|13|
තෙමුනු කමිසය අතරින උඩට නෙරලා ආපු වෙලුම් පටි ටික ජන්කුක්ගේ ගුලි උනු අතට දැනෙනකොට ජන්කුක් ඉක්මනට ටේහ්‍යොන්ග් ගාවින් ඈත් උනා...
"තු..තුවාලේ තෙමිලා.. "
ජන්කුක් කීවම ටේහ්‍යොන්ග් හිටපු විදියටම හිටියේ ඒක ගනන් ගන් නැතුව...
"ඒකට කමක් නෑ..."
"නෑ.. යන් ඇතුලට... නැත්නම් තුවාලේ පැසවන්න පුලුවන්..."
ටේහ්‍යොන්ගේ අතින් අදින ගමන් ජන්කුක් කියන කොට ටේහ්‍යොන්ග් අකමැත්තෙන් වගේ ජන්කුක් එක්ක ඇවිදගෙන ආවේ ජන්කුක්ගේ උසේ ගානට අල්ලන් ගිය කුඩේට නැමෙන ගමනුයි....
කුඩේ අකුලලා ටේහ්‍යොන්ග්ව ඇතුලට ගන්න ගමන් දොර වහපු ජන්කුක් තමන්ගේ වටේ තිබුනු ටේහ්‍යොන්ගේ ලොකු කබාය ගලවලා දොරෙන් එල්ලුවා...ඉක්මනින් ගිනි උදුනට දර ඇතුලු කරන ගමන් දැල්වෙමින් තිබුනු අගුරු එක්ක දල්වපු ජන්කුක් ජනෙල් පියන වැහෙන විදියට තිර රෙද්ද ඇදලා දැම්මේ සීතල එන එක වලක්වන්නයි.....
වතුර කේතලේට වතුර එකක් පුරවලා උදුනේ පැත්තකින් තියපු ජන්කුක් ආයෙත් පොඩි මිටි ලී කබඩ් එක ගාවට දුවලා ගිහින් බෙහෙත් ද්‍රව්‍ය පිරුනු පෙට්ටියක් උස්සන් ඇවිත් ටේහ්‍යොන්ග් ගාවින් වාඩි උනේ ලාවට ඇදෙන හිනාවකින් ටේහ්‍යොන්ග් ජන්කුක් දිහා බලන් ඉන්නකොට....
ආපු වෙලේ ඉදන් එහාට මෙහාට වේගෙන් දුවන ගමන් වැඩ කරන ජන්කුක්ව දැක්කම ටේහ්‍යොන්ගේ හිස් වෙලා තිබුනු හිත පිරුනා වගේ දැනුනා.... තෙමිලා ඇගටම ඇලුනු ඇදුමට තවත් කුඩාවට ,ලස්සනට ජන්කුක්ව පේනකොට ටේහ්‍යොන්ග් තමන්ගේ ඔලුව ගසන ගමන් දැල්වෙන ගින්දර දිහා බලාගත්තා....
"ම්ම්... මිස්ටර් කිම්... ම්..මේ කමිසය...."
ජන්කුක් ගොත ගහ ගහ කියනකොට ටේහ්‍යොන්ග් තමන්ගේ කලිසමෙන් යට කරලා තිබුනු කමිසය උඩට අදින ගමන් බොත්තම් එකින් එක ගලවලා දැම්මා.... වෙලුම් පටි උඩින් ලේ පැල්ලම් කීපයක් මතු වෙලා තියනකොට ජන්කුක් ඉක්මනින් පටි අයින් කරලා ටේහ්‍යොන්ගේ සිරුර තෙත මාත්තු කරන්න ගත්තේ ටේහ්‍යොන්ග් සෝෆාවෙන් ඉස්සරහට වෙලා සම්පූර්ණයෙන්ම තමන්ගේ කමිසය ගලවලා දානකොට....
බෙහෙත් දියර දාලා පෑරුන තුවාලය පිහදානකොට ජන්කුක්ගේ මූනෙන් වේදනාත්මක ඉරියව් නිරූපණය උනත් ඒ මූන දිහා බලන් භාවනාවක හිටිය ටේහ්‍යොන්ගේ මූනෙන් ඒක එච්චර ගානක් තියන බවක් පෙනුනේ නෑ...
"මිස්ටර් කිම්.. මොනවද බොන්නේ...."
"මුකුත් එපා යන්..."
සෝෆා එකෙන් නැගිටින්න හදන ගමන් ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් කලබලෙන් ටේහ්‍යොන්ගේ උරහිසෙන් අල්ලලා නැවැත්තුවා...
"දැන්. මේ වැස්සේ..."
ජන්කුක් ඇහුවම ටේහ්‍යොන්ග් ඔලුව වැනුවේ ලොකු අකුනක් හයියෙන් පුපුරනකොට.... ජන්කුක් ඉක්මනට තමන්ගේ කන් දෙක වහ ගත්තා...
"මන් වාහනේ ගෙන්නගන්නම්, නැත්තම් මෙතනින් වාහනයක් ගමු..."
ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් මූන දෙක කරන් නැගිට්ටේ ටේහ්‍යොන්ග් ඇස් ලොකු කරන් බලන් ඉද්දි...
"අද නම් යන්න බෑ.. හෙට යන් මිස්ටර් කිම්.... දැන් මන් බොන්න මොනවා හරි හදන්නම්...."
ටේහ්‍යොන්ග් දිහා බලන් නැතුව වතුර උතුරන කේතලය අරන් උණු කෝපි වත් කරපු ජන්කුක් ටේහ්‍යොන්ගේ අතින් තිබ්බම ටේහ්‍යොන්ග් නිශ්ශබ්දව ඒක තොල ගෑවා... කියන දේකට එක පාර එකග වෙන එක ටේහ්‍යොන්ගේ ස්වභාවය නොවුනත් ජන්කුක්ට මේ වෙලාවෙ විරුද්ධ වෙන්න බැරි කමක් තිබුනා...
.
.
.
.
.
පොරෝනයකින් විතරක් ආවරනය වෙලා නිරුවත් උඩුකයත් එක්ක ටේහ්‍යොන්ග් තමන්ගේ මූනට ඉර එලිය වැටෙනකොට ඇග මැලි කඩලා නැගිට්ටේ පුන්චි සෝෆා එකේ ඉදලා.... නැවතුනත් ටේහ්‍යොන්ග්ට ගැලපෙන ඇදුම් ජන්කුක් ගාව නැති වෙනකොට ටේහ්‍යොන්ග් තමන්ගේ කලිසම පිටින්ම හිටියා....
කාමරේ කොනකට වෙන්න තිබුනු ඇදේ ජන්කුක් තාමත් පොරෝනයක් අස්සට වෙලා නිදන් ඉන්නකොට තමන්ගේ බ්ලැන්කට් එක එහෙමම ගුලි කරලා සෝෆා එක උඩට දාන ගමන් ටේහ්‍යොන්ග් කිචන් එකට ඇවිදන් ගියේ වතුර එකක් බොන්න...
ඊයේ වැස්සට පෑරුනු තුවාලයෙන් යම් වේදනාවක් දැනුනත්, ඒක එතරම් ගනනකට ගන්න ඕන දෙයක් උනේ නැහැ....
"ආආහ්..."
ටේහ්‍යොන්ග් වතුර වීදුරුව තියලා අනිත් පැත්තට හැරෙනකොටම ටේහ්‍යොන්ග් ගාව හිටන් හිටපු ජන්කුක් වැටෙන්න ගියත් ටේහ්‍යොන්ග් ඉක්මනට ඒ සියුම් ඉන වටේට අත යවලා අල්ලගත්තේ ජන්කුක්ගේ අත් දෙකම ටේහ්‍යොන්ගේ නිරුවත් පපුව මත නතර වෙනකොට....
ගානට කැපිලා පෙනුනු ශක්තිමත් මස්පිඩු එක්ක, ශක්තිමත් ලොකු ශරීරය ජන්කුක්ගේ කම්මුල් රත් පැහැයට හරවන්න සමත් උනේ හේතුවක් නැතුවයි.... මිනිස් ශරීර දකින එක ජන්කුක්ට ගොඩාක් පුරුදු දෙයක් උනත්, උදේ පාන්දරම තමන්ගේ කිචන් එකේ සින්ක් එක පැත්තට හැරිලා කඩවසම් පිරිමියෙක් උඩුකය නිරුවත්ව ඉන්න එක ජන්කුක්ගේ කොපුල් රත් පැහැ කරන්න ප්‍රමාණවත් උනා....
ජන්කුක් ඒ අත අතරින් ගැලවෙන්න උත්සහ කරත් ටේහ්‍යොන්ගේ දරදඩු අත මොහොතකට ලිහිල් උනේ නෑ වගේම, ටේහ්‍යොන්ග් උත්සාහ කරමින් හිටියා, එදා තමන් මත් ගතියකින් ඉන්නකොට තමන්ට පෙනුනු තරම්ම මේ බෝල ඇස් සුන්දරද කියලා බලාගන්න...
"මොනවද තියෙන්නේ, මට වද දෙන්න තරම් මේ ඇස් වල..."
ජන්කුක්ගේ මූනටම පහත් වෙන ගමන් ටේහ්‍යොන්ග් මුමුනනකොට ජන්කුක් තමන්ගේ ඇස් ලොකු කරන් ඒ හීනි ඇස් දිහා බලන් හිටියා... ටේහ්‍යොන්ග් කියන දෙයක් ගැන හරි තේරුමක් නොතිබ්බත් ටේහ්‍යොන්ගේ උණුසුම් හුස්ම තමන්ගේ මූනේ වැදෙනකොට ඇති වෙන කිතියට ජන්කුක් ආශා කරා...
නමුත්, ටිකෙන් ටික තමන් වෙතට පහත් වෙන ටේහ්‍යොන්ගේ උණුසුම් හුස්ම දැනෙනකොට ජන්කුක් තමන්ගේ අතට අහුවෙන හම තද කරලා අල්ලගත්තේ තමන්ගේ ඇස් තද කරලා පියාගන්න ගමනුයි...
ජන්කුක්ට දැනුනා ගෑවෙන නොගෑවෙන තරම් ලන් වෙලා තමන්ගේ තොල් වලට එහා පැත්තෙන් කම්මුල් මත නතර වෙන ටේහ්‍යොන්ගේ සිනිදු තොල් දෙක....ඊටත් උඩින් ස්පර්ශ වෙන ටේහ්‍යොන්ගේ නහය... තමන් වෙතින් ඉහලට ඇදලා ගන්න සීතල හුස්ම.... තමන්ගේ මුලු ආත්මයම මේ අත් අතර දිය කරලා හරින ගමන් ජන්කුක් තමන්ට දැනෙන අමුතු හැගීම වින්දේ තමන්ගේ හදවත පිටතට ඇහෙන තරම් වේගෙන් ගැහෙනකොට....
තමන්ගේ ඉන වටේ තිබුනු ටේහ්‍යොන්ගේ අත තව තවත් තද වෙමින් තමන් ඒ ශරීරය මතට තද වෙන බව දැනෙනකොට, තමන්ගේ ඇග ඇතුලෙන්ම නොසන්සුන් කමක් දැනුනත් , තමන්ගේ ශරීරය හිරි රේඛා යනවා දැනුනත් ජන්කුක්ට දශමයක ප්‍රතික්ශේප කිරීමක් කිරීමට අවශ්‍ය උනේ නෑ.... තමන්ගේ කම්මුල් මත ස්පර්ශ වෙන ඒ තොල් වල පහස තව තවත් තදින් දැනෙනකොට ජන්කුක් හයියෙන් හුස්ම ගත්තේ ටේහ්‍යොන්ග් තමන්ගේ මුව ජන්කුක්ගෙන් ඈත් කරගන්න ගමන් තමන්ගේ අත් ලිහිල් කරගන්න හදනකොට....
ඒත් ජන්කුක් ඒකට එක මොහොතක ඉඩ නොදී වටේට අත් යවන ගමන් ටේහ්‍යොන්ගේ පලල් පපුවට තුරුල් උනේ , ඒ තද උණුසුම තව තවත් වෙලාගන්න ගමනුයි... එක පාරටම ජන්කුක්ගේ ප්‍රතිචාරයෙන් මදකට ටේහ්‍යොන්ග් නිශ්චල උනත් ඒ අත තවත් තද කරගන්න ගමන් හිස් මුදුන මතින් තමන්ගේ නිකට තියාගන්න ගමන් ජන්කුක්ව තදින් තුරුල් කරගත්තේ ඒ අමුතු හැගීමට තමන්ගේ අතිනුත් ඉඩ දෙන ගමනුයි....
ලාවට ඇවිස්සුනු ජන්කුක්ගේ කොන්ඩේ අතරින් ඇගිලි යවන ගමන් ඒ සිනිදු කන් පෙත්තෙන් නහය තියලා හොද හුස්මක් ගත්තු ටේහ්‍යොන්ග් ලාවට හිනා උනේ, හිතේ තිබුනු යම් නොසන්සුන් බවක් සන්සුන් වෙන බව දැනෙනකොටයි....
"ම.. මට සමාවෙන්න...."
ජන්කුක් හීන් හඩින් ඉකියක් ගහන ගමන් කියනකොට ටේහ්‍යොන්ග් යම් කලබලයකින් වගේ ජන්කුක්ව තමන්ගෙන් ඈත් කරා...
"ඇයි...මොකටද.. මොකද උනේ..."
ටේහ්‍යොන්ග් ඇහුවම ජන්කුක් තමන්ගේ කදුලු පෙරිල යන කම්මුල් පිහින්නවත් කරදර නොවී බිම බලාගත්තා...
"වැ..වැරදී මම දන්නවා... මට ඈත් වෙන්න තිබුනා.. මේක වැරදී මම දන්නවා..."
ජන්කුක්ට එක පාරට දැනෙන දේවල් තෝර බේරගන්න බැරි වෙනකොට කලබලෙන් වචන පිට කරන්න ගත්තේ තමන්ගේ පපුවට අමුතු වේදනාවක් දැනෙනකොට...
"ශ්..ශ්... ජෝන් අඩන එක නතර කරන්න මොකක්ද වැරදි ...."
"ම..මම දන්නවා... මෙහෙම ඉන්න එක වැරදි... ඒක පව්...ඒක පවක් වේවි...."
ජන්කුක් කියනකොට ටේහ්‍යොන්ග් ජන්කුක්ව ආයෙත් තමන්ගේ පපුවට තුරුල් කරගත්තේ ඔලුව අත ගාන ගමන්...
"ශ්.. මේ අහන්න... මම ඔයාගේ කම්මුල සිප ගත්තා කියන එක පවක් නෙවෙයි...."
ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් ටේහ්‍යොන්ගේ පපුව මතම ඔලුව එහාට මෙහාට වැනුවා...
"මට දැනෙන දේවල්.. ඒ දේවල් වැරදි... මම මේකට කැමති වෙන එක වැරදි... ම..මම ආවේ ඒකයි... මට ඕන උනේ නැහැ අපහසුවට පත් වෙන්න...."
ජන්කුක් එක දිගට කියවන් යනකොට ටේහ්‍යොන්ග් කිචන් කවුන්ටර් එකට හේත්තු වෙන ගමන් ජන්කුක්ව තමන්ගේ ඇගට බර කර ගත්තා...
"එහෙම නැහැ... හැගීම් තියෙන්නේ දැනෙන්න... ඒවා කවදාවත් වලක්වන්න බෑ... අපිට බෑ එහෙම හැගීම් වලින් පැනලා යන්න... "
ටේහ්‍යොන්ග් එහෙම කීවත් ටේහ්යොනුත් කරේ ඒ හැගීම් වලින් පැනලා යන්න ජන්කුක්ව මග ඇරපු එක වෙනකොට, ටේහ්‍යොන්ග්ට නිශ්චිත භාවයක් තිබුනේ නෑ.. ඒත්.. ටේහ්‍යොන්ග්ට ඕන උනේ නෑ ජන්කුක්ට දැනෙනවානම් ඒ මොහොතෙම ඒ දේවල් මරලා දාන්න.... කවදාවත් කා ගාවවත් දැනුනු නැති මේ සැනසීම අද මේ පුන්චි තරුනයා ගාවින් දැනෙනකොට ටේහ්‍යොන්ගේ මනස හරිම සැහැල්ලු බවකින් පිරිලා ගියා...
ටේහ්‍යොන්ගේ නිරුවත් පපුව මතින් පෙරිලා ගිය කදුලු අතරින් ඔලුව ඉහලට එසෙව්ව ජන්කුක් තමන්ගේ ඇස් උස්සලා ටේහ්‍යොන්ග් දිහා බැලුවා....
"දැනෙනවද... ඒවා ඒ විදියටම .. මට දැනෙන හැමදේම දැනෙනවද මිස්ටර් කිම්ටත් ඒ විදියටම...."
ජන්කුක් හරිම බොලද විදියට එහෙම ඇහුවම ටේහ්‍යොන්ග් යන්තමින් හිනා වෙන ගමන් තමන්ගේ මහපට ඇගිලි දෙකෙන් ජන්කුක්ගේ ඇස් දෙක පිහලා දැම්මේ, තැලෙන්නේ නැති වෙන්න හරි පරිස්සමින් පිනි බින්දුවක් මලකින් අයින් කරනවා වගෙයි....
කලාතුරකින් පේන ඒ හිනාව ඇතුලේ ජන්කුක්ට ඕන හැම දේම ලියවිලා තිබුනා... එය කොතරම් දුරකට නිවැරදිද නොදන්නවා උනත් ඒ හැගීම් හිත් ඇතුලටම දැනෙනකොට ආයෙත් ආපසු හැරෙන්න තරම් ලෝබ හිතෙන තරම් ඒ දැනුනු හැමදෙයක්ම උණුසුමෙන් ගිලිලා තිබුනා....
.
.
.
.
.
.
--දැනෙන හැගීම් වලට, නම් කිරීමක් අවශ්‍යමද...?
.
.
*********************
__________________________Dark_Sunshiner 🤍🥀
අප්ඩේට් වැඩී වගේද...?🙊
Thanks for reading...♥️
To be Continued...
2023/05/09
Bạn đang đọc truyện trên: AzTruyen.Top