|15|

"එන්න..."

දුම්රියෙන් එලියට අත දික් කරලා ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් ටිකක් උස මැදිරිය ඇතුලට ටේහ්‍යොන්ගේ ලොකු අල්ල අල්ලගෙන නැග්ගා....

"රාත්‍රී දුම්රියක්..."

ටේහ්‍යොන්ග් පිටිපස්සෙන් එනකොට කොටස් වෙන් කරලා තිබුනු දුම්රිය මැදිරිය ඇතුලේ ඉස්සරහට ඇවිදන් යන ගමන් ජන්කුක් කීවා....ඒ ලොකු බෝල ඇස් කරකවමින් ඇවිදන් යන ජන්කුක්ගේ මූන දිහා ලා හිනාවකින් බලන් හිටිය ටේහ්‍යොන්ග් තමන්ගේ පිටිපස්සෙන් හිටපු මනුස්සයගේ අතට මුදල් නෝට්ටු කීපයක් දුන්නම ඒ දෙන්නගේ සුට් කේස් ඇතුලෙන් තියන ගමන් ඒ මනුස්සයා බැහැලා ගියා....

"අපි විතරද මිස්ටර් කිම් ඉන්නේ...."

ඉස්සරහින් දුම්රිය ගමන් ආරම්භ කරන නලා හඩ ඇහෙනකොට ආවරණය කරපූ ලී වීදුරු දොර ඈත් කරලා ඇතුලට එබෙන ගමන් ජන්කුක් ඇහුවා...

"ගොඩාක් රෑ වෙලා හින්දා කට්ටිය අඩුයි.. ඒත් ඉන්නවා ගොඩක් අය..."

ජන්කුක් එක්කම ඇතුලට එන ගමන් ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් ඉක්මනට කවුලුව ගාවට ගිහින් එලියට එබුනා...

"පරිස්සමට...."

ජන්කුක් ඇතුලට ඇදලා අරන් කවුලුව වහන ගමන් ටේහ්‍යොන්ග් කීවේ ඒත් එක්කම එලියෙන් ලොකු අත්තක් කවුලුවේ වැදෙනකොට....

ටේහ්‍යොන්ග් හිස්වැස්ම ගලවලා කුශන් කරපු ආසනෙන් ඉද ගත්තම ජන්කුක් කලුවර අතරින් එලිය බලන්න උත්සාහ කරන ගමන් කවුලුව ගාවින්ම ඉදගත්තා...

"මේ තරම් හදිසියේ එන්න, කොහොමද ටිකට් වෙන් කරේ මිස්ටර් කිම්...."

ටේහ්‍යොන්ගේ පැත්තට හැරෙන ගමන් ජන්කුක් ඇහුවම ටේහ්‍යොන්ග් තමන්ගේ පියන් හිටපු ඇස් දෙක ඇරියා...

"දවල්.. මන් එලියට ආවෙ..."

"ඕහ්..."

ජන්කුක් කට ඕ හැඩේ කරන් ආයෙත් එලිය බැලුවා.... ඉද හිට කහ පාට ආලෝකය යන්තමින් විහිදුනු නිවෙස් කීපයක් ඇරෙන්න වෙන දෙයක් නොපෙනෙනකොට ජන්කුක් තමන්ගේ කබාය තව ටිකක් තදට තමන් වටේට ඔතා ගන්න ගමන් ආසනේ පිටිපස්සට හේත්තු උනා...

"ජෝන්ට බඩගිනියිද.... ඒමනම් මට් පුලුවන් දුම්රිය භෝජනාගාරෙට දැනුවත් කරන්න...."

ටේහ්‍යොන්ග් ඇහුවම ජන්කුක් ඉක්මනට එතනින් නැගිට්ටා...නැගිටලා තමන් සූට්කේස් එකට අමතරව ගෙනාපු තමන්ගේ බෑග් එක ඇරලා කෑම පෙට්ටි දෙකක් වගේම බෝතලයක් එලියට ගත්තම ටේහ්‍යොන්ග් ඇස් ඇරලා බැලුවා....

"ඔය මොනවද...."

"කෑම... මෙන්න මිස්ටර් කිම්ගේ ස්මෝකින් පයිප් එක..."

තවත් ප්‍රමාණයෙන් කුඩා පොඩි ලී පෙට්ටියක් ටේහ්‍යොන්ගේ අතින් තියන ගමන් ජන්කුක් ආයෙත් ටේහ්‍යොන්ග් ගාවින් වාඩි උනාම ටේහ්‍යොන්ග් තමන්ගේ කබා සාක්කුවට අත දාලා බැලුවේ ඒක තමන්ට අමතක උනාද කියලා...

"ස්තූතියි ජෝන්..."

ඉදලා හිටලා වගේ ඒ වගෙ දෙයක් ටේහ්‍යොන්ගේ තොල් වලින් පිට උනාම ජන්කුක් ලස්සනට හිනා වෙලා කඩදාසි බෑග් එක ඇතුලේ තිබුනු කිරි පිරුනු වීදුරු බෝතලේ අරන් පොඩි ලී තට්ටුව උඩින් තියන ගමන් කෑම පෙට්ටි දෙකත් තිබ්බා....

"දවල්ටත් කෑවේ නැති හින්දා මට හිතුනා මෙහෙම සූදානමක් නැති ගමනක් කියලා මේක... විලියම් අන්කල් එක්ක ලෑස්ති කරේ...."

ජන්කුක් එහෙම කියන ගමන් පාන් පෙති දෙකක් අතරට බිත්තර හැම් තියනකොට , ජන්කුක්ගේ පැත්තට හැරිලා තිබුනු ටේහ්‍යොන්ගේ ඇස් දෙක අමුතු දේවල් ගොඩකින් පිරිලා තිබුනා...

කෑම ඉවර වෙලා ඔක්කොම අස් කරාට පස්සෙ ජන්කුක් ආයෙත් කවුලුව අරින්න හැදුවම ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ අතින් ඇදලා කවුලුවේ අගුල දැම්මා...

"සීතලේ මැරෙන්නද හදන්නේ ජෝන්..."

ජන්කුක් මූන අවුල් කරන් පිටිපස්සට හේත්තු උනාම ටේහ්‍යොන්ග් හොරෙන් බලන් හිටියා...

"ටිකක් නිදාගන්න.. නැත්නම් හෙට අමාරු වෙයි...."

ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් තමන්ගේ සපත්තු දෙක ගලවලා කකුල් දෙක උඩට අරගෙන කබාය ඇතුලේ හන්ගගෙන බෝලයක් වගේ ගුලි උනා...

ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ මේ හැසිරීම් එකින් එක හරිම ආසාවෙන් වින්දා... නිකන් බලන් ඉන්නකොට දැනෙන සන්සුන් හිත නිවන හිතට සතුටක් දැනෙන මේ හැගීම මේ වගේ වෙලාවක තනියම විදින්න ටේහ්‍යොන්ගේ හිත ඇතුලෙන් මහ ගොඩාක් ආස උනා.... ඕනවටත් වඩා පරිණත ටේහ්‍යොන්ග් ජන්කුක් ඉස්සරහ මෙහෙම ඉන්නේ ඇත්තටම ටේහ්‍යොන්ග් ජන්කුක් තුලින් යම් සතුටක් ලබන නිසයි....

"එන්න...."

තමන්ගේ කබායේ එක පැත්තක් ඇරලා ටේහ්‍යොන්ග් ජන්කුක්ට කීවම ජන්කුක් තමන්ගේ පුදුම උනු ඇස් දෙක් උස්සලා ටේහ්‍යොන්ගේ ඇස් දිහා බැලුවා... මැදිරියේ ඒ වෙන් කරපු කොටසේ තිබුනු එකම ලාම්පුවෙන් විහිදුනු දුර්වල ආලෝකයෙන් ටේහ්‍යොන්ගේ හීනී ඇස් හරි ලස්සනට පේනකොට ඒ ඇස් වලින් දුන්නු ඉගිය තේරුම් ගත්තු ජන්කුක් ටේහ්‍යොන්ගේ කබාය අස්සට ගුලි උනාම ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ වටේට අත යවන ගමන් තමන්ට තදින් ජන්කුක්ව තුරුල් කරගත්තා....

කබාය ඇතුලෙන් ආපු මිල අදික සුවද විලවුන් සුවදට අමතරව, සිගරට් සුවදත් එක්ක මිශ්‍ර උනු ටේහ්‍යොන්ගේ දාඩිය සුවද ජන්කුක්ගේ නහයට හොදින් දැනුනා... ඒත් ඒ තද පපුවෙන් ආපු ලොකු උනුසුමත් එක්ක ජන්කුක්ට ඒ දැනුනු සුවපහසු හැගීම ටේහ්‍යොන්ග් ගාවට තවත් ටිකක් ලං වෙන්න හේතු උනා .... ලාවට උනුසුමේ ඇස් පියවෙනකොට ජන්කුක්ට දැනුනා තමන්ගේ නලල මත නතර වෙන සිනිදු තොල් දෙකක පහස....

.

.

.

.

.

"මෙහෙ ගොඩාක් ලස්සනයිනේ...."

උදෑසන හිරු කිරන එක දෙක වැටෙන්න පටන් ගන්නකොට යම් පාලු පාරක් ලගින් කූලී රියෙන් බැහැපු දෙන්නම් ඇතුලට ඇවිදගෙන යන ගමන් හිටියා... එක යායට උසට වැඩුනු තෘණ පදුරු වලට සමාන පැලෑටි අතරින් ඇතුලට විහිදුනු අඩි පාර දිගේ ටේහ්‍යොන්ග් තමන්ගේ දුම් වැටිය උරන ගමන් ඇවිදගෙන යනකොට, ජන්කුක් එහෙට මෙහෙට කැරකෙන ගමන්, උඩ පනින ගමන් දුවගෙන වගේ ඉස්සරහට ගියා....

එක පාරටම ජන්කුක්ගෙන් ආපු ශබ්දය නතර වෙනකොට තමන්ගේ බාගෙට ඉවර උනු දුම් වැටිය බිම දාලා පාගන ගමන් ටේහ්‍යොන්ග් ගිහින් ජන්කුක්ගේ එහා පැත්තෙන් හිට ගත්තා...

"ලස්සනයිද..."

රිදී පාටට දිලිසෙන ඉමක් නොපෙනුනු විල් තලය දිහා බලන් ටේහ්‍යොන්ග් ඇහුවම ජන්කුක් තමන්ගේ කට අතින් වහගෙන ඔලුව වේගෙන් වැනුවා...

"ගොඩාක් , ස්තූතියි මිස්ටර් කිම්.. මට මේ වගේ ලස්සන ගොඩාක් දේවල් පෙන්නනවට..."

හරිම හැගීම්බර කටහඩකින් ජන්කුක් ටේහ්‍යොන්ගේ මූන දිහා බලන් කීවම ටේහ්‍යොන්ග් හිනා වෙන ගමන් සූට් කේස් එක බිමින් තියලා තමන්ගේ දිග කබාය ගලවලා අතට ගත්තා....

මීට කලින් මේ තැනට ආවත් , මේ ඉමක් නොපෙනෙන විල් තලය දිහා බලන් හිටියත් ඇයි මීට කලින් අද මේ දැනෙන පරිපූර්ණ සැනසීම සතුට දැනුන් නැත්තෙ කියන එකනම් ටේහ්‍යොන්ග්ට ප්‍රශ්නාර්තයක් ඉතුරු කරා.... විල් සීමාවත් එක්කම එයාල ටිකක් එහායින් ලී වලින් හදපු ටිකක් ලොකු නිවසක් තිබුනා.... නැවුම් පාටින් පෙනුනු ශක්තිමත් ලීයෙන් නිමැවුනු නිවස විලේ ඉදන් ආපු සීතල හුලගට ඔරොත්තු දෙන විදියේ තැනක් උනා....

තමන් දික් කරපු යතුර අත් දෙකෙන්ම අල්ලන් ගිහින් දොර විවෘ‍ත කරන් හැම තැනම උඩ පනින ගමන් යන ජන්කුක්ගේ හඩ ටේහ්‍යොන්ගේ සවන් අතරින් ලස්සනට ගලන් ගියා... ඒ ගම්බද පරිසරයට ගැලපෙන ශීත කුරුල්ලන්ගේ කිචි බිචි ශබ්දයත් එක්ක මුසු වෙමින් ඇහෙන ඒ සතුටු සිනහා හඩ පරිපූර්න ගැලපීමක් උනා.....

ටේහ්‍යොන්ග් ජන්කුක් මග දාලා ගිය සූට් කේස් එකත් අරන් ඇතුලට එනකොට ජන්කුක් මුලු ගේ පුරාම ඇවිදලා ආයෙත් එලියට එන ගමන් හිටියා.... ඇතුලට එන ගමන් හිටපු ටේහ්‍යොන්ගේ ඇගට පැනලා තදින් බදාගත්ත ජන්කුක් එහෙට මෙහට හෙලවිලා හිනා උනා....

ඒක ජන්කුක් තමන්ගේ සතුටත් එක්ක එන කෘතඥතාව පෙන්නන ලස්සන විදිය කියලා දැනන් හිටපු ටේහ්‍යොන්ග් හෙමීට ජන්කුක්ගේ පිටට තට්ටු කීපයක් දැම්මා....

'අපි මොකද කරන්නේ..."

ජන්කුක් දොරෙන් එලියට එබිලා ටිකක් හයියෙන් වගේ ඇහුවම ටේහ්‍යොන්ග් තමන්ගේ එක කනක් වහගත්තා... ඩොක්ටර් කෙනෙක් කියලා කියන්නවත් පුලුවන් හැසිරීමක් ඒ වෙලාවෙ ජන්කුක්ගෙන් පෙනුනේ නෑ....

"මෙහෙ එන්න... මේවා ටිකක් අස් කරන් පිරිසිදු වෙන්න... තව ටික්කින් කෙනෙක් එයි එතකොට අපිට උදේ කෑම ගන්න පුලුවන්...."

ජන්කුක්ගේ අතින් සූට් කේස් එක තියන ගමන් ටේහ්‍යොන්ග් කීවම කූඩා විසිත්ත කාමරයත් එක්ක විහිදුනු එකම දොරක් තිබුනු කාමරේට ජන්කුක් එබිලා බැලුවා... වටේටම ඇවිදලා බැලුව ජන්කුක් එක කාමරයයි තියෙන්නේ කියලා දැනන් හිටියා , ඉතින් හෙමීට ටේහ්‍යොන්ග් දිහා බැලුවේ මොකද කරන්නේ අහන්න වගේ....

ටේහ්‍යොන්ග් මේ තැන අරන් තිබුනේ තමන්ට නිදහසේ ඉන්න, මීට කලින් වෙන කෙනෙක් එක්ක ඇවිත් නැති වෙනකොට ටේහ්‍යොන්ග්ට මේ ගෙදරට එක කාමරයක් හොදටම ඇති උනා....

"මන් ටිකක් එලියට යනවා.. ජෝන් යන්න..."

ටේහ්‍යොන්ග් තමන්ගේ කමිස අත නවන ගමන් එහෙම කියලා එලියට යනකොට ජන්කුක් කාමරේ ඇතුලට ඇවිදන් ගියා....

ජන්කුක් ඇදුම් මාරු කරන් එනකොට විසිත්ත කාමරේ තිබුනු ලොකු ගිනි උදුන දැල්විලා තිබුනා වගේම කලින් ලොකු සීතලකින් තිබුනු මුලු පරිසරයම හොද උණුසුමකින් පිරිලා තිබුනා...

උණුසුම් සුවපහසු සෝෆා කට්ටලය උඩින් වාඩි වෙලා ගින්න දිහා බලන් හිටපු ජන්කුක් දොර ඇරුනු සද්දෙට හැරිලා බැලුවා...

.


.

.


.


.

********************

__________________________Dark_Sunshiner 🤍🥀



Thanks for reading...♥️

To be Continued...

2023/05/11

Bạn đang đọc truyện trên: AzTruyen.Top