|26|
"නම්ජූන් .. උබ හොද සිහියෙන්ද..."
යුන්ගි නම්ජූන්ගේ උරහිසට තට්ටුවක් දාලා ඇහුවේ , මේ කිය්න දේවල් විශ්වාස කරන්න බැරි තැන..
"මම විහිලු කරනවා වගේ උබට පේනවද ..ආහ්... විකාර කතා නොකර ඉදපන්..."
නම්ජූන් කේන්තියෙන් කියනකොට යුන්ගි තව ටිකක් පුටුව පිටිපස්සට හේත්තු උනා..
"මේක තව කාටද කීවේ.."
"කාටවත් නෑ.. උබට විතරයි.."
පෝන් එක මේසෙ උඩින් තියන ගමන් නම්ජූන් කීවා..
"මන් කොහොමද බන් මේක විශ්වාස කරන්නේ.. "
"උබ විශ්වාස කරත් නැතත් ඇත්ත ඒක තමයි.. දැන් තේරෙනවනේ මන් හිර වෙලා ඉන්නේ ඇයි කියලා උබට.."
"මන් දන්නවා.. ඒ උනාට ටේහ්යොන්ග් දැන් පොඩි එකෙක් නෙවෙයි මේ දේවල් හන්ගන්න, පස්සට ප්රශ්නයක් වෙන්න කලින් හැමදේම කීවොත් හොද නැද්ද.."
"උබ හැමදේම කියන්නේ මොනවටද බන්.. ටේ තියා උබටවත් හැමදේම කියලා නෑ මම.."
කට කොනින් හිනා වෙන ගමන් නම්ජූන් කියනකොට , යුන්ගී හුස්මක් පාතට දැම්ම.. නම්ජූන්ට බල කරන්න අයිතියක් කොහෙත්ම යුන්ගිට තිබ්බේ නෑ..
"මොකක් හරි , ජින් එතකොට.."
"එයාට කියලා මෙතන මම ඉන්නද ..ආහ්.. "
කියන ගමන් නම්ජූන් පෝන් එක අතට අරන් කෝල් එකක් ගත්තා..
-"ඇතුලට එන්න.."
ඒත් එක්කම දොරට තට්ටු කරන සද්දෙත් එක්ක කලු පාට ඇදගත්ත කෙනෙක් ඇතුලට ආවා.. ඇවිත් නම්ජූන්ටයි යුන්ගිටයි ආචාර කරලා පැත්තකින් හිට ගත්තා..
"දැන් මොකද වැඩේ.."
නම්ජූන් ඇහුවම ආපු කෙනා ඔලුව නවාගෙනම හිටියා..
"මාක්.. උබට දැන් මට දෙපාර ..දෙපාර කතා කරන්න වෙලාද.. ආර්හ් උත්තර දීපන්.."
"ශ් නම්ජූන් කූල්.."
නම්ජූන්ගේ පිටට තට්ටුවක් දාන ගමන් යුන්ගි කීවා.. හැමවෙලේම නම්ජූන් ගාව ඉන්න කෙනෙක් තමයි මාක්..
" බොස්.. තාම සැක කරන්න පුලුවන් කෙනෙක් හම්බුන් නෑ.."
ටිකක් හෙමින් මාක් කියනකොට නම්ජූන් දත්මිටි කෑවා..
" මෙතන බබ්බු නලවන තැනක් කියලා හිතුවද උබලා ඔක්කොම .. දැන් මමද එක එකා ගාවට ගිහින් හොයන්න ඕනෙ.."
නම්ජූන් කෑ ගහනකොට මාක් සද්ද නැතුවම හිටියා...
" මාක් .. මොකක්ද හම්බුන් නෑ කියන්නේ... හරියට කියපන්.."
" යුන්ගි බොස් ,අපේ උන් ඉන්න තැනට මට යන්න බෑනෙ , උන් අනිවාරෙන් මාව සැක කරනවා, ඒත් එතන හොරෙන් චෙක් කරන්න ඇතුලෙම එකෙක්ව ඕනෙ , තාම මම බලන ගමන් , මොකද එකෙක්වත් සුවර් කරන්න බෑ.."
මාක් කියනකොට යුන්ගිට තේරුනා මොකක්ද කේස් එක කියලා..
"උබ දැන් පලයන්..."
යුන්ගි කීවම මාක් දොරත් වහගෙන එලියට ගියා..
"මේක ඇතුලේ බල්ලෙක් ඉන්නවා.. මං ඒකගෙන් පටන් ගන්නම් ඔක්කොම.."
නම්ජූන් අත් දෙක මිටි මොලවලා කීවා..
.
.
.
.
.
.
.
"පපා..."
ගුකී කෑ ගහගෙන ඇවිත් ජන්කුක්ගේ බෙල්ලේ එල්ලුනා..
"මගෙ ..චුටි මැනික.."
ගුකිව අත් අතරට ගන්න ගමන් ආදරෙන් තුරුල් කරන් ජන්කුක් ගුකීගේ මුලු මූනටම හාදු දුන්නා.. ජන්කුක් තමන්ගේ පනටත් වඩා ගුකීට ආදරේ කරා..
"අද .. පපා කලින්නේ..."
ගුකී ඇහුවේ වෙනදට ගුකීව ගන්න එන්නේ එයාගෙ හොබී සමොච්ච හින්දා..
"ම්ම්ම්.. පපා අද කලින් ආවා.. අද අපිට සෙල්ලම් කරන්නත් පුලුවන්..."
ගුකීගේ කම්මුලකුත් මිරිකලා ජන්කුක් කියනකොට ගුකී සතුටෙන් කෑ ගැහුවා... දැන් දැන් ජන්කුක් එක්ක ගත කරන කාලේ ගොඩක් මිස් වෙලා ගුකීට තිබ්බේ.. ඉතින් එහෙම අවස්ථාවක් හම්බුනාම ගුකීත් ගොඩාක් සතුටු උනා..
ගුකීට චූටි හෙල්මට් එකත් දාලා එයත් බයික් එකට නැගලා ගුකීව ඉස්සරහින් උස්සලා තියාගත්ත ජන්කුක් , ගුකීගේ ඉවරයක් නැති කතා පෙට්ටියත් අහන ගමන් නර්සරි එක ගාවින් පිටත් උනා..
--
ඒත් පාරට එහා පැත්තේ වාහනයක් ඇතුලේ කියවන්න අමාරු හැගීම් ගොඩක් පිරුණු ඇස් දෙකක් එයාලා දිහා බලන් ඉන්නවා කියලා කවුරුත් දැනන් හිටියේ නෑ..
"අපි යන්..."
ජන්කුක් එතනින් ගිය ගමන් ,නපුරු කටහඩකින් කීවාම වාහනේ ස්ටාට් කරලා එතනින් හරවගෙන ගියා..
--
ඔය මුකුත් දන් නැතුව ගුකීයි ජන්කුකුයි නම් පාර අයිනේ තිබ්බ අයිස්ක්රීම් කඩයක් ගාව නතර වෙලා හෝ ගාලා අයිස්ක්රීම් කනවා..
ජන්කුක් බයික් එක නවත්තල බිමට බැහැලා හෙමින් සැරේ අයිස් එක කනකොට , ගුකී නම් පිම්බිච්ච චූටි ජැකට් එකත් ඇදගෙන , මූනත් රතු කරගෙන, පාට ගොඩක අයිස්ක්රීම් බෝල පිරුනු ලොකු කප් එකක් හෝ ගාලා කන ගමන් හිටියේ...
නහයත් උඩට ඇද ඇද අයිස්ක්රීම් කන ගුකී දැක්කම ජන්කුක්ට මුකුත් කියන්නත් බෑ.. අද රෑට අනිවාරෙන් බේත් දෙන්න වෙනවා කියලා ජන්කුක් දැනන් හිටියා.. අනම් මනම් බොරු ගොඩක් කියලා අද මේ අයිස් ගොඩක් ජන්කුක්ට කියලා ගන්නව ගත්තට, වෙනදට හොබී හ්යුන්ගේ පොකට් එකටත් බැහැලා අයිස්ක්රීම් කනවා කියලා ජන්කුක් හොදට දන්නවා.. හවස් වරුමව ජන්කුක් ගුකීගේ විකාර වැඩ වලට හවුල් උනා..
ගුකී කියන්නේ එක වචනයක් කතා කරත් ආදරේ හිතෙන චූටි හුරතල් පැටියෙක්... ජන්කුක් දැන් දන්නවා ගුකී මෙච්චරම ලස්සන වෙන්නත් හේතුව..
ජන්කුක්ගෙ ලෝකෙ දැන් එක එක පොඩි බලාපොරොත්තු ගොඩක් පිරිලා තිබ්බා.. ඒත් ජන්කුක් දන්නවා ඒ ඔක්කොම එක විනාඩියකින් නැති වෙලා යයි කියලා.. ඒත් ලැබෙන විදියට සතුටු වෙන්න ජන්කුක් පුරුදු වෙලා හිටියා.. ඒ මොන දේ කොහොම නැති උනත් , පොඩ්ඩව නැතුව ඉන්නයි ජන්කුක්ට හිත හදාගන්න අමාරුම , මොකද ජන්කුක්ට ජීවත් වෙන්න බලාපොරොත්තුව එයා, ජන්කුක්ගේ මේ වයසේ කරන්න තියන ගොඩක් දේවල් කැප කරලා ජන්කුක් ගුකීව බලාගත්තා..
ජන්කුක්ගේ ජීවිතේ හොදම හරිය කැප කරේ ගුකීට , හරියට කෑමක්වත් හදාගන්න නොදන්න කාලෙක අප්පා කෙනෙක් වෙන එක ලේසි නෑ, කොලු කමට නට නට හිටපු කාලෙක ලොකු වගකීමක් ගන්න එක කොහෙත්ම ලේසි නෑ, ඒ හැම දේම කරේ ගුකී වෙනුවෙන් , ගුකීගෙ අනාගතේ වෙනුවෙන් , එහෙම කරපු ජන්කුක්ට දවසක ගුකී නැතුව ඉන්න පුලුවන් වෙයිද....?
.
.
.
.
.
ටේහ්යොන්ග් පිටට හොදින් හිටියට ඔලුව ඇතුලේ දහසක් දේවල් වැඩ කරා... ජන්කුක් කියන්නේ ජියෝන්ගේ පුතා කියලා දැනගත්ත වෙලේ ඉදන් ටේහ්යොන්ග් හිටියේ පිස්සුවෙන් වගේ... කඩන් වැටිලා හිටපු ලෝකෙට පුන්චි එලියක් අරන් ආවෙ ජන්කුක් ... වෙන කාගෙන්වත් නැති සැනසීමක් ජන්කුක්ගේ එක හිනාවකින් ටේහ්යොන්ග්ට දැනුනා...ඒත්... ඒ හිනාව එයා මේ ලෝකෙ වැඩිපුරම වයිර කරන ජියෝන්ගේ පුතාගෙ හිනාව උන එකට ටේහ්යොන්ග් වයිර කරා..
තමන්ට පොඩි කාලෙ ඉදන් ඔම්මගේ අප්පගේ සෙනෙහස , ආදරේ නැති කරේ ජියෝන් .. දන්න කාලේ ඉදන් ,දැන ගත්තු දවසේ ඉදන් ටේහ්යොන්ග් ඒ නමටත් වයිර කරා.. නිශාව නැති උන දවසේ ඉදන් හැමෝම විශ්වාස කරා ,මේක ජියෝන්ලාගේ වැඩක් කියලා , මොකද ටේහ්යොන්ගේ දෙයක් නැතිවෙන්න තරම් හේතුවක් තිබ්බ එකම දේ ඒක හින්දා.. ඒ හේතුවත් එක්කම ජියෝන්ලාට වයිර කරන්න තවත් හොද සාධාරණ හේතුවක් ටේහ්යොන්ග්ට හම්බුනා..
එදා රෑ හම්බුන කාඩ් එකේ තිබ්බ විදියට ජන්කුක් ටේහ්යොන්ග්ට හිතාමතාම ලන් වෙලා තියනවා කියලා ටේහ්යොන්ග් ට තේරුනා.. ඒ වෙලේම ගිහින් මරලා දාන්න හිතුනත් , එක පාරට ටේහ්යොන්ගේ ඇස් ඉස්සරහට ආවෙ චූටි ගුකීගේ බෝල ඇස් දෙක , දරුවෙක්ට ඔම්මා අප්පා නැති උනාම දැනෙන වේදනාව ටේහ්යොන්ග් හොදටම දැනන් හිටියා.. මුකුත් දන්නේ නැති පොඩි දරුවා මේවට වැරදි නෑ කියලා ,එච්චර තරහක් හිතේ තියාගෙනත් ටේහ්යොන්ග් හිතුවා..
ජන්කුක් තමන්ගේ ලෝකෙ කවුද කියලා ටේහ්යොන්ග්ට උත්තරයක් තිබ්බේ නෑ.. ජන්කුක් එක්ක තිබ්බ සම්බන්දෙට ටේහ්යොන්ග්ට නමක් තිබ්බේ නෑ.. ඒත් දැන් නමක් දෙන්න පුලුවන් .. අවිනිශ්චිතව එයාගෙ ලෝකේ පුරා සැරිසැරුව ජන්කුක්ව , අමතක කරන්න, තමන්ගේ හිතේ දෝලනය වෙන හැගීම් වහලා දාන්න ටේහ්යොන්ග් මේක හොද සාධාරණ හේතුවක් කරගත්තා..
ජියෝන් ජන්කුක් ඒ විදියට එයාට ලන් උන හින්දා, ඒ විදියටම ජන්කුක්ව නොමරා මරන්න ටේහ්යොන්ග් තීරණය කරා..
.
.
හැබැයි ටේහ්යොන්ග් හරියටම බැලුවා නම් , කාඩ් එකක් දොර ඇතුලට ආවෙ කොහොමද කියලා හොයන්න තිබ්බා, මොන ඇස් දෙක විශ්වාස කරන්නද කියලා හරියටම තේරුම්ගන්න තිබ්බා, හැන්ගුන දේවල් දැන් මතු වෙන්නේ ඇයි කියලා හිතන්න තිබ්බා...
ඒ උනාට ටේහ්යොන්ග් වැරදි නෑ, ලොකු පීඩනේකින් ඉන්න ටේහ්යොන්ට හරි වැරැද්දට වඩා තමන්ගේ පෑරුන හිතයි වැදගත් වෙන්නේ...
ආදරේ කියන වචනේ ඉස්සරහ අසරණ කරන්න තරම් ජන්කුක් වැරැද්දක් කරේ නැති වෙන්නත් පුලුවන් ...
.
.
.
.
.
*****************
__________________________Dark_Sunshiner 🤍🥀
ඉවර වෙන්න ලගයි...🙂
මොනා හරි කියන් යන්ඩෝ...⚘
Thanks for reading ...♥️
To be Continued .....
2022/10/26
Bạn đang đọc truyện trên: AzTruyen.Top