|12|

අලුත් තැන ටිකක් නුහුරු උනත් ජන්කුක් තමන්ගේ බඩු අස් කරලා සෝෆා එක උඩට වැටුනේ මහන්සියට... උදේ ඇවිත් බඩු ටික දාලා රෝහලට ගිහින් හවස ඕෆ් වෙලයි ජන්කුක් ආවේ... රෝහලේ ඉදන් එච්චර දුරක් නොතිබ්බ හින්දා තමන්ගේ කෑමට අවශ්‍ය දේවල් ටිකක් මිලදී අරන් ජන්කුක් ඇවිත් තමන්ගේ බඩු අස් කරා... නාන කාමරයක් ,ඇදක් කිචන් එකක් තියන ලොකු කාමරයක් උනත් ඒක එයා හිටපු කාමරේ තරම් සුවපහසු හැගීමක් ගෙනාවේ නෑ..

ටේහ්‍යොන්ග්ට දැනුම් නොදී ආපු එක ගැන වරදකාරී හැගීමක් දැනුනත් , ටේහ්‍යොන්ග් අවදි වෙලා ඉන්න වෙලාවට එයා ඉස්සරහට ගිහින් ප්‍රතික්ශේප වෙලා තමන්ගේ හිත රිද්දගන්න ජන්කුක් බය උනා... තමන් කවදාවත් දන්නේ නැති ටේහ්‍යොන්ගේ මේ හැසිරීම් ජන්කුක්ට මෙච්චර රිද්දන්නේ ඇයි කියලා ජන්කුක්ට තේරුනේ නැතත් ජන්කුක් දැනන් හිටියා ටේහ්‍යොන්ග් සම්බන්ද හැම දෙයක් ගැනම තමන් ඕනවටත් වඩා සංවේදී වෙනවා කියලා.... ටේහ්‍යොන්ග් ගැන හරිම ලෙංගතු හැගීම් තමන්ට දැනෙනවා කියලා, ඔහුගේ යටතේ ඔහුව බලාගන්න, ඔහු ගාවින් රැදෙන්න තමන් කැමති කියලා ජන්කුක් දැනන් හිටියා... ඉතින් එහෙම වෙනකොට ටේහ්‍යොන්ග් ජන්කුක්ව මගාරින එක , ඒක ජන්කුක්ට රිද්දුවා....

.




.


.



.




.

ටේහ්‍යොන්ග් උදේ දැනගත්තු දේත් එක්ක තමන්ගේ වැඩ වලට පිටත් උනත්, හරි ලේසියෙන්ම තමන්ගේ වැඩ ගොඩාක් අවුල් කරගත්තේ තමන්ගේ මනස එක තැනක නැති හින්දා කියලා තේරෙනකොට ඔක්කොම වැඩ නවත්තලා කාර්‍යාලයට ආවා...

ඒත් ඒකෙත් ජන්කුක්ට වෙන් කරලා තිබුනු පොඩි මේසේත් එක්ක ටයිපින් මැශින් එක දකිනකොට, ටේහ්‍යොන්ග්ට පෙනුනා ඇස් දෙකත් හීනී කරන් කහ පාට ආලෝකයෙන් ටයිප් කරන ජන්කුක්ගේ දසුන... පේලියක් ගානේ ඉවර වෙනකොට ටිං.. ගාලා සද්දෙත් එක්ක වේගෙන් ආයෙත් තමන්ගේ වැඩ පටන් ගන්න ජන්කුක් මැවිලා පේන්න පටන් ගන්නකොට ටේහ්‍යොන්ග් තමන්ගේ අත් දෙකෙන්ම කොන්ඩේ ඇදගත්තේ තමන්ගේ ඔලුව හරි අවුල් කියලා ටේහ්‍යොන්ග්ට දැනෙනකොට...

සුපුරුදු විදියටම හවස් වරුව පහු වෙනකොට ටේහ්‍යොන්ග් කාර්‍යාලේ දොර වහන ගමන් තමන්ගේ හිස් වැස්ම දාගෙන ගල් අතුරපු පාර දිගේ ඇවිදන් ගියේ ඔහේ ඇවිදන් යන විදියට...

තමන් මේ ටිකේම කාලේ ගෙව්ව කලු පාට හවුස් එක ගාවින් නතර උනු ටේහ්‍යොන්ග් එතන දොර ඇරන් ඇතුලට ගියේ හිස් වැස්මත් එක්ක කබාය එතන හිටන් හිටපු කෙනෙක් අතට දෙන ගමන්...

ඇතුලේ අඩ නිරුවතින් සැරසුනු කාන්තාවන්ගේ මුවින් පිට වෙන කම්මැලි සංගීතයට සවන් දෙන ගමන් ටේහ්‍යොන්ග් රවුම් මේසයක් මතින් වාඩි උනේ හැමදාමත් ගත්තු බෝතලයක් වේටර් කෙනෙක් ටේහ්‍යොන්ග් ගාවට අරන් එනකොට... තමන්ගේ සාක්කුවෙන් ගත්තු සිගරට් එක දල්වගන්න ගමන් වීදුරුවේ තිබුනු දියරය තොල ගන්න ගත්තු ටේහ්‍යොන්ගේ හිත වෙනදා තරම් නිදහස් උනේ නෑ...

වෙනදා උවමනාවෙන් අමතක කරන්න හදපු දේ අද අමතක කරන්නවත් ලග නෑ කියලා දැනුනම ටේහ්‍යොන්ග්ට හැම දේම එපා උනා...

"ම්ම්හ්..."

තමන්ගේ බෙල්ලෙන් දැනුනු තොල් වල පහසට ටේහ්‍යොන්ග් සිගරට් එක අලු බදුනට දාන ගමන් ඒ තරුණියගේ ඉන වටේට තමන්ගේ අත යැව්වේ අසිහියෙන් වගේ.... ටේහ්‍යොන්ගේ උකුලෙන් වාඩි උනු තරුණියගේ රතු පැහැ සිල්ක් ඇදුම උඩ අතට විසිරිලා කලවා නිරාවරණය වෙනකොට වීදුරුව මත තිබුනු ටේහ්‍යොන්ගේ අත නිරායාසයෙන්ම ඒ කලවා මත රැදුනා....

උමතුවෙන් වගේ තමන්ගේ ගෙල සිප ගන්න තරුණියව මොහොතකට ඉස්සරහට ඇද්ද ටේහ්‍යොන්ග් ඒ මූන දිහා බැලුවේ මත් ගතියකින්.. නමුත්.. නමුත්.. ඒ බෝල ඇස්, ඔව් හැමදාමත් තමන්ගේ හිත ඇතුලේ වද දුන්නූ බෝල ඇස් මේ ඉස්සරහ ඉන්න මුහුනෙන් පේනකොට ටේහ්‍යොන්ගෙන් කලබල උනු ස්ව්භාවයක් පේන්න තිබුනා...

"ආආහ්...."

උපරිම වින්දනයට පත් වෙමින් හිටපු තරුණිය නැවතත් ටේහ්‍යොන්ග් මතට තද වෙන ගමන් තමන්ගේ අත ටේහ්‍යොන්ගේ කකුල් අතරට අරන් ගියේ අසිහියෙන් වගේ... තමන්ගේ සාමාජිකයා මත එහා මෙහා යන අත්ලේ පහස දැනෙනකොට වෙනදා වගේ වින්දනයක් දැනුන් නැති ටේහ්‍යොන්ග් තරුණියගේ බෙල්ලෙන් තද කරලා එහාට ඇදලා දැම්මේ තමන්ගේ ඇස් වලට පේන දේවල් තමන්ගේ ඔලුව පුරා විකාර වෙනකොට...

"එහාට පලයන්...."

ටේහ්‍යොන්ග් ආයෙත් තමන්ගේ ඇගේ ඇතිල්ලෙන තරුණියට කෑ ගැහුවේ මොහොතකට වටේ පිට හිටපු අයගේ අවදානයත් ඒ පැත්තට යොමු කරගෙනයි... ටේහ්‍යොන්ග්ට ඒ ගැන හිතන්න සිහියක් තිබුනේ නෑ වගේම ඉදන් හිටපු තැනින් නැගිටලා සාක්කුවෙන් ඇදගත්තු නෝට්ටු කීපයක් කවුන්ටරය මතින් තියන ගමන් දොර ගාවට ඇවිදන් ගියා... තමන්ගේ කබායත් හිස්වැස්මත් අරන් කලුවර පාර දිගේ ඇවිදන් යන ටේහ්‍යොන්ග්ව පෙනුනේ පිස්සෙක් වගේ...

ටික වෙලාවක් ගත වෙනකොට ලොකු ගස් වලින් ආවරණය උනු මාවතක් අතර මැද ටේහ්‍යොන්ග් නැවතිලා හිටියා... හරියටම පුන්චි තාප්ප වලින් වෙන් උනු අංක ගහපු විශාල දිග ගොඩනැගිල්ලේ කහ පාට ආලෝකය ජනෙල් පියනක් අතරින් පෙරිලා ආපු කොටසක් ඉස්සරහා ලොකු ගහකට හේත්තු වෙලා ටේහ්‍යොන්ග් හිටියේ එක දිගට ඉදිරිය බලාගෙන...

මුලු සිතියමක දිග පලල එක්ක අතුරු පාරවල් දන්න ටේහ්‍යොන්ග්ට ජන්කුක් ඉන්න ක්වාටස් එක අසිහියෙන් උනත් හොයාගන්න අපහසුවක් තිබුනේ නෑ... ඉතින් ටේහ්‍යොන්ග් ඒ ජනෙල් පියන දිහා බලන් හිටියේ කොයි මොහොතේ හරි තමන් බලාපොරොත්තු වෙන චායාව එතනින් දකින්න ලැබෙයි කියලා...

ටේහ්‍යොන්ගේ රතු පාට උනු හීනි ඇස් දෙකෙන් ලා කහ පාට එලිය දිලිසෙනකොට, එක වතාවක් එහාට මෙහාට ගිය ජන්කුක්ගේ රූපයත් එක්ක ටේහ්‍යොන්ග් තමන්ගේ අතකින් ගලවන් හිටපු හිස්වැස්ම දාගෙන එතනින් ඇවිදගෙන ආවෙ සිගරට් එකක් තමන්ගේ තොල් අතර රදව ගන්න ගමනුයි....

.




.



.




.




.





.

____________________

ටේහ්‍යොන්ග් දවල් වරුව වෙනකොට තමන්ගේ කාර්‍යාලයේ දොර වහලා පාර දිගේ ඇවිදගෙන ගියේ හොද හුස්මක් ගන්න ගමන්.... කුලී රතයකට අත දාලා ගොඩ උනු ටේහ්‍යොන්ග් ටික්කින් රෝහල ඉස්සරහින් බැහැලා කාසි කිහිපයක් රියදුරා අතින් තිබ්බේ යන්තම් හිනා වෙන ගමන්....

දැන් දවස් කීපයක ඉදන් ටේහ්‍යොන්ග් දිගටම මේ වැඩේ කරන් ගියේ තමන්ගේ තුවාලේ උඩින් දාලයි... වෙනදට නිකමට තුවාලෙට බේත් නොදමන ටේහ්‍යොන්ග් දැන් දවසක් ඇර දවසක් කරන්න ඕනේ වැඩේ කරන්න දවස ගානේ රෝහලට එන්න පුරුදු වෙලා තිබුනා...

තමන්ගේ අත් ඉස්සරහට දික් කරලා වෙලාවත් බලපු ටේහ්‍යොන්ග් රෝහලේ බේත් දාන කොටසට ඇවිදන් ගියේ අද මැහුම් අයින් කරන්න තියන දවස හින්දා....

ටේහ්‍යොන්ග් ගිය ගමන් හෙදියෝ ඇවිත් ටේහ්‍යොන්ග්ට අවශ්‍ය දේවල් හොයලා බලලා කරලා දුන්නත්, අදත් ටේහ්‍යොන්ගේ ඇස් දෙක වටේම සැරි සැරුවේ තමන් බලාපොරොත්තු වෙන රුව තියෙයිද බලන්න...

ඇතුලත කොරිඩෝවෙ පුටු පේලියෙන් වාඩි වෙලා හිටපු ටේහ්‍යොන්ග් සාක්කුවට අත දාලා පොඩි කොලයක් අරන් දිග ඇරියේ තමන්ගේ වෙලාව නිවැරදීද බලන්න... කාගේ හරි කාලසටහනක වෙලාවන් ඒ කොලේ සදහන් වෙලා තියනකොට ටේහ්‍යොන්ග් ආයෙත් ඒ කොලේ සාක්කුවට දා ගත්තා..

"මිස්ටර් කිම් , දැන් ඇතුලට යන්...."

හෙදියක් ඇවිත් ටේහ්‍යොන්ග්ට ආචාර කරන ගමන් කතා කරනකොට ටේහ්‍යොන්ග් ඔලුව හොලවන ගමන් නැගිට්ටා... තමන්ගේ කබාය හෙදිය අතට දෙන ගමන් ටේහ්‍යොන්ග් ගිහින් ඇදෙන් වාඩි උනාම හෙදිය කතුරු , පුලුන්, අල්ලුම් ආදිය සූදානම් කරන ගමන් එහාට ගියා....

"මන් පරක්කුද...."

තමන්ගේ කෝට් එක දාන ගමන් කලබලෙන් ඇතුලට ආපු වෛද්‍යවරයාගේ හඩින්ම ටේහ්‍යොන්ග් ඒ කවුද කියලා කොල පාට තිර රෙදි අතරින් නොපෙනුනත් තේරුම් ගත්තා...

"නෑ. ඩොක්ටර් ජෝන්... "

හෙදිය එහෙම කියන ගමන් ඇද ගාවට ඇවිදන් එනකොට ටේහ්‍යොන්ග් මූනේ ඇදුනු ලා හිනාව මකාගන්න ගමන් ඇදේ හාන්සි උනේ යම් සතුටකින්... මොකද මේ මොහොතට ටේහ්‍යොන්ග් දවස් කීයක් වැය කරාද කියලා ටේහ්‍යොන්ග්ම විතරයි දැනන් හිටියේ....

"ඔහ්..."

අතට රබර් අත් වැසුම් දෙක දාන ගමන් ඇවිදන් ආපු ජන්කුක්ගේ කට ඇරුනේ ඇදේ වැතිරිලා ඉන්න ටේහ්‍යොන්ග් දැක්ක ගමනුයි... ඒත් ඒ ඉක්මනින් තමන්ගේ කට ඇරලා කතා කරේ හිනා වෙන ගමන් ටේහ්‍යොන්ගේ ශර්ට් එකේ බොත්තම් ගලවන්න හදන හෙදියට....

"ක්හ්ම්... මම මේක කරන්නම් ඔයා දැන් යන්න...."

ජන්කුක් ටිකක් ගැඹුරින් කීවම හෙදිය තමන්ගේ අත් දෙක අහකට ගත්තේ ජන්කුක් දිහා අපහසුවෙන් බලන ගමන්...

"ඒත්..ඩොක්ටර්..."

"මන් මොකක්ද කීවේ..."

ජන්කුක් ටිකක් තදින් කීවම හෙදිය ඔලුව නවන ගමන් කාමරෙන් එලියට ඇවිදන් ගියා....

එතනින් පස්සේ තමන්ගේ වෙව්ලන අත් දෙක සන්සුන් කරගන්න ගමන් ජන්කුක් හෙමීට ටේහ්‍යොන්ගේ බොත්තම් එකින් එක ගැලෙව්වා.... තමන්ගේ මූන මතට යොමු වෙලා තියන තියුනු ඇස් දෙකක බැල්ම ජන්කුක්ට දැනුනත් ජන්කුක් ඒ දිහා නොබලා ඉන්න පරිස්සම් උනා....

හෙමීට මැහුම් කපලා තුවාලේ පිරිසිදු කරලා ඇතුරුම් බෙහෙත් එක්ක ආයෙත් වෙලුම් පටි ඔතපු ජන්කුක් තමන්ගේ අත් වැසුම් දෙක ගලවන ගමන් යන්න හැරුනත් තමන්ගේ අත තද දේක පැටලෙනකොට ජන්කුක් ඉබේම නැවතුනා...

කොච්චර බය උනත් ජන්කුක් තමන්ගේ ඇස් උස්සලා ඒ හීනි ඇස් දිහා බැලුවේ සමාව අයදින බැල්මකින්... එහෙම බැල්මක් තමන් හෙලන්න හේතුවක් ජන්කුක් නොදන්නවා උනත් තාමත් ජන්කුක්ගේ හිත් කොනේ රැදුනු අපහසු කාරී හැගීම් උඩට එනකොට ජන්කුක් තමන්ගේ අත ටේහ්‍යොන්ගේ අතින් නිදහස් කරගන්න උත්සහ දැරුවා...

"අතාරින්න , මිස්ටර් කිම්...."

ජන්කුක් කීවම ටේහ්‍යොන් ඇදෙන් ඉදගන්න ගමන් තවත් තදින් ඒ පොඩි අත්ල හිර කරගත්තා...

"ඇ..ඇයි ගියේ...."

ටේහ්‍යොන්ග් එච්චරමයි ඇහුවේ ජන්කුක් තමන්ගේ අත ගසලා ගන්න ගමන් කාමරෙන් එලියට ඇවිත් වේගෙන් ඇවිදගෙන ගියේ තමන්ගේ ඇස් වලින් ආපු කදුලු හන්ගන්න වගේ....

ලොකු හුස්මක් පාතට දාපු ටේහ්‍යොන්ග් තමන්ගේ ඇදුම් ඇදගන්න ගමන් එලියට ඇවිදගෙන ආවේ කලකිරීමෙන්.. ඒ වෙලාවේ ඊට වඩා දෙයක් ටේහ්‍යොන්ග්ට කියන්න බැරි උනා ..

ටේහ්‍යොන්ග් කවදාවත් කවුරුත් ඉස්සරහා බැගෑපත් වෙන කෙනෙක් නෙවෙයි, ඉතින් කාගෙවත් හිත හැදෙන සැනසිලි බස් කියන්න... ආදරණීය දේවල් කරන්න, ටේහ්‍යොන්ග් දැනගෙන හිටියේ නෑ..ඉතින් ටේහ්‍යොන්ග් පසුතැවුනා තමන්ගේ නොහැකියාවට... ටේහ්‍යොන්ග්ට කියන්න ඕන උනා ආයෙත් ජන්කුක්ට එන්න කියලා, එයා නැතුව සමහර විට ටේහ්‍යොන්ග්ට , ගෙදර පාලුයි කියලා , ඒත් ටේහ්‍යොන්ග්ට ඒ කිසි දෙයක් කියාගන්න බැරි විදියට ටේහ්‍යොන්ග් ගොලු වෙලා හිටියා....

.




.




.




.




.

ජන්කුක් තමන්ගේ වැඩ මුරය ඉවර වෙලා රෝහලෙන් පිට වෙනකොට ටිකක් රෑ වෙලා තිබුනා... තමන්ගේ බෑග් එක කරෙන් දාගෙන කබාය තුලට ගුලි ගැහෙන ගමන් ජන්කුක් තමන්ගේ ක්වාටස් පැත්තට ඇවිදන් ගියේ හදත් වැහෙන්න අහසේ පිරිලා තිබුනු අදුරු වලාකුලු දිහා බලන ගමනුයි....

කබා සාක්කුවෙන් ගත්තු යතුර අතට ගුලි කරගන්න ගමන් ජන්කුක් ටිකක් වේගෙන් ඇවිදන් මාවත දිගේ දුවන් ආවෙ ලොකු වැහි බින්දු එක දෙක අහසින් වැටෙනකොට.... ජන්කුක් තමන්ගේ කොටසට ලං වෙනකොට බිංදු වැස්ස ලොකු වැස්සකට පරිවර්තනය වෙලා තිබ්බා... පොඩි ගේට්ටුව ඇරලා පඩි දෙක නගින ගමන් ජන්කුක් යතුර අගුලට දාලා දොර ඇරියේ අතින් තමන්ගේ කොන්ඩේ ගසන ගමනුයි....

දොර වහලා කබාය ගලවලා දාන ගමන් වීදුරු කවුලුව ගාවින් හිටගත්තු ජන්කුක් පරිසරය දිහා එබිලා බැලුවේ හයියෙන් වහින වැස්ස හුලගත් එක්ක කඩාගෙන වැටෙනකොට... ඒත්... ජන්කුක් එක පාරට දැක්කේ තමන්ගේ කාමරේ ඉස්සරහම ගහ යට කබා සාක්කු දෙකට අත් දෙක දාගෙන බලන් ඉන්න ටේහ්‍යොන්ග්ව... ජන්කුක්ගේ පපුව වේගෙන් ගැහුනා...

ටේහ්‍යොන්ග් මේ හැමදාකම ආවත් අද තමයි ජන්කුක් ටේහ්‍යොන්ග්ව දැක්කේ... ජන්කුක් ඉක්මනට දොර ගාවම තිබුනු කුඩය ගන්න ගමන් දොර ඇරියේ හයියෙන් ආපු හුලගත් එක්ක ආපු හිරි පොදින් ජන්කුක්ව තෙමෙනකොට... ඒ ගැන හිතන් නැතුව ජන්කුක් කුඩේ දිගෑරගෙන ටේහ්‍යොන්ග් ගාවට පොඩි පාර හරහා දුවන් ආවේ කිසිස්ම ගානක් නැතුව මහ වැස්සේ තෙමෙන ටේහ්‍යොන්ග් දිහා බලාගෙන... ජන්කුක් ටේහ්‍යොන්ග් ගාවටම ඇවිත් ටේහ්‍යොන්ග්ට ඉහලින් කුඩේ අල්ලනකොටත් ටේහ්‍යොන්ග් ඒ බලන් හිටපු විදියටම ජන්කුක්ගේ ඇස් දිහා බලන් හිටියේ හරිම සන්සුන්වයි...

"ඇ..ඇයි මේ... ඇයි මේ තෙමෙන්නේ..."

ටේහ්‍යොන්ගේ අතින් අල්ලලා හොලවලා ජන්කුක් වැස්සේ ශබ්දයා පරයා කෑ ගහලා අහනකොට ටේහ්‍යොන්ග් බලන් හිටියේ සුදු දුහුල් කමිසය වතුරට තෙමිලා ජන්කුක්ගේ ඇගටම ඇලිලා තිබුනු විදිය දිහයි... තමන්ගේ ලොකු කලු පාට කබාය ගලවලා ජන්කුක්ගේ වටෙන් ආවරනය කරපු ටේහ්‍යොන්ග් ඒ ඉන වටෙන් අත දාන ගමන් තමන්ගේ ලගට ඇදගෙන ගහට හේත්තු උනේ ජන්කුක් එක පාරට උන දෙයින් තමන්ගේ අතේ තිබුනු කුඩේ මිට තදින් මිරිකලා අල්ලගන්නකොට....

"ආයෙත් යන්... අපි ගෙදර යන්...."

ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ මූනට පාත් වෙලා මිමිනුවාම ජන්කුක් තමන්ගේ මූන පාතට හරව ගත්තා....

"මෙහෙ බලන්න...."

ජන්කුක්ගේ නිකටින් අල්ලලා මූන උඩට ඉස්සුව ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ඇස් දිහා බලන් හිටියේ හිතේ ඇදුනු අමුතූ සෙනෙහසින්...

වතුර බින්දු බේරෙන ඒ කිරි සුදු පාට නලලින් හාදුවක් තවරපු ටේහ්‍යොන්ග් ජන්කුක්ව තමන්ගේ පපුවට තුරුල් කරගත්තේ, හරියට තමන්ට කියන්න ඕන හැමදේම ජන්කුක්ට දැනෙන්න අරින වගෙයි...

මහා හයියෙන් වහින වැස්ස මැද ඒ උණුසුම් දැඩි පපුවට හේත්තු වෙලා ජන්කුක් හයියෙන් ඉකි ගහ ගහ මෙච්චර දවසක් දැනුනු වේදනාව පිට කරේ තමන්ගේ නිකට ඒ හිස් මුදුන මත තියාගෙන ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කොන්ඩේ අතරින් ඇගිලි යවලා අතගානකොට....

එක් ආදරණීය මොහොතක්ද...සමහර විට එය නොසිතූ තරම් ආදරණීයව දැනෙන්නට ඇත....

.






.






.






.





.






.

*********************

___________________________Dark_Sunshiner 🤍🥀




Thanks for reading....♥️

To be Continued....

2023/05/09

Bạn đang đọc truyện trên: AzTruyen.Top