|06|
අන්තිම මොහොතෙත් කොලේ උඩ ලියමින් හිටපු වාක්‍ය ඉවර කරලා තීන්ත පෑන මේසේ උඩින් තිබ්බ ජන්කුක් කොල ටික එකතු කරගෙන යන ප්රොෆෙස්ර් දිහා බලන් හිටියේ හිතේ ඇදුනු පොඩි සතුටත් එක්ක...
තමන්ගේ අන්තිම විභාගේ හොදට කරගන්න පුලුවන් උන එක ගැන සතුටක් එක්ක තමන්ගේ බෑග් එක අතට අරන් කොල පෑන් ටික ඔබා ගන්න ගමන් ජන්කුක් එලියට ඇවිදගෙන ආවේ හොද හුස්මක් ගන්න ගමන්...
හුලන් එන පැත්තට මූන අල්ලන ගමන් ඇවිදගෙන ආපු ජන්කුක් විද්‍යාලේ ඉස්සරහා තිබුනු තනකොල වැවුන පෙදෙසට ඇවිදගෙන ගියා...ලස්සනට කහ පාට මල් පිරුනු ගහක් යට තිබුනු ගල් බංකුව උඩින් වාඩි උන ජන්කුක් ගහට ඔලුව හේත්තු කරගන්න ගමන් ඇස් දෙක පියාගත්තා... පහුගිය දවස් ටිකේම නිදි මරන් වැඩ කරපු හින්දා ජන්කුක්ගේ ඇස් යට කලු වෙලා වගේම ඇගත් කෙට්ටු වෙලා තිබුනා... ටේහ්‍යොන්ගේ ගෙදර හිටපු එකේ ප්‍රතිපලයක් විදියට ජන්කුක් ටිකක් පෘෂ්ටිමත් වෙලා හිටියා....
අවට විභාගේ ඉවර උන සතුට සමරන එක එක කට්ටියගේ හිනා සද්ද අතරේ තනියම හිටපු එකම කෙනා උනේ ජන්කුක් විතරයි... එයාට සතුට සමරන්න යාලුවෙක්වත් විභාගේ සතුට සමරන්න ඒක ඉවර වෙනකොට පිලිගන්න කෙනෙක්වත් ජන්කුක්ට හිටියේ නෑ.. පහුගිය ගෙවුනු තමන්ගේ ජීවිත කාලෙම වගේ ඒ දේවල් ජන්කුක් බලාපොරොත්තු උනෙත් නෑ..
දෙමාපියෝ ඇවිත් තමන්ගේ ලමයි එක්ක මල් පොකුරු අරගෙන සතුටින් දවල් කෑමකට ඇවිදගෙන යනකොට , ජන්කුක් තමන්ගේ පරණ බෑග් එකත් තුරුල් කරගෙන බංකුවක් උඩ වාඩි වෙලා හිටියා....
පහුගිය කාලේ ජන්කුක්ට විභාගේ හින්දා ටේහ්‍යොන්ග් ඒ වැඩ වලට ජන්කුක්ව ගාව ගත්තේ නෑ.. ඒත් ජන්කුක් පුලුවන් වෙලාවට ගිහින් උදව් කරත් ටේහ්‍යොන්ග් විභාගේ ඉවරකරගන්න කියලා කියලා තිබුනා.... ටේහ්‍යොන්ග් මොනා උනත් ජන්කුක්ගේ ඉගන ගැනීමට තමයි සහයෝගය දක්වන්නේ කියලා ජන්කුක්ට තේරුනේ ටේහ්‍යොන්ගේ වැඩ වලිනුයි...
මේ වෙනකොට එක පාරටම ටේහ්‍යොන්ග් එක්ක එක එක තැන් වල තොරතුරු හොයන්න, කලන්තේ හැදෙන තරම් බය වෙන චොප්ප උනු මිනී පරීක්ෂා කරන්න, ඉවක් බවක් නැති වාර්තා ගොඩක් හදන්න, අපරාධ ගොනු කරන්න, ටේහ්‍යොන්ග්ව හොයන් කාර්යාලෙට එන මිනිස්සු එක්ක කතා කරන්න.. ඒ වගේ වැඩ වලට ජන්කුක් හොදටම පුරුදු වෙලා හිටියේ.... හරිම භයානක පෙනුමක් තිබ්බත් ජන්කුක් මේ ගෙවුනු මාස ගානට එයාගේ වැඩ හරියටම ඉටු කරපු නිසා ටේහ්‍යොන්ග් ජන්කුක් එක්ක හොදින් කතා කරා.... ජන්කුක්ටත් ටේහ්‍යොන්ගේ එක හොද වචනයක් මහා වටින දෙයක් උනා... සමහර මෝඩ වැඩ කරලා ටේහ්‍යොන්ගෙන් කන පිරෙන්න බැනුම් අහපු අවස්තාත් නැතුවම නෙවෙයි...
ටේහ්‍යොන්ග් දෙන්නේ මොන වැඩේද දෙපාරක් නොහිතා ඒක කරන්න ජන්කුක් පුරුදු වෙලා හිටියා... පොලිසියේ, ඒ වගේම ටේහ්‍යොන්ග් ගැන අවධානය දෙන හැමෝම ටේහ්‍යොන්ගේ මේ අලුත් සහකාරයා ගැන දැනන් හිටියා...
කාර්යාලයෙන් එලියට බැහැලා දුම් වැටියකුත් කටේ තියන් හදිසියේ කුලී රථයකට නගින ටේහ්‍යොන්ග් පස්සෙන් ටේහ්‍යොන්ගේ කබායත් , කලු පාට ලොකු බෑග් එකත් දාන් හිස්වැස්මකුත් එක්ක දොර වහන් දුවන් කලබලෙන් ඒ රථයටම නගින සියුමැලි තරුණයා ඒ අවට ගොඩාක් අයගේ ඇස් වලට සුලබ දසුනක් වෙලා තිබුනා...
.
.
.
.
ජන්කුක් ඉදන් හිටපු තැනින් නැගිටලා එලියට ඇවිදගෙන ආවේ යන ගමන් ටේහ්‍යොන්ගේ කාර්යාලයටත් ගිහින් යනවා කියලා හිත, මොකද මේ දවස් ටිකේ ටේහ්‍යොන්ග්ව අන්තිමට දැක්ක දවසක්වත් ජන්කුක්ට මතක තිබ්බේ නෑ....
"ඔහ්... මිස්ටර් කිම්...ඔහොම ඉන්න..."
ගේට්ටුවට හැරෙන තැනින් එලිය එනකොට විරුද්ධ පැත්තට ඇවිදගෙන යන ගමන් හිටපු ටේහ්‍යොන්ග්ව දැකලා ජන්කුක් කෑ ගහගෙන ගියේ ඒ සද්දෙට ටේහ්‍යොන්ග් හැරිලා බලනකොට.... අදුරු පාට උනු ඇස් වට දෙක ටේහ්‍යොන්ග් මොනා හරි දේකට මහන්සි වෙනවා කියලා පෙන්නලා දුන්නා... ඒත් ජන්කුක්ගේ ඇස් දෙක යොමු උනේ ටේහ්‍යොන්ගේ අතේ පහලට බර වෙලා තිබුනු සුදු පාට මල් පොකුර දැකලා...
"ජෝන්, ඉන්නවද.. මන් හිතුවේ ගිහින් කියලා..."
මල් එක පිටිපස්සට කරගන්න ගමන් ටේහ්‍යොන්ග් ඇහුවාම ජන්කුක් පුදුමෙන් ඇස් උස්සලා බැලුවා.. ටේහ්‍යොන්ගේ කලු පාට ලොකු කබාය නවලා එක අතක තිබුනා වගේම ඇදන් හිටපු ශර්ට් එකේ අත් උඩට නමලා තිබුනු හින්දා කඩවසම් පෙනුමක් ටේහ්‍යොන්ග්ට ලැබිලා තිබ්බා වගේම එතන ගිය ගොඩාක් අය හැරිලා බැලුවා... ටේහ්‍යොන්ග් වෙලාවට ඇවිත් ටිකක් වෙලා ජන්කුක් එනකන් බලන් හිටියා, ඒත් නැති තැනයි ජන්කුක් ගිහින් කියලා හිතලා ආයෙත් යන්න හැදුවෙ...
"ම්ම්.. මේ විලියම් කීවා අද ජෝන්ගේ විභාගේ ඉවරයි කියලා.. ඒ හින්දා මම..."
මල් පොකුර අහක බලන් ජන්කුක් පැත්තට දික් කරන ගමන් ටේහ්‍යොන්ග් අපහසුවෙන් කියනකොට ජන්කුක් ඒ සුදු මල් පොකුර හරිම සතුටෙන් අත් දෙකෙන්ම ගත්තා...
පරිස්සමට මල් පෙති උඩ ඇගිලි තුඩු යවලා හෙමීට සුවද බලපු ජන්කුක් පැනපු ගමන් ටේහ්‍යොන්ග්ව බදාග්ත්තේ ඇස් වල කදුලු පුරෝගෙනයි...
"ගො..ගොඩාක් ස්තූතියි මිස්ටර් කිම්.. ගොඩාක් ස්තූතියි ඔයාට... අද මට ගොඩාක් සතුටුයි..."
ජීවිතේ පලවෙනි වතාවට තමන්ට කියලා කෙනෙක් ඉන්නවා වගේ ජන්කුක්ට දැනුනා... ජීවිතේ පලවෙනි වතාවට මල් පොකුරක් හම්බුනා... විද්‍යාලේ අද ලමයින්ට එයාලගේ දෙමාපියෝ ගෙනත් දීලා තිබුනා වගේම මල් පොකුරක් අද ජන්කුක්ටත් හම්බුනා.. සුදු.... සුදු එච්චර මේ අවස්තාවට ගැලපුනේ නැතත් ජන්කුක්ට මේක ඕනවාටත් වැඩි උනා....
එකපාරටම උන දේ හිතාගන්න බැරි උන ටේහ්‍යොන්ග් තමන්ගේ සාක්කුවේ තිබුනු අත අරන් ජන්කුක්ගේ පිටට තට්ටු කරා... ටේහ්‍යොන්ගේ පුන්චි සහෝදරයත් අද හිටියානම් ටේහ්‍යොන්ග් අද මේ වගේම එයාව බලන්න එන්න තිබුනා...
යන්තම් මූනේ ඇදුනු හිනාවත් එක්ක ජන්කුක්ගේ පිටට තට්ටු දාපු ටේහ්‍යොන්ග් ජන්කුක්ව ඈත් කරේ එතනින් ඇවිදන් ගිය අය බලාගෙන හිටපු නිසයි....
නහය සූස් ගාලා උඩට ඇදලා ගත්තු ජන්කුක්ගේ රතු උනු නහය දැක්කම ටේහ්‍යොන්ග්ට නිකන්ම හිනා ගියා...
"යන්..."
එහෙම කියන ගමන් ටේහ්‍යොන්ග් කබාය උරහිස උඩින් දාන් වේදිකාව දිගේ ඉස්සරහට ඇවිදගෙන යනකොට ජන්කුකුත් හොටු උඩට අදින ගමන් ටේහ්‍යොන්ග් පස්සෙන් ඇවිදන් ගියේ උඩ පැන පැන වගේ....
"මිස්ටර් කිම්... "
"හ්ම්ම්..."
"දැන් කොහෙටද යන්නේ... ගෙදරද යන්නේ... කාර්‍යාලෙටද යන්නේ.. නැත්නම් වෙන කොහෙ හරි වැඩක් තියනවද... "
එක මිමිනිල්ලකින් විතරක් උත්තර හම්බෙන ටේහ්‍යොන්ගේ කන පිරෙන්න එක දිගට ප්‍රශ්න අහන ජන්කුක්ගේ මේ පුරුද්ද ටේහ්‍යොන්ග්ට දැන් පුරුදු වෙලා තිබුනත් සමහර වෙලාවට නොසෑහෙන්න කේන්ති යන්නත් ඒක හේතු වෙලා තිබුනා....
තමන්ගේ පිටිපස්සෙන් ප්‍රශ්න අහ අහ එන ජන්කුක්ව ගනන් ගන් නැතිව ටේහ්‍යොන්ග් ඉස්සරහට යනකොට ජන්කුක් තොල් දෙකත් උල් කරන් ඇවිදන් ගියේ එයාගේ මල් පොකුර හොදට අධ්‍යනය කරන ගමන්...
.
.
.
.
.
"ඕහ්...."
අදුරු පෙනුම තියන තැබෑරුමට ටේහ්‍යොන්ග් පස්සෙන් ඇතුල් උන ජන්කුක් ටිකක් ටේහ්‍යොන්ගේ පස්සට ලන් වෙන ගමන් ඇවිදන් ගියේ ඒ පෙනුමට එච්චර කැමති නැති උන හින්දා....
අද විභාගේ ඉවර උන එකට විශේෂ දෙයක් දෙන්න ඕන උනත් අපරාධ වැහුන ජීවිතේ එච්චර විශේෂ දේවල් නොතිබුනු ටේහ්‍යොන්ග් අන්තිමට හවස් වෙනකොට එයාගේ ඔට්ටු අල්ලන තැබෑරුමට ජන්කුක්ව එක්කන් ආවා... ඒකෙන් ගොඩාක් දේවල් ඉගන ගන්න පුලුවන් වෙයි කියලා විශ්වාසෙකුත් එක්ක...
"වෙනදා වර්ගෙන්ම දෙකක්..."
කවුන්ටර් එක ගාවින් වාඩි වෙන ගමන් හිටපු ගෑනු ලමයට ටේහ්‍යොන්ග් කීවම ලස්සනට හිනා වෙන ගමන් පිටි පස්සට හැරුනු ගෑනු ලමයා අනිත් ඕඩර් තියෙද්දි ටේහ්‍යොන්ගේ ඕඩර් එක දුන්නේ ජන්කුකුත් ටේහ්‍යොන්ග් ගාවින්ම එහා පැත්තෙන් වාඩි වෙනකොට...
ටිකක් ප්‍රසිද්ධ තැබෑරුමක් උන ඒකට ආව ගොඩාක් අය ධනවත් වගේම ඔට්ටු අල්ලන්න පුරුදු උන අය උනා... මත් වෙලා හයියෙන් හිනා වෙමින් කතා කරන මිනිස්සු අතරේ ජන්කුක්ට තමන්ව ගොඩාක් පුන්චියට දැනුනා...
"ආ බොන්න..."
තමන්ගෙ උස කෝප්පේ තොල ගාන ගමන් ජන්කුක් ගාවට වීදුරු කෝප්පේ තල්ලු කරාම ඒක පිරිලා තිබුනු කහ පාට ද්රාවණේ දිහා ජන්කුක් ඇස් ලොකු කරලා බැලුවා... මත් පැන් ගැන දැනුම ගත්තට විහිලුවටවත් ඒවා පාවිච්චි කරලා තිබුනේ නෑ ජන්කුක්...
"මීට කලින් බීලා නෑ කියාල නම් කියන්න එපා.."
ඇස් ලොකු කරන් ඉන්න ජන්කුක්ට ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් තොල් උල් කරා...
"මන් බීලා නෑ තමයි මීට කලින්..."
ටේහ්‍යොන්ග් ගාවට නැවිලා ජන්කුක් හෙමීට කීවම ටේහ්‍යොන්ග් හයියෙන් හිනා උනා...
"අවුරුදු විස්සත් පහු වෙලා...හොරෙන්වත් බීවේ නැද්ද..."
"කාට හොරෙන් බොන්නද මම... මට හොරෙන් බොන්න කවුරුත් නෑනේ..."
ජන්කුක් හෙමින් මිමිනුවත් ටේහ්‍යොන්ග්ට ඒක ඇහුනේ යන්තම් දුකක් දැනෙන ගමනුයි...
"ඒකට කමක් නෑ අද බොන්න... මේ සැර නෑ..."
ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් හෙමින් වීදුරු කෝප්පේ අතට අරන් කටට ලන් කර ගත්තා.. පලවෙනි උගුර බීව ගමන් උගුරත් එක්ක පිච්චීගෙන ගියාම ජන්කුක්ගෙ එක ඇහැක් වහන ගමන් කටත් ඇඹුල් කරන් කෝප්පේ කවුටර් එක උඩින් දඩස් ගාලා තිබ්බා... හොදයි ඒක ටේහ්‍යොන්ග්ට එච්චර සැර නැතුව ඇති....
එහා පැත්තේ තිබුනු වතුර වීදුරුව එක දිගට බීපු ජන්කුක් තමන්ගේ පපුව අත ගාලා ඇස් දෙක පිහ ගත්තාම ටේහ්‍යොන්ග් කලකිරීමෙන් ඔලුව දෙපැත්තට වනලා තමන්ගේ වීදුරුවේ තිබුනු අන්තිම ටිකත් බීලා දැම්මා...
"යන්න පුලුවන් මිස්ටර් කිම්...."
එතනට ආපු ගෑනු ලමයා ටේහ්‍යොන්ග්ට කීවම ටේහ්‍යොන්ග් එතනින් නැගිටලා ඇතුල් පැත්තට ඇවිදන් ගියා... තිර රෙද්දක් ඈත් කරලා අස්සක තිබුනු දොරකින් ටේහ්‍යොන්ග් ඇතුලට ගියේ ජන්කුකුත් ඒ පස්සෙන් ඇතුලට යනකොට...
එතන තිබුනේ වෙනස්ම වාතාවරනයක්.. කෑ ගහන ගමන් ඉස්සරහා තිබුන් ලී පුවරුවක පෝලිමට තිබුනු අශ්ව රූප වලට පහලින් කොල අලවන ගමන් පිරිසක් ඉන්නකොට, ඊට එහා පැත්තෙන් පොතක නම් ලියලා මුදල් එකතු කරන ගමන් මනුස්සයෙක් වාඩි වෙලා හිටියා... බාගෙට ඇදගත්තු රූමත් තරුනියෝ එක්ක එක එක තැන් වල මිනිස්සු සතුටු වෙනකොට ටේහ්‍යොන්ග් ඒ අතරින් ගිහින් ඉස්සරහා තිබුනු මේසෙකින් වාඩි උනා...
"ඔහ්..හෝ කවුද බලන්න මේ කාලෙකින් ඇවිත් තියෙන්නේ..."
මත් වෙලා කෑ ගහමින් හිටපු හන් ඇවිත් ටේහ්‍යොන්ග් එහා පැත්තෙන් පුටුවට වැටෙන ගමන් කියනකොට ජන්කුක් තමන්ගේ පුටුවේ පිටිපස්සටම ඇලවුනේ තමන් මෙතන නෑ කියලා හිතාගෙන... මේස වලට මිටියෙන් ගහලා තහවුරු කරන සද්ද, හයියෙන් කෑ ගහන , ග්රැමෆෝන් වලින් නිකුත් උනු වේගවත් සංගීතය ජන්කුක්ගේ ඔලුව කරකවන්න සමත් වෙලා තිබුනා...
"ආ... මෙන්න මිස්ටර් කිම්ගේ බලු පැටියත් ඇවිත්.. මෙයයි එහෙනම් ඒ ආරන්චි උනු අලුත් කොල්ලා....කොහොමද කොල්ලෝ අදුරගන්න මන් හන්, ඩැනියල් හන්...."
ජන්කුක් පැත්තට අත දික් කරලා හන් දොඩවනකොට ජන්කුක් බයෙන් වගේ ටේහ්‍යොන්ග් දිහා බලන ගමන් තමන්ගේ අත දික් කරා...
"එහාට වෙනවා හන්..."
මේසේ උඩ ඉන්න හන්ට තදින් ටේහ්‍යොන්ග් කීවම හන් ආයෙත් පුටුව උඩින් වාඩි වෙන ගමන් ටේහ්‍යොන්ග්ට කට කොනින් හිනා උනා...
"මොකද මේ පැත්තේ... තමුන් අද මෙතන්ට ආවට වැඩක් නෑ..."
හන් කියනකොට ටේහ්‍යොන්ග් කට කොනින් හිනා උනා...
"ඒත් ඒක තමුන්ටයි අදාල වෙන්නේ මන් හිතන්නේ... බලනවා මගේ අශ්වයාගේ යට...."
ලී පුවරුවේ එක අශ්වයෙක් යටින් රැදවිලා තිබුනු කොල ගොඩ පෙන්නන ගමන් ටේහ්‍යොන්ග් කීවම හන් තමන්ගේ දත් මිටි කන ගමන් අත මිටි මොලව ගත්තා...
ජන්කුක් නම් මේ ඔක්කොම ඇස් කටේ දාන් බලන් හිටියා... එයාට අද පුදුම දේවල් ගොඩායි.. ජන්කුක් කීයටවත් හිතුවේ නෑ ටේහ්‍යොන්ග්ට අශ්වයෝ ඉන්නවා කියලා...
.
.
.
.
.
"මගේ අශ්වයෝ බලන්න ඕනද...."
අන්තිමටත් බලලා තැබෑරුමෙන් එලියට එන ගමන් ජන්කුක් ටේහ්‍යොන්ගෙන් අශ්වයෝ ගැන ඇහුවාම ටේහ්‍යොන්ග් ඒ විදියට උත්තර දුන්නා...
"ඒ, ඒ උනාට කොහොමද හරියටම කියන්නේ ඒ අශ්වයා ගැන..."
"මට මගේ අශ්වයන්ව මන් වගේම විශ්වාසයී..."
කට කොනින් හිනා වෙන ගමන් ටේහ්‍යොන්ග් කීවාම ජන්කුක් තමන්ගේ කබා කොන අතින් අල්ලගන්න ගමන් ඔලුව වැනුවා...
ටේහ්‍යොන්ග් කොහොමත් හැම තුරග තරගෙකටම පස්සේ තමන්ගේ අශ්වයෝ බලන්න යනවා...
.
.
.
.
.
.
*********************
______________________________Dark_Sunshiner 🤍🥀
Thanks for reading...♥️
To be Continued...
2023/03/31
Bạn đang đọc truyện trên: AzTruyen.Top