|06|
Continue Flashback ....
නිශා ගැන හොයලා බැලුවත් කිසිම ෆැමිලි බ්රැක්ග්රවුන්ඩ් එකක් හොයාගන්න බැරි උනත් නිශා කීවෙ එයා පොඩි කාලෙ ඉදන් හැදුනෙ නැන්දලා ගාව කියලත් එයාලා ලගදි නැති උන නිසා එදා ඉදන් තනියම ඉන්නවා කියල..
නිශා ගොඩක් ලස්සන අහින්සක හැබැයි තියුනු පෙනුමක් තිබ්බා... නිශා ඇවිත් මාසයක් දෙකක් යනකොට ටේහ්යොන්ග්ගෙ සම්පූර්ණ වෙනසක් ඇති වෙලා තිබ්බ. නිශාගෙන් මාෆියා වැඩ ගැන කිසිම අකමැත්තක් තිබ්බෙ නෑ වගේම ගොඩක් විශ්වාසවන්ත උනා. ටේහ්‍යොන්ග් ගොඩක් නිශාට ආදරේ කරන බව පෙනුනා.. ඒක ඕනම කෙනෙක්ට පෙනුනා හැමවෙලේම නිශා ගාව හුරතල් වෙවී පොඩි එකෙක් වගේ දගලන ටේහ්‍යොන්ග් ව මාෆියා කරනවද කියලත් සැකයක් ඇති කරා...
දිගටම කාලෙ යනකොට පුදුමෙකට වගේ නම්ජූන් කරන හැම වැඩක්ම සාර්ථක උනත් ජියෝන් ෆැමිලි එක ගැන කිසිම තොරතුරක් හොයාගන්න බැරි උනා. ජියෝන් ෆැමිලි එකේ වැඩ හැමතැනම උනා.. නීතිවිරෝධී වැඩ ගනන් කරන්න බැරි තරම් උනා.. ඒත් කිසිම දේක සාක්ශි යක් නෑ.. ඒ තරම් සූක්ශමව වැඩ කරලා තිබ්බා..
ඒ වගේම කිම් ෆැමිලි එකේ වැඩ ගොඩක් හිතාගන්න බැරි විදියට අවුල් උනා.. තමන්ගෙ වැඩ මෙහෙම අවුල් වෙනවට නම්ජුන්ගෙන් කාටවත් සමාවක් තිබ්බෙ නෑ, ඒත් කාවවත් එහෙම හොයාගන්න බැරි උනා ..
ටේහ්‍යොන්ග්ට නිශා නැතිව බැරි උනා.. මේ දෙන්න ආදරෙන් හිටියා ගොඩක් .. ටේහ්යොනුත් වෙනස් වෙලා නිසා නිශා තමයි ටේහ්‍යොන්ග් ට ගැලෙපෙන්නෙ කියලා නම්ජින් දෙන්න තීරනේ කරා. කෝමත් හැමෝගෙම පොඩි එකා උන ටේහ්‍යොන්ග් සතුටින් ඉන්නවා බලන්න හැමෝටම ඕන උනා..
ඒ අතරේ නම්ජුන් ටිකක් අමුතු විදියට හැසිරෙන්න අරන් තිබ්බා. තමන්ගෙ වැඩ එක දිගට අවුල් යන එක ගැන කොහෙත්ම හොද මනසකින් නෙවෙයි නම්ජූන් හිටියෙ ..
අමුතු දේවල් ගොඩක් හොයාගත්තත් කාටවත් ඒ දේවල් නොකියා තමන්ගෙ හොදම යාලුවා වගේම දකුනු අත උන සුගයි එයයි අතරට ඒ දේවල් සීමා කරගත්තා....
අවුරුද්ද ක කාලයක් ටේහ්‍යොන්ග් නිශා එක්ක කිම් මන්දිරේ එකට ජීවත් උනා..දෙන්න හිටපු විදිහත් එක්ක මැරේජ් එකත් ලගදිම ගන්න තමයි කට්ටියම හිතාගෙන හිටියෙ..
_______________
දිගටම ජියෝන් ෆැමිලි එක ගැන හෙව්වත් කිසිම දෙයක් හොයාගන්න බැරි උනා..., ජියෝන්ව කවුරුත් දැකලා තිබ්බෙ නෑ, ජියෝන් මොකද කරන්නෙ , ජියෝන්ට පවුලක් ඉන්නවද නැද්ද ඒ මුකුත් කවුරුත් දැනගෙන හිටියෙ නෑ.. නෑ නෙවෙයි දැනගන්න ක්‍රමයක් තිබ්බෙ නෑ ..
ඔය විදියට දිගටම හැමදේම වෙනකොට දවසක් මිශන් එක්කට ගිහින් එනකොට නිශා ගෙදර හිටියෙ නෑ.. ඒත් කිම් මන්දිරේට කාටවත් ලේසියෙන් ඇතුල් වෙන්න පුලුවන් උනේ නෑ.. ටේහ්‍යොන්ග් ගොඩක් කලබල උනා . පිස්සු හැදිලා වගේ මන්දිරේ පුරාම හොයන්න ගත්තා.. කොහෙවත්ම හිටියෙ නැති හින්ද cctv චෙක් කරන්න තීරනේ කරේ ..
පාන්දර එකට දෙකට කිසිම දෙයක් පැහැදිලි නොවුනත් ඉස්සරහ ගේට් එකෙන්ම මනුස්සෙයෙක් ලොකු පොදියක් කරේ තියන් ය්නවා පේන්න් තිබ්බා.. ඒක දැකපු ගමන් ටේහ්‍යොන්ග් ගේට් එක ගාව සිකියුරිටිට වෙඩි තිබ්බෙ කිසිම නිදහසට හේතුවක් අහන් නැතුව..
නිදහසට හේතු අහන එක ඔවුන්ගෙ ක්‍රමේ නොවුනත් කලින් මන්දිරේ ආරක්ෂකයෝ හැමෝවම ගෙන්නලා ප්‍රශ්න කරපු වෙලාවෙ කිසිම දෙයක් කවුරුත් දන් නෑ දැක්කෙ නෑ කියපු එකත් එක්ක ,ටේහ්‍යොන්ගෙ දෙයක් මේන් ගේට් එකෙන්ම අරන් යනකොට තව දුරටත් එතන ආරක්ෂකයන්ට ජීවත් වෙන්න කිසිම අයිතියක් තිබ්බෙ නෑ...
එතන ඉදන් උනේ කට්ටියම හැමතැනම නිශාව හෙව්ව... ගිය තැන ඉන්නෙ කොහෙද මොකද උනේ ඒ කිසි දෙයක්වත් ,එදා ගේට් එකෙන් එලියට ගියාට පස්සෙ එතනින් අතුරුදන් උන විදියවත් කිසිම තොරතුරක් හොයාගන්න බැරි උන... කිසිම දෙයක් අසාර්ථක නොවුනු ඔවුන්ට තමන්ගෙ මල්ලිගෙ එකම සතුටවත් ආරක්ෂා කරන්න බැරි උන එකට නම්ජූන් ගොඩක් පසුතැවුනා...
මේ අතරේ එදා නිශා නැති උන දවසෙ ඉදන් ටේහ්‍යොන්ග් පිස්සෙක් උන එකයි සිද්ධ උනේ... හිතාගන්න බැරි විදියට ටේහ්‍යොන්ග් අවුල් වෙන්න පටන් ගත්තා... කිසිම විස්තරයක් හොයාගන්න බැරි වෙනකොට පිස්සෙක් වගේ උනා...
නම්ජූන් හැමදේම හොයන්න ගත්තා... ඒ උන දේවල් වල කොතන හරි වැරද්දක් තිබුනා.. මන්දිරේ ආරක්ෂකයෝ න්ගෙ ඉදන් උඩට යනකන්ම වැරැද්දක් තියනවා කියලා නම්ජුන් ට තේරුනා ...ඒත් කිසිම සාක්ෂියක් හොයාගන්න බැරි උනා..
නිශා නැති වෙලා මාස තුනක් ගිහින් තිබ්බත් තාමත් කිසිම පනිවිඩයක් නැතුව තිබ්බ... එයාලගෙන් පලි ගන්න කරා නම් අඩුම තොරතුරක් , දැනගන්න ඉඩ දුන්නු තොරතුරක් ලැබෙන්න තිබ්බා... නැත්නම් .. නිශාගෙ මිනිය හම්බෙන්න තිබ්බා... මොන දේවත් නොලැබෙනකොට හැමෝම කලබල උන එකයි උනේ...
ටේහ්‍යොන්ග් නිතරම බීගන ඉන්න එක.. ඇස් රතු වෙනකන් කාමරේ අඩන එක .. පොඩි වැරැද්දටත් කේන්ති අරන් සේවකයන්ට වෙඩි තියන එක... බලන් ඉන්න එක ජින්ට වගේම නම්ජූන්ටත් අමාරු උනා.. හැමෝගෙම පොඩි එකා මෙහෙම නාස්ති වෙනවා බලන්න කාටවත් ඕන උනේ නෑ.. හ්‍යුන්ලා හැමෝම ගාව හුරතල් වෙවී නිතරම හිනා වෙවී ඉන්න කොල්ලව මෙහෙම දකින එක හැමෝගෙම හදවත බින්දා..
ජියෝන් ෆැමිලි එක මේකට සම්බන්ධයි කියලා නම්ජූන් සැක කරත් කිසිම සාක්ශියක් තොරතුරක් හොයාගන්න නැති එක කට්ටියවම පිස්සු වැට්ටුවා..
තනිකරම අවුල් වෙලා හිටපු ටේහ්‍යොන්ග් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පටන් ගත්තෙ ඔය කාලෙදියි .. කිසිම කෙනෙක් කෙලින් මූන දිහා බලලා කතා නොකරන තරමට ටේහ්‍යොන්ග් නපුරු උනා.. ටේහ්‍යොන්ග් පිටට පේන්න තවත් ඇඩුවෙ නෑ වගේම ගොඩක් වෙන් වෙලා ඉන්න පටන් ගත්තා..
නිශාව දිගටම හෙව්වත් ගොඩක් සැක හිතෙන විදියට හේතුවක් නැතුව වගේ අතුරුදන් වෙලා ඉන්න එක හැමෝගෙන හිතට සැකයක් ඉතුරු කරේ , ඒ දේවල් තමන්ම හිත්වල තියන් සාමාන්‍ය විදියට හැමදේම කරගෙන ගියා... ඒක අසාමාන්‍ය යි , හැමදේම සාමාන්‍ය වෙන එක එක්තර විදියකට අසාමාන්‍යයයි ..
ටේහ්‍යොන්ග් ගෙ මාර්ගෙට හරස් වෙන ඕනම කෙනෙක් අයින් කරන්න ටේහ්‍යොන්ග් දෙපාරක් හිතන්න උනේ නෑ.. කොටින්ම ටේහ්‍යොන්ග් කන්ට්‍රෝල් උනේ තමන්ගෙ හ්යුන්ටම විතරයි ...
මිශන් එකක් වැඩක් නැත්නම් එක දිගට ක්ලබ් එකේ බිබී ඉන්න එක .., තමන්ගෙ එපාර්ට්මන්ට එකට ගර්ල්ස්ලා ගෙන්නගෙන උන් එක්ක ඉදලා උන්ව මරලා දාන එක... බීලා නැත්නම් හැමවෙලේම ඩ්‍රග්ස් අරන් ඉන්න එක ... ටේහ්‍යොන්ග් මේ දේවල් කරනකොට හිතේ දුකට කියලා ඉවසන් හිටියත් , ඉවසන්න පුලුවන් උපරිම ඉවසලා නම්ජූන් තීරණයක් ගත්තෙ ටේහ්‍යොන්ග්ට මේ තරන්ම නාස්ති වෙන්න දෙන්න පුලුවන් කමක් නැති හින්දා..
ඊට මාසෙකට විතර පස්සෙයි ටේහ්‍යොන්ග් ව ඇමෙරිකා යැව්වා නම්ජූන් .. ටේහ්‍යොන්ග් මුලින් අකමැති උනත් තමන්ට නිදහසේ ඉන්න ඕන හින්දත් කොරියාවෙ මතක ඕනවටත් වඩා රිද්දුව හින්දත් ටේහ්‍යොන්ග් ඇමෙරිකා යන්න කැමති උනා.. ටේහ්‍යොන්ග්ව තනි කරන්න බෑ කියලා ජින් කොච්චර මේකට අකමැති උනත් නම්ජූන්ගෙ තීරනේකට පිටින් යන්න ජින්ට පුලුවන් උනේ නෑ..අඩලා අඩලා ටේහ්‍යොන්ග්ව යවන්න අන්තිමට ජිනුත් කැමති උනා...
ඇමෙරිකා වල බිස්නස් බලාගන්න යැව්වත් ටේහ්‍යොන්ගෙ අතින් ඒ වගේ දෙයක් ඉටු උනේ නෑ... කලින් විදියටම මුකුත් නොකර නිදහසේම ඉන්න ගත්තා.. නිතර ටේහ්‍යොන්ග් ගැන තොරතුරු අරගෙන නම්ජූනුත් ටේහ්‍යොන්ග්ට කැමති දෙයක් කරලා හිත හදාගන්න කාලය දුන්නා...
අවුරුදු පහකට පස්සෙ එහෙත් අන්තිමට සෙල්ලක්කාර වෙන්න ගත්තා හින්ද තමයි ආයෙත් ටේහ්‍යොන්ග්ව කොරියාවට ගෙන්නගෙන මෙහෙ කම්පැනි එක බලෙන් බාරදෙන්නෙ නම්ජූන් තීරණය කරන්නෙ ...
එතන ඉදන් ඉදිරියට මොනවා වෙයිද , මොනවද වෙන්න තියෙන්නෙ කවුරුත් දැනගෙන හිටියෙ නෑ... ..
.
.
.
.
.
.
.
.
.
Flashback end...
__________________________________Dark_Sunshiner 🤍🥀
Thanks for reading ....❤
To be Continued ......
2022/09/20
Bạn đang đọc truyện trên: AzTruyen.Top