|14|

ජන්කුකුයි ගුකීයි රෑ ඇදට වෙලා හිටියේ.. ජන්කුක් ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා , ගුකී ජන්කුක්ගෙ ඔඩොක්කට වෙලා අද දවස ගැන කියවනවා... රෑ දොලහත් පහු වෙලා තිබ්බත් සතුට වැඩි කමට ගුකීටනම් නිදාගන්න සිහියක් නෑ..

" දැන් නිදාගමු මැනික ... හෙට නර්සරි යන්නත් ඕනෙ නේද... තව හිටියොත් අපි දෙන්නම උදේට සොම්බි බබාල දෙන්නෙක් වගේ ඉදී .."

ගුකීගෙ නහය මිරිකලා කීව ජන්කුක් ගුකීවත් බදාගෙන කොට්ටෙට ඔලුව තියාගත්තෙ ගුකීත් ජන්කුක්ගෙ පපුවට තුරුල් වෙනකොට .. ටික්කින් ගුකීට නින්ද ගියාම ජන්කුක් ගුකීගෙ බෙල්ලට උඩින් දිලිසෙන නෙක්ලේට් එක උස්සලා ගත්තෙ බලන්න... මේක ටේහ්‍යොන්ග් බෙල්ලට දාපු වෙලේ ඉදන් හරි ආසාවෙන් ඇදුම ඇතුලේ පරිස්සමට තියාගෙන හිටිය විදිය ජන්කුක් දැක්ක...

මාලෙ දිහා බලන් හිටිය ජන්කුක් පෙන්ඩන්ට් එක දැක්කම මේක කොහෙ හරිම දැකලා හොදට හුරු ගතියක් දැනුනා.. ඒ කොහෙද කියලයි ජන්කුක් කල්පනා කරේ... " කොහෙද .. කොහෙද.. මම මේක දැක්කේ... අහ්.. නෑ ..වෙන්න විදියක් නෑ.. හොස්පිටල් එකේ තිබ්බ එක නෙවේ නේද... ඒක මේක වගේමයී.. ඔව් මට හොදට මතකයි... ම්ම්..." නෙක්ලේට් එක දැක්ක තැන මතක් උනත් ඒක කීයටවත් වෙන්න විදියක් නෑ කියලා ජන්කුක්ට හිතුනේ ..

.

.

.

උදේ ගුකීවත් නර්සරි එකට දාලා ජන්කුක් බයික් එකේ කම්පැනි එකට එනගමන් කල්පනාවකින් හිටියේ...

morning...

අදත් උදේම ඇවිත් තිබ්බ පාර්සලේ අරින්නේවත් නැතුව ස්ටෝර් රූම් එකට දාන්න හැදුවත් කවදාවත් නැතුව උඩ පොඩි ස්ටික් නෝට් එකක් අලවලා තිබ්බා.. ඒ , " දරුවත් එක්ක සමරපු අන්තිම උපන්දිනේට සුබ පැතුම් " කියලත් " අනිවාරෙන්ම මේක ඇරලා බලන්න " කියලාත් ලියලා තිබ්බ නෝට් එක...

ඒ කියන්නෙ මේව එවන්නෙ හොදටම ජන්කුක් ගැන දන්න කෙනෙක් .. මොකද ජන්කුක් මේවා කවදාවත් අරින්නෙ නෑ කියලා දන්න කෙනෙක් .. පාර්සලේ වෙව්ලන අත් වලින් ඇරපු ජන්කුක්ට ඒක අතෑරුනේ ඇතුලේ තිබ්බ දේ දැකලා...

ගුකී නර්සරි එකේ සෙල්ලම් කරන පොටෝ වගේම , මේ දවස් ටිකේ ගුකී ගිය හැමතැනම ඉන්න පොටෝ ඒකෙ තිබ්බා... එතකොට සෙනූ එක්ක ඉන්න පොටොත් , ඒ කියන්නෙ ජන්කුක් බුසාන් හිටපු කාලෙ ඇතුලතත් ගුකී පස්සෙන් කවුරුහරි ඉදලා... ජන්කුක්ගෙ හිතට අමුතු බයක් දැනුනා..මුන්ට මොනවද ඕනෙ .. මෙහෙම කරලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ...

අන්තිම බර්ත් ඩේ එක , නෑ කීයටවත් ජන්කුක්ට ඒක වෙන්න දෙන්න ඕනෙ නෑ ...

ජන්කුක් උඩට දුවගෙන ගිහින් තවමත් ඇදේ ගුලි වෙලා නිදන් ඉන්න ගුකීව පිටිපස්සෙන් තුරුල් කරගත්තෙ ඇස් දෙකේ කදුලු පුරවගෙන... " මගෙ මැණිකව මගෙන් ඈත් කරන්න දෙන් නෑ මම..." ගුකීගෙ ඔලුව ඉබින ගමන් තමන්ටම කියාගත්ත ජන්කුක් ගුකීගෙ ඔලුව උඩිත් නිකට තියාගත්තෙ කදුලු ඔහේ ඇස් වලින් කොට්ටෙ උඩට වැටෙද්දි...

.

.

.

___________________

"ජියෝන්.."

"ජියෝන්... තමුසෙ හොද සිහියෙන් ඉන්න බැරිනම් යනවා මේකෙන් එලියට මගෙ යකා අවුස්සන් නැතුව..."

ටේහ්‍යොන්ග් බලන් ඉදලා බැරිම තැන තමන්ගෙ මේසෙ ගාව හිටන් ඉන්න ජන්කුක්ට කෑ ගැහුවේ දැන් ෆයිල් එක අත්සන් කරලත් එක ගන් නැතුව ඔහේ දොර දිහා බලන් කල්පනාවක ඉන්න ජන්කුක්ට..ඒත් කෑ ගැහුවම ඉක්මනට ටේහ්‍යොන්ග් දිහා බලපු ජන්කුක් තමන්ගෙ ඇස් වල පිරිලා තියන කදුලු ඉක්මනට පිහද ගත්ත...

" සමාවෙන්න .. සර් .. ආයෙ මගෙ අතින් එහෙම වෙන්නෙ නෑ .. සමාවෙන්න සර්..."

ටේහ්‍යොන්ග්ට ඔලුව නවන ගමන් සමාව අරගෙන මේසෙ උඩ තිබ්බ වෙන ෆයිල් එක්කුත් අරන් ඉක්මනට එලියට ආපු ජන්කුක් තමන්ගෙ කැබින් එකට දුවලා ගියා..

තාමත් අත්සන් කරපු ෆයිල් එක අතේ තියන් ටේහ්‍යොන්ග් දොර දිහා බලන් හිටියේ ව්‍යාකූල වෙලා... කවදාවත් මෙහෙම නොසැලකිලිමත් විදියට වැඩ කරන කෙනෙක් නෙවේ ජන්කුක් කියන්නෙ .. මේ වැඩ කරපු ටික කාලෙට ඒක ටේහ්‍යොන්ග් හොදට තේරුම් අරන් හිටියා.. ඒත් අද ජන්කුක් වෙනස් .. තමන් කෑ ගැහුවම , තමන් දිහාවට හැරවුනු කදුලු පිරුනු බෝල ඇස් ටේහ්‍යොන්ගෙ හිත රිද්දුවා.. තමන් කෑ ගහපු එක වැරදීද කියලා හිතන තරම් .. ඒත් ටේහ්‍යොන්ග් කියන්නෙ එහෙම හිතන කෙනෙක් නෙවෙයි .. ජන්කුක් මොනවා හරි ප්‍රශ්නයක් හිතේ තියන් ඉන්නවා කියලා ටේහ්‍යොන්ග්ට තේරුනා..

.

.

.

ටේහ්‍යොන්ග් හිටියේ හවස එයාගෙ මැන්ශන් එකට ඩ්‍රයිව් කරන ගමන් , එයා ටිකක් කලින් අද කම්පැනි එකෙන් ආවා.. ඒ ඇයි කියලානම් උත්තරයක් එයාට තිබ්බෙ නෑ , තිබ්බත් ඒක තේරුම්ගන්න එයා කැමති උනේ නෑ ...

ගරාජ් එකෙන් වාහනේ නවත්තලා එලියට එන් නැතුව , තාමත් වාහනේ ඇතුලේ ඉදන් පෝන් එක අතට අරන් දැන් ටිකක් වෙලා ටේහ්‍යොන්ග් නම්බර් එක්කට ඩයල් කරනවද නැද්ද කියලා හිත හිත ඉන්නවා..

" ගන්නවද .. නැද්ද.. ඕනෙ නෑ .. මගෙ දෙයක් නෙවේනේ.. මන් මොකටද ඒක ගැන හිතන්නෙ ..."

තමන්ටම කියව කියව ඉන්නකොට ටේහ්‍යොන්ග් අතින් කෝල් එක ඩයල් උනා ,

- " ඕ.. හෙලෝ .. ටේ බෙයා.. මොකද කවදාවත් නැතුව මගෙ පෝන් එකට කෝල් කරේ .. ඔයා හොදින් නේද ටේ.. කතා කරන්නකෝ ..."

="මන් .. මන් .. හොදින් ජින් හ්‍යුන්ග් ..."

- " එහෙනම් .. මොකද මට හදිසියේ කතා කරේ ... මෙහෙ එනවද ඔයා අද .."

ජින් සතුටෙන් අහනකොට ටේහ්‍යොන්ග් ඇගිලි තුඩු වලින් නලල මිරිකගත්තේ , දැන් ගත්තා වගේ නෙවේ කොහොමද කියන්නෙ කියලා කල්පනා කරන ගමන් ...

=" ජින් හ්‍යුන්ග් .. අපේ කම්පැනි එකේ වැඩ කරන්නේ අර ජියෝන් ..."

- " කවුද අපේ .. ජන්කුක්ද .."

=" ජන්කුක් .. කවුද ජන්කුක්..? මන් දන් නෑ ගුකීගෙ අප්පා.. "

ටේහ්‍යොන්ග් ඇහුවේ එයා ජියෝන් ජියෝන් ගෑවට ඉතුරු කෑල්ල එයාට මතක තිබ්බෙ නැති හින්දා... එයාට මතක ගුකීව විතරනේ..

- "ඔයාගෙ සෙකට්‍රි ගැන නේද කියන්නෙ ඔය...?"

=" ආයිශ්.. ඔව් ..ඔව්.. එයා තමා .."

- " ටේ බෙයා .. ඔයා කියන්න එපා ඒ ලමයගෙ නම දන් නෑ කියලනම් ... අනික ජියෝන් ජියෝන් කියලා කතා කරන්න එපා ඒ ලමයට .. සර් නේම් එක්කින් කතා කරන්න තරම් වයසක්වත් තියනවද ජන්කුක්ට ..."

=" අනේ .. මේ ජින් හ්‍යුන්ග් මට වැඩක් නෑ ඔය කාගෙවත් නම්වත් වෙන මොකවත්වත්.. ඒක ගෙදරක් නෙවේනෙ නම් වලින් කතා කරන්න.. ඔයිට වඩා වැඩ මට තියනවා.."

- " ඔයත් එකයි .. ඔයාගෙ හ්‍යුනුත් එකයි... ඇයි දැන් ඉතින් ජන්කුක්ට මොකද වෙලා තියෙන්නෙ ..?"

="මේ.. ජින් හ්‍යුන්ග් .. එයා පොඩ්ඩක් ප්‍රශ්නෙක වගේ හිටියේ පොඩ්ඩක් කතා කරලා බලන්න..."

ටේහ්‍යොන්ග් ගොත ගහ ගහ කියනකොට ජින්ට හිනා යන්න ආවත් කට තද කරන් හිටියා.. ඇයි දැන් ටිකකට කලින් කාගෙවත් මුකුත් වැඩක් නෑ කියපු කෙනානෙ ..

- " ඉතින්.. මට කියන්නෙ .. ඔයා අහලා බලන්න එපැයි...දැන් කොහෙද ඉන්නෙ ඔයා.."

=" මට ඕව වැඩක් නෑ .. මන් තියනවා.."

තව මොනවත් කියන්න කලින් කෝල් එක කට් කරපු ටේහ්‍යොන්ග් සීට් එකට ඔලුව තියාගත්තෙ තමන් කරපු වැඩේ මොකක්ද කියලා හිතන ගමන් ..

" ආයිශ්... මටත් පිස්සු වැඩකට නැති මගුල් කියන්න යනවට .. ජින් හ්‍යුන්ග් මොනවා හිතුවද දන් නෑ..."

තමන්ටම බැන ගන්න ගමන් ඇතුලට ආපු ටේහ්‍යොන්ග් උඩට ගියේ , කලින් ආපු හින්දා රෑට කාලා එන්නත් එයාට බැරි උන හින්දා කෑම ඕඩර් කරන්න ඕන කියලා හිතන ගමන් ...

_______________________

"මොකද ඔයා තනියම හිනාවෙන්නෙ ජිනී.. කවුද කතා කරේ.."

නම්ජූන් පහලට එනකොට තනියම හිනාවෙවී හිටපු ජින්ගෙන් නම්ජූන් ඇහුවා..

" ටේ බෙයා කතා කරේ ජූන්... ඔයා කොහෙද යන්නෙ හවස් වෙලා...මන් හිතුවෙ අද ඩිනර් එකට ඔයා ඉන්නවා කියලා.."

කැප් එකත් දාන ගමන් පහලට එන ජූන්ගෙන් ජින් ඇහුවම , ජින් ගාවට ලන් වෙලා ජින්ගේ නලලෙන් හාදුවක් තිබ්බ ජූන් ,

" අද මට ඉන්න වෙන්නෙ නෑ.. ඔයා දන්නවා මම වැඩ නවත්තලා නෑ කියලා .. එතකොට ඕනවට වඩා ප්‍රශ්න වලටත් මම කැමති නෑ.. ම්ම්ම්.. පරිස්සමට ඉන්න මන් එනකොට රෑ වෙයි..."

ජින්ගෙ තොල් දෙකත් සිප ගන්න ගමන් ටිකක් හපලා එහෙමම එලියට ආවා..

"ඔයා ඕනවට වඩා මහන්සි වෙනවා ජූන්... " දොර දිහා බලාගෙන මුමුණපු ජින් උඩට යන්න පඩිපෙල නැග්ගෙ සෙනූ මොකද කරන්නෙ බලන්න...

.

.

.

ජින් කතා කරල්ල ඉවර උනාට පස්සෙ ජන්කුක් කල්පනා කරේ තමන්ට ප්‍රශ්නයක් කියලා ජින්ට කියලා අස්සවන්න තරම් ටේහ්‍යොන්ග්ට අනුකම්පා හිතුනේ ඇයි කියලා.. ඒක ජින් හ්‍ය්න්ග් කීවම ජන්කුක්ට පුදුම හිතුනා..

" පපා.. මේහ්.."

ජන්කුක්ගෙ අවදානයක් නැති තැන ගුකී තමන්ගෙ අතේ තිබ්බ පුන්චි රෝස මල ජන්කුක්ගෙ ඇස් ඉස්සරහ එහෙ මෙහෙ අරන් ගියේ ඒක පෙන්නන්න ...

" පොඩීට කොහෙන්ද ඔය රෝස මල..."

ජන්කුක් ඇස් චූටි කරන ගමන් ඇහුවා..

" අද පපා එනකන් ඉල්ලකොට ආව ඇන්ති කෙනෙක් දුන්නේ.. එයා ගුකී බබා එක්ක සෙල්ලම් කරන්නත් එල්ලම් කීවා.. "

" පොඩී.. මන් කියලා තියනවා නේද , දන්නෙ නැති අයත් එක්ක කතාවට යන්නත් එපා, කවුරුත් දෙන දේවල් ගන්නත් එපා කියලා.. ගුකීගෙ ටීච කොහෙද හිටියේ.."

ජන්කුක් ටිකක් සැර කරලා කීවෙ ගුකී කවුද බලන් නැතුව කට්ටියත් එක්ක කතාවට යන හින්දා..

" තීච .. ඇතුලේ හිටියේ.. ඉතින් පපා ඒ ආන්ති හොදයිනේ..."

" පොඩී.. කීවම දෙයක් අහන්න පුරුදු වෙන්න.. ආයෙ මට අහුවෙන්න එපා දන් නැති කවුරුත් එක්ක කතා කරලා .."

ජන්කුක් මූනත් රතු කරන් කෑ ගහනකොට ගුකී බය වුනා .. මොකද ජන්කුක් මෙහෙම කෑ ගහන් නෑ කවදාවත් ගුකීට මෙහෙම .. ගුකී ටක් ගාලා රෝස මල විසික් කරලා ජන්කුක්ගෙ බෙල්ල බදාගත්තා..

" පපා.. පපා ගුකී එක්ක තලා වෙන්න එපා.. ගුකී ආයේ පපා කියන දේ අහනවා.."

කදුළු පුරවන් ගුකී කියනකොට ජන්කුක්ගෙ ඇස් දෙකෙත් කදුලු පිරුනේ තමන් කෑ ගැහුවා වැඩී කියලා දුක හිතුන හින්දා.. චූටි ඉන වටේට අත දාලා ගුකීව උස්සලා ගත්ත ජන්කුක් ගුකීගෙ ඔලුවෙන් තොල් තියාගත්තා..

" පපාට .. සොරි මගෙ පැටියට කෑ ගැහුවට.. පපාට බය හිතුනා මැණික..."

ජන්කුක් අසරණයි.. එයා දැන් බයයි.. එයාගෙ පොඩ්ඩා නැතුව දැන් ජන්කුක්ට ඉන්න බෑ... " මගෙ මැණික .. කවදාවත් මට වයිර කරන්න එපා.. මට දරාගන්න බැරිවෙයි ..ඒක.." කදුලු පාලනය කරගන්න ඇස් පියන් හිටපු ජන්කුක් ඇස් ඇරිපු ගමන් කදුළු බින්දු ගුකීගෙ ඔලුව උඩට වැටුනා...

.

.

.

***********************************


__________________________________Dark_Sunshiner 🤍🥀


Thanks for reading....❤️


To be Continued.....

2022/10/01

Bạn đang đọc truyện trên: AzTruyen.Top