|09|
ජන්කුක් හිටියේ තමන්ගෙ ගෙදර බැල්කනියට වෙලා.. හවස් වෙලා ඉර බැහැගෙන යන ගමන් තිබ්බා.. බැල්කනියේ තිබ්බා ටේබල් එකේ ගුකී එයාගෙ හෝම් වර්ක් කර කර හිටියා..
කිචන් එකට ගිහින් එයාට බොන්න කෝපි එක්කුයි ,ගුකීට කිරි එක්කුයි හදාගෙන ආයෙ ආපු ජන්කුක් කිරි එකට ආයෙත් පිබලා ගුකී අතට දුන්නෙ අතේ තියන් හිටපු පැස්ටල් කූර අයින් කරලා... එයත් එහා පැත්තෙ හාන්සි පුටුවෙන් වාඩි වෙලා කෝපි එක බොන්න ගත්තෙ කල්පනාවකින්...
අලුතෙන් පටන් ගත්තු හොටෙල් ප්‍රොජෙක්ට් එකේ වැඩ පටන් ගන්න හදන්නෙ ... ඒකට ටේහ්‍යොන්ග් එක්ක ජන්කුක්ට බුසාන් යන්න වෙනවා.. ඒත් ගුකීව දාලා යන්න ජන්කුක්ට බෑ.. කොච්චර දවසක්ද කියන්න බැරි හින්ද එක්ක යන්නත් බෑ.. ජන්කුක්ට ටික්කට කලින් ආපු මේල් එකේ ඒ පණිවිඩේ තිබ්බෙ ...
හෙට ජන්කුක්ගෙ නිවාඩු දවස ඉරිදා.. අද ටිකක් කලින් ඕෆ් වෙන්න පුලුවන් උනා ජන්කුක්ට.. ඒ හින්ද මේ හවස මෙහෙම නිදහසේ ඉන්නෙ .. අනිද්දා උදේම බුසාන් යන්න ඕන ඒත් හෝසොක් ට කරදර කරන්න ජන්කුක්ට බෑ මොකද හොස්පිටල් එකේ වැඩත් එක්ක හවස් වරුව ගුකීව බලාගන්න එකත් ජන්කුක්ට ලොකු උදව්වක් උනා.. ඒ හින්ද තවත් කරදර කරන්න ජන්කුක්ට පුලුවන් උනේ නෑ..
" පපා.. පපාආආආආ.."
එක පාරටම ගුකී කෑ ගහනව ඇහිලා ජන්කුක් කල්පනා ලෝකෙන් මිදුනා..
" මොකද කෑ ගහන්නෙ පොඩී...."
ජන්කුක් ඇහුවෙ ලාවට රවලා බලන ගමන්..
" මං ඉතින් පපාට කොච්චර කතා කලාද.. පපා මං දිහා බැලුවෙවත් නෑනෙ ඉතිම්ම්..."
කටත් උල් කර කර ගුකී කියනකොට ජන්කුක්ට හිනා ගියා..
" ඉතිම් ..ඇයි පොඩී..කතා කරේ පපාට.."
" පපා බලන්නකෝ මං ච්රිත්තයක් ඇන්දා.. මගෙ අලුත් යාලුවා කවුද දන්නවද පපා... මේ සෙනූ නූනා ... මේ එතෝට මං..."
" කවුද පොඩී සෙනූ නූනා කියන්නෙ ...?"
" පපා මහ නලකයි .. පපා මං කියන ඒවා අහන් නෙවේලෙ ඉන්නේ... "
" අනේ ... ඒම නෑනේ මැනික .. කෝ කියන්නකෝ .. මං අහන් ඉන්නේ..."
" සෙනූ නූනා තමා ගුකී බබා ඔන්තිල්ලාවෙන් වැටුනාම නැගිටිල්ල උදව් කරේ ... මගෙ අලුත් යාලුවා සෙනූ නූනා......"
ගුකී එයාගෙ විස්තර කියනකොට ජන්කුක්ට කෝල් එකක් ආවා...
.
.
.
- " හෙලෝ.. හොබී හ්‍යුන්ග් කියන්න..."
=" ජන්කුක් ... වැඩකද හිටියේ ඔයා.."
- " නෑ .. හ්‍යුන්ග් මේ ගුකී හෝම් වර්ක් කරනකම් එයත්
එක්ක හිටියේ.. කියන්න හ්‍යුන්ග් ඇයි හදිසියක්ද...?"
=" නෑ .. ජන්කුක් මගෙ පරන යාලුවෙන් හම්බුනා එදා ගුකී
ගියාම ... ගුකීගෙ යාලුවගෙ අප්පා... එයා ඩිනර් එකට
මට ඉන්වයිට් කරා ඔයාටත් එක්ක... බයවෙන්න එපා
මගෙ යාලුවා ඉන්නෙ .. ඔයාටයි ගුකී බබාටයි එන්න
පුලුවන් ද... මම එන්නම් ඔය දෙන්නව ගන්න..."
- " ම්ම් ... හ්‍යුන්ග් එහෙම කමක් නැද්ද .. "
= " මොනවද අහන්නෙ ජන්කුක් ... අනික ගුකී බබාට කතා
කතා කරේ ... හත වෙනකොට රෙඩි වෙලා ඉන්න මං
එනවා හරිද .. මං තියන්නම් ඒනම් මං හොස්පිටල්
එකේ ඉන්නෙ ...."
- " හරි .. හ්‍යුන්ග් ... පරිස්සමට එන්න..."
.
.
.
.
.
.
_____________________
" ජිනී ... මන් ආවා.."
නම්ජූන් ජින්ට කතා කරගෙනම ඇතුලට ආවා..
" ජූන් .. අපි කිචන් එකේ මෙහෙට එන්න.."
ජින් කෑ ගහලා කීවම නම්ජූන්ගෙ මූනෙ හරී ආදරණීය හිනාවක් ඇදුනා.. මොනවා උනත් නම්ජූන්ට හරිම ආදරණීය පවුලක් තිබ්බා.. මොන ප්‍රශ්නෙ තියාගෙන ගෙදර ආවත් එක මොහොතකින් ඒක අමතක කරන්න පුලුවන් ආදරණීය තුරුලක් නම්ජූන්ට තිබ්බා.. ලස්සන හිරතල් පැන්චියක් ගෙදර හිටියා.. ඒ අතින් නම්ජූන් වාසනාවන්තයි .. තමන්ගෙ මල්ලිගෙ සතුට ගැන මතක් වෙනකොටයි නම්ජූන්ට ඉවසන්න බැරි උනේ..
නම්ජූන් කිචන් එකට යනකොට ජින් බරටම උයනවා.. අපී කියලා කීවට සෙනූ පේන්න හිටිය නැති හින්දා පෝන් එක ටේබල් එක උඩින් තියන ගමන් ජින්ව බැක් හග් කරා... පිටිපස්සෙන් ජින්ගෙ බෙල්ලට තෙත හාදු දෙන්න ගත්ත නම්ජූන් තවත් ජින්ව ඇගට හිර කර ගත්තෙ ජින්ගෙ මූන තමන්ගෙ පැත්තට හරවගන්න ගමන් ...
වැලමිටෙන් ඇනලා ජින් මොනවා හරි කියන්න උත්සහ කරත් නම්ජූන් දිගටම ජිනීගෙ තොල් සිප ගන්න වැඩේ කරගෙන ගියා.. පස්සට මොක්කින් හරි පාරක් වැදුනා කියලා දැනුන හින්දා ජින්ව අතෑරලා පිටිපස්ස හැරුනමයි නම්ජූන් දක්කෙ පොඩි රෝලින් පින් එක්කුත් අතේ තියාගෙන පිටි නාගෙන මූනත් දෙක කරන් තමන් දිහා බලන් ඉන්න සෙනූව...
" මොකක්ද ඩඩා උයා කරන්නෙ ... පපාව කන්න හදන්නෙ .. ඩඩාට බඩගිනිනම් වෙන මුනා හරි කල්ලකෝ ගිහින් මගෙ පපාව කන්නෙ නැතුව..."
කටත් උල් කරන් රෝලින් පින් එකත් දික් කර කර සෙනූ කෑ ගහනකොට නම්ජුන් ජින් දිහා බැලුවෙ අසරණ විදියට ... ඒකට හයියෙන් හිනා උන ජින් ආයෙත් එයාගෙ වැඩේ කරන්න හැරෙනකොට , නම්ජුන් හැරුනේ සෙනූ දිහාවට...
" ඉතින්.. මගෙ ප්‍රින්සස් මොකද කරන්නෙ .. අද කෑම හදන්නෙ ප්රින්සස්ද..? ඒනම් හොදයි අද ඩඩාට හොදට කන්න පුලුවන..."
සෙනූ වඩාගෙන සෙනු බබාගෙ නහයෙ තමන්ගෙ නහය ගාවන ගමන් නම්ජුන් ඇහුවා..
" ඩඩා.. ඩඩා දන්නෝද අද මගෙ යාලුවා එනවනේ ඩිනර් එකට මෙහෙත... හොබී සමොච්චත් එනවා..."
සෙනූ කියවන් යනකොට නම්ජූන් හැරුනේ ජින් දිහාවට ඇත්තද අහන්න වගේ..
" ජූන් .. ඔයා එන හින්ද මන් කෝල් කරේ නැත්තේ... එදා සෙනූ බබාව ගන්න ගියාම මට හෝසොක් හම්බුනා... එදත් කතා කරන්න බැරි උන හින්ද මන් අද ඩිනර් එකට මෙහෙ එන්න කීවා .. කමක් නෑ නේද.. සෙනූ බබාගෙ යාලුවයි එයාගෙ අප්පත් එනවා.."
" හොබී කියන්නෙ අර ඔයාගෙ වදකාර යාලුවද .. හ්ම් හ්ම් කමක් නෑ .. එන්න කියන්න.. හැබැයි ජිනී දන්නවනේ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්න බෑ හරී..."
නම්ජූන් අන්තිම ටික ගැඹුරු කට හඩකින් අවදාරනය කරලා කියනකොට ජින් ඉක්මනට ඔලුව වනලා හරී කියලා කීවෙ එහෙම ප්‍රශ්නයක් වුනොත් ජින්ටත් ප්‍රතිපලේ වෙනසක් නැති හින්ද...
නම්ජුන් එහෙම්මම වොශ් එකක් දාගන්න ගියේ යුන්ගිටයි ටේහ්යොන්ග්ටයිත් කතා කරලා එන්න කියන්න කියපු එකට හා කියාගෙන...
.
.
.
.
_______________________________
ටේහ්‍යොන්ග් හිටියේ වොශ් එකක් දාගෙන බාත්රොබ් එක පිටින්ම ඇදට වෙලා.. කවුරුත් නැති මැන්ශන් එකේ ඇදුම් අදින්න ඕන නෑ කියලා ටේහ්‍යොන්ග් හිතුවේ... නම්ජූන්ගෙන් කෝල් එකක් එන්නෙ එතකොට...
.
.
.
- " හෙලෝ...ඇයි හ්‍යුන්ග් හදිසියක්ද.."
=" හදිසියක් නෙවෙයි .. ජිනී කීවා අද ඩිනර් එකට මෙහෙ එන්න කියලා.."
- " මට එන්න වෙන්නෙ නෑ..."
= " ඇයි මොකද .. එන්න වෙන්නෙ නැත්තෙ.."
- " මට වැඩක් තියනවා .. මන් තියනවා පෝන් එක.."
=" පෝන් එක තියන්න බැරිනම් ඕන එකක් කරගනින් .. උබට මම නොදන්න වැඩ තියෙන්න බෑනෙ .. මගෙ යකා අවුස්සගන් නැතුව අද ඩිනර් එකර වරෙන්..."
.
.
.
" ජූන් ... ටේ බෙයා එනවා කීවද ... "
පහලට ආව නම්ජූන්ගෙන් ජින් ඇහුවෙ ටේ බෙයා නැතුව ගෙදර පාලු හින්දා...
" එයා එයි.. "
ජින්ට තේරුනා දෙන්න ආයෙත් කෑ ගහගෙන කියලා...
____________________________
" හ්‍යුන්ග් ..අනේ මට නම් බෑ වගේ .. දන්නෙත් නෑ මම එයාලව.. හ්‍යුන්ග්ට බෑ කියන්න බැරි හින්ද මම ආවෙ.."
ජන්කුක් හිටියේ හෝසොක්ගෙ වාහනේ ඇතුලේ ගුකී එක්ක ඩිනර් එකට යන ගමන් ...
" එහෙම නෑ ජන්කුක්... ඔයා බලන්නකෝ ගියාම කැමති වෙයි.. ජින් හරි හොදයි .. මාත් එක්ක කලින් වැඩ කරේ .. මැරි කරාට පස්සෙ අයින් උනා..."
ටිකකින් වාහනේ ඇවිත් නැවැත්තුවේ ලොකූ කලු පාට ගේට් එකක් ගාව.. ගාඩ්ලා දෙන්නෙක් ආවාම හෝසොක් ශටර් පාතට දැම්මා..
" මන් හෝසොක්.. ජින් මගෙ යාලුවෙක් .."
නම කීවම මූන දිහා බලල ගේට් එක ඇරල දුන්නෙ වාහනේ ඇතුලට ගන්න .. තවත් වාහනයක් එලියේ නවත්තලා තිබ්බ ජන්කුක් දැක්කා.. වාහනෙන් බැහැලා බැලුවමා ලොකූ මන්දිරයක් ඉස්සරහ එයාලා හිටියේ.. ජන්කුක් ගුකීව වඩාගත්තෙ ගුකී චුට්ටක් බයවෙලා හිටපු හින්දා.. හෝසොක් දිහා බැලුවම හිනා වෙලා ඇතුලට යන් කියලා අත දික් කරා.. හෝසොක්ගෙ පිටිපස්සෙන් ගිය ජන්කුක් බැලුවෙ මෙච්චර ගාඩ්ලා මේ ගෙදර ඉන්නෙ මොකද කියලා.. ඇතුලට යන්න දොර ඇරලා දුන්නම කට්ටියම ඇතුලට ගියා...
ලිවින් රූම් එකට ගියාම ජන්කුක් පුදුම උනේ බලාපොරොත්තු නොවුනු කට්ටිය ඇතුලේ හිටපු හින්දා...යුන්ගි සෝෆා එකේ දිගා වෙලා හිටියා, ඊට එහා පැත්තෙ ජිමින් ඉදගෙන හිටියා යුන්ගිට කෑ ගහ ගහ... ඒ බලලා අනිත් පැත්ත හැරෙනකොට ජන්කුක්ගෙ කම්පැනි එකේ බොස් නම්ජූන් ඇතුලේ ඉදන් ඇවිදන් එනවා...
ඇත්තටම ජන්කුක් බය උනා... ආයෙත් හැරිලා යන්න තරම්.. ඒත් දැන් කරන්න දෙයක් නෑ..
එතකොටම ඇතුලෙ ඉදන් ආවෙ ජින්...
" හෝසොකා.. ඔයා ආවා එහෙනම්..."
හෝසොක්ව බදාගෙන කතා කරපු ජින් ඊළඟට හැරුනේ ජන්කුක් දිහාටයි ජන්කුක්ගෙ බෙල්ල අස්සෙ තාමත් මූන ගහන් ඉන්න ගුකී දිහාටයි...
" ඔහ්... ඔයාද අපේ හොබීගෙ යාලුවා... කොහොමද.. මම ජින්...,, කෝ ගුකී බබා බලන්නකෝ ..මාව අදුරන්නෙ නෑද..."
ජින් හරි ආදරෙන් කතා කරාම ජන්කුක්ගෙ නොසන්සුන් ගතිය ටිකක් අඩු උනා..
" කොහොමද ජින් හ්‍යුන්ග් ... මන් ජන්කුක් ...මන් .. ජින් හ්‍යුන්ග් කියලා කතා කරාට කමක් නැද්ද ..."
හීනි හඬකින් කතා කරන ගමන් ජන්කුක් ඇහුවා..
" අනේ.. ඒක කොච්චර හොදද පැටියෝ... "
කියලා ජන්කුක්ගෙ කම්මුලකුත් මිරිකන ගමන් , ජින් ගුකීව අතට ගත්තා..
"ඔයාගෙ යාලුවා අරෙහෙ ඉන්නවා ගුකී බබා.. එන්න අපි යමු එයාව බලන්න.."
.
.
.
ඒ අතරේ නම්ජුම් ආවෙ හෝසොක් ගාවට.... දෙන්නට දෙන්න හරි ලොකුකමෙන් බලාගෙන හිටියේ ...
" අහ්.. හොබී.. කොහොමද ඉතින්... සාදරයෙන් පිලිගන්නවා.."
කින්ඩියට කතා කරන නම්ජූන් දිහා ඇස් කරකවලා බැලුවා හෝසොක් නම්ජූන් දික් කරපු අතට සද්දෙ ඇහෙන්නම ගහන ගමන්...
" කොහොමද නම්ජූන්...මං ආවෙ ජිනී බලන්න ... "
කියලා ගස්සගෙන සෝෆා එකෙ ජිමින්ට එහා පැත්තෙ එකෙන් වාඩි උනා..
" ජන්කුක් ... කොහොමද ඉතින් .."
යුන්ගි කතා කරේ ජන්කුක් නර්වස් වෙලා ඉන්න හින්දා..
" හොදයි .. යුන්ගි සර්...කොහොමද ජිමින් සර්..."
දෙන්නටම ඔලුව නවන ගමන් ජන්කුක් කතා කරා..
" අනේ .. මොකක්ද ජන්කුක් .. ජින් හ්යුන්ට වගේ අපිටත් හ්‍යුන්ග් කියන්න.."
ජිමින් ඇස් ගිලෙන්න හිනාවෙලා කියනකොට ජන්කුක් හිනාවෙලා නම්ජූන්ටත් ඔලුව නවලා ආචාර කරා..
නම්ජුන්ට ජන්කුක් ගැන මතකයක් තිබ්බෙ නෑ.. ඒ උනත් ජන්කුක්ට හිනාවෙලා ඉදගන්න කියලා කීවා..
.
.
.
ජන්කුක් දන්නවා නම්ජූන්ගෙ මල්ලි ටේහ්‍යොන්ග් කියලා.. එයත් මේ කොහෙන් හරි මතුවෙයි කියලා ජන්කුක් බයෙන් ඉදගෙන හිටියේ... ටික වෙලාවක් යනකොට අනිත් අය කතා කරන්න පටන් ගත්තම ජින් ඇවිත් ජන්කුක්ව කිචන් එකට එක්කගෙන ගියා.. එතකොට තමයි ඔය ගුකී කියන සෙනූ නූනගෙ පපා ජින් හ්‍යුන්ග් කියලා ජන්කුක් දැන ගත්තෙ... හයියෙන් කෑ ගහ ගහ දෙන්න එක්ක ගේ පුරා සෙල්ලම් කරන සද්දෙ ජන්කුක් අහන් හිටියේ ආසාවෙන් ...
ජින් කෑම ඔක්කොම හදලා තිබ්බෙ , ජන්කුක් කෑම ගන්න කලින් ගුකීව වොශ් කරවන්න ගුකීව හොයන් ගියෙ මේ වෙනකොට සද්දෙ ටිකක් අඩු වෙලා තිබ්බ හින්දා.. ජින් කියපු පැත්තට ඇවිදගෙන ගියත් කවුරුත් හිටපු නැති හින්දා කොරිඩෝ එක දිගේම ගියේ ඒ පැත්තට ගුකී ගියාද කියලා දන්නෙ නැති හින්දා.. වෝල් ලෑම්ප් හයි කරලා තිබ්බ ඒ පැත්ත ටිකක් කලුවරට තිබ්බේ..
ගාඩ්න් එකට වගේ යන්න ග්ලාස් ඩෝ එකක් ඇරිලා තිබ්බ හින්ද ජන්කුක් එතනින් එලියට යන්නයි ගියේ...
" ගුකී... ගුකී බබා ඔයා මෙහෙද...."
ජන්කුක් කෑ ගහ ගහ එලියට අඩිය තියනකොටම තමන්ගෙ බෙල්ල හිරවෙනවා වගේ පැත්තකට ඇදිලා යනවා දැනුනා..
" කැහ්..කැහ්... අනේ කවුද... මට යන්න දෙන්න..."
එක පාරටම උන දේන් කලබල උන ජන්කුක් කෑ ගහන්න ගත්තා...
" කට වහගනින් ... උබ කොහොමද මේ පැත්තට ආවෙ... උබ කවුද කියපන් මැරුම් කන් නැතුව..."
තමන්ගෙ කන ගාවින් ඇහුන ගොරෝසු කටහඩට ජන්කුක් බය උනා.. එහෙම්මම ඇදලා අරන් ජන්කුක්ව දනගැස්සුව...ජන්කුක්ගෙ ඇස් දෙකෙ කදුළු පිරිලා තිබ්බා...
" මොකක්ද .... මෙතන මේ වෙන්නෙ....?"
.
.
.
.
.
______________________________Dark_Sunshiner 🤍🥀
Thanks for reading.....❤️
To be Continued.....
2022/09/23
Bạn đang đọc truyện trên: AzTruyen.Top