇති මහත්තයා..."

"නෑ..ජෝන් කාමරේ නෑ....ඒ වගේම ජෝන්ගේ සපත්තුත් තාම කාමරේ තියනවා... ඒ ඇරෙන්න මේ ගෙදර වෙන කොහෙද ජෝන් ඉන්නේ..."

ටේහ්‍යොන්ග් කේන්තියෙන් අහනකොට විලියම් තමන්ගේ පුදුම උනු පෙනුම සගවගන්න උත්සාහා කරා... හොදයි ටේහ්‍යොන්ග්ට කේන්ති ගිහින්... මොනවාම හරි හේතුවකට.. නැත්නම් හේතුවක් නැතුව....

ටේහ්‍යොන්ගේ කෑම එක මේසෙන් ලං කරන ගමන් විලියම් ගේ ඇතුලට දුවන් ගියා... ඉක්මනින් ගේ තුලත් එලියෙත් ඇවිදින වයසක විලියම්ගේ හඩ ටේහ්‍යොන්ග්ට ඇහුනත් ටේහ්‍යොන්ග් සන්සුන්ව තමන්ගේ කෝප්පේ තොල ගෑවා..

"ම..මන් හිතන්නේ ජෝන් එලියට ගිහින් මහත්තයා...."

"කෑම ගන්නෙත් නැතුව.. වෙනදාටත් මෙහෙම යනවද..."

ටේහ්‍යොන්ග් ඇහුවම තමන්ගේ කෙල ගිලින ගමන් විලියම් ඔලුව වැනුවා..

"වචන...."

"නෑ.. වෙනදට එහෙම නෑ..."

ටේහ්‍යොන්ග් ගැඹුරු හඩින් කෑ ගැහුවම විලියම් ඉක්මනින් පිලිතුරු දුන්නා... ටේහ්‍යොන්ග් තමන්ගේ හිස්වැස්ම රදවනයෙන් අතට ගන්න ගමන් ගෙදරින් එලියට ඇවිදන් ගියා...

.





.




.




.





.




.

සිදුවීම වෙලා දවස් දෙකක් පහු වෙනකොටත් ටේහ්‍යොන්ග් ජන්කුක්ව තවමත් නොදැක්කා වගේම ටේහ්‍යොන්ගේ ඉවසීම අඩු වෙමින් තිබ්බා... ටේහ්‍යොන්ග්ට ජන්කුක් ගැන හිතනවට වැඩිය වෙනත් වැඩ ගොඩාක් ඉතුරු වෙලා තිබ්බත් ජන්කුක්ගේ මේ මගහැරීම ටේහ්‍යොන්ග්ට වද දුන්නා...

තමන්ගේ වැඩ අවසන් කරන ගමන් ඕෆ් වෙලා ජන්කුක් කබායෙන් තමන්ගේ ශරීරය ආවරණය කරගන්න ගමන් එලියට ආවා... ලොකු රෝහල් ගේට්ටුවෙන් එලියට ඇවිත් අත් එකිනෙක අතුල්ලන ගමන් බිම බලන් ඉදිරියට ඇවිදන් ගිය ජන්කුක් සැනෙකින් නතර උනේ තමන්ගේ ඉස්සරහා බිමින් පේන සපත්තු දෙක දැකලා... තද කලු පාට උනත් ඔප දැමීම හින්දා දිස්නේ ගහමින් තිබුනු යම් ආවේණික උනු රටාවක් ගිය ඒ සපත්තු යුගලේ හිමිකාරය දැනගන්න ජන්කුක් තමන්ගේ ඔලුව උස්සලා බලන්න ඕන උනේ නෑ.... හැමදාමත් සුපුරුදු ආවේණික සැරක් දරපු විලවුන් සුවදත් එක්ක මිශ්‍ර උනු සිගරට් සුවද ඒක තවත් ජන්කුක්ට තහවුරු කරා...

ආයේත්.. කලින්ටත් වැඩියෙන් තමන්ගේ පපුව ගැහෙනකොට ජන්කුක් තමන්ගේ හිස නවාගෙනම ඉන්න තමන්ගේ හිතටම බල කරා... තමන්ට කිසිම ශක්තියක් ඉතුරු වෙලා නෑ වගේ දැනෙනකොට ජන්කුක් බයෙන් පිරෙමින් හිටියා...

"තවත් කොච්චර දවසක් මෙහෙම පැනලා යනවද ජෝන්...."

ඒ ගැඹුරු කටහඩ ඇහෙනකොට ජන්කුක් තමන්ගේ තොල් පොට එකට හපාගත්තා... අපහසුතාවය තවමත් තමන්ගේ ශරීරය පුරා දුවනකොට ජන්කුක් තමන්ගේ අත් ගුලි කරගන්න...

"දැන්..ඔයා ඔලුව ඉස්සුවේ නැත්නම් මම මෙතනම ඔයාව සිප ගන්නවා ජෝන්...."

ජන්කුක් තමන්ගේ ඔලුව ඉස්සුවා... නෑ ඉස්සුනා.. මොකද ජන්කුක් ටේහ්‍යොන්ග් ගැන දන්නවා... ඒත් ජන්කුක්ට බෑ එහෙම වෙන්න දෙන්න... තාමත් ඒ තියුණු ඇස් ඒ විදියටම ජන්කුක් දිහා බලන් ඉන්නකොට ඒ තොල් අතර හීනි සමච්චල් සහගත හිනාවක් තැවරිලා තිබුනා...

හැම දේකටමත් පස්සේ ඒ තොල් දකිනකොට ජන්කුක්ගේ කන් දෙකේ ඉදන් තමන්ව රතු පැහැ වෙනවා දැනුනා... නෑ.. ආයෙත් ටේහ්‍යොන්ග් ඉස්සරහා දුර්වල වෙන්න බෑ ජන්කුක්ට.. ඒත් ඒ එක වචනයකින් තමන් පාලනය වෙන විදිය ගැන ජන්කුක් තමන්ගේ ඇතුලාන්තයෙන්ම කලකිරුනා... දුක් උනා...

ජන්කුක් හොද හුස්මක් ඉහලට ගන්න ගමන් සන්සුන් වෙන්න උත්සාහා කරා... එදා දේවස්තානයට ගිය මොහොතේ තමන්ගේ ඉස්සරහින් හිටගත්තු ෆාදර් කියපු දේවල් ජන්කුක් හිතන්න උත්සාහා කරා....

"තමන්ගෙන්ම පැනලා යන්න එපා... තමන්ට තමන්ව විශ්වාස නම් තමන්ගෙන්ම පැනලා යන්න එපා.... පැනල යන එකේ සීමාවක් නැති වෙන මොහොත මුණගැහෙන්න ඉඩ තියන්න එපා..."

ජන්කුක්ට හේතුවක් නැති උනත් ජන්කුක් අතරමන් වෙලා වගේ දැනුනා... ටේහ්‍යොන්ගේ තොල් මත තියන හිනාව තමන්ට සමච්චල් කරනවා වගේ පහත් හැගීමක් ජන්කුක්ව වෙලාගෙන තිබ්බා... නමුත් ඇත්තටම එහෙම නොවෙන්නත් පුලුවන් පරිසරයක එහෙම දැනෙනවට ජන්කුක් වෛර කරා....

ටේහ්‍යොන්ග් ගාවින් ආපු සුවද තමන්ට ගොඩාක් ලගින් දැනෙනකොට ජන්කුක් තමන්ගේ ඇස් ඇරියා... තමන් ලගටම වෙලා තමන් දිහා බලන් ඉන්න ටේහ්‍යොන්ග් දිහා ජන්කුක් ඇස් උස්සලා බැලුවා... එදා සිද්දියෙන් පස්සේ පලවෙනි වතාවට ටේහ්‍යොන්ග් මෙහෙම ලගින් ඉන්න එක අමුතු දෙයක් විදියට ජන්කුක්ට දැනුනා.. අමුතු හැගීමක්, ලැජ්ජාශීලී හැගීමක් ජන්කුක්ට දැනුනා...තමන් ඇග ඇතුලෙන්ම රත් වෙනකොට ජන්කුක් අඩියක් පිටිපස්සට තිබ්බා...

"ජෝන්..."

"ජෝන්..."

"ලිට්ල් ඩෝල්..."

ටේහ්‍යොන්ග් එක දිගට හෙමින් මුමුනනකොට ජන්කුක් තමන්ගේ ඇස් ලොකු කරන් ටේහ්‍යොන්ග් දිහා බැලුවා...

"අපි කතා කරන්න ඕන.. එහෙම නේද...."

තමන්ගේ කබා සාකූ දෙකේ තිබුනු අත් දෙක තවත් ඇතුලට තද කරගන්න ගමන් ටේහ්‍යොන්ග් යන්තම් ඇහුවම ජන්කුක් හොද හුස්මක් ගත්තා...හෙමින් තමන්ගේ ඔලුව හෙලෙව්ව ජන්කුක් තමන්ගේ රතු උනු නහය වහ ගන්න වගේ බිමට ඔලුව නවාගත්තා...

"අහ්..."

තමන් ඉස්සරහ අත දික් කරන් ඉන්න ටේහ්‍යොන්ගේ අත දිහා බලලා ජන්කුක් ටේහ්‍යොන්ග් දිහා බැලුවා...

"යන්..."

ටේහ්‍යොන්ග් නැවතත් කීවම ජන්කුක් වටපිට බැලුවා... සාප්පු කිහිපයක් විවෘත වෙලා තිබ්බත් එලියේ කවුරුත් රැදුන් නැති උනත් ජන්කුක් වට පිට බැලුවා...

ඒත් ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ අත තමන්ගේ අතක පටලගන්න ගමන් ඉස්සරහට ඇවිදන් ගියා..

"අහන්න... ටේහ්‍යොන්ග්... අපිට මෙහෙම අත් අල්ලන යන්න බෑ..."

තමන්ගේ අත නිදහස් කරගන්න හදන ගමන් ජන්කුක් කීවම ටේහ්‍යොන්ග් හිනා වෙලා හැරිලා බැලුවා.. ජන්කුක් ටේහ්‍යොන්ගේ නමින් කතා කරා...

"හ්ම්.. පැහැදිලි වෙනසක්.. මන් කැමති ඒකට..."

ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් ආයෙත් තමන්ගේ අත නිදහස් කරගන්න හැදුවා...

"තමන්ටම බය වෙන එක නතර කරන්න ජෝන්... අනිත් අය මොනවා හිතයිද කියලා හිතන එක දැන් නතර කරන්න... "

"ම..මට තේරෙන් නෑ මිස්ටර් කිම් කියන දේ..."

ටේහ්‍යොන්ගේ තද ග්‍රහනය ගලවන්න අමාරු උන තැන ටේහ්‍යොන්ග් ගානටම ඇවිදින්න උත්සාහ කරන ගමන් ජන්කුක් කීවා...

"ආයෙත් දේවල් වෙනස් කරන්න උත්සාහ කරන්න එපා... මම අදහස් කරේ මොකක්ද කියලා ජෝන් දන්නවා..."

ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් තමන්ගෙම තොල් හපා ගත්තා.... ටේහ්‍යොන්ග් දිග කකුල් වලින් ඈතින් අඩිය තියනකොට ජන්කුක්ට වේගෙන් ඇවිදින්න සිද්ද උනා... නගරය පහු වෙමින් වෙනදා දැකපු නැති පැත්තකට යනකොට ටේහ්‍යොන්ගේ වේගය යන්තමින් අඩු උනා....

අහසේ තරු පායලා තිබුනා, වලාකුලු තිබුනත් තවමත් සීතල තිබුනත් තාමත් අන්ධකාරයේ තරු පේන්න තිබුනා..

"ඒක විනෝදයි වගේ...."

ටේහ්‍යොන්ගේ හඩ ඇහෙනකොට ජන්කුක් බිමට නවන් හිටපු ඇස් උස්සන ගමන් ඈත බලන් ඇවිදින ටේහ්‍යොන්ග් දිහා බැලුවා...ජන්කුක්ගේ සද්දයක් නැති තැන ටේහ්‍යොන්ග් ආයෙත් කතා කරා...

"උණුසුම් අතක් පටලගෙන තරු පිරුනු අහසක් යටින් ඈතට ඇවිදින එක, පොත් වල තියනවා තරම්ම විනෝදයි ජෝන්... පලවෙනි වතාවට ඒක විනෝදයි වගේ දැනෙනවා මට....ඒක මාව සැහැල්ලු කරනවා.."

.




.




.




.



.




.

**********************

__________________________Dark_Sunshiner 🤍🥀


Whatever happens..
You have to face it all..✨

Thanks for reading..♥️

To be Continued....

2023/05/23

Bạn đang đọc truyện trên: AzTruyen.Top