|22|

" නම්ජූන් දැන් මොකක්ද කරන්නෙ..."

යුන්ගි ඇහුවේ දැනටමත් සිගරට් කොට ගොඩක් පිරිලා තිබ්බ ඈශ් ට්‍රේ එක දිහා බලාගෙන..

"මොනවද මම කරන්න ඕනෙ කියහන්.. ඔක්කොම අනිත් පැත්ත හැරවිලා වගේ.."

නම්ජූන් කටින් දුම් පිට කරන ගමන් කීවේ නලල මිරිකගෙන..

"මම දන්න උබ, මෙහෙම හැසිරෙන් නෑ.. මට කියපන් මොකක්ද කියලා.."

යුන්ගි කීවම නම්ජූන් අතේ තිබ්බ සිගරට් එක ට්‍රේ එකෙන් තිබ්බා..

"මන් කියන්නම්.. හැබැයි දැන්ම නෙවෙයි.."

හුස්මක් පිට කරලා නම්ජූන් රූම් එකෙන් එලියට ගියේ යුන්ගිව තනි කරලා...

.

.

.

"බොස් දැන් ඇති... අපි යමු.."

පෝල් ටේහ්‍යොන්ග්ට කීවේ, ටේහ්‍යොන්ග් දැන් සෑහෙන වෙලාවක් ක්ලබ් එකේ VIP රූම් එක්කට වෙලා බොන හින්ද...

දැනට පෝටෝ ටික හම්බෙලා සති තුනක් විතර ගිහින් තිබ්බා,ඒත් කිසිම දෙයක් හොයා ගන්න බැරි උනා... ටේහ්‍යොන්ග්ට මොකක්ද කරන්න ඕන කියලා හිතාගන්න බැරි උනා.. ලොකූ සතුටකින් හැමදේම ලෑස්ති කරපු ටේහ්‍යොන්ග් ඔක්කොම ඒ තිබ්බ විදියටම නවත්තලා තිබ්බා.. එදා ඉදන් කම්පැනි එකට ගිහින් තිබ්බේ නෑ ටේහ්‍යොන්ග් ...

ටේහ්‍යොන්ග් කලින් රූම් එක ඇතුලට කාටවත් එන්න දුන්නෙ නැති උනත් , ගර්ල් කෙනෙක් බෝතලයක් අරන් ඇතුලට යනකොට පෝල් ඒත් එක්කම ඉක්මනට ඇතුලට ආවෙ ඇයි කියලා පෝල්ටම හිතාගන්න බැරි උනා..

එක අතකින් සිගරට් එකක් අල්ලගෙන අනිත් අතින් ග්ලාස් එක අල්ලගෙන හිටපු ටේහ්‍යොන්ගේ අත් වෙව්ව්ලුවා කියලා පෝල්ට හොදටම පෙනුනා.. පැත්තකට විසි කරලා තිබ්බ කෝට් එක අරගත්ත පෝල් හැමදේම ගැන විමසිල්ලෙන් හිටියේ , නම්ජූන් කියපු කිසි දෙයක් අමතක කරන් නැතුව..

මෙරුන් පාර ශර්ට් එකේ උඩ බට්න් කීපයක්ම ගැලවිලා දාඩිය ගලන ගමන් තිබ්බ ටේහ්‍යොන්ගේ මී පැනි පාට තද පපුව ලස්සනට ලයිට් එලියට දිලිසුනා... උඩට හදලා තිබ්බ කොන්ඩෙ අවුල් වෙලා බාගෙට පිය උන ඇස් එක්ක ටේහ්‍යොන්ග්ට හම්බෙලා තිබ්බ සරාගී පෙනුම දිහා ඇතුලට ආපු ගර්ල් බලාගෙන හිටියේ මත් වෙලා වගේ...

අයිස් පිරුනු බාජනේ අතින් අරන් ටේහ්‍යොන්ග් ලගට ගර්ල් ලන් වෙන්නෙ මොකටද කියලා තේරුන පෝල් බාජනේ එක අතකිනුත් , කෙල්ලගේ කටත් එක්ක බෙල්ල අනිත් අතිනුත් අල්ලල සද්දයක් ඇහෙන් නැති වෙන්න පිටිපස්සට ඇදලා ගත්තේ ටේහ්‍යොන්ග්ට ඇහෙන් නැති වෙන්න.. අල්ලගත්ත විදියටම දොර ගාවට ඇවිත් එලියේ හිටපු ගාඩ් කෙනෙක්ට කෙල්ලව දීලා අතින් සන් කරපු පෝල් ආයෙත් රූම් එක පැත්තට හැරුනේ ටේහ්‍යොන්ග් අතින් අද වෙන්න තිබ්බ දේ වෙන කෙනෙක්ට භාර දීලා...

පෝල් හැරෙන්කොටම ගැස්සුනේ එයා දිහා ඇස් හීනි කරන් මාරන්තික බැල්මකින් බලන් ඉන්න ටේහ්‍යොන්ග්ව දැකලා.. ඉක්මනට ඔලුව නවපු පෝල් ඔලුව නවාගෙනම හිටියේ ටේහ්‍යොන්ග් මොනවා හරි කියනකම්...

" උබට .. මට එකම දේ දෙපාරක් කියන්න වෙලාද යකෝ... එන්න එපා කීවම තොට තේරෙන් නැද්ද..."

ටේහ්‍යොන්ග් දත් මිටි කාගෙන කෑ ගැහුවා..

"ඒත්.. බොස් දැන් යමු අපි.."

"උබට.. ඕන්නම් පලයන්.. මෙතනිනුත් පලයන්.."

කියලා සෝෆා එකෙන් නැගිටින්න ගිය ටේහ්‍යොන්ග් බැලන්ස් නැතුවා ආයෙත් වැටුනා..ඒක දැකලා ලගට දුවගෙන ගිය පෝල් ටේහ්‍යොන්ග්ව අල්ලගන්න හදනකොට කකුලෙන්ම පෝල්ට පයින් එකක් ගහපු ටේහ්‍යොන්ග් අතේ බාගෙට ඉවර උන ග්ලාස් එකෙනුත් පෝල්ට ගැහුවේ පෝල්ගේ ඔලුවේ ඉදන් නෑවෙන්න..

ඒත් ටේහ්‍යොන්ග්ව නැගිට්ටලා සෝෆා එක උඩින් තියපු පෝල් ඔලුව නවලා එලියට ආවෙ ඩෝ එක ගාව හිටපු ගාඩ්ට කාටවත් ඇතුලට යන්න දෙන්න එපා කියන ගමන්, වොශ් රූම් එක ඇතුලට ගිය පෝල් මූන ටිශූ එක්කින් පිහින ගමන් කෝල් එකක් ගත්තා..

__________________

ටික්කින් ක්ලබ් එක මැදින් තනි කලු පාට ඇදගත්තු සෙට් එකක්ම යන්න ගත්තම නට නට හිටපු මිනිස්සුයි , බි බී හිටපු අයයි , ඔක්කොම බලන් හිටියේ ටිකක් බයෙන් ...

ඒ අතරින් පතර කීප දෙනෙක් ඇතුලට ආව අයට ඔලුව නවාගෙනම හිටියා..

"මොකක්ද රූම් එක..."

නම්ජූන් ඇහුවේ කොරිඩෝ එක ගාව හිටගෙන හිටපු පෝල්ගෙන්..

" 52 බොස්.."

ඔලුව නවලා පෝල් කියනකොට නම්ජූන් කොරිඩෝ එක දිගේ දිගටම ඇවිදගෙන ගියේ පෝලුත් පස්සෙන් එද්දී..

52 රූම් එක ගාව නැවතුන නම්ජූන් අනිත් අය ඩෝ එක ගාව නතර වෙද්දි ඇතුලට ගියා.. ඇතුල්ට ඇවිත් මාස්ක් එකයි කැප් එකයි ගලවපු නම්ජූන් ඇස් රතු කරගෙන බැලුවේ බාගෙට ඉවරවෙච්ච බෝතලේකුත් අතින් එල්ලගෙන සෝෆා එකේ පිටිපස්සට ඔලුව තියන් ඉන්න ටේහ්‍යොන්ග් දිහා..

"නැගිටපන්..."

බෝතලේ ස්ටූල් එක උඩින් තියන ගමන් නම්ජූන් කතා කරා..

"ටේහ්‍යොන්ග් නැගිටපන්.. මන් ආයෙ කියන් නැ..."

නම්ජූන් කෑ ගහනකොට ටේ යන්තන් දෙක ඇරලා බැලුවේ මත් ස්වභාවයකින්...

"හ්‍යුන්ග්.."

බ්‍රෑන්ඩී වෙච්ච කටහඩකින් ටේහ්‍යොන්ග් කියනකොට නම්ජූන් ටේහ්‍යොන්ගේ අතකින් ඇදලා හරියට ඉන්දෙව්වා.. ඒත් ආයෙත් පිටිපස්සට වැනෙන ගමන් පිටිපස්සට හේත්ටු උන ටේහ්‍යොන්ග් ඇස් උස්සලා නම්ජූන් දිහා බලල බිම බලාගත්තා..

"මොකක්ද උබ මේ කරන වැඩේ තේරුම කියපන් පොඩ්ඩක් මට... මෙහෙම බි බී මැරෙන්නද මෙච්චර හැමදේම වෙලා තියෙද්දි උබට තියෙන්නෙ ආහ්..."

"කවුද මම මෙතන කියලා කීවේ.. කොහොමද දන්නෙ.."

කියපු ඔක්කොම අහගෙන අන්තිමට ටේහ්‍යොන්ග් ඇහුවේ ඒක..

"මොකක්..උබ මෙතන කියල කවුද දන් නැත්තේ අහපන් ... විකාර කියවන් නැතුව නැගිටලා වරෙන් යන්න.."

"මන් එන් නෑ .. තුන් පාරක් කීවා , මන් ඊට වඩා කියන් නෑ.. මට මගේ පාඩුවේ ඉන්න දීලා, මම මෙතන කියලා කියපු එකාව එක්කන් ඕන දිහාවක යන්න.."

ආයෙත් සිගරට් එකක් පත්තු කරගන්න් ගමන් ටේහ්‍යොන්ග් කියනකොට , අතේ තිබ්බ සිගරට් එකත් විසික් වෙන්න තද කම්මුල් පාරක් හම්බුනා... පුපුරු ගහන කම්මුල අතින් අල්ලන ගමන් නම්ජූන් දිහා බැලුව ටේහ්‍යොන් ගැස්සුනේ නම්ජූන් බෝතලෙත් අල්ලල පොලවේ ගහපූ හින්දා..

"මගේ යකා අවුස්ස ගන්න එපා උබ... උබ දන්නවා මන් ඉවසීමෙන් මෙච්චර වෙලා කතා කරේ , මෙතන බි බී නැහෙන්න හරි හේතුවක් කියපන් මට , පොටෝ ටිකක් හින්දද අහ්.. උබ මෙච්චර කල් හිටියෙත් නිශා නැතුව නෙවෙයිද, මේ ටික දවසට ආයෙත් නටන්න ගත්තේ මේක හින්ද ද උබ... "

නම්ජූන් කියනකොට ටේහ්‍යොන්ග් කේන්තියෙන් නැගුට්ටා..

"හ්‍යුන්ග් .. මගෙ හ්‍යුන්ග් හින්දා මෙහෙම කතා කරන්නේ මම... මගේ .. මගේ කෙල්ල ඒ, මෙච්චර කල් හිටියා තමයි , ඒ හිටපූ විදිය දැක්කද ආහ්... මමද මේ ඔක්කොම කරේ , මට ඒ පොටෝ ලොකුයි තමයි .. බීලා නෙවෙයි මට මැරෙන්නත් පුලුවන් , තමුන්ට තේරෙන් නැත්තන් පැත්තකට වෙලා ඉන්නවා.. මම කොහොම හරි මේක හොයාගන්නවා.. මාව නොතේරෙන හ්‍යුන්ග් කෙනෙක් මට වැඩක් නෑ.."

ටේහ්‍යොන්ග් කෑ ගහලා කදුලු පුරවගෙන කියනකොට , නම්ජූන් ටේහ්‍යොන්ගේ කම්මුල් දෙක එක අතකින් තද කරලා අල්ලගත්තා..

"හොයලා පෙන්නපන් .. පුලුවන් නම් හොයලා පෙන්නපන් .. සිහියෙන් හොයපන් ඔක්කොම, මට දුක උබ බබෙක් වගේ හැසිරෙන එකට, මෙච්චර දුර්වල වෙන්න පොඩි කාලෙ ඉදන් මම උබව හදලා නෑ.. උබට මාව අතෑරලා ඕන දෙයක් මේ දැන් ඉදන් කරන්න පුලුවන්.. කිසිම දේකට මම ඇගිලි ගහන් නෑ.."

කියපු නම්ජූන් ටේහ්‍යොන්ගේ කමුල් දෙක තව තද කරලා අතෑරිලා.. යන්නත් හැරිලා ආපහු ටේහ්‍යොන් පැත්තට හැරුන නම්ජූන් ටේහ්‍යොන්ගේ කම්මුල් දිගේ ගලාගෙන ගිය කදුලු එක අතකින් පිහ දැම්ම..

" හැබැයි... ටේහ්‍යොන්ග් උබ පසුතැවෙන දවස වැඩි ඈතක නෑ.."

ඇහෙන නෑහෙන ගානට කියපු නම්ජූන් රූම් එකෙන් එලියට ආවා..

" ටේහ්‍යොන්ග්ව බලපන් පොඩ්ඩක්... මොනවා හරි උනොත් මන් තොපි එකෙක්වත් ඉතුරු කරන් නෑ,මතක තියගනිල්ල.."

එලියේ පෝල් එක්ක හිටපු ගාඩ්ලට ඇගිල්ල දික් කරලා කීව නම්ජූන් සන්ග්ලාස් එකයි , කැප් එකයි මාක්ස් එකයි දාගෙන තමන්ගේ දිලිසෙන ඇස් වහ ගත්ත...

.

.

.

.

.

අන්තිමට කියපු කිසි දෙයක් නොඇහුනත් , ටේහ්‍යොන්ග් කියලා කතා කරපු එකනම් ටේහ්‍යොන්ග්ට හොදටම ඇහුනා.. ටේහ්‍යොන්ගේ රිදිලා තිබ්බ හිත තවත් රිදුනා,, නම්ජූන් එහෙම කතා කරන්නෙ මොන වගේ වෙලාවටද කියලා ටේහ්‍යොන්ග් හොදටම දැනගෙන හිටියා..

සමහර විට තව ටිකක් හොදට බැලුවානම් තමන්ගේ බොද උන ඇස් හින්දා නොපෙනිච්ච ,නම්ජූන්ගේ කදුලු පිරුනු ඇස් ටේහ්‍යොන්ග්ට බලාගන්න පුලුවන් වෙන්න තිබ්බ, ඒනම් තමන්ටත් වඩා නම්ජූන්ට කොච්චර රිදුනද කියලත් ටේහ්‍යොන්ග්ට දැනෙන්න ඉඩ තිබ්බ...

.

.

.

.

.

"හෙලෝ හ්‍යුන්ග් , අදත් රෑ වෙයි.. ගුකී නිදියෑවොත් කමක් නෑ .. නිදාගන්න දෙන්න.."

පෝන් එකෙන් හෝසොක්ට කීව ජන්කුක් කෝල් එක කට් කරේ වැඩ ගොඩක හිරවෙන ගමන් ..ටේහ්‍යොන්ග් දිගටම ආපු නැති හින්දා යුන්ගී කම්පැනි එක බලාගත්තත් , ජන්කුක්ට සැලකිය යුතු තරම් ලොකු වැඩ කොටසක් ඉතුරු වෙලා තිබ්බ..

වෙනදට ටේහ්‍යොන්ග් හින්දා පරක්කු උනාට දැන් කොච්චර වෙලා හිටියත් ඉවර කරගන්න් බැරි වැඩ ගොඩක් තිබ්බා.. ඒ හින්දා ගුකී ගන්නත් ගොඩක් පරක්කු වෙනවා.. ඒ හින්දා අදත් කලින්ම කතා කරලා හෝසොක් හ්‍යුන්ග්ට කීවේ ගුකී නිදියෑවට කමක් නෑ කියලා..

දහය වෙනකනුත් වැඩ කරලා ඉවර නැති නිසා ජන්කුක් ඔක්කොම හදලා ගෙදර එන්න කම්පැනි එකෙන් එලියට ආවා.. හෝසොක්ගේ ගෙදරින් ගුකීවත් අරගෙන බයික් එකේ තියන් එන්න පිටත් උනේ හෝසොක් අද එහේ නවතින්න කියලා කීවත් ඔක්කොම දේවල් ගෙදර හින්දා..

ජන්කුක් බයික් එක හෙමින් අරන් ආවේ ඉස්සරහින් ඉදගෙන ජන්කුක්ගේ ජැකට් එක අස්සට වෙලා රස්නේ පපුව අස්සෙ මූන ඔබන් නිදියන් ඉන්න ගුකී පැටියව ඇහැරෙන් නැති වෙන්න.. රෑ වෙලා පාරේ වාහනත් අඩු නිසා ජන්කුක්ට ඒක එච්චර ප්‍රශ්නයක් උනේ නෑ.. නැතත් ජන්කුක් එච්චර ජනාකීර්න පාරක නෙවෙයි හිටියේ..

පාක් එක ගාවින් එන්න ආවත් එක පාරට දකපු දෙයක් හින්දා හෙමීට බයික් එක නවත්තන ගමන් ජන්කුක් හොදට බැලුවේ තමන්ට හරියට පේනවද කියලා බලන ගමන් .. එදා තමන් හිටපු බෙන්ච් එකටම වෙලා ටේහ්‍යොන්ග් තනියම ඉදගෙන ඔහේ බලාගෙන ඉන්නවා..

එකපාරටම.. නෑ කොහොම දැක්කත් ටේහ්‍යොන්ග්ව ජන්කුක්ට අදුරගන්න පුලුවන් .. කකුල් දෙකම පාරට තියලා නවත්තන් ඉන්න ගමන් ජන්කුක් කල්පනා කරේ තමන් ඉදා ඉද්දි ටේහ්‍යොන්ග් ඇවිත් තමන්ට කතා කරපු විදිය, තුරුල් කරන් අඩන්න දුන්න විදිය..

මේ ටිකේම ටේහ්‍යොන්ග් ආපු නැති හින්දා ජන්කුක් මොකක් හරි ප්‍රශ්නයක් කියලා දැනගෙන හිටියා.. ඒත් දැන් එතනට ගිහින් කතා කරන්න ජන්කුක්ට බය හිතුනා.. මොකද ටේහ්‍යොන්ග්ව අන්තිමට හම්බුන දවසේ ටේහ්‍යොන්ග් තමන්ට කෑ ගහල පන්නගත්තු විදිය තාම ජන්කුක්ට මතක තිබ්බ.. ඒ ගැන තරහක් තිබ්බේ නැතත් , බයක් දුකක් තමයි ජන්කුක්ට දැනුනේ..

යන්නත් ගිහින් ආයෙත් පාරේ අයිනකින් බයික් එක නවත්තපු ජන්කුක් ගුකීවත් වඩාගෙන පාර පැනලා පාක් එකේ එන්ට්‍රන්ස් එක ගාවට ආවා.. ඒත් ආයෙත් දෙයක් මතක් වෙලා වගේ වට පිට බැලුවේ , දැනටමත් ටේහ්‍යොන්ග් කියන්නේ කවුද කියලා දැනගෙන හිටපු ජන්කුක්ට ටේහ්‍යොන්ග් මේ වගේ පාලු කිසිම ආරක්ෂාවක් නැති තැනක තනියම ඉදී කියලා හිතන්න බැරි හින්දා... කවුරුත් පේන්නත් නැති හින්දා ගුකීවත් වඩන් හෙමින් ජන්කුක් ටේහ්‍යොන්ග් හිටපු බෙන්ච් එක ගාවට ඇවිදන් ගියා...

අහ අහ ඉන් නැතුව කෙලින්ම ටේහ්‍යොන්ග්ට එහා පැත්තෙන් ඉදගත්තු ජන්කුක් නිදන් හිටපු ගුකීගේ ඔලුව තමන්ගේ උරහිසෙන් තියාගත්තා....එලිය සීතල උනත් කෝට් එකක් ජන්කුක් ගාව තිබ්බේ නෑ..ඔක්කොම ඉවර වෙලා ටේහ්‍යොන්ග් දිහා බලනකොට ටේහ්‍යොන්ග් ඇසුත් ලොකු කරගෙන ජන්කුකුයි ගුකීයී දිහා බලන් හිටියේ මේ මොකද කියලා අහන්න වගේ.. ඇයි දෙයියනේ මේ මහ රෑ නිදන් ඉන්න ලමයෙකුත් උස්සන් පාක් එනවද මිනිස්සු...

"ජියෝන් .. මේ වෙලාවෙ මෙතන මොකද.."

ටේහ්‍යොන්ග් අහනකොට ජන්කුක් සැනසුම් සුසුම් හෙලුවේ එදා වගේ බැනගෙන ගියේ නැති හින්දා..

"සර් ඉන්නවා දැකලා ආවේ.."

" මෙච්චර රෑ උනේ මොකද.."

ටේහ්‍යොන්ග් අහනකොට ජන්කුක් ටේහ්‍යොන්ග් දිහා බැලුවේ කටත් උල් කරගෙන නපුරු මූනකින් , ඇයි එයා නැතුව වැඩ ගොඩ ගැහිලා කියලා දන් නෑ වගේනේ කතා කරන්නේ..

"ඔහ්.. හරි හරි.. සොරි.."

ජන්කුක්ගේ මූන දැකලා යන්තම් හිනා වෙලා ටේහ්‍යොන්ග් කියනකොට ජන්කුකුත් හිනාවෙලා තවත් ටිකක් ගුකීව තුරුල් කරගත්තා.. පන්ඩිතයා වගේ ආවට ජන්කුක්ටත් හොදටම සීතලයි..

මේ දිහා ආදරණීය හිනාවකින් බලන් හිටපු ටේහ්‍යොන්ග් තමන්ගේ ලොකු කෝට් එක ගලවලා ජන්කුක්ටයි ගුකීටයී උඩින් කවර් කරා.. ටේහ්‍යොන්ග් ඇදන් හිටපු හින්දා උණූසුම්ව තිබ්බ කෝට් එකේ උණූසුම දැනිච්ච ගුකී තව ටික ජන්කුක්ගේ බෙල්ලට තුරුල් උනා..

ගුකී කෙසේ වෙතත් ජන්කුක්නම් පුදුමෙන් ටේහ්‍යොන් දිහා බැලුවේ එහෙම කරපු එක හිතා ගන්න බැරුව..

"එලිය සීතලයි.. ගුකීට සීතල අල්ලයි.. ඒකයි.."

ජන්කුක්ගේ සීතලටම රතු වෙලා තියන නහයයි කන් දෙකයි , උල් වෙච්ච් තොලුයි දිහා බලන ගමන් ටේහ්‍යොන්ග් කියනකොට ජන්කුක් යන්තමට හිනා වෙලා කෝට් එක ඇතුලෙන් එයාට දැනුන සුවදත් එක්ක උණුසුම විද ගත්තා...

"මෙතන .. තනියම ඇයි.."

ජන්කුක් අහනකොට ,ටේහ්‍යොන්ග් ලාවට හිනා උනා..

"මුකුත් නෑ.. නිකන්.. කල්පනා කරන්න ආවා.."

ඇස් දෙක බිමට හරවන් කියනකොට ජන්කුක් ටේහ්‍යොන්ගේ ශර්ට් එක කොනෙන් ඇද්දා..

"මොනා හරී කියන්න.. හිතේ හිර කරන් ඉන්න එපා...ඒක හරි අමාරුයි.. ගහකට කියනවා වගේ ඔයාට කියන්න පුලුවන්..."

ජන්කුක් කියනකොට ටේහ්‍යොන් තමන්ගේ ශර්ට් එකේ කොනක් අල්ලන් ඉන්න ජන්කුක් දිහා බැලුවා..

"කීවා කියලා විසදුම් හම්බෙන ප්‍රශ්න නෙවෙයි මට තියෙන්නේ.."

ටේහ්‍යොන්ග් කවදාවත් නැතුව උත්තර දුන්නා.. ජන්කුක්ව විශ්වාස කරා වගේ කියලා ජන්කුක්ට දැනුනා..

"හැම ප්‍රශ්නෙකටම විසදුම් ඕනෙම නෑ.. සමහර ප්‍රශ්න වලට විසදුම් නොලැබෙන තරමට හොදයි.."

ජන්කුක් කීවේ , ජන්කුකුත් කවදාවත් විසදුම් එපා කියන දේවල් ඕන තරම් එයාට තියන හින්දා.. සමහර විට ටේහ්‍යොන්ග්ටත් විසදුම් එපා ඇති , ඒත් ටේහ්‍යොන්ග් එයා විසින්ම හේතු හදාගන්නවා..

"ම්ම්ම් .. ඒමත් හොදයි.."

ටේහ්‍යොන්ග් මුමුණනකොට ජන්කුක් ටේහ්‍යොන්ගේ රතු උන ඇස් දිහා බැලුවා.. කලින් අනිවාරෙන් අඩලා ඇති , නැතන්ම් තරහෙන් ඇති, ටේහ්‍යොන්ගේ ඇස් දෙක කවදාවත් තේරුම්ගන්න පුලුවන් එක හැගීමක් විතරක් තියන ඇස් දෙකක් නෙවෙයි ..

හුස්ම කටින් දුම් වගේ පිට කරන ගමන් ටේහ්‍යොන්ග් තමන්ගේ අත් දෙක එකට ඇතිල්ලුවේ සීතලා හින්දා.. එක පාරට ජන්කුක් ටේහ්‍යොන්ගේ ඇගේ හේත්තු වෙන තරමට ලන් වෙලා ලොකු කෝට් එක ටේහ්‍යොන්ග්ටත් වැහෙන්න ඇදලා දැම්මා..

හිටපු විදියටම ගල් වෙලා වගේ ටේහ්‍යොන්ග් හැරිලා ජන්කුක්ගේ මූන දිහා බැලුවේ මේ මොකද කියලා අහන්න වගේ..

"ඔයාටත් සීතලයිනේ.. දැම්ම මෙතනින් යන් නැත්නම් මෙහෙම තමයි ඉන්න වෙන්නේ.. මොකද මම යන්නෙත් නෑ.. "

කටත් උල් කරලා ජන්කුක් ගුකිත් එක්කම පිටිපස්සට හේත්තු වෙනකොට ටේහ්‍යොන්ග් අනිත් පැත්ත බලාගත්තා.. මෙහෙම තමන් ලගින් ඉන්න කෙනෙක් ඕන කරා ටේහ්‍යොන්ග්ට හැබැයී ජන්කුක් නෙවෙයි , වෙන කෙනෙක්.. ඉක්මනට ඈත් වෙන්න උත්සහ කරත් ජන්කුක් ටේහ්‍යොන්ගේ බාහුවකින් අත දාලා අල්ලගත්තා..

"ඔයාමයි මට කීවේ හෙට මොන දේ උනත් අද ජීවත් වෙන්න කියලා.. ප්ලීස්.. අද ජීවත් වෙන්න.."

ඇස් දෙක උස්සලා ටේහ්‍යොන්ගේ ඇස් දෙක දිහා බලන ගමන් ජන්කුක් කියනකොට ටේහ්‍යොන්ග් එදා විදියටම බලන් හිටියා.. එදා තමන් ජන්කුක්ට කීව දේවල් අද තමන් තමන්ටම කියාගන්න ඕන ..

යටි හිත කියන දේ අහලා ටේහ්‍යොන්ග් බන්කුවේ පිටිපස්සට හේත්තු උනා.. එක අතක් ජන්කුක්ගේ උරහිස වටේ යවලා , ජන්කුක්ගෙයි නිදන් හිටපූ ගුකීගෙයි බර තමන්ගේ ඇගට බර කරගෙන ලොකු කෝට් එක ගුකීවත් හොදට වැහෙන විදියට හදලා ජන්කුක්ව තව ටිකක් තමන්ගේ පපුවට ලන් කරගත්තා...

ගුකීත් තුරුල් කරන්ම ටේහ්‍යොන්ගේ පපුවට බර උන ජන්කුක් ඒ උණුසුම් පපුවට තුරුල් උනා.. දැන් බයක් තිබ්බෙ නෑ.. නිතරම තමන්ට කෑ ගහන ඒ අත් අතර සැනසීමක් ජන්කුක් හොයන්න හදන්නේ..

තමන්ගේ බෙල්ලට ඔලුව තියන් ඉන්න ජන්කුක්ගේ ඔලුව උඩින් නිකට තියන ගමන් ටේහ්‍යොන්ග් සීතල ලොකු හුස්මක් ගත්තා.. ජන්කුක් මේ දෙන සෙනෙහස , ජන්කුක් තමන්ගෙන් කවදාවත් වචනෙන් නොයිල්ලන දේ ටේහ්‍යොන්ග්ට නොතේරුනා නෙවෙයි , ඒ උනත් ඒ කිසිම දෙයක් හිතන්න ටේහ්‍යොන්ග් බය උනා.. කොටින්ම හෙට මොනා වෙයිද කියලා හිතන්නත් ටේහ්‍යොන්ග් බය උනා.. කිසිම හේතුවක් නැතුව ජන්කුක්ව තමන් තුරුල් කරන් ඉන්නේ ඇයි කියලත් ටේහ්‍යොන්ග්ට කිසිම උත්තරයක් තිබ්බේ නෑ..

ඒත් .. එක දෙයක් ටේහ්‍යොන්ග් දැනගෙන හිටියා, එලිය කොච්චර සීතල උනත් මෙච්චර වෙලා නිවන්න බැරි උන ගින්න , දැන් මේ දැනෙන උණුසුම හින්දා නිවීගෙන යනවා කියලා..

.

.

.

.

.

ජන්කුක් එනව දැක්කත් මුකුත් කියන් නැතුව පෝල් බලන් හිටියේ ජන්කුක්ගෙයි ටේහ්‍යොන්ගෙයි සම්බන්දේ මොන වගේ එකක්ද කියලා එයා දැනගෙන හිටපු හින්දා..

එක අතකින් ගුකීගේ නිරාවරනය උනු කම්මුලක් වහගන්න ටේහ්‍යොන්ග් දිහා පෝල් බලන් හිටියේ උණුසුම් හිනාවක් මූනේ ඇදගෙන ..මේ දේවල් මෙහෙම ඉවර වෙනවනම් පෝල් කැමති උනා...

ඒත්.. එයත් මේ වැරදිම දෙයක් කරන්නෙ කියලා පෝලුත් දැනන් හිටියේ නෑ...

.

.

.

.

.

.

******************************

_______________________________Dark_Sunshiner 🤍🥀


Really really sorry for the late... I will try to update soon..


Thanks for reading ...♥️

To be Continued ....

2022/10/19

Bạn đang đọc truyện trên: AzTruyen.Top