|19|
"සුවදයි..."
ජන්කුක්ගෙ කන ගාවින් හුස්මක් උඩට ගන්න ගමන් ටේහ්යොන්ග් ගැඹුරු කටහඩකින් කෙදිරුව...ජන්කුක්ගෙ ඇග ඇතුලෙන්ම හිරියක් ගියා... ටේහ්යොන්ග්ව තල්ලු කරන්න ඕන උනත් ජන්කුක් එහෙමම හිටියා... එදා වගේ වෙයි කියලා ජන්කුක්ට බය හිතුනා... ඒත් එදා වගේ නෙවේ ටේහ්යොන්ග් අද සිහියෙන් හිටියේ...
"සර්..."
ජන්කුක් අමාරුවෙන් මිමිණුවා... එදා වගේ මේක වැරැද්දක් වෙන්න ජන්කුක්ට ඕන උනෙත් නෑ...
"ශ් .. ශ්.. ටිකක් ඉන්න..."
ටේහ්යොන්ග් ජන්කුක්ගේ පිම්බිලා තිබ්බ චෙරි ලිප්ස් දිහා බලලා ජන්කුක්ගේ ඇස් දිහා බැලුවා..
"ඇස් පියාගන්න.."
ගැඹුරු කටහඩින් ටේහ්යොන්ග් මිනිණුවාම ජන්කුක් ඉක්මනට ඇස් පියා ගත්තා... ටේහ්යොන්ගේ උණුසුම් හුස්ම ජන්කුක්ට හොදටම දැනුනා.. ජන්කුක්ගෙ වේගවත් හද ගැස්ම ටේහ්යොන්ග්ටත් හොදටම ඇහුනා.. ඒ තරම් ජන්කුක්ට ළඟින් ටේහ්යොන්ග් හිටියා..
වරදකාරී හැගීමෙන් ගැලවෙන්න ඒ බෝල ඇස් දිහා නොබලා ඉන්න ටේහ්යොන්ග් තීරණය කරා.. ඒත් ටේහ්යොන්ග්ට එක පාරක් මේ වැරැද්ද කරන්න ඕන උනා.. එක පරක් මේ දැනෙන දේ මොකක්ද කියලා විදලා බලන්න ඕන උනා...
ටේහ්යොන්ග් ජන්කුක්ගේ ඇස් යටට උණුසුම් හාදුවක් දුන්නා.. ඒ තොල් වල පහස ජන්කුක්ගෙ ඇග ඇතුලෙන්ම නොසන්සුන් කරා... ජන්කුක්ගේ ඇස් වල ඉදන් රතු වෙච්ච කම්මුල දිගේ තොල් අරන් ආව ටේහ්යොන්ග් ජන්කුක්ගේ තොල් ළඟ නතර උනා.. ජන්කුක්ගේ චෙරි තොල් උඩින් තමන්ගේ හීනි තොල් තියන් හිටිය ටේහ්යොන්ග් තොල් ඇස් කරලා තමන්ගේ දිවෙන් ජන්කුක්ගේ තොල් වල ගෑවුන බියර් ටික රස බැලුවා.. ජන්කුක්ගේ ඇගම හිරි වැටිලා ගියා.. තමන්ගේ දිවෙන්ම ජන්කුක්ගේ තොල් ඈත් කරපු ටේහ්යොන්ග් ජන්කුක්ගේ උඩු තොල තමන්ගේ තොල් අතරට අරන් උරන්න ගත්තා..
"ම්ම්හ්..."
ජන්කුක්ට තමන් පාවෙනවා වගේ දැනුනා.. කිස් එකකින් මෙච්චර ෆීල් එකක්.. ජන්කුක්ගෙ හදවත බිමට වැටෙන්න තරම් වේගෙන් ගැහුනා.. ජන්කුක්ට විශ්වාස කරන්න බැරි උනා ටේහ්යොන්ග් තමන්ගේ ඉස්සරහ තමන්ගේ තොල් අයිති කරන් ඉන්නවා කියලා...
ටේහ්යොන්ග් ජන්කුක්ගේ උඩු තොල අතෑරලා යටි තොල උරන්න පටන් ගත්තා.. ජන්කුක් ටේහ්යොන්ගේ ශෝට් එක තදට ගුලි කරලා අල්ලගත්තා.. ටේහ්යොන්ග් බිමින් තියන් හිටපු අත අරගෙන ජන්කුක්ගේ ඔලුව පිටිපස්සෙන් ඇගිලි යවලා තද කරලා අල්ලගත්තා.. ටේහ්යොන්ග් ජන්කුක්ගේ උඩු තොලත් යටි තොලත් මාරුවෙන් මාරුවට උරමින් හිටියා.. ජන්කුක් කිසිම දෙයක් නොකර ටේහ්යොන්ගෙන් ලැබෙන ඵස විදගන හිටියා.. ජන්කුක්ට කෙදිරි ගාන්නවත් බැරි තරමට තදින් ටේහ්යොන්ග් ජන්කුක්ගේ චෙරි තොල් දෙක ඉරුවා...
"ආයිශ්.. ෆක්..."
ටේහ්යොන්ග් ශාප කරගෙන ජන්කුක්ගෙ තොල් දෙකෙන් ඈත් උනා.. ජන්කුක් තදින් හුස්ම ගන්න ගමන් ඇස් ඇරලා ටේහ්යොන්ග් දිහා බැලුවා.. ටේහ්යොන්ග් සිගරට් එකට පිච්චුන් ඇගිලි ගසන ගමන් ජන්කුක් දිහා බැලුවා ...
තොල් දෙකත් රතු කරන් තමන් දිහා ඇස් බෝල කරන් බලන් ඉන්න ජන්කුක්ව ආයෙත් වේගෙන් තමන් ගාවට ඇදලා ගත්තු ටේහ්යොන්ග් තදින් ජන්කුක්ගේ තොල් අල්ලගත්තා.. එක අතක් ජන්කුක්ගෙ හීනි ඉන වටෙන් යවලා අනිත් අතින් ජන්කුක්ගෙ ඔලුව තදින් අල්ලගෙන ටේහ්යොන්ග් දිගටම ජන්කුක්ගෙ තොල් සිප ගත්තා.. ටිකකින් ජන්කුක් ටේහ්යොන්ගේ බෙල්ල වටේට අතකුත් අනිත් අත ටේහ්යොන්ගේ පපුවටත් තද කරගෙන සිප ගැනීමට ප්රතිචාර දෙන්න පටන් ගත්තා...
කාලෙකින් හම්බුන රස තොල් අතාරින්න ටේහ්යොන්ග්ට කිසිම උවමනාවක් තිබ්බෙ නෑ.. ජන්කුක්ගෙ තොල් වල් පහසට ටේහ්යොන්ග් තව බැදෙනව ටේහ්යොන්ග්ට තේරුනා.. ජන්කුක් තමන්ට ලැබුනු අලුත් අත්දැකීම උපරිමයෙන් විදින ගමන් හිටියා.. තමන් කොහෙද ඉන්නෙ තමන් කවුද.. ඉස්සරහට මොනවා වෙයිද ඒ මොනවත් හිතන් නැතුව තමන්ට දැනෙන හැගීම එකිනෙකාට තදින් තුරුල් වෙලා සිප ගන්න ගමන් දෙන්නම උපරිමයෙන් විදගත්තා..
එක දිගට සිපගෙන හුස්ම ගන්න අමාරු වෙනකොට ජන්කුක් ටේහ්යොන්ගේ පපුව අතින් තද කරා.. තල්ලු කරන්න තරම් ශක්තියක් ජන්කුක්ට තිබ්බෙ නෑ.. ටේහ්යොන්ග්ට තවමත් නවත්තන්න උවමනාවක් තිබ්බෙ නෑ.. තවත් තදින් පපුව තද කරනකොට තමන්ගෙ තොල් අතර තිබ්බ ජන්කුක්ගෙ තොල් දෙකෙන් ටේහ්යොන්ග් අයින් උනා..
ඇස් වල කදුලු පුරවගෙන වේගෙන් වේගෙන් හුස්ම අල්ලන ගමන් ජන්කුක් තාමත් ටේහ්යොන්ගේ බෙල්ල වටේ දාගත්තු අතෙන් ටේහ්යොන්ගේ බෙල්ල අල්ලන් හිටියා.. ජන්කුක් තමන්ගේ ඇස් උස්සලා ටේහ්යොන්ග් දිහා බැලුවා .. ටේහ්යොන්ගේ ඇස් රතු වෙලා..ඇස් වල හීනි නහර රතු පාටට පෙනුනා.. ජන්කුක්ගෙ පිම්බුන තොල් දෙක තවත් රතු වෙලා ඉදිමිලා කියලා ටේහ්යොන්ග් දැක්කා... ජන්කුක්ගෙ ඔලුවේ තිබ්බ අත අහකට අරන් අනිත් අත ගන්න ගියත් ජන්කුක් එහෙමම ටේහ්යොන්ගේ පපුවට ඔලුව තියාගත්තා...
ටේහ්යොන්ගේ තාලයක් නැතුව ගැහෙන හද ගැස්ම ජන්කුක් අහන් හිටියා.. තමන්ට දැනෙන පන නැති ගතිය නතර වෙනකන් ජන්කුක් හිටියා.. තමන්ට ඇතියි කියලා හිතෙනකම් ජන්කුක් ටේහ්යොන්ගේ ලොකු පපුව අස්සෙ ඔලුව තියන් හිටියා...
ඉන්න විදියටම තමන්ගේ පපුවේ ජන්කුක්ට ඇතියි කියලා හිතෙනකම් ටේහ්යොන්ග් ඉන්න දුන්නා.. ඉන වටේ තිබ්බ අත තව ටිකක් තද කරලා ජන්කුක්ව තමන්ට ලන් කරගත්ත ටේහ්යොන්ග් ඔහේ ඈත බලන් හිටියා...
අද තමන්ට දැනුනු හැගීම තේරුම්ගන්න ටේහ්යොන්ග්ට අමාරු උනා.. ඒක එච්චර අමාරු හැගීමක් නෙවෙයි ... ඒත් ඒක ටේහ්යොන්ග් හිතින් අමාරු කරගත්තා.. ඒ තොල් තමන් සිප ගත්ත හොදම තොල් කියලා ටේහ්යොන්ග්ට හිතුනා.... එදා වගේ අන්තිමට පැසුතැවීමක් ටේහ්යොන්ග්ට් දැනුනේ නෑ.. ඒත් ටේහ්යොන්ග් පසුතැවීමක් හදාගත්තා.. තමන් කරපු දේ ගැන් සතුටක් දැනුනත් ටේහ්යොන්ග් ඒක දුකක් කියලා හිතුනා...
ටිකකින් ජන්කුක් ටේහ්යොන්ගේ ටී ශර්ට් එකේම මූන එහෙට මෙහෙට අතුල්ලලා මූන පිහදගෙන ඔලුව ඉස්සුවා... ජන්කුක්ගෙ හුරතල් වැඩ වලට ටේහ්යොන්ගේ කටට ආදරණීය හිනාවක් ආවා.. ජන්කුක් ඔලුව ඉස්සුවම ටේහ්යොන්ග් ජන්කුක්ගේ ඇගෙන් අත අරගත්ත....
" සමාවෙන්න .. මට පාලනේ කරගන්න බැරි උනා.."
ටේහ්යොන්ග් ජන්කුක් දිහා බලන් කීවා.. ඒත් ඒක වැරදීමක් කියලා ටේහ්යොන්ග් කීවේ නෑ.. ජන්කුක් ඇස් දෙක උස්සලා ටේහ්යොන්ග් දිහා බලලා ඔලුව දෙපැත්තට වැනුවා...
" මන් .. ඒකට කැමති ..."
ජන්කුක් ලාවට හිනා වෙලා කීවම ටේහ්යොන්ග් හුස්මක් පාතට දැම්ම..
"ඔයාට බෑ ඒකට කැමති වෙන්න.. වී ආ ජස්ට් කිස් ඔකේ..."
ටේහ්යොන්ග් කීවම ජන්කුක් හිනා උනා..
"ම්ම්.. ඒත් මම කැමති ..."
ජන්කුක් හිනාවෙලා කීවම ටේහ්යොන්ග් නැගිටලා ජන්කුක්ගෙ අතින් අල්ලලා ඇදලා නැගිට්ටුවා...
" ඒ වගේ දෙයක් වෙන්න දෙන්න එපා.. අනිවාරෙන්ම පසු තැවෙන්න වෙයි..."
ජන්කුක්ගෙ ඇස් දෙක දිහ කෙලින් බලලා කියලා ටේහ්යොන්ග් හැරිලා ඇතුලට ආවා.. ටේහ්යොන්ග් ගිය දිහා බලලා යන්තම් හිනා උන ජන්කුක් තමන්ටම මුමුණ ගත්තා...
" ඕන දේකට... දැනටමත් මම ඔයාට කැමති වෙලා ඉවරයි.."
.
.
.
.
ටේහ්යොන්ග් රූම් එකට ඇවිත් නිදා ගන්න කලින් ග්ලාස් වෝල් එකෙන් පේන හද දිහා බැලුවා.. අද හද ගාව පුන්චි තරුවත් පේන්න තිබ්බා.. ඒත් ටේහ්යොන්ග් සමාව ඉල්ලුවෙවත් කතා කරේවත් නෑ.. හද පේන් නැති වෙන්නම කර්ටන් එක ඇද්ද ටේහ්යොන්ග් හිතේ අමුතු හැගීමත් එක්ක ඇදට වැටුනා...
.
.
.
.
.
__________________
"මෙච්චර හොයලත්... කොහොමද අපි මේක දන් නැත්තේ..."
නම්ජූන් දත් මිටි කාලා අතේ තිබ්බ පෑන විසික් කරා..
" දැන් උබලා කියන්නෙ අවුරුදු ගානකට පස්සෙ අපි ඕක දැනගන්න එක සාමාන්යයි කියලද බල්ලෝ..."
ළඟ හිටපු මනුස්සයගේ කොලර් එකෙන් ඇදලා ගන්න ගමන් නහර උලුප්පගෙන නම්ජූන් කෑ ගැහුවා..
"නම්ජූනා.. කාම් ඩවුන් බන්.. මේක කෑ ගහන්න වෙලාවක් නෙවේ..."
" කාම් ඩවුන්.. උබ කියන්නෙ මෙච්චර කල් කරපු දේවල් බොරුවක් කියලා මගෙ ඇස් ඉස්සරහ ඔප්පු වෙද්දි කාම් ඩවුන් වෙන්න කියලද යුන්ගි... පලයල්ල මෙතනින් මට තනියම ඉන්න ඕනෙ.. එතකොට මූ.. තෝ ආයෙ මට පේන්න ඉන්න බෑ..."
කොලර් එකෙන් ඇදලා ගත්තු මනුස්සයව පෙන්නන ගමන් කෑ ගහලා නම්ජුන් පුටුවෙන් නැගිට්ටා.. හැමෝම ප්ලෑන් රූම් එකෙන් එලියට ගියා.. නම්ජූන් තමන්ගේ කොන්ඩෙන් ඇද ගත්තා.. මෙච්චර කල් තමන් ගිහින් තියෙන්නෙ බොරුවක් පස්සෙ කියලා දැනගත්තම නම්ජූන් පිස්සු වැටුනා.. එක පාරටම දොර ඇරගෙන ටේහ්යොන්ග් ඇතුලට ආවා...
" හ්යුන්ග්..."
ටේහ්යොන්ග් හඩ අඩු කරලා කතා කරා... මොකද නම්ජූන්ට කේන්ති ගිහින් කියලා ටේහ්යොන්ග් දන්නවා..
" ටේ... අර ජියෝන් මැරිලා ..."
නම්ජූන් එච්චරයි කීවේ.. මොකද ටේහ්යොන්ග් මේක දැනගෙන මෙතනට ආවෙ කියලා නම්ජුන් දන්නවා...
" හ්යුන්ග්.. සන්සුන් වෙන්න.. අපිට කලබල වෙන්න බෑ.."
" උබත් කියන්නෙ මට සන්සුන් වෙන්න කියලද... කොහොමද කියපන් සන්සුන් වෙන්නෙ.. උබ හොදටම දන්නවා... අපි මොනවද නොකරේ..."
නම්ජූන් අහක බලාගෙන කීවා.. නම්ජූන් ඇවිත් ෆයිල්ස් ගොඩක් දාලා තිබ්බ කබඩ් එක වහලා දැම්මා.. වහලා දිග මේසෙ උඩින් වාඩි වෙලා ටේහ්යොන්ග් දිහා බැලුවා ...නම්ජූන්ගෙ ඇස් රතු වෙලා තිබ්බා.. ටේහ්යොන්ග් ට අතින් පුටුව පෙන්නුව නම්ජූන් සිගරට් එකක් අතට ගත්තා..ලයිටර් එක සාක්කුවට දාගෙන සිගර්ට් එක තො අතරට ගත්තා..
" දැන්.. මේ දැන් ඉදන් ඔක්කොම මුල ඉදන් පටන් ගන්නවා මම.. "
ටේහ්යොන්ගේ ඇස් දිහා බලන් නම්ජූන් ස්තීර විදියට කීවා..
" උබ හිතනවද ටේ අවුරුදු ගානක් රැවටුන එක නිකන්ම උනා කියලා... මේක ඇතුලේ ඉන්න කටු කන බල්ලා ඉස්සල්ලම හොයාගන්න ඕනෙ..."
කට කොනින් හිනාවෙන ගමන් නම්ජූන් කීවා.. ටේහ්යොන්ග් පුදුම උනේ නෑ මෙච්චර ඉක්මනට මූඩ් එක චේන්ජ් කර ගත්තා කියන්නෙ නම්ජූන්ගේ ඔලුවේ දැනටමත් ප්ලෑන් එකක් වැඩ කරනවා...
"දැන් මොකක්ද කරන්නෙ අපි.."
" උබ පටන් ගත්ත වැඩේ මොකද..."
ටේහ්යොන්ග් ඇහුවම ඈත බලාගෙනම නම්ජූන් ටේහ්යොන්ගෙන් ඇහුවා... ටේහ්යොන්ග් ඉක්මනට නම්ජූන්ගේ මූන දිහා බැලුවා.. පුදුම වෙන්න දෙයක් නෑ නම්ජූන්ට හොරෙන් කිසි දෙයක් කරන්න බෑ...
" උබ හිතුවද මම උබ කරන කිසි දෙයක් හොයන් නැතුව ඉන්නවා කියලා.. මතක තියාගනින් , උබ මාව දාලා ගියාට තාමත් මගෙ ලෝකෙ අන්ක එක උබ කියලා..."
දුම් වලාවක් පිට කරන ගමන් නම්ජූන් මේසෙන් නැගිට්ටා..
" පරිස්සමට පලයන්... බුසාන් වලදි ආපු උන් ගැන හොයන්න මම දාලා ඉන්නේ.. ගාඩ්ලා නැතුව කොහෙවත් යන්න එපා.. මේ මොන දේවත් උබ නැතුව මට වැඩක් නෑ... "
දොර ගාවට ගිය නම්ජූන් ආයෙත් හැරුනා...
"සමහර විට දැන් හැමදේම අලුතෙන් පටන් ගන්න කාලෙ හරි ඇති... හැබැයි හරිම අයත් එක්ක.."
ටේහ්යොන්ග් තාමත් ඉදගෙන ඉද්දි නම්ජූන් දොර වහන් එලියට ගියා... ටේහ්යොන්ග් තමන්ගේ නලල මිරිකගත්තා.. කිසිම දෙයක් පොඩිම දෙයක්වත් තමන්ගේ හ්යුන්ගෙන් හන්ගන්න බෑ....
ටේහ්යොන්ග් කොච්චර ලොකු උනත් නම්ජූන්ට තාමත් තමන්ගේ අත් වල හැදුනු පොඩි කොල්ලා ටේහ්යොන්ග්... ටේහ්යොන්ග් කොහොමද තමන්ගේ අප්පාට රිදෙනවා කියලා අමතක කරේ... කොහොමද තමන්ගේ මොන මුරණ්ඩු වැඩෙත් ඉවසන තමන්ගේ අප්පා වගේ නම්ජූන්ට කොච්චර රිදෙනවාද කියලා ටේහ්යොන්ග් අමතක කරේ...
.
.
.
.
.
.
.
*****************
______________________________Dark_Sunshiner 🤍🥀
Thanks for reading ....♥️
To be Continued .....
2022/10/09
Bạn đang đọc truyện trên: AzTruyen.Top