|04|

ජන්කුක් ටිකක් ලොකු සුදු පාට ඇදුමක් ඇදගෙන තමන් කලින් දවසේ නිදාගත්තු සුවපහසු ඇද උඩ ඉදන් හිටියා... උදේ ඉදන් කිසිම බලාපොරොත්තුවක් නැති විදියට දුක් වින්දත් අද අන්තිම මොහොතේ හැමදේම ඉවර උන විදිය ජන්කුක්ට තවමත් විශ්වාස කරන්න බෑ....

පුන්චි බෙල් එකක් වැදෙන සද්දෙට ජන්කුක් ඇදෙන් බිමට බහින් ගමන් තමන්ගේ ඇදුම හදාගත්තා... විශ්වාස කරන්න බැරි උනත් අද ඉදන් ජන්කුක් මේ සුවපහසු තැන නතර වෙනවා.. ඉස්තරම්ම වර්ගයේ දැව වලින් හදපු ලොකු මේසේ පුරා ජන්කුක්ගේ පොත් පත් පිලිවලකට අහුරලා තිබුනා, තමන්ගේ ඇදුම් ලොකු අල්මාරියේ අහුරලා තිබුනා... කවදාවත් දැකපු නැති අමුතු ජීවිතේ ඉස්සරහට වෙන්නෙ මොනවා උනත් ඒවට හොදින් මූන දෙන්න ජන්කුක් හිතාගත්තා...

හෙමීට කොරිඩෝ එක දිගේ ගිය ජන්කුක් අඩි සද්දයක්වත් ඇහෙන් නැති වෙන්න ඇවිදන් ගියත් හිටපු තැනම නතර උනේ කාමරේ දොරත් ඇරගෙන ටේහ්‍යොන්ග් එතනින් එලියට එනකොට...

ඉන්න තැනම නතර වෙලා ඉන්න ජන්කුක් දිහා බලලා මද සිනහවක් දාපු ටේහ්‍යොන්ග් ජන්කුක්ට අතින් සන් කරන ගමන් කෑම කාමරය පැත්තට ඇවිදගෙන ගියා... ජන්කුක්ට ටේහ්‍යොන්ග් එක්ක කෑම ගන්න එක අනිවාර්‍ය කරපු හින්දා ජන්කුක් ටේහ්‍යොන්ගේ පස්සෙන් ඇවිදන් ගිහින් ටේහ්‍යොන්ග්ට පස්සේ කෑම මේසෙන් ඉදගත්තා...

ඊලගට මුලු වෙලාව පුරාම හැදි ගෑරුප්පු පිගානේ ගැටෙන හඩට අමතරව වෙන සද්දයක් පිට උනේ නෑ...

ටික්කින් කෑම අරන් ඉවර උන ටේහ්‍යොන්ග් විලියම් එතනට අරන් ආපු පයිප් එක අරන් දල්වගන්න ගමන් තොල් අතර තියාගෙන එලියට ඇවිදන් ගියේ ජන්කුක් හැන්දන් කටේ තියන් බලන් ඉන්නකොට....

"තව මොනා හරි ඕනද...."

විලියම් හිනා වෙලා ඇහුවම සිහියට ආපු ජන්කුක් හිනා වෙලා ඔලුව වැනුවා... අද උදේ ගිහින් එන්න කියද්දි ජන්කුක්ට ආයෙත් ඇත්තටම එන්න පුලුවන් වෙයි කියලා හිතුනේ නෑ..

ජන්කුක් තමන්ගේ කාමරේට ඇවිත් කහ පාට විදුලි බුබුල දල්වගන්න ගමන් පොත් මේසෙන් වාඩි උනා.. තමන්ගේ පොත් සටහන් එලියට අරන් ජන්කුක් පාඩම් කරන්න පටන් ගත්තෙ හිතේ පිරුනු සතුටත් එක්ක.. මේ වගේ තැනක ඉදන් රෑට නිදහසේ පාඩම් කරන්න පුලුවන් වෙලා තියන්වද කියලාවත් ජන්කුක්ට මතක නෑ...

.




.



.



.


.
"එයාට ඕන දේවල් හොයලා කරලා දෙන්න..."

තොල් අතරින් පයිප් එක එලියට අරන් දුම් පිට කරන ගමන් ටේහ්‍යොන්ග් කීවේ තමන්ගේ එහා පැත්තෙන් හිටන් හිටිය විලියම්ට...

"ඒත්..මහත්තයට ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද පුන්චි මහත්තයා මෙහෙ ඉන්න එක...."

විලියම් ඇහුවම ටේහ්‍යොන්ග් යන්තම් හිනා වෙන ගමන් ඔලුව වැනුවා...

"එයා මගේ වැඩ වලට උදව් කරයි, මටත් වැඩක් වෙයි ඒකෙන්..."

ටේහ්‍යොන්ග් කීවම දුන්කොල පෙට්ටියක් බන්කුව උඩින් තියන ගමන් විලියම ආචාර කරලා ගෙදර ඇතුලට ගියා.....

.


.


.


.

"මිස්‍ටර් කිම්.. අපි මේ කොහෙද යන්නේ...."

ජන්කුක් ඇහුවේ දුම්රිය වේදිකාවට වෙලා අත් දෙකත් පිටිපස්සට කරන් දුම් පිට කර කර ඉන්න ටේහ්‍යොන්ගෙන්...

දැන් වෙලාව හවස් වෙලා වගේම ජන්කුක් විද්‍යාලේ ඉවර වෙලා ආපු ගමන් ටේහ්‍යොන්ග් ජන්කුක්වත් ඇදන් ආවෙ කතා කරන්න වෙලාවක් ඉතුරු කරන් නැතුව....

"අපිට තොරතුරු ටිකක් හොයන්න යන්න වෙනවා..."

කෙටි උත්තරයක් දුන්න ටේහ්‍යොන්ග් නවත්තපු දුම්‍රිය මැදිරියට නැග්ගම ජන්කුක් තමන්ගේ තනි පටි බෑග් එකේ පටිය අතින් තද කරගන්න ගමන් ටේහ්‍යොන්ග් පස්සෙන් නැග්ගා...

අදුරු දුම්රිය මාර්ග තුලින් දුම්‍රිය ඉස්සරහට ඇදෙනකොට ටේහ්‍යොන්ග් තමන්ගේ සිගරට් එකේ දුම් පිට කරන ගමන් අතේ තිබුනු පොත දිහාවට අවදානය දීලා තිබුනා... වැඩි සෙනගක් හිටියේ නැතත් රෑ වෙලා අමුතු මිනිස්සුන්ගෙන් පිරිලා තිබුනු මැදිරියේ වෙනත් සීට් එක්ක ඉදගන්න බය වුනු ජන්කුක් ටේහ්‍යොන්ගේ එහා පැත්තෙන්ම ඉදගත්තා...

අද පලවෙනි දවස වගේම ටේහ්‍යොන්ග් එක්ක ගිහින් කරන්න ඕන මොනවද කියලා ජන්කුක්ට පොඩිවත් අදහසක් තිබුනේ නෑ... ඒක ගැන අහන්න ඕන උනත් ටේහ්‍යොන්ගේ මූනේ තිබුනු පෙනුමට ජන්කුක්ට ඒක අහන්න බය උනා... උදේ ඉදන් දේශන වලට සහභාගී වෙලා මහන්සි උනත් ටේහ්‍යොන්ට බෑ කියන්න පුලුවන් කමක් ජන්කුක්ට තිබුනේ නෑ....

"මේක ගැන මොකද හිතන්නේ...."

කල්පනාවක හිටපු ජන්කුක් ගැස්සුනේ තමන්ගේ පැත්තට පොත් දික් කරන් ඉන්න ටේහ්‍යොන්ගේ හඩින්...එතකොටයි ජන්කුක් දැක්කේ ඒ පොත ඇතුලේ තිබුනු සිතියම....

"හහ්...."

ජන්කුක් පුදුමෙන් ඇහුවත් ආයෙත් ඒකට අවදානේ යොමු කරා....

"මේ.. රතු තිත්...."

ජන්කුක් සිතියමේ මුහුදට ලන් වෙන්න තිබුනු රතු තිත් පෙන්නලා ඇහුවා..

"බඩු බෙදාගන්න තැන්....මත්ද්‍රව්‍ය..."

ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් පොතත් එක්කම සිතියම අතට ගත්තා..

"එ..එහෙනම් මේ කොහෙවත් වරායක් නෑ..."

"හරියට හරි..."

ජන්කුක් තමන් පෙන්නපු දේ තේරුම් ගත්තම ටේහ්‍යොන්ග් එහෙම කියන ගමන් සිගරට් එක ඇගිලි අතරට අරගෙන ජනේලෙන් එලිය බලාගත්තා...

"ජෝන්ට පුලුවන් ටිකක් විවේක ගන්න, අපිට ටිකක් දුර යන්න තියනවා..."

ටේහ්‍යොන්ග් සීට් එක පිටිපස්සට ඔලුව තියාගන්න ගමන් කීවම ජන්කුක් ඔලුව වනන ගමන් අතේ තිබුනු සිතියම අධ්‍යනය කරා...

ටික්කින් ජන්කුක් ටේහ්‍යොන්ග් එක්ක පාලුවට ගිය නැවතුමකින් බැස්සහම ජන්කුක් ටේහ්‍යොන්ගේ පොතත් තමන්ගේ බෑග් එක ඇතුලට දාලා එල්ලගන්න ගමන් ටේහ්‍යොන්ග් පස්සෙන් ඇවිදගෙන ගියා... ලොකු කබා ඇදගත්තු මිනිස්සු කිහිප දෙනෙක් ඇරුනහම එච්චර පිරිසක් එතන හිටියේ නෑ...

රේල් පාර ගාවම ඒ සමාන්තරව තිබුනු පොඩි පාර දිගේ ඇවිදගෙන යනකොට ඇහුන ලොකු හුලන් සද්දෙන් ඒ මුහුදුබඩ කියලා අදුරගන්න පහසු උනා...

"ජෝන්ට බඩගිනියිද...."

වෙරල ලගට ලන් වෙනකොට තිබුනු තානායම ලගින් නතර වෙන ගමන් ටේහ්‍යොන්ග් ඇහුවම ජන්කුක් නෑ කියලා ඔලුව වැනුවා.. හැබැයි ඒ වෙලාවෙම ජන්කුක්ගේ බඩෙන් ආපු පුන්චි කෙදිරීමත් එක්ක ටේහ්‍යොන්ග් යන්තම් හිනා වෙන ගමන් ඇතුලට ඇවිදන් ගියා... දැනුනු ලැජ්ජාවත් එක්ක ජන්කුකුත් ඒ පස්සෙන්ම ඇවිදන් ගියා...

තානායමේ මත් උනු පොඩි පිරිසක් ඇරෙන්න කවුරුත් හිටියේ නෑ.. තමන්ගේ කබා දෙක ගලවලා එල්ලන ගමන් ටේහ්‍යොන්ග් කොනේම තිබුනු මේසෙන් වාඩි වෙනකොට ජන්කුකුත් ඒ විදියටම ගිහින් ටේහ්‍යොන්ග් එහා පැත්තෙන්ම වාඩි උනා...

ඒ වෙනකොට රෑ කෑම වේල් ඉඅවර වෙලා තිබුනත් පොඩි දෙයක් ආහාරයට ගන්න දෙන්නටම පුලුවන් උනා... කෑම අරන් ආයෙත් එලියට ඇවිත් වෙරල දිගේ ඈතට දෙන්නම ඇවිදන් ගියේ අතරින් පතර දැල්වුනු පොඩි කහ පාට බල්බ් වල එලියෙන්...

"ස..සර් කලින් මෙහෙ ඇවිත් තියනවද..."

එරෙන වැල්ලෙ ඉක්මනින් ටේහ්‍යොන්ග් ගාවට ලන් වෙන ගමන් ජන්කුක් ඇහුවම වට පිටාවට අවධානය දෙන ගමන් ටේහ්‍යොන්ග් ඔව් කියලා ඔලුව වැනුවා...

"ඕඕහ්.... ඒකයි එහෙනම්...."

ජන්කුක් එහෙම කියලා ඉකමනට ටේහ්‍යොන්ගේ දිග කකුල් වල වේගෙන්ම ඇවිදන් ගියා... ටික්කින් දෙන්නම පොඩි තොටුපොලකට වගේ අවාම ජන්කුක් ලී වැටට හේත්තු වෙලා හති ඇරියේ මහන්සියටමයි...

"ඕහ්..."

ටික්කින් හිතන්නවත් වෙලාවක් නැතුව ජන්කුක් හිටියේ ටේහ්‍යොනුත් එක්ක බිම... ටේහ්‍යොන්ග් ලී වැටට උඩින් එලිය බලන් හිටියේ ගොඩාක් අවධානෙන්... ජන්කුක්ටත් ඒ පාලු තොටුපොලේ කට හඩවල් ඇහෙනකොට ටේහ්‍යොන්ග් ගාවම දනගහගෙන එබිලා බැලුවා....

"ඔහ්..ඔහ්.. ඒ...."

එක පාරට දැකපු දේ හින්දා ජන්කුක් මොනා හරි කියන්න ගියත් ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කටට අත තියලා වැහුවේ රවන ගමන්... පොලිතීන් කවර වල තිබුනු මොනවා හරි කුඩු වර්ගයක් පොඩි කිනිස්සකින් කපලා නහය ලගට කරලා ඉබලා බලන ගමන් හිටිය මනුස්සයෙක් ඒ දෙන්නගේ පැත්තට හැරෙනකොට ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කට වහගෙනම එතනට පාත් උනා...

"බලපන් සද්දේ මොකක්ද කියලා..."

කාගේ හරි කටහඩක් ඇහෙනවත් එක්කම අඩි සද්දයක් ඇහෙනකොට ටේහ්‍යොන්ග් බිම හිටිය ජන්කුක්ගේ ඇග උඩින් බර වෙන ගමන් තමන්ගේ ලොකු කලු පාට කෝට් එක ඔලුව උඩින් හිටින විදියට පොරවගත්තේ දෙන්නටම වැහෙන්න... උඩින් බලන කෙනෙක්ට ඒ තිටුපොලේ තැනින් තැන අබලන් උනු බෝට්ටු වහපු රෙද්දක් විදියට කලුවරේ ඒක පෙනුනා...

ජන්කුක් හිටියේ ඇස් දෙකත් බයෙන් ලොකු කරන් තමන්ගේ උඩින් ඉන්න ටේහ්‍යොන්ග් දිහා බැලුවා... කලුවරේ හරියට මුකුත් නොපෙනුනත් තමන්ගේ කම්මුලකට වැදෙන උනුසුම් හුස්ම හින්දා ටේහ්‍යොන්ග් කොච්චර ලගින් වගේම තරහින්ද කියලා ජන්කුක් තේරුම් ගත්තා... තමන්ගේ කටට තද වෙලා තිබුනු ටේහ්‍යොන්ගේ අත තදින් අල්ලගන්න ගමන් ජන්කුක් තමන්ගේ වේගෙන් ගැහෙන හද ගැස්ම පාලනය කරගන්න උත්සාහ කරා....

"කවුරුත් නෑ බොස්...."

අඩි සද්දේ ආයෙත් ඈත් වෙන ගමන් කටහඩ ඇහුනාම ටේහ්‍යොන්ග් තමන්ගේ අතේ ග්‍රහනය ලිහිල් කරත් අයින් උනේ නෑ... ආයෙත් නිහඩ වෙනකොට එතනින් හිමින් අයින් උන ටේහ්‍යොන්ග් කබාය අත් අතරට එකතු කරගන්න ගමන් තමන්ගේ ඉනේ තිබුනු පිස්ටල් එක ඇදලා ගත්තේ අයෙත් වැට උඩින් එබෙන ගමනුයි...

"යන්....සද්ද නොකර එන්න..."

රහසින් ඒත් ගැබුරු කටහඩකින් මුමුනපු ටේහ්‍යොන්ග් එතනින් නැගිටලා බෝට්ටු වලට මුවා වෙවී යනකොට ජන්කුක් බෑග් එකත් ටේහ්‍යොන්ග් බිම දාපු කබායත් අරගෙන ටේහ්‍යොන්ග් පස්සෙන් යන්න ගත්තේ ආයෙත් මුහුද පැත්තට ඇදෙන බෝට්ටුව දිහා බලන ගමනුයි...

ඒක ගියත් ටේහ්‍යොන්ග් ගියේ ගොඩබිම පැත්තට... ඈතින් යන මිනිස්සු දෙන්නෙක් දිහා බලන ගමන් තොටුපොලේ ඉදලා තිබුනු අඩි පාර දිගේ ටේහ්‍යොන්ග් යනකොට එකපාරටම ජන්කුක් ටේහ්‍යොන්ග්ව ඇදලා අරන් මුවා උනේ ඉස්සරහින් ගිය කෙනෙක් හැරිලා බලපු හින්දා....

ජන්කුක් දිහා බලල ඔලුව වනන ගමන් දෙන්නම ආයෙත් මුවා වෙන ගමන් හෙමින් ගිහින් නතර උනේ සාමාන්‍ය උස තාප්පයක් තියන ගෙදරක් ලග...

ඇතුලෙන් ලාම්පු එලියක් පේන විදියට අබලන් උන ගෙදර ඇතුලෙන් හයියෙන් හිනා වෙන හඩත් එක්ක කෑ කෝ ගැහීම් වලින් හරි තැන කියලා අදුරගත්තු දෙන්නම තාප්පේ වටේට ගිහින් පිටිපස්සේ කැඩුනු ගේට්ටුවෙන් ඇතුල බැලුවා....

"ජෝන්... පොත ගන්න ..."

ටේහ්‍යොන්ග් හෙමීට බිමට පාත් වෙන ගමන් කීවම ජන්කුක් බෑග් එක ඇදලා පොත එලියට අරගෙන දුන්නාම ටේහ්‍යොන්ග් තමන්ගේ පෑනෙන් මොනවා හරි ලියලා දුන්නා...

"මෙතනින්ම පාර දිගේ ගියාම කඩ පේලියක් එක්ක රාත්‍රී සේවා ස්තානයක් හම්බෙයි... ඒකේ නිලධාරියෙක්ට මේක දීලා එයාලත් එක්කම එන්න...."

ටේහ්‍යොන්ග් එහෙම කියන ගමන් හැරුනාම ජන්කුක් ටේහ්‍යොන්ගේ ශර්ට් අතෙක් අල්ලගත්තා...

"ඒත්.. සර් මෙතන තනි......"

"ඉක්මනට කීව වැඩේ කරන්න, මන් මේව පුරුදුවෙන්න කරනවා නෙවෙයි...."

ටේහ්‍යොන්ග් නපුරු හඩකින් කීවම ජන්කුක් ටේහ්‍යොන්ගේ කබායයි බෑග් එකයි අල්ලන් පාර දිගේ ඉක්මනට ඇවිදගෙන ගියා....

.


.


.

.

ටික්කින් එතනට ආපු නිලධාරීන් එක්ක ගෙදර වට කරන ගමන් කීප දෙනෙක් ඇතුලට ගියා.... එතන වෙඩි හුවමාරුවක් වෙනකොට ජන්කුක් තමන්ගේ කන් දෙක වහගන්න ගමන් එහා පැත්තට වෙන්න තිබුනු ගස් අතරේ හිටියේ හැමතැනටම ඇස් යවන ගමන්...

තවත් පොලිස් වාහනයක් ඇවිත් නවත්තලා ටිකක් ලොකු පෙනුමක් තියන කෙනෙක් බහිනකොට එහා පැත්තෙන් අත් වලට මාන්චු දාපු කිහිප දෙනෙක් පාරට ඇදන් ආවා...

ඒ මිනිස්සු අතර හිටපු කලින් තොටුපොලේ හිටපු මනුස්සයාගේ කේන්තියෙන් පිරුනු ඇස් කමිස අත උඩට නමන ගමන් ඉන්න ටේහ්‍යොන්ගේ පැත්තට යොමු වෙනකොට කෑ ගැහීම් අතරේ වාහනේකට දාගන්න ගමන් ඒ මිනිස්සුන්ව අරන් ගියා....

"ඔබතුමා හමුවීම අපිට ලොකු ගෞරවයක් මිස්ටර් කිම්...."

ප්‍රධානියා ටේහ්‍යොන්ග්ට ආචාර කරන ගමන් කතා කරාම ටේහ්‍යොන්ග් තමන්ගේ පිස්ටල් එක ඉනේ රදවගන්න ගමන් ඔලුව වැනුවා....

"පණිවිඩයක් හම්බුනාට අපි හිතුවේ නෑ අද ඒක ගැන බලයි කියලා, නැත්නම් අපි කට්ටිය ගාන වැඩි කරනවා...."

"බඩු ටික ගත්තද...."

ටේහ්‍යොන් එහෙම අහ්නකොට නිලදාරියෙන් එතනට සූට් කේස් එකක් අරන් ආවා...ටේහ්‍යොන්ග් බිමින් ඉදගන්නකොට විදුලි පන්දමක් ඒකට අල්ලපු නිලධාරියෙක් ටේහ්‍යොන්ග් අතට පොඩි පිහියක් දුන්නා....

ඇතුලේ තිබුනු පොලිතින් පැකට් එක කඩලා අතට ටිකක් අරන් දිව ගාලා බලපු ටේහ්‍යොන්ග් ආයෙත් ඒක වහන ගමන් කෙල ගැහුවා....

"කලවම් නෑ, උදේ වෙනකොට එහෙට ලැබෙන්න සලස්වන්න.. "

එහෙම කියලා එහායින් හිටපු ජන්කුක් ගාවට ටේහ්‍යොන්ග් ඇඉදන් ආවා...

"අපි යමු....."

තමන්ගේ කෝට් එක අතට ගන්න ගමන් ටේහ්‍යොන් කීවම එතන හිටපු නිලධාරීන්ට අචාර කරන ගමන් ජන්කුක් ටේහ්‍යොන්ග් එක්ක ඇවිදන් ආවා....

.

.

උදේ වෙන්න කිට්ටු වෙනකොට ආයෙත් ගෙදරට එන්න පුලුවන් උනාම ජන්කුක් පිරිසිදු වෙලා ඇදට නැග්ගේ අද දවස ගැන කල්පනා කරන ගමන්...

ලොකු මත්ද්‍රවය ජාවාරමක් අල්ලලා මේ තරම් නිහඩ විදියට ගෙදරට ආපු ටේහ්‍යොන්ග් ගැන ජන්කුක්ට ඇත්තටම පුදුම හිතුනා... එක අතකින් පිස්ටල් එක අරන් ගේ ඇතුලට පැනපු විදිය, ඒ හිනාවක්වත් නැති මූනේ සෘජු බව, අද ගොඩාක් බය උනත් ජන්කුක්ට ටේහ්‍යොන්ග් ගාව ලොකු ආරක්ශිත හැගීමක් දැනුනා... දැනුවත්ව හරි නොදැනුවත්ව හරි අද තමනුත් ඒ වැඩේට උදව් කරා කියලා දැනෙද්දි පොඩි ආඩම්බරේකුත් දැනුනා...

එකකට එකක් වෙනස් සිතිවිලි අතරේ අද දුම්රියේ යන මුලු වෙලාවම සිතියමේ එක එක තැන් ගැන ටේහ්‍යොන්ග් කරපු පැහැදිලි කිරීම ජන්කුක්ට මතක් උනා.... මනුස්සයෙක්ගේ ඔලුවේ එක සිතියමක තියන පුන්චි ඉරක පවා තොරතුරු තියෙන්න පුලුවන්ද.... තාමත් අදුරන්න බැරි උන කෙනෙක් ටේහ්‍යොන්ග්....

.

.

.

.


****************
____________________________Dark_Sunshiner 🤍🥀

GWENDOLYINN Thank you so much for this... ♥️⚘💫


___

Thanks for reading...♥️

To be Continued....

2023/03/24

Bạn đang đọc truyện trên: AzTruyen.Top