|02|
ටේහ්‍යොන්ග් හිටියේ ෆුල් ඔෆිස්කිට් එක ඇදලා කන්නාඩියෙන් තමන් දිහාම බලාගෙන.අද ඉදන් හැමදේම පටන් ගන්න හිතන ගමන් .
"මන් දන් නෑ , ඔයා ඉන්නවද නැද්ද කියලවත් මැනික, ඉන්නවානම් ඉන්න තැනක ඉදන් මට කතා නොකලේ කියන්නත් මම දන්නෙ නෑ.. මන් කෝම ජීවත් උනාද කියලා මට මතක නෑ.. මට මේ හැමදේම එපා වෙලා නිශා.. මන් කොහෙද ඔයාව හෙව්වෙ නැත්තෙ .. එච්චරටම මට හොයාගන්න බැරි තරම් මම දුර්වල වෙලාද , නැත්නම් ඔයාව ඒ තරම් හොදට හන්ගලාද .. හැන්ගිලාද..?"
තමන්ගෙ හිතටම වද දෙන ගමන් කල්පනා කරමින් ටේහ්‍යොන්ග් කෑම ගන්න පහලට යන්න ලෑස්ති උනේ , දැන් මොන දේ උනත් ආයේ හැරෙන්න බැරි නිසා. ටේ නිසා තමන්ගෙම අය තවත් දුක් විදිනවා බලන් ඉන්න බැරි නිසා.
"අහ්.. ටේ බෙයා ගුඩ්මෝනින්.. බලන්න ජූන් අපේ බෙයා කොච්චර හැන්ඩ්සම්ද කියලා .. ඔෆිස් එකට යවන්නත් බයයි මට.."
ජින් ඇහැකුත් ගහලා කියනකොට ටේ හිනාවේගනම කෑම මේසෙන් වාඩි උනේ ජූන් ටැබ් එක දිහා බලාගෙනම ටේට ඉදගන්න කියලා අතින් සන් කරපු නිසා.
" ටේ මාත් අද එනවා ඔයත් එක්ක.. ඔයාට වැඩ වෙන්න ඕන විදිය අමුතුවෙන් කියන්න ඕන නෑනෙ . යුන්ගි ඉන්නවා ඕන හදිසියකට ඔයාට .. වැඩ ටික හොදට කරන් යන්න.. මන් ආයෙ ඇගිලි ගහන් නෑ තමන්ගෙම විදියට හැමදේම මැනේජ් කරගන්න.. ඒ වගේම කිසි දෙයක් අමතක නෑ මට.. ඒත් කිසිම වෙලාවක මග නැවතෙන්න බෑ අපිට ඒ හින්ද ටේ කල්පනාවෙන් හැමදේම කරන්න ,ඕනම වෙලාවක මට කතා කරන්න.."
කතා කරල ඉවර උන නම්ජූන් ටේගෙන් උත්තරයක් බලාපොරොත්තු නොවී නැගිටලා එලියට ගියේ මම කලින් යනවා ඉක්මනට එන්න කියලා කියාගෙනමයි..
ටේගෙ උරහිසට අතක් තද කරලා ජින් උනුසුම් විදියට හිනා උනේ හැමදේම හරියයි කියන්න වගේ.
_______
පොඩි කාලෙ ආවට පස්සෙ ආයෙ කම්පැනි එකට නිකමටවත් ඇවිත් නොතිබුණු ටේහ්‍යොන්ග්ව කම්පැනි එකේ වැඩ කරන නම්ජූන්ගෙ යාලුවා යුන්ගි ඇරෙන්න අනිත් අය දැකලා තිබ්බෙ නෑ .
නුහුරු හැගීමක් එක්ක හොද හුස්මක් අරන් වාහනෙන් බැස්ස ටේහ්‍යොන්ග් කෝට් එකේ ඉදිරිපස බොත්තම දාන ගමන් කම්පැනි එක ඇතුලට යන්න පටන් ගත්තෙ දිගටම පෝලිමට ඔලුව නමාගෙන ආචාර කරන කාවවත් ගනන් ගන් නැතුවයි.
කාටවත් ඔලුව උස්සලා තමන්ගෙ අලුත් ceo දිහා බලන්න ශක්තියක් නොතිබුනේ කලින් දවසෙ අලුත් ceo ගැන දැනුම් දුන් අවස්තාවේ ඉදන් කම්පැනි එක ඇතුලේ ටේහ්‍යොන්ගෙ ස්වභාවය ගැන පැතිරුන දේවල් නිසා.
එලිවේටර් එකෙන් නම්ජූන්ගෙ කැබින් එක තිබ්බ ෆ්ලොර් එකෙන් බැස්ස ටේහ්‍යොන්ග් හොද හුස්මක් දැම්මෙ ඒ ටිකට මේ වැඩේ එපා වෙලා හිටපු නිසා.
නම්ජූන්ගෙ කැබින් එකේ දොරට තට්ටු කරල ඇරගෙන ඇතුලට යනකොටම ආයෙත් එලියට විසිවෙනවා වගේ දැනුන හින්ද බලනකොට දැක්කේ ටේගෙ හොදම යාලුවා ජිමින් ටේව බදාගෙන් ඉන්නවා.
" ඉදපන් තොට මන් හොද වැඩක් කරන්න.. මන් ඊයෙම එන්න හැදුවෙ .. අද මෙහෙට එනවා කීව හින්ද මන් මෙහෙට ආවෙ.. නිකමට මට කතා කරන්න බෑ අවුරුදු පහක්.. මන් කතා කරොත් විතරයි කතා කරන්නෙ .. ඒ ඕන නෑ නිකමට කොරියාවට එනවා කියල තෝ කීවනම් මැරෙනවද තෝ.. ආයෙ කතා කරන්න එපා මාත් එක්ක..."
එක් දිගට කියවලා ටේගෙ පස්සටත් පයින් ගහලා ගස්සගෙන ගිහින් සෝෆා එකෙන් වාඩි උන ජිමින් දිහා බලලා කෙල ගිලලා අසරණ විදියට ටේ බැලුවෙ පුටුවෙ ඉදන් ඉන්න නම්ජුන්ගෙ ගාව හිටගෙන ඉන්න යුන්ගි දිහා.. දැන් ඉතින් ජිමින් යාලු කරගන්නත් එපැයි.
" ටේහ්‍යොනා ..පොඩ්ඩො දැක්ක කල්.."
යුන්ගි ටේව බදාගත්තෙ ආදරෙන් . පොඩි කාලෙ ඉදන් නම්ජූන්ගෙ යාලුවා උන යුන්ගි ටේට තමන්ගෙම මල්ලිට වගේ ආදරේ කරා.. හැමෝගෙම පොඩ්ඩ උනේ ටේහ්‍යොන්ග් .
" යුන්ගි හ්‍යුන් .. කෝමද .. හොදින් ඉන්නවා නේද.. "
" අපි හොදින් ටේ .. ඒත් ඔයගෙ යාලුව නම් හොදින් නෙවේ.. "
ඇස් කොනින් ජිමින්ව පෙන්නමින් යුන්ගි කීවෙ හිනාව පාලනය කරගන්න ගමන්..
" ඒනම් ටේහ්‍යොන්ග් , මෙතන ඉදන් වැඩ ටික හරියට කරගෙන යන්න.. ඕන දෙයක් අහන්න , උදව් ගන්න යුන්ගි ඉන්නවනෙ.. මන් තව ටිකකින් යනවා.. "
කියපු නම්ජූන් ටේට කියලා පේපර්ස් වැඩ ටික ඉවර කරන් කම්පැනි එක භාරදීලා කැබින් එකේ දොර ලගට ගිහින් හැරිලා..
" අහ්.. යුන්ගියා.. ජින් කිව අද ඩිනර් එකට එන්න කියලා. . ජිමිනත් එක්ක එන්න .. "
නම්ජූන් ගියාට පස්සෙ .. ටිකක් ටේ එක්ක කතා කරලා යුන්ගිත් තමන්ගෙ කැබින් එකට ගියා.
" යාහ්.. ජිමිනා. උබ දන්නවනෙ ඉතින් මන් උබට ආදරේනෙ .."
ටේ සෝෆා එක ලගට ගිහින් ජිමින්ට කතා කරන්න ගත්තේ ජිමින්ගෙ උරහිසට තට්ටුවක් දාලා.. කවුරු නැතත් ජිමිනව තරහ කරගෙන බෑනෙ..
" පලයන් යන්න .. මන් උබව බලන්න නෙවේ ආවෙ.. මගෙ ඩැඩීව බලන්න අවෙ.. මන් යනවා යන්න... "
ටේටත් ඇහැක් ගහන් එලියට ගිය ජිමින් දිහා බලන් ටේ හිනා උනේ ජිමින්නම් තාමත් ඉස්සර වගේමයි.. වෙනසකට තිබ්බෙ ඉස්සර හැමදාම බොරුවක් හදන් ටේ එක්ක යුන්ගිව බලන්න උවමනාවට ටේගෙ ගෙදර ආව ජිමිනා , දැන් යුන්ගිව මැරි කරලා තිබ්බ එක විතරයි .. .
" යාහ් .. යුන්ගියා.. ඔයා කෝමද ඕම මාව දන් නෑ වගේ යන්නෙ..ඕම ඉන්නවා මිනිහෝ පොඩ්ඩක් හිමින් යනවකෝ..."
ටේට එක පාරට හිනාවක් පැන්නා... කොච්චර කරත් යුන්ගියා තාමත් ඉස්සර වගේම ජිමිනව පිට තැන් වල ගනන් නොගෙන ඉන්නවා කියලා තේරුනේ , කැබින් එකෙන් එලියෙ යුන්ගියට කෑ ගහ ගහ පස්සෙන් යන ජිමින්ව ඇහිලා...
__________________________________Dark_Sunshiner 🤍🥀
Thanks for reading ...❤
To be Continued .....
-
2022/09/15
Bạn đang đọc truyện trên: AzTruyen.Top