|13|

ඉරිදා දවසක් .. ටේහ්‍යොන්ග් හිටියේ කිම් මැන්ශන් එකේ සෝෆා එකක වාඩි වෙලා හ්‍යුන්ග් එනකම් බලාගෙන... එතකොටම ස්ටෝබෙරි මිල්ක්ශේක් එකක් අරගෙන ජින් කිචන් එක පැත්තෙ ඉදන් ආවා...

" අනේ.. ටේ බෙයා .. බෑ කියන්න එපා.. සෙනූගෙ යාලුවෙක්ගෙනෙ... "

" මට බෑ ජින් හ්‍යුන්ග් .. හ්‍යුන්ග්ව එක්කන් යන්න මාව මොකටද ..."

ටේහ්‍යොන්ග් කීවෙ මිල්ක්ශේක් එක බොන ගමන් අහක බලාගෙන..

" අනේ .. ඔයාගෙ හ්‍යුන්ග් යන පාටි ..'

අත් දෙකත් හරහට බැදගෙන කටත් උල් කරන් ගස්සගෙන ටේහ්‍යොන් ඉස්සරහින් වාඩි උන ජින් අහක බලාගත්තා..

ඔය ඔච්චර ටේහ්‍යොන්ග් බෑ කියන්නෙ , ජින් බලෙන්ම ටේව එක්කන් යන්න හදන සෙනූගෙ යාලුවෙක්ගෙ බර්ත් ඩේ පාටි එක්කට ..

" ඔයාට මන් කීවම තමයි මුකුත් කරන්න බැරි ... දැන් ඉස්සර වගේ මට ආදරේ නෑ ටේ බෙයා ඔයා..."

ජින් අන්තිම තුරුම්පුවත් දැම්මෙ ටේ දිහා ඇස් කොනෙන් බලන ගමන් ...

" ආයිශ්.. එහෙම නෑ ජින් හ්‍යුන්ග් ... ඔයා කියන්නකෝ මන් ඔය පොඩි උන්ගෙ පාටි එකක් අස්සෙ මොනවා කරන්නද කියලා..."

" මුකුත් කරන්න ඕනෙ කීවෙ කවුද ... මාත් එක්ක යන්න එන්න.. ඔයාගෙ හ්‍යුන්ග්ට ඊට වඩා වැඩනේ..."

ජින් කීවේ නම්ජුන්ව මතක් කරන් යන්තම් කේන්තියෙන් ..

" මටත් ඊට වඩා වැඩ තියනවා..." ටේහ්‍යොන්ග් කුටු කුටු ගෑවෙ වීදුරුව දිහා බලාගෙන...

" මොකක්ද ඔයා කීවෙ ටේ බෙයා... මට ඇහුන් නෑ.."

ජින් හයියෙන් කෑ ගැහුවේ කුටු කුටු ගාන ටේ දිහා බලාගෙන ..'

" ආයිශ්... මුකුත් නෑ මුකුත් නෑ .. යන් ඕකට .."

ටේ කීවෙ ඕකට කැමති නොවී අද මෙතනින් ගැලවෙන්න බෑ කියලා අත්දැකීමෙන් දන්න හින්දා... හ්‍යුන්ග් කෝම ඉන්නවද මන්ද.... ටේ හිතුවට ඔය මොන පාට් දැම්මත් ජිනුත් නම්ජූන්ට බයයි ... එයා බෑ කීවොත් කීවම තමයි .. එකම දේ දෙපාරක් කියන් නෑනේ...

" අන්න එහෙම .. නියමයි අපි තුන් දෙනා යමු .."

" මන් ඔයාගෙ ඩ්‍රයිවර් නෙවේ හ්‍යුන්ග් ..."

ජින් සතුටින් කීවම ටේ ඇස් රෝල් කරන ගමන් කීවෙ , මේ විකාර කරනවට වඩා එයාට වැඩ තියන හින්දා..

" එක දවසකට මැරෙන් නෑ .."

ටේට ගස්සන ගමන් ජින් නැගිට්ටෙ එලියෙන් වාහනේ සද්දේ ඇහුන හින්දා... එතකොටම ඇතුලට ආවෙ නම්ජූන් ..

" අහ් .. ටේ ආවද.. යන් ඔෆිස් රූම් එකට ... ජිනී මට බොන්න මොනවාහරි ගේන්න..."

ජින්ට එහෙම කියාගෙනම ටේ එක්ක නම්ජූන් ඇතුලට ගියේ, ආපු වැඩේ කතා කරන්න...

.

.

.

.

" මේ කොහෙද හ්‍යුන්ග් ... මට මෙහෙ පුරුදුයි වගේනේ..."

වාහනේ ඩ්‍රයිව් කරන ගමන් ටේ කීවේ එයාට මේ පාර දිගේ ආවා කියලා පුරුදුයි වගේ දැනුන හින්දා...

" ඔන්න .. ඔතන ගේට් එකෙන් ඇතුලට යන් .. මේක තමා..."

ජන්කුක්ගෙ ගෙදර පෙන්නන ගමන් ජින් කීවා..

" මොකක් ඉන්න .. මේක ජියෝන්ගෙ ගෙදරනේ .. එතකොර බර්ත් ඩේ එක ගුකී බබාගෙද..."

ටේහ්‍යොන්ග් සැකෙන් අහනකොට ජින් පුදුමෙන් ටේ දිහා බැලුවේ ගුකීගෙ නම මතක තියන තරම් එයාව දන්නෙ කොහොමද කියලා හිතන ගමන් ...

" ඔයා .. කොහොමද අපේ ගුකීව දන්නෙ ...? "

" ඇයි .. ගුකී කියන්නෙ ජියෝන්ගෙ පුතානෙ ... නැද්ද..? එයාද සෙනූ බබාගෙ යාලුවා..."

" ඕ.. බෙයා දන්නෝද මගෙ ගුකීව ... අද ගුකී බබාගෙ බර්ත් ඩේ එක .. මං එයාට ලොකූ ටෙඩියෙක් ගත්තා... අර පිතිපස්සට දැම්මෙ මම... "

සෙනූ උත්තර දුන්නෙ හරි උද්‍යෝගෙන් ...

" ඔව් ..ඔව් මං දන්නවා.. දැන් බහින්න ඉතින්.."

ගේ ඇතුලට යන්න අදි මදි කරන ටේවත් ඇදගෙන ජින් ඇතුලට යන්න හැදුවේ..

" මොකක්ද ..හ්‍යුන්ග් නිකමට මට කියන්න එපැයි මෙහෙ එන්නෙ කියල...."

කන් කෙදිරි ග ගා ටේ කියනකොට ජින් ඇස් වපර කරන් බැලුවේ මූ මොකක්ද මේ කියන්නෙ වගේ ...

" කීවෙ නැත්තෙ ඇයි අහන්නෙ... නිකමට අහන්න එපැයි කියන්න.. බෑ කියාගත්තු ගමන් හිටියේ .. විකාර නැතුවා මෙන්න මෙහේ එන්න ටේ ..."

.

.

.

අද ගුකී බබාගෙ බර්ත් ඩේ එක හින්ද ජන්කුක්ට වැඩ ගොඩයි .... හොබීත් ඇවිත් උදව් කරපු හින්දා ප්‍රශ්නයක් නෑ... හවස පාටි එක හින්දා දවල් වරුවම ගෙදර සැරසුවා... ඒකට වැඩිය කවුරුත් නෑ ගුකීගෙ යාලුවෝ කීප දෙනෙකුයි සෙනූ බබයි ජින් හ්‍ය්නුයි හොබී හ්‍යුනුයි විතරයි එන්නේ.. ඒ උනත් ගුකීගෙ හිත සතුටු කරන්න පාටියක් දාන්න ඕන කියලා ජන්කුක් හිතුවා...

හවස ගුකී උඩට ඇන්ද සුදු පාට ටී ශර්ට් එකට නිල් පාට ජම්පින් සූට් එක්කුත් ඇදන් , ලස්සන සුදු පාට බනී ශූස් දෙක්කුත් දාන් , හුරතල් බෝලයක් වගේ ඉස්සරහට වෙලා සැදී පැහැදී හිටියේ එයාගෙ පාටියට එන යාලුවන්ව පිලිගන්න... නර්සරි එකේ යාලුවෝ ටික්කට පස්සෙ ඇතුලට ආවෙ සෙනූ ජින්ලා.. සෙනූ ආපු ගමන් දෙන්නට දෙන්න ගොඩක් තදින් බදාගෙන පිලිගත්තු ගුකී , ජින්ගෙ අත් අතරත් හුරතල් උනා...

මේ හැමදේම දිහා ඈතට වෙලා හිනාවෙවී බලන් හිටපු ජන්කුක් ජින් ගාවට යන්න නැගිටිනකොටයි දැක්කෙ , ඔලුව පිටිපස්සත් කහ කහ හැමතැනම ඇස් යවන ගමන් ජින්ගෙ පිටිපස්සෙන් ඇතුලට එන ටේහ්‍යොන්ග්ව.. " මෙයා .. මොකද මෙහෙ ඇවිත් ...?" තමන්ගෙන්ම ව්‍යාකූල විදියට ප්‍රශ්න කරගන්න ගමන් ජන්කුක් ගියේ මොකක් උනත් දැන් කතා කරන්න එපැයි කියලා හිතන ගමන් ....

" ජන්කුක් .. මන් ඒත් බැලුවා කෝ කියලා... අපේ චූටි බර්ත් ඩේ බෝයි බලන්න අපි ආවෙ .."

ගුකීගෙ ඔලුව ඉබින ගමන් ජන්කුක් දිහා බලල ජින් කීවා...

" ජින් .. හ්‍යුන්ග් එන්න ඇතුලට .. එන්න අපි යන් සෙනූ බබා..."

සෙනූගෙ අතින් අල්ල ගන්න ගමන් ජන්කුක් හැරුනේ තනියම හිටගෙන ආපු විදියටම ඉන්න ටේහ්‍යොන්ග් දිහාට .. කවුරුත් එයාව ගනන් ගත්තෙ නෑනෙ ...

" එන්න .. සර් ඇතුලට ..."

ජින් දිහා හොරෙන් බලන් ගමන් ජන්කුක් හිනාවෙලා ටේහ්‍යොන්ග්ට කතා කරේ මෙහෙම එක පාරට කඩා පාත් වෙන්න එයාට ජන්කුක් මේක ගැන කීවෙ නෑනෙ ...

එතකොට තමා ජින්ගෙ අතේ ඉදලා දගලල දගලලා බිමට පැන්න ගුකී ටක් ගාල ටේහ්‍යොන්ග් ගාවට ගිහින් ටේහ්‍යොන්ගේ කලිසමෙන් අල්ල ගත්තෙ ...

" සමොච්චත් ආවත... ගුකී බබාගෙ බර්ත් ඩේ එකට.. ශෝයි ..ශෝයි.. ආයෙත් අපි රවුමක් යනෝ නේද සමොච්චන් ..."

ඇස් බෝල කරලා බලන ගමන් සතුටින් අත්පුඩියකුත් ගහලා ගුකී කීවෙ ටේහ්‍යොන්ග් මේ හුරතල් බෝලෙ දිහාවට පාත් වෙනකොට ..

" අපි .. ආයෙ වෙලාවක යමුකෝ රවුමක් හොදද... "

ගුකීගෙ ඔලුව ආදරෙන් අතගාන ගමන් ටේහ්‍යොන්ග් කියනකොට , ජින් පුදුමෙන් ජන්කුක් දිහා බැලුවා.. ඔය අතරේ ජින්ගේ කනට ලන් උන ජන්කුක්..

" මේ.. ජින් හ්‍යුන්ග් ... ටේහ්‍යොන්ග් සර් කොහොමද මෙහෙ ආවෙ ...මන් කීවෙ නෑනෙ..."

" ඒක පොඩි වැඩක්... අපි යන්කෝ ඇතුලට .. ඔහ් .. හොබීත් ඉන්නවා නේද..."

ජන්කුක්ට ඇහැකුත් ගහන ගමන් උදේ ඉදන් මහන්සි වෙලා පුටුවක් උඩට වැටිලා ඉන්න හොබී දිහාට ගියේ , ජන්කුක්ගෙ කතාව මගෑරලා...

" ඒ... හොබී නැගිටපන් .. යකෝ පාටියකට ඇවිත් ඔහොම වැටිලා ඉන්නවද බස්සෙක් වගේ .. "

හොබී ගැස්සිල නැගිට්ටෙන්න කන ලගට කරලා කෑ ගහපු ජින් හොබීට එහා පැත්තෙන් වාඩි උනේ දත් සෙට් එක දාලා හිනාවෙන ගමන් ... බැදලා හිටියත් , ලමයෙක් හිටියත් තාම ලමා වැඩ වල නම් අඩුවක් ජින්ගෙ තිබ්බෙ නෑ ... හොබී හුස්මක් පාත දාලා ඔලුව දෙපැත්තට වැනුවෙ කියලා වැඩක් නෑ කියන්න වගේ ..

" බලහන් .. මේ ගේ ඔක්කොම සැරසුවෙ කවුද කියලා... මට මහන්සි .. කෝ උබ දැන්ද ආවෙ .. කාත් එක්කද ආවෙ .."

ආයෙත් පුටුවට හේත්තු වෙන ගමන් හොසොක් ඇහුවේ ජින් දිහා බලන ගමන් ...

" දැන් තමා ආවෙ .. සෙනූයි , ටේයි එක්ක ආවෙ .."

" ඇයි උබේ .. කුමාරයා කෝ .. ඌප්ස් .. සොරි සොරි .. එයාට මේ වගේ තැන් වලට එන්න බෑනෙ ..."

අත කටකින් වහගෙන ඇස් පිය ගහන ගමන් ඩ්‍රැමටික් විදියට හෝසොක් කියනකොට , ජින් අතේ තිබ්බ බෑග් එකෙන්ම හෝසොක්ගෙ ඔලුවට කෙලල ඇරියේ , දන්න කාලෙ ඉදන් නම්ජූනුයි , හොබීයි දෙන්නට දෙන්න ඔහොම්මම හින්දා...

" යකෝ ... දැන් කොච්චර කල්ද බලහන් .. උබත් ඔහොමයි ජූනුත් ඔහොමයි ... නවත්තපන් විකාර උබේ..."

ජින් බැනගෙන බැනගෙන ගියේ, ... තමන්ගෙ හොදම යාලුවගෙ මිහිරි වචන ගැන හොද අවබෝධයක් තියන හොබී ශේප් එකේ ආයෙත් පුටුවට හේත්තු වෙලා ඇස් දෙක පියාගන්නකොට ....

.

.

.

ජන්කුක්ගෙ උදව්වෙන් ගුකී කේක් එක කපලා වටේට ඉන්න හැමෝගාවටම යන්න ගත්තේ අත් දෙකෙන්ම කේක් කෑල්ලත් උස්සගෙන .. හැමෝටම අමාරුවෙන් කේක් කවලා ඉවර වෙලා හැමෝගෙන්ම තෑගි ගන්න වෙලාව ආවෙ ...

සෙනූගෙන් එයා තරම්ම ලොකු කහ පාට ටෙඩියා හම්බුන ගුකී සතුටෙන් කෑ ගැහුවේ , එයාගෙ සෙනූ නූනා කලින් කියලා තිබ්බා වගේම ලොකු වලහෙක් එයාට ගෙනත් දුන්න නිසා... හෝසොක් ගෙනත් තිබ්බ තෑග්ග කලින්ම දවල් ඇගේ එල්ලිලා වද දීලා ඉල්ලගෙන තමා ගුකී දැන් ඒක ඇදන් හිටියේ .. අන්තිමට ගිහින් ටේහ්‍යොන්ග් ගාව නතර උන ගුකී ටේහ්‍යොන්ගේ බෙල්ට් එකේ අග චූටි අතකින් මිරිකලා අදින ගමන් ,ඇහුවේ එයාට මොනාද ගෙනාවෙ කියලා...

ටේහ්‍යොන්ග්ට එතකොට තමා දෙලෝ රත් උනේ... දැනගෙන ආව ගමනක් නෙවේනෙ ... චූටි ඇස් බෝල කරන් බලන් ඉන්න ගුකී පැටියට මුකුත් ගෙනාවෙ නෑ කියලා කියන්නෙ කොහොමද ...

එතනම ගුකී ගානටම බිමට නැමුන ටේහ්‍යොන්ග් ගුකීව නැමිලා තියන කකුල් අතරට අරගෙන ,තමන් මෙච්චර කාලයක් පණ වගේ පරිස්සම කරපු බෙල්ලෙ තියන මාලෙ ගලවල්ල ගුකීගෙ චූටි බෙල්ල වටේට දැම්ම...

මාලෙ බෙල්ල වටේට දාලා චූටි මූන තමන්ගෙ පැත්තට හරවගත්ත ටේහ්‍යොන්ග් ඒකෙ පෙන්ඩන්ට එක උස්සලා ඇගිලි අතරට ගත්තා... ගෝල්ඩ් පාට නෙක්ලේට් එකේ පෙන්ඩන් එකට තිබ්බෙ හදක් එක්ක උඩින් චූටි තරුවක් එල්ලිලා... සුදු පාට චූටි මැණික් ගල් වලින් ලස්සන වෙලා තිබ්බ මාලෙ ටේහ්‍යොන්ගේ වටිනම දෙයක් ..

" ගුකී බබාත් .. ලස්සන චූටි හදක් වෙන්න... කවුරු බලාපොරොත්තු උනත් නැතත් , හැමෝටම එලිය දෙන ලස්සන චූටි හදක් වෙන්න ... කොච්චර කළු වලාකුලු ඇවිත් වැහුනත් හැන්ගෙන්නෙ නැති චූටි ලස්සන හදක් වෙන්න..."

ගුකීගෙ චූටි ලස්සන කම්මුලක් මහපට ඇගිල්ලෙන් අතගාන ගමන් ඔලුව උඩින් හාදුවක් තියලා ටේහ්‍යොන්ග් කීවෙ , ගුකී ටේහ්‍යොන්ගෙ බෙල්ල වටේ අත් දෙක දාලා ටේහ්‍යොන්ගේ කම්මුලකට කිස් එකක් දෙනකොට ...

" තැන්ක්‍යූ .. සමොච්ච... මන් ගුඩාක් මේකට කැමතී ..."

ගුකී කියනකොට ටේහ්‍යොන්ග්ට මතක් උනේ එදා වාහනේ තමන්ගේ ඔඩොක්කට වෙලා මේ මාලෙ ආසාවෙන් බල බල හිටියා කියලා..තමන් ගාවින් ජන්කුක් ගාවට සතුටින් දුවලා යන පොඩ්ඩා දිහා බලාගෙන ටේහ්‍යොන්ග් බිමින් නැගිට්ටෙ ගුකී ඉබපු කම්මුලත් අල්ලට ගමන් ... ගොඩක් කාලෙකින් , අවුරුදු ගානකින් තමන්ගෙ කම්මුලකට ආදරණීය හාදුවක් හම්බුනා.. ටේහ්‍යොන්ගේ හිත ගැහුනා...

.

.

.

ටේහ්‍යොන්ග් හිටියේ එයාගෙ මැන්ශන් එකේ ඇදට වෙලා සිවිලිම දිහා බලාගෙන කල්පනා කර කර... අද හරි අමුතු හැගීමක් හිතට දැනෙනවා.. ගොඩ කාලෙකින් පුරුදු දෙයක් හම්බුනා වගේ... කවුරුත් ලගට එන් නැති ටේහ්‍යොන්ග් ලගට බය නැතුව එන පොඩ්ඩා, ටේහ්‍යොන්ගෙ හිත පොඩ්ඩ පොඩ්ඩ හොරකම් කරලා තිබ්බා..

බාත් රොබ් එක විතරක් ඇදලා හිටියා ටේහ්‍යොන්ග් එහෙමම බැල්කනි එකේ දොර ඇරගෙන බැල්කනියට ආවෙ ලාවට වැටෙන පොද වැස්ස ගනන් ගන් නැතුව... වලාකුලු වලින් යන්තමට වැහිලා තිබ්බත් හද ලාවට පේනවා... වෙනදට ටේහ්‍යොන් කතා කරන තරුව අද අහසෙ පෙන්න තිබ්බෙ නෑ...

" ඔයා මාත් එක්ක තරහ නෑ නේද මැණික... අපේ මාලෙ පොඩ්ඩට දුන්නට ... ඔයා නැතුව මතකෙකට කියලවත් මට තිබ්බෙ ඒක විතරයි .. ඒත් මට වැඩිය ඒක ආරක්ෂා කරන්න පුලුවන් තැනක දැන් ඒක තියෙන්නෙ.. මට හොදටම විශ්වාසයි මටත් වැඩිය හොදට ඒක තියෙයි ... "

අහස දිහා බලාගෙන මිමිණුව ටේහ්‍යොන්ග් ඇතුලට ආවෙ ලාවට තෙමුණු කොන්ඩේ අත් දෙකෙන් උඩට කරන ගමන් ...

.

.

.

.

**************************************

_________________________________Dark_Sunshiner 🤍🥀

Boring....?

Thanks for reading....❤️

To be Continued.....

2022/09/30

Bạn đang đọc truyện trên: AzTruyen.Top