|32|

 හොස්පිටල් එක පිටිපස්සෙ තිබුනු බෙන්ච් එකේ වාඩි වෙලා හිටපු ටේහ්‍යොන්ග් ගාවින් නැගිටපු නම්ජූන් ටේහ්‍යොන්ගේ උරහිසත් මිරිකලා එතනින් ඇවිදගෙන ආවේ ටේහ්‍යොන්ග්ට ටිකක් තනියෙන් කල්පනා කරන්න දීලා...

අදත් එදා වගේම හද ලස්සනට පායලා තිබුනා , ඒත් වෙනදා ලොකු බලාපොරොත්තු ගොඩක් හිතේ තියන් , කවදා හරි ඉටු වෙයි කියලා හිතපු දේවල් ගොඩක් හිතේ තියන් හද දිහා බලන්න පුරුදු වෙලා හිටපු ටේහ්‍යොන්ගේ හිත ලොකූ හිස්කමකින් පිරිලා ගිහින් තිබ්බ.. ටේහ්‍යොන්ග් තාමත් උන කිසිම දෙයක් පිලිගන්න සූදානම් වෙලා හිටියේ නෑ.. එයා එච්චර රැවටීම් ගොඩක් මැද ජීවත් උනා කියලා කවදාවත්ම හිතුවේ නෑ...

හැමදාමත් පිස්සෙක් වගේ නිශා එනකන් බලාගෙන හිටියේ මේ වගේ දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි ... ටේහ්‍යොන්ගේ හිත මුකුත් තේරුම්ගන්න බැරි තරම් තත්වෙකට පත් වෙලා තිබ්බ... ලොකූ හිස් හැගීමක් එක්ක වෙනදට දැනෙන් නැති තනිකමක් ටේහ්‍යොන්ග්ව වෙලාගෙන තිබ්බා... ටේහ්‍යොන්ග් වෙනදත් හිටියේ තනියම , ඒත් අද දැනෙන අමුතු තනිකම මොකක්ද ,, සමහර විට එයාටත් නොදැනෙන්න හිත ඇතුලේ තිබ්බ දෙයක් හිස් වෙලා වගේ දැනෙන හින්ද වෙන්න පුලුවන්...

ගල් වෙන තරම් සීතලේ ගුකීවත් තුරුල් කරන් ටේහ්‍යොන්ගේ හිත හැදෙනකන් එයා ගාවට වෙලා හිටපු ජන්කුක්ව ටේහ්‍යොන්ග්ට මතක් උනා... අන්තිම වෙනකන් තමන් හිතන් හිටියේ වැරදියට කියලා තේරුම්ගන්නකොට ටේහ්‍යොන්ග් ගොඩක් පරක්කු වැඩී... ආපහු නැගිටීද , අඩුම ජීවත් වෙයිද කියලාවත් විශ්වාසයක් නැතුව ඇතුලේ සර්ජරි එකක මැද තමන්ගේ හුස්මට ජන්කුක් පණ අදින්නේ තමන් හින්දා කියලා ටේහ්‍යොන්ගේ හිත එයාටම වද දුන්නා.. ටේහ්‍යොන්ගේ නපුරුකම් හැමදේම විදගෙන අන්තිම මොහොතෙත් ටේහ්‍යොන්ග්ව බේරගත්තු විදිය මතක් වෙනකොට ටේහ්‍යොන්ගේ මුලු පපුවම ගිනි ගන්නවා වගේ දැනුනා..

ටේහ්‍යොන්ග් අත් දෙක මිටි මොලවලා ඉදන් හිටපු කොන්ක්‍රීට් බෙන්ච් එකට පහර දුන්නා.. ඇගිලි උඩ හම ගැහෙනකන් ටේහ්‍යොන්ග් තමන්ගේ අත් දෙක ගහ ගත්තේ ඒ අත් වලින් ජන්කුක්ට වෙඩි තිබ්බ විදිය මතක් කරගෙන... තමන්ව රූකඩයක් වගේ රවට්ටපු කෙනෙක් හින්දා, හිතාගන්න බැරි තරම් අහින්සක ජන්කුක්ගේ හැගීම් එක්ක සෙල්ලම් කරපු විදිය මතක් වෙනකොට ටේහ්‍යොන්ග් තමන්ගේ ලේ ගලන අත් දෙකෙන්ම කොන්ඩේ ඇද ගත්තා...

ටේහ්‍යොන්ග් එහෙමම නැගිටලා හොස්පිටල් එක ඇතුලට ඇවිදගෙන ගියා.. ටේහ්‍යොන්ගේ පස්සෙන් පෝල් ඇවිදගෙන ආවා... ඈතට වෙලා මෙච්චර වෙලා ටේහ්‍යොන්ග් හැසිරුන විදිය පෝල් බලාගෙන හිටියේ කලකිරීමෙන් .. ටේහ්‍යොන්ගෙන් පෙනුන පෙනුම කොහෙත්ම ටේහ්‍යොන්ට ගැලපෙන පෙනුමක් නෙවෙයි , ඇදන් හිටපු ලා පාට ශර්ට් එකේ තාමත් ජන්කුක්ගේ වේලුන ලේ වලින් වැහිලා, මධ්‍යම රාත්‍රියත් පහු වෙලා තිබ්බත් තාමත් ඇදුම් මාරු කරන්න තියා ආපු වෙලාවෙ ඉදන් ටේහ්‍යොන්ග් හොස්පිටල් එකෙන් පිටට අඩියක්වත් තිබ්බේ නෑ...

"සර්ජරි එක ඉවරයි..."

මාක්ස් එක ගලවන ගමන් තියටර් එකෙන් එලියට ආව ඩොක්ටර් කියනකොට එවෙලෙම එතනට ආපු ටේහ්‍යොන්ග් ඩොක්ටර් ගාවට ඉක්මනට ඇවිදගෙන ගියා..

"කොහොමද කියන්න.. ජියෝන්ට.. ප්ලීස් ..."

අසරණ උන කටහඩකින් ටේහ්‍යොන්ග් අහනකොට ඩොක්ටර් ටේහ්‍යොන්ගේ උඩ ඉදන් පහලට බැලුවා...

"මිස්‍ටර්.. බෝයිගේ කවුද...?"

"ම.. මම එයාගෙ භාරකාරයා.. ඉක්මනට කියන්න මට..."

ටේහ්‍යොන්ග් ගොත ගහන් ගමන් ඉක්මනට කියනකොට ඩොක්ටර් මහන්සියෙන් හුස්මක් පාතට දැම්මා..

"අපි අපේ උපරිමය කරා... තාම එයාව බලන්නවත් මුකුත් කරන්න බෑ.. මොකද එයාගෙ තත්වේ ගොඩක් බරපතලයි... ලොකු රිස්ක් එකක ඉන්නේ , අපිට ශුවර් කරන්න බෑ... සිහිය එයිද කියලා අපිට බලාගෙන ඉන්න වෙනවා.."

ඩොකටර් කියනකොට ටේහ්‍යොන්ග් එහෙමම කොරිඩෝ එකේ බිත්තුයට හේත්තු උනේ ඔලුවටත් අතක් තියාගෙන..

" ම.. මම.. මො.. මොකක්ද මේ කරපු අපරාදේ..."

තනියෙන් තමන්ටම මුමුණගන්න ගමන් ටේහ්‍යොන්ග් හිටපු තැනින්ම බිමින් ඉදගත්තා..

"බොස්.. අපි දැන් යමු.. ඔය විදියට තව ඉන්න බෑනේ .. නැගිටින්න බොස්.."

පෝල් බිම ඉදන් හිටපු ටේහ්‍යොන්ග් ගාවට දුවගෙන ආවා.. ටේහ්‍යොන්ග් මේ තරම්ම මානසිකව වැටිලා ඉන්නවා පෝල් දැක්කමයි ... ලේ වලින් පෙගිච්ච ඇදුම් ඇදන් ඉන්න ටේහ්‍යොන්ග්ව පෝල් නැගිට්ටවන්න හැදුවත් පෝල්ගේ අත ගසලා දාපු ටේහ්‍යොන්ග් එතනින් නැගිටලා ICU බෙඩ් එකක නොපෙනෙන තරම් බට වයර් ගොඩකට යට වෙලා ඉන්න ජන්කුක් දිහා චූටි රවුම් වීදුරුවෙන් බලාගෙන හිටියා..

කදුලු පිරෙන් නැති රතු පාට ඇස් වල කදුළු පුරවන් ටේහ්‍යොන්ග් ජන්කුක් දිහා බලන් හිටියේ මොහොතකට තමන් කවුද කියලා අමතක කරලා... කීක්..කීක්.. ගාන සද්දෙත් එක්ක එන මැශින් වල සද්දෙත් එක්ක ජන්කුක්ව ඒ විදියට දකින එක ටේහ්‍යොන්ගේ හදවත පුපුරන්න වගේ රිදෙව්වා..

"ප්ලීස්.. ඉක්මනට නැගිටින්න.. දාලා යන්න නම් එපා... මම මොනාද අර දරුවට ගිහින් කියන්නේ.."

තොල් දෙක එකට තද කරගන්න ගමන් කීව ටේහ්‍යොන්ග් අවසාන වතාවටත් ජන්කුක් දිහා බලලා එතනින් හැරිලා එලියට ආවා...

.

.

.

.

පුටුවක අත් දෙක පිටිපස්සට කරලා බැදලා හිටපු නිශාට සිහිය ආවෙ ඔලුවෙන් දැනෙන තද වේදනාවත් එක්ක... එක පාරටම ඔලුවට ගලාගෙන ආවෙ සිහිය නැති වෙන්න කලින් සිද්ධ උන දේවල් ටික... හැමදේම කඩාකප්පල් උනා කියලා හිතන ගමන් අමාරුවෙන් ඇස් ඇරියත් අවට තිබ්බ තද කලුවර හින්දා කිසි දෙයක් පෙනුනේ නෑ.. ටිකෙන් ටික ඇස් අදුරට හුරු වෙනකොට තමන් දැන් ඉන්න තැන අදුරගන්න නිශාට අමාරු උනේ නෑ.. තමන් ඉන්න තැන තව ටිකක පැහැදිලි කරන ගමන් ඈතින් තිබුන යකඩ දොරෙන් නම්ජූන් ඇතුලට එනවා නිශාට ඇස් කොනින් පෙනුනා...

නම්ජූන් ඇවිත් කිසිම සද්දයක් නොකර නිශා ඉස්සරහින් අත් දෙකත් බැදගෙන හිටගෙන හිටියත් , නිශා තමන්ගේ තිබුන ලොකුකමට ඔලුව උස්සලාවත් නම්ජූන් දිහා බැලුවේ නෑ..

"ඔලුව උස්සනවා..."

නම්ජූන් තමන්ගේ ගැඹුරු කටහඩින් කීවත් නිශා නිකමටවත් ඔලුවෙ ඉස්සුවේ නැ වගේම කට කොනින් හිනා උනා.. අන්තිම තැමට වැටුනත් පරාජය බාරගන්න නිශා ලෑස්ති නෑ.. යූන් කොයි මොහොතේ හරි තමන්ව මෙතනින් ගනියි කියලා නිශා බලාපොරොත්තුවෙන් හිටියා...

"උබේ ජරා ගතිය තාමත් අඩු උනේ නෑ නේද... "

නිශාගේ නිකටෙන් තදින් අල්ලලා ඔලුව ඉස්සන ගමන් නම්ජූන් කීවේ රතු උන ඇස් දෙකෙන්..

"උබ තමයි මාව විනාශ කරන්නේ, බලන් ඉදපන්.."

නිශා නම්ජූන්ගේ කකුල් පාමුලටම කෙල ගැහුවේ සමච්චල් හිනාවක් මූනේ තියාගෙන... ඒකට ප්‍රතිචාරයක් විදියට නම්ජූන් අදුරු බිම් මහල දෝන්කාර දෙන තරම් හයියෙන් හිනා උනත් අනිත් පැත්තට හිනාව නවත්තලා නිශාගේ මූන පැත්තකට විසික් වෙන්න කම්මුල් පාරක් ගැහුවේ සද්දේ පැතිරෙන්න තරම් තදින්...

"කට වහපන් බැල්ලි... තෝ බලන් ඉන්නේ මූ එනකන් වෙන්න ඇති..."

ඇස් දිහා කෙලින් බලන ග්මන් කතා කරලා නම්ජූන් අතින් පොඩි සද්දයක් දානකොට නිශාට හරි උඩින් බල්බ් එකක් පත්තු උනා...

"ත්..ත්... තාම උබ මන් ගැන හරියට දන් නෑ වගේ මේකේ ඇතුලේ මෙච්චර ඉදලත්..."

තමන්ගේ පුටුව පාමුල තියන යූන්ගේ ඔලුව පුපුරපු නිසල සිරුර දිහා බලන් ඉන්න නිශාට නම්ජූන් කීවේ කටින් කරදරකාරී සද්දයක් දාන ගමන්...

"උබ මාව විනාශ කරා නම්ජූන්..."

තමන්ට තවත් විසදුමක් නෑ කියලා තේරෙනවත් එක්කම, ඇස් දෙකත් රතු කරගෙන හයියෙන් නම්ජූන්ට කෑ ගැහුවේ බෙල්ලේ නහර පෑදෙන්න තරම් කේන්තියෙන්...

"උබ හොදටම දන්නවා.. මම කොච්චර ටේහ්‍යොන්ග්ට ආදරේ කරනවද කියලා, ඉතින් මගෙ මල්ලිගේ ජීවිතේ විනාශ කරන්න හදපු එකෙක්වත් මම ඉතුරු කරන් නෑ, ඒ කාගෙ කවුද කියන එක මට වැඩක්ම නෑ.. හැබැයි.."

කතා කරන එක නවත්තලා නිශාගේ මූන යටින් අල්ලලා නම්ජූන් නිශාගේ ඇස් දෙකට කෙලින් එබුනා...

"... උබ ගැන තීරණයක් ගන්න මන් ටේහ්‍යොන්ග්ටම බාර දෙනවා.. ටේහ්‍යොන්ගේ දරුවගේ අම්මා මරන්න මට අයිතියක් නෑ..."

"ඒත් උබ අන්තිම වතාවටත් සැනසීමක් බලාපොරොත්තු වෙන්න එපා.. සැනසීම කියන වචනෙට උබ ගොඩක් දුරයි..."

තොල් පැලිලා ලේ ගලන තොල් දිහා බලලා තරහක් පිරුනු කලකිරීමෙක් කියන ගමන් නම්ජූන් යකඩ දොරෙන් එලියට ආවා...

ඒත් එක්කම ආයෙත් දොර විවුර්ත වෙන ගමන් කෙනෙක් ඇතුලට ආවත් නිශා ඔලුව උස්සලා බැලුවේ නෑ...

දොරෙන් ඇතුලට ආපු ටේහ්‍යොන් දොර  ගාවම නැවතිලා බලාගෙන හිටියේ පොඩි බල්බ් එකේ එලියෙන් විතරක් පේන පුටුවක බැදලා ඉන්න නිශා දිහා... හෙමීට නිශා ගාවට ඇවිදගෙන ගිය ටේහ්‍යොන්ග් පුටුවට එහයින් බිම තිබුන සිරුර කකුලෙන් එහාට තල්ලු කරලා නිශාගේ කකුල් දෙක ලගින්ම බිමින් වාඩි උනා... 

 බිමින් ඉදගෙන බිමට මූන හරවන් ඉන්න නිශාගේ මූනට එබෙන ගමන් නිශාගේ මූන යන්තම් අල්ලලා උඩට ඉස්සුව ටේහ්‍යොන්ග් නිශාගෙ තොල් අගින් ගලන් ගිය ලේ බින්දු මහපට ඇගිල්ලේන් පිහදලා දැම්ම... 

 කාලෙකින් දැනුන ටේහ්‍යොන්ගේ ස්පර්ශයත් එක්ක තමන්ගේ ඇස් දිහා කෙලින් බලන් හිටපු ටේහ්‍යොන්ගේ තියුනු ඇස් මගාරින ගමන් අහක බලාගෙන නිශා නිශ්ශබ්දවම හිටියා... 

"දන්නවද .. මම ගොඩක් බලන් හිටියා..."

වේදනාත්මක කටහඩකින් ටේහ්‍යොන්ග් කතා කරේ තමන්ගේ ඇස් මගාරින ඒ බෝල ඇස් දිහා බලාගෙනමයි..

"මම පිස්සෙක් වගේ ඔයාව හොය හොය හැමතැනම ගියා..."

"කවදම හරී ඔය ඇස් දෙක දකින්න ගොඩාක් බලාපොරොත්තු තියන් හිටියා... ඔය ඇස් දෙක දිහා බලාගෙන මට කොච්චර පාලු දැනුනද කියලා කියන්න ඕනේ උනා... මම පිස්සෙක් උන විදිය කියන්න ඕනේ උනා.. මම බොලද නෑ කියලා කියන්න ඕනේ උනා... ඔය අත් දෙක අල්ලගන්න ඕනේ උනා...පුන්චි පවුලක් හදාගන්න ඕනේ උනා..."

ගැහෙන කටහඩකින් ටේහ්‍යොන්ග් දිගටම කතා කරා..

"හැබැයි.. කවදාවත් මෙච්චර නරක විදියට හම්බෙන්න බලාපොරොත්තු උනේ නෑ... මෙහෙම ඔය ඇස් දිහා බලන්න බලාපොරොත්තු උනේ නෑ... ඔය අත් දෙකෙන් මගෙ පැත්තට මරණය බලාපොරොත්තු උනෙත් නෑ..."

"මගෙ දිහා බලන්න... "

ටේහ්‍යොන්ග් කියනකොට නිශා ඇස් කොනකින් රතු වෙලා චූටි නහර පවා පේන්න තියන ඇස් දෙක දිහා බැලුවා...

"මාත් එක්ක බොරුවටද හිටියේ.. මගෙ ආදරේ ඔයා පාවිච්චි කරාද ... මට කියන්න... මන් බොරුවක් පස්සෙද දිව්වේ කියලා මට කියන්න..."

නිශාගේ කකුල් දෙක අත් දෙකෙන් හොලවන ගමන් ටේහ්‍යොන්ග් ඇහුවේ ගොඩාක් අසරණ උන කටහඩකින්... ටේහ්‍යොන්ග් කවදාවත් මේ ටික කියන්න බලාපොරොත්තු උනේ මෙහෙම නෙවෙයි... 

නිශා තවදුරටත් නිශ්ශබ්දව හිටියා... නිශාගේ අධික තන්හාව නිශාගේ ජීවිතේ දැනටමත් විනාශ කරලා ඉවරයි...

ඉන්න තැනින් ඉස්සුන ටේහ්‍යොන්ග් නිශාගේ උරහිස තද කරලා ඇල්ලුවා... 

"මට එපා... මුකුත් එපා.. මට උත්තර එපා.. ඒත් මගේ දරුවව මරන්න හැදුවේ ඇයි කියන්න...මුකුත් නොදන්න අසරණයව මරන්න තරම් ඔය හිත නපුරු උනේ කොහොමද..."

ටේහ්‍යොන්ග් කෑ ගහලා කතා කරේ නිශාව තදින් හොලවන ගමන්..

"ඔව්.. ඔව්...මම මරන්න හැදුවා තමයි... උබේ ලේ හදන්න මට කිසිම උවමනාවක් තිබුනේ නෑ.. උබලා ඔක්කොටම මන් බොරු තමයි කරේ...මට මගේ දේවල් ගන්න ඕනම දෙයක් කරන්න පුලුවන්...."

යටි ගිරියෙන් ටේහ්‍යොන්ගේ මූනටම ටේයොන්ගේ ඇස් දෙක දිහාම බලන් කෑ ගහන නිශාව ටේහ්‍යොන්ග්ට පෙනුනේ පිස්සෙක් වගේ... 

"මන් උබට ගොඩක් ආදරේ කරා..."

තදින් නිශාගෙ බෙල්ල පිටිපස්සෙන් අල්ලලා නිශාගෙ නලල මත තොල් තියන ගමන් ටේහ්‍යොන්ග් අන්තිම වතාවට මිමිණුවා..

"හැබැයි තවදුරටත් නෑ... උබ පිස්සෙක් කියලා මට අදුරගන්න බැරි තරම් අන්ධ උනේ ඇයි කියලා මටවත් හිතාගන්න බැරි..  උබ මාව අවුරුදු ගානක් රවට්ටනකොට ,මුකුත් නොදන්න අර අසරණයා මන් වෙනුවෙන් තාමත් හුස්ම අදිනවා... එයා නැගිටියි කවදා හරි , එතකන් උබ ඔහොමම ඉදපන්..."

තව දුරටත් මූනවත් නොබලා තමන්ගේ මනසේ මැවෙන  ජන්කුක්ගේ අහින්සක මූන දිහා බලාගෙන කියපූ ටේහ්‍යොන්ග් එතනින් එලියට ආවේ තිබ්බ එකම එලියත් නිවිලා යනකොට...

.

.

.

. හෙමීට කිම් මන්දිරේ මැදින් ඇවිදගෙන ගිය ටේහ්‍යොන්ග් තම්න්ගේ කාමරේට ගිහින් පිරිසුදු උනේ ජන්කුක්ගේ ලේ පිරිනු ඇදුම්  ගලවලා පැත්තකින් තියන ගමන්...පිරිසිදු වෙලා සැහැල්ලු ඇදුමක් ඇදගත්තු ටේහ්‍යොන්ග් හෙමීට කාමරෙන් එලියට ඇවිත් තාමත් අවදි වෙලා සෝෆා එකේ ඉදගෙන ඉන්න ජින් ඉගියෙන් පෙන්නපු කාමරේ ඉස්සරහට ඇවිදගෙන ගිහින් හැඩල් එකට අත තියාගෙන ටිකක් වෙලා දෙගිඩියාවෙන් හිටියා...

 හෙමීට සද්දෙ ඇහෙන නොඇහෙන ගානට දොර ඇරපු ටේහ්‍යොන්ග් දැක්කේ ලොකූ ඇද මැද ඩවුට් එක යටට වෙලා චූටි ඔලුව විතරක් එලිඅයට පේන විදියට ගුලි වෙලා ඉන්න ගුකීව.. යන්තම් නින්ද ගිහින් හිටියත් සැරෙන් සැරේ ගැස්සෙන ඇගෙන් ඒ පුන්චි දරුවගේ කම්පනේ තේරුම්ගන්න ටේහ්‍යොන්ග්ට අමාරු උනේ නෑ...

 ඇදෙ අයිනෙන් ඇවිදගෙන ගිහින් කොනෙන් ඩවුට් එකේ කොනක් උස්සලා ඇතුලට ගිය ටේහ්‍යොන්ග් එහා පැත්ත හැරිලා ගුලි වෙලා ඉන්න පුන්චි පොඩ්ඩගේ ඇග වටේ අතක් දානගමන් තුරුල් කරගත්තේ ගොඩාක් ආදරයෙන්...

 එකපාරටම දැනුන උණුසුමත් එක්ක පොඩ්ඩා යන්තම් නින්දෙන්ම හැරිලා ටේහ්‍යොන්ගේ ලොකු පපුවට තුරුල් උනේ,

"පපා.."

කියලා මුමුණන ගමන්...ඒකෙන්ම තමන්ගේ දරුවා ජන්කුක්ට කොච්චර ආදරේද කියලා තේරුම්ගන්න වගේම ජන්කුක් තමන්ගේ දරුවට කොච්චර සමීපද කියලා තේරුම්ගන්න ටේහ්‍යොන්ග්ට අමාරු උනේ නෑ... 

"පපා නෙවෙයි මැණික .. මම ඔයාගේ ඩැඩා..."

ගැහෙන පොඩ්ඩගේ ඔලුව උඩින් තොල් තියලා මුමුණන ගමන් තවත් තුරුල් කරගන්න ගමන් ටේහ්‍යොන්ග් ඇස් පියාගන්නකොට ටේහ්‍යොන්ගේ ඇස් දෙකෙන්ම කඩාගෙන වැටුන උණු කදුනු ගුකීගේ ඔලුව දිගෙන් කොට්ටේ උඩට වැටිලා තෙත් උනා.....












****************

________________________Dark_Sunshiner 🤍🥀

° නිශා ආයෙත් ලමයව ඉල්ලන්නේ ඇයි කියලා අහලා තිබ්බා...

මං හිතුවේ තේරුනා කියලා...

යූන්ට දරුවෝ නෑ කියපු එකයි,
එන්න එන්න ලස්සනට ලොකු වෙන හුරතල් දරුවා ගැන ලෝබ හිතෙන එකයි වෙන්න පුලුවන් දෙයක්නේ...

ඒ වගේන නිශා බලාපොරොත්තු උන විදියට හැමදේම උනා නම් එයාගෙන් පස්සෙ හැමදේම එයාට ඕන විදියට  පාලනය කරන්න පුලුවන් විදියට එයාගෙන්ම  දරුවෙක් එයාට ඕනෙ උනා... 

Thanks for reading ...♥️

To be Continued ....

2022/11/06

Bạn đang đọc truyện trên: AzTruyen.Top