|35|
" පපාආආආ..."
ජන්කුක් හැරිලා බැලුවේ ටිකක් ඈතින් ඇහුන හුරුපුරුදු කටහඩට...
"ගු..ගුකී.. ගුකී කොහොමද මෙහෙ ඉන්නේ..."
තමන්ටම මුමුණගන්න ගමන් ජන්කුක් හැරිලා බැලුවේ විල ඉවුර දිගේ පුන්චි පදුරු අස්සෙන් තමන් ඉන්න දිහාට දුවගෙන එන ගුකී දිහා...ලොකූ පෑඩ් ජැකට් එක්කත් ඇදලා රතු වෙච්ච චූටි මූන විතරක් එලියට පේන විදියට දුවන් එන ගුකීව පෙනුනේ බෝලයක් එනවා වගේ... ජන්කුක්ට ඉක්මන්ට නැගිටින්න අමාරු හින්දා කදුලුත් පුරවන් ඉන්න විදියටම බලන් හිටියේ හිතේ ඇති උන සතුටත් එක්කමයි...
එතනට ඉක්මනට දුවගෙන ඇවිත් ජන්කුක්ගේ අතත් අල්ලගෙන ගල දිගේ බඩගාලා උඩට නැග්ග ගුකී හරී පරිස්සමට ඒත් තදින් ජන්කුක්ව බදාගත්තා... ආයෙත් ඈත් වෙලා සීතල චූටි අත් දෙකට ජන්කුක්ගේ මූන මැදි කරන් චූටි චූටි හාදු ගොඩක් දුන්නේ ජන්කුක්ට කිසිම දෙයක් හිතන්නවත් වෙලාවක් දෙන්නේ නැතුවා...
"පපා.. ගුකී බබා එක්ක තලා වෙලාද ඉක්මනට ආවෙ නැත්තේ මාව බලන්න... දැන් පපාගේ තූල හොදයිද... ගුකී බබා ගුඩාක් බලන් හිතියා, පපා එනකල්..."
එක දිගට ජන්කුක්ගේ ඇගිල්ලත් චූටි අත් වලින් අල්ලගෙන කතා කරන ගුකී දිහා බලපු ජන්කුක් එහෙමම ගුකීගේ වටෙට අත් යවන ගමන් තුරුල් කර ගත්තා..
"පපාටත් මගෙ මැණීකව ගොඩාක් මතක් උනා... මන් තරහා වෙන්නේ මොකටද ගුකී එක්ක..ම්ම්.."
ජන්කුක් ගුකීව තුරුල් කරගෙනම කීවේ ගුකීගේ ඔලුව ඉබින ගමන්... ගුකී ගාවත් අමුතු සුවදයි...
"ගුකීටත් පපාව මතක් උනාද..."
"ඕ.. මන් ගුඩාක් බලන් හිතියා... ඩඩා තමා කීවේ අද පපාව බලන්න එක්කන් එනවා කියලා... "
ගුකී කියනකොට ජන්කුක් ඉක්මනට ඔලුව උස්සලා බැලුවා ... කාගෙවත් අවධානේ මෙච්චර වෙලා එහා පැත්තේ ඉදන් එයාගේ ගුකීයි ජන්කුකුයි දිහා බලන් හිටපු ටේහ්යොන්ග්ට යොමු උනේ නෑ...
______
කලින් දවසේ පපාව බලන්න එක්කන් යන්නම් කීවත් ඒ කොහොමද මොකක්ද කරන්නේ කියලා අදහසක් ටේහ්යොන්ග්ට තිබ්බේ නෑ... ඒත් පහුවදා ගුකී ඉන්න විදියත් එක්ක කොහොම හරි එලියට එක්කන් ආපු ටේහ්යොන්ග් බුසාන් ආවෙ රිසෝට් එකේ වැඩ බලන්නත් එක්ක... ඇත්තටම මේ කාලේ පුරාවටම හරියට කම්පැනියේ වැඩකටවත් අවධානය දුන්නේ නැති ටේහ්යොන්ග් තමන්ගේ කාලේ ඔහේම ගෙවලා දැම්මේ කරන්න ඕනෙ මොනවද කියලා හිතන්නවත් බැරි තරම් එයා හිස් වෙලා වගේ දැනුන හින්දා...
ගුකීත් එක්ක ඇවිත් ඒ කැලේ මැධින් විල ගාව්ට ආවම ඒ පරිසරය දැක්කම එදා ජන්කුක් සතුටු උනා වගේම ගුකීත් ගොඩාක් සතුටු උනා කියලා ටේහ්යොන්ග් දැක්කා.. දෙන්නත් එක්ක එතන ඉර බැහැගෙන යනවා බැලුවත් ගුකී කෑ ගහගෙන දුවන්න ගත්තමයි ටේහ්යොන්ග් විලේ එහා පැත්තට වෙන්න ඉන්න ජන්කුක්ව දැක්කේ...
දුවගෙන දුවගෙන ගිහින් ජන්කුක් එක්ක හුරතල් වෙන ගුකී දිහා ටේහ්යොන්ග් බලන් හිටියේ කදුලු පුරෝගෙන.. ගොඩ කාලෙකින් ගුකී සතුටෙන් හිනා වෙනවා දැක්කා... ඒ පොඩි දරුවට හරියටම ඕනේ වෙලාන් තිබ්බේ මොනවද කියලා ටේහ්යොන්ග්ට එවෙලේ තමයි තේරුනේ...
ටිකකින් දෙන්නත් එක්ක කතා කරලා තමන්ගේ පැත්තට එක පාරටම යොමු උන ජන්කුක්ගේ ඇස් දෙක දැක්කම ටේහ්යොන්ගේ හිත මොහොතකට ගැස්සුනා...
_____
"ඩ..ඩඩා..."
ජන්කුක් වෙව්වල කටහඩකින් කීවේ ටේහ්යොන්ග් දිහා බලාගෙනමයි.. ගුකී දන්නවා දැන්... මෙහෙට පැටලුන සන්කීර්ණ සම්බන්ධතාවයක් තේරුම්ගන්න තරම් ගුකීට තේරුමක් තිබ්බේ නෑ.. ගුකීට තේරිලා තිබ්බ එකම දේ ජන්කුක් එයාගෙ පපා කියලයි , ටේහ්යොන් එයාගෙ ඩැඩා කියලයි විතරයි... මමා පපා ඒ ඔක්කොටම ගුකීට හිටියේ ජන්කුක් විතරයි.. ගුකීගේ සුවපහසු ස්තානය උනේ ජන්කුක් විතරයි.. ඒත් ගුකී හේතුවක් නැතුව ටේහ්යොන්ග්ට කැමති උනා... සමහර විට ටේහ්යොන්ග් එක්ක වාහනේ පදින්න පුලුවන් හින්දා වෙන්න පුලුවන්.. ඒත් මේ ජන්කුක් නොහිටිය කාලේ පුරාවටම ගොඩාක් ආදරෙන් ගුකීව බලාගත්තේ ටේහ්යොන්ග්.. ජන්කුක් වෙනුවට ගුකී තුරුල් වෙලා නිදා ගත්තේ ටේහ්යොන්ගේ පපුවට.. ඒ එක එක චූටි හිතට දැනෙන හැගීම් හින්දා ගුකී ටේහ්යොන්ග්ව ඩැඩා කියන නමින් තමන්ගේ ලෝකෙට ලන් කරන් තිබ්බා...
"ඩඩාආඅ.. එන්න මෙහෙත... "
ගුකී කෑ ගහලා කතා කරත් ටේහ්යොන්ග් එතනින් හෙල්ලුනේ නෑ.. ආයෙත් ගුකී කෑ ගහනකොට ටේහ්යොන්ග් ටික ටික ඒ පැත්තට ඇවිදගෙන ආවේ හෙමින්... ටේහ්යොන්ග්ට දැන් කියන්න කතා කරන්න බෑ.. තමන්ගේ අතින්ම වෙඩි වැදුන කෙනා.. ටේහ්යොන්ග් ගොඩාක් නරක විදියටම සලකපු කෙනා.. කිසිම වරදක් නොකර නිකරුනේ සැක කරපු කෙනා .. ඉස්සරහට යන්න ටේහ්යොන්ග් බය උනා... හම්බෙන්න හිටියත්, සමාව ගන්න ඕනෙ උනත් එකපාරටම කරන්න දෙයක් හිතාගන්න බැරි උනා ටේහ්යොන්ග්ට...
ඇත්තටම ජන්කුකුත් ටේහ්යොන්ග්ට මූන දෙන්න ඇත්තටම බය උනා.. උන දේවල් කිසි දෙයක් නොදැන හිටපු ජන්කුක් මොකක් වෙයිද කියලා හිතාගන්න බැරුව හිටියේ... ටේහ්යොන්ග් අතින් තමන්ට වෙඩි වැදුනා කියලා ජන්කුක් දන්නවා... අනිත් වැදුන බුලට් එක නිශා ටේහ්යොන්ග්ට තිබ්බ එක කියලත් ජන්කුක් දන්නවා.. ටේහ්යොන්ග් අති වැරදිලා වෙඩි වැදුනේ කියන්නත් ජන්කුක් දන්නවා... මේ වෙනකොට නිශාට මොකද වෙලා තියෙන්නේ, දැන් තමන් ගැන ටේහ්යොන්ග් මොනවද හිතන් ඉන්නේ , ඒ මොන දෙයක්වත් ජන්කුක් දැනන් හිටියේ නෑ.. ඒ හින්දා ජන්කුක් ඇත්තටම බය උනා... ඔව්... ටේහ්යොන්ග් ගැන වයිරයක් ඇති කර නොගන්න තරම් ජන්කුක්ගේ හිත හරි අහින්සකයි...
ටේහ්යොන්ග් ලන් වෙනකොට ගුකී ඉක්මනට බැහැලා ගිහින් ටේහ්යොන්ගේ අතකින් අල්ලගත්තා..
"ඩඩා... පපාගේ ඌවා හුදයි දැන්... ඩඩා ගුකී බබාව එක්කන් ආවානේ... ඒ හින්දා ගුඩාක් ආදලෙයි මන්..."
ටේහ්යොන්ගේ කකුලක් බදාගන්න ගමන් ගුකී කියනකොට ටේහ්යොන්ග් බිමට නැමිලා ගුකීව වඩා ගත්තා...ජන්කුක් මේ දිහා බලන් හිටියේ යම් පුදුමෙකින් වගේම සතුටකින්... ගුකී කා ගාවවත් මෙහෙම හැසිරෙන් නෑ ඒකට පුදුම හිතුනත් දැන් ගුකී එයාගෙ ඇත්තම ඩැඩාත් එක්ක මෙහෙම ඉන්න එක ජන්කුක්ව සතුටු කරා.. ටේහ්යොන්ග් ගුකීව වඩා ගත්තු විදියෙන් ගුකීට කොච්චර ආදරේද කියලා ජන්කුක්ට තේරුනා.. දැන් තව දුරටත් ජන්කුක්ගේ හිතේ බරක් නෑ , මෙච්චර කල් ජන්කුක් උත්සහ කරේ ගුකී වෙනුවෙන් ජීවත් වෙන්න.. තමන් නැති උනොත් ගුකීට කවුරුත් නැති වෙයි කියලා ජන්කුක් බය උනා.. ජන්කුක් ඒ වෙනුවෙන් ජීවත් උනා.. ඒත් දැන් මෙතනින් ඈත් වෙන්න උනත් , සදහටම ඇස් පියාගන්න උනත් ජන්කුක්ට බයක් තිබ්බේ නෑ.. මොකද දැන් ගුකීට එයාගෙ පවුල ඉන්නවා... හරි විදියට බැලුවොත් එයා ගුකීගේ කවුරුවත්ම නෙවෙයි...
ජන්කුක් අප්පයි පුතයි දිහා ගොඩක් ආදරෙන් බලන් හිටියා.. ජන්කුක් නැගිටින්න උත්සහ කරත් ජන්කුක්ට එක පාරටම නැගිටගන්න බැරි උන නිසා ආයෙමත් ඉන්ද උනා.. එතකොටම ජන්කුක්ගේ මූනෙන් පෙනුනේ වේදනාත්මක ඉරියව්වක්...
ටේහ්යොන්ග් ඉක්මනට එතනට ඇඉත් ජන්කුක්ට උදව් කරන්න හැදුවත් ජන්කුක් ටේහ්යොන්ගේ අත එහාට කරලා තනියමම නැගිට්ටා... අමාරුවෙන් ගලට වාරු වෙලා හිටපු ජන්කුකුයි බිම හිටපු ගුකීගෙනුයි ටේහ්යොන්ගෙනුයි හරිම අපහසුකාරී නිශ්ශ්බ්දතාවයක් තිබ්බේ...
"හොබී සමොච්චා..."
මෙච්චර වෙලා කොෆී කප් දෙකත් අතේ තියාගෙන ඈතට වෙලා මේ දිහා බලන් හිටපු හෝසොක්ව දැකපු ගුකී ඒ නිහඩ බව බිදලා දුවගෙන ගියේ ගොඩ කාලෙකින් දැක්ක තමන්ගේ සමොච්චා ගාවට , ලගට ආපු ගුකීවත් වඩන් හෝසොක් එතනින් ඇතුලට ආවෙ අනිත් දෙන්නට ටිකක තනියම ඉන්න දීලා...
එතනින් ගුකිත් ගියත් හරි දෙන්නම හිටියේ ගිඩක් අපහසුවෙන් ... තවත් හිටන් ඉන්න අමාරු හින්දා ජන්කුක් ආයෙත් ගල උඩින් වාඩි උනා... ටිකක් වෙලා ඈත බලන් හිටපු ටේහයොන්ග් ලොකු හුස්මක් අරන් බිම බලාගත්තේ ඇස් දෙකත් පියාගෙන...
"ජි..ජියෝන්..."
ටේහ්යොන්ග් ජන්කුක්ගේ කකුල් දෙක දිහා බලන් කතා කරනකොට ජන්කුක් ඇස් දෙකෙන් ටේහ්යොන්ගේ මූන දිහා බැලුවා... ටේහ්යොන්ට ජන්කුක්ගේ මූන දිහා බලන්න බෑ .. ඒකට ශක්තියක් නෑ වගේ...
"ම.. මට සමාවෙන්න.. ප්ලීස්.. මම ඇත්තටම මුකුත් දැනගෙන හිටියේ නෑ... ම.. මන් අන්ධ වෙලා හිටියේ... ඔයා වැරදි නෑ කියලා දැනගන්නකොට මම පරක්කු වැඩී.. මන් කිසිම දෙයක් හිතලා කරපු දේවල් නෙවෙයි... ඔ..ඔයා මගේ දරුවා වෙනුවෙන් ගොඩාක් දුක් විදිනකොට ඔයාට ගොඩාක් රිද්දුවාට ම..මට සමාවෙන්න...'
අන්තිම ටික ජන්කුක්ගේ ඇස් දෙක දිහා බලාගෙන කියනගමන් ටේහ්යොන්ග් එතනම බිම දණගහගෙන ජන්කුක්ගේ කකුල් දෙක උඩින් අත් දෙක තියාගෙන බිම බලාගෙන ඇඩුවා... ඒත් ජන්කුක් කිසිම දෙයක් කීවේ නෑ.. ජන්කුක් මොනවද කියන්නේ..ජන්කුක්ට මොනවද කියන්න පුලුවන්...
"ම..මන් දන්නවා මම සමාව ඉල්ලන්නවත් සුදුසු නෑ කියලා... මට මොකක්ද කරන්න ඕනෙ කියලා දන්නේ නෑ.. ඔ.. ඔයා ගුකීව ගොඩාක් හොදට හදලා තියනවා.. හරියට ඔයා වගේම අහින්සක ලස්සන හිතක් තියන විදියට...ප්ලීස්.. මම මගේ මේ ජරා අත් දෙකෙන් ඔයාට හිතලා වෙඩි තිබ්බේ නෑ... ම.. මට සමාව දෙන්න එපා.. මම ඒකට සුදුසු නෑ මම දන්නවා.. ඒත් මොනවම හරි කියන්න.. ඔ..ඔයා කියන ඕනම දෙයන්.. ඕනම දෙයක් මම කරන්නම්.. මම දන් නෑ මොනවද කරන්න ඕනෙ කියලා... ම.. මට සමාවෙන්න ...මට සමාවෙන්න..."
ජන්කුක්ගේ ඔඩොක්කේ තිබ්බ අතින් අල්ලගෙන ටේහ්යොන්ග් හයියෙන් ඇඩුවා.. කවදාවත් කවුරුත් ගාව ටේහ්යොන්ග් මෙච්චර අඩලා .. ටේහ්යොන්ග් අඩන සද්දෙට ජන්කුක්ගේ පපුව හිරි වැටුනා.. ටේහ්යොන්ග් තමන්ගේ හ්යුන්ග් ගාවවත් අඩලාවත් කතා කරලාවත් හිත හදාගන්න ගියේ නෑ.. ඉතින් මේ එදා ඉදන් කලින් ඉදන්ම උන හැමදේම ටේහ්යොන්ග් පිට කරනවා... අදුරු වෙලා තිබුනු මුලු විලම දෝංකාර දෙන්න තරම් හයියෙන් ටේහ්යොන්ග් අඩන්න පටන් ගත්තේ ජන්කුක්ගේ අත දිගේ පෙරිලා ජන්කුක්ගේ කලිසම තෙත් වෙන විදියට කදුලු ගලලා...
ජන්කුක් නිහඩවම හිටියා , ටේහ්යොන්ග් අඩනවා අහගෙන තමන්ගේ කම්මුල් දිගෙත් ගලන කදුලු පිහදාන්නවත් කරදර නොවී ජන්කුක් නිහඩවම අහගෙන හිටියා... එදා ඉදන් උන හැමදේම , තමන් දුක් විදපු විදිය, නිශාත් එක්ක හිටපු විදිය , ජියෝන් කියන නමටත් වයිර කරපු විදිය , නිශා තමන්ව දාලා ගියාට පස්සේ තමන් පිස්සෙක් වගේ හැසිරුන විදිය, ජන්කුක්ව හම්බුන විදිය, දැනුන හැගීම් කිසිම දෙයක් පිලිගන්න අකමැති උන විදිය, ඒ හැම මොහොතකම නිශා වෙනුවෙන් විතරක් බලන් හිටපු විදිය , අන්තිමට නිශා ගැන දැනගත්තම තමන්ට දැනුන විදිය , ඒ හැමදේම කියන ගමන් ටේහ්යොන්ග් තමන්ගේ අවුරුදු ගානක දුක.. වේදනාව.. රැවටීම.. ජන්කුක්ගේ කකුල් දෙක උඩ බිම දනගහගෙන දිය කරා...
ටේහ්යොන්ග් කාත් එක්කවත් කතා කරන එකත් නවත්තලා ගොඩක් කල් වෙලා තිබුනා.. ඒත් අද හැම දෙයක්ම ජන්කුක් ගාව කියන ගමන් ටේහ්යොන්ග් ඇදුවා.. ටේහ්යොන්ග්ට දැනුනා තමන් පැටලුන නූල් බෝලෙක පොටක් හොයාගන්නවා වගේ... අදුරු වනාන්තරේකට එලිඅයක් වැටෙනවා වගේ තමන්ගේ බර පපුව සැහැල්ලු වෙනවා වගේ ටේහ්යොන්ග්ට දැනුනා...
ජන්කුක් තමන්ගේ අත් උඩ තියන ටේහ්යොන්ගේ අත අයින් කරලා අමාරුවෙන් ගල උසින් නැගිටලා ටේහ්යොන්ග් ගාවින්ම බිමින් දණ ගහගෙන බිමින් ඉද ගත්ත... එක අතක් ටේහ්යොන්ගේ බෙල්ල වටේ දාලා තමන්ගේ පපුවට හේත්තු කරගත්තු ජන්කුක් පිටිපස්සේ ගලට හේත්තු උනේ ජන්කුක්ගේ ලොකු ටී ශර්ට් එක එක අතනින් ගුලි කරගෙන බිම ඉදගන්න ගමන් ටේහ්යොන්ග් ජන්කුක්ගේ පපුවට තුරුල් වෙනකොට... තවමත් මුකුත්ම නොකීව ජන්කුක් ටේහ්යොන්ගේ මූන තමන්ගේ පපුවට තද කරගෙන අනිත් අත ටේහ්යොන්ගේ සිනිදු කෙස් අතරින් යවන ගමන් ටේහ්යොන්ග්ට ඇති තරමක් නිදහස් වෙන්න ඉඩ දුන්නා...
ජන්කුක් ටේහ්යොන්ග්ට සමාව දීලාද... නෑ ජන්කුක් ටේහ්යොන්ග්ට සමාව දීලා ගොඩක් කල්... ඊටත් වඩා ජන්කුක් ටේහ්යොන්ග්ට ගොඩක් ආදරෙයි... ටේහ්යොන්ග් තමන්ට වෙඩි තිබ්බ තැනට වඩා , ටේහ්යොන්ග් අඩනවා බලන් ඉන්න එක තමයි ජන්කුක්ගේ හිත රිදෙව්වේ...
සෑහෙන වෙලාවකට පස්සේ , හද එලිය විතරක් විලට වැටිලා දිලිසෙනකොට ටේහ්යොන්ගේ සද්දේ නැවතුනා.. ඒත් තවමත් ඔලුව උස්සන්න නම් අඩහහසක් තිබ්බේ නෑ ටේහ්යොන්ග්ට...
"කෝ.. ඔලුව උස්සන්න දැන්.."
බලෙන්ම ටේහ්යොන්ගේ ඔලුව උස්සන ගමන් ජන්කුක් පලවෙනි පාරට කතා කරා ...වේලුන කදුලු පාරවල් උඩින් ගිහින් තිබුනු අලුත් කදුලු පාරවල් ඔක්කොම අත් දෙකෙන් පිහදාපු ජන්කුක් ටේහ්යොන්ගේ ඇස් දෙක දිහා බලලා හිනා උනා... ඒක ටේහ්යොන්ගේ මුලු හිතම එක පාර නිමලා දාන හිනාවක්...
"ඔහොම ගැලපෙන් නෑ... නපුරෙක් ඉන්න ඕනෙ නපුරෙක් විදියට... ඒක තමයි ඔය මූනට ගැලපෙන්නේ..."
ටේහ්යොන්ගේ නහයට තට්ටුවක් දාලා ජන්කුක් කීවම ටේහ්යොන්ග් ඉක්මනට ජන්කුක්ගේ අත අල්ලගත්තා...
"ම.. මට සමාව දුන්නද..."
ටේහ්යොන්ග් ජන්කුක් දිහා බලන් ඇහුවම, ආයෙත් ලස්සනට හිනා උන ජන්කුක් ඉස්සරහින් පේන ලස්සන විල දිහා බලාගත්තා...
"සමහර ප්රශ්න තියනවා.. කවදාවත් විසදුම් හම්බෙන් නැති තරමට හොද..."
ඈත බලාගෙනම මුමුණපු ජන්කුක් ටේහ්යොන්ගේ උරහිසෙන් ඔලුව තියාගත්තා... කවදාවත් ටේහ්යොන්ගේ ප්රශ්නෙට ජන්කුක් උත්තර දෙන් නැති වෙයි... එයා දැනටමත් සමාව දීලා තිබුනත්...
•
•
•
•
___________________________Dark_Sunshiner 🤍🥀
තව එකක් දෙනෝ පුලුවන් උනොත් , කියන්න බෑ හැබැයි ... 😪
Thanks for reading ...♥️
To be Continued ....
2022/11/09
Bạn đang đọc truyện trên: AzTruyen.Top