|17|
"බෑ.. ඒකේ යන්න බෑ..."
"මොකක්ද අනේ..."
කලුවර පරිසරයේ හොද ආලෝකමත් උනු පරිසරයක තිබුනු සැණකෙලි භූමියේ මැද ටේහ්‍යොන්ග් ජන්කුක් එක්ක හිටියා... ජන්කුක් ටේහ්‍යොන්ගේ අතින් අදින ගමන් හිටියා වගේම ටේහ්‍යොන්ග් මොහොතකට හෙලවෙන් නැතුව හිටියා....
"ඒක පොඩි ලමයි යන එකක්... මම කොහොමද යන්නේ..ජෝන්ට ඕනනම් යන්න මම මෙතන ඉන්නම්...."
ටේහ්‍යොන්ග් අන්තිමට කීවම ජන්කුක් මූනත් බෙරි කරන් ඔලුව වැනුවේ ටේහ්‍යොන්ග්ව කැමති කරගන්න බැරි හින්දා....
මොහොතකින් ලී වලින් හදලා වර්ණ ගන්වපු ශක්තිමත් අශ්වයෙගේ පිට උඩ නැගලා ජන්කුක් කැරකෙනකොට ටේහ්‍යොන්ග් එතන ඉස්සරහින් තිබුනු ලී බංකුව උඩින් වාඩි වෙලා හිටියා... ටේහ්‍යොන්ගේ උකුල උඩ අත් වල පිරිලා එක එක බඩු තිබුනා...
පුළුන් පුරවපු සතෙක් හැඩේට හදපු කොට්ටයක්, හැඩතල කපපු පාට කොල වලින් හදපු සැරසිලි, දුඹුරු පාට කඩදාසි කවර ගොඩක දාපු පැණි රස ලොලීස්, කෑම, ඒ හැමදෙයක්ම ජන්කුක්ගේ, දැන් ජන්කුක් ටේහ්‍යොන්ග් එක්ක එක එක දේවල් බලලා අන්තිමට ජන්කුක්ට ඕන උනා පොඩි ලමයි පදින වටේට ලී අශ්වයෝ හයි කරපු කැරකෙන එකක් පදින්න...
රවුම් සුදු පාට හිස් වැස්මකට සුදු පාට දිග කබායක් ඇදලා අශ්වයෙක් මත ඉදන් ඉන්න ජන්කුක්ව එතන කාටවත් ගැටලුවක් නොවෙන තරම් පොඩියට පෙනුනා.... ටේහ්‍යොන්ග්ව පහු වෙන හැම සැරේම අත දික් කරලා ජන්කුක් අත වනනකොට ටේහ්‍යොන්ග් තමන්ගේ මූනේ නොමැකුනු හිනාවෙන් ජන්කුක් දිහා බලන් හිටියේ සතුටෙන්..
"ඒක ගොඩාක් විනෝදයිනේ මිස්ටර් කිම්...."
ඒකෙන් බැහැලා දුවන් ඇවිත් ටේහ්‍යොන්ග් ගාවින් ඉදගන්න ගමන් ජන්කුක් කීවාම ටේහ්‍යොන් හිනා උනා...
"සර්කස් එක පටන් ගන්නවා අපි යමු...."
"යමූඌ..."
ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් කෑ ගහන ගමන් එතනින් නැගිට්ටා... සර්කස් එක තියන කූඩාරමට ජන්කුක් උඩ පැන පැන වගේ යනකොට ටේහ්‍යොන්ග් අතේ තිබුනු ඔක්කොමත් උස්සගෙන ඇවිදගෙන ගියා...
මුලු වෙලාවම තිබුනු හැම දේටම මූනෙන් ප්‍රතිචාර දක්වන ගමන් හිනාවෙවී ඉන්න ජන්කුක් දැකලා ටේහ්‍යොන්ග් හිනා උනා... ටේහ්‍යොන්ග්ට මේ වගේ බාහිර දේ වලින් සතුටක් නොදැනුනත් ජන්කුක්ගෙ හිනාවෙන් ටේහ්‍යොන්ග් සතුටක් ලැබුවා... ටේහ්‍යොන්ග් මේ වගේ දේවල් ඕනතරම් දැකලා තිබුනා වගේම, ඒ දේවල් වල රසයක් , සතුටක් නැති වන තැනට ඒ දේවල් ගැන තිබුනු රසවත් බව නැති වෙලා ගිහින් තිබුනා....
මධ්‍යම රාත්‍රියත් ලං වෙනකොට සැනකෙලිය අවසාන වෙමින් තිබ්බා... අවසානේ ගිනි කෙලි දානකොට ජන්කුක්ට ලොකු උවමනාවක් තිබුනා ලග ඉදන්ම ඒවා බලන්න.. ඒ උනාට ටේහ්‍යොන්ග් ජන්කුක්වත් එක්කත් සැනකෙලියෙන් එලියට ඇවිත් තැනිතලාවට යන අඩි පාර දිගේ එක්කන් ඇවිත් නැවතුනාම අහසේ විවිධ වර්ණ වලින් පුපුරන ගිනි කෙලි දිහා ජන්කුක් ආසාවෙන් බලන් හිටියා... ජන්කුක් අහසේ පුපුරන ගිනි කෙලි දිහා බලන් ඉන්නකොට ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ඇස් වලින් පේන ගිනි කෙලි දිහා බලන් හිටියා....
ලස්සනට හිනාවෙමින් සතුටු වෙන ජන්කුක් ජීවිතේ පලවෙමි වතාවට සැණකෙලි භූමියකට ආවා.... ඒ හැමදෙයක්ම ටේහ්‍යොන්ගේ පස්සේ දැවටෙමින් රසවින්ද ජන්කුක් පුන්චි ලමයෙක් වගේ සතුටු වෙනකොට ඒ සතුට දිහා බලන් ටේහ්‍යොන්ග් සතුටු උනා....
"සතුටුයිද ජෝන්ට...."
තවමත් ගිනි කෙලි අහසේ පිපිරුවත් ජන්කුක් ඒ වෙනකොට ටේහ්‍යොන්ග් දිහා බැලුවා... හෙමීට ටේහ්‍යොන්ග් ගාවට ලං වෙලා ටේහ්‍යොන්ගේ ගෙල වටේට අත් දෙක යවන ගමන් ජන්කුක් තදින් ටේහ්‍යොන්ග්ව බදාගන්න ගමන් තුරුල් උනා...
"ගොඩාක් ස්තූතියි මිස්ටර් කිම්... මට සතුටු වෙන්න හේතු හදනවට...."
ටේහ්‍යොන්ග් යන්තමින් හිනා වෙන ගමන් ජන්කුක්ගේ පිටට තට්ටුවක් දාලා ඔලුව අත ගෑවා...
"අපි යන්.. ගොඩාක් රෑ උනා..."
ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් හිටිය මුලු පරිසරය වටේටම ඇස් යැව්වා....
"මෙතනින්... අපි ආයෙත් පාරට යන්න ඕන නේද...."
"නෑ, මේ තැනිතලාව දිගේ අඩි පාරින් ගියාම යන්න පුලුවන්...."
ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ අතකින් අල්ලගන්න ගමන් ඉස්සරහට ඇවිදගෙන යනකොට ජන්කුක් ටේහ්‍යොන්ගේ අත තදින් අල්ලගන්න ගමන් ඉස්සරහට ඇවිදන් ගියා...
තාමත් ඈතින් සැනකෙලියේ හඩ ඇහුනත් ටිකෙන් ටික ඒ හඩ නෑසී යනකොට රාත්‍රියේ නිශ්ශබ්දතාවයත් අඩි ශබ්දයත් විතරක් ඉතුරු උනා... ජන්කුක් හද එලියෙන් යන්තමින් වැහිලා තියන තැනිතලාව දිහා බලන් ගමන් ටේහ්‍යොන්ගේ අතින් අල්ලගෙන ඉස්සරහට ඇවිදන් ගියා... එලියේ කොච්චර සීතලක් දැනුනත් ජන්කුක්ගේ අතට දැනුනු ඒ උණුසුම් අත්ල හින්දා ජන්කුක්ට උණුසුම් බවක් දැනුනා...
"ම්..මට..."
ජන්කුක් මොනවා හරි දෙයක් කියන්න උත්සාහ කරත් ජන්කුක්ට කියාගන්න බැරි උනා...
"ඔයා මොනවාහරි කිව්වද..."
ටේහ්‍යොන්ග් එක පාරක් පිටිපස්සට හැරෙන ගමන් ඇහුවම ජන්කුක් කල්පනා කරා...
"අම්..මම කියන්නේ මට ටිකක් කතා කරන්න ඕන...."
ජන්කුක් කීවම ටේහ්‍යොන්ග් හිටපු තැනම නතර උනා...
"කියන්න , මොනවා ගැනද..."
ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ මූන දිහා බලන ගමන් ඇහුවාම ජන්කුක් ටේහ්‍යොන්ගේ ඇස් වල ඉදන් පහලට ඇස් අරන් ආවා.. අදුරේ උනත් පේන ටේහ්‍යොන්ගේ තොල් දිහා බලපු ජන්කුක් කල්පනා කරේ මොනවද කියන්නේ කියලා.... මේ වෙනකන් සිද්ද උනු දේවල් මග අරිමින් වෙන දේවල් වලට යොමු උනත් ජන්කුක් ජීවිතේ පලවෙනි වතාවට ඒ වගේ දෙයක් වින්දේ ඊයේ.. ඉතින් ජන්කුක්ට ඒක එක පාරටම අමතක කරන්න පුලුවන් උනු දෙයක් නෙවෙයි..
"මම කියන්නේ... ඒක..."
"කලබල වෙන්න එපා ජෝන්... මොකක්ද ඔයාට මට කියන්න ඕනේ..."
ටේහ්‍යොන්ග් ජන්කුක් ගාවට ලන් වෙලා ගැඹුරු කට හඩින් මිමිනුවාම ජන්කුක් තමන්ගේ ඇස් දෙක වහගත්තා... ජන්කුක්ට තේරුනේ නෑ ඇග ඇතුලෙන්ම දැනෙන අමුතු හැගීම ගැන ටේහ්‍යොන්ග්ට වචන වලින් කියන්නේ කොහොමද කියලා, ඒත් ජන්කුක්ට ඒක මග අරින්න, හරියට නොවුනු දෙයක් වගේ මගාරින්න ඕන උනේ නෑ.. ජන්කුක්ට ඕන උනා ඒක ගැන කතා කරන්න, ටේහ්‍යොන්ග් එක්ක එයාට දැනෙන දේවල් හරිද කියලා දැනගන්න ජන්කුක්ට ඕන උනා.....
"කල්පනා කරනවද..."
"අහ්...."
ජන්කුක් ආයෙත් ටේහ්‍යොන්ගේ කට හඩ ඇහෙනකොට ගැස්සිලා ඇස් ඇරියා... තමන්ගේ ලගින්ම තියන ටේහ්‍යොන්ගේ හීනි ඇස් ජන්කුක්ට කියන්න ඕන මොනවද කියලා අමතක කරා... මුකුත් නොතේරුනත් ජන්කුක් දැනන් හිටියා ඒ තමන්ට දැනෙන දේවල් තමන්ට වඩා මෙතරම් වැඩිමල් ඒත් 'පිරිමි' පුද්ගලයෙක් ගැන දැනෙන්න සුදුසු දේවල් නෙවෙයි කියලා...
"මිස්ටර් කිම්... ම..මට දැනගන්න ඕන ඊයේ උන දේ..ම්ම්...මම..."
"මොනවද..."
"ඊයේ අපි, අපේ තොල්...ඒවා..."
ජන්කුක් තමන්ගේ ඇගිල්ලක් දික් කරලා ටේහ්යොන්ගේ තොල් පෙන්නුවාම ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ තොල් දිහා බලන් හිටියා...
"ඉතින්.... ඒවා....මොකද උනේ ජෝන්... "
"ඒවා, එකට හම්බුනා,මි..මිස්ටර් කිම් මාව සිප ගත්තා.. ඒක...."
"ම්ම්ම්... "
ටේහ්‍යොන්ග් මිමිනුවාම ජන්කුක් බලන් හිටියා තවත් දෙයක් ටේහ්‍යොන්ගෙන් පිට වෙනකන්....
"ඉතින් ඒක.. හරිම අමුතුයි නැද්ද...එහෙම කරන එක හරිද... මම..."
"ඉතින් ජෝන් මාව ප්‍රතික්ශේප කරේ නෑ.. එහෙම නෙවෙයිද..."
ටේහ්‍යොන්ග් ඇහුවම ජන්කුක් නිශ්ශබ්ද උනා...
"ඒක, එවෙලේ.. මට මුකුත් හිතාගන්න බැරි උනා... නිකන් මාව නතර වෙලා වගේ දැනුනා.. තව..
"ජෝන් ඒක වින්දා එහෙම නෙවෙයිද... ඒකට ප්‍රතික්ශේප වෙන්න බැරි තරම් ජෝන් ඒක වින්දා..."
ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් නිහඩව බලන් හිටියා.. ටේහ්‍යොන්ග් හරි තමන්ගේ මුලු ඇගම හිරි වැටෙනකොට ජන්කුක් කිසිම හැලහොල්මනක් නැතුව තමනේ අත් එකිනෙක ගුලි කරන් හිටියා.... හදවත හයියෙන් ගැහෙනකොට තෝර බේරගන්න බැරි හැගීම් අතෑරලා දාලා ජන්කුක් ඒ තොල් තමන්ගේ තොල් අතර චලනය වෙන විදිහ ගැන හිතුවා... ඒ වෙලාවේ තමන්ගේ ඇග අමුතු ඇයි කියලා හිතුවා.. නැවත මතක් වෙනකොටත් ඒ හැගීම දැනෙන තරමට ජන්කුක් ඒක වින්දා..... ජන්කුක් තමන්ගේ ඇස් උස්සලා ටේහ්‍යොන්ගේ ඇස් දිහා බැලුවා...
"ඒක.. මම මොකක්ද කරන්න ඕනේ... මට තේරෙන් නෑ.. මට හරි අමුතුයි.. මට දැනෙනවා මේ ලෝකේ මම විතරක් ඉතුරු වෙලා ඉන්නවා වගේ..."
ජන්කුක්ගේ ඇස් අග එකතු වෙන කදුලු දිහා බලාගෙන ටේහ්‍යොන්ග් ජන්කුක්ගෙන් පිට වෙන වචන වලට අවධානය යොමු කරා...
"ශ්..ශ්... ජෝන් මුකුත් කරන්න ඕන නෑ.. ඒවට දැනෙන්න දෙන්න ..."
ජන්කුක්ගේ කදුලු පිරුනු ඇස් පිහින ගමන් ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් ටේහ්‍යොන්ග් දිහා බලන් ටේහ්‍යොන්ගේ අතින් අල්ලගත්තා..
"අපි මොකද කරන්නේ.. එහෙම වැරදි නේද.. මට දැනෙන විදියටම අමුතුවට මිස්ටර් කිම්ටත් දැනෙනවද... මම දන් නෑ මට නවතින්න ඕන මෙතනම මේ විදියටම...."
ජන්කුක් එයාගේ වචන ගැට ගහනකොට ටේහ්‍යොන්ග් තමන්ගේ ඔලුව හෙලෙව්වා... ජන්කුක් තමන්ගේ ජීවිතේ විදින්න ලැබෙන වාසනාවන්තම හැගීම් ජීවිතේ පලවෙනි වතාවට ඒත් වෙනත් කෙනෙක් වෙනුවෙන් දැනෙමින් තිබුනා... අනෙකා කෙරෙහි කැමැත්ත දුර දිග යනකොට ඒ වෙනුවෙන් ඇති වෙන බැදීම සම්පූර්නයෙන්ම සමාජ සම්මතයෙන් පිට ගිය කෙනෙක් වෙනුවෙන් දැනෙන්න අරිමින් තිබුනා.... ජන්කුක් තමන් හදුනගන්න පලවෙනි හැගීම් වෙනස් විදියකින් වටහාගනිමින් හිටියා...
නිවැරදි වැරදි මාවතේ බෙදෙමින් පැමිනෙන දේවල් තේරුම්ගන්න අපහසු වෙනකොට ජන්කුක්ගේ දවස පුරා තිබුනු පීඩනය බර ගතිය කදුලු වෙලා ඇස් වලින් කඩන් වැටෙනකොට , ජන්කුක්ට මේ නැවතුනු මොහොතේ නතර වෙන්න හිතුනා...
තමන් ඉදිරියේ ගැඹුරු හුස්ම පාතට දාමින් ඉන්න පිරිමියාගේ තුරුලේ මේ තරම් සැනසිල්ල, ලෝබ හැගීමක් දැනෙන්නේ ඇයි කියලා හිතනකොට තමන් පහු කරගෙන යන සීතල සුලන් මැද ඒ පපුව උඩින් ඔලුව තියන් අඩන එක ජන්කුක්ට සැනසීමක් උනා....
"ඇයි ඕනවට වැඩිය හිතන්නේ..හිතන්න දෙන්න එපා පාලනය කරන්න... ඔයාට අවනත නැති සිතිවිලි පාලනය කරලා දැනෙන දේවල් නිදහසේ විදින්න ජෝන්.. ඕනවට වඩා තමන් තමන්වම පාලනය කරන්න එපා...."
"එහෙම පුලුවන්ද මිස්ටර් කිම් ... හිතන්නේ නැතුව ඕනම දෙයක් කරන්න පුලුවන්ද... මට පුලුවන්ද විවෘතව කතා කරන්න...."
ජන්කුක් ඇහුවම ටේහ්‍යොන්ග් තමන්ගේ පපුව මත තියන ජන්කුක්ගේ ඔලුව අත ගෑවා...
"පුලුවන්... තමන්ට දැනෙන දේ පිලිගන්න, විශ්වාස නම් කතා කරන්න... ඕන නම් කරලා බලන්න.. තමන්ට තමන් ඇතුලෙම සීම හදාගන්න එපා... "
ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් තමන්ගේ කදුලු පිහ දාන ගමන් ඔලුව ඉස්සුවා...
"මට ඕන... ආයෙත් කරන්න.. ඒක මට ආයෙත් උත්සාහ කරන්න ඕන..."
ජන්කුක් කීවම ටේහ්‍යොන්ග් වෙනසක් නැති ඇස් වලින් ජන්කුක්ගේ ඇස් දිහා බලන් එක අතකින් ජන්කුක්ගේ කම්මුලකින් අල්ලගත්තා...
"ජොන්ට විශ්වාසද..."
ටේහ්‍යොන්ග් මූන ලගටම වෙලා අහනකොට ජන්කුක් තමන්ගේ ඇස් වලින් ඔව් කියලා කීවා....
ඊලග මොහොතේ ටේහ්‍යොන්ගේ සීතල තොල් ජන්කුක්ගේ රතු තොල් මත පැටලෙනකොට ජන්කුක් තමන්ගේ ඇස් තද කරලා වහගන්න ගමන් ගැහෙන එක වලක්වන්න උත්සාහ කරා.... ජන්කුක් උත්සාහ කරන්න උවමනා උනු දේවල් එකිනෙක දැනෙනකොට ජන්කුක්ට තමන්ගේ ඇග සැහැල්ලු වෙනවා දැනුනා... කකුල් දෙක පන නෑ වගේ දැනෙනකොට ජන්කුක් තමන්ගේ අත් ටේහ්‍යොන්ගේ බෙල්ල වටේ පටලන ගමන් ඒ ඇගට බර උනේ ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ඉන වටෙන් එක අතක් යවන ගමන් ඒ ඇගේ බර දරාගන්නකොට....
හෙමීට ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ තොල් අතර තොල් චලනය කරනකොට ජන්කුක්ගේ තොලුත් හෙමින් චලනය වෙනවා ටේහ්‍යොන්ග්ට දැනුනා... එය පිලිගත්තා කියන සතුට ටේහ්‍යොන්ග්ට ඇති වෙනකොට ජන්කුක්ගේ ඉන වටෙන් අත් දාලා තද කරගන්න ගමන් ගබුරින් ටේහ්‍යොන්ග් ජන්කුක්ව සිප ගත්තා.... මෙතරම් කාලයකට ලැබුනු හොදම සිප ගැනීම එය වෙනකොට ටේහ්‍යොන්ග් තමන්ගේ ජීවතේ හොදම මොහොතක රස විදින ගමන් හිටියා... මේ පුන්චි තරුනයා තමන්ට මේ තරම්ම ලන් වෙනව්ව දකින්න, මේ විදියේ සම්බන්දයකින් ඔහුව දකින්න ටේහ්‍යොන්ග් බලාපොරොත්තු නොවුනත් දැන් ටේහ්‍යොන්ග් ඒ දේ ලබමින් හිටියා...
හ්‍යුන්ග් කියන වචනෙට ලෝබකම් කරමින් ජන්කුක්ව ලන් කරගත්තත් ඊටත් එහා ගිය දෙයක් අතරින් මේ වෙනකොට ජන්කුක්ගේ තොල් වලින් හ්‍යුන්ග් කියනවට වඩා වෙනත් දෙයක් පිට වෙනවට ටේහ්‍යොන්ග් කැමති උනා....
යන්තම් දියවෙමින් වැටෙන හිම පියලි , සීත සුලන් එක්ක තැනිතලා අඩි පාරේ මැදකට වෙන්න අදුරු රාත්‍රියේ එකිනෙකාගේ උනුසුමට ලන් වෙමින් තුරුල් වෙලා සිප ගන්න එක වෙන මොනයම් දේකටත් වැඩිය ඔවුන්ට සුන්දර උනා.... ජන්කුක්ගේ සුදු පාට කබාය පොඩි වෙනකොට ඊටත් වඩා ලොකු ටේහ්‍යොන්ගේ ලා දුඹුරු පාට කබාය ඒ වටා එතෙමින් තිබුනා....
සුලග , හිම පියලි සාක්ශි දරයිනම් අන්ධකාරය තුල ඔවුන් අතර හුවමාරු වූ තෙත් සිප ගැනීම්, සුසුම් තුල දෝරේ ගැලූ නම් නොදැරූ හැගීම් ගැන හොදින් පවසාවි...
.
.
.
.
.
*******************
___________________________Dark_Sunshiner 🤍🥀
Thanks for reading...♥️
To be Continued...
2023/05/15
Bạn đang đọc truyện trên: AzTruyen.Top