|30|
" එතකොට මිස්ටර් කන් කියන විදියට ජියෝන් කවුද කියලා දන් නැතුව අප්පා වැඩ කරාද..."
නම්ජූන් ඇහුවේ මිස්ටර් කන්ගේ කතාව අහන් ඉදලා ඉවර වෙනකොට.. මිස්ටර් කන් හැමදේකින්ම ඈත් වෙලා මුහුද පැත්තට ඇවිත් තනියම ජීවත් වෙන ගමන් හිටියා..
"නෑ මිස්ටර් නම්ජූන් , දෙන්නම දෙන්නට දෙන්නා කවුද කියලා දැනගෙන හිටියේ නෑ, ඒ උනත් දැනගත්තු මුල් දව්සේ ඉදන් ලොකුම තරහ කාරයෝ උනා.."
"මට නම්ජූන් කියන්න අන්කල්... මට තේරෙන් නෑ මේක , ජියෝන් දැන් නෑ..."
"මොකක්..."
කන් පුදුම වෙලා නලල අත ගෑවා..
"අපිට කොහෙම හරි මගෑරිලා තියනවා ,අන්තිමට කිම් ජියෝන් අතරේ ඇත්තටම මොනාද උනේ කියලා අපි කවුරුත් දන් නෑ..."
" මොනවා වෙන්නද, මේක තනිකර ප්ලෑන් එකක්, මගෙ ඔම්මයි අප්පයි දෙන්නම නැති උන එකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනෙ ජියෝන්, ඒත් දැන් ඌ නැති උනාට උගෙ ඉතුරු එවුන් ඉන්නවා..ඒත්.. ඒ.."
නම්ජූන් අත් දෙකෙන් ඔලුව තියාගත්තා..
" මොකක්ද වෙලා තියෙන්නේ , ප්‍රශ්නේ .. මට සතුටුයි පුතා හැමදේම මේ විදියට හදාගෙන යන එක ගැන ... "
"ජියෝන්ගේ වයිෆ්.."
"ඔව් ජියෝන්ගේ වයිෆ් කියන්නේ මිසිස් කිම්ගේ නන්ගි...ඒකයි මේ හැමදේම.."
.
.
.
.
ජන්කුක් හැමදේම අතෑරලා ආවට පස්සේ ආයෙත් තමන්ගේ දේවල් මොනවද කොහෙද කියලවත් බලන්න , දකින්නවත් ජියෝන් මැන්ශන් එකට අඩිය තිබ්බේ නෑ..
ජන්කුක් අවුරුදු පහලවේ විතර ඉදන් ඉගන ගන්න US යවලා තිබ්බේ, අවුරුද්දකට විතර සැරයක් කලින් ආවාත් අන්තිම වතාවට ජන්කුක් කොරියාවට ආවෙ තමන්ගේ ඔම්මයි අප්පයි නැති උනා කියන පණිවිඩයට... ඒ වගේම එයාලට බොඩීස් හම්බුනේ නෑ..
ජන්කුක් පොඩි කාලෙ ඉදන්ම හරිම හුරතලේට තමන්ගේ ඔම්මයි අප්පයි ගාව හැදුන දරුවෙක් ... පිටරට හිටපු කාලෙ යාලුවොත් එක්ක එන්ජෝයි කරත් හැමදේම තමන්ගේ කකුල් දෙක ගවටම කිසිම ආයාසයක් නැතුව හම්බුන ජීවීතේ ගැන ලොකුවට කිසිම බරක් පතලක් නැති විදියට හැදුන හොද දරුවෙක් ජන්කුක් කියන්නේ....
අප්පා මාෆියා කාරයෙක් උනාට ජන්කුක්ට කවදාවත් කිසිම උවමනාවක් තිබ්බේ නෑ අප්පගෙන් පස්සේ ඒ දේවල් බාරගන්නවත් බලාගන්නවත් .. ඒ වගේ නරක ජීවිතේකට ජන්කුක් වයිර කරත් ඒ වගේ පරිසරයක් තුල හැදුන හින්දා ඒ දේවල් පුදුමයක් වගේ ජන්කුක්ට දැනුනේ නෑ...
වයස අවුරුදු දහ අට වෙනකොට ජන්කුක්ට හම්බුන තෑග්ග තමයි ලස්සන කැටයම් කරපු පෙට්ටියට් දාපු සිල්වර් කලර් පිස්ටල් එක... එදා තමයි ජන්කුක්ට ගොඩක්ම කේන්ති ගිය දවස...
ජන්කුක්ට කොච්චර කේන්ති ගිහින් කෑ ගැහුවත් ඒක දීලා ජියෝන් කීවේ , "තමන්ට තමන්වත් නැති වෙන විදියට අසරණ වෙන්න දෙන්න එපා.. අන්තිම වෙනකන් පුලුවන් හැමදේම කරන්න..." කියලා, ජන්කුක් මැන්ශන් එකෙන් එනකොට අරන් ආපු එකම දේ අප්පගෙන් අන්තිමට හම්බුන ඒ පෙට්ටිය විතරයි...පිස්ටල් එකක අතට දීල කියන්න ඕනෙ කතාවක් නොවුනත් අද ඒක ඒ කීව දේටම මෙහෙම අතට ගන්න වෙයි කියලා ජන්කුක් කවදාවත් හිතුවේ නෑ..
ඒකත් තමන්ගේ නූනට විරුද්ධව...
ජියෝන් නිශා ජන්කුක්ගේ නූනා...
.
.
.
.
"බේබ්.. එතකොට ඔයා කියන්නේ ජන්කුක් මේ ඔක්කොම දැනගෙන තාමත් සද්ද නැතුව ඉන්නවා කියලද..."
"යෙස්... මහ මෝඩයෙක් ඕකා.."
නිශා කට කොනින් හිනා වෙන ගමන් කීවෙ එයාගෙ හස්බන්ඩ්ට.. ජන් යූන් නිශාගෙ හස්බන්ඩ්...
"මොනවා උනත් ලමයව ඕනෙ අපිට , ඒ හින්දා හොදින් හරි නරකින් හරි ලමයව තියාගන්න ඕනේ.."
නිශා කියනකොට යූන් නිශාගෙ කරෙන් අත ගත්තා..
"ඔයාට හොදටම විශ්වාසද මේක ගැන , ළමයා ලොකු වෙද්දි ..
"මගෙ ළමයා ඒ... කොහොමද කතා කරන්නේ තමුන් මං ගැන දන්නවානේ .. මට ඕනෙ විදියට ලමයව හදාගන්න මම දන්නවා.. , මේක ගැන මීට කලිනුත් අපි කතා කරා.. කොහොමත් තමුන්ට ළමයෙක් හදාගන්න බැරි උන එක මගෙ වැරැද්දක්ද..."
නිශා තරහෙන් කෑ ගහනකොට යූන් තමන්ගේ අත් දෙක මිටිමොලව ගත්තා.. යූන් කියන්නේ පොඩි මාෆිය ගැන්ග් එකක් කරන් ගිය කෙනෙක් , නිශාගෙ මාර්ගෙන් ජියෝන් ෆැමිලි එකට ජොයින් උනේ බලය ලබාගන්න් තියන හොදම විදියට , ඒත්.. එතන ඉදන් යූන්ට වැඩ කරන්න උනේ නිශාට ඕනේ විදියට , ෆැමිලි එකට නිශාගෙ හස්බන්ඩ් උනත් යූන් හිටියේ නිශාගේ යටතේ , හැමදේම හැම ප්‍රොපටි එකක්ම නිශාගෙ නමට තියන් හින්දා නිශාට යටත් වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් යූන්ට තිබ්බේ නෑ..
"මැ.. මැඩම්.."
එක පාරටම එතනට දුවගෙන ආපු ගාඩ් කෙනෙක් දෙන්නගේ කතාවට බාධා කරා..
"මොකද තොට වෙලා තියෙන්නේ.. මැරුම් කන්න ඕනේද උබට..."
තමන්ගේ ඉනෙන් ගන් එක ඇදලා ගන්න ගමන් තරහෙන් හිටිය නිශා කෑ ගැහුවා..
"ස.. සමාවෙන්න මැඩම් ජියෝන් සර් ඇවිල්ලා.."
නිශාගෙ ඉස්සරහ බයෙන් දණගහගෙන ගාඩ් කතා කරා.. ඒක කියනවත් එක්කම එහා පැත්තෙන් CCTV වීඩියෝස් ප්ලේ වෙන ස්ක්‍රීන් එක දිහා බලන ගමන් ගන් එක ලෝඩ් කරලා ගාඩ්ට හිතන්නවත් වෙලාවක් නොදී ශූට් කරා..
ඔලුව පුපුරලා ලේ සුදු බිත්ති වල ගලද්දි ලාවට ඇස් ඇරන් හිටපු ගාඩ්ගේ ඔලුවෙන් තමන්ගේ බූට් එක තියලා තද කරලා අර මනුස්සයාගෙ බාගෙට ඇරෙන වැහෙන ඇස් වලට නැමිලා එබුනා...
" මේකේ ජියෝන් සර් කියලා වචනයක් කොහෙන්වත් ඇහෙන්න බෑ, එහෙම කවුරුත් ඇත්තෙත් නෑ, මැඩම්.. මැඩම් වෙන්න ඕනෙ ඒක..."
ගැඹුරු කට හඩකින් ගුගුරන ගමන් ඉස්සරහ හිටගෙන හිටපු ගාඩ්ලා වගේම යූන් දිහාත් රතු පාට උන ඇස් දෙකෙන් බලන ගමන් නිශා නැගිට්ටේ මුකුත් නොවුනු ගානට ..
"එහෙනම් තමුන් ආවා.."
ගේට් එක ළඟ හිටන් ඉන්න ජන්කුක් දිහා ස්ක්‍රීන් එකෙන් බලන ගමන් නිශා කට කොනින් හිනා උනා උනා..
"ඇතුලට එන්න දෙනවා..."
බූට් දෙක කාපට් එකෙන් පිහින ගමන් නිශා එහෙමම පඩිපෙල ගාවට ගියේ පහලට යන්න..
_________
ගොඩ කාලෙකින් තමන්ගේ මැන්ශන් එකට අඩිය තිබ්බ ජන්කුක්ගේ මතක එක දිගට ඇවිස්සුනා.. එයාට මේ මුකුත් ඕනේ නෑ කොහොම හරි ගුකී අරන් කවුරුවත් නොපෙනෙන ඈතකට යන්නයි ජන්කුක්ට ඕනෙ උනේ ...
කිසිම බාධාවක් නැතුව ගේට් එකෙනුත් ඇතුලට ආපු ජන්කුක් නුපුරුදු ඒත් පුරුදු ගාඩ්න් එක මැදින් මැන්ශන් එකට ඇවිදගෙන ගියා.. මේන් ඩෝ එකත් විවෘතව තිබ්බ නිසා එතනිනුත් ඇතුලට අඩිය තිබ්බේ, කවදාවත් තම්න්ගේ තැනට මෙච්චර දෙගිඩියාවෙන් අඩිය තියන්න වෙයි කියලා හීනෙකින්වත් හිතලා තිබ්බේ නැති හින්දා..
"ඔහ්... හෝ .. කවුද බලන්න ඇවිත් ඉන්නේ ... පොඩි මහත්තයා ඇවිත් .. එන්න එන්න ඉදගන්න අපි කතා කරමු , නුපුරුදු තැනක් නෙවෙයිනේ..."
ඇතුලට ඇවිත් පලවෙනි අඩි දෙක තුන තියනකොටම ජන්කුක්ට එයා මේ ලෝකෙ අහන්න අකමැතිම කටහඩ ඇහුනා.. එහෙමම හිට්ගෙනම ඇස් දෙක වහගෙන අත් දෙක මිටිමොලව ගත්තු ජන්කුක් එක අතක් පිටිපස්සට අරන් කබාය ඇතුලේ තිබ්බ ගන් එක මිරිකගත්තා... ටිකෙන් ටික ඉස්සරහට ඇවිදගෙන යනකොට ලොකු විශාල අදුරු පාට ලී වලින්ම හදපු ලිවින් රූම් එකේ තිබුනු ලොකු සෝෆා එකේ නිශා කකුලක් පිට කකුලක් දාගෙන ඉදගෙන හිටියා...
මේ මුලු මන්දිරේ පුරාම තමන්ට ඕනෙ ඕනෙ විදියට සෙල්ලම් කරපු දුවපු පැනපු ජන්කුක් දැන් ඒ මන්දිරේම මැද තනියම හිටගෙන හිටියේ කිසිම අයිතියක් නැතුව...
"මට දරුවව ඕනේ..."
ගැහෙන නමුත් ස්ථීර කටහඩකින් ජන්කුක් අන්තිමට කතා කරා..
"මොන දරුවෙක්ද , තමුන්ගේ දරුවෝ කොහෙද මෙහෙ..."
තමන්ගේ ගන් එක දිගේ දබර ඇගිල්ල අරගෙන යන ගමන් නිශා කතා කරේ ජන්කුක්ගේ මූන දිහාවත් බලන් නැතුව...
" ගුකී.. ගුකීව ඕනෙ මට ..."
ජන්කුක් ආයෙත් කතා කරා..
"ගුකී.. කවුද ගුකී කියන්නේ ..? "
අඩුම නිශා ගුකීගෙ නමවත් හරියට දන්නේ නෑ, ගෙනාපු දවසේ ඉදන් එක දවසක්වත් බලන්නවත් ගිහින් නෑ ...
"ගුකී කියන්නේ මගෙ දරුවා, එයාව මට දෙන්න , තමුන් නමවත් නොදන්න පොඩි දරුවෙක්වද හිර කරන් ඉන්නේ..."
"ශ්.. ශ්.. ඒක වැරදී හිර කරන් ඉන්නවා කියන්න බෑනේ, අද ඉදන් එයා ජීවත් වෙන්නේ මෙහෙ තමයි.."
ජන්කුක් තරහෙන් කෑ ගහනකොට නිශා හරිම නිවිච්ච කටහඩකින් කීවා..
"මට තමුන් එක්ක කතාවක් නෑ, මම දන්නවා කරන්න ඕනෙ දේ.."
වටේ හිටපු කාවවත් ගන ගන් නැතුව ජන්කුක් ලෑස්ති උනේ ඇතුලට යන්න..
"එක අඩියක් තියන් නෑ... තමුන්ට කිසිම අයිතියක් නෑ මේක ඇතුලේ මෙහෙම ඇවිදින්න... ආපු විදියටම එලියට පලයන් ..උබට කරන්න ඕනෙ දේ මන් කරන්නම්.."
ජන්කුක් දිහා හැරිලා බලන ගමන් නිශා කීවේ තියුණු ඇස් දෙකෙන් ජන්කුක් දිහා බලන ගමන්...
"ඒනම් දරුවවත් තමුන්ට මෙහෙම අරන් එන්න බෑ, මේ හැමදේම තමුන්ට ලියලා දුන්නේ දරුවව මගෙ කරගෙන.."
ජන්කුක් ඇස් වල කදුළු පිරෙනකොට කෑ ගහලා කීවා..
"තමුන් මේ දේවල් මගේ නමට ලීවට , ළමයට මුකුත් අත්සන් කරා කියලා මට මතක නෑ.."
සමච්චලේට හිනාවෙන ගමන් නිශා කියනකොට , ජන්කුකුත් ඇස් වල කදුළු බේරෙනකොට කට කොනින් හිනා උනා..
"මුකුත් අත්සන් කරන්න ඕනේ නෑ, එදා ඉපදුන අලුත ලමයව මැරෙන්න ඇරපු තමුන් වෙනුවට මම දරුවව හදාගත්තේ නැත්නම් අද කොහෙන්ද තමුන්ට දරුවෙක් ... ආර්හ්.. "
ජන්කුක් හයියෙන් කෑ ගහන්කොට නිශා ඉදගෙන හිටපු තැනින් නැගිට්ටා.. කවුරුත්ම ඒ දේවල් දන්නේ නෑ , නිශාට පිටිපස්සෙ ඉදන් හැමදේම අහගෙන හිටිය යූන්ගේ ඇස් ලොකු උනා, හැමතැනම හිටපු ගාඩ්ලා බිම බලාගෙන හිටියා,
"කට.. කට වහපන් උබ.. උබ උබේ සීමාව පනිනවා.. මට ඕනේ දේවල් ගන්න මොකෙක්ගෙන්වත් අවසර ඕනේ නෑ මට.."
ඇස් දෙකත් රතු කරන් නිශා කෑ ගහනකොට ජන්කුක් නිශාගෙ ඇස් දිහා කෙලින් බැලුවා..
"මම කට වහන් නෑ.. තමුන්ට ඕනේ කියපු හැමදේම මම දුන්නා.. මේ එක දෙයක්වත් මට එපා.. මන් හැමදේම නැති කරගෙන මගෙ මුලු ජීවිතේම කැප කරේ ගුකී වෙනුවෙන් , මෙච්චර කාලෙකින් ඇවිත් දරුවව මගෙන් උදුරගන්නේ කොහොමද තමුන්.. මට කියලා ඉන්නේ ගුකී විතරයි.. , මට මගෙ ඔම්මාවත් අප්පවත් නෑ නූනා, නූනත් නෑ , මට ජීවත් වෙන්න තියන එකම බලාපොරොත්තුව ගුකී විතරයි, ඒකත් මගෙන් නැති කරන්න එපා නූනා.."
මුලින් කෑ ගැහුවත් අන්තිමට හයියෙන් අඩන ගමන් ජන්කුක් දණීස් දෙකෙන්ම බිම වැටුනා.. ජන්කුක් වැටෙන්න පුලුවන් උපරිමේට වැටිලා හිටියේ , එක දිගට උන හැමදෙයක්ම ජන්කුක්ට දැන් බර වැඩී... අන්තිම වෙනකන් පුලුවන් දෙයක් කරන්න ජන්කුක් හිතාගෙන හිටියා, ඒකට කවුරු හරි මරන්න උනත් ජන්කුක් දෙපාරක් හිතන එකක් නෑ..
ජන්කුක් ඉන්න තැනින් නැගිටලා හිතන්න බැරි ඉක්මනට නිශා ගාවට දුවගෙන ගියා.. ජන්කුක්ටත් වඩා ටිකක් මිටි නිශාගේ බෙල්ල වටෙන් අත දාලා හිර කරගෙන ඉස්සරහට කරන් තමන්ගේ කබාය ඇතුලේ තිබ්බ ගන් එක අරන් නිශාගෙ ඔලුවෙන් තිබ්බා.. ඒ සැනින් හිටපු ගාඩ්ලා ටික තමන්ගේ ගන් ලෝඩ් කරේ ජන්කුක් නිශාගේ අත අඹරලා නිශාගේ ගන් එකත් අරන් ඉනේ ගහගන්නකොට...
"ඔක්කොම ගන් බිමට දාපල්ලා, උබලගේ මැඩම්ගේ ඔලුව කුඩු කරනවා..."
ජන්කුක් ගැඹුරු කට හඩින් කෑ ගහනකොට කවුරුත් ගන් පාත් කරත් කවුරුත් බිමින් තිබ්බේ නෑ..
"බිමින් තියපල්ලා.. තොපිට තේරෙන් නැද්ද... "
නිශාගේ බෙල්ල තව ටිකක් තද කරන ගමන් ජන්කුක් හයියෙන් කෑ ගැහුවා.. ඒ ගමන්ම කට්ටිය ගන් ඔක්කොම බිමින් තියල ඉස්සරහට තල්ලු කරා..
"දැන් උබලගෙන් එකෙන් ගිහින් ලමයව අරන් එනවා..."
ජන්කුක් කෑ ගනකොට කවුරුත් හෙලවෙන් නැතුව හිටියත් , ආයෙත් ජන්කුක් නිශාව හිර කරනකොට එක්කෙනෙක් එතනින් එහාට ඇවිදගෙන ගියා..
"උබලා බොරු කරොත් මේ වෙලේම මේකිව මරනවා මම.."
ජන්කුක් ගුගුරනකොට නිශා ඇස් දෙක තදට පියාගත්තා.. කොහෙද යූන් නිශා මෙහෙම තත්වෙක ඉද්දි ඉස්සල්ලම ඉදිරිපත් වෙන්න ඕනෙ තමන්ගේ හස්බන්ඩ්... බලය ගන්න ඕනේ හින්ද ලන් උනත් ඇත්තම හැගීමක් කාගෙවත් තිබ්බේ නෑ වගේම නිශා යූන්ගේ දක්ශකම ඉත්තෙක් කරගත්තු එකයි උනේ ... ඒත් යූන් තමන් ලග බල්ලෙක් වගේ ඉදී කියලයි නිශා බලාපොරොත්තු උනේ , මේ වෙලාවෙ මෙහෙම හැමදේම ඉවර උනොත් යූන්ට හම්බෙන හොදම අවස්තාව හැමදේම ලබා ගන්න...
එකපාරටම නිශා බයෙන් ගැහෙන ගමන් ජන්කුක්ගේ ඇදුමේ අතකින් මිරිකලා අල්ලගත්තේ හරිම අසරණ කමකින්..
"ප්ලීස්.. මාව මරන්න එපා ප්ලීස් .. මම ඕන දෙයක් කරන්නම් ප්ලීස්... මාව මරන්න එපා.."
ජන්කුක්ට හිතාගන්න බැරි උනා නිශා මෙහෙම හැසිරෙන්න හේතුව , මෙච්චර වෙලා සද්ද නැතුව හිටියත් එකපාරටම ජන්කුක්ට බයේ වගේ හැසිරෙන්න ගත්තු එක ජන්කුක්ට පුදුමයට කාරණයක් උනා..
"අතෑරපම් බල්ල මගේ කෙල්ලව.."
වැඩි වෙලාවක් යන්න කලින් ඒකට හේතුව ජන්කුක්ට තේරුනා ඉස්සරහා මේන් ඩෝ එකෙන් ගන් එකත් දික් කරගෙන ඇතුලට එන රූපේ දැක්ක ගමන්ම...කෙලින්ම ජන්කුක්ගේ පැත්තට ගන් එක දික් කරගෙන බය නැතුව ටේහ්‍යොන්ග් ඉස්සරහට ආවෙ පිටිපස්සෙන් පෝල් එක්ක තව කට්ටිය ඇතුලට එනකොට...
ටේහ්‍යොන්ග් ගොඩ කාලෙකින් දැකපු නිශා දිහා බැලුවේ තේරුම්ගන්න බැරි හැගීමක් ඇස් වල හිරකරගෙන.. නිශා ඒ සැනෙන් ටේහ්‍යොන් දිහා බලල ඇස් වල කදුලු පුරවගත්තා...
"ටේ.. ටේ අනේ මාව බේරගන්න .. ප්ලීස් .. "
ගොඩක් අඩු කටහඩකින් නිශා කියනකොට ජන්කුක්ගේ ඇස් වලට නිකන්ම තවත් කදුලු ඉනුවා.. දැන් ජන්කුක් මොනවා කීවත් ටේහ්‍යොන්ග් විශ්වාස කරන් නෑ.. ටේහ්‍යොන්ග් එන වෙලාව වෙනකොට හැමදේම ජන්කුක්ට විරුද්ධ විදියට හැදිලා ඉවරයි... කලින් දවල් ටේහ්‍යොන්ග් ගහපු කම්මුල් පාරට තාමත් ජන්කුක්ගේ කම්මුල රතු වෙලා ඉදිමිලා තිබ්බා,, ඊට වඩා දහස් ගුනයකින් ජන්කුක්ගේ හිතට දැනුනු අසරණ කම එයාට රිදෙව්වා... ජන්කුක්ගේ අත් දෙක වෙව්ලන්න ගත්තේ , යන්තම් ලිහිල් වෙන ජ්න්කුක්ගේ අත් වල හිර වෙලා ඉන්න නිශාගෙ කට කොනට පොඩි හිනාවක් ඇති කරලා..
නිශාගේ හීනි අතකින් ඇදලා පිටිපස්සට ගන්න ගමන් ටේහ්‍යොන් ජන්කුක්ගේ දණිස්සට පයින් පාරක් ගැහුවේ ගන් එක බිමට අතෑරෙනවත් එක්කම වාරු නැතුව වැටෙන්න.. පිටිපස්සේ සෝෆා එකේ අතට අත් දෙක තියලා මාරුවෙන් නැගිටින ගමන් ජන්කුක් ටේහ්‍යොන්ග් දිහා බලලා මොනවා හරි කියන්න උත්සහා කරා... ඒත් එතකොට තමන්ගේ ඇස් දෙක ඉස්සරහම ටේහ්‍යොන්ගේ ගන් එක කෙලින්ම එල්ලවෙලා තියනකොට ජන්කුක් ඇස් දෙක පියාගත්තා...
එතකොට නිශාගේ ගාඩ්ලා ඔක්කොම අයෙත් ගන් අරගෙන ටේහ්‍යොන්ගේ කට්ටියට දික් කරගෙන හිටියේ ටේහ්‍යොන්ග් නිශාව එයාගේ පැත්තකට කරලා කවර් කරගන්නකොට...
"උබලගෙ බොස්ව මරන්න කලින් ඔක්කොම ගන් පාත දානවලා..."
ටේහ්‍යොන්ග් කෑ ගහනකොට පොඩ්ඩක්වත් හෙල උනේ නැති කට්ටිය ඒ විදියටම හිටියා..
"උබලට එක පාරක් කීවම තේරෙන් නැද්ද, දාපල්ල ඕවා බිමට.."
ජන්කුක් ඇස් දෙකෙන් කදුළු වැටෙනකොට සද්ද නැතුවම හිටියා, ටේහ්‍යොන්ග් එයාට ඇත්තටම් වෙඩි තිබ්බත් එයා වෙනුවෙන් කිසිම කෙනෙක් මෙතන නෑ කියලා ජන්කුක් දැනගෙන හිටියා..
"අයින් වෙන්න..."
ජන්කුක් කෑ ගහගෙන ටේහ්‍යොන්ගේ ඇගට පනිනවත් එක්කම ටේහ්‍යොන්ග් අතින් එක පාරටම ජන්කුක්ට ශූට් උනා වගේම ,ඒවෙලාවෙම තවත් වෙඩි හඩක් එක්ක ටේහ්‍යොන්ග් පැත්තට එල්ල වෙලා තිබ්බ ගන් එක්කින් ජන්කුක්ගේ පිටට වෙඩි වැදිලා , ජන්කුක් ටේහ්‍යොන්ගේ ඇගට කඩාගෙන වැටුනා...
එක පාරටම මුකුත් හිතාගන්න බැරුව ,ලේ කුට්ටියක් වගේ ජන්කුක් එක්කම බිමට වැටුන ටේහ්‍යොන්ග් වටේට ටේහ්‍යොන්ගේ ගාඩ්ලා වටවෙන්න කලින් අන්තිමට දැක්කේ ටේහ්‍යොන්ගේ පැත්තට ගන් එක දික් කරන් හිටපු නිශාව වගේම ඈතින් , "පපා..." කියලා යටි ගිරියෙන් කෑ ගහන ගුකීගේ හඩයි විතරයි...
"ගු.. ගුකී .. ඔයාගේ දරුවා..."
ලේ පිරුනු අතින් ටේහ්‍යොන්ගේ මූන යන්තම් ස්පර්ශ කරන ගමන් වචන දෙකක් ගැටගහගෙන ජන්කුක් පණ නැතුව ටේහ්‍යොන්ගේ වෙව්ලන අත් අතරටම ඇදගෙන වැටුනා...
•
•
•
•
•
****************
_______________________Dark_Sunshiner 🤍🥀
Thanks for reading ....♥️
To be Continued ....
2022/11/03
Bạn đang đọc truyện trên: AzTruyen.Top