|36|
"ගොඩක් රිදෙනවද..."
වෙව්ලන කටහඩකින් ටේහ්යොන්ග් ඇහුවේ තමන්ගේ උරහිසේ ඔලුව තියන් ඉන්න ජන්කුක්ගෙන්...ජන්කුක් ඔලුව තියාගෙනම ඔව් කියලා ඔලුව වැනුවා...ටේහ්යොන්ගේ ඇස් දෙක ආයෙත් තෙත් උනා..
"ම..මට සමාවෙන්න..."
ජන්කුක් ආයෙත් ඒකට කිසිම දෙයක් කීවේ නෑ.. ටේහ්යොන්ග්ට ජන්කුක්ගෙන් දැන් සමාව ඕනෙ නෑ , මෙහෙම තමන්ගේ උරහිසේ ඔලුව තියාගෙන ඉන්න එකම එයාට ලොකු දෙයක් උනා...
"ජියෝන්..දැන් මොකක්ද ඔයා කරන්නේ..."
ටේහ්යොන්ග් ඇහුවේ එයාට කිසිම අදහසක් තිබ්බේ නැති හින්දා.. ටේහ්යොන්ග්ට ජන්කුක්වයි ගුකීවයි එයා ගාව තියාගන්න එක ලොකු දෙයක් නෙවෙයි... හැබැයි එහෙම දෙයක් අහන්නවත් ටේහ්යොන්ග් බය උනා.. අනික තමන් ජන්කුක්ට ආදරෙයිද කියලා , ආදරේ කරන්නද කියලා ඒ මුකුත් ටේහ්යොන්ග්ට හිතා ගන්න බැරි උනා...
"මොනා කරන්නද... හොද උනාම ජොබ් එකක් හොයාගන්න ඕනේ... "
ඔහේ ජන්කුක් කීවම ටේහ්යොන්ග් කෙල ගිල්ලා..
"එ.. එතකොට ගුකී..."
"මන් දන් නෑ... මොනා කරන්නද කියලා මම දන් නෑ... ගුකී තෝරගන්න විදියට මට දරාගන්න පුලුවන්..."
ජන්කුක් කීවෙ කල්පනා කරන ගමන්...
"ජොබ් එකක් ඕනෙ නෑ.. මට පුලුවන් ඔය දෙන්නව බලාගන්න..."
ටේහ්යොන්ග් කියනකොට ජන්කුක් උරහිසෙන් ඔලුව ඉස්සුවා...
"ඒ මොකටද... මාව මොකටද.. මොන සම්බන්ධෙකටද මාව බලාගන්නේ... "
ජන්කුක් ඇහුවම ටේහ්යොන්ග් නිරුත්තර උනා...
"ගු..ගුකීගෙ පපා......"
"ගුකීගෙ පපා හින්දානම් , ඒක මීට කලිනුත් වෙලා තිබ්බා.. මට කිසි කෙනෙක්ගේ අනුකම්පාවක් ඕනෙ නෑ.. කවුරුත් මාව බලාගන්න ඕනෙ නෑ...මට පුලුවන් මන් ගැන බලාගන්න..."
ටිකක් එහාට වෙන්න හදන ගමන් ජන්කුක් කීවම ටේහ්යොන්ග් ජන්කුක්ගේ උරහිස වටෙට අත යවලා පරිස්සමට ලගට ගත්තා...
"ජියෝන්.. මට කැමතිද..."
ජන්කුක්ගේ කනට කරලා ටේහ්යොන්ග් ඇහුවේ ජන්කුක් එක පාරටම ගැස්සෙනකොට..
"නෑ.. "
කෙලින් උත්තරයක් දුන්න ජන්කුක් අහක බලාගන්නකොට ටේහ්යොන්ගේ මූන අදුරු උනා...
"ඒත්.. මම කැමතී.."
ටේහ්යොන්ග් කීවේ බිම බලාගෙනමයි...
"අපි හැමෝම මිනිස්සුන්ට කැමතී.. ඒකෙ වෙනසක් නෑ..."
කිසිම හැගීමක් නැති කට හඩකින් ජන්කුක් කියනකොට තව ටිකක ටේහ්යොන්ගේ හිත රිදුනා..
"න්.. නෑ .. ඒක වෙනස්.. ඒක...."
ටේහ්යොන්ග් මොනවා හරි කියන්න උත්සහ කරත් එයාට ඒක තෝර බේරගන්න බැරි උනා,, මාසයක් තිස්සේ එක පාරක්වත් බලන්න නොගිය බැදලා දාලා තියන නිශාව එක පාරටම ටේහ්යොන්ගේ ඔලුවට ආවත්, බොරු කරපු සෙල්ලම් කරපු හැමදේමත් එක්ක කිසිම හැගීමක් ටේහ්යොන්ග්ට ආවේ නෑ.. ඒත් ජන්කුක් ගැන දේවල් ගොඩක් තියනවා, ටේහ්යොන්ග්ට හරියට නමක් දීලා තෝරගන්න බැරි...
"මට.. අවස්තාවක් දෙන්න, ප්ලීස්..."
"මොකටද අවස්තාවක්... "
ජන්කුක් ආයෙ වතාවක් ඇහුවම ටේහ්යොන්ග් හොද හුස්මක් ගත්තා...
"ඔයාගෙ හිතේ විශ්වාසයක් ඇති කරන්න මට අවස්තාවක් දෙන්න... ඔයාවයි අපේ ගුකී බබාවයි බලාගන්න මට අවස්තාවක් දෙන්න... "
ටේහ්යොන්ග් පහත් කටහඩකින් කියනකොට ජන්කුක් ටිකක් වෙලා බිම බලන් ඉන්න ටේහ්යොන්ග් දිහා බලන් හිටියා.. ඒ ඇස් වල ඇත්තම පසුතැවීමක් පේන්න තිබුනා..
"හොදයි..."
ආයෙත් ටේහ්යොන්ග් ගාවට ලන් වෙන ගමන් ජන්කුක් කීවම ටේහ්යොන්ග් ඉක්මනට ඔලුව උස්සලා බැලුවේ ජන්කුක් කීවේ ඇත්තද බලන්න..
"ඒ ඔයා ඉල්ලන නිසා නෙවෙයි... මම ඔයාට ආදරේ හින්දා..."
ටේහ්යොන්ගේ ඇස් දෙක දිහා බලලා කියනගමන් ටේහ්යොන්ගේ කම්මුලින් පුන්චි හාදුවක් තිබ්බ ජන්කුක් ආයෙත් ටේහ්යොන්ග් ගාව ගුලි උනේ දැනෙන සීතලත් එක්ක...
ඇස් වල සතුටු කදුලු පුරවගත්ත ටේහ්යොන්ග් ඉක්මනට තමන්ගේ ලොකු ජැකට් එක ගලවලා ජන්කුක්ටත් එක්ක පොරවන ගමන් තමන්ට තුරුල් කරගත්තේ තමන්ට ලෝකෙම හම්බුනා වගේ හැගීමකින්... ජන්කුක්ගේ ඔලුව උඩින් ආදරණීය හාදුවක් තියපු ටේහ්යොන්ග් ගලට හේත්තු උනේ දැන් හොදටම රෑ වෙලා කියලාවත් ගනන් ගන්නේ නැතුව...
ඒත් එක පාරටම හෙන ගැහුවා වගේ එහාට උන ජන්කුක් ටේහ්යොන්ගේ ඇස් දෙක දිහා කෙලින් බැලුවේ ඔරවන ගමන්...
"හැබැයි..."
තමන්ගේ ඇගිල්ලෙන් ටේහ්යොන්ගේ නහයට ඇන්න ජන්කුක් හුරතල් විදියටම ඔරවගෙන බලන් හිටියා...
"මට ජන්කුක් කියන්න ඕනේ..."
තොලුත් පිට පෙරලන ගමන් ජන්කුක් කීවම ටේහ්යොන්ග්ට හයියෙන් හිනා ගියා...
"ඔයා මන් ලග ඉන්නවානම් මොකක් කියලා කතා කරන්න බැයිද ජියෝන්..."
"හහ්.. එහාට වෙනවා.."
ආයෙත් ජියෝන් කීවම කටත් ඇද කරන ගමන් ජන්කුක් එහාට උනාම ටේහ්යොන්ග් ඉක්මනට ජන්කුක්ව ඇදලා ගත්තා.. ජන්කුක්ගේ නලලට තමන්ගේ නලල තිබ්බ ටේහ්යොන්ග්...
" මයි බිග් බේබි..."
කියලා ඇහැක් ගැහුවාම ජන්කුක් ලැජ්ජාවටම රතු උනා... කලින් උන හැමදේම අමතක වෙලා වගේ දෙන්න ආයෙත් ලැජ්ජ වෙවී හිනා වෙනවා...
"බේබි..."
"ම්ම්ම්..."
ජන්කුක් ටේහ්යොන්ගේ ඇස් දෙක දිහා බලන්ම මිමිණුවා...
"මන් .. ඔයාව කිස් කරන්නද..."
ටේහ්යොන්ග් තවමත් නලල තියාගෙනම ඇහුවාම ජන්කුක් ආයෙත් හුරතලේට ඇස් වපර කරලා බැලුවා..
"කවද්ද මගෙන් අහලා කිස් කරේ ඔයා.. හහ්..."
ජන්කුක් කීවම ජන්කුක්ට හිතන්නවත් වෙලාවක් නොදී ටේහ්යොන්ග් ජන්කුක්ගේ යටි තොල තොල් වලින් අල්ලලා ඇදලා අතෑරියා...
"එහෙනම්.. අදත් මම අහන් නැතුවම ඉන්නම්..."
ජන්කුක්ගේ කන ගාවට කරලා හිරි වැටෙන තරම් ගැඹුරු කටහඩකින් කියපු ටේහ්යොන්ග් ජන්කුක්ගේ කන පිටිපස්සෙන් ලොකු හුස්මක් උඩට ඇදලා ගත්තම ජන්කුක් වෙව්ව්ලලා ගියා..එහෙමම නහය ඇදගෙනම ජන්කුක්ගේ තොල් වලට පාත් උන ටේහ්යොන්ග් ජන්කුක්ගේ රතු පාට චෙරි තොල් උඩින් තමන්ගේ හීනි තොල් තියලා සියුම්ව ආදරණීයව සිප ගත්තේ තමන්ගේ හිතේ තියන හැගීම් ජන්කුක්ට පෙන්නන්න වගේ...
හද එලිය විතරක් ලස්සනට වතුරට වැටිලා දිලිසෙන රෑ කලුවරේ සීතලට ගුලි වෙලා ජන්කුක් ටේහ්යොන්ග් එකිනෙකාව සිප ගත්තේ දෙන්නගෙම හිත ඇතුලේ හිර උන හැගීම් ගලාගෙන යද්දී... නිශ්ශබ්ද පරිසරයේ ඇහුනේ හුලගට වතුර රැලි නගන සද්දේ වගේම , එක එක පුන්චි සත්තුන්ගේ හඩට අමතරව තොල් අතර මාරු වෙන ගමන් ආදරේ විදින දෙන්නගේ තොල් වලින් නික්මුන සද්දෙම විතරයි...
ජන්කුක්ට එකම විදියට ඉන්න අමාරු වෙනකොට ටේහ්යොන්ග් ගලට හේත්තු වෙලා එක මොහොතකටවත් නතර නොවී ජන්කුක්ව උස්සලා තමන්ගේ ලැප් එක උඩින් තියාගත්තේ ජන්කුක් ටේහ්යොන්ගේ බෙල්ල වටේ අත් යවන ගමන් ටේහ්යොන්ගේ ඉන වටේට කකුල් දෙක පටල ගන්නකොට... ජන්කුක්ගේ තුවාල පෑරෙන් නැති විදියට ඉනෙන් අල්ලගෙන තව තවත් ගැබුරට සිප ගන්න ගමන් , ජන්කුක්ගේ දිවත් එක්ක පැටලෙන තමන්ගේ දිවෙන් ජන්කුක්ගේ මුලු මුව ඇතුලෙම රස බලන්න ගත්ත ටේහ්යොන්ග් එන්න එන්නම උණුසුම් වෙන තමන්ගේ ශරීරයට ජන්කුක්ව තවත් තද කරගත්තේ ජන්කුකුත් ටේහ්යොන්ගේ කෙස් අතරින් ඇගිලි යවන ගමන් තදින් අල්ලගෙන තමන්ට දැනෙන පහස විදගනිද්දි...
ඇස් දෙකත් පියාගෙන තමන්ගේ හැගීම් උපරිමේ විදගන්න ගමන් හිටපු දෙන්නටනම් එතන එහායින් ලොකු ගහකට හේත්තු වෙලා කටත් ඇද කරන් බලන් ඉන්න හෝසොක්වනම් පෙනුනේ නෑ... දැන් හෝසොක් මෙතනට ඇවිත් ටිකක වෙලා උනත් හාදුවේ ගිලිලා හිටපු දෙන්නට හෝසොක්ගේ උගුර පෑදීම නම් කොහෙත්ම ඇහුනේ නෑ... තවත් ටිකක් වෙලා හිටියත් කිස් එක යන විදිය ඇල්ලුවේ නැති හින්දා එතනම තිබ්බ ටිකක් ලොකු ගලක් අරන් වතුරට විසික් කරලා හයියෙන් කැස්සේ අර දෙන්න අන්ද මන්ද වෙලා හොද සිහියට එනකොට...
"ඔය ජෝඩුව... දැන්ම ආවෙ නැත්නම් මම හොද වැඩක් කරනවා... මම විනාඩි පහක් බලනවා ආවෙ නැත්නම් මම යනවා..."
ඇගිල්ලත් දික් කරලා තර්ජනය කරපු හෝසොක් ගස්සගෙන එතනින් ආවා... වාහනේට වෙලා සෑහෙන වෙලා බලාගෙන ඉදල ගුකීටත් නින්ද ගියපු හින්දා තවත් නැති හින්දා බලන්න ආවේ.. ආවත් දැක්කේනම් තනිකඩ හිතකට වාවන්න පුලුවන් දර්ශනේකුත් නෙවෙයි... තනියම කුටු කුටු ගාලා තමන්ටම බැනගන්න ගමන් හෝසොක් ඇවිත් වාහනේට නැගලා නින්ද ගිහින් ඉන්න ගුකීගේ ඔලුව අත ගෑවා...
"ඔයාගේ පපාගෙයි ඩඩාගෙයි හැදියාව අන්තිමයි ගුකී මැණීක... බලන්න මගෙ තනිකඩ හිත..."
ඩ්රැමටික් විදියට වාහනේ ඇතුලේ තනියම රගපාන ගමන් හෝසොක් කීවේ මුකුත් දන් නැති ගුකී තව ටිකක් සීට් එකට ගුකි වෙලා නිදාගන්නකොට...
.
.
.
හෝසොක් එතනින් ගස්සන් ගියාම ආයෙත් මූනෙන් මූන බලාගත්තු දෙන්නටම එක පාරටම හිනා ගියා...
"දැන් හොබී හ්යුන්ගේ මූන බලන්නේ කොහොමද මම..."
ලැජ්ජාවෙන් ජන්කුක් කියනකොට ටේහ්යොන්ග් ජන්කුක්ගේ බෙල්ල පිටිපස්සෙන් අත තියලා ලන් කරගන්න ගමන් ජන්කුක්ගේ නලලෙන් තමන්ගේ නලල තියාගත්තා..
"ඒ .. නපුරු හ්යුන්ග් දිහා නම් ඔයා නොබැලුවට කමක් නෑ..."
ටේහ්යොන්ග් කියනකොට ජන්කුක් හයියෙන් ටේහ්යොන්ගේ අතකට ගැහුවා...
"මගෙ හ්යුන්ග්ට ඊරිසියා කරන්න එපා..."
"අපෝ ඔයාගේ හ්යුන්ග් තමයි හොදම.. තාම කම්මුල දුන් දානවා..."
අන්තිම ටික හෙමීට මුමුණන ගමන් ටේහ්යොන්ග් තමන්ගේ කම්මුල අත ගෑවේ හොබීගෙන් කාපු පාර මතක් වෙලා...
"දැන් යන් අපි... ගොඩක් රෑ වෙලා..."
අමාරුවෙන් නැගිටින්න උත්සහ කරන ගමන් ජන්කුක් කියනකොට ජන්කුක් හිටපු විදියටම වඩාගෙන ටේහ්යොන්ග් නැගිට්ටේ ජන්කුක්ගේ තොල් වලට පෙක් එකක් තියන ගමන්...
"වෙන වෙලාවකනම් මන් යන්න දෙන් නෑ මෙහෙම මග දාලා..."
ජන්කුක්ගේ කම්මුලක් ඉබලා කියන ගමන් ජන්කුක්ව වඩාගෙනම ටේහ්යොන්ග් ඉස්සරහට යන්න ගත්තේ ජන්කුක් ලැජ්ජාවටම ටේහ්යොන්ගේ බෙල්ල අස්සේ මූන ගමගෙන උරහිස උඩින් පිටිපස්ස බලාගන්නකොට... ජන්කුක් ඉන්න විදියෙන්ම ජන්කුක්ට තේරුනා ටේහ්යොන්ග් කොච්චර අමාරුවෙන්ද ඉන්නේ කියලා..
ඈතින් පොඩි එකෙක්ව වගේ ජන්කුක්ව වඩාගෙන එන ටේහ්යොන්ග්ව දැක්කම හෝසොක් වාහනේ ඇතුලේ ඉදන්ම ඔලුව දෙපැත්තට වැනුවේ, මේ කෝලම් බලන්න ගුකී ඇහැරිලා නැති එක ගැන සතුටු වෙන ගමන්.. තමන්ගේ අතින්ම හෝසොක්ගේ වාහනේ ෆලෝ කරන්න කියලා කියන ගමන් හෝසොක් වාහනේ ස්ටාර්ට් කරේ ටේහ්යොන්ග් තමන්ගේ වාහනේ තියන තැනට ඇවිදගෙන යනකොට...
.
.
.
.
_____________
"එතකොට ඔයා ජන්කුක් ගැන දැනන් හිටියද ජූන්..."
ජින් ඇහුවේ රෑ ඇදට නිදාගන්න ඇවිත් උන දේවල් ඔක්කොම කියපු නම්ජූන්ගෙන්..
"හ්ම්ම්ම්..."
"ඒක තමයි, ඔයා ටේ බෙයාට ජන්කුක් එක්ක සම්බන්ධයක් තියාගන්න එපා කීවේ.."
ජින් කීවේ නම්ජූන් කියපු දේවල් එකින් එක මතක් කරන ගමන්...
"යුන්ගිටත් මම කීවා.. අපි දෙන්නම කලින් ඉදන් නිශාව සැක කරා.. මතකද මන් නිශා නැති උනාම හැමතැනම CCTV චෙක් කරා.. ඒකෙන් තමයි අපි ගොඩක් දේවල් පස්සෙ හොයාගත්තේ , ඒ වගේම ඒ දෙවල් කියලා ටේගේ සතුට නැති කරන්නත් මට බෑනේ..."
නම්ජූන් කීවෙ ජින් දිහා බලන ගමන්... ජින් නම්ජූන්ගේ අතින් අල්ලගත්තා...
"එතකොට ඇයි .. ජන්කුක් නිශා දෙන්නම ගැන දැනගෙන මුකුත් කරේ නැතුව සද්ද නැතුව හිටියේ...."
"කොහොමද ජිනී ඒම කරන්නේ කියන්න.. එක පොඩි දෙයක් ජන්කුක් ගැන දැනගෙන හැසිරුන විදිය දැක්ක නේද... නූලෙන් වෙන්න ගිය ලොකු විනාශයක් නැවතුනේ... අනික මමත් මුකින් ජන්කුක්ව විශ්වාස කරේ නෑ... ජන්කුක් නිශා කියන්නේ ටේහ්යොන්ගේ ජීවිතේ හැගීම් එක්ක පැටලුන දෙන්නෙක්... මට ඒ ගැන තීරණ ගන්න බෑනේ.. මට පුලුවන් උනේ ටේටම හැමදේම හොයාගන්න දීලා බලන් ඉන්න එක විතරයි... ඒ දෙන්න ගැන තීරණ ගන්න පුලුවන් ටේටම විතරයි..."
නම්ජූන් කියනකොට ජින් නම්ජූන් දිහා බලලා ආදරණීයව හිනා උනා... නම්ජූන් කවදත් හැමදේම ගැන හොදට හිතනවා...
"අනිත් ලෝයර් එක්ක මොකද..."
"ම්ම් .. ජිනී..."
"කියන්න..."
නම්ජූන්ගේ ඔලුව තමන්ගේ කකුල් දෙකෙන් තියාගන්න ගමන් ජින් නම්ජූන්ගේ ඔලුව අත ගෑවා...
"ඔම්මයි අප්පයි නැති උනේ ඇත්තටම ඇක්සිඩන්ට් එක්කින්... එදා ඔම්මයි අප්පයි දෙන්නම ජියෝන්ව හම්බෙන්න ගිහින් එනගමන් තමයි එතනින් පහලට වැටිලා තියෙන්නේ... අපිට හම්බුනේ කවුරු හරි හිතාමතා වෙනස් කරපු ඩීටේල්ස්... මන් හිතන්නේ එදා ජියෝන්ගේ ඇත්තම කතාව දැනගෙන ඔම්මයි අප්පයි එන්න ඇත්තේ.. ජියෝන් වැරැද්දක් කරලා නෑ , මේ වයිරය එදා නැති වෙන්න තිබ්බ එකක් .. හැමදේම මෙහෙම නිශා කරයි කියලා අපි කොහොමද හිතන්නේ ජිනී... මූන දැක්කමවත් ..."
නම්ජූන් කතා කරේ කලකිරීමෙන්..
"ඔයා හැමදාම කියනවා වගේ දැකපු පලියට මිනිස්සු විශ්වාස කරන්න බෑ..."
ජින් කීවේ නම්ජූන්ගේ ඔලුව ආපහු කොට්ටෙන් තියන ගමන්..
"දැන් නිදාගමු... ආයෙත් ටේ බෙයා හිනා වෙනවා බලන්න විතරයි ඕනේ... "
ලෑම්ප් එක නිවලා ඇදේ හාන්සි වෙන ගමන් ජින් කීවත් ආයෙත් ඉස්සිලා නම්ජූන්ගේ මූන උඩටම ඉබුනා...
"හැබැයි.. මම එදා කීවා ජන්කුක් නරක කෙනෙක් නෙවෙයි කියලා..."
ඇස් දෙකත් හීනී කරලා දිව දික් කරලා ජින් කියනකොට නම්ජූන් ජින්ගේ බට් එකක් කෙනිත්තුවේ ජින් ආව් කියලා කෑ ගහලා හිනා වෙනකොට..
"ඔයත් ඔයාගෙ කරදරකාර යාලුවා වගේමයි... කාලෙකින් හම්බුන් නෑ රන්ඩු වෙන්නවත්..."
ජින්ගේ නහයේ නහය ගාවනගමන් කියලා නම්ජූන් ලාවට හිනා උනා..
.
.
.
ඔහ්.. මුලු කිම් පවුලම හොබීව කන්න බලාගෙන ඉන්නේ....
•
•
•
•
*******************
___________________________Dark_Sunshiner 🤍🥀
මම හොදයි නෙහ්... 😪
මොනා හරි කියන් යන්න...🤗♥️⚘
Thanks for reading ...♥️
To be Continued ....
2022/11/10
Bạn đang đọc truyện trên: AzTruyen.Top