|04|


ඇදුමත් ආයෙ හදාගෙන ජන්කුක් ඇතුලට යනකොට දැක්කෙ ලොකු වීදුරුවෙන් එලිය බලාගෙන තමන්ට පිටුපස හරවල ඉන්න කෙනෙක්ව . ටිකක් වෙලා බලාගෙන ඉදලා හිමීට " සර්..." කියල කතා කරේ සර්ගෙ අවදානෙ ගන්න..

ටේහ්‍යොන්ග් හැරෙනකොටම පොඩ්ඩක් ගැස්සුන ජන්කුක් ටිකක් ඇස් ලොකු කරන් බලාගෙන හිටියෙ අලුත් බොස් විදියට මෙහෙම කෙනෙක් මවාගෙන හිටියෙ නැති හින්ද..

නලලට එක කෙස් රොදක් වැටෙන විදියට උඩට කරලා හදලා තිබුනු ඝන කලු පාට කොන්ඩේ , ලා දුබුරු පාට විනිවිද යන තියුනු ඇස් දෙක,මී පැනි පාට හම, උඩ බොත්තම් දෙකක් ඇරල වැලමිට ගාවට අත් දෙක නවපු ලා දුඹුරු පාට ෂර්ට් එකත් එක්ක තද දුබුරු පාට කලිසමත් එක්ක කිසිම අඩුපාඩුවක් නැති තමන්ගෙ අලුත් බොස් දිහා බලාගෙන හිටපු ජන්කුක් හොද සිහියට ආවෙ එක ඇහි බැමක් උස්සලා තමන් දිහා බලලා අතකින් මේසෙ ඉස්සරහ තිබුන පුටුවකට සන් කරපු හින්ද ..

කෙල ගිලලා ඔලුව නමලා ආචාර කරපු ජන්කුක් පුටුවෙන් වාඩි උනාම ටේහ්‍යොන්ග් තමන්ගෙ පුටුවෙන් වාඩි උනේ ජන්කුක්ගෙ උඩ ඉදන් පහලට නිරීක්ෂණය කරන ගමන් ..

කිරිපාට හමක් එක්ක ටිකක් දිගට තිබුනු කොන්ඩෙ පැත්තකින් දෙපැත්තට වැටිලා, තද කලු බෝල ඇස් දෙක හින්ද ඇතිවෙලා තිබ්බ හුරතල් පෙනුම, කලු කලිසමට ටිකක් ලොකුවට අත් නමලා ඇදලා තිබුනු සුදු පාට ෂර්ට් එක අතරින් පේන කිරි පාට හම , හැමදේකින්ම අමුතුම සුන්දර බවක් කැපිල පෙනුනු තමන් ඉස්සරහ ඉන්න කොල්ලගෙ දුටු පමනින් දැක්ක හුරු පුරුදු මුහුනුවර හින්ද ටේහ්‍යොන්ග් යම් කල්පනාවකින් හිටියෙ.

" යුන්ගි කියන්න ඇති තමන්ට මොකටද එන්න කීවෙ කියලා, මේ වෙලාවෙ ඉදන් හරියට පිලිවලට වැඩ ටික සිද්ධ වෙන්න ඕන .. මන් එන්න කලින් ඇවිත් කැබින් එක අස් කරලා මගෙ ජූස් එක ගෙනල්ල තියලා තියෙන්න ඕනෙ , මන් ආවම අද දවසෙ ශෙඩියුල් එක මට කියලා තමන්ගෙ වැඩ පටන් ගන්න පුලුවන් , කිසිම කෙනෙක්ට මාව කෙලින්ම හම්බෙන්න එන්න බෑ , ෆයිල් ඔක්කොම තමන්ගෙ මාර්ගෙන් මට ලැබෙන්න සලස්වන්න, මන් ඔෆිස් එකෙන් යන වෙලාවට තමුන්ටත් ඕෆ් වෙන්න පුලුවන් , දැනට එච්චරයි , ඊලග ට තියන මීටින් එකට ඔක්කොම ලෑස්ති කරන්න දැන් , අද ඉදන් කලින් සෙකට්‍රි පාවිච්චි කරපු කැබින් එකම පාවිච්චි කරන්න පුලුවන් තමන්ට ,දැන් යන්න පුලුවන් .."

එක පාරටම කියවන් ගිය ඔක්කොම හරියට මොලේට දා ගන්න ගමන් ජන්කුක් ,ටේහ්‍යොන්ග් ට ඔලුව නමලා එලියට යන්න හදනකොට ..,

" තමන්ගෙ නම...?"

" ජි... ජියෝන් ජන්කුක් සර් .."

කියලා ජන්කුක් තමන්ගෙ කැබින් එක හොයන් ගියත් තාමත් තමන්ට ඇහුන නමත් එක්ක ව්‍යාකූල වෙලා හිටිය ටේහ්‍යොන්ග් ..

"..එයා කොහොමද ජියෝන් උනේ...

ඒකෙන් වැඩක් නෑ එක වගේ නමක් වෙන්න ඇති.." තමන් එක්කම සංවාද කරපු ටේහ්‍යොන්ග් ඒක අමතක කරල දැම්මෙ වැඩකට නැති දෙයක් හින්ද.

ඒ ගමන් ජන්කුක් එලියට ඇවිත් දොර දිහා බලන් කල්පනා කරේ ඒ මූන නිකන් හුරුයි වගේ තමන්ට දැනෙන්නෙ ඇයි කියලා..

_______

මේ අතර ටේහ්‍යොන්ගෙ කැබින් එක ඉස්සරහම තිබ්බ අලුත් කැබින් එකේ බඩු ටික අස් කරන ගමන් ජන්කුක් හිටියෙ ලොකු ප්‍රශ්නෙක .

මොකද උදේ කොහොමහරි ආවත් හවසට ගුකීව ගන්න අනිවාරෙන්ම ජන්කුක්ට යන්න උනා . ඒත් දැන් ටේහ්‍යොන්ග් ඕෆ් වෙනකම් ඉන්න ගියාම කීයට යන්න වෙයිද කියලා හරියටම කියන්න පුලුවන් උනේ නෑ..

වෙන කාටවත් ගුකීව බලාගන්න දෙන්න ජන්කුක් කැමති උනෙත් නෑ .මොකද ගුකී කා එක්කවත් ඉන්න පුරුදු වෙලා තිබ්බෙ නැති හින්ද. හෙට ඉදන් මොකක් හරි විසදුමක් හොයාගන්න අදට ගුකීව ගන්න යන්න ජන්කුක්ට ඕන උනා . ඒත් වැඩ පටන් ගත්ත ගමන් මේක ගිහින් සර්ගෙන් අහන්න ජන්කුක්ට පුලුවන් උනේ නෑ.. ඒත් මේක අහන්නම වෙනවා , මීටින් එක ඉවර වෙලා අහනවා කියලා මීටින් එකට ඕන දේවල් අරගෙන මීටින් රූම් එක ඇරේන්ජ් කරන්න ජන්කුක් මීටින් රූම් එකට ගියා .

10 ට පටන් ගත්ත මීටින් එක ඉවර වෙද්දී 12 උනා. එහෙම්මම සර් ලන්ච් එක ගන්න එලියට යනවා කීව හින්ද සර්ට කතා කරන්න හවස 2 වෙනකන් ඉන්න උනා . ටේහ්‍යොන්ග් ආව ගමන් එක්ස්ක්‍යුස් කරලා ඇතුලට ගිය ජන්කුක් ,

" සර් .. මට ටිකක් කතා කරන්න පුලුවන් ද ..?"

" කියන්න.."

ජන්කුක් දිහා ඇස් වලින්වත් නොබලා ලැප් එක දිහා බලගෙන ටේහ්‍යොන්ග් කතා කරා..

" සර් මට මගෙ බබාව නර්සරි එකෙන් ගන්න 3ට යන්න පුලුවන් ද සර් .. මන් කලින් 3ට ගියා . මට අදට විතරක් යන්න පුලුවන් ද සර් නැත්නම් බබා බලන් ඉන්නව .. මට එයාව ගන්න කියන්න කවුරුත් නෑ සර් .."

" තමුන්ගෙ නම..? "

තවමත් අහක බලාගෙනම ටේහ්‍යොන්ග් ඇහුවා..

" ජියෝන් ජන්කුක් .. සර්.."

" මිස්ට ජියෝන් මෙතන වැඩ කරන්නයි ලමයි බලන්නයි වැඩ කීපයක් කරන්න බෑනෙ .. අනික ඕක මගෙ ප්‍රශ්නයක් නෙවෙයි .. තමුන්ට මේ කම්පැනි එකෙන් සල්ලි ගෙවන්නෙ බාගෙට වැඩ කරන්නද .. තමුන්ට ඕන ඕන විදියට යන්න පුලුවන් නම් මෙතනට මම ඕන නෑනෙ..."

ඇහි බැමක් උස්සලා ඇස් කොනින් බලන ගමන් ටේහ්‍යොන්ග් ජන්කුක් ට කෑගහන්න ගත්තම ජන්කුක් ගැස්සුනත් කෝමත් ගුකීව ගන්න යන්නම ඕන හින්ද වැඩේ අතාරින් නැතුව ආයෙත් ටේහ්‍යොන්ග් ට කතා කරා.

" සර් ..අනේ ප්ලීස් සර් අදට විතරක් මගෙ දරුවා බලන් ඉන්නවා.. නැත්නම් බයවෙයි එයා.."

" තමන්ගෙ වයිෆ්ට කියනවා ලමයව අරන් යන්න කියලා .. ඔච්චර තමුන්ම යන්න ඕන නෑනෙ .."

ටේහ්‍යොන්ග් එහෙම කීවම ජන්කුක් නිරුත්තර උනා.. ඇස් වලට කදුලු එන්න ආවත් කවුරුත් ඉස්සරහා තමන්ගෙ කදුලු පෙන්නන්න ජන්කුක්ට ඕන උනේ නෑ.. ජන්කුක් මොකක්ද දෙන උත්තරේ .. වයිෆ් නෑ කියන්නද ... වයිෆ් දාලා ගිහින් කියන්නද...නැත්නම් මන් මැරි කරලා නෑ කියන්නද..

" සර් .. සමාවෙන්න සර් මගෙ වයිෆ් නෑ සර්.. ඒ හින්ද මට යන්නම වෙනවා.. හෙට ඉදන් යන් නෑ සර් .. ප්ලීස් සර් අදට විතරක් මට ඉඩදෙන්න.."

ජන්කුක් එහෙම කීවම ටේහ්‍යොන්ග් ගෙ හිතට අමුතු උනත් එක පාරට යන්න දෙන්න ටේහ්‍යොන්ග් ගෙ හිත නැමුනෙ නෑ.

" මේ ෆයිල් ඔක්කොම චෙක් කරලා වෙන් කරාට පස්සෙ තමුන්ට යන්න පුලුවන් .."

ජන්කුක් දිහාවත් නොබලා මේසෙ උඩ තිබුනු විශාට ෆයිල් ගොඩට අතින් සන් කරලා ටේහ්‍යොන්ග් ලැප් එක ඔන් කරගත්තා.

තවත් වාද කරාට තේරුමක් නෑ වගේම ඒකෙන් වෙන්නෙ තවත් කාලෙ නාස්ති වෙන එක විතරක් නිසා ඉක්මනට ෆයිල් ටික අරගෙන කැබින් එකට ගිය ජන්කුක් වැඩ පටන් ගත්ත .

පුලුවන් ඉක්මනට කරලත් වැඩ ඉවර වෙනකොට 3.15 වෙලා තිබුනා. ඉක්මනට ෆයිල් ටික ටේහ්‍යොන්ග් ට බාරදීලා ආචාර කරලා ඉක්මනට පාකින් එකට ආවෙ වෙනදට වඩා අද පරක්කු නිසා.. පුලුවන් තරම් වේගෙන් නර්සරි එක ගාව නැවැත්තුවම ලමයි ඔක්කොම ගිහින් හිටියා. ඉක්මනට නර්සරි ය ඇතුලට ගිය ජන්කුක් ගොඩනැගිල්ල යන්න හදනකොට ,

" පපා...."

සද්දෙට හැරිලා බැලුවා ම දැක්කෙ බෑග් එකත් එල්ලන් වතුර බෝතලෙත් අමාරුවෙන් උස්සගෙන ලමයින්ට සෙල්ලම් කරන්න හදලා තිබ්බ ග්‍රවුන්ඩ් එක පැත්තෙ ඉදන් දුවගෙන එන ජන්කුක්ගෙ චූටි බෝලෙ ගුකීව..

දුවගෙන එන ගුකීගෙ ගානටම ජන්කුක් පාත් උනේ දුවගෙන ඇවිත් බෙල්ලට පනින එක ගුකීගෙ පුරුද්ද නිසා.

" පපා... පපා... අද පපා එන්න පලක්කු නිසා ගුකී බබා බයඋනා..."

" මගෙ බෝලෙ බය උනාද ... පපා ආයෙ පරක්කු වෙන් නෑ හොදද... මගෙ පැටියා මොකද කරේ පපා එනකම්..ම්ම්..."

ජන්කුක් තමන්ගෙ බෙල්ල අස්සෙ මූන ගහන් ඉන්න පොඩ්ඩගෙ ඔලුව ආදරෙන් ඉබින ගමන් ඇහුවා.

" ගුකී බබාගෙ තීච ගුකීත් එක්ක සෙල්ලම් කරා..පපා එනකම්.. පපා දන්නෝද... ගුකී බබාත අලුත් යාලුවෙක් හම්බුනා..."

" අපි ඉක්මනට ගෙදර යන් හරිද ගුකී... අපි යන ගමන් අයිස්ක්‍රීම් කමුකෝ.."

" ඇත්තද.. පපා මත අයිස්කීම් අලන් දෙනෝද..."

ගුකී ඇස් බෝල කරල අහනකොට කලින් දවසෙ හෙම්බිරිස්සව තිබුනත් කෝමද අරන් නොදී ඉන්නෙ..

" ඕ.. පපා අරන් දෙන්නම්කෝ .. දැන් යමු අපි.."

ගුකීත් වඩාගෙන, ඒ පැත්තට ඇවිදගෙන ආපු ගුකීගෙ ටීචටත් ස්තූති කරලා ගේට්ටුව පැත්තට ඇවිදගෙන ආවෙ හෙට දවසට මොකද කරන්නෙ කියලා ප්‍රශ්න ගොඩක් හිතේ තියාගෙන.. මොන තරම් මහන්සි උනත් පුන්චි බෝලෙගෙ එක හිනාවකට , එක හුරතල් බැල්මකට ඒ ඔක්කොම නැති කරලා දාන්න පුලුවන් කියලා ජන්කුක් දන්නවා..

------------

මගින් අයිස්ක්‍රීමුත් කාලා දෙන්නත් එක්ක ගෙදර ඇවිත් ගුකීව උඩට යැව්ව ජන්කුක් අදත් ඇවිත් තිබුන සෙල්ලම් බඩු පාර්සලේ එහෙම්මම අරින්නෙවත් නැතුව ස්ටෝර් රූම් එකට දාලා රූම් එකට ගියේ ගුකීව වොශ් කරලා එයත් වොශ් කරගන්න.

...............

ඒක පටන් ගත්තෙ දැනට සතියකට විතර කලින් ගුකී ට උන ගැනිලා හොස්පිටල් අරන් ගිහින් ගෙදර එනකොට ගේ ඉස්සරහ තිබ්බ පාර්සලෙන් ,,

ඒ විදියට පටන් ගත්ත සෙල්ලම් බඩු පාර්සල් දිගටම ජන්කුක්ගෙ ගෙදරට ලැබුනා. කිසිම සටහනක් තිබ්බෙ නැති පාර්සලේ ගැන හොයන එක කොහෙන් ද ආවෙ කවුද ගෙනත් තියන්නෙ කියලා මුකුත් හොයාගන්න බැරි උන ජන්කුක් ඒ වැඩේ අතෑරල දැම්මෙ , මේම කරන්න හේතුවක් තියන කෙනා කිසිම හේතුවක් නිසා එහෙම කරයි කියල කීයටවත් හිතන්න බැරි නිසා..

ඉතින් එතනින් පස්සෙ ජන්කුක් ඒ පාර්සල් අරින්නෙවත් නැතුව අයින් කරන්න පටන් ගත්තා.. ගුකිට ඕන සෙල්ලම් බඩු අරන් දෙන්න ජන්කුක්ට පුලුවන් . කවුරු උනත් මේම බඩු එවන එක ජන්කුක්ගෙ හිතෙ සැකයක් වගේම ගුකී ගැන ලොකු බයකුත් ඇති කරා.. ගුකී හින්ද ජීවත් වෙන ජන්කුක්ට ගුකී නැති ජීවිතයක් ගැන හිතන්න කිසිම උවමනාවක් තිබ්බෙ නෑ..

...............

_____________

ටේහ්‍යොන්ග් ලග ජන්කුක් වැඩ කරන්න අරන් දැනට සතියක් ගෙවිලා තිබ්බ.. කලින් හිටිය සෙකට්‍රි කිසිම හේතුවක් නැතිව අතුරුදන් වෙලා තිබ්බ වගේම ඒ ගැන කවුරුත් හේතු අහන්න , හොයන්න බය උනේ අලුත් බොස් හිතාගන්නවත් බැරි තරම් නපුරු මනුස්සෙයෙක් උන හින්ද .

කම්පැනි එකේ වැඩ කරපු පිරිසක් මේ වෙනකොට අයින් වෙලා තිබ්බා .අයින් කරලා තිබ්බ. හේතු විදියට ගත්තොත් වැඩ කරන වෙලාවෙ වෙන දේවල් කතා කරමින් ඉදලා , ඔෆිස් ID එක බෙල්ලෙ එල්ලගෙන ඉන්න අමතක වෙලා , වගේ පොඩි දේවල් වලට.

ජන්කුක්ට ගොඩාක් ඉවසීමෙන් වැඩ කරන්න උනා, ඒ නැතත් ජන්කුක්ගෙ වැඩ වල වරදක් හොයන්න නැති වෙන්න ජන්කුක් වැඩ කරා..

ප්‍රශ්නෙකට තිබ්බෙ රැ 8විතර වෙනකන් ඉන්න ටේහ්‍යොන්ග් එක්ක ජන්කුක්ටත් ඉන්න උන එක , ගුකී බබාව හවසට නර්සරි එකෙන් අරන් ජන්කුක් රෑට ගන්නකන් තියාගන්න හොබී හ්‍යුන් කැමති උනා.

ජන්ග් හෝසොක් කියන්නෙ සෝල් හොස්පිටල් එකේ ශල්‍ය වෛද්‍යවරයෙක් . ජන්කුක් අදුරගත්තෙ ගුකී බබාව හම්බෙනකොට . ගුකී බබාව ලගට ගන්න ගොඩක් උදව් කරේ හෝසොක් තමයි . මුල් කාලෙ ගුකී බලාගන්න ගොඩක් උදව් කරා වගේම ගුකී ටික ටික ලොකු වෙනකොට නිවාඩු සමහර දවසට ගුකී බලන්න ජන්කුක්ගෙ ගෙදර එන්නත් පුරුදු උනා.. ජන්කුක් එක්ක ගොඩක් හිතවත් උන හින්ද ජන්කුක් කතා කරේ හොබී හ්‍යුන් කියලා..

එදත් ටේහ්‍යොන්ග් මුලින්ම හම්බුන දවසෙ ඔෆිස් ඇරිලා ගෙදර ගිහින් ටික වෙලාවකින් හොබී, ඊලග දවසෙ නිවාඩු නිසා කෑමකට ජන්කුක්ටයි ගුකීටයි කතා කරන්න ගෙදරට ආවම මේ දේවල් ගැන ජන්කුක් හොබී එක්ක කීවා... එතකොටයි හොබී ගුකීව හවස් වරුව බලාගන්න කැමති උනේ... ඒක ජන්කුක්ටත් ලොකු සහනයක් උනා මොකද විශ්වාසවන්ත කෙනෙක් ගුකී බබා ගාව ඉන්න එකත් , ගුකී එයාගෙ හොබී සමොච්චන්ට ගොඩාක් කැමති එකත් ....

___________________________________Dark_Sunshiner 🤍🥀


Thanks for reading ....❤

To be Continued .....

2022/09/18

Bạn đang đọc truyện trên: AzTruyen.Top