|33|
උදේම තමන්ගේ පපුව උඩ එහෙට මෙහෙට දගලනවා වගේ දැනෙනකොට පැය දෙකක් විතර නින්ද ගිහින් හිටපු ටේහ්‍යොන්ග් නැගිට්ටුනේ අමාරුවෙන් ඇස් දෙක අරින ගමන්.. පපුව උඩ බරට දැනෙනකොට පහල බැලුවම ඉබේටම ලාවට හිනාවක් ආවෙ පපුව උඩ නිදන් ඉන්න කෙනා දැකලා...
නින්දෙන්ම දැනුන උණුසුමට වෙනදා පුරුද්දටම ටේහ්‍යොන්ගේ පපුව උඩ කකුල් දෙකත් දෙපැත්තට දාලා ගුකීට කාලෙකට පස්සේ හොදට නින්ද ගිහින් තිබ්බා.. ජන්කුක්ගේ පපුවටත් වඩා පලල් පපුව උඩ හොද සැපට චූටි ගුකීට නින්ද ගිහින් තිබ්බේ කටෙන් කෙල පාරකුත් බේරිලා...
තමන්ගේ පපුව උඩ හොද සනීපෙට නිදන් ඉන්න බෝලෙව දැක්කම ටේහ්‍යොන්ගේ ඇස් දෙක සතුටටම තෙත් උනා.. කවදාවත් මෙහෙම අත්දැකීමක් ලබලා නැති ටේහ්‍යොන්ග් එක පාරටම අප්ප කෙනෙක්ගේ හැගීම දැනෙන්න ගත්තම ටේහ්‍යොන්ගේ පපුව වේගෙන් ගැහුනා...
ගුකීව උස්සලා එහා පැත්තෙ කොට්ටෙ උඩින් ඔලුව තිබ්බ ටේහ්‍යොන්ග් ගුකීගෙ කටත් පිහලා චූටි කම්මුල සියුම්ව සිප ගත්තා... ජන්කුක්ව බලන්න යන්න ඕනෙ උනත් ආයෙත් ගුකීගේ වටේ අත් යවන ගමන් ඉන්නකොට ටේහ්‍යොන්ග්ට මහන්සියටම ආයෙත් නින්ද ගියා...
ඊලග වතාව ටේහ්‍යොන්ග් ඇහැරුනේ තමන්ගේ මූන පුරා මොකක් හරි යනවා වගේ දැනෙනකොට... හෙමීට තමන්ගේ ඇස් ඇරලා බලනකොට ගුකී චූටි ඇස් දෙකත් බෝල කරන් බලන ගම චූටි ඇගිල්ලක් ටේහ්‍යොන්ගේ මූන පුරා යවන ගමන් තිබ්බේ...
"ඔහ්... සමොච්ච ඇහලුනාද..."
හුරතල් බ්‍රෑන්ඩි කටහඩකින් ගුකී අහනකොට එක පාරටම බුරු බුරුස් ගාලා සද්දයක් ඇහුනා..
ගුකී චූටි තොල් උල් කරගන්නකොට ටේහ්‍යොන්ග් ඇස් දෙකත් ලොකු කරලා බැලුවේ සද්දේ ආපු ගුකීගේ බන්ඩිය දිහා..
"ගුකී අපි මොනා හරි කාලා ඉමු , හරිද මැනික..."
"සමොච්ච ඇයි මෙතන ඉල්ලේ... සමොච්චා මාව පපා ගාවට එක්කන් යලවද.. පපා මං නැතුව බය වෙලා ඇති..."
ආයේත් කදුලු පුරෝගන්න ගමන් කතා කරන ගුකීව දැක්කම ටේහ්‍යොන්ගේ හිත ගිනි ගන්නවා වගේ දැනුනා.. අර බට ගොඩක් ගහගෙන මල මිනියක් සමානව ඉන්න ජන්කුක් ගාවට ගුකීව අරන් ගියොත් කොච්චර බයවෙයිද කියලා ටේහ්‍යොන්ග් කල්පනා කරා...
දවස් ගානක් කෑම නොකා එක විදියට අඩන තමන්ගේ දරුවා ගැන ලොකු දුකක් ටේහ්‍යොන්ග්ට ඇති උනේ... ඉක්මනට ජන්කුක්ව බලන්න යන්න ඕනෙ උනත් ගුකීව මෙහෙම දාලා යන්නවත් අරන් යන්නවත් ටේහ්‍යොන්ග්ට පුලුවන් උනේ නෑ...
"ගුකීට පපා බලන්න යන්න ඕනිද..."
ආදරණීය කටහඩකින් ටේහ්‍යොන්ග් අහනකොට අඩන එක නවත්තපු ගුකී එක දිගට ඔලුව හෙලෙව්වේ නැගිටලා ඇද උඩ ඉදගන්න ගමනුයි...
"ඒනම් ඊට කලින් අපිට කරන්න වැඩ තියෙනවා..."
ගුකීගේ කම්මුලත් මිරිකන ගමන් ටේහ්‍යොන්ග් කියලා ගුකීවත් උස්සලා අරන් කරෙන් තියාගෙන වොශ් රූම් එක ඇතුලට දෙපැත්තට වැනි වැනි විකාර විදියට දිව්වේ ගුකී හයියෙන් හිනා වෙනකොට..
ගුකීගෙ හිනාව සතුටින් අහපු ටේහ්‍යොන්ග් තවත් විකාර කර කරම දෙන්නත් එක්ක වොශ් දැම්මේ ගුකීගේ හිනාව මොහොතකට නැති වෙන්න දෙන්නේ නැතුවයි... ගුකී ටේහ්‍යොන්ග්ට ඩැඩා කියලා කත කරේ නෑ.. ගුකී ඒක දන්නේ නෑනේ... ගුකී දන්න එකම දේ ටේහ්‍යොන්ග් ගාවත් තමන්ගේ පපා ලග තරම්ම සුව පහ්සු හැගීමක් දැනෙනවා කියලා විතරයි...
ගුකීවත් වඩාගෙන කිචන් එකට ආපු ටේහ්‍යොන්ග් දිහා ජින් බැලුවේ පුදුමෙන්.. දිගටම අඩ අඩ හිටපු ගුකීගේ මූනේ හිනාව දැක්කම ජින්ටත් සතුටු හිතුනා..
"චූටි මැණික මොනාද කන්නේ ආ..."
ටේහ්‍යොන්ග් ආදරෙන් ඇහුවම ගුකී මූන උල් කරන් ටේහ්‍යොන්ගේ උරහිසේ ඔලුව ගහගත්තා... තමන්ගේ බෙල්ල අස්සේ ඔලුව ගහන් ඉන්න පොඩ්ඩගේ ඔලුව ඉබපු ටේහ්‍යොන්ග් ජින්ට මොනවා හරි හදලා දෙන්න කියලා දෙන්නත් එක්ක මේසේ උඩින් වාඩි උනා..
ටිකකින් ගැලපෙන කෑම වර්ග කීපයක් එක්ක ගුකීට කිරි වීදුරුවකුයි ටේහ්‍යොන්ග්ට ස්ටෝබෙරි කිරි වීදුරුවකුයිත් ටේබල් එක උඩින් තියලා ගුකීගේ කොන්ඩෙනුත් අවුස්සලා කිචන් එකෙන් එලියට ගියේ දෙන්නටම කන්න කියලා...
ටේහ්‍යොන්ග්ට කෑම කන්න පිරියක්වත් උවමාවක්වත් නොතිබ්බත් ගුකී බඩකින්නේ හින්දා එයාටත් කන්නම උනා.. ලමයෙක්ට් කවන්නේ කොහොමද කියලා වැඩි දැනුමක් තිබ්බේ නැති ටේහ්‍යොන්ග් ගුකීත් එක්ක පුලුවන් විදියට කෑවේ හැමතැනම කෑමත් හලාගෙන... ජින් ආවම දෙන්නටම පයින් පාරකින් එලියට යන්න වෙනවා කියන එක එච්චර නොහිතා ටේහ්‍යොන්ග්නුත් ගුකී එක්ක පොඩි ළමයෙක් වගේ හැසිරුනා.. හැබැයි කාලා ඉවර වෙලා ගුකීට කිරි වීදුරුව දීලා එයා ස්ටෝබෙරි එක බොන්න ගත්තම නම් ලා රෝස පාට ස්ටෝබෙරි මිල්ක් එක දිහා ගුකී බලන් හිටියේ ආසාවෙන් කියලා ටේහ්යොන්ග්ට් තේරුනා...
"ගුකී කැමතිද..."
වීදුරුව ගුකීට දික් කරන ගමන් ටේහ්‍යොන්ග් අහනකොට තමන්ගේ කිරි එක අතින් තද කරන ගමන් ලැජ්ජාවෙන් වගේ ගුකී ලාවට ඔලුව වැනුවා..
"ඒනම් අපි දෙන්නා මාරු කරගමු... ම්ම්ම්.. "
චූටි එකෙක් වගේ ලස්සනට හිනා වෙලා ටේහ්‍යොන්ග් ගුකීත් එක්ක කිරි දෙක මාරු කරගත්තේ , ගුකී ආසාවෙන් ඒක අතට ගන්නකොට ටේහ්‍යොන්ග් එයා අකමැතිම නිකන් කිරි එකක් එයාගෙ අතට ගන්න ගමන් ...
මූනත් පුලුටු කරන් නිකන් කිරි එක බොන ටේහ්‍යොන්ග් දිහා ,ජින් එක්ක නම්ජූන් ඈතට වෙලා බලන් හිටියේ ඇස් දෙකේ කදුළු පුරවගෙන... හිතාගන්න බැරි තරම් නපුරු ටේහ්‍යොන්ග් පොඩ්ඩ එක්ක හරි හරියට හුරතල් වෙන එක හරි ලස්සන දර්ශනයක් උනා...
"එයාට තවත් මේ ගෙදර පොඩි එකා වෙන්න බැරි වෙයි..."
අමාරුවෙන් කිරි එක බීලා මේසෙ උඩින් වීදුරුව තියන ටේහ්‍යොන්ග් දිහා බලලා හිනා වෙන ගමන් ජින් කීවෙ නම්ජූනුත් ඒකට එකග වෙලා ඔලුව වනද්දි...
.
.
.
.
.
" ගුකී නිදිද...."
වාහනේට නගින ටේහ්‍යොන්ගෙන් නම්ජූන් ඇහුවේ වාහනේ ස්ටාර්ට් කරන ගමන්.. දෙන්නම හොස්පිටල් එකට යන්න ලෑස්ති වෙලා හිටියේ... ටේහ්‍යොන්ග් කියනකොට නම්ජූනුත් එනවයි කියලා කීවා...
"ඔව්.. බඩ පිරෙන්න කෑව හින්දා ඉක්මනට නින්ද ගියා... ඒක හොදයි , කොහොමත් හොස්පිටල් එක්කන් යන්න බෑනේ..."
හුස්මක් පාතට දාන ගමන් කියලා ටේහ්‍යොන්ග් සීට් එක පිටිපස්සෙන් ඔලුව හේත්තු කරගත්තා...
"නිශාට මොකද කරන්න හිතන් ඉන්නේ.. "
නම්ජූන් ගේට් එකෙන් එලියට වාහනේ දාන ගමන් ඇහුවේ ටේහ්‍යොන්ගේ අවධානය අරගෙන...
"ෆක්.. හ්යොන්ග්... ප්ලීස් මේ වෙලවෙ මතක් නොකර ඉන්න..."
ඇස් දෙක තදින් පියාගන්න ගමන් ටේහ්‍යොන්ග් කියනකොට නම්ජූන් නිශ්ශබ්දවම හිටියා... ටික්කින් හොස්පිටල් එකට වාහනේ දැම්මම නම්ජූන්ටත් කලින් බැහැපු ටේහ්‍යොන්ග් ඉක්මනට හොස්පිටල් එක ඇතුලට ගියා...
කලින් ජන්කුක්ව දාලා තිබ්බ රූම් එක ගාවට ඉක්මනට දුවලා ගිහින් එබුනත් ඒ රූම් එකේ කවුරුත් නැතු උනාට ටේහ්‍යොන්ගේ හිත බයෙන් ගැහෙන්න ගත්ත... ඇතුලට යන්න දොර අරින්න හැදුවත් සාමාන්‍ය අයට යන්න බැරි විදියට තිබුන දොර හින්දා ඉක්මනට අනිත් පැත්ත හැරිලා කොනේම රූම් එක ගාවට දුවන් ගියේ ගොඩක් බයෙන්..
තට්ටු කරන්නවත් පරක්කු නොවී ඩොකටර්ගේ රූම් එකේ දොර ඇරන් ඇතුලට ගිය ටේහ්‍යොන්ග් පුටුවේ ඉදගෙන මොනවා හරි වැඩක් කර කර හිටපු ඩොක්ටර්ගේ කොලර් එකෙන්ම අල්ලලා නැගිට්ටෙව්වේ ඇස් දෙකත් රතු කරගෙන..
"කොහෙද.. කොහෙද කියනවා ජියෝන්... එයා රූම් එකේ නැත්තේ ඇයි කියපන්..."
කෙන්තියෙන් කෑ ගහන ටේහ්‍යොන්ගෙන් තමන්ගේ හිර වෙලා තියන බෙල්ල අයින් කරගන්න හදන ගමන් ඩොක්ටර් අමාරුවෙන් හුස්ම ගන්නකොට ටේහ්‍යොන්ග්ට යකෙකෙ වගේ කේන්ති ගිහින් තිබ්බේ දැනුන බයටමයි...
"ක්..ක්හ.. අතාරින්න..."
ඩොක්ටර් අමාරුවෙන් කියනකොට ඒ වෙලාවෙම ඇතුලට ආපු නම්ජූන් ටේහ්‍යොන්ගේ අත් දෙකෙන් ඩොකටර්ව අයින් කරේ ටේහ්‍යොන්ග්ව තල්ලු කරන ගමන්..
"උබ මොකක් කරනවා කියලද හිතන් ඉන්නේ.. අහ්..."
නම්ජූන් තරහෙන් කියනකොට ටේහ්‍යොන්ගේ ඇස් ලාවට තෙත් උනා..
"හ්‍යුන්ග්.. ජියෝන් නෑනෙ.. එයා නෑ රූම් එකේ..."
කැඩුනු කටහඩකින් ටේහ්‍යොන්ග් කියනකොට නම්ජූන් ඉක්මනට ඩොක්ටර්ගේ පැත්තට හැරුනා...
"පේශන්ව සෙකන්ඩ් ෆ්ලෝ එකට අරන් ගියා... ඩොකටර් හෝසොක් අරන් ගියේ..."
අමාරුවෙන් හුස්ම ගන්න ගමන් ඩොක්ටර් කියන පමාවට ටේහ්‍යොන්ග් එලියට ඇවිත් එලිවේටර් එකට නැග්ගා... සෙකන්ඩ් ෆ්ලොර් එකෙන් එලියට ඇවිත් කොරිඩෝ එක දිගේ ඉස්සරහටම ටේහ්‍යොන්ග් ඇවිදගෙන ගියේ දොරවල් අතර පොඩි වීදුරුවෙන් ඇතුලට එබෙන ගමන්...
අයිනෙම එක දොරකින් එබෙන්න හදනකොටම නිල් පාට කිට් එකක් ඇදගෙන ඒකෙන් එලියට ආවෙ හෝසොක්...ඇස් දෙකත් රතු කරන් අවුල් පෙනුමකින් දොර ඉස්සරහ ඉන්න ටේහ්‍යොන්ග්ව දැක්ක ගමන් හෝසොක්ගේ ඇස් දෙක කේන්තියෙන් අදුරු උනා..
"තමුන් මොකද මෙතන කරන්නේ...ආයෙත් මරලා දාන්නද ආවෙ උබ මෙතනටත්..."
ටේහ්‍යොන්ග්ව තල්ලු කරන ගමන් හෝසොක් කෑ ගහනකොට ටේහ්‍යොන්ග් උත්සහ කරේ පොඩි රවුම් වීදුරුවෙන් ඇතුලට එබෙන්න...
"මොනවද බලන්නේ... මැරිලද කියලද... යනවා යන්න මෙතනින්..."
ටේහ්‍යොන්ග්ව තල්ලු කරන්න හදනකොට හෝසොක්ගේ අතකින් අල්ලගත්තු ටේහ්‍යොන්ග් කදුලු පුරවන් හෝසොක් දිහා බැලුවා...
"එ... එයාට කොහොමද කියන්න.. ඩො..ඩොක්ටර් ප්ලීස් එයාට දැන් කොහොමද කියන්න..."
ටේහ්‍යොන්ග් කියනකොට හෝසොක් තමන්ගේ අත ඇදලා ගන්න ගමන් කට කොනකින් හිනා උනා...
"යන්තම් හුස්ම වැටෙන ගමන් ජීවත් වෙනවා.. ඒ අසරණයගේ ජීවිතේ සම්පූර්නයෙන්ම විනාශ කරලා, තවත් ලැජ්ජා නැතුව කොහොමද කියලත් අහන්න එනවද..."
" නෑ.. මන් එහෙම කරේ නෑ.. කොහොම හරි එයා..."
ටේහ්‍යොන්ග් කතා කරනකොට ටේහ්‍යොන්ගේ කම්මුල රත් වෙන්න හෝසොක්ගෙන් හම්බුනේ කම්මුල් පාරක්... ටේහ්‍යොන් ගිය හදිසියට එන්න බැරි උන නම්ජූන් එලිවේටර් එකෙන් එලියට ආවෙ ඒ වෙලාවේ... සද්දෙත් එක්කම ටේහ්‍යොන්ගේ කම්මුලට හම්බුන පාර දැක්ක නම්ජූන් අත් දෙකත් මිටි මොලවගෙන ඉක්මනට එතනට ඇවිදගෙන ඇවිත් හෝසොක්ගේ අත තදින් අල්ලගත්තා...
"අත ඇරපන්...උබලා එකෙක්ටවත් ආයෙ ජන්කුක්ව බලන්න බෑ... එයාට සනීප උනාම මන් අරන් යනවා...ආයෙත් මේ රූම් එක ඉස්සරහට එන්න හිතන්නවත් එපා.."
නම්ජූන්ගේ අතින් තමන්ගේ අත ගලවගෙන ඇගිල්ල දික් කරලා හෝසොක් කෑ ගැහුවා..
"ශ්.. හොබී .. කාම් ඩවුන්... ජන්කුක්ව බලන්න දෙන්න.. උබ කොහොමද එහෙම කියන්නේ..."
නම්ජූන් ඉවසීමෙන් කතා කරනකොට හෝසොක්ට ආයෙත් කේන්ති ගියා..
"කාම් ඩවුන්... කාම් ඩවුන් වෙන්නෙ කොහොමද.. මට සම්පූර්න අයිතිය තියනවා එහෙම කියන්න මායි ජන්කුක්ව බලාගත්තේ... නම්ජූන් උබට මම එදා හොදින් කීවා , හරි තීරණ ගනින් කියලා.. උබලා මොනවද ජන්කුක් ගැන දන්නේ.. ඒ අසරණයා කොච්චර දුක් වින්දද කියලා මමයි දන්නේ... මේ දේ මෙහෙම වෙනවා කියලා දැනගෙනත් උබට පිස්සෙක් වගේ ආදරේ කරා ජන්කුක්..."
කම්මුල අල්ලගෙන බිත්තියට හේත්තු වෙලා බිම බලාගෙන ඉන්න ටේහ්‍යොන්ග් දිහාවට ඇගිල්ල දික් කරන ගමන් හෝසොක් කෑ ගැහුවේ එයාගෙ හිතටත් දැනුන වේදනාවට...
"ත.. තමුන් මොකක්ද කරේ, තමුන්ට පණ වගේ ආදරේ කර කර , තමුන්ගේ මැරෙන්න ගිය දරුවට අප්පා කෙනෙක් වෙලා බලාගත්ත අහින්සක ජන්කුක්ට තමන්ගේ අත් දෙකෙන්ම වෙඩි තිබ්බ..."
"නවත්තන්න.. නවත්තන්න මම මුකුත් දන්නේ නෑ දෙයියනේ.. මම හිතලා වෙඩි තිබ්බේ නෑ.. මට සමාවෙන්න මට සමාවෙන්න..."
හයියෙන් කෑ ගහන ගමන් තමන්ගේ අත් දෙකෙන්ම ඔලුව බදාගෙන ටේහ්‍යොන්ග් බිත්තිය දිගේ රූටලා ගිහින් බිමින් ඉද ගත්තා...
"ආයේ ජන්කුක් ඉස්සරහට එන්න එපා... ආයෙත් එයාගෙ ජීවිතේ අවුල් කරන්න එපා ... ගුකීව හොදින් බලාගන්න... එයාගේ පපාව මතක් වෙන් නැතුව..."
හෝසොක් එහෙම කියන ගමන් එතනින් ඇවිදන් ගියේ තමන්ගේ කදුලු පිහදාන ගමන්...
නම්ජූන් ටේහ්‍යොන්ග්ව නැගිට්ටවන්න හැදුවත් ටේහ්‍යොන්ග් නම්ජූන්ගේ අත ගසලා ජන්කුක් දිහා බලන ගමන් එලියට ඇඉදගෙන ගියා...
.
.
.
.
.
*****************
__________________________Dark_Sunshiner 🤍🥀
පුලුවන් උනොත් තව එකක් දෙන්නම්....🙂
Thanks for reading ...♥️
To be Continued ....
2022/11/07
Bạn đang đọc truyện trên: AzTruyen.Top