|27|
අතැරලා දාපු පාළු ගොඩනැගිල්ලේ බිත්ති පතුරු වගේ ගැලවිලා යන ගමන් තිබ්බා.. තට්ටු පහක් විතර බාගෙට නිම කරලා තිබ්බ ගොඩනැගිල්ල අතෑරලා දාලා ගොඩක් කල් කියලා බිත්ති වල බැඳුණු දියසෙවෙල් වලින් හොදින් ඔප්පු උනා..
ගොඩනැගිල්ලේ පහලින්ම පොළව යටට විහිදුණු ඇතුල්වීමකින් පොලවටත් යටින් තිබුන් තට්ටුවට යන්න ලොකු යකඩ දොර හදලා තිබ්බා..
පොළව යට නිසා තනිකරම කලුවර උන ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ එක බිත්තියක ඉහළින්ම තිබ්බ පොඩි වා කවුලුව දිගේ විතරක් ලාවට එලිය කොටුවක් වගේ බිමට වැටිලා තිබ්බ.. තැනින් තැනින් වතුර බින්දු කාන්දු වෙන හඩ වගේම , යකඩ දොරේ දම්වැල් හෙල්ලෙන හඩ විතරක් බිම් තට්ටුව දෝංකාර දුන්නා...
එලියෙන් ලොක් එක ඇරිලා දම්වැල් ඇදලා දාන ලොකු සද්දෙ , ඇතුලේ පුටුවක් උඩ බැදලා දාලා හිටපු මනුස්සයට ඇහුන් බවක් නම් පේන්න් තිබ්බේ නෑ..
"නැගිටපන්..."
නම්ජූන් කෑ ගහලා කියන ගමන් අතින් සන් කරාම වතුර භාජනයක් පුටුවේ බැදලා හිටපු මනුස්සයගේ මූන්ටම ගැහුවා...
"හුම්..අහ්.. කැහ්..."
මනුස්සයා අමාරුවෙන් ඇස් දෙක ඇරියේ නහයටත් එක්ක ගියපු වතුර පාරෙ සැරට .. හැබැයි ඇස් ඇරපු ගමන් දකින්න හම්බුනේ හොද දර්ශනයක් නෙවෙයි.. නම්ජූන් ඉස්සර පුටුවක් තියාගෙන ඉදගෙන බලාගෙන හිටියේ ඇස් දෙකත් රතු කරගෙන..
" කියපන්.. උබ කාටද වැඩ කරන්නේ..."
නම්ජූන් කතා කරාම අර මනුස්සයා බිම බලාගෙනම කීවා..
"කතා කරපන්.."
"බො.. බොස්ට.."
" තෝ කාටද කතා කරන්නේ දන්නවද.. තෝ මට වැඩ කරා නම් මේක අස්සේ ඉදගෙනම කරපු අනිත් වැඩේ මොකක්ද බල්ලෝ.. ආර්හ්..."
පුටුව පිටින්ම බිමට වැටෙන්න පයින් ගහන ගමන් නම්ජූන් කෑ ගැහුවා..
"තෝ වගේ පොඩි එකෙක් මෙතන හුරතල් කරන්න මට වෙලාවක් නෑ.. අන්තිම වතාවට අහන්නේ කියපන් උබ කාටද වැඩ..."
අර මනුස්සයාගේ කට දෙපැත්තෙන් තද කරන ගමන් නම්ජූන් ආයෙත් ඇහුවා..
කොච්චර කෑ ගැහුවත් බිමම බලාගෙන හිටපු මනුස්සයා හින්ද නම්ජූන්ගේ තරහා තව වැඩි උන එක විතරයි උනේ.. නමාගෙන හිටපු දනහිසකින් ඉස්සෙන ගමන් පිටිපස්සෙ හිටපු මාක්ට නම්ජූන් අත දික් කරා.. ඒ පමාවට පිටිපස්සට කරන් හිටපු මහත දම්වැලක් අතරින් යවපු විප් එක ඉස්සරහට අරන් නම්ජූන්ගේ අතින් තිබ්බේ අර මනුස්සයා දිහා ඇස් කොනින් බලන ගමන්...
වැඩි වයසක් නැති කොල්ලෙක් උන පුද්ගලයා කිම් ෆැමිලි එකට බැදිලා තිබ්බේ අවුරුදු පහකට විතර කලින් ... අවේලාවෙ එලියට ගිහින් එනවා අහු වෙනවත් එක්කම චෙක් කරනකොට හම්බුන සාක්ෂිත් එක්ක ඒ මනුස්සයා අද මෙතනට ගෙනත් දාලා තිබ්බේ...
ඇතුලේ ඉන්නවානම් පෝන් පාවිච්චි කරන්න කොහෙත්ම අවසරයක් තිබ්බේ නෑ කාටවත්ම , හැබැයි දීලා තිබුන පොඩි කබඩ් එකේ හන්ගලා තිබ්බ පෝන් එක වගේම , ලග දවස් වලත් එක දිගට එකම නම්බරේකට කෝල් ගිහින් තිබුනා, මේ මනුස්සයා මෙතන ඉන්න ඒක හේතුවක් උනා..
අර මනුස්සයා වේදනාවෙන් කෑ ගහනකොට නම්ජූන් එක දිගට දම්වැලෙන් ගැහුවා.. එහෙමම දම්වැල බිමට අතෑරපු නම්ජූන් යකඩ දොරෙන් එලියට ආවා.. අරූ කතා කරවන එක බර දුන්න මාකුත් ඉක්මනට නම්ජූන් පස්සෙන් එලියට ආවා.. කාටවත් එන්න එපා කියලා අතින් කියපු නම්ජූන් තනියම වාහනේ අරන් එතනින් එලියට ආවා...
නම්ජූන්ට දැන් මේ ඔක්කොම හිසරදයක් වෙලා තිබ්බේ , නම්ජූන්ට පලිගන්න ඕනේ හැමදේම හම්බෙන ගමන් තිබ්බත් ඒකට හැකියාව සම්පූර්ණයෙන්ම ඇහිරිලා තිබ්බා.. තනියම වාහනේ අරන් යන එක කොච්චර අනාරක්ෂිත උනත් නම්ජූන්ට ඕනෙ තනියම කල්පනා කරන්න..
වේගෙන් වාහනේ සෙනූගේ නර්සරි එක පහු කරනකොට හුරුපුරුදු මූනත් දැක්ක හින්ද ස්ලෝ කරපු නම්ජූන් ආයෙමත් නර්සරි එක ගාවට රිවස් කරා.. හරියටම නර්සරි එක ඉස්සරහ වාහනෙට හේත්තු වෙලා හිටගෙන හිටපු හෝසොක් ඉස්සරහින් නවත්තපු නම්ජූන් ග්ලාස් එක පොඩ්ඩක් පාත් කරලා හෝසෝක් දිහා බැලුවා..
එක පාරටම තමන්ගේ ඉස්සරහින් නවත්තපු වාහනේ දිහා බලපු හෝසොක් දැක්කේ පොඩි හිසසින් එයා දිහා බලන් ඉන්න නම්ජූන්ව.. ආයෙත් වටපිට බලපු හෝසොක් හරියටම නම්ජූන්ද බැලුවේ , එයා මෙහෙම තනියම කොහෙවත් යයි කියලා හිතන්න බැරි හින්දා..
නම්ජූන් වාහනේට නගින්න කියලා අතින් සන් කරනකොට හෝසොක් ඇස් දෙකත් ලොකු කරලා තමන්ගේ පැත්තටම ඇගිල්ල දික් කරගත්තේ මන්ද අහන්න වගේ.. ඒක දිහා බලලා නලල මිරිකපු නම්ජූන් ආයෙත් ඔලුව වැනුවේ, ජින්ට ඉන්නෙත් එයා වගේම මොන්ගල් යාලුවෝ කියලා හිතන ගමන්...
වෙලාවත් බලලා තව පැය බාගයක් විතර තියන හින්ද දොර ඇරලා පැසෙන්ජර් ශීට් එකට නැග්ග හෝසොක් නම්ජූන් දිහා බැලුවා..
"මොකද.."
පොල්ලෙන් ගහන්න වගේ හෝසොක් අහනකොට අතේ තියන දේකින් හෝසොක්ගේ ඔලුවට ගහන්න නම්ජූන්ට නොහිතුනාම නෙවෙයි...
"මොකද මෙතන.."
මගදි හම්බුන බෝයිෆ්‍රෙන්ඩ්ගෙන් අහනවා වගේ නම්ජූන් අහනකොට හෝසොක් ඇස් දෙක රෝල් කරා..
" ඇදුම් ගන්න ආවෙ... ඇයි.."
නම්ජූන්ගේ ගොබ්බ ප්‍රශ්නෙට ගොබ්බ විදියටම උත්තර දුන්න හෝසොක් එතන තිබ්බ වතුර බෝතලේ ඇරලා උගුරු දෙක තුනක් බීවේ එයාගෙ වගේ... වෙනසක් නෑ ජින් වගේම තමයි පිස්සුව, නම්ජූන්ට හිතුනේ එච්චරයි ..
" මොකක් හරි ඇයි මට නගින්න කීවේ... අනික මොකද තනියම.. තමුන් තනියම කොහෙවත් යන් නෑනේ. "
කටත් ඇද කරලා හෝසොක් ඇහුවේ කුතුහලෙන්..
"ම්ම්..මං යන ගමන් තමුසෙව දැකලා නැවැත්තුවේ.."
හෝසොක් ආයෙත් ඇස් ලොකු කර ගත්තා.. ඒ දෙන්න කවද්ද මෙහෙම ෆිට් උනේ..
"ඇයි ඒ .. ජිනී මොනා හරි කියන්න කීවද.."
"නැහ්.. එහෙම නෙවේ .. ඒක .."
"වැඩි වෙලාවක් නෑ, තව ටික්කින් ගුකී එනවා , ඉක්මනට කියනවා.."
"ඒක ගැන තමයි මටත් දැනගන්න ඕනෙ.."
නම්ජූන් කීවම හෝසොක්ගේ ඇහි බැම ඇකිලුනා..
" ඒක ගැන කීවේ.."
"ජන්කුක් ගැන.. ගුකී ගැන..ඔයා කොහොමද එයාලව දන්නේ.."
" දැන් මන් මිනිස්සු ආශ්‍රය කරන්න ඕනෙත් තමුන්ගෙන් අහලද ඒ පාර.. "
හෝසොක් රවන ගමන් අහනකොට නම්ජූන් සද්ද නොකර හිටියා..
"දෙයක් ඇහුවම උත්තර දෙනවා, ආයෙත් ප්‍රශ්න අහන් නැතුව.."
ටිකක් සැරෙන් නම්ජූන් කියනකොට හෝසොක් ටිකක් සද්දෙන්ම වතුර බෝතලේ උඩින් තිබ්බා..
"මේ.. මට සද්දෙ දාන්න එන්න එපා හරිද.. තමුන් කවුරු උනත් මට වැඩක් නෑ ... අනික අනවශ්‍ය දේවල් මං කියන්නෙත් නෑ ..."
හෝසොක් ටිකක් සද්දෙන් කියනකොටයි නම්ජූන්ට මීටර් උනේ.. දෙයක් දැනගන්න මෙහෙම කෑ ගහලා බෑනේ...
" හරි.. හරි.. කෑ නොගහා කියනවකෝ..."
"මොනවා කියන්නද ඒ පොඩි කොල්ලා මගෙ යාලුවෙක්.. ගුකී හම්බුන දවසෙ ඉදන් මං දන්නෙ එයාව..."
"එයාගෙ වයිෆ්..."
" හේතුව .. හේතුව මොකක්ද ජන්කුක් ගැන අහන්න.."
"දැනගන්න ඕනෙ .. අනික නිතර ජින් එක්ක ඉන්නේ , මට දැනගන්න ඕනේ.. මං මිනිස්සුන්ව විශ්වාස කරන් නෑ ,තමුසේ දන්නවනේ.."
නම්ජූන් ඇත්තත් නොවන බොරුත් නොවෙන සධාරණ හේතුවක් දුන්නා..
"ලොකු දෙයක් නෑ, ජන්කුක්ගේ පවුලේ කවුරුත් නෑ, ගුකී එක්ක තනියම ඉන්නේ , ගුකී හම්බෙනකොටයි මට හම්බුනේ , වයිෆ් නෑ.."
" හ්ම් හරි.. දැන් යන්න , සෙනූ දකින්න කලින් මං යන්න ඕනෙ.."
කියන දේවල් අහන් හිටපු නම්ජූන් එහෙම කීවේ , හෝසොක් කියන්නේ මොනවද කියලා එයා දැනගෙන හිටපු හින්දා.
බහින්න දොර ඇරලත් , හෝසොක් ආයෙත් හැරිලා නම්ජූන් දිහා බැලුවා..
" හිතන හැමදේම හරි නොවෙන්න පුලුවන් , පරිස්සමට තීරණ ගන්න.."
ඒ ටික විතරක්ම කීව හෝසොක් වාහනෙන් බැහැලා තමන්ගේ වාහනේ ගාවට ආවෙ ඒ ඉක්මනින් නම්ජූන්ගේ වාහනේ ඉස්සරහට යනකොට ..
.
.
.
.
.
.
"බොස් කීව විදියේ දෙයක් දැක්කේ නෑ බොස්..."
තමන්ගේ පුටුවට වෙලා පිටිපස්සට ඔලුව හේත්තුකරන් ඉන්න ටේහ්‍යොන්ග් දිහා බලන ගමන් පෝල් කීවා..
"නෑ කියන්නේ.."
"බොස් , ජියෝන් සර් ගෙදරට ගියාට පස්සේ එලියට ගියේම නෑ, එක දවසක් බබත් එක්ක සුපර් මාකට් එකට විතරයි ගියේ සර්..."
පෝල් කියනකොට ටේහ්‍යොන්ග් තවත් ව්‍යාකූල උනා.. එදා රෑ ඉදන් ජන්කුක්ගෙ ගේ වටේට , ජන්කුක් යන පස්සෙන් ටේහ්‍යොන්ග් කට්ටියව දාලා තිබ්බා.. මෙච්චර කල් ජියෝන් කියන හැමදේකින්ම දැන් මෙච්චර කාලෙකට පස්සෙ ජන්කුක්ව විතරයි දන්නේ , එතකොට කියන විදියට ජන්කුක් ජියෝන්ගේ පුතා නම්, ජියෝන් මැරිලා නම් ජන්කුක් තමයි හැමදේකින්ම ඉතුරු ..
ටේහ්‍යොන්ග් කිසිම තොරතුරක් නැතුව එක පාරට ආපු කාඩ් එකක් පස්සේ වැටිලා තිබ්බා..
"ආයිශ් එපා වෙනවා බන්.. මොකක්ම හරි මොනාම හරි පොඩි දෙයක් ඇති , අවදානෙන් බලනවා.. "
එච්චර ලේසියෙන් මේක යන්න දෙන්න බෑ..
"දැන් වැඩ කොහොමද..."
"මුකුත් වෙන වැඩ කරන් නෑ සර්.. ඔක්කොම බොස් නවත්තලා තියෙන්නේ.."
පෝල් කියනකොට ටේහ්‍යොන්ග් හුස්මක් පාත දැම්මා.. තමන්ගේ හ්‍යුන්ග්ට කතා කරන්න ඕනෙ උනත් මුකුත්ම හොයාගන්නත් බැරුව කතා කරන්න තමන්ගේ ලොකුකම ඉඩ දුන්නේ නෑ..
ටේහ්‍යොන්ග් ජන්කුක්ගෙන් හොදින් පොඩි හරි දෙයක් දැනගන්න බැලුවත් කිසිම දෙයක් කියන් නැති ජන්කුක් එක්ක ටේහ්‍යොන්ගේ හිතේ තවත් තරහ වැඩි උනා, ඒ උනාට බොරුවට හරි ජන්කුක් එක්ක හිටපු කාලේ ඇතුලත ටේහ්‍යොන්ග් අමුතු සතුටක් ලැබුවා.. හැමදාම දවල්ට හම්බෙන ජන්කුක්ගේ රස කෑම එක නැතුවම බැරි තත්වෙකට වගේ ආවා...
"ජියෝ.."
ටේහ්‍යොන්ග් ආයෙත් කතා කරන්න හදනකොටම ජන්කුක් ඇතුලට ආවා.. ජන්කුක්ට හොදටම ඇහුනා ටේහ්‍යොන්ග් ජියෝන් කියලා කියන්න ගියේ කියලා, ජන්කුක්ට හිතාගන්න බෑ ටේහ්‍යොන්ග් එයාගේ බොඩිගාඩ් එක්ක තමන්ගේ නම කියන්නේ ඇයි කියලා.. බැරි වෙලාවත්... දැනගෙනද..? ජන්කුක් හිතන්නත් බය උනා, කිසිම විශ්වාසයක් නැති බයානක සෙල්ලමක් මේක , ටේහ්‍යොන්ග් කොයි වෙලේ වෙනස් වෙනවද කියලා දන්නේ නෑ, ඒත් තාමත් හැමදේම මේ විදියටම වෙනසක් නොවී තියෙයි කියලා අහින්සක බලාපොරොත්තුවක් ජන්කුක්ගේ හිතේ කොනේ තිබුනා...
"ඇතුලට එනකොට කතා කරලා එන්න ආයෙ ආයෙ මතක් කරන්න වෙලාද මට ආර්හ්..."
ටේහ්‍යොන්ග් තරහෙක් කෑ ගහන්කොට ජන්කුක් ගැස්සුනා..
"සමාවෙන්න සර්.. සමාවෙන්න .."
ජන්කුක් ආයෙත් හැරිලා එලියට යන්නයි ලෑස්ති උනේ..
"ඔහොම ඉන්න..මන් පස්සේ කතා කරන්නම්.."
ටේහ්‍යොන්ග් කීවාම ජන්කුක් ඉන්න තැනම නතර වෙනකොට පෝල් එහෙමම දෙන්නටම ඔලුව නවලා එලියට ගියා .. පෝල් එලියට ගියාම ටේහ්‍යොන්ග් ඇහි බැමක් උස්සලා ජන්කුක් දිහා බැලූවා.. ආයෙත් මූන වෙනස් කරගත්තු ටේහ්‍යොන්ග් යන්තම් හිනාවක් මූනට ගත්තා..
"එන්න.. "
ටේහ්‍යොන්ග් කීවම ෆයිල් ටිකත් එක්ක බෑග් එක තුරුල් කරගෙන හෙමීට ජන්කුක් ටේහ්‍යොන්ග් ගාවට ආවා.. ලගට ආවත් මූනවත් නොබලා බිම බලාගෙන ඉන්න ජන්කුක්ව දැක්කම කෑ ගහපු එකට ජන්කුක්ගෙ හිත රිදුනද දන් නෑ කියලා හිතුනා..
"කෝ .. මෙහෙ බලන්න, ඇයි මේ වෙලාවෙ.."
ජන්කුක්ගේ අතින් ෆයිල් ටික ගන්න ගමන් ටේහ්‍යොන්ග් අහනකොට යන්තම් දිලිසෙන ගමන් තිබ්බ බෝල ඇස් උස්සලා ජන්කුක් ටේහ්‍යොන්ග් දිහා බැලුවා.. එහෙමම ඇගිලි තුඩු වලින් තද කරන් හිටිය ලන්ච් බොක්ස් එක දාපු බෑග් එක ටේහ්‍යොන්ග් අතට දික් කරා..
"ආයිශ්.."
තමන්ටම මුමුණගෙන දික් කරපු අතින්ම ජන්කුක්ව තමන්ගේ ලගට ඇදලා ගත්තු ටේහ්‍යොන්ග් ඉන වටේ අත දාලා තමන්ගේ ලැප් එක උඩට වට්ට ගත්තා..
"මට තරහා ගියා..."
ටේහ්‍යොන්ග් මුමුණනකොට ජන්කුක් අතින් බෑග් එක තවත් තද කරගත්තා..
"සමාවෙන්න.. මං ඉක්මනට කෑම එක දෙන්න හිතන් ආවෙ බඩගිනි හින්දා...ම.. මම ආයෙ කතා කරලා එන්නම්.."
හීනී කටහඩකින් ජන්කුක් කියනකොට ටේහ්‍යොන්ගේ හිතේ හීනියට වේදනාත්මක හිරියක් ගියා.. ටේහ්‍යොන්ග් බඩගින්නේ හින්දා ජන්කුක් වද වෙලා.. ජන්කුක්ගේ අතේ තිබ්බ බෑග් එක අරන් මේසේ උඩින් තිබ්බ ටේහ්‍යොන්ග් අනිත් අතින් ජන්කුක්ව නැගිට්ටෙව්වා..
" මම කන්නම්.. ජියෝන් ගිහින් දැන් කන්න..."
වෙනදා තරම්වත් ලන් නොවී ජන්කුක්ව නැගිට්ටෙව්වම ජන්කුක්ගෙ හිත ඇත්තටම රිදුනා.. ඇයි ජන්කුක්ව රිද්දන්නේ , ඇයි ජන්කුක්ට පෙන්නන හැගීම් මෙච්චරම වෙනස් වෙන්නේ.. අනිත් පැත්ත බලාගෙනම යන්තම් ඔලුව හොලවපු ජන්කුක් එහෙමම දොර ගාවට ඇවිදගෙන ගියා.. ආයෙත් බලන් නැතුවම ජන්කුක් එලියට ගියේ එයාගෙ වැටෙන්න ඔන්න මෙන්න ඇස් අග රැදිලා තිබ්බ ලොකු කදුලු බින්දු දෙක ටේහ්‍යොන්ග්ට පේන්නේ නැති වෙන්නයි... තමන් ටේහ්‍යොන්ගේ පොඩි වචනෙකට හිත රිද්දගත්තා කියලා ටේහ්‍යොන්ගේ හිත රිදෙයි කියලා ජන්කුක් බය උනා....
.
.
.
.
.
.
*************
____________________________Dark_Sunshiner 🤍🥀
ම්ම්..
ඇත්තටම මේ එක එක සිද්ධි තියන විදිය නොගැලපෙනවා නම් මට සමාවෙන්න ...
මොකද මන් මෙහෙම ලියන පලවෙනි පොත මේක , ඒ හින්දා මට අත්දැකීමක් නෑ.. එහෙම මොනවා හරි අවුලක් තිබ්බොත් මට කියන්න අනිවාරෙන්ම...♥️⚘
•
Thanks for reading...♥️
To be Continued ....
2022/10/29
Bạn đang đọc truyện trên: AzTruyen.Top