|08|

සීතල කාලගුනයක් පිරිලා තිබුනු වෙලාවක රාත්‍රී ආලෝකයෙන් පිරුනු පදික වේදිකාව දිගේ ජන්කුක් ඇවිදගෙන ආවේ මහන්සියෙන් උනත් හිතේ තිබුනු තෘප්තිමත් ස්වභාවයෙන්.... ‍රෝහලේ වැඩ කොච්චර අමාරු උනත් ටේහ්‍යොන්ග් එක්ක අරන් තිබුනු අත්දැකීම් එක්ක සමහර දේවල් ගොඩාක් පහසු උනා.... ජන්කුක්ට ගොඩාක් එලියේ වැඩ කරන්න තුවාල උනු කදවුරු වල අයට ප්‍රතිකාර කරන්න වගේ දේවල් වලට යන්න උනෙත් ඒ හින්දාමයි... ඒකෙන් තමන්ගේ අත්දැකීම් වැඩි වෙන එකත් එහෙම ප්‍රතිකාර කරන එකෙන් හිතට ඇතිවෙන තෘප්තිමත් හැගීමටත් ජන්කුක් ආස කරා...

නිතර ටේහ්‍යොන්ගේ වැඩ වලට සම්බන්ධ වෙන්න තරම් නිදහසක් ජන්කුක්ට ඉතුරු නොවුනත් ජන්කුක් සමහර වෙලාවට ටේහ්‍යොන්ගේ වැඩ කරා, මොකද වාර්තා සටහන් ජන්කුක් පිලිවලට හදන්න පුරුදු උනාම ඒ දේවල් ගැන එච්චර බැලුවේ නැති ටේහ්‍යොන්ග් ජන්කුක් නැති උනාම ලේසියෙන්ම ඒවා අවුල් කරගත්තා.. ඒ හේතුව හින්දම ටේහ්‍යොන්ගේ කාර්‍යාලෙට සතියකට දෙකකට සැරයක්වත් ඔලුව දාන්න ජන්කුක් පුරුදු උනා....

ජන්කුක්ට රෝහලේ ක්වාටස් හම්බුනත් විලියම්ගේ ඉල්ලීමත් ටේහ්‍යොන්ගේ කීමත් මත ජන්කුක් ටේහ්‍යොන්ගේ ගෙදරම නැවතුනේ කැමැත්තෙන්.. ජන්කුක්ට තනියම හිටියත් ඒ ගෙදර ඉදලා ජන්කුක් ඒ දේට පුරුදු වෙලා තිබ්බා.... තමන්ට මොනවත්ම නැතුව හැමතැනකින්ම ප්‍රතික්ශේප කරපු කාලේ තමන්ව ලගට ගත්තු කෙනාව එච්චර පහසුවෙන් අමතක කරන්න ජන්කුක් කොහොමත් සූදානම් උනේ නෑ...

ජන්කුක් කබා සාක්කුවට අත දාලා යතුර ගුලි කරගන්න ගමන් ගේට්ටුවෙන් ඇතුලට ගියේ අදුරු වෙලා තිබුනු මන්දිරේ දිහා බලාගෙන... විලියම්ගේ ලගම මිතුරෙක්ගේ මරණයක් හින්දා විලියම් ජන්කුක් උදේ පිටත් වෙනකොටම ගෙදරින් පිට වුනේ අමතර යතුර ජන්කුක් අතට දෙන ගමනුයි... ටේහ්‍යොන්ග් දවස් තුනකින් විතර ගෙදර ඇවිත් තිබුනේ නැති හින්දා ජන්කුක්ට ටේහ්‍යොන්ග්ව හම්බුනේ නෑ, ජන්කුක්ට ගොඩාක් වෙලාවට ටේහ්‍යොන්ග්ව මගෑරුනේ එයාගේ වැඩ කරන වෙලාවල් වෙනස් වෙන හින්දා... ඒ හින්දා ජන්කුක්ට ටේහ්‍යොන්ග්ව එකම ගෙදර හිටියත් මගෑරුනා....

දොර ඇරලා ඇතුලට ඇවිත් දොර වහපු ජන්කුක් විදුලි පහන් දල්වන ගමන් ඇතුලට ගියේ ඒ ඇතුලේ තිබුනු හිස් බවට හිතින් දොස් පවරන ගමනුයි.. උණුසුම් වතුරෙන් නා ගෙන සැහැල්ලු ඇදුමකට මාරු වෙන ගමන් එලියට ආපු ජන්කුක් කුස්සියට ඇවිත් කෑම ලෑස්ති කරන්න පටන් ගත්තා.. ටේහ්‍යොන්ග් එනවද නැද්ද නොදන්නවා උනත් ඒ කෑමත් ලෑස්ති කරලා කෑම ගත්තු ජන්කුක් තමන්ගේ පොත් අරන් ඇවිත් සෝෆා එකෙන් ඉදගත්තේ ටිකන් රෑ වෙනකන් ඇහැරන් ඉන්න... හෙට හවස රෝහලට යන්න තිබුනු හින්දා ජන්කුක්ට අද තමන්ගේ ඉතුරු පාඩම් ටික ඉවර කරගන්න ඕන උනා.....

.






.



.



.



.

අදුරු රාත්‍රියේ මලකඩ කාපු ගේට්ටු පියන් දෙකක් අතරින් එලියට ආපු පුද්ගලයෙක් පාලුවට ගිය මාවත දිගේ ඇවිදගෙන ගියේ මත් ගතියකින්... ගේට්ටු පියන් තුලින් විවර උන සොහොන් කොත් අතරින් ගලන් ආපු සීතල සුලන් ඇගේ වැදීගෙන ගියත් ඒ මූසල තනිකම මකන්න ඒ සුලන් රැලි ප්‍රමාණවත් උනේ නෑ...

මධ්‍යම රාතියත් පහු වෙමින් පැයක් විතර යනකොට ඉස්සරහ ගේට්ටු පියන් ඇරෙන ක්‍රීන් ශබ්දයට ජන්කුක් තමන්ගේ පොත පැත්තකින් තියන ගමන් නැගිට්ටා... අහන් හිටියත් කුලී රතයක ශබ්දයක් ඇහුනේ නැති හින්දා ඒ වෙලාවෙ කවුද එන්නේ කියලා ඔරලෝසුව දිහා බලපු ජන්කුක්ට හිතාගන්න බැරි උනා...

ඒත් ඉදිරිපස දොර ඇරගෙන බිත්ති වලට අත තියමින් ඉස්සරහට එන ටේහ්‍යොන්ග්ව දැක්කම ජන්කුක්ගේ ඇස් දෙක පුදුමයෙන් මහත් උනා, ජන්කුක් මේ හිටපු මුලු කාලේ පුරාවටම ටේහ්‍යොන්ග්ව මේ විදියට දැකලා තිබුනේ නෑ කිව්වොත් හරි....

බිමට පහත් උන මූන පැහැදිලිව පෙනුනේ නැතත් පැත්තකට ඇල උන ටේහ්‍යොන්ග්ව ජන්කුක් තදින් අල්ලගත්තේ බිමට වැටෙන්න නොදියි..

"එහාට වෙනවා විලියම්, උබ දන්නවා මාව අල්ලනවට මම කැමති නෑ කියලා..."

ජන්කුක්ගේ අත් දෙක ගසමින් බිත්තියට වාරු උන ටේහ්‍යොන්ග් කීවත් ජන්කුක් ටේහ්‍යොන්ග්ව ආයෙත් අල්ලගත්තා...

"ශ්..ශ්..... මිස්ටර් කිම් මේ මම ජෝන්....."

"ජෝන්... මගේ ජෝන්...."

ඒ මොහොතෙම බාගෙට පිය උන ඇස් දෙකෙන් කෙලින් උන ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ උරහිස් දෙකෙන් අල්ලලා තද කරලා ඒ හැඩි දැඩි පපුවට තුරුල් කරගත්තේ ජන්කුක්ට මුකුත්ම හිතාගන්න බැරි වෙනකොට.... 'මගේ ජෝන්' අහේතුවකට ඒ වචන ටික පපුවට බරට දැනෙනකොට ජන්කුක්ගේ හදවත හයියෙන් ගැහෙන්න ගත්තේ ටේහ්‍යොන්ගේ පපුව ගැඹුරෙන් එන සුවදින් තමන්ගේ හුස්ම පිරෙනකොටයි...

තමන්ගේ වටේ තදින් තිබුනු අත් ඈත් කරන ගමන් ජන්කුක් ටේහ්‍යොන්ගෙන් ඈත් වෙලා ටේහ්‍යොන්ග්ව වාරු කරගන්න ගමන් ටේහ්‍යොන්ගේ කාමරේ දිහාට ඇවිදන් ගියේ අමාරුවෙන්... කලින් වතාවේ ජන්කුක් ආවටත් වඩා වැඩි දෙයක් වෙනස් වෙලා තිබුනේ නැති ටේහ්‍යොන්ගේ කාමරේ ඇතුලට ආපු ජන්කුක් ටේහ්‍යොන්ග්ව ඇදෙන් වාඩි කරාම ටේහ්‍යොන්ග් මත් ස්වභාවයත් එක්ක වෙහෙසට ඇදට වැටුනා....

ජන්කුක් හෙමින් පාත් වෙලා ටේහ්‍යොන්ගේ සපත්තු දෙක ගලවලා ආයෙත් නැගිටලා ටේහ්‍යොන්ගේ කබාය ගලවන්න නැමුනත් ටේහ්‍යොන්ග් ජන්කුක්ව ඇදලා ගන්නකොට ජන්කුක් තමන්ගේ අත් දෙක ඇදට තද කරත් ආයෙත් ජන්කුක් ටේහ්‍යොන්ගේ පපුවේ වැදුනා....

"මිස්ටර් කිම් ,.."

ටේහ්‍යොන්ගේ මේ මත් උන හැසිරීම දැනගෙන ජන්කුක් කතා කරත් ටේහ්‍යොන්ග් ජන්කුව ආයෙත් තදින් බදාගත්තේ ජන්කුක්ට හෙලවෙන්න බැරි වෙන්න..

"මන් ඔයාගේ හ්‍යුන්ග්... එහෙම කතා කරන්න....මේ නම් ඔයා දන් නෑනේ..."

ටේහ්‍යොන්ග් යන්තම් මුමුනන්නකොට ජන්කුක් තමන්ගේ ඔලුව උස්සලා ටේහ්‍යොන්ගේ මූන දිහා බැලුවේ ගැහෙන ඇස් වලින්... මේ කියන දේවල් ප්‍රෙහෙලිකාවක් වගේ දැනුනත් ඒ මොකක්ද කියලා අහ්න්න තරම් හයියක්වත් ,හැකියාවක්වත් ජන්කුක්ට තිබ්බෙ නෑ...

"හ..හ්‍යුන්ග්...."

හරි අමුත්තක් දැනුනත් ජන්කුක් හෙමින් කතා කරාම ටේහ්‍යොන්ග් තමන්ගේ මත් උන ඇස් වලින් ජන්කුක්ගේ මූන දිහා බැලුවේ හිනා වෙන ගමන්.. ඒක, කියන්න අපහසු හිනාවක් , හරියට තේරුම්ගන්න අමාරු, එකම එක පාරකට විතරක් දකින්න පුලුවන් උන හිනාවත්...

"මගේ ජෝන්.... හ්‍යුන්ගේ පුන්චි ජෝන්..."

ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ඔලුව තමන්ගේ උරහිසේ තියාගෙන තුරුල් කරන් මුමුනනකොට ජන්කුක්ගේ ඇස් වල කදුලු පිරුනා.... ආයෙත් ජන්කුක්ට නැගිටගන්න බැරි වෙනකොට ජන්කුක්ට ඒ අත් අතරේ තද වෙලා ඉන්න එකත් අමුතුවට දැනුනා...

.




.




.




.

පැය එක දෙක ගත වෙලා උදේ වෙනකොට විශාල ඇදේ තාමත් කලින් ඇදපු සම්පූර්ණ ඇදුමෙන්ම සැරසිලා හිටපු ටේහ්‍යොන්ග්ට නින්ද ගිහින් තිබ්බා වගේම ටේහ්‍යොන්ගේ උරහිසේ ඔලුව තියන් ඒ අත් අතරට තුරුල් වෙලා ජන්කුක්ටත් නින්ද ගිහින් තිබුනා.... බ්ලැන්කට් එකක් නොතිබ්බ නිසා ජන්කුක්ගේ අත් දෙක සීතලට ටේහ්‍යොන්ගේ පපුව මැදට තුරුල් වෙලා තිබුනා.... ඒ නිශ්ශබ්ද උදෑසන ටේහ්‍යොන්ගේ ගැඹුරු හුස්ම හඩින් වගේම ජන්කුක්ගේ සිහින් හුස්ම හඩින් කාමරේ පිරිලා තිබුනා...

කලින් දවසේ ඇති උනු මත් ස්වභාවය හින්දා දැනුනු තද ඔලුවේ කැක්කුමත් එක්ක ටේහ්‍යොන්ග් තමන්ගේ ඇස් දෙක ඇරියේ ටිකක් අපහසුවෙන්... එක අතක් උස්සලා තමන්ගේ ඔලුව පිරිමදින ගමන් තමන්ගේ අනිත් අතට දැනුනු බර ගතියට ටේහ්‍යොන්ග් තමන්ගේ ඇස් හැරෙව්වේ කලබලෙන්....

ඒත් ටේහ්‍යොන්ග් තවත් කලබල උනේ තමන්ගේ උරහිසේ ඔලුව තියන් නිදන් ඉන්න ජන්කුක්ව දැක්කාමයි... ටේහ්‍යොන්ග් ගොඩාක් දවසකින් ජන්කුක්ව දැක්කත් ඒ දකින් අවස්තාවේ තමන්ගේ තුරුලේ නිදන් ඉන්න එක ටිකක් අමුතු උනා, මොකද කලින් උන කිසි දෙයක් ගැන පැහැදිලි මතකයක් ටේහ්‍යොන්ග්ව තිබුනේ නෑ...

ජන්කුක්ට දැනෙන්නේ නැති වෙන්න තමන්ගේ අත ජන්කුක්ගේ ඔලුවට යටින් ගත්තු ටේහ්‍යොන්ගේ ජන්කුක්ගේ කඩන් වැටෙන ඔලුව කොට්ටෙන් තිබ්බේ හොද හුස්මක් ගන්න ගමන්... තමන් ගාවින්ම ආපු මත් ගදත් ලොකු කබාය නිසාත් දැනුනු අපහසුවට ටේහ්‍යොන්ග් ඇදෙන් බැහැලා ඇවිද්දත් කකුල් දෙකට දැනුනු සීතලත් එක්ක කවුරු හරි තමන්ගේ සපත්තු ගලවලා කියලා ටේහ්‍යොන්ග්ට තේරුනා...

ජන්කුක් දිහා බලලා පොරෝනය පොරවපු ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ උන්ඩු උනු අත් දෙකත් පොරෝනය ඇතුලට කරලා නාන කාමරය වැදුනේ පිරිසිදු වෙන්න...

ටේහ්‍යොන්ග් පිරිසිදු වෙලා ආයෙත් කාමරේට එනකොට ජන්කුක් ඇදේ හිටියේ නෑ වගේම ටේහ්‍යොන්ගේ පොරෝන නමලා ඇද රෙදි පිලිවලට හදලා ඇද අස් කරලා තිබුනා... බිම වැටිලා තිබුනු සපත්තු මේස් රාක්කෙන් තියලා ඇදුම් සෝදන බදුනට දාලා තිබුනා....

ලොකු හුස්මක් අරන් ඒ හැමදේම දිහා බලපු ටේහ්‍යොන්ග් තමන්ගේ කොන්ඩේ පිහදපු තුවායත් රැක් එකට දාන ගමන් එලියට ආවෙ කල්පනා කරන ගමන්...

"ඔහ්.. මිස්ට කිම් මේ ලෙමන් එක... ඊට පස්සේ කෝපි එක ගේන්නම්..."

ජන්කුක් ඒ වෙනකොටත් පිරිසිදු වෙලා ටේහ්‍යොන්ගේ ලෙමන් එකත් හදන් එන ගමන් හිටියේ....

"හ්ම්ම්..."

වීදුරුව අතට ගත්තු ටේහ්‍යොන්ග් ඉස්සරහට ඇවිදන් ගියේ වෙන කියන්න තරම් දෙයක් තිබුනේ නැති හින්දා....කුතුහලයක් තිබුනත් ජන්කුක්ටත් ඒ දේවල් කියලා ටේහ්‍යොන්ග්ව අපහසුතාවයට පත් කරන්න උවමනාවක් තිබුනේ නෑ.... නැත්නම් ජන්කුක්ට අහන්න ගොඩාක් දේවල් වගේම, දැනගන්න දේවලුත් ගොඩාක් ඉය්හුරු වෙලා තිබ්බ.. ඒත් ඒ වෙහෙස පාට රතු උනු ඇස් දෙක ඒ දේවල් වලට වෙලාව නෙවෙයි කියලා ජන්කුක්ට තේරිම් කරා...

"ක්හ්ම්..ජෝන් අද වැඩ නැද්ද...."

ටේහ්‍යොන්ග් ඇහුවේ කෑම මේසේ තිබුනු ස්‍ර්වියට් එකෙන් කට පිහදාගෙන උදේ කෑම ඉවර කරන ගමනුයි....

ජන්කුක් හප හප හිටපු කට ඉක්මනට ගිලලා ලස්සනට හිනා උනා...

"අද දවල් යන්න තියෙන්නේ මිස්ටර් කිම්..."

ජන්කුක් කීවම ටේහ්‍යොන්ග් ඔලුව වනන ගමන් පයිප් එක දල්වගත්තා....

මේසෙන් නැගිටලා යන ටේහ්‍යොන්ග් දිහා බලන් ඉන්න ගමන් ජන්කුක් ඉතුරු කෑම ඔක්කොම කන්න ගත්තේ තමන් හදපු කෑම අපරාදෙ හින්දා.... ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කෑම ගැන ප්‍රතිචාරයක් නොදැක්වුවත් කිසිස්ම ප්‍රශ්නයක් නැතුව වෙනදට කන ප්‍රමානෙම කාපු එකෙන් ටේහ්‍යොන්ග් ගැන දැනන් හිටපු ජන්කුක් තමන්ගේ කෑම හොද මට්ටමේ තිබුනු බව තේරුම් ගත්තා....

.





.




.




.




.

ජන්කුක් ගොඩාක් කාර්‍යබහුලව බෙහෙත් නියම කරමින් ලෙඩ්ඩු බලමින් ගත කරේ කිසිම විවේකයක් නැතුවයි... එක දිගට ආපු රෝගීන්ගේ තිබුනු තුවාල තැලුම් හින්දා ගැටුමක් වෙලා තිබුනා කියලා සාක්ශි තිබුනා....

කිසිම වගකීමක් නැති නිලධාරීන් ගැන ටේහ්‍යොන්ග් එක්ක ඉදලම ජන්කුක්ටත් දැන් කේන්තියක් තිබුනේ...

"ඩොක්ටර් ජෝන්, ඔක්කොම ගැන වාර්තාවක් ගන්න... අපිට විස්තර ඕන කරනවා...."

ටිකක් තද බදය අඩු වෙනකොට ජන්කුක්ට පනිවිඩේ ලැබුනේ අන්තිම මූනිස්සමත් නිලධාරියෙක්ගේ අතකින් එලියට ගන්නකොටයි....බෙහෙත් දාන එක හෙදියන්ට බාර දුන්න ජන්කුක් තමන්ගේ අත් පිරිසිදු කෑගන්න ගමන් කොරිඩෝව දිගේ තමන්ගේ කුඩා කාර්‍යාලයට ඇවිදගෙන ගියා....

ඉහලින් ආපු නියෝගයකට අනුව අද ආපු රෝගීන්ගේ වාර්තාව වෛද්‍යවරයෙක්ටම හදන්න වෙනකොට ජන්කුක් ලැබුනු විස්තර ලියන ගමන් හිටියත් ජන්කුක්ගේ අතින් තින්ත පෑන අතෑරිලා වාර්තාව පුරා තීන්ත විසිරුනේ දැකපු නමත් එක්ක.....

ජන්කුක් තමන්ගේ සුදු පාට කබාය ගසන ගමන් වේගෙන් කොරිඩෝ දිගේ දුවන් ගියේ තමන් හොයන කාමර අංකය හම්බෙනකනුයි...

"දෙයියනේ...."

උඩ තිබුනු වීදුරු කවුලුවෙන් ඇද දිහා බලපු ජන්කුක් දොර ඇරන් ඇතුලට ගියේ ඇස් වලින් කදුලු බේරෙනකොට....

Room no: 0_ - කිම් ටේහ්‍යොන්ග්.

.






.






.







.







.

*******************

__________________________Dark_Sunshiner 🤍🥀

හලෝ, ඉතින් කොහොමද..?
ගොඩාක් දවසකින් නේද,

ඇත්තටම මම දිගටම අප්ඩේට් දෙනවා,
එහෙම නොදී ඉන්නවානම් මට දෙන්න බැරි තත්වෙක මම ඉන්නෙ,

මට ටිකක් ලොකු ප්‍රශ්නයක් උනා,

මං ගැන හොයලා බලපු හැමෝටම ගොඩාක් ස්තූතියි,
මම අප්ඩේට් දෙන්න උත්සහ කරන්නම් පුලුවන් ඉක්මනින්,

කතාව අමතක නොකරට ගොඩාක් තැන්ක්‍යූ....<3💜️

Love you so much..........!<3

Thanks for reading...♥️

To be Continued...

2023/04/28

Bạn đang đọc truyện trên: AzTruyen.Top