|01|
දහවල් උනත් අදුරු ආලෝකයෙන් පිරිලා තිබ්බ ගල් අතුරපු පාරවල් දිගේ ඇවිදින මිනිස්සුන්ගේ කතා කරන සද්ද වලට අමතරව අශ්වයෙක්ගේ කුර ගල් වල ගැටෙන ශබ්දය විතරක් ඇහුනා..
"සුභ සන්ධ්‍යාවක් මිස්ටර් කිම්..."
වටින් ඉදහිට ඇහෙන ආචාර කිරීම් මැදින් කඩවසම් පුද්ගලයෙක් අශ්වයා පිටින් ඉදිරියට ඇදුනා... අදාල තැන අශ්වයාගෙන් බිමට බැහැලා පටිය ස්තාල හිමිකරුට දුන්න ඒ පුද්ගලයා පැති දොරකින් තැබෑරුම තුලට ඇතුල් උනා...
"පැන්ස තිහයි..."
තැබෑරුම් හිමිකරු කෑ ගහලා කියනකොට කඩවසම් පුද්ගලයා තමන්ගේ හිස්වැස්ම ගලවන ගමන් ක්වුන්ටරය ලගින් වාඩි උනා...
" සයිඩර්...?"
කවුන්ටර් එකේ හිටපු ගැහැණු ලමයා ඇහුවම ඒ පුද්ගලයා ඔලුව වැනුවා...
"මිස්ටර් කිම් කවදාත් වෙනස් වෙන් නෑ...."
ගැහැණු ලමයා ආයෙත් කීවම කිම් කට කොනින් හිනා වෙන ගමන් වීදුරුව අතට ගත්තා...
" හොද වෙන්න මත් වෙන්නම ඕන නෑ..."
කිම් ඇහැක් ගහලා කීවම බාර් කවුටරයේ හිටපු ගැහැනු ලමයාගේ කම්මුල් රතු උනා....
"වගකිවයුතු නිලධාරියෙක් විදියට ඔට්ටු අල්ලන එක හොද නැහැ..."
එහා පැත්තෙන් ඇහුන කටහඩ අදුරගත්තත් කිම් ඒක නෑසුන ගානට වීදුරුව තොල ගෑවා...
"මගේ අශ්වයන්ට පාඩුයි...."
ආයෙත් කට හඩ ඇහුනම කිම් වීදුරුව කවුන්ටර් එක උඩින් තියලා කබා සාක්කුවෙන් සිගරට් පෙට්ටියක් එලියට ගත්තා.. එහා පැත්තේ හිටපු මනුස්සයා ඒ මිල අධික සිගරට් පෙට්ටිය දිහා බලන් ඉදලා කිම් දිහා බැලුවත් කිම් සන්සුන්ව ලයිටර් එකෙන් තමන්ගේ තොල් මත තිබ්බ සිගරට් එක දල්වගත්තා...
"අශ්වයෝ ඔක්කොම එකයි,අශ්වයෝ අශ්වයෝමයි, ඔට්ටු අල්ලන්නේ මිනිස්සුමයි, අපි කාටද අනාගතේ කියන්න පුලුවන්.... මිස්ටර් හන් කියනවද තාමත් මම වැරදී කියලා..."
සිගරට් එකක් කවුටර් එක උඩින් තියලා ඉතුරු ටික සාක්කුවට දා ගන්න ගමන් කිම් එතනින් නැගිටලා තැබෑරුමේ කොනට ඇවිදගෙන ගියාම හන් ඒ සිගරට් එක අරන් කටේ තියාගෙන කේන්තියෙන් පත්තු කරගත්තා...
" මිස්ටර් කිම්ව තරහ කරගන්න එක හොද නෑ..."
හන්ගේ කන පිටිපස්සෙන් ඇහුන කටහඩට හන් දුම් ටිකක් කටෙන් පිට කරලා සිගරට් එක ඇගිලි අතරට ගන්න ගමන් හැරිලා බැලුවා...
"මට හිතාගන්න බෑ හැමෝම ආකර්ෂනය වෙන්න තරම් එයාට මොනවද තියෙන්නේ කියලා...."
කවුන්ටර් එක පැත්තට හැරෙන ගමන් හන් කීවම ගෑනු ලමයා හිනා වෙන ගමන් කවුටර් එක උඩ අත් දෙක තියලා ඉස්සරහට නැවුනා...
"කඩවසම්, උගත්, ධනවත් ඉතින් ඇයි කවුරුත් ආකර්ෂණය නොවෙන්නේ..."
"ඒකටම විතරක්...."
හන් ඇහුවාම ගෑනු ලමයා තැබෑරුම අයිනේ හිටන් වීදුරුවෙන් එලිය බලන් ඉන්න කිම් දිහා බලලා ගවුමේ කර පහලට ඇද්දා...
"ඔහු සතුටු කරන්නත් හුගක් දක්ෂයි අනිත් හැමදේකටම වගේ...."
.
.
.
.
.
"ඩෝං...."
එලියෙන් ඇහුන වෙඩි ශබ්දයට හැමෝම ගැස්සුනා...එතනින් එහාට අදුරු මාවතේ කලබලයක් ඇති උනා... එතනින් දුවන් ගිය කලු ඇදගත්තු මනුස්සයෙක් ලේ පෙරාගෙන බිම වැටිලා ඉන්නවා වගේම පාරේ ගල් අගුරු දැලි වලින් අපිරිසිදු උනු කුඩා තරුණයෙක් තමන්ගේ අතේ තුවක්කුවකුත් තියාගෙන බලන් හිටියා.. පැය බාගයක විතර වැඩ කටයුතු වලින් පස්සේ තුවක්කුව අතේ තියන් හිටපු තරුණයා අත්තඩංගුවට ගත්තේ ඒ තරුණයාගෙන් නිකුත් උනු අසරණ විලාප ගනනකට ගන්නෙ නැතුවයි....
හැමදේම ඉවර වෙනකොටත් තැබෑරුමේ වීදුරුව ලගට වෙලා තමන්ගේ පස් වෙනි සිගරට් එකත් ඉවර කරපු මිස්ටර් කිම් ඊලග සිගරට් එකත් අරන් පත්තු කරගත්තේ සන්සුන් මූනකින්....
සාමාන්‍යයි හැමදේම සාමාන්‍යයි ... මෙච්චර වෙලා ගල් අතුරපු අදුරු පාරේ උනු සිදුවීම් පෙල හොදට දැක්කට පස්සෙත් හැමදේම සාමන්‍යයි...
.
.
.
.
"සුභ උදෑසනක් මිස්ටර් කිම්..."
මිස්ටර් කිම් උදේම පොලිස් ස්තානයට ඇතුල් වෙනකොට රාජකාරියේ යෙදිලා හිටපු හැම කෙනෙක්ම නැගිටලා සුභ පැතුවා.. ඒක මොහොතකටවත් ගනන් ගත්තේ නැති මිස්ටර් කිම් දිගටම ශාලාව ඇතුලට ඇවිදගෙන ගියේ මිල අධික සපත්තු වලින් නැගුනු ශබ්දයෙන් ශාලාව දෝංකාර දෙනකොට....
"මට පණිවිඩයක් එවලා තිබ්බා..."
ප්‍රධාන කාර්‍යාලයට ඇතුල් වෙලා ප්‍රධානියා නැගිටින එක නොසලකා ඇරලා පුටුවෙන් වාඩි වෙන ගමන් මිස්ටර් කිම් කීවාම ප්‍රධානියා ආචාර කරලා තමන්ගේ පුටුවෙන් ඉදගත්තා...
"මිස්ටර් තෝමස් මෙහාට එනවා කියලා දන්වලා තිබුනා... දුම්රියේ එන හින්දා සමහර විට අද හවස් වෙනකොට ඒවි..."
ප්‍රධානියා කියනකොට මිස්ටර් කිම් තමන්ගේ අත තදින් මේසේ උඩ තිබ්බා...
"ම..මට සමාවෙන්න, ආයුධ තොගය අතුරුදහන් උන එක ගැන හොයලා බලන්නයි එන්නේ..."
ප්‍රධානියා බයෙන් කියනකොට කිම් තමන් ඉදන් හිටපු තැනින් නැගිටින ගමන් කබායේ ඉස්සරහා බොත්තම් දෙක දා ගත්තා..
"අර ලමයට මොකද කරේ..."
"මො..මොන ලමයද මිස්ටර් කිම්...."
"ඊයේ රෑ අල්ලගත්තු ලමයාට..."
"අහ්, ඒ වගේ උන් ලේසියෙන්ම මේ වගේ දේවල් වලට පැටලෙනවා.. තව ටික්කින් උගෙන් ප්‍රශ්න කිරීම් පටන් ගන්නවා..."
කට කොනින් හිනා වෙන ගමන් ප්‍රධානියා කියවන් ගියත් කිම්ගේ මූනේ තිබුනු පෙනුමට තමන්ගේ කට වහගත්තා...
"මම ප්‍රශ්න කරන්නම්..."
"ඔහ්..දැන් බැරි වෙයි මිස්ටර් කිම්, මොකද මේ වෙනකොටත් ඒක පටන් අරන් ඇත්තේ..."
පිටිපස්සෙන් ඇහුනු වේදනාත්මක හඩට ඇහුන්කන් දෙන ගමන් ප්‍රධානියා කිවුවාම කිම් තමන්ගේ අත මිටි මොලවලා මේසෙට ගැහුවා...
"තමුන්ලා වගේ අය හින්දා තමයි මේක විනාශ වෙලා යන්නේ.. මම එක පාරක් කීවාම දෙයක් කරන්න පුරුදු වෙනවා, මේක මට භාර දීලා තියන කේස් එකක්, අනික ඊයේ මැරුනේ කවුද කියන එක හොදටම දන්නවනේ..."
මිස්ටර් කිම් කේන්තියෙන් කෑ ගැහුවාම ප්‍රධානියා එතනින් දත්මිටි කන ගමන් දුවන් ගියේ කිම් ඒ පස්සෙන් ඇවිදන් එනකොට...
"ඕක නවත්තන්න... මිස්ටර් කිම් මෙතන ඉදන් මේක ගැන බලාගනියි..."
හිර කූඩුව ඇතුලට ගිහින් බැටන් පොලු අතේ තියන් ඉන්න නිලධාරීන්ට තද හඩින් කියනකොට අත් දෙක උඩට කරලා බැදලා හිටපු සුදුමැලි පොඩි පාටට පෙනුනු තරුනයා පැත්තකට ඇදිලා ගියේ අත් දෙකේ තිබුනු ලනු ගැට වලට අත් තුවාල වෙනකොට... තද කලු කොන්ඩේ අතරින් පෙනුනු තරුනයාගේ තොල් අතරින් ගලන් ගියපු ලේ බින්දුවට අමතරව පිට උනු කෙදිරීම එතන හිටපු නිලධාරීන් ගනන් ගනිපු බවක් පේන්න තිබ්බේ නෑ...
"කිසිම හෙවිල්ලක් නැතුව තමුසෙලා කොහොමද මේ වගේ පොඩි ලමයෙක්ට ගහන්නේ, අනික තමුන්ලට ප්‍රශ්න කරන්න උගන්නලා තියෙන්නේ මෙහෙමද..."
යකඩ දොරෙන් ඇතුලට එන ගමන් මිස්ටර් කිම් කේන්ති කට හඩකින් එහෙම කියනකොට නිලධාරීන් ඔලුව පහත් කරගත්තේ ඔහුගේ කේන්තියටත් අමතරව ඔහුගේ බලය ගැන දැනගෙන හිටපු නිසයි...
"යනවලා මෙතනින් එලියට...."
ආයෙත් කෑ ගැහුවාම නිලදාරීන් ටික එතනින් පිට උනේ ඇදේට වැටිලා හිටපු තරුණයත් , මිස්ටර් කිමුත් ඒ කලුවර කාමරේ ඇතුලේ ඉතුරු වෙනකොට...
තෙත් අදුරු කාමරේ වතුර බිංදු වැටිලා දෝංකාර දෙන හඩට අමතරව පොඩි තරුණයාගේ කටින් පිට උනු සිහින් කෙදිරීම් වලින් ඔහුගේ අපහසුතාවය මිස්ටර් කිම්ට දැනුනු හින්දා එතනට ලං වෙලා අත් වල බැදපු ලනු ගැට ලෙහන්න ගත්තා... අන්තිම ගැටේ ලෙහනකොට පනක් නැතුව බිමට වැටෙන්න ගිය සිරුර තමන්ගේ අත් අතරට වත්තම් කරගෙන පුටුවකින් ඉන්දපු මිස්ටර් කිම් තරුණයාව පුටුව පිටිපස්සට හේත්තු කරනකොට පිටේ තිබුනු තැලුම් පාරවල් වල වේදනාවට තරුණයාගේ කටින් නැවතත් කෙදිරීමක් පිට උනා...
"බොන්න..."
තඹ කෝප්පෙකට වතුර දාලා තරුණයාට දික් කරන ගමන් මිස්ටර් කිම් කීවත් තමන්ගේ ඔලුවවත් උස්සගන්න පනක් නැතුව ඒ ඔලුව පහලට කඩන්වැටුනේ නුහුරු වේදනාවන් වලින් ඇග අඩපන වෙන බව පෙන්නලා...
කෝප්පේ පැත්තකින් තියලා පුටුව ගාවට පුටුවක් ඇදලා ඉස්සරහින් ඉදගත්තු මිස්ටර් කිම් ඒ පහලට වැටුනු මූන නිකටෙන් අල්ලලා ඉස්සුවේ ඒ මූන දැකගන්න තිබ්බ උවමනාවට....
තද කලු පාට කූරු කොන්ඩෙන් ඇස් දෙකත් වැහිලා තිබ්බ ඒ කෙට්ටු සුදුමැලි මුහුනෙන් අපහසු පාට හොදින් පෙනෙන්න තිබ්බ... තොල් කොනින් එකතු වෙලා කැටි ගැහුන ලේ බින්දු ප්‍රශ්න කිරීමේ බරපතලකම පෙන්නලා දුන්නා...
මූනේ වතුර ටිකක් ගාලා තට්ටු දෙක තුනක් දැම්මම තරුනයා යන්තම් හොද සිහියට ආවත් එක්කම මිස්ටර් කිම් අත් දෙකත් බැද ගන්න ගමන් පුටුව පිටිපස්සට හේත්තු උනා...
"තමුන්ගේ නම මොකක්ද..."
කිම් ගැඹුරු කටහඩකින් ඇහුවාම තරුණයා අපහසුවෙන් කහින් ගමන් කෙල ටිකක් ගිල්ලා..
"ජො..ජෝන් ජන්කුක්..."
"මූන මතකද..."
කිම් ආයෙත් ඇහුවහම ඒ ප්‍රශ්නේ තේරුම්ගන්න අමාරු උන තරුනයා ඇස් උස්සලා බැලුවා...
"මු..මූන...."
"තමුන් ඉස්සරහ වෙඩි තියලා තමුන්ගේ අතට තුවක්කුව දීල දුවපු මනුස්සයාගේ මූන දැක්කද..."
කිම් ඉවසීමකින් ආයෙත් ඇහුවාම කිම් දැක්කේ නෑ ඒ කූරූ කොන්ඩේ යටින් තිබුන් ඇස් දිලිසෙන විදිය... මෙච්චර වෙලා ප්‍රශ්න කරපු හැමෝම එයා නොදන්න ආයුධ ගැන අහනකොට මේ ප්‍රශ්නය ජෝන් ජන්කුක්ගේ හිතේ බලාපොරොත්තුවක් ඇති කරන්න සමත් උනා...
"මූ..මූන මම කලුවර හින්දා හරියටම දැක්කේ නැහැ.. ඒත් .."
"ඒත් මොකක්ද..."
කිම් උනන්දුවෙන් ඇහුවා..
"මූනේ බැදලා තිබුනු රෙදි පටියට උඩින් නලලේ ඉදන් තිබුනු කැලලක් තිබුනා..."
ඒ පිලිතුරෙන් සෑහීමකට පත් උන කිම් එතනින් නැගිටලා දොර ගාවට ඇවිදගෙන ආවා...
"ක..කරුනාකරලා මාව බේරගන්න.. මම වැරැද්දක් කරේ නෑ.. අනේ කරුනාකරලා මාව බේරගන්න මහත්තයා..."
තරුනයා කෑ ගහනකොට කිම් ඒක නෑසුන විදියට එලියට ඇවිදගෙන ආවා...
"අර ලමයාව උසාවි දවස වෙනකන් ප්‍රශ්න කිරීම තහනම්..."
ප්‍රධාන නිලධාරියාගේ මූනට එබිලා කියන ගමන් මිස්ටර් කිම් පොලිස් ස්තානයෙන් එලියට ආවේ කට කොනින් තෘප්තිමත් හිනාවක් ඇදගෙනයි.....
.
.
.
.
.
******************
_______________________________Dark_Sunshiner 🤍🥀
අලුත් කතාව....🍃
Old type....
මේක ගැන මොනවා හරි කියන් යන්න...
වෙනස් වෙන්න ඕන මොනා හරි එහෙම තියනවානම් කියන්න......♥️💫
Thanks for reading...♥️
To be Continued...
2023/03/16
Bạn đang đọc truyện trên: AzTruyen.Top