|16|
"ඇවිත් බලන්න..."
ඇරුනු දොර අතරින් ටේහ්‍යොන්ගේ හඩ ඇහෙනකොට ජන්කුක් දොර පැත්තට ඇවිදගෙන ගියා.... දොර ගාවට ටිකක් එහායින් හිටපු බැටළු රංචුව දැකපු ජන්කුක්ගේ ඇස් දෙක සතුටින් දිලිසුනේ පුංචි ලමයෙක්ගේ වගේ....
"අපිට මහත්තයාගේ පණිවිඩේ ලැබෙනකොට ටිකක් රෑ උනා...."
එතන බැටළුවන්ට ඉස්සරහින් ලීයක් තියාගෙන හිටපු පුද්ගලයෙක් ටේහ්‍යොන්ග්ට ඔලුව නවලා ආචාර කරන ගමන් කියනකොට ටේහ්‍යොන්ග් ඔලුව වැනුනා...
"අදුරගන්න මේ ඩොක්ටර් ජෝන්..."
ටේහ්‍යොන්ග් පිනි රැදුනු තනකොට ගොඩ උඩ එරමිණියා ගොතන් බැටලු පැටියෙක් උකුලේ තියන් හුරතල් කර කර ඉන්න ජන්කුක්ව පෙන්නලා කීවම ජන්කුක් ඉක්මනට පැටියව උස්සගෙන නැගිටලා ඔලුව නවලා හිනා උනා....
"මහත්තයා පිටිපස්සේ මේසේ උඩින් බඩු ඔක්කොම ගෙනත් තිබ්බ, තව මොනවා හරි ඕන උනොත් මට පණිවිඩේ එවන්න...."
ආයෙත් ඒ පුද්ගලයා කීවම ටේහ්‍යොන්ග් තමන්ගේ සාක්කුවෙන් ඇදලා ගත්තු ලියුම් කවරයක් දික් කරා....
"මම කීප දවසක් ඉන්නවා ශෙරම්... හැමදාම උදේට බඩු ගෙනත් තියන්න.... සැණකෙලිය ඉවරද දැන්...."
"තාම නෑ මහත්තයා... දවස් දවස් දෙක තුනත් තියේවි...හිම වැටෙන්න කලින් ඉවර කරයි...."
ලියුම් කවරය බාරගෙන කුඩා මල්ලට දාගන්න ගමන් කීව ශෙරම් ලීයෙන් තට්ටු කරන ගමන් රංචුව ඉස්සරහර දක්කන්න ගත්තා....
"මෙයාලව කොහෙටද අරන් යන්නේ අංකල්..."
පුන්චි බැටළු පැටියව තාමත් අත් අතර තියාගෙන යවන්න ලෝබකමේ ජන්කුක් ඇහුවම ශෙරම් හිනා වෙලා හැරිලා බැලුවා..
"අපි යන්නෙ මෙතනින්ම උඩ තැනිතලාවට.. පුංචි මහත්තයට හවසට මම එයාව ගෙනත් දෙන්නම් තියන් ඉන්න... දැන් එයා අම්මගෙන් කිරි බොන්න ඕන..."
එහෙම කීවම ජන්කුක් අක්මැත්තෙන් උනත් පැටියාව බිමින් තිබ්බම පුන්චි පැටියා අමාරුවෙන් රංචුව ඇතුලට ගිහින් ලොකු බැටළුවෙක් ගාව දැවටුනා...
"උඩට යන්න ඕනද..."
බිම ඉදගෙනම ඈත බලන් ඉන්න ජන්කුක්ගෙන් ටේහ්‍යොන්ග් ඇහුවම ජන්කුක් හිනාවෙලා නැගිට්ටා...
"අපි පස්සෙ යමු... දැන් මිස්ටර් කිම් විවේක ගන්න ... ඒකටනේ ආවෙ අපි...."
ටේහ්‍යොන්ගේ අතින් අල්ලන් ඇතුලට ඇදන් යන ගමන් ජන්කුක් කීවම ටේහ්‍යොන්ග් ජන්කුක් පස්සෙන්ම ඇතුලට ආවා....
උණුසුම් වතුරෙන් පිරිසිදු වෙලා ඇදුම් ඇදන් ටේහ්‍යොන්ග් එලියට එනකොට ජන්කුක් පිටිපස්සෙ මේසෙ මත තිබුනු කූඩ ඔක්කොම පිලිවෙලට අහුරලා තිබුනා.... උදුනෙන් එලියට ගත්තු ලා දුඹුරු පාටින් පිලිස්සුනු ලොකු පාන් පෙති පිලිවලට තියලා රවුම් චීස් කුට්ටියකින් හීනි චීස් පෙති කපන ජන්කුක් හරි ලස්සනට ටේහ්‍යොන්ග්ට පෙනුනා.... පැත්තක එල්ලලා තිබුනු කොටු රටාවක් ගිය ඒප්‍රන් එක ජන්කුක්ගේ ඇදුමට උඩින් ඉන වටේ පැටලිලා තියනකොට, ලිප මත තිබුනු උණු කිරි බදුන හැදිගාන ජන්කුක්ගේ සියුම් අත් වලට තද දුඹුරු පාට ලී හැන්දන් හරි සුන්දරව ගැලපුනා...
"ඔහ්..වාඩි වෙන්න මිස්ටර් කිම්...."
පැනි දාපු වීදුරු බදුනක් රවුම් මේසේ මතින් තියන ගමන් ජන්කුක් කීවම ටේහ්‍යොන්ග් ඒ දිහා බලන්ම ඇවිත් වාඩි උනා....
"දවල්ට මම ලොකූ දෙයක් හදන්නම්...."
ටේහ්‍යොන්ග් ඉස්සරහින් කෑම තියන ගමන් ජන්කුක් කියනකොට ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ අතින් අල්ලලා පුටුව උඩින් ඉන්දෙව්වා...
"මම ජෝන්ව එක්කන් ආවේ කෑම හදන්න නෙවෙයි... ඒකට මම කෙනෙක්ට එන්න කියන්නම්..."
වද උනු කටහඩකින් වගේ ටේහ්‍යොන්ග් කියනකොට ජන්කුක් හිනා වෙලා ලොකු කෝප්ප දෙකක් ගෙනත් මේසේ උඩින් තිබ්බා...
"මම දන්නවා... ඒත් මන් හරි කැමැත්තෙන් මෙහෙම කරන්නේ මිස්ටර් කිම්.. කවුරුත් ඕන නෑ,, මම කරන්නම්.. අනේ කරුණාකරලා..."
ජන්කුක් උණුසුම් කිරි කෝප්ප වලට වත් කරන ගමන් කීවම ටේහ්‍යොන්ග් මොහොතක් බලන් ඉදලා ඔලුව වැනුවා... ඒවගේ දේකට වාද කරලා අණ කරලා ජන්කුක්ගේ හිනාව නැති කරන්න ටේහ්‍යොන්ග්ට ඕන උනේ නෑ...
.
.
.
.
.
.
"මිස්ටර් කිම්...."
ජන්කුක් කතා කරාම ටේහ්‍යොන්ග් තමන්ගේ පයිප් එක තොල් අතර රදවගෙනම ඇස් දෙක හරවලා බැලුවා...
"ඇයි ජෝන්ට බැරි මට වෙන විදියකට කතා කරන්න..."
"අහ්..."
ජන්කුක් තේරුම්ගන්න අපහසු බැල්මකින් බලන් හිටියා...
"අහ්ම්.. මන් අදහස් කරේ ජෝන්ට පුලුවන් මට මගේ නම කියන්න...."
ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් බයෙන් වගේ ඔලුව දෙපැත්තට වැනුවා... කලුවර වෙලා තිබ්බා වගේම විල දෙසින් ආපු සීතල හුලගෙන් ජන්කුක් වෙව්ලල ගියා...
"ම..මට බෑ එහෙම කරන්න..."
"ඇයි...."
ටේහ්‍යොන්ග් ඇහුවත් ජන්කුක් උත්තර දුන් නෑ...
"මම ඇහුවේ ඇයි.."
ටේහ්‍යොන්ගේ ඇස් දෙක තියුනු විදියට ජන්කුක්ට පෙනුනා...
"මො..මොකද මම මිස්ටර් කිම්ට ග..ගරු කරනවා..."
"නමකින් කතා කරනවා කියන එක කෙනෙක්ට තියන ගෞරවය නැති වෙනවා කියන එක නෙවෙයි...."
ඉස්සරහ බලාගන්න ගමන් ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් තමන්ගේ තොල්පොට එකට හපාගත්තා...
"ම..මට පුලුවන්ද... ඒත් මට බෑ.. ඒහෙම නම කියලා කතා කරන්න තරම් මම වටින කෙනෙක් නෙවෙයි...."
ජන්කුක් කීවම ටේහ්‍යොන්ග් අත මිටි මොලවගත්තා...
"කවුද තමුන්ගේ ඔලුවට එහෙම විකාරයක් දැම්මේ...."
ටේහ්‍යොන්ග් කෑ ගහලා ඇහුවම ජන්කුක් ඇත්තටම බය උනා.... මෙහෙම දේවල් කතා කරන එක කවදාවත්ම සිද්ද නොවුනු හින්දා ජන්කුක්ගේ හිතට බයක් දැනුනා....
"ජෝන් වටින්නේ නෑ කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද..."
ආයෙත් සාමන්‍ය තත්වෙට පත් වෙන ගමන් ටේහ්‍යොන්ග් ඇහුවම ජන්කුක් හොද හුස්මක් ගත්තා..
"හොදයි... මිස්ටර් කිම්ට හොද නමක් තියනවා, වැදගත් , මිල අධික දේවල් පාවිච්චි කරනවා... හොද පිලිගැනීමක් තියනවා.... ඉ..ඉතින්...
ජන්කුක් තමන්ගේ අවිනිශ්චිත කතාව ඉවරකරගන්න හම්බුන් නැත්තේ එහා පැත්තෙන් හිනා හඩන් ඇහුන හින්දා... ඒක හරියට සමච්චල් සහගත හිනාවක්...
"මට සමාවෙන්න මිස්ටර් කිම්...මම වැරදි දෙයක් කීවද...."
"ජෝන් හිතනවද හොද පවුලක ඉපදුනාම හැමදේකින්ම ගැලවෙන්න පුලුවන් කියලා.... හතුරෙන් ඉස්සරහ තමන්ගේ පවුලේ නම කීවම නොමැරී බේරෙන්න පුලුවන් කියලා..."
හයියෙන් හිනා වෙන ගමන් වේගෙන් ටේහ්‍යොන්ග් ඇහුවම ජන්කුක් නිරුත්තරව බලන් හිටියා.. ජන්කුක් දන්නේ නැහැ මොකද ජන්කුක්ට කවදාවත් හොද පවුලක් තිබුනේ නෑ.. ඒ වගේම ජන්කුක් දැක්කේ සුලු ප්‍රමානයයි....
"ජෝන්ගේ නම හම්බුනේ කොහොමද...."
"ඒ..ඒක.. මම දන්නේ නැහැ... මට නිවාසෙන්ම ලැබුනු නම..."
"ජෝන්ගේ නමත් සමහරවිට වටිනවයි කියලා හිතන තැනකට සමාන අහම්බෙන් ලැබුනු නමක් වෙන්න ඇති...."
ආයෙත් වතාවක් දුම් වලාවක් පිට කරන ගමන් ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් ඒ කියපු දේවල් තේරුම්ගන්න උත්සාහා කරා....
"ම..මට සමාවෙන්න මිස්ටර් කිම්.. මම වැරදි දෙයක්......
"සමාව ගන්න එක නවත්තනවා...."
ටේහ්‍යොන්ග් ගැඹුරු හඩකින් කෑ ගහලා කීවම ජන්කුක් අදුරේ උනත් ටේහ්‍යොන්ගේ රතු පාටින් කේන්ති ගිය ඇස් දිහා බැලුව...
"ම..මට ස....
"මම මොකක්ද කීවේ... "
වෙව්ලන ඇස් දිහා බලන් ටේහ්‍යොන්ග් ඇහුවම ජන්කුක් බිම බලාගත්තා... එක පාරටම ටේහ්‍යොන්ග් සැර කරන්නෙ ඇයි කියලා ජන්කුක්ට තේරුනේ නැහැ.. ජන්කුක්ට හරිම පහත් හැගීමක් දැනුනා... තමන් මේ ලෝකය තුල තවත් කුඩායි වගේ හැගීමක් දැනුනා...
"මෙතනට එන්න...."
ඉස්සරහා දොර වහලා ගිනි උදුන ඉස්සරහින් ඉදගන්න ගමන් ටේහ්‍යොන්ග් කතා කරාම ජන්කුක් නැගිටලා ඇවිත් ටේහ්‍යොන්ග්ට එහා පසින් වාඩි උනා....
"මන් දිහා බලන්න...."
තමන්ගේ පයිප් එක ස්ටූල් එක උඩින් තියන ගමන් ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් තමන්ගේ කදුලු පිරුනු ඇස් දෙක උස්සලා ටේහ්‍යොන්ග් දිහා බැලුවා...
"තමන් වැරැද්දක් කරලා නැත්නම් ඇයි සමාව ඉල්ලන්නේ?"
ටේහ්‍යොන්ග් ඇහුවම ජන්කුක් තමන්ගේ බර නහය ඉහලට ඇද්දා...
"කවුරුත් ඉස්සරහ අසරණ වෙන්න තරම් ජෝන් අසරණ වෙලා නෑනේ... ඇයි තවමත් එහෙම ඉන්නේ... අපිට පුලුවන් වෙන්න ඕන ඔලුව කෙලින් තියාගන්න... හොදට බැලුවොත් මේ හැමතැනම ඉන්න කවුරුත් හොදම තැනින් ආපු අය නෙවෙයි... ඒත් අපි ගොඩනගාගන්න දේවල් තියනවා.. අපිට පුළුවන් ඒ දේවල් එක්ක ඉස්සරහට යන්න... තමන් අසරණ නැත්නම් තමන්ට අසරණයි කියලා දැනෙන්න දෙන්න එපා, එහෙම උනොත් ඔයා ඒ දේට අබ්බැහි වෙයි...."
ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් තමන්ගේ කම්මුල් මත ගලන කදුලු නිහඩවම පිහදාගත්තා.... ජන්කුක්ට අසරන බවක් දැනෙන්න හේතුවක් නොතිබුනත් දැන් එහෙම දැනෙන්නේ ඒ ඉස්සර ඉදන් තමන්ට දැනුනු නිසයි කියලා ජන්කුක්ට තේරුනා.... ඒත් , ඉස්සරහට අඩියක් තියන්න කලින් දහවතාවක් හිතන ජන්කුක් කිසිම දේකට බය නැති ටේහ්‍යොන්ගෙන් ගොඩාක් දුරට වෙනස් උනා.. ඉතින් දැනෙන දේවල් පරස්පර වෙනකොට ජන්කුක් නිහඩවම ඒ වචන තමන් තුලට බාරගත්තා.....
"කෑ ගැහුවට සමාවෙන්න මට...'"
ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කම්මුල් දෙක පිහන ගමන් කීවා.. ටේහ්‍යොන්ග් ඕනවාටත් වැඩිය ස්ට්‍රෙස් වෙලා හිටියේ... එක දෙයක් කියලා නොතිබුනු ඔලුව ඇතුලේ හිතන්න දේවල් එක් දිගට පෙල ගැහෙනකොට කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද දන්නෙ නැති ගොඩාක් දේවල් ඔලුවට වද දුන්නා....
"ගින්න තුල මොනවද දකින්නේ....හිස් බව.. හරියට හැමදේම තිබුනත් දැනෙන හිස් බව...."
ටේහ්‍යොන්ග් කියනකොට ටේහ්‍යොන්ගේ හීනි ඇස් ඇතුලෙන් ගිනි ගොඩේ ප්‍රතිබිම්භය පැහැදිලිවම ජන්කුක්ට පෙනුනා....
ජන්කුක් දැනගෙන හිටියේ නෑ තමන්ට ටේහ්‍යොන්ග් දැක්කම හිතට ගලන් එන දේවල් තෝරලා බේර ගන්න.. ඒත් තවමත් ආශාව කියන දේ හිත උඩ මතු වෙනකොට ජන්කුක් ටේහ්‍යොන්ග් තුලට ඇදිලා ගියා.... තැඹිලි පාටින් දිලිසෙන ආලෝකය තුලින් ටේහ්‍යොන්ගේ කඩවසම් මූන අනිත් හැමදේම අතරින් කැපිලා පේනකොට, ඒ තොල් අතරින් පිට වෙන තේරුම් ගනනාවක් තියන වචන වලත් අමුතු ආකර්ෂනීය බවක් තිබුනා....
"ඇත්තම දෙයක් උත්සාහ කරන්න ඕනද..."
ජන්කුක්ගේ ඇස් දිහා කෙලින් බලන ගමන් ටේහ්‍යොන්ග් ඇහුවම ජන්කුක් මොහොතකට නොසෙල්වී බලන් හිටියා...
"වරදක්..ඔයාගේ වචන වලින් කියනවානම්, ඒ තරම්ම වරදකාරී හැගීමක් දැනෙනවද කියලා උත්සහ කරලා බලන්න ඕනද...."
තවමත් ජන්කුක්ගේන් ප්‍රතිචාරයක් නොලැබෙනකොට ටේහ්‍යොන්ගෙ තමන්ගේ අත ජන්කුක්ගේ ඉන වටේට යැව්වා....
"ගොඩාක් හිතන් නැතුව එක පාරක් ඉස්සරහට ගිහින් බලන්න ඕනද...."
තද සිගරට් සුවද රැදුනු හුස්ම තමන්ගේ මූනේ වදිනකොට ජන්කුක් තාමත් ටේහ්‍යොන්ගේ හීනි ඇස් දිහා බලන් හිටියා... හැමදේම ගිනි උදුනෙන් නික්මුනු රත් පැහැ ආලෝකයෙන් දිලිසෙනකොට ජන්කුක්ගේ ලොකු උනු ඇස් තාමත් ඒ කඩවසම් ඇස් දෙක ඇතුලේ නැවතිලා තිබුනා....
ඉන වටේ ගිය අතේ ග්‍රහනය වැඩි කරන ගමන් ජන්කුක් ඇදිලා එනකොට ජන්කුක්ගේ නහය ටේහ්‍යොන්ගේ කම්මුලක් මත නැවතුනා....
"කලබල වෙන්න එපා ජෝන්...."
ටේහ්‍යොන්ග් එහෙම කියනකොට ජන්කුක්ගේ ඇස් දෙක හෙමින් පිය උනා වගේම ඒ මොහොතෙම ටේහ්‍යොන්ගේ තොල් දෙක ජන්කුක්ගේ තොල් මත නතර උනා... ජන්කුක්ගේ හදවත පිටට ඇහෙන තරම් හයියෙන් ගැහෙනකොට , ඇග ඇතුලෙන් නොසන්සුන් කම හිරි යමින් දැනෙනකොට ටේහ්‍යොන්ගේ සිනිදු තොල් රළු ලෙස දැනෙන ස්පර්ශයන් ජන්කුක්ව හොයාගෙන ආවා... වෙන වෙනම ඕන උනත් ජන්කුක්‍ට දැනෙන හැමදේම ප්‍රමාද වෙනවා වගේ ජන්කුක්ට දැනුනා.... හරියට තමන් තැනකින් පහලට ඇදගෙන වැටෙනවා වගේ දෙයක් ජන්කුක්ගේ ශරීරයට දැනෙනකොට ජන්කුක් තමන්ගේ හුස්ම හයියෙන් ගන්න උත්සාහ කරා.....
.
.
.
.
.
.
********************
___________________________Dark_Sunshiner 🤍🥀
Thanks for reading...♥️
To be Continued...
2023/05/12
Bạn đang đọc truyện trên: AzTruyen.Top