|08|

හැමෝම හිටියේ මීටින් රූම් එකේ ...මීටින් එකට හැමෝම ඇවිත් හිටියා.. එන්න තිබ්බේ ටේහ්‍යොන්ග් විතරයි .. ටිකකින් කාමරේ දොරත් ඇරගෙන ටේහ්‍යොන්ග් ඇතුලට ආවා.. ජන්කුක් ඉක්මනට ටේහ්‍යොන්ගෙ ඉස්සරහම තිබ්බ පුටුව පිටිපස්සට ඇදලා අයින් උනා..

" අපේ කම්පැනි එකෙන් අපි ගෙනාපු මේ යෝජනාවට එකතු වෙන්න තීරණය කරාට හැමෝටම ස්තූතියි .. අපි ඒ අපේ කම්පැනි එක ගැන තිබ්බ විශ්වාසය රකින්න පොරොන්දු වෙනවා... දැන් අපිට පටන් ගන්න පුළුවන්.. පටන් ගන්න..."

හිටපු හැමෝටම කතා කරලා ටේහ්‍යොන්ග් ඉදගත්තම ජන්කුක් මීටින් රූම් එකේ ලයිට්ස් ඔක්කොම ඕෆ් කරලා ලොකු ස්ක්‍රීන් එක ඔන් කරා..

කම්පැනි එකේ එම්ප්ලොයි කෙනෙක් ප්‍රොජෙක්ට් එක විස්තර කරන්න පටන් ගත්තම හැමෝම හොද අවදානෙන් බලන් හිටියා.. ටේහ්‍යොන්ග් හැම කෙනෙක්ගෙම ඇස් දිහා බලමින් අහගෙන හිටියා.. මොකද මේක ටේහ්‍යොන්ග් ඇවිත් පලවෙනියටම කරන ප්‍රොජෙක්ට් එක..

පැයක් විතර තිබ්බ විස්තර කිරීම හොදටම තිබ්බා.. මුල මැද අග කිසිම අවුලක් නැතුව හොදට සන්විධානය කරලා තිබ්බා.. මෙච්චර අඩු වයසකින් ටේහ්‍යොන්ගෙ පලවෙනි ප්‍රොජෙක්ට් එක සාර්තක වෙන්න ඕනෙ මූලික ලක්ෂන ඒ ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක්ට කියන්න පුලුවන්..

පුටුවේ පිටිපස්සට වෙන්න හේත්තු වෙලා වැලමිට දෙක පුටු අත් දෙකට තියාගෙන අත් දෙකේ ඇගිලි එකතු කරන ගමන් අනිත් අයගෙ ප්‍රතිචාර හම්බෙනකන් ටේහ්‍යොන්ග් බලාගෙන හිටියා... දිග ටේබල් එකේ අනිත් කොනට වෙන්න යුන්ගි පොඩි ආඩම්බර හිනාවක් තියාගෙන ටේහ්‍යොන්ග් දිහා බලන් හිටියා.. මොකද මේ ඉස්සර හිටපු දඩබ්බර කොල්ලා නෙවේ ...දැන් ටේහ්‍යොන්ග් සම්පූර්ණයෙන්ම වෙනස් ... ඒක මුල ඉදන්ම ටේහ්‍යොන්ග් ගාව හිටිය යුන්ගියට හොදටම තේරුනා...

" මිස්ටර් කිම්... අපි මිස්ටර් නම්ජූන්ව විශ්වාස කරලා මේ ප්‍රොජෙක්ට් එකට කැමති උන බව ඇත්ත.. ඒත් පලවෙනියටම මිස්ටර් කිම්ට මෙච්චර ලොකු ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න පුලුවන් කියලා හිතනවද... ?"

චෝයි කම්පැනි එකෙන් ප්‍රොජෙක්ට් එකට ජොයින් වෙන්න ආපු මිස්ටර් ලී එහෙම කීවෙ අවිශ්වාසයෙන්...

" ඔෆ් කෝස් .. මිස්ටර් ලී .. මට විශ්වාස හින්දයි මං පටන් ගත්තෙ... මිස්ටර් ලීට ප්‍රශ්න තියනවනම් අහන්න පුලුවන් ..."

ටේහ්‍යොන්ග් ඒත් එක්කම කතා කරා..

" මේක ලොකු ප්‍රොජෙක්ට් එකක් මිස්ටර් කිම් ... මේ හොටෙන් එක ඒ වගේ ප්ලේස් එකක හදන එක හොදයි කියලා කොහොමද කියන්නෙ ... අනික මිස්ටර් කිම් කියන විදියට මේක ෆොරස්ට් එක ඇතුලේනම් ඒකෙ අනාරක්ෂිත බවකුත් තියනවා... කිසිම සහතිකයක් නැතුව අපි කොහොමද මේකට ඉන්වෙස්ට් කරන්නෙ ...?

මිස්ටර් ජන්ග් කියලා ඉවරවෙනකොට , ආයෙත් මිස්ටර් වෑන්ග් කතා කරන්න පටන් ගත්තා..

" අනික මිස්ටර් කිම් එක පාරටම ඇවිත් මෙහෙම කම්පැනි එක හැඩ්ල් කරන්න අරගත්තට අපිට මේකට එක පාරටම කැමති වෙන්න බෑ.. "

මේ හැමදේම නිශ්ශබ්දව ඇස් පියාගෙන හගෙන හිටපු ටේහ්‍යොන්ග් අන්තිම ටික ඇහෙනකොට අත් දෙක මිටිමෙලවෙනවා ජන්කුක් දැක්කා...

මේසෙට අත් දෙක තියලා නැගිට්ට ටේහ්‍යොන්ග් ටේබල් එක වටේටම බැලුවා..

"ඉස්සල්ලම හොටෙල් එක ෆොර්ස්ට් එක ඇතුලෙ හදන්න සුදුසුද නැද්ද ඒකෙ සේෆ් එක ගැන ඔයාලට ලැබෙන්න සැලැස්සුව ෆයිල් එක බැලුවනම් අදාල විස්තර ඔක්කොම තියනවා... වගකීමක් තියන Ceo ලා විදියට මුලින්ම තියන දේවල් වලට අවදානය යොමු කරොත් හොදයි කියලා මම හිතනවා... එතකොට ඔබතුමන්ලගෙ විශ්වාස ය රකින්න අපි බැදිලා ඉන්නවා... මිස්ටර් නම්ජූන් මේක මට භාර දුන්න එක ගැන ප්‍රශ්නයක් තියනවනම් ., මේකත් එක්ක වැඩ කරන්න බැරිනම් අතන දොර තියනව මේක රිජෙක්ට් කරලා යන්න පුලුවන් ...
මං මේකට මේ කම්පැනි තුන ජොයින් කරගන්න හිතුවෙ ගොඩක් කල් ඉදන් අපේ කම්පැනි එකත් එක්ක වැඩ කරන හින්ද ... මේකට ජොයින් වෙන නැති එක ඔබතුමන්ලගෙ තීරණයක් ...
ඒ වගේම මම හිතනවා ඔය කවුරුත් මෙතනට ආවෙ මගෙ කොලිෆිකේශන් බලන්න නෙවෙයි කියලා.. සෝ .. තීරණයක් අරගෙන මට දැනුම් දෙන්න..."

ගොඩක් ඉවසීමෙන් කතා කරපු ටේහ්‍යොන්ග් එතනින් නැගිටලා දොර වේගෙන් වහගෙන එලියට ගියා.. කියපු දේවල් මොලේට ප්‍රොසෙස් කරගන්න ගමන් ඉන්න කට්ටිය දිහා කරදරකාරි බැල්මක් දාපු යුන්ගිත් ඉක්මනට ටේහ්‍යොන්ග් පස්සෙන් ගියේ ටේහ්‍යොන්ග් ට කේන්ති ගියා කියලා දැක්ක හින්දා..

ඇස් ලොකු කරන් බලන් ඉඩ්ජපු ජන්කුක් ස්ක්‍රීන් එක ඕෆ් කරලා අනිත් කට්ටිය ට යන්න කියලා ඇගෙව්වෙ මෙතන තවත් ඉදලා තේරුමක් නැති හින්දා...

.

.

.

.

යුන්ගි ටේහ්‍යොන්ගෙ කැබින් එකට යනකොට පුටුත් පොලවෙ ගහලා .. ලැප් එකත් පොලවෙ ගහලා ටේහ්‍යොන්ග් ග්ලාස් වෝල් එකෙන් එලිය බලාගෙන හිටියා...

" ටේහ්‍යොන්ග් ... "

යුන්ගි ඇතුලට ඇවිත් කතා කරා..

" හ්‍යුන්ග් යන්න .. මට තනියම ඉන්න ඕනෙ.."

යුන්ගිට කෑ ගහන්න තියන අකමැත්තට ටේහ්‍යොන්ග් කතා කරා..

" හරි මම යන්නම් .. උබ සන්සුන් වෙයන්.. උන් කොහොමත් මේක උඩට යනවට කැමති නෑනේ.. එක එකාගෙ රෙද්ද අස්සෙ ඉදන් කියවන ඒවට උබ කේන්ති ගන්න ඕනෙ නෑ... "

යුන්ගි කතා කරලා එලියට ගියා. " හ්ම්.." ටේහ්‍යොන්ග් හිටිය විදියටම අනිත් ගොඩනගිලි වල මුදුන දිහා බලන් හිටියා.. ඔක්කොම පටන් ගත්තා විතරයි , මොකෙක් හරි ඇවිත් ඒක අවුල් කරනවා..

.

.

.

.

ජන්කුක් ටේහ්‍යොන්ගෙ කැබින් එක ඉස්සරහ යුන්ගි එලියට එනකොට.. ජන්කුක් ඇතුලට යන්න හැදුවත් යුන්ගි ජන්කුක්ව නවත්ත ගත්ත...

" සර්ට කේන්ති ගිහින් ඉන්නෙ.. පරිස්සමට .. ටිකකින් ගිහින් කැබින් එක අස් කරලා දාන්න..."

ඒ ටික කියාගෙනම යුන්ගි ලිෆ්ට් එක ලගට ගියා. ජන්කුක් ටිකක් වෙලා ඉදලා මීරින් රූම් එකෙන් අරන් ආව ෆයිල් ඩගොඩත් බදාගෙන තමන්ගෙ කැබින් එකට ගියේ තව ටික්කින් එන්න කියලා හිතාගෙන.. අඩු වයසින් මැරුම් කන්න ඕනෙ නෑනෙ..

_______________________________

හෝසොක් හිටියෙ ගුකීගෙ නර්සරි එක ඉස්සරහ වාහනෙ නවත්තගෙන ගුකී එනකන් .. ඈතින් තව චූටි ගෑනු ලමයෙක්ගෙ අතිනුත් අල්ලගෙන වතුර බෝතලෙත් කිහිලෙ ගහගෙන එන ගුකීව දැක්කම හෝසොක්ගෙ මූනට ආදරණීය හිනාවක් ආවා... ජන්කුක්ගෙ වගේම බෝල ඇස් දෙකක් ගුකීටත් තිබ්බ.. ගුකී කියන්න බැරි තරම් හුරතල් බෝලයක් හින්ද එයා එක්ක ඉන්න කාටවත් පාලුවක්නම් තිබ්බෙ නෑ..

හෝසොක් ස්පෙශල් සර්ජරි විතරක් කරන හින්ද එයාට වෙලාව මැනේජ් කරගන්න ලේසි උනා ගුකීව බලාගන්න.. ඇරත් ගුකී වගේම හුරතල් ජන්කුක්ට බෑ කියන්නත් හෝසොක්ට පුලුවන්කමක් තිබ්බෙ නෑ... දරුවෙක් හිටියට ජන්කුක්ට ඒ තරම් වයසක් නෑ.. ඒ වගේ පොඩි වයසකින් ජන්කුක් ලොකු වගකීමක් අරන් තිබ්බෙ..

" හොබී සමොච්චන්න්න්..."

ගූකී එනව දැකලා එලියට බැස්ස හෝසොක්ව දැක්ක ගමන් ගුකී කෑ ගහගෙන ඇවිත් හෝසොක්ගෙ කකුලේ එල්ලුනා..

" ඕ... චූටි මැණික ආවද... අපි යමු ඒනම් .."

එහෙම්මම පහලට නැවිලා ඔලුවෙන් කිස් එකක් තියන ගමන් , ගුකීගෙ බෑග් එකයි වතුර බෝතලෙයි එක අතකට අරගෙන අනිත් අතින් ගුකීගෙ අතකින් අල්ලගෙන හෝසොක් කීවා..

" අපි යනවා නූනාආආ.."

ගුකී එක්ක ආව චූටි ගෑනු ලමයට අත වනන ගමන් ගුකී කෑ ගහලා කීවා.. එතකොටයි හෝසොක් ඒ පැත්ත බැලුවෙ .. ඒ ගෑනු ලමයා එයාගෙ අප්පා අතින් අල්ලන් ඉන්නවා .. ගුකීගෙ යාලුවගෙ අප්ප දිහා බලල හිනාවෙන්න හෝසොක් මූන දිහා බැලුවමයි එයත් හෝසොක් දිහා පුදුමෙන් බලන් ඉන්නවා දැක්කෙ ...

" හොබී .. ඔයා..."

සෙනූගෙ අතින් අල්ලන් හිටිය ජින් එහෙම්මම සෙනූවත් ඇදන් ආවෙ හොබී ගාවට ..

" ජිනා.. උබව දැක්ක කල් බන් .. කොහොමද උබට ..? මේ බබාද උබේ..?"

ජින්ව බදාගෙන සෙනූව පෙන්නන ගමන් හෝසොක් ඇහුවේ ජින් හොස්පිටල් එකෙන් අයින් උනාට පස්සෙ ආයෙ මේ දකින් අවුරුදු ගානකින් හින්ද...

" ඔව් බන් .. මේ සෙනූ.. සෙනූ කෝ හලෝ කියන්න හොබී අන්කල්ට..."

හොබීව පෙන්නන ගමන් ජින් කීවෙ සෙනූට .. සෙනුත් ඔලුව නවන ගමන් ලස්සනට් හිනාවෙලා ..

" හලෝ හොබී සමොච්චන් .. මන් සෙනූ ..." කියලා තමන්ව හදුන්වලා දුන්න..

ඒ අතරෙ ගුකීටනම් වෙන ප්‍රශ්නයක් තිබ්බෙ .. හෙමින් සැරේ සෙනූගෙ කනට ලන් උන ගුකී රහසින් අහන්න ගත්තෙ කාටවත් ඇහෙන් නැති වෙන්න.. ඒත් ඒක හැමෝටම ඇහුනා..

" නූනා .. මගේ හොබී සමොච්චව දන්නෝද..?"

ඒ දිහා හිනාවෙකලා බලන් හිටිය ජින් හොබී දිහා බැලුවෙ ඇස් දෙකත් ලොකු කරන් ..

" උබ බැන්දෙ නෑනෙ නේද.. මේ බබා..?"

" මගෙ නෙවේ බන් .. මගෙ යාලුවෙක්ගෙ .. එයාට වැඩ හින්ද මම හවසට ගන්නෙ .. කෝ ගුකී බබා ජින් සමොච්චන්ව අදුරගන්න.."

හොබී කීවෙ එයාල දිහා බලන් ඉන්න ගුකී බබාට ..

" හලෝ .. සමොච්චන්.. මන් ගුකී .."

ලස්සනට හිනාවෙලා කීව ගුකී දිහා ජින් බලන් හිටියෙ හරි ආසවෙන් .. ඒ හිනාව ..

" ඒක නෙවේ .. මට උබව හම්බුනේ ගොඩ කාලෙකින් .. අද ලන්ච් එකට අපේ ගෙදර වරෙන්.. "

ජින් ඇහැව්වෙ තමන්ගෙ යාලුවා අවුරුදු ගානකින් හම්බුන හින්ද ...

" අද බෑ බන් මන් අනිවාරෙන් වෙන දවසක එන්නම් .. මට රෑට හොස්පිටල් එකට යන්නත් ඕනෙ .. ඒ හින්ද අනිවාරෙන් වෙන දවසක එන්නම් .. උබේ නම්ජුනාව මතක් කරා කියහම්කෝ ..."

අන්තිම ටික කින්ඩියට වගේ කියන ගමන් හෝසොක් කීවෙ අද වැඩ ගොඩක් හෝසොක්ට තිබ්බ හින්ද ..

' උබට තාම අමතක නෑ නේද.. පලයන් පලයන් අනිවාරෙන් වෙන දවසක හම්බෙමු.. එදාට නම් බෑ කියන්න බෑ හරී....."

එහෙම්මම කට්ටියම වෙන් උනේ වෙන දවසක ගෙදර එන්නම් කියලා...

.

.

.

.

.

.

ජන්කුක් ටිකකින් ටේහ්‍යොන්ගෙ කැබින් එකට යන්න ආවෙ අස් කරන්න දැන් තත්වෙ බලාගන්න... දොරට තට්ටු කරත් ප්‍රතිචාරයක් නැති හින්ද ජන්කුක් දොර ඇරගෙන ඇතුලට ගියා.. කැබින් එක පිස්සන් කොටුවක් වගේ .. ග්ලාස් එක පත්තට හරවලා තිබ්බ සෝෆා එකේ ටේහ්‍යොන්ග් ඉදගෙන හිටියා.. ඇස් දෙක වහගෙන අතේ අගිලි තුඩු වලින් නලල අල්ලගෙන හිටපු ටේහ්‍යොන්ග් ජන්කුක් ආවා දක්කෙ නා.. ටේහ්‍යොග්න්ට එයාගෙ පාඩුවෙ ඉන්න දුන්න ජන්කුක් ඉස්සල්ලම ටේහ්‍යොන්ග්ගෙ පුටුව උස්සලා තිබ්බ..

ඒ සද්දෙට ගැස්සිලා ඇස් ඇරපු ටේහ්‍යොන්ග් ගලවලා තිබ්බ කෝට් එකත් අතට අරගෙන නැගිටලා ජන්කුක්ගෙ පැත්තට හැරුනා... ටේහ්‍යොන්ගෙ ඇස් දෙක රතුවෙලා පොඩි දිලිසීමක් තිබ්බා.. ජන්කුක්ට එකපාරටම මොකක්ද කරන්න ඕනෙ කියලා හිතා ගන්න බැරි උන නිසා ටේහ්‍යොන්ග්ට උණුසුම් හිනාවක් දැම්මා..

ඒ හිනාව දිහා බලන් හිටපු ටේහ්‍යොන්ග්ගෙ ඇස් දෙක ලොකු උනා.. හරිම හුරුපුරුදු හැගීමක් හිතට ගෙනාව ඒ හිනාව ටේහ්‍යොන්ග්ගෙ හිතම නිව්වා.. මීට ටිකකට කලින් තිබ්බ තරහ හරියට නැතිවෙලා යනවා වගේ .. ටේහ්‍යොන්ග්ට තවත් ඒ දිහා බලන්න ඕන උනත් හැගීම් පිටට පෙන්නන්න ටේහ්‍යොන්ග්ට ඕන උනේ නෑ... තවත් මෙතන රැදෙන්න බැරි රිදෙන හැගීමක් , මතක් වෙන හැගීමක් හිතට දැනුන හින්දා ටේබල් එක උඩ තිබ්බ කී එක අරගෙන එහෙම්මම එලියට ආවා...

හැගීම් ගොඩක් පෙන්නන ඇස් එක්ක ඒ හිස් මූන දිහා බලාගෙන ජන්කුක් කල්පනා කරේ තමන් හිනා උන එක වැරදීවත්ද කියලා....

.

.

.

.

.

.

.

*******************

________________________________Dark_Sunshiner 🤍🥀

Thanks for reading .....❤️

To be Continued.....

2022/09/22

Bạn đang đọc truyện trên: AzTruyen.Top