|21|

"බො..බොස්.."

"කොහෙද.. කියපන් මේ..."

ටේහ්‍යොන්ග් කෑ ගහන ගමන් පෝල්ගේ කොලර් එකෙන් ඇදලා ගත්තා.. ටේහ්‍යොන්ග් ඇස් දෙකේ කදුලු පුරවන් පෝල්ගේ කොලර් එක අල්ලගෙනම පුටුවේ ඉදගත්තා...

"බොස්.. කලබල වෙන්න එපා.."

"කොහොමද උබ කලබල වෙන්න එපා කියලා කියන්නෙ.. ආහ්.. කොහොමද මට කලබල වෙන්න එපා කියන්නෙ උබ.. තව මගේ ඉවසීම බලන් නැතුව මේ කොහෙද කියපන්.."

ටේහ්‍යොන්ග් කෑ ගහලා කියනකොට පෝල් තමන්ගේ කොලර් එක ටේහ්‍යොන්ගේ අතකින් නිදහස් කරගත්තා... ආයෙත් ටේහ්‍යොන්ගේ අතින් ටැබ් එක ගත්තු පෝන් තමන්ගේ පෝන් එකෙන් පොටෝ ටිකක් ඒකට දැම්ම..

" බොස් කලබල වෙන්න එපා.. මේ ටිකත් බලන්න.."

" මොකක්ද මේ වාහනේ... නම්බර් එක තියනවද.. ෆලෝ කරාද.."

ටේහ්‍යොන්ග් එක දිගට අහන් ගියා..

"සර් මට දැනට ඔය ටික හම්බුනේ... බොස් අපේ කෙනා ෆලෝ කරලා.. ඒත්.."

" ඒත්.. ඒත් මොකක්ද... කියපන් ඉක්මනට.."

"ලේන් එකක වාහනේ මිසින් වෙලා.. කොහෙට ගියාද කියලා හොයාගන්න බැරි වෙලා.."

පෝල් බයෙන් බිම බලන් කියනකොට ටේහ්‍යොන්ග් කේන්තියෙන් නැගිට්ටා.. පෝල්ගේ ඉනේ තිබ්බ ගන් එක ඇදල ගත්ත ටේහ්‍යොන්ග් ලෝඩ් කරලා පෝල්ගේ ඔලුවටම ගන් එක තිබ්බා...

"මෙච්චරකල් තොපි මොකක්ද කරේ කියපියව්... වාහනයක් ෆලෝ කරගන්න බැරි එවුන් එක්කද මෙච්චර කල් වැඩ කරේ.. මෙච්චර කල් මන් බලන් හිටියේ අන්තිමට හම්බුන චාන්ස් එකත් මිස් කරන් ඇවිත් කියන්නද තොපිට ආර්හ්ග්..."

පෝල් අත් දෙක පිටිපස්සට බැදගෙන බිම බලන්ම හිටියා.. ටේහ්‍යොන්ග් එයාව මෙතන මැරුවත් කිසි දෙයක් කරන්න එයාට අයිතියක් නෑ.. අතේ තිබ්බ ගන් එක බිමට විසික් කරලා ටේහ්‍යොන්ග් ආයෙත් පුටුවෙන් වාඩි උනේ ඇගිලි ටික කොන්ඩේ අතරින් යවලා අවුල් කරගන්න ගමන් ..

"මන් හෙට දවසක් දෙන්නම්... ඔක්කොම විස්තර මට ඕනෙ... ආවත් නැතත් මොකද උනේ කියලා දැනගන්න මට ඕනෙ... හැබැයි.."

ආයෙත් ටේහ්‍යොන්ග් පෝල්ට ඇගිල්ල දික් කරා.. ටේහ්‍යොන්ගේ ඇගිල්ල වෙව්ව්ලුවා, රතු ඇස් වලින් ටේහ්‍යොන්ග් පෝල්ගේ ඇස් දිහා බලන් හිටියා..

"ජීවත් වෙන්න ඕනනම් , කීව විදියට කරපන්.. දැන් යනවා මෙතනින්.."

ටේහ්‍යොන්ග් කී එක අතට අරන් පෝල්ට පස්සෙ එලියට ආවෙ නම්ජූන් හම්බෙන්න යන්න...

.

.

.

ටේහ්‍යොන්ග් වාහනේ නවත්තලා කිම් මැන්ශන් එක ඇතුලට දුවගෙන ගියා .. සෝෆා එකේ ඉදගෙන හිටිය ජින් ඉක්මනට නැගිට්ටෙ ටේගේ කලබලේ දැකලා..

" ටේ... හැමදෙයක්ම හොදින් නේද... ඇයි මේ කලබලෙන්..."

"හ්‍යුන්ග්... හ්‍යුන්ග් කොහෙද, ජින් හ්‍යුන්ග්..."

නැවතෙන්නවත් කරදර නොවී ටේහ්‍යොන්ග් අහනකොට ,ජින් ඇස් දෙකත් ලොකු කරගෙනම නම්ජූන්ගේ වර්කින් රූම් එක පැත්තට අත දික් කරා..

තට්ටු කරන්නවත් කරදර නොවී ටේහ්‍යොන්ග් ඉක්මනට දොර ඇරගෙන ඇතුලට යනකොට නම්ජූන් මේසේ ඉදගෙන මොනවා හරි වැඩක් කර කර හිටියේ..

"ඔයා.. උනත් දැනගන්න ඕන කතා කරලා ඇතුලට එන්න ටේ..."

ටේ දිහා බලන්නෙවත් නැතුව නම්ජූන් කියනකොට ටේහ්‍යොන්ග් නම්ජූන් ඉස්සරහින් හිට ගත්තා...

"මට .. සමාවෙන්න හ්‍යුන්ග්.."

වෙනදා මේ වගේ දෙයක් ගනන්වත් ගන්නෙ නැති ටේහ්‍යොන්ග් අද සමාවෙන්නත් කීවම තමන්ගේ කන්නඩි දෙක ගලවන ගමන් නම්ජූන් බැලුවේ ටේට මොකද වෙලා තියෙන්නෙ කියලා..

"මොකක්ද හදිසිය ටේ... ඔතනින් ඉදගෙන මේ වතුර එක බීල ඉන්න..."

තමන්ගේ වතුර වීදුරුව දික් කරන ගමන් නම්ජූන් කීවම, ටේහ්‍යොන්ග් නම්ජූන්ට ඉස්සරහින් වාඩි වෙලා එක දිගට වතුර එක බීලා ඉවර කරා..

"හ්‍යුන්ග්.. නිශා .. නිශා හම්බුනා.."

"මොකක්.."

ඒක ඇහුන ගමන් නම්ජූන් පුටුවෙන් නැගිට්ටේ කෑ ගහන ගමන්...

"කොහෙද.. කොතනද.. කෝ දැන් .."

නම්ජූන් එක දිගට අහනකොට ටේහ්‍යොන්ග් නැගිටලා ඇවිත් නම්ජූන් ගාවින් හිට ගත්තා..

"මේ බලන්න හ්‍යුන්ග්... අපේ උන් ගහලා තියෙන්නෙ ෆොටෝස්... ඒත් මේ වාහනේ මගෑරිලා.. හෙට වෙනකොට මට විස්තර ටික හම්බෙයි.. හ්‍යුන්ග්.. හ්‍යුන්ග් බලන්න.. මගේ නිශා කෙට්ටු වෙලා නේද...මොකක්ද උනේ කියලා මන් ඉක්මනටම හොයාගන්නවා.."

කට හඩ බොද වෙනකොට ඇස් දෙකේ කදුලු පුරවන් ටේහ්‍යොන්ග් කියනකොට ,නම්ජූන් තමන්ගේ අත් දෙක මිටි මොලව ගත්තා..ආයෙත් ටේහ්‍යොන්ගේ පිට අත ගාපු නම්ජූන් , ටේහ්‍යොන්ගේ උරහිස මිරිකලා උරහිසට තට්ටුවක් දැම්මා...

"ටේ දැන් මෙහෙ ඉන්නවද යනවද..."

නම්ජූන් අහ්නකොට ටේහ්‍යොන්ග් ඉක්මනට පෝන් එක සාක්කුවට දා ගත්තා..

"ඉන්න බෑ හ්‍යුන්ග් .. මන් යන්න ඕන මට කරන්න වැඩ වගයක් තියනවා..ඔක්කොම ලෑස්තී කරන්න ඕනෙ .."

හිනා වෙලා කියලා නම්ජූන්ගෙත් අත මිරිකලා ටේහ්‍යොන්ග් ඉක්මනට එලියට ගියා...හිනා වෙලා එලියට ගිය ටේහ්‍යොන්ග් දිහා බලන් ඉදපු නම්ජූන් ලොකු හුස්මක් පාතට දැම්මා...තමන්ගේ පෝන් එක අතට ගත්තු නම්ජූන් කෝල් එකක අරන් කනේ තියාගත්තා..

-"හෙලෝ.. පෝල් උබ කොහෙද ඉන්නේ.."

="මන් .. එලියට යන ගමන් ඉන්නෙ බොස්..."

-"ටේහ්‍යොන්ග් ගාවද.."

="නෑ .. බොස් .. ටේහ්‍යොන්ග් බොස් වැඩක් දුන්නා ඒකට යන ගමන්.."

-"මගෙන් මැරුම් නොකා ටේහ්‍යොන්ග් ගාවට පලයන්.. තොපි මෙච්චර කල් ඉදලත් බබ්බු වගේ වැඩ කරන එකයි මට පේන්න බැරි...

="බොස්.."

-"ඉන්න තැනකින් ඉක්මනට ටේහ්‍යොන්ග් ගාවට පලයන්... ටේව මැන්ශන් එකට දාලා උබ එන්න ඕන මාව හම්බෙන්න..."

="හ..හරි බොස්..මන් එහෙම කරන්නම්..."

නම්ජූන් කෝල් එක කට් කරලා පෝන් එක විසික් කරා...ස්ටෑන්ඩ් එකට පයින් ගැහුව පාර ස්ටෑන්ඩ් එක උඩ තිබ්බ වාස් එක බිමට වැටිලා බිදිලා ගියේ ලොකු සද්දෙකින්...

"ජූන්.. මන් ඇතුලට එන්නද..."

දොර ගාවින් හීනි කටහඩක් ඇහුනම නම්ජූන් ඔලුව උස්සලා බැලුවා..

"එන්න ජිනී.."

නම්ජූන් කීවම ජින් බයෙන් ඇතුලට ආවා..ජින් ඉක්මනට දුවගෙන ඇවිත් නම්ජූන්ව වටෙන් එක්කන් ඇවිත් සෝෆා එකෙන් වාඩි කරේ බිම හැමතැනට විසිරිලා තියන කටු වලට නම්ජූන්ගේ කකුල කැපෙයි කියලා..නම්ජූන් ජින්ගේ උරහිසෙන් ඔලුව තියාගත්තා.. ජින් මුකුත් කියන් නැතුව කැමති වෙලාවක් ඉන්න දුන්නෙ නම්ජූන් එයාට හිතුනාමම කතා කරනවා කියලා දන්න හින්දා..

"නිශාව හම්බෙලා.."

නම්ජූන් කීවම ජින් ඉක්මන්ට ඔලුව ඉස්සුවා..

"හම්බෙලා කීවෙ කෝ දැන්.. ඒකද ටේ බෙයා අර දුවන් ආවෙ.."

ජින් අහන්කොට නම්ජූන් ඔලුව වනලා උරහිසෙන් ඔලුව ඉස්සුවා..

"ඉතින්.. ඒක කොච්චර හොදද ..ඇයි මේ ජූන්.."

නම්ජූන්ගේ හිස් මූන දිහා බලන ගමන් ජින් අහනකොට නම්ජූන් මුකුත් නෑ කියලා ඔලුව දෙපැත්තට වැනුවා..

"ඔයාට තේරෙන් නෑ ජිනී.. යන්න ගිහින් මට කොෆී එකක් හදන්න..."

"මට නොතේරුනාට කමක් නෑ ඔයත් එන්න මෙතන කකුල කපා ගන් නැතුව... මන් අස් කරනකන් යමු.."

නම්ජූන්ගේ අතකිනුත් ඇදගෙන ජින් එලය්ට ආවෙ කටු උඩින් පැන පැන ..

.

.

.

.

ටේහ්‍යොන්ග් කාටවත් එන්න දෙන් නැති එයාගෙ මැන්ශන් එක තනියමම අස් කරා.. හැමදේම හරි විදියට කරලා සතුටින් නිදාගත්ත ටේහ්‍යොන්ග් වෙනදට වඩා උද්‍යෝගයෙන් එලියට ආවෙ කම්පැනි එකට යන්න... නිශාව හොයන්න යන්න ඕන උනත් එක පාරට කලබලයක් ඇති කරන්න ටේහ්‍යොන්ග්ට ඕන උනේ නෑ.. ඒ හින්දා ඉවසන් බලන් ඉන්න ටේහ්‍යොන්ග් තීරනේ කරා..

ටේහ්‍යොන්ගේ ඇස් ඉස්සරහ පෙනුන එකම දේ ඊයේ බලපු පොටෝ ටික විතරයි.. පිටිපස්සෙන් ,පැත්තෙන් අරන් තිබ්බත් ඒ නිශා කියලා අදුරගන්න වෙන දේවල් ටේහ්‍යොන්ග්ට ඕන උනේ නෑ..වෙනදා තරම් ලස්සනට ඇදලා හිටියේ නැති නිශා වෙනදටත් වඩා කෙට්ටු වෙලා හිටියා කියලයි ටේහ්‍යොන්ග්ට පෙනුනේ , වෙනදා ඇගේ දකින පිරිපුන් පෙනුමක් නිශාගෙන් ටේහ්‍යොන්ග් දැක්කෙ නෑ... වාහනේ ඇතුලට බලෙන් නැග්ගා වගේ කියලයි ටේහ්‍යොන්ග්ට දැන ගන්න හම්බුනේ..

නිශා හම්බුන සතුටෙන් විතරක් අන්ධ වෙලා හිටිය ටේහ්‍යොන්ග් ඒ වටේ වෙන වෙන දෙයක් දැක්කෙ නෑ.. වෙනදා හැම පොඩි කරුණ ගැනම හොයන ටේහ්‍යොන්ග් අද නිකන් පොඩි ලමයෙක් වගේ හැසිරෙනවා.. මෙච්චර අවුරුදු ගානකට පස්සෙ වාහනේකට නගින පොටෝ ටිකක් හම්බුන විදිය ගැන ටේහ්‍යොන්ග් නිකමනටවත් හිතුවේ නෑ.. හයි ස්කූල් යන කොල්ලෙක් වගේ සතුටින් ටේහ්‍යොන් හිටියා..

ටේහ්‍යොන්ග් මැන්ශන් එකෙන් එලියට එනකොට පෝල් එලියේ ඉන්නවා දැකලා ටේහ්‍යොන්ග්ට කේන්ති ගියා..

"උබට .. මම කීවේ මේක ඉස්සරහට වෙලා ඉන්න කියලද ආහ්... උබේ වැඩ ඉවර කරලද ඉන්නෙ උබ .."

දත්මිටි කන ගමන් ටේහ්‍යොන්ග් කෑ ගහනකොට පෝල් ටේහ්‍යොන්ග්ට ඔලුව නවලා ආචාර කරා..

" මට සමාවෙන්න බොස් .. ඒත් මේක අපේ බොස්ගේ අණක් .."

පෝල් ඔලුව නමාගෙනම කියනකොට ටේහ්‍යොන්ග් හුස්මක් පාත දැම්ම.. මේ ඔක්කොම සිද්ධ වෙන්නෙ නම්ජූන්ට ඕන විදියට.. කොහොමද අමතක කරන්නෙ..

"බොස් .. ඒ වැඩේට කට්ටිය ගිහින් ඉන්නෙ .. බොස් නගින්න .."

කියලා පෝල් පිටිපස්සෙන් දොර ඇරලා දුන්නා..

"මන් බබෙක් කියලද තොපි හිතන්නෙ ... මගෙ වාහනේ කෝ .. ඒක අරන් වරෙන්.."

"සමාවෙන්න බොස් .. අපේ බො.."

ආයෙත් පෝල් කියවන්න ගන්නකොට ටේහ්‍යොන්ග් නලල මිරිකන ගමන් පිටිපස්සෙන් වාහනේට නැග්ගෙ පෝල් පැසෙන්ජර් ශීට් එකෙන් වාඩි වෙනකොට...මෙච්චර දවස් මෙහෙම කරපු නැති නම්ජූන් දැන් මෙහෙම කරන්නෙ කියලා ටේහ්‍යොන්ග් හිතුවේ නෑ , උදේම තමන්ගේ මූඩ් එක කාපු එකට තරහක් විතරයි ටේහ්‍යොන්ග්ට ඇති උනේ..

කම්පැනි එකට ආපු ටේහ්‍යොන්ග් තමන්ගේ කැබින් එකට යනකොට ජන්කුක් කැබින් එක ඇතුලේ හියියා..

"ගුඩ් මෝනින් .. සර්.."

ජන්කුක් ලාවට හිනා වෙලා කියනකොට යන්තම් හිනා උන ටේහ්‍යොන්ග් තමන්ගේ පුටුවෙන් වාඩි උනා..

ජන්කුක් ඇස් ලොකු කරන් බැලුවේ අද ගුඩ් මෝනින් කියපු එකට යන්තම් හිනාවකින් ප්‍රතිචාර දුන්න හින්දා..

ටේහ්‍යොන්ග් නම් තමන්ට පිටුපාලා ඉන්න ජන්කුක් දිහා බලන් හිටියා.. ඒ බෝල ඇස් එක්ක ලස්සන හිනාව් දකිද්දි , තමන් සතුටු වෙන එක ගැන වරදකාරී හැගීමක් ටේහ්‍යොන්ගේ හිතට ආවා.. එක පාරටම ජන්කුක් හැරිලා බැලුවම ඔලුව හතර් වටේ හ්‍ර්ව්න් ගමන් ඉක්මනට ටේහ්‍යොන්ග් බිම පෝන් එක දිහා බලාගත්තා..

ජන්කුක් කල්පනා කරේ ටේහ්‍යොන්ගේ ද මේ අමුතු වෙනස මොකක්ද කියල.. හැමදාම මෙහෙම ඉන්නවානම් කොච්චර හොදද වහේ දෙයක් එයාට දැනුනේ..

"මගෙ මූන දිහා බලන් ඉදලා ඉවරනම් ගිහින් වැඩ පටන් ගත්තොත් හොදයි ජියෝන්..."

කට කොනින් හිනාවෙන ගමන් ටේහ්‍යොන්ග් කියනකොටයි මෙච්චර වෙලා ටේහ්‍යොන්ග් දිහා තමන් කන්න වගේ බලන් හිටියා කියලා ජන්කුක්ට තේරුණේ.. ලැජ්ජාවෙන් මූන රතු කරගත්තු ජන්කුක් හපන් හිටිය තොලත් අතෑරියේ ටේහ්‍යොන්ග් නැගිට්ටා කියලා දැක්ක හින්දා..

"ඇයි .. මොනවද වෙන ඕනෙ ..ම්ම්.."

ජන්කුක් ගාවටම ලන් වෙලා හපාගෙන හිටපු හින්දම රතු උන චෙරි තොල් දිහා බලාගෙන ටේහ්‍යොන්ග් කියනකොට , ජන්කුක්ගෙ කන් දෙක රතු උනේ ලැජ්ජාවටමයි...

තමන්ට වඩා ටිකක් මිටි ජන්කුක්ගේ ඔලුවෙන් එන බේබි සුවද තදින් දැනෙන තරමට ටේහ්‍යොන්ග් ජන්කුක්ට ලන් වෙලා හිටියේ..ජන්කුක්ගෙත් ටේහ්‍යොන්ගෙත් හ්දවත් හයියෙන් ගැහුනා.. ටේහ්‍යොන්ග් උදේ ඉදන් තිබ්බ තමන්ගේ සතුට අමතක කරලද... නිශාව එක විනාඩියට අමතක වෙලාද ටේහ්‍යොන්ග්ට ... නෑ කොහෙත්ම නෑ ඒත් ජන්කුක්ගේ තොල් වලට, ජන්කුක්ගේ ළඟින් එන මින්ට් සුවද මිශ්‍ර බේබි සුවදට , ජන්කුක්ගෙ හුරතල් පෙනුමට ටේහ්‍යොන්ගේ හිත ඇදිල යනවා වගේ දැනුනා..

අකුණක් ගැහුවා වගේ ජන්කුක් ළඟින් ඈත් උන ටේහ්‍යොන්ග් අනිත් පැත්ත හැරුණා..

"වැඩ ඉවර නම් එලියට යනවා.."

තරහක් මිශ්‍ර උන ගැඹුරු කට හඩකින් ටේහ්‍යොන්ග් කියනකොට ජන්කුක් ගැස්සුනා.. ජන්කුක්ට තේරුම් ගන්න බෑ වතාවෙන් වතාවට වෙනස් වෙන ටේහ්‍යොන්ග්ව ...

" යනවා.. එලියට..."

ටේහ්‍යොන්ග් කෑ ගැහුවම ජන්කුක් දුවගෙන එලියට ගියා.. ඊයේ තිබ්බ නිදහස අද උදේ තිබ්බ නිදහස ටේහ්‍යොන්ගෙන් ඈත් උනා වගේ දැනුනා.. ඒත් ටේහ්‍යොන්ගේ පැත්තෙන් ටේහ්‍යොන්ග්ට එකම හැගීම දෙකට බෙදන්න බෑ... ආයෙත් පුරුදු නපුරු ටේහ්‍යොන්ග්ම පුටුවෙන් වාඩි උනා...

ඒත් එලියට ගිය ජන්කුක්ගෙ ඇස් වල තිබ්බ කදුලු දැක්කනම් , සමහර විට ටේහ්‍යොන්ග් තේරුම්ගනී, ඒ එකම හැගීම නෙවෙයි හැගීම් දෙකක් කියලා...

.

.

.

.

.

.

.

.

.

.
_______________________________Dark_Sunshiner 🤍🥀


මොනවා හරි කියන් යන්න...💝

.

It's my birthday....!😁
.

Thanks for reading...♥️

To be Continued ...

2022/10/12

Bạn đang đọc truyện trên: AzTruyen.Top