|03|

උදේ නැගිටලා වොශ් එකක් දාගෙන උදේ කෑම ලෑස්ති කරලා බොක්ස් වලටත් දාලා , කිරි එකත් හදලා ලා රස්නෙන් බෝතලේටත් දාගෙන් ඒක අරන් උඩට ආව ජන්කුක්, බොතලේ බෙඩ් ටේබල් එක උඩින් තියලා ඇදෙන් ඉදගත්තෙ රස්නෙට බෝලයක් වගේ ගුලි වෙලා නිදාගෙන ඉන්න හුරතල් බෝලෙ දිහා ආදරෙන් බලාගෙන..

" පොඩී .. නැගිටින්න දැන් .. නර්සරි යන්න තියනවා.. කෝ නැගිටින්න කම්මැලි බෝලෙ.."

පොඩ්ඩක් කෙදිරි ගාලා ආයෙත් ගුලි උන පැටියා දිහාට නැමිලා නහයෙන් බෙල්ල කිතිකවන්න ගත්තෙ නැගිට්ටවන්න හොදම විදිය මේක කියලා ජන්කුක් දන්න හින්ද..

" අනේ... පපා.. දෝ ගන්න දෙන්නකූ.. දෝ මතයි..."

" බෑ .. දැන් නැගිටින්න පොඩී... පපාට වැඩට යන්නත් පරක්කු වෙනවා ..නැගිටලා මේ කුක්කු එක බොන්නකෝ..කෝ නැගිටින්න මගෙ හොද බෝලෙ..."

කෝම හරි නැගිටලා ඇස් දෙකත් පියාගෙනම කුක්කු එක බිව්ව පොඩ්ඩාව උස්සන් බාතෲම් එකට ගිය ජන්කුක් පොඩ්ඩව වොශ් දම්මලා තුවායක ඔතලා ඇද උඩින් ගෙනත් තිබ්බෙ එයත් ළෑස්ති වෙන්න. ඔක්කොම කරගෙන ලෑස්ති වෙලා පහලට ඇවිත් කෑම එක කවලා , එලියට ඇවිත් බයික් එකට නැගලා පොඩ්ඩවත් පුන්චි හෙල්මට් එකක් දාලා ඉස්සරහින් තියාගත්තෙ ,පොඩ්ඩව පිටිපස්සෙ තියගන්න බය නිසා.

ජන්කුක් නර්සරි එක ගාවින් බයික් එක නවත්තලා පොඩ්ඩව උස්සලා බිමට බැස්සුවා.. එයත් හෙල්මට් එක ගලවලා බයික් එකෙන් එල්ලලා පොඩ්ඩ්ගෙ ගානට බිමට නැමිලා චූටි හෙල්මට් එක ගලවලා අවුල් වෙලා තිබ්බ කොන්ඩෙ අතින් හදලා මූන මිරිකලා ඔලුවෙන් කිස් එකක් තිබ්බෙ පොඩ්ඩ ජන්කුක්ගෙ බෙල්ල වටේඅත් යවල කම්මුල්ට ලොකු කිස් එකක් දෙනකොට..

" චූටි මැනික සෙල්ලම් කරාට දග නොකර ටීච කියන දේ අහන් ඉන්න ඕන හරිද.. පපා මගෙ පැටියව ගන්න හවසට එන්නම්.. පැටියා පරිස්සමට ඉන්න ඕනෙ හරිද.."

" පපා බා වෙන්න එපා .. පපා එනකම් ගුකී බබා පරිත්තමට ඉල්ලම්.. ගුකී බබා ස්ට්‍රෝන්ග්නෙ.. "

කියලා ජන්කුක්ගෙ කම්මුල ආයෙත් ඉබලා බෑග් එකත් එල්ලන් හුරතලේට දුවගෙන යන තමන්ගෙ පැටිය දිහා ආදරණීයව හිනා වෙලා බලන් හිටිය ජන්කුක් ඉදන් හිටිය තැනින් නැගිට්ටෙ මේ හුරතල් බෝල ඇස් ,ලස්සන පෙට්ටි හිනාව .. ඉවරයක් නැති හුරතල් කතා පෙට්ටිය නැතුව තමන්ට ජීවිතයක් නෑ කියලා හිතන ගමන් ... ඒ හින්ද ජන්කුක් තමන් ගන්න තීරන ගැන.. කැප කරපු ජීවිතේ ගැන කවදාවත් පසුතැවුනෙ නැහැ ..

එහෙම්මම ඉක්මනට බයික් එකට නැගල ඔෆිස් එකට පිටත් උනේ වෙලව බලලා අදත් විනාඩි පහක් පරක්කුයි කියලා දැකලා වේගෙ වැඩි කරන ගමන් ..

කිම් කම්පැනි එකේ යුන්ගිගෙ සෙකට්‍රි විදියට වැඩ කරන ජන්කුක් අද අලුත් ceo එනවා කියලා දැනගෙන හිටියත් උදේ කරන්න තියන වැඩ ගොඩත් එක්ක අද කොච්චර කලින් එන්න හිටියත් ඒත් පරක්කුයි..

පුලුවන් ඉක්මනට බයික් පාක් කරන තැනින් බයික් එක නවත්තපු ජන්කුක් දුවගෙන කම්පැනි එක ඇතුලට ගියේ හම්බෙන හැමෝටම හිනාවක් දාගෙන.

ඉක්මනට එලිවේටර් එකෙන් බැහැලා ඔෆිස් ID එකත් බෙල්ලට දාගෙන යුන්ගිගෙ කැබින් එකේ දොර ඇරගෙන සමාව ඉල්ලගෙනම ඇතුලට ගියේ දොරට තට්ටු කරන්නත් අමතක කරලා... ගිය විදියටම ආයෙත් සමාව ඉල්ලගෙනම ඔලුව නවන් එලියට ආවෙ ලැජ්ජාවෙන් මූනත් රතු කරන් .. ඉදලා හිටලා සමහර දවස් වලට යුන්ගිගෙ රූම් එක අරිනකොට මේ වගේ ඇබැද්දි වලට මූන දීලා පුරුද්දක් ජන්කුක්ට තිබුනා.. මොකද යුන්ගි සර්ගෙ හස්බන් සමහර දවස් වලට සර් එක්ක ඔෆිස් එකට එනවා..

______

" යාහ් .. හියුන් ලැජ්ජාවෙ බෑ.. බලන්න හැමදාම ජන්කුක් දකිනවා.. "

ජිමින් යුන්ගිගෙ පපුවෙ මූන ඔබන් පපුවට චූටි අත් වලින් මිටි මොලවලා ගහන ගමන් කෑ ගහන්න ගත්තෙ ලැජ්ජාවෙන් මූන රතු කරන්..

" ඉතින් ඒකනෙ බබා , ජන්කුක් හැමදාම දකින එකනෙ.. ඕක මොකක්ද .."

කියලා යුන්ගි ආයෙත් ජිමින්ව උස්සලා මේසෙ උඩින් තියලා තොල් වලට එබුනා.

" අනේ මේ එහාට යන්න හ්‍යුන්.. ඔයාට නම් කිසි ලැජ්ජාවක් නෑ.. මන් යනවා .. ඔයා හවසට කෙලින්ම ටේලගෙ ගෙදර එන්න.. මන් කලින් යනවා එහෙ..."

යුන්ගිගෙ තොල් වලට පුන්චි හාදුවක් තියලා දොර දිහාට ජිමින් දුවන් ගියා.

" මන් රෑට ඔයව අල්ලගන්නම් බබා.. මාව අමාරුවේ දාලා යනවට මෙහෙම.."

තමන්ගෙ පහල බලනගමන් යුන්ගි ජිමින්ට කියනකොට ජිමින් ටක් ගාලා දොර ඇරන් එලියට පැන්නෙ මූන තවත් රතු කරගෙන.

-------------

ජිමින් ගිහින් ටික වෙලාවකින් ජන්කුක් ට යුන්ගි ඇතුලට එන්න කීවා. ජන්කුක් යුන්ගිගෙ කොෆී එක ගෙනත් තියලා, යුන්ගි දීපු ෆයිල් ටිකත් අරන් ඊට එහා පැත්තෙන තිබ්බ පොඩි කැබින් එක ඇතුලට ගියේ වැඩ ටික පටන් ගන්න.

දවස ටිකෙන් ටික ගෙවිලා ගියා. අලුතෙන් ceo ඇවිත් තිබ්බත් පරක්කු වෙලා ආව නිසාත් , අලුත් සර් රූම් එකෙන් එලියටවත් බැස්සෙ නැති නිසාත් ජන්කුක්ට සර් දකින්න බැරි උනා .

ලන්ච් ටයිම් එකේ කට්ටිය කතා උන දේවල් ඇහුන ජන්කුක් තේරුනේ අලුත් එක්කෙනා පිස්සු හැදෙන තරම් හැන්ඩ්සම් තද නපුරෙක් කියලා..

__________

ඊලග දවසෙත් උදේ ජන්කුක් ,ගුකීව නර්සරි එකට දාලා ඉක්මනට ඔෆිස් එකට ගියේ පරක්කු වෙන්නෙ නැතුව.

ඒත් බයික් එක නවත්තලා ෂර්ට් එකත් හදන ගමන් ඇතුලට ගියපු ජන්කුක් ට කට්ටියම කුටු කුටු ග ගා හෙමින් කතා කරනවා ඇහුනත් ඒ මොනවා ගැනද කියලා තේරුනේ නෑ.. ඒක හිතන් නැතුව යුන්ගිගෙ කැබින් එකට ගිය ජන්කුක් යුන්ගිගෙ මේසේ අස් කරල යුන්ගිගෙ කොෆී එක තියන්කොටම යුන්ගි කලබලෙන් රූම් එකට ආවා. එහෙම්මම කල්පනා කරන ගමන්ම තමන්ගෙ පුටුවෙ වාඩි උන නිසා ජන්කුක් එයාගෙ කැබින් එකට ගියේ තමන්ට විශේෂ වැඩක්වත් ,අවදානයක්වත් සර් දුන්නෙ නැති නිසා..

යුන්ගි කියන්නෙ කොච්චර නපුරු චරිතයක් උනත් ජන්කුක් ගැන දැනගත්තට පස්සෙ ගොඩක් රෑ වෙනකන් වැඩ කරන්න වගේ දේවල් කිවෙ නෑ..

මොකද පොඩි දරුවව බලාගන්න ජන්කුක් විතරක් හිටපු නිසා. ඒත් ඒක ප්‍රයෝජනයට අරන් ජන්කුක් වැඩ මගෑරියෙ නෑ වගේම ඔක්කොම වැඩ තමන් ඕෆ් වෙන්න කලින් ඉවර කරන්න පුරුදු උනා.

යුන්ගිට ගොඩක් ගරු කරා වගේම යුන්ගිත් ජන්කුක් ට කැමති උනේ අහින්සක හොද කෙනෙක් හින්ද වගේම කවදාවත් තමන්ගෙ වගකීම් පැහැරහැරලා තිබ්බෙ නැති හින්ද.තමන්ට ජීවත් වෙන්න , ගුකීගෙ වැඩ ටික කරගන්න තරම් ප්‍රමාණය වත් හොද වැටුපක් එක්ක කාලයත් ජන්කුක් ට ලැබුන නිසා මෙතන රස්සාව නැති කරගන්න ජන්කුක් උවමනා උනේ නෑ. ඉතින් තමන්ගෙ උපරිමය තමන් වැඩ කරන ස්ථානයට දුන්නා.

ටිකකින් ජන්කුක් තමන්ට තමන්ගෙ කැබින් එකට එන්න කියලා කෝල් එකක් ආපු හින්දා යුන්ගිගෙ කැබින් එකට එක්ස්ක්‍යුස් කරලා ගියා. යුන්ගිගෙ බැරෑරුම් මූන දැක්කම ටිකක් බය හිතුනත් එහෙම්මම හිටගෙන හිටියෙ යුන්ගි කතා කරනකම්.

" ජන්කුක් .. මන් වැදගත් දේකට කතා කරේ.."

" සර් ..?"

"ජන්කුක් දන්නවනෙ අලුතෙන් ආව සර් අපේ නම්ජූන් සර්ගෙ මල්ලි කියලා.. නම්ජූන් සර්ගෙ හිටපු සෙකට්‍රි අද ඉදන් එන්නෙ නෑ. දැන් හදිසියට මට සෙකට්‍රි කෙනෙක් හොයන්න බෑ. විස්වාසවන්ත ඉවසන්න පුලුවන් කෙනෙක් ඕන එතන්ට මට දෙන්න.. මන් ගාව මෙච්චර කල් හොදට වැඩ කරපු හින්ද අද ඉදන් සර්ගෙ සෙකට්‍රි විදියට ඔයා වැඩ කරන්න. සර් කියන් විදියට වැඩ කරන්න , සර් ව තරහ ගස්සන්න එපා.. ප්‍රශ්නයක් නම් මට කතා කරන්න.. ඉවසීමෙන් වැඩ කරන්න ..දැන් ගිහින් සර් ව හම්බෙලා 10 වෙනකොට තියන මීටින් එකට ඔක්කොම ලෑස්ති කරන්න.."

" හරි සර් .."

ඔලුව නමලා ආචාර කරලා එලියට ආපු ජන්කුක් දෙගිඩියාවකින් එලිවේටර් එකට නැග්ගෙ උඩ ෆ්ලෝ එකට යන්න.. මොනවා උනත් යුන්ගිට බෑ කියන්න පුලුවන් කමක් ජන්කුක් ට තිබ්බෙ නෑ.

--------
යුන්ගිට ජන්කුක් ව ටේහ්‍යොන්ග් ගාවට යවන්න උවමනාවක් නොතිබුනත් මේ අවස්තාවෙ ටේහ්‍යොන්ග් ගාවට යවන්න තරම් හොද කෙනෙක් යුන්ගිට මතක් උනේ නෑ. හැමෝම උන දේවල් එක්ක ටේහ්‍යොන්ග් ගැන තවත් බය වෙලා හිටියෙ .

--------

ඉවසීමෙන් ඉන්න.. ඉවසීමෙන් ඉන්න.. කියලා කීපවතාවක් යුන්ගි කියපු එක කල්පනා කර කරම Ceo ගෙ කැබින් එක ඉස්සරහට ඇවිත් දොරට තට්ටු කරපු ජන්කුක් එහෙම්මම හිටියෙ ඇතුලට යන්න අවසර ලැබෙනකන් ..

...................

- " හෙලෝ ටේහ්‍යොන්ග් ..මන් කෙනෙක් ව එව්වා , ඉවසීමෙන් වැඩ කරපන් .."

- "හරි යුන්ගි හ්‍යුන් ..-

එන්න ..ඇතුලට..













ගුකී.....

__________________________________Dark_Sunshiner 🤍🥀

Thanks for reading ..❤

To be Continued ....

-

2022/09/16

Bạn đang đọc truyện trên: AzTruyen.Top