|19|

ඇදුම් මාරු කරගෙන කිචන් එකට ගිහින් කෝපි එකක් හදාගත්තු ජන්කුක් ටේහ්‍යොන්ගේ දොර ගාවට ගිහින් තට්ටු කරා..

"එන්න..."

ඇතුලෙන් ඇහෙනකොට ජන්කුක් ඇතුලට ඇවිත් දොර වහලා දැම්මා... කප් එක මග් රග් එක උඩින් තියලා ඇදේ වැතිරිලා ඉන්න ටේහ්‍යොන්ග් ගාවට ගිය ජන්කුක් ඇද අයිනෙන් ඉදගත්තා... ඇවිස්සිලා තියන කොන්ඩේ අතරින් ඇගිලි යවමින් ටේහ්‍යොන්ගේ ඔලුව අතගාන්න ගත්තු ජන්කුක් ටේහ්‍යොන්ගේ පිය උනු ඇස් දිහා බලන් හිටියා...

"අහන් නැද්ද මොකද උනේ කියලා...."

ටික වෙලාවකට පස්සෙ ටේහ්‍යොන්ගේ හඩ ඇහුනාම ජන්කුක් හොද හුස්මක් ගත්තා..

"මන් හිතන්නේ මම කතා කරන්න ඕන වගේ නැති දේවලුත් තියනවා..."

ජන්කුක් කීවම ටේහ්‍යොන්ග් යන්තම් හිනා වෙලා ජන්කුක් දිහා බැලුවා... ටේහ්‍යොන්ග් ඇදේ එහාට උනාම ජන්කුක් ඇදේ පිටිපස්සට හේත්තු වෙන්න ඉදගත්තා.. ටේහ්‍යොන්ගේ ඔලුව අරන් තමන්ගේ උකුල උඩින් තියාගත්තු ජන්කුක් දිගටම ටේහ්‍යොන්ගේ ඔලුව අතගානකොට කවදාවත් දැනුනු නැති සැනසීමක් ආයෙත් ටේහ්‍යොන්ග්ට දැනෙන්න ගත්තා...

සමහර විට ජන්කුක් මේ තරම්ම ටේහ්‍යොන්ගෙ හැම දේටම ගැලපෙන්නේ මෙහෙම වෙන්න ඇති...

"මිස්ටර් කිම්...."

"ම්ම්.."

"කෝෆී එක බීලා ටිකක නිදාගන්න... මහන්සිය අඩු වෙන්න..."

තිර රෙදි අතරින් ආලෝකය වැටෙනකොට ජන්කුක් කීවා...ඒත් ඒ වෙනකොට සිහින් ගෙරවිල්ලක් ජන්කුක්ගේ උකුලෙන් ඇහුනා... ඒ වෙනකොටත් නින්දකට අවතීර්න වෙලා හිටපු ටේහ්‍යොන්ග් දිහා බලන් ටේහ්‍යොන්ග්ව කොට්ටෙන් තියපු ජන්කුක් ටේහ්‍යොන්ග් ඉස්සරහට වැටුනු කොන්ඩේ උඩට කරන ගමන් ඒ නලලැන් සියුම් හාදුවක් තැවරුවා... බයෙන්, ඔව් ටිකක් බයෙන්... ජන්කුක් දන් නෑ ටේහ්‍යොන්ග් මොන තරම් ප්‍රශ්න ගොඩක ඉන්නවද කියලා, ඒත් ජන්කුක්ට ටේහ්‍යොන්ගේ අතින් අල්ලන් හයියක් වෙනවා ඇර වෙනත් දෙයක් කරන්න තිබ්බෙත් නෑ.. මොකද ජන්කුක්ව බලාගන්නෙත් ටේහ්‍යොන්ග් වෙනකොට ජන්කුක් සම්පූර්ණයෙන්ම තනියම අසරණ උනා....

බ්ලැන්කට් එක පොරවලා කප් එක හෝදලා එලියට ආපු ජන්කුක් කාමරේට ඇවිත් තමන්ගේ ඇදේ වැතිරුනා... මේ ටිකේම හරිම සීතල පරිසරයක් තුල ටේහ්‍යොන්ග් ගාව නිදාගෙන අද හරිම හිස් බවක් දැනුනත් කිසිම දේකට ඉස්සර වෙන්න ජන්කුක් ගොඩාක් බය උනා... අද ටේහ්‍යොන්ගේ මාම් දැක්කට පස්සේ ඒ බය තවත් වැඩි උනා ඇරෙන්න කීයටවත් අඩු උනේ නෑ...

.




.



.



.




.

"කොහොමද එහෙම මගෙන් අහන් නැතුව මේ වගේ දේකට මාව ඇතුලත් කරේ සර්..."

තමන්ගේ රෝහලේ ප්‍රධානියා ඉස්සරහා ජන්කුක් හිටගෙන හිටියා වගේම ජන්කුක්ගේ අතේ කඩදාසි කීපයක් තිබුනා...

"මිස්ටර් ජෝන්ව සම්බන්ධ කරගන්න ක්‍රමයක් අපිට තිබ්බේ නෑ...මේක තමන්ට ලැබුන අවස්තාවක් කියලා හිතාගන්න.. මොකද මේක අත්දැකීම් ගන්න හොදම මාර්ගයක්..."

ජන්කුක් තමන්ගේ අත දෙක කලකිරීමෙන් ගුලි කරගන්න ගමන් ආචාර කරලා එලියට ආවා... ජන්කුක් කොහොමද යුද්දෙකට සහභාගී වෙන්නේ... ඒක ගැන බයක් ජන්කුක්ගේ හිතට දැනුනා.. ඒත් තමන් අලුත් හින්දා ජන්කුක්ට මේකට අකමැති වෙන්නවත් ඒක ගැන තීරණයක් ගන්නවත් පුලුවන් කමක් තිබ්බේ නෑ.....

තමන්ගේ පොඩි කාමරෙන් ලිපි ටික තියලා රෝගීන් පරීක්ශා කරන්න ජන්කුක් ඉස්සරහට ඇවිදගෙන ආවා...

.



.



.



.




.
ජන්කුක් ගෙදරට එනකොට ටිකක් රෑ උනත් ඒ වෙනකොටත් ටේහ්‍යොන්ග් ගෙදරට ඇවිත් හිටියේ නෑ... කෑම ගන්නෙත් නැතුව පිරිසිදු උන ජන්කුක් ටේහ්‍යොන්ග් එනකන් බලන් හිටියේ මේක ගැන දැනුවත් කරන්න... ගොඩාක් රෑ වෙනකොටත් ටේහ්‍යොන්ග් නැති වෙනකොට විලියම් හදලා දුන්නු තේ එකත් බොන ගමන් ජන්කුක් සෝෆා එකට වෙලා ඉදගෙන හිටියා... විලියම් නිදාගන්න යනකොට ජන්කුක් ඉස්සරහ දොර දිහාම බලන් හිටියේ ටිකක් බයෙන්..

ජන්කුක් දන්නවා ටේහ්‍යොන්ග් එහෙම වගකීමක් නැති කෙනෙක් නෙවෙයි කියලා.. ඒත් ටේහ්‍යොන්ග්ට එච්චරම කේන්ති ගිහින් ඉන්නවා ජන්කුක් පලවෙනි වතාවට දැක්කේ ඊයේ.. ඉතින් ඒ දේවලුත් එක්ක අද ටේහ්‍යොන්ග් කොහොම මානසික මට්ටමක ඉන්නවද කියලා ජන්කුක් දැනන් හිටියේ නෑ...

රෑ මැදත් පහු වෙනකොට ඉස්සරහා දොර විවෘත වෙලා ටේහ්‍යොන්ග් ඇතුලට ආවා... ඇස් දෙක රතු පාටින් නහර මතු වෙලා තියනකොට ටේහ්‍යොන්ග් කෙලින්ම ඇතුලට ආවා... වැනෙන ස්වභාවයක් නොතිබුනත් ටේහ්‍යොන්ග් ගාවින් ආපු අධික දුම් ගද නැගිටලා ටේහ්‍යොන්ග් ගාවට ආපු ජන්කුක්ට දැනුනා... ඇස් දෙකම බර වෙලා තිබුනත් ටේහ්‍යොන්ග් සිහියෙන් හිටියා...

"ඔහ්..ජෝන් තාම නිදි නැද්ද...."

යන්තම් හිනා වෙන ගමන් ටේහ්‍යොන්ග් එහෙම අහලා ඇතුලට යන්න ගියත් ජන්කුක් ටේහ්‍යොන්ගේ අතින් අල්ලගත්තා...

"ඇයි මේ..මිස්ටර් කිම්.. ඇයි මෙහෙම..."

"ඇයි මොකක්ද ජෝන් වෙලා තියෙන්නේ.."

තමන්ගේ අතින් ජන්කුක්ගේ අත අයින් කරන ගමන් ටේහ්‍යොන්ග් ඇතුලට යනකොට ජන්කුක් ටේහ්‍යොන්ගේ පස්සෙන්ම ටේහ්‍යොන්ගේ කාමරේට ආවා... ඒත් ටේහ්‍යොන්ග් ඇතුලට ඇවිත් කබාය ගලවනකොට ජන්කුක් තමන්ගේ අත කටින් තියාගත්තේ ටේහ්‍යොන්ගේ සුදු පාට කමිසයේ කරේ රැදිලා තිබුනු තොල් සායම් පැල්ලම් නිසා...

නිහඩවම ඒ දිහා බලන් හිටපු ජන්කුක් ඉස්සරහට හැරිලා හිටපු ටේහ්‍යොන්ග්ව දෙපාරක් නොහිතා පිටිපස්සෙන් බදාගත්තා... එක පාරට උන දේත් එක්ක ටේහ්‍යොන්ග් ගැස්සුනත් යන්තම හිනා වෙන ගමන් තමන්ගේ බඩ මත තිබුනු ජන්කුක්ගේ අත් දෙක මතින් අත තියලා ටේහ්‍යොන්ග් ඔලුව පිටිපස්සට නැමුවා...

"මොකද මේ ජෝන්...."

තමන්ගේ පිටේ ඔලුව තියන හිටපු ජන්කුක්ගේ ඔලුව එක අතකින් අත ගාලා ටේහ්‍යොන්ග් ඇහුවම ජන්කුක් තව ටිකක් තදින් ටේහ්‍යොන්ග්ව බදා ගත්තා...

"කො..කොහෙද ගියේ අද.. "

"මම මගේ වැඩ වලට ගියේ..."

ටේහ්‍යොන්ග් ගානක් නෑ වගේ කියනකොට ජන්කුක් ටේහ්‍යොන්ග්ව අත ඇරලා ටේහ්‍යොන්ගේ ඉස්සරහට ආවා... ජන්කුක්ගේ දිලිසෙන ඇස් දිහා බලපු ටේහ්‍යොන්ග් තමන්ගේ මහපට ඇගිල්ලෙන් ඒ ඇස් පිහලා දැම්මා...

"වැඩ.. හරි ඊට පස්සෙ කොහෙද ගියේ මිස්ටර් කිම්..."

ජන්කුක් මුරණ්ඩු කටහඩකින් වගේ අහනකොට ටේහ්‍යොන්ගේ මූන ටිකක් වෙනස් උනා..

"මේ මොකද ජෝන්.. මොකද මෙහෙම ප්‍රශ්න කරන්නේ..."

ටිකක් ගැඹුරු කටහඩින් ටේහ්‍යොන්ග් අහනකොට ජන්කුක් ටිකක් බය උනා...

"ම..මන් ඇහුවේ.. කොහොමද මෙහෙම උනේ..."

ටේහ්‍යොන්ගේ ඇදුම් කර පෙන්නලා ජන්කුක් ඇහුවම ටේහ්‍යොන්ග් තමන්ගේ කර ඉස්සරහට ඇදලා බලලා කටින් කරදරකාරී ශබ්දයක් පිට කරා...

"අද වැඩ වැඩියි මට... ඒ වැඩකට ගිය වෙලේ උන දෙයක්..."

ටේහ්‍යොන්ග් එහෙම කියන ගමන් නාන කාමරය පැත්තට යන්න හැදුවම ජන්කුක් තමන්ගේ අත දෙකෙන්ම ටේහ්‍යොන්ගේ අත දෙක අල්ලගත්තා....ජන්කුක්ට දරාගන්න බැරි උනා, කලින් මේක දැක්කත් ටේහ්‍යොන්ග් එක දවසට මෙච්චර වෙනස් උන එක ජන්කුක්ට ඇත්තටම රිදෙව්වා...

"ඔයාට මොකක්ද වෙන්න ඕන ජෝන්..."

ටේහ්‍යොන්ග් අහනකොට ඒ ඇස් වල බැල්මට ජන්කුක්ගේ අත දෙක යන්තම ලිහිල් උනා...

"ම..මට දැනගන්න ඕන... මිස්ටර් කිම් කොහෙද ගියේ කියලා..තව මේකට හේතුව මොකක්ද කියලා... ඇයි එහෙම උනේ කියලා..."

ජන්කුක් ඇස් දෙකේ කදුලු පුරවන් ඇදුම් කර ස්පර්ශ කරන ගමන් කීවම ටේහ්‍යොන්ග් තමන්ගේ ඇහි බැමක් උස්සලා බැලුවා..

"දැනගෙන..."

ටේහ්‍යොන්ග් ඇහුවාම ජන්කුක් නිරුත්තර උනා.. ජන්කුක් මොනවද කියන්න ඕනේ, එහෙම කියන්න ජන්කුක්ට මොකක්ද තියන අයිතිය...

"එහාට වෙන්න.."

කේන්තියෙන් වගේ ජන්කුක්ගේ අත එහාට කරන ගමන් ටේහ්‍යොන්ග් යන්න හැරුනා...ඒත් ජන්කුක් එහෙමම ටේහ්‍යොන්ගේ පපුවට තුරුල් උනේ ටේහ්‍යොන්ග් මොහොතකට නතර කරලා..

"ඇයි මෙහෙම වෙන්නේ... පුලුවන් නම් මට කියන්න... මන් අහන් ඉන්නම් .. ඒත් මෙහෙම වෙන්න එපා..."

ඒත් ටේහ්‍යොන්ග් ඉකි ගහපු ජන්කුක්ව තමන්ගෙන් ඈත් කරේ උරහිසෙන් අල්ලලා...

"අඩනවට මම අකමැති තමයි.. ඒත් මෙහෙම අඩන්න එපා.. කෙලින් ඉන්න බලන්න..."

එක පාරටම වගේ ටේහ්‍යොන්ග් එහෙම කීවම ජන්කුක්ගේ ඇඩිල්ල ඒ මොහොතෙම නතර උනා, මොකක්ද ඒ කීවේ, ජන්කුක්ට දුකයි ටේහ්‍යොන්ග් එක පාරම වෙනස් උනාම ජන්කුක්ට දුක හිතුනා, ඒත් මෙහෙම ටේහ්‍යොන්ග්ට බලපෑමක් වෙන්න තරම් ,

"මොනවද ඔයාට ඕන මිස්ටර් කිම්... කොහෙවත් යන්නේ ඇයි.. කලින් වගේ වෙන්න එපා..."

"තමුන් දන්නවද කලින් මාව..."

ටේහ්‍යොන්ග් කේන්තියෙන් ඇහුවම ජන්කුක් බිම බලන් ඔලුව වැනුවා... ටේහ්‍යොන්ග් කට කොනින් හිනා වෙන ගමන් තමන්ගේ ඔරලෝසුව ගලවලා පැත්තකින් තිබ්බා..

"මන් හිතන්නේ ජෝන් තමන්ගේ කාමරේට ගියොත් හොදයි..."

ජන්කුක් බලන් හිටියේ තමන්ට පිටුපාලා ඉන්න ටේහ්‍යොන්ග් දිහා.. ජන්කුක්ට තේරෙනවා ටේහ්‍යොන්ග් මොනවා හරි දේකට පීඩනෙන් ඉන්නේ.. කලින් ටේහ්‍යොන්ගේ පීඩනේ පිට කරගත්තෙත් මෙහෙම, ටේහ්‍යොන්ගේ මානසික පීඩනය ඕනවට වැඩි වෙන වෙලාවක හොදටම මත් වෙලා ගැහැනියෙක් යට කරගන්න එක ටේහ්‍යොන්ග්ට පුරුදුයි, අදත් ඒ දේටම ටේහ්‍යොන්ග් ගියත් අද ටේහ්‍යොන්ට ඒකෙන් තාවකාලික සැනසීමක්වත් නොලැබෙනකොට හැමදේම පටන් ගන්නත් කලින් ටේහ්‍යොන්ග් හැරිලා ආවා...

ටේහ්‍යොන්ග් තමන්ගේ බෙල්ට් එකත් ගලවලා හැරුනත් ජන්කුක් ඒ විදියටම ටේහ්‍යොන්ග් දිහා බලන් ඉන්නකොට ටේහ්‍යොන්ග් ජන්කුක් දිහා බැලුව...

"තවත්........

"ඕන දෙයක් මම දෙන්නම්... ම...මම අදහස් කරේ මට පුලුවන් ඕන දෙයක් කරන්න..."

ටේහ්‍යොන්ගේ කතාව මගින් නවත්තලා ජන්කුක් කියනකොට ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ පැටලෙන තොල් දිහා බැලුවා...

"ඕන දෙයක්..."

ටේහ්‍යොන්ග් ඇහුවම ජන්කුක් තමන්ගේ බිමට නැමුනු ඇස් උඩට හැරෙව්වා... හරවලා ඔලුව වැනුවා...

"වචන..."

"ඔ..ඔව් මිස්ටර් කිම්...."

"ජෝන්ට පුලුවන්ද මට යට වෙන්න... මගේ පහතින් ඉන්න... මට ඕන විදියට හැසිරෙන්න..."

ටේහ්‍යොන්ගේ ගැඹුරු කට හඩ ලගින්ම ඇහෙනකොට ජන්කුක් ගැස්සුනා... තමන්ගේ කෙල ටිකක් ගිලින ගමන් ජන්කුක් ටේහ්‍යොන්ගේ ඇස් දිහා බැලුවා... ඒ ඇස් වල විහිලු කරන ස්වභාවයක් පේන්න තිබුනේ නෑ, සම්පූර්නයෙන් ලා රතු පාටින් පෙනුනු ඒ ඇස් වල මහන්සිය බර බව වගේම අමුතු දේවල් පිරිලා තිබුනා...තවත් වචන වලින් අපහසුතාවයට පත් වෙන්නවත් පත් කරන්නවත් ජන්කුක් අකමැති වෙනකොට ජන්කුක් ටේහ්‍යොන්ගේ ඇස් දිහා බලන් තමන්ගේ උත්තරේ දුන්නා...

"මන් එනකොට ඔයාට තීරණයක් අරන් ඉන්න පුලුවන්..."

ටේහ්‍යොන්ග් දොර ඇරන් එලියට යනකොට ජන්කුක් එහෙමම ටේහ්‍යොන්ගේ ඇද මතින් වාඩි උනා... ටේහ්‍යොන්ග් ඒ වෙන කෙනෙක් නෙවෙයි, ජන්කුක්ට බෑ ටේහ්‍යොන්ග් මෙහෙම වෙනවා බලන්න...

ආයෙත් ටේහ්‍යොන්ග් දොර ලොක් කරන් ඇතුලට එනකොට ජන්කුක් තමන්ගේ නිදන ඇදුම පිටින්ම ටේහ්‍යොන්ගේ ඇද කොනින් කකුල් ගුලි කරන් හිටියා... තමන්ගේ අතේ තිබුනු වයින් වීදුරුව මේසෙ මතින් තියන ගමන් ටේහ්‍යොන්ග් ඇද කොනින් වාඩි උනා...

ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ මූන ලගට ලං වෙනකොට ජන්කුක් තමන්ගේ ඇස් දෙක වහගත්තා...

"ජෝන්ට විශ්වාසද..."

තොල් දෙක වෙනුවට තමන් ගාවින් හඩ ඇහෙනකොට ජන්කුක් තමන්ගේ ඇස් ඇරලා බැලුවා.. කලින් තිබුනු පෙනුම වෙනුවට යම් හොද පෙනුමක් ටේහ්‍යොන්ගේ මූනෙන් පේනකොට ජන්කුක් ඉස්සරහට වෙන ගමන් ටේහ්‍යොන්ගේ බෙල්ල වටේට අත යවලා බදාගත්තා..

"මෙහෙම වෙන්න එපා.. මට බය හිතෙනවා.. එක පාරට වෙනස් වෙන්න එපා..."

ජන්කුක් කීවම ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ පිටට තට්ටුවක් දැම්මා...

"තාමත් වෙලාව තියනවා ඔයාට..."

"නෑ.. මට මගින් යන්න ඕන නෑ...."

ජන්කුක් ස්තීර හඩකින් කීවම ටේහ්‍යොන්ග් කට කොනින් හිනා වෙන ගමන් ජන්කුක්ගේ කම්මුලකට තට්ටුවක් දැම්මා...

"මන් ඉස්සරහ නිරුවත් වෙන්න ජොන්ට පුලුවන්ද.... විශ්වාසද..."

ටේහ්‍යොන්ග් ආයෙත් ඇහුවම ජන්කුක් තමන්ගේ අත් එකට ගුලි කරගන්න ගමන් ඔලුව වැනුවා...

"කිසි දෙයක් අමතක වෙන්න දෙන්න එපා...."

ජන්කුක්ගේ කන ලගින් සිත් ඇදගන්න කටහඩකින් මුමුණපු ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ගෙලට පාත් උනාම ඒ තෙත් තොල් වල පහසට ජන්කුක් තමන්ගේ අත් ගුලි කරගත්තා... කවදාවත් බාහිර ස්පර්ශයක් නොලබපු ජන්කුක්ගේ ශරීරය නිරායාසයෙන් ටේහ්‍යොන්ගේ ස්පර්ශයන් වලට ප්‍රතිචාර දක්වනකොට ටේහ්‍යොන්ග් ජන්කුක්ව ඇදේ හාන්සි කරවන ගමන් ඒ තොල් මතින් තොල් තද කරා...

සිගරට් රසත් එක්ක මුසු උනු වයින් රස තමන්ගේ තොල් අතරින් ගිලා බහිනකොට ජන්කුක් ටේහ්‍යොන්ගේ කමිසය අතින් ගුලි කරගන්න ගමන් තව තවත් ඇතිරිලි මත ගිලුනා...

මොහොතින් මොහොත ටේහ්‍යොන්ගේ අත් ජන්කුක්ගේ ශරීරය පුරා ගමන් කරනකොට තමන්ගේ ශරීරයේ උත්තේජනය වෙන කොටස් එකින් එක ජන්කුක්ටම දැනුනා...

තෙත් සිප ගැනීම් පමණක් ඇසෙන විදියට හැමදේම නිහඩ වෙනකොට ටේහ්‍යොන්ග් ජන්කුක්ගෙන් ඈත් වෙන ගමන් ග්‍රැමෆෝන් එක ක්‍රියාත්මක කරා... අතරින් පතර දැනුනු අපහසුකාරී වාතාවරනය නිදහස් වෙනකොට ජන්කුක්ගේ නිදන ඇදුමේ බොත්තම් එකින් එක ටේහ්‍යොන්ගේ දිග ඇගිලි මගින් විවර උනා... නිකලැක් කිරි සුදු පාට පපුව පුරා ටේහ්‍යොන්ගේ හීනි තොල් ගමන් කරනකොට ජන්කුක් තමන්ගේ කෙදිරීම් තොල් පොට එකට හපාගන්න ගමන් පාලනය කරා...

"මට ඔයාව ඇහෙන්න දෙන්න..."

ගැඹුරු කටහඩ ආයෙත් ඇහෙනකොට ජන්කුක් තමන්ගේ කකුල් දෙක උස්සලා ඇද මතට තද කරගන්න ගමන් ටේහ්‍යොගේ හිස් කෙස් අතරින් තමන්ගේ ඇගිලි යැව්වා...

කලිසම මත තිබුනු ගැට ගහපු නූල මතින් අත තියලා ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ මූන දිහා බැලුවත් ජන්කුක් ඇස් පියන් කොට්ටය මත තමන්ගේ හිස තද කරන් ඉන්නකොට ටේහ්‍යොන්ග් උඩට ඇදෙන ගමන් ජන්කුක්ගේ නලල මතින් තොල් තද කරා..

"ජෝන්ට මේක ඕන උනා.. එහෙම නේද..."

ටේහ්‍යොන්ග් අහනකොට ජන්කුක් තමන්ගේ ඇස් වලින් ඔව් කිව්වා...

"කලබල වෙන්න එපා.. විදින්න උත්සාහ කරන්න... ඔයාගේ ශරීරය කියන දේ අහන්න උත්සාහ කරන්න..."

තමන්ගේ කලිසම ශරීරයෙන් ඉවත් වෙනකොට ජන්කුක්ගේ කම්මුල් තද රතු පාටින් සිත්තම් උනේ දැනුනු ලැජ්ජාවට.... ඇගේ හිරිකඩු පිපෙන තරම් හිරියක් ශරීරය පුරා දැනෙනකොට තමන්ගේ කා අතින්වත් ස්පර්ෂ නොවුනු දේවල් ටේහ්‍යොන්ගේ තොල් මතට අහු වෙනකොට, ඒ මත තෙත් සිපුම් සැපීම් දැනෙනකොට ජන්කුක් තමන්ගේ කකුල් දෙපසට කරන ගමන් තවත් ටේහ්‍යොන්ග්ට ලං උනා....

ඇද මතින් බැහැලා බිමින් හිටගන්න ගමන් ටේහ්‍යොන්ග් තමන්ගේ කමිසයේ බොත්තම් විවර කරනකොට ඒ හැම වතාවකම ජන්කුක් නිරුවත්ව තමන්ගේ හුස්ම උඩට ඇදලා ගත්තා... තමන්ගේ ඇදුම් ඉවත් කරන ගමන් යට ඇදුම පිටින් නැවතත් සයනයට නගින ටේහ්‍යොන්ග් දිහා ජන්කුක් තමන්ගේ ඇස් වලින් බලන් හිටියා... කාමරේ කොනක දැල්වුනු කහ පාට විදුලි ලාම්පු වල එලියෙන් ටේහ්‍යොන්ගේ ඇග දාඩියත් එක්ක දිලිසෙනකොට , ශරීරයේ තිබුනු පැල්ලම් තව තවත් කඩවසම් බව එකතු කරා... ශක්තිමත් මස් ගොබ, ශක්තිමත් කලවා දාඩියෙන් තෙත් වෙමින් ඉස්සරහට කඩන් වැටුනු තද කලු පාට කෙස්, මත් බවින් හැගීම් වලින් පිරුනු රතු හීනි ඇස් සහ දත් අතරට තද වෙමින් තියන හීනි තොල් ටේහ්‍යොන්ග් සම්පූර්නයෙන්ම කඩවසම් පරිපූර්න පිරිමියෙක් විදියට පෙනුනා...

එක් අතකින් ටේහ්‍යොන්ග් ඉදිරියේ මෙහෙම නිරුවතින් වැතිරෙන එක ලැජ්ජාවක් උනත් ටේහ්‍යොන්ගේ නිරාවරනය උනු සමට ගැටෙමින් ඒ ඇති කරන හැගීම් ඒ ස්පර්ශයන් තව තවත් ඉල්ලමින් ජන්කුක්ව ආශාවෙන් පිරෙව්වා....

තමන්ගේ තොල් තදින් සිපගනිමින් තමන්ගේ සාමාජිකයා වටා ටේහ්‍යොන්ගේ දිග ඇගිලි පැටලෙනකොට ජන්කුක් සීතල වෙලා ගියා.. දහදියෙන් තෙත් වෙමින් ඉන්න ජන්කුක්ගේ ඇස් දිහා බැලුව ටේහ්‍යොන්ග් ඒ ඇස් කියන දේවල් කියවන්න උත්සාහ කරා...

"කලබල වෙන්න එපා ලිට්ල් ඩෝල්... මේ මම ඉන්නේ..."

ජන්කුක්ට ලොකු කලබලයක් වගේම අපහසුවක් දැනුනා... වැරදි හැගීම් හිත පිරෙනකොට ඒ ස්පර්ශයන්ට තමන් නතු වෙන එක ගැන බයක් දැනුනා.. ඒත් ඒ හැමදේම ටේහ්‍යොන්ගේ වචන වලින් ගල් වෙලා නැවතුනා... ඒ වචනේ ජන්කුක්ගේ ඇග ඇතුලෙන්ම දැනෙනකොට ඒ ගැඹුරු හඩින් තවත් දේවල් පිටවෙනවා ජන්කුක්ට දකින්න ඕන උනා....

ගැහෙමින් තමන්ගේ පලමු වින්දනය ටේහ්‍යොන්ගේ අත මත පිට කරපු ජන්කුක් ලැජ්ජාවෙන් ටේහ්‍යොන්ගේ උරහිස මත මූන හන්ගගත්තා.... ඒක තමන් ඉගන ගත්තු හැම දේටමත් වැඩියෙන් වෙනස්, තමන් උත්තේජනය උනේ පිරිමියෙක් ඉස්සරහා වෙනකොට, තමන්ගේ වින්දනය පිට කරේ තවත් පිරිමියෙක්ගේ අත් අතර වෙනකොට ජන්කුක්ට තමන් ගැන අපහසුවක් වගේම පහත් බවක් දැනුනා....

"ඔයාට මේක නවත්තන්න ඕනද ලිට්ල් වන්..."

ඒ මොනවා උනත් මේක නවත්තලා තමන් දුර්වල බව පෙන්වන්න ජන්කුක්ට ඕන උනේ නෑ.. ජන්කුක් තමන්ගේ තොල් ටේහ්‍යොන්ගේ තොල් මතින් තියනකොට ටේහ්‍යොන්ග් යන්තමින් හිනා වෙන ගමන් තමන්ගේ අත ඒ කලුල් අතරට අරන් ගියා.. සම්පූර්නයෙන්ම ජන්කුක්ගේ කකුල් දෙපසට ඈත් කරපු ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ශරීරය මතින් නැගිටිනකොට ජන්කුක් තමන්ගේ කකුල් ලං කරගන්න උතසාහ කරා....

"ඒක එහෙමම තියෙන්න දෙන්න ලිට්ල්...."

එකින් එක එකතු වෙන නම් ජන්කුක්ගේ හදවත් පුරවද්දි ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ තත්වය දිහා බලන් හිටියා...

"බොරුවක් නෙවෙයි, මම දැකපු ලස්සනම දේ මේක මයි ලිට්ල් ඩෝල්...."

ජන්කුක්ගේ කණ ගාවින් මුමුනන ගමන් ටේහ්‍යොන්ග් තමන්ගෙ යට ඇදුම ගලවනකොට ජන්කුක් අහක බලාගත්තා.. තවත් බලන් ඉන්න ශක්තියක් නැති වෙනකොට ජන්කුක් තිර රෙදි අතරින් වැටෙන හදේ ආලෝකය දිහා බලන් හිටියා....

තමන්ගේ ඇතුල්වීම මතින් ටේහ්‍යොන්ගේ දිග ඇගිලි වලට පහස දැනෙනකොට එකින් එක තමන්ගේ ශරීරය තුලට ඇතුල් වෙනවා දැනෙනකොට ටේහ්‍යොන්ගේ අත් තදින් අල්ලගන්න ගමන් ඒ වේදනාව විදගන්න ජන්කුක් උත්සාහ කරා...

"ඔයාට අමාරු නම් අපිට පුලුවන් මේක නවත්තන්න... මට ඔයාට රිද්දන්න ඕන නෑතවත්.. මොකද ඊලග දේ ඔයාට ගොඩාක් රිදේවි කියලා මට විශ්වාසයි..."

ජන්කුක් තුලින් තමන්ගේ ඇගිලි එලියට ගන්න ගමන් ටේහ්‍යොන්ග් කීව්ම ජන්කුක් ටේහ්‍යොන්ගේ අතින් අල්ලගත්තා... නෑ ජන්කුක්ට ඕන උනේ නෑ ගෑනු කෙනෙක් විදින වේදනාවක්වත් තමන්ට විදින්න බැරි බව ටේහ්‍යොන්ග් ඉස්සරහා පෙන්නන්න... ටේහ්‍යොන්ගේ වචන ජන්කුක්ව කලබල කරා... ජන්කුක්ට ඕන නෑ තවත් පිරිමියෙක් ඉස්සරහා දුර්වල වෙන්න..

"නෑ මට පුලුවන්..."

"එහෙනම් ඔයාට පුලුවන් මට නමින් කතා කරන්න..."

"අහ්..ටේහ්‍යොන්ග්..."

එක පාරටම ඇගිලි හතරක් තමන්ට ඇතුල් වෙනකොට ජන්කුගේ තොල් අතරින් කෙදිරිමක් විදියට ටේහ්‍යොන්ගේ නම පිට උනා... ඕනම දෙයක් ටේහ්‍යොන්ග් වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ජන්කුක් සූදානම්...

"මාව විදින්න උත්සාහ කරන්න මයි ලිට්ල් ඩෝල්..."

තමන්ගේ සාමාජිකයා ජන්කුක්ගේ ඇතුල්වීලට තද කරන ගමන් ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ තොල් මත මුමුනනන්කොට ජන්කුක් වේදනාවෙන් තොල් හපාගත්තා..

"අහ්..ටේහ්‍යොන්ග්.. ඒක ගොඩාක් රිදෙනවා..."

"ඉවසන්න මයි ලව්...තව ටික්කින් ඔයා මාව විදීවි..."

ටිකෙන් ටික ඇතුල් වෙන තමන්ගේ සාමාජිකයා දිහා බලාගෙන ටේහ්‍යොන්ග් මිමිනුවාම ජන්කුක් තමන්ගේ නියපොතු ටේහ්‍යොන්ගේ හම මත තද කරන ගමන් හිස උඩ අතට හරවගත්තා...

වේදනාවකින් උනත් තමන් තුල ටේහ්‍යොන්ග් උඩට පහලට යනවා දැනෙනකොට ඒ වේදනාත්මක වින්දනය ජන්කුක්ට ඇබ්බැහිවෙන සුලු උනා.... තදින් තමන් මතන තෙරපෙන වාරයක් පාසා තමන් මත ගැටෙන ටේහ්‍යොන්ගේ හඩ ජන්කුක්ගේ සවන් වලට හොද උත්තේජකයක් උනා..පසු බිමින් ඇහෙන ලා සංගීත තනුව අතරින් තමන් මත ඉහල පහල වන ටේහ්‍යොන්ගේ තද පපුව, සිගරට් සුවදත් එක්ක මුසු උනු ටේහ්‍යොන්ගේ දහදිය සුවද ජන්කුක්ට සුවපහසු පුරුදු හැගීමක් ගෙන එනකොට ජන්කුක් ටේහ්‍යොන්ග් තදින් වින්දා....

තමන්ගේ වින්දනය පිට කරමින් ටේහ්‍යොන්ග් කොන්ඩම් එක මත තමන්ගේ වින්දනය යවනකොට ජන්කුක් තමන්ගේ ඇස් පියාගත්තා.... තමන්ගේ වටේට ටේහ්‍යොන්ගේ අත එතෙනකොට , ඇදට බර වෙන ටේහ්‍යොගේ බර දැනෙනකොට, දාඩියෙන් තෙත් උනු සිරුරු එකිනෙක ඇලෙමින් තද වෙනකොට ජන්කුක් තමන්ගේ ජීවිතේ වින්දනාත්මකම මොහොත ගත කරා...

ටේහ්‍යොන්ගේ ගැබුරු හුස්ම හඩට තමන්ගේ සියුම් හුස්ම හඩ එක් වෙලා කාමරය පිරෙනකොට ටේහ්‍යොන්ග් තද නින්දකට වගේම ජන්කුක් යම් නින්දකට අවතීර්ණ වෙලා හිටියා....

.




.




.




.





.




.





.

අවස්තාවක් තෝරා නොගත් තැන් වල විදින හැගීම් ගැඹුරින්ම දැනෙනවා විය යුතුයි.. හේතුවක් නොසොයාම......!

.




.




.




.




.



.

*************************

___________________________Dark_Sunshiner 🤍🥀

Thanks for reading....♥️

To be Continued....

2023/05/19

Bạn đang đọc truyện trên: AzTruyen.Top